Tuesday, January 17, 2012

84. ආදර....නිල්.....දෑසේ.......6 - When I held her in my arms the whole world came to a standstill




'' මම ? ''

'' වෙන කවුද ඉතිං ඔයා තමයි....'' අත් සෝදන්න සින්ක් එක ළඟට එයා ආව.සින්ක් එක තිබුනෙ මම ඉන්න ළඟමයි.

'' කවුද කිව්වෙ?.....'' උත්තරේ දැනගෙනමයි මම ඇහුවෙ...ආයෙ වෙන කවුරු කියන්නද.....

" වසන්ත එයාගෙ නම මොකක්ද බං?" චුට්ටි ඇදල පැදල රහසක් කියනව වගෙ කිව්වෙ හොරැහින් මගෙ මූණ බලන ගමන්,

" කාගෙද?"....එදා වසන්ත අහපු විදිහට මම ඇහුවා.

" උඹලගෙ චුට්ටි නංගිගෙ" ....චුට්ටිත් ඇරියෙ නෑ.....

" චුට්ටි නංගිගෙ?.....ගීතිකා.......'' මම කිව්ව...කියල හිනාවුනා මහ හයියෙන්. චුට්ටිත් හිනා උනා මා එක්කම. ඒත් එක පාරට ස්විච් එකක් ඕෆ් කලා වගේ ඒ හිනාව මඟ නැවතුනා. මගෙ හිනාවත් ඒ එක්කම නැවතුනා.

'' වසන්ත ඔය ඔක්කොම ඇවිල්ල කිව්වද?....මේකා තියන්ට වටින්නෙ නෑ....'' නිහඬතාවය දරාගන්ට බැරිම තැන මම කිව්ව.චුට්ටි අත සෝදල ඉවර උනාට එතනින් ගියේ නෑ.

'' ඒ සැරේ ගෙදර ආවම පොඩි අයිය මට ඔයා ගැන ඔක්කොම විස්තර කිව්ව.පොඩි අයිය මට හැම දෙයක්ම කියනව....මට හරිම ආදරෙයි...අපි දෙන්න ඉන්නෙ හොඳ යාළුවො වගෙ... '' ඒ හඬේ තිබුනෙ අමුතුම හැඟීම් බර ස්වරයක්.

'' ඉතිං?''

'' පහුගිය අවුරුද්දක් වගෙ කාලෙදි මම හැමදාම අයිය ගැන හිතුව. '' අත් පිහදාන්ට ගත්තු පරණ තුවාය අඹරවමින් චුට්ටි කිව්වෙ බිම බලාගෙන.

මගෙ උගුර කට නිකම් වේලුනා වගේ උනා.පපුවෙන් පටන්ගත්තු මෙතෙක් කාලෙකට නොවිඳපු අමුතුම හැඟීමක් මගෙ ඉස් මුදුනෙ ඉඳන් දෙපතුල දක්වා වෙලා ගත්ත. ඇත්තම ආදරේ කියන්නෙ මේකද?....මේ හැඟීමද?....මම දැනගෙන හිටියෙ නෑ...මම දැනගෙන හිටියෙ එක දෙයයි...නෑ ඇත්තටම නම් දෙකයි...එක.මට කවදාවත් මෙහෙම හැඟීමක් ඇති වෙලා නෑ...දෙක ඒ හැඟීමට මම හරිම ආසයි...හරියට අහසෙ පාවෙලා යන්න වගෙ සැහැල්ලුවක් මට දැනුනා ඒ වෙලාවෙ.මුළු ලෝකෙ වෙන කිසිම දෙයක් මට වැඩක් නෑ....චුට්ටියි මමයි විතරයි මේ ලෝකෙම ඉන්නෙ...ඔන්න ඔහොම හැඟීමක් මට ඒවෙලාවෙ දැනුනෙ...

'' අයිය මා ගැන හිතුවෙ නැද්ද?''

