Friday, January 6, 2012

80. ආදර....නිල්.....දෑසේ.......2 - Living with a mere memory is the hardest

කලින් කියපු කොටස

ගීතය අහවර උනාම පොඩි අත්පොලසන් නාදෙකුත් ලැබුන කිව්වොත් ඒක නයා පාරක් එහෙම නෙවෙයි......අම්මප ඇත්තම ඇත්ත....

කට්ටියම පටන් ගත්ත සාකච්ඡාව නිල් දෑස් ගැන....ඔක්කොමල බමරු වගේනෙ මේ වෙලාවෙ ......හෙහ්, හෙහ්,

" ඔය නිල් ඇස් කියන එක බොරුවක් බං....මම මෙච්චර කාලෙකට දැකල නෑ එක කෙල්ලෙක්ගෙ වත් නිල් පාට ඇස් " ......ඔන්න එකෙක් කිව්ව.

" උඹ දැක්කෙ නැතුවට කොහොමද නෑමයි කියන්නෙ.....නිල් පාට ඇස් තියන කෙල්ලො ඕන තරම් ඉන්නව බං " තව එකෙක් ඒ කතාවට දැඩිව විරුද්ධ උනා...

" ජයන්තිගෙ ඇස් නිල් පාටයි මට ෂුවර්" ....ජයනන්ද කිව්වෙ තණ බිස්සෙ වැතිරෙන ගමන්...මූට නම් වැඩියි වගෙ....උස්සගෙන යන්ඩත් වෙයිද මන්ද....ජයනන්ද ජයන්ති ගැන පොඩි උනන්දුවකින් ඉන්න බව ඒ වෙනකොට අපිට රහසක් නෙවෙයි.

" නිකම් පලයන් ජයා යන්න, කෙහෙල්මල නිල් ඇස්, ඒකිගෙ ඇස් නිල් පාට වෙන්න ඉතිං රොබින් කුඩු ටිකක් දාන්ඩ ඕන ඇස් වලට".....අපි ඔක්කොම කොක් හඬ ලා හිනාඋනා......

කතාවක් බහක් නැතුව ගිටාර් එකේ තත් පිරිමදිමින් හිටපු වසන්ත මේ වෙලාවෙ ඔලුව උස්සල කතා කලා.

" මචං.....අපෙ චුට්ටි නංගිගෙ ඇස් නම් නිල් පාටයි......"

" අනේ පලයන් බං යන්න උඹේ ඇස් බැලුවම හිතා ගත්තෑකි.....හෙහ්, හෙහ්, "

අනික් එවුන් රටේ නැති එව්ව කියන්ට ගත්ත.ඒ අතර බෝතලේ ඉතිරි ටික හැමෝම එකතු වෙලා ඉවරයක් කලා. ඒත් මට ආයෙ බොන්ට හිතුනෙම නෑ.....තිසා වැවේ ඈත කෙලවරේ රත්තරන් පාටට ඉර බැහැගෙන යනව ඇහි පිල්ලම් නොගහ බලා හිටියට මම දැක්කෙ රතු පාට ඉර එළිය නෙවෙයි.......නිල් පාටින් දිළිසෙන ඇස් දෙකක්.....මා දිහාම බලා ඉන්න නිල් පාට ඇස් දෙකක්.....මට මොනවද කියන්න හදන නිල් පාට ඇස් දෙකක්......

ආදර නිල් දෑසේ.......ආදර නිල් දෑසේ......මම හෙමිහිට ආයෙම මිමිණුවා......

" යකෝ ආයෙම ඒක කියන්ඩ ගත්තද? " එකෙක් මගෙ උරහිස අල්ලල හෙලෙව්ව,

මම ඒත් වැඩේ අත ඇරියෙ නෑ.......ටික වෙලාවකින් හැමෝම මට එකතු උනා...

හද ලෙන්දොර වසනු මැනවි මා එහි සිර කරලා.........

ගීතය ඉවර කරල මම හිස් බැල්මෙන් ඈත වැවේ කෙලවර දිහාවෙ බලා හිටියට මම දැක්කෙ මා දිහා බලා ඉන්න නිල් ඇස් දෙකක්.....ඇසිපිය නොහෙලා මා දිහා බලා ඉන්න නිල් ඇස් දෙකක්.....