'' හැම දවසකම නංගි, හැම දවසකම.....ඒත් මට හිතුනෙ මගේ ඉරණම අනුව මට ඔයාවත් ඔයාට මාවත් ලැබෙන්න තියනව නම් ඒක කොහොම හරි වෙයි කියල. මගේ හිතේ ඒ විශ්වාසෙ තිබුන ගලේ කෙටූ අකුරක් වාගෙ. සමහර විට ඔයාට හිතෙයි මේ මනුස්සයට පිස්සුද කියල..ඒත් චුට්ටි මම දිවුරල කියන්නම් ඒක තමයි ඇත්ත.''

'' දිවුරන්න ඕන නෑ අයියෙ...මම දන්නව ඔයා කියන්නෙ ඇත්ත කියල....මම පහුගිය කාලෙම ඔයා ගැන හිතුව...පොඩි අයියට ඔයාට වඩා කෙනෙක් නෑ. ගෙදර ආවොත් ඔයා ගැන මොනව හරි කියාගෙන තමයි එන්නෙ. ඒ විස්තර නිසාම මට නිකම් හැඟීමක් ආව ඔයා මට මීට කලින් කොහෙදි හරි හම්බ වෙලා තියනවයි කියල අයිය පෙර ආත්ම ගැන විශ්වාස කරනවද?''

'' මම විශ්වාස කරන්නෙත් නෑ..නැත්තෙත් නෑ...හරියටම කියනව නම් මම ඒ ගැන ඉන්නෙ open mind එකකින්. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්...ඒ මගේ අදහස.''

'' මමත් ඒ විදිහටමයි හිතන්නෙ...ඒත් අයිය ගැන මගේ හිතේ මෙච්චර ලෙංගතු කමක් ඇති උනේ ඇයි කියන එකට උත්තරයක් විදිහට මට හිතාගන්න තියෙන්නෙ අපි දෙන්න අතර සංසාරගත බැඳීමක් තියෙන්න ඇති කියල විතරයි.''

'' ඉතිං ඔයා එහෙම මා ගැන හිතුවනම් මීට කලින් අපි මුණගැහුනොත් හොඳයි කියල හිතුනෙ නැද්ද? '' මේ වෙනකොට කර කර හිටපු වැඩේ නවත්තල දාල මමත් චුට්ටි ළඟටම ගිහිල්ල හිටියෙ.

'' ඒකම තමයි ප්රශ්නෙ අයියෙ.....එහෙම මුණගැහෙන එක හොඳද නැද්ද කියන ප්රශ්නෙට උත්තරයක් හොයාගන්න තමයි මම පහුගිය කාලෙම උත්සාහ කලේ. අන්තිමට මම හිතුව වෙන දෙයක් උනාවෙ. තවත් මට මේ දෙගිඩියාව විඳින්න බෑ කියල..ඊට පස්සෙ මම තමයි පොඩි අයියට කිව්වෙ අයියට අපෙ ගෙදර එන්න කියන්න කියල.''

'' අයිය පළවෙනි පාරට දැක්ක වෙලාවෙ මට මොනව උනාද කියල මමම දන්නෙ නෑ අයියෙ.ජීවිත කාලයක් පෙරුම් පුරපු බලාපොරොත්තුවක් ඉෂ්ඨ උනා කියලයි මට හිතුනෙ. මම අර ඒ වෙලාවෙ කිව්ව ටික කිව්වෙ අවසිහියෙන් වගෙ.....'' චුට්ටි ඔලුව උස්සල එයාගෙ නිල් පාට ඇස් වලින් මා දිහා ඇහිපිය නොහෙල බලා හිටිය.

' ඒ කිව්වෙ නංගි, ඔයා ඒ කියපු දේවල් වලට දැන් පසුතැවෙනවද?''

'' අනේ නෑ අයියෙ පිස්සුවෙන් වගෙ උනත් මම ඒ කිව්වෙ ඇත්තම ඇත්ත.මගෙ පපුව පුරා පිරිල ඉතිරිලා යන හැඟීම්.''

මට තවත් ඉවසලා ඉන්න පුළුවන් උනේ නෑ. මම හෙමිහිට එයාගෙ උරහිස් අල්ලගෙන ඒ නිල් දෑසට එබුණා.චුට්ටි වැඩිය උස නෑ.මම නැවිල එයාගෙ නළල හෙමිහිට සිප ගත්ත.එයා මගෙ පපුවට තුරුළු උනා. මම ආයෙම එයාගෙ හිස අත ගාන ගමන් නලලත සිප ගත්ත.චුට්ටි ආයෙම අඬන්ට පටන් ගත්ත.

'' ඔන්න ඉතිං ආයෙම අඬනව....ඇයි චුට්ටි? මට කියන්න මොකද අඬන්නෙ කියල...''

උත්තරයක් නොදී එයා හෙමිහිට ඉකි බින්දා....ආයෙම අහල තේරුමක් නෑ කියල මට හිතුන නිසා මම එහෙම්මම එයාගෙ ඔළුව අතගාමින් හිටිය ඉකිබිඳුම නවතිනකල්.

'' අයිය එයි...'' චුට්ටි මගෙ පපුවට රහසින් කිව්ව. ඒ උනාට මට තවත් තුරුළු උනා මිසක ඈත් වෙන්න උත්සාහ කලේ නම් නෑ.

'' මම වසන්තට කියන්නද මේ ගැන? ....'' මම හෙමිහිට ඇහුවා.

'' එපා......'' චුට්ටිගෙන් ඒ වචනෙ පිට උනේ වෙඩි සැරයක් වගේ. ඒ එක්කම එයා මගෙන් ඈත් උනා.

'' අනේ අයියෙ පොඩි අයියටනම් කියන්න එපා...ප්ලීස්.''

මතු සම්බන්ධයි....

19 comments:

  1. රවි අයියේ මේක ඇත්ත කතාවක්ද ? ඉතිරිය ඉක්මනට බලාපොරොත්තු වෙමි....

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන සිද්ධීන් ඇත්ත......සත්‍යය ඇසුරින් මැවූ කල්පිතයකි....කිව්වොත් හරි..නංගි,

      ඉඳපං...ඉඳපං....මේ ලියනව බොල මේ ලියනව....මේ දවස්වල රාජකාරි ඔක්කොම පැත්තකට දැම්ම......ලොක්කට බම්බු ගහ ගන්ටෙයි කියල මගෙ වැඩේ මේකම තමයි....හෙහ්, හෙහ්,

      Delete
  2. අපොයි... ඒ මොකෝ කියන්න එපා කියන්නේ????

    ReplyDelete
    Replies
    1. අම්මප උඹටත් තියන ප්‍රස්න.....ඉවසල ඉඳිං, ඉවසල ඉඳිං....

      Delete
  3. හ්ම්ම්.මට හිතෙන දේ හරිද මන්දා??

    ReplyDelete
    Replies
    1. හරි, හරි....හරියටම හරි.......

      Delete
    2. රවී මේ පෝස්ට් වල නොටිෆිකේෂන් මේල් එක එන්න දවසක්ම පරක්කුයිනේ.මොකක් හරි සෙටින්ග්ස් අවුලක්ද නැත්නම් මේක මට විතරක් වෙන සීන් එකක්ද??

      Delete
  4. අනේ මන්දා කියන්න දෙයක් හිතෙන්නෙ නැහැනේ....

    ReplyDelete
    Replies
    1. මොකවත්ම කියන්න එපා එහෙනම්.....හෙහ්, හෙහ්,

      ස්තූතියි ප්‍රසන්න.....