" හරි යමල්ල යන්ඩ...රෑ වෙන්ඩත් ආව ".....එකෙක් කිව්ව.....ඔක්කොමල නැගිටල බිම තිබ්බ අඩුම කුඩුම එකතු කරන්ඩ පටන් ගත්ත.

ම්ම ඒත් ඉඳගෙන හිටපු හැටියටම එහම්මම හිටිය අර ඈත බලාගත් විදිහටම.

අනික් අය වැව් බන්ඩ් එකට ගොඩ උනාටත් පස්සෙ වසන්ත ආව මා ගාවට.

" මචං, රවී,......උඹට මොකද වෙලා තියෙන්නෙ?....වැඩියිද.....නෑනෙ නේද...උඹ වැඩිය බිව්වෙත් නෑනෙ.....හරි යමං...ඉතිං.." .වසන්ත මාව අතින් අල්ලල නැගිට්ටෙව්ව.

" වසන්ත එයාගෙ නම මොකක්ද බං?"

" කාගෙද?"....වසන්ත ඇස් පුංචි කරල මගෙ මූණට එබිල ඇහුව.

" උඹලගෙ චුට්ටි නංගිගෙ" ....මම තාම කතා කලේ හීනෙන් වගේ...

" චුට්ටි නංගිගෙ?.....ගීතිකා........ඇයි?"

තිසා වැව ඉහලින් බැසයන සැඳෑ හිරුගේ රන් කිරණ අතර රැඳී මෙතෙක් වෙලා මා හා මොනවාදෝ කතාකල ඒ නිල් දෑසට අවසානයේදී නමක් හිමි විය.....

ගීතිකා....

දෙවෙනි වාරෙ මැදක් වෙද්දි වසන්ත අපෙන් වෙන් වෙලා ගියා.මිනිහට ආණ්ඩුවෙ ස්ථිර රස්සාවක් ලැබුණා. කාර්මික විද්යාලෙ පාඨමාලාව සමත් උනා වුනත් රස්සාවක් ස්ථිරවම ලැබෙනවයි කියල ගැරන්ටි එහෙකුත් නැති එකේ අතට ආපු චාන්ස් එක මිස් කරන එක අපරාදයක් කියල අපිත් කිව්ව. ඒ නිසා අපි පොඩි සෙන්ඩ් ඕෆ් පාටියක් එහෙම දාල වසන්තගෙන් සමු ගත්ත.

'' ඒයි...මචංලා.....බොලා ඔක්කොම එන්ඩ ඕනෙ අපෙ ගෙදර.....දවස් දෙක තුනක් ඉඳල යන්ට...හරිය?........නියම වැවක් තියනව.....ඔරු පැද්දැහැකි.....මාර ලස්සනයි....හැමදාම නෙළුම් එහෙම පිරිල....'' සාදය අවසානෙදි එකිනෙකා බදාගෙන සමු ගන්න වෙලාවෙ වසන්ත කිව්වා......

'' හෙහ්, අන්න මරු....යමල්ල....උඹලගෙ ගෙදර ගිහිල්ල දාමු සාජ්ජයක්.....රවි..උඹ කියාපං අර එදා වගේ ...ආදර නිල් දෑසේ......හෙහ්, හෙහ්, මුගෙ චුට්ටි නංගිගෙ ඇස් ඇත්තටම නිල් පාටනම් උඹ ඒ ඇස් දිහාවෙ බලාගෙන කියාපං සිංදුව.....කියන්ඩ බෑනෙ අර මහ බබා කොහෙද කොටල තියනවයි කියනව නෙව...වසන්ත මේක අහපං...රවියා උඹේ මස්සිනා වෙන්න නියම වෙලා තියනවද කවුද දන්නෙ? '' ජයනන්දය මහ හයියෙන් කෑගැහුව....

'' ඒයි පිස්සු කෙලින්න එපා බං.....මොනවද මේ කියවන්නෙ?......'' .මම ජයාට රවන ගමන් ඇස් කොනෙන් වසන්තයගෙ මූණ බැළුවෙ උගෙ ප්රිතිචාරය කොහොම වෙයිද දන්නෙ නැති නිසා....කියන්ට බැහැ නෙව කොච්චර යාළුවො උනත් සමහර එවුන් ඉන්නව ඔය වගෙ සහෝදර සහෝදරියන් ගැන කතා කරනවට අකමැති අය.