      Delete
  5. ඉතින් පොඩි අය්යනේ සපෝටර්. ඇය එයාට කියන්න එපා කියන්නේ? කුතුහලයක්!! මොනා උනත් මෙච්චර serious love story එකක් අවසානයේ දුකක් වීම නම් දුකය්. අපොය් අය්යාගේ අක්කට තරහ යෛද දන්නේ නෑ එහෙම කියල :) - මෙකුවී

    ReplyDelete
    Replies
    1. හරි, හරි, චුට්ටි එහෙම කියන්නෙ ඇයි කියල කියන්නං, කියන්නං....ඉඳපං ටිකක්....හෙහ්, හෙහ්,

      අක්ක ඔව්ව ගනන් ගන්නෙ නෑ බොල.....අක්ක මා ගැනත් දන්නව උඹල ගැනත් දන්නව.......

      Delete
  6. අනේ මට අතීතය මතක වුනා :((

    ReplyDelete
    Replies
    1. අම්මප.....ඒ කොයි කෑල්ල කියවනකොටද හැබැහැටම?

      Delete
    2. අයිය එයි...'' චුට්ටි මගෙ පපුවට රහසින් කිව්ව. ඒ උනාට මට තවත් තුරුළු උනා මිසක ඈත් වෙන්න උත්සාහ කලේ නම් නෑ.

      මේ කොටසේදී :((

      Delete
  7. පලවෙනි පාරෙන්ම තේරුනත් තවත් තුන් සැරයක් ඒ කියන්නෙ හතර සැරයක්ම කියෙව්ව. ඒ වෙන දෙයකට නෙමෙයි, කමෙන්ට් එකක් දාන්නෙ මොන සිද්ධිය පාදක කරගෙනද කියල හොයාගන්න බැරුව. ම්හ්.. මොන, පොටක් පාදගන්නම බැරි උනා. ඊලඟ කොටසෙදි මොනව වෙයිද කියල හිත් හෝදිසියෙන්වත් කියන්න හිතෙන්නෙ නෑ - වේලපහ නැට්ට කරකවල පැහෙන්න කලින් ගෙඩිය කුරුවල් කරන්නෙ අහවල් දෙයකටද-

    මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ ඉස්සර හක්මණ ආච්චිලගෙ ගෙදරට දවල් බත් වේලට නොවැරදීම එන එගොඩහවත්තෙ ලොකුසීය කතන්දර කියල දෙනකොට මං පැත්තකට වෙලා හූ-මිටි තිය තිය කට දිහාම බලාගෙන උන්න හැටි.

    ReplyDelete
    Replies
    1. @ nawammawatha,

      මමත් උඹෙ කමෙන්ට් එකට උත්තරයක් දෙන්න තුන් හතර පාරක්ම කියෙව්ව නවමො....ම්හු...බැරි උනා පොටක් පාද ගන්ට.....හෙහ්, හෙහ්,

      අඩේ මම දැන් කතන්දර කියන සීය කෙනෙක් ගානටයි උඹ ගනං අරං තියෙන්නෙ එතකොට ....ඈ බොල....D, D

      Delete
    2. පලවෙනි පාරම කියවනකොට මට නම් කමෙන්ට් දාන්න ඕනි තැන අහු වුනා...

      /එයා මගෙ පපුවට තුරුළු උනා. මම ආයෙම එයාගෙ හිස අත ගාන ගමන් නලලත සිප ගත්ත./

      රවී මස් කප කපා නේද උන්නෙ?
      :D:D:D

      මම මේ මුල ඉඳලම බ්ලොගේ කියෝගෙන යන ගමන්. මේ කමෙන්ට් එක දාන්නම හිතුන නෙව...

      Delete
  8. අපොයි මේ ටික විතරද? කොච්චර ආසාවෙන්ද හිටියෙ ටිකක් වැඩිපුර කතාව කියවන්න..එත් කෝ ඉතින් නෑ නේ කතාව..කතාව ලස්සනයි අය්යේ..ඉතුරු ටිකත් අනේ පුළුවන් තරම් ඉක්මනට දානවා නම් හොදයි ඕන් ..

    ReplyDelete
    Replies
    1. දැම්ම බං ඔන්න දැම්ම ඊළඟ කෑල්ල.....හෙහ්, හෙහ්,

      Thanks Ama, Thank you so much,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...