'' හෙහ්, හෙහ්...හේ...."වසන්ත මහ හයියෙන් හිනාවෙලා මාව බදා ගත්ත...."'අන්න මරු...මම දන්න තරමට නංගිට කොල්ලෙකුත් තාම නෑ....හැබැයි මට කියන්ට නම් බැහැ බැරිවෙලාවත් එහෙම දෙයක් උනොත් ඒක උඹේ පූරුවෙ කරුමයක්ද නංගිගෙ පූරුවෙ කරුමයක්ද කියල......හෙහ්, හෙහ්.....හෙහ්, '' අපි ඔක්කොම ආයෙම වටයක් කාමරේ දෙවනත් කලා හිනා වෙලා....

වසන්ත ගියා....අපි කෝස් එක ඉවර කලා.....ඔය අතර වසන්තගෙ නංගි ගැන කිය කිය අපේ අනික් උන් මට වදේ ගැහුව....ඔය කාලෙ ඉතිං දකින දකින කෙල්ලන්ට බොක්කෙංම ලව් කරන කාලෙනෙ....මගෙත් ඔය පොඩි පොඩි හුටපට දෙක තුනක් ඔය කාලෙ තිබුන....එව්ව ඒ හැටි සීරියස් එව්ව නෙවෙයි.....නිල් පාට ඇස්.....ඔව්....නිල් පාට ඇස්....මගෙ මතකයෙ කොණක තිබුන නොමැකෙන විදිහට.....

ඒ මතකයක් හිතේ කොණක තියාගෙන කෝස් එකන් පස්සෙ මම රස්සාවකට ගියා........මතකයි නේද?...උතුරු මැද පළාතෙ මායිමේ...අර්ධ රාජ්ය ආයතනයක.....මම කලින් කියල තියනව ඒ ගැන.....අපෙ අනික් යාළුවො විසිරිල ගියා තම තමන්ගෙ ගම් පළාත් වලට...වසන්තයි ජයනන්දයි මමයි අඩු ගණනෙ මාසෙකට සැරයක් වත් ලියුම් ගනුදෙනු කරගෙන සම්බන්ධතාවය පවත්වා ගත්ත. ඒ කාලෙ මොබයිල්,ඊ මේල් ඔය මොන කෙහෙල්මලක්වත් නෑ.කමියුනිකේෂන් ඉතිං ලියුම්ම තමයි.මම ඇවිල්ල ලියුං ලියන්ට බොහොම කම්මැලියි...ඒ නිසා අවාරෙට අඹ වැටෙන්න වගෙ තමයි ලියුං ගනුදෙනුව සිද්ද උනේ...හෙහ්, හෙහ්,

ඔහොම අවුරුද්දක් විතර ගත උනාය කියමුකො.....ඔන්න වසන්තගෙං මට ආව ලියුමක්....'' මචං රවී..ලබන පෝය දවස වැටෙන්නෙ සඳුදට....ඒක අල්ලල ඒ වීක් එන්ඩ් එකේ අපේ ගෙදර වරෙං හොඳද?....මම ජයාටත් කිව්ව ඌත් එන්නම් කිව්ව.....''

ජයා මේ කාලෙ හිටියෙ කොළඹ.... '' හරි මචං,නෝ ප්රොබ්ලම්.... මම එන්නම් '' කියල මම උත්තරයක් ලියල දැම්ම........ආයෙම මෙච්චර කාලයක් හිතේ කොණක හැංගිල හිටපු නිල් පාට ඇස් මට වද දෙන්න පටන් ගත්ත.

මතු සම්බන්ධයි........

14 comments:

  1. අය්යෝ අසාදාරණයි ,,, මේ කොටස කෙටියි .... ඉක්මනට ඊලග කොටස දාන්න ...........

    ReplyDelete
  2. ඔන්න ඊලඟ කොටස 'ආදර නිල් දෑස හැබැහින්ම දැක ගැනීම'. :D

    ReplyDelete
  3. කියවගන යනකොට තේරෙයි පොඩ්ඩිලා කීදෙනෙක් ඉන්නවාද කියන එක. බොරු පොඩ්ඩිලා ඉන්නවා නම් ඒකත් අහුවෙන්නේ නැතෑ.

    ReplyDelete
  4. දැං ඉතිං ඊලඟ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් ආයෙම රවී තොමෝ "ආදර නිල් දෑසේ" පට්ට ගහනව.

    ReplyDelete
  5. නිල් නෙතු පේන්නයි යන්නේ....

    ReplyDelete
  6. @ Sammani,

    / අය්යෝ අසාදාරණයි ,,, මේ කොටස කෙටියි .... ඉක්මනට ඊලග කොටස දාන්න .........../

    හරි හරී....ඉවසන්න, ඉවසන්න.....

    ඉවසන දනා ...........හෙහ්, හෙහ්,

    ReplyDelete
  7. @ Podi Kumarihami,

    / ඔන්න ඊලඟ කොටස 'ආදර නිල් දෑස හැබැහින්ම දැක ගැනීම'. :D /

    අම්මාපල්ල....කොහොමද බොල හරියටම කිව්වෙ?.....

    එම්බල යුවතිය....තී රාත්‍රියාමයේ ස්වප්නයකකදී හෝ මාගේ අන්දරයෙහි ඉදිරි කොටස දුටුවෙහිද? ...හෙහ්, හෙහ්, හෙහ්,

    ReplyDelete
  8. @ පොඩ්ඩි,

    / කියවගන යනකොට තේරෙයි පොඩ්ඩිලා කීදෙනෙක් ඉන්නවාද කියන එක. බොරු පොඩ්ඩිලා ඉන්නවා නම් ඒකත් අහුවෙන්නේ නැතෑ./

    මොනව කිවයගෙන යනකොටද?.....මොනවද දැන් අහුවෙන්නෙ?...

    පොඩ්ඩි කියන නම Trade mark registered ද?....එහෙම නැත්නම් විගහට ඇප්ලිකේෂන් එකක් දාන්න

    ReplyDelete
  9. @ nawammawatha,

    / දැං ඉතිං ඊලඟ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් ආයෙම රවී තොමෝ "ආදර නිල් දෑසේ" පට්ට ගහනව. /

    අඩෙ අප්ප...අද උඹල ඔක්කොම අංජනං කාරයො වෙලානෙ....හෙහ්, හෙහ්,

    ReplyDelete
  10. @ නිසුපා,

    / නිල් නෙතු පේන්නයි යන්නේ..../

    ආ...උඹත් ආවද අනාවැකි කියන්න.....තරහ නෑනෙ උඹ කිව්වට නේද?

    අම්මප මට දැන් කතාව වෙනස් කරන තරමට හිතිලයි තියෙන්නෙ

    ReplyDelete
  11. /*අම්මප මට දැන් කතාව වෙනස් කරන තරමට හිතිලයි තියෙන්නෙ*/

    ඒ හන්දනෙ මං තාම මොකුත් නොකියා ඉන්නේ :P

    හැබැයි මෙන්න මෙව්වා දැක්කහම මොකුත්ම නොකියා ඉන්න හරි අමාරු උනා...

    /*නියම වැවක් තියනව.....ඔරු පැද්දැහැකි.....මාර ලස්සනයි....හැමදාම නෙළුම් එහෙම පිරිල....*/

    හොඳ වෙලාවට ඕළු මල් නොවුනෙ. නැත්තං එහෙම රවි අයියා ඔය පළාතෙවත් යන එකක් නෑ!!!

    /*මම ඇවිල්ල ලියුං ලියන්ට බොහොම කම්මැලියි...*/

    හැබෑට?! ඒ කාලේ අර තිරිංග වැඩ නොකරන රෝගේ තිබ්බෙ නැතෙයි?

    ReplyDelete
  12. @ සිත්තමී,

    ආ ඔය ඇවිල්ල ඉන්නෙ....කතාව ඉවරයක් වෙනකල් එන්නෙ නෑ කියපු කට්ටිය....එළ, එළ,

    / හොඳ වෙලාවට ඕළු මල් නොවුනෙ. නැත්තං එහෙම රවි අයියා ඔය පළාතෙවත් යන එකක් නෑ!!! /

    නෑ බං, මේ වැඩේ උනේ ඕළු මලේ කතන්දරේට කලිං....

    / හැබෑට?! ඒ කාලේ අර තිරිංග වැඩ නොකරන රෝගේ තිබ්බෙ නැතෙයි? /

    කතා, කවි ලියන එකයි ලියුං ලියන එකයි දෙකක් නෙව බොලේ....දැං උනත් ලියුමක් ලියනව කියන්නෙ මට මරන්න වගේ....හෙහ්, හෙහ්,

    ReplyDelete
  13. අනේ නෑ කිසිම අමනාපයක් නෑ.ඒකෙ අනික් පැත්ත තමා... :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...