Wednesday, January 18, 2012

85. ආදර....නිල්.....දෑසේ.......7 - Where were you?....I was looking for you all my life,




‘’ ඇයි නංගි...මම හිතන්නෙ වසන්ත අකමැති වෙන එක්ක නෑ.....''

‘’ නෑ පොඩි අයිය මට ආදරෙයි,ඒ වගේම ඔයාටත් පුදුම විදිහට කැමතියි....මම දන්නව ඒක....ඒත් මයෙ අයියෙ මම කියන එක අහන්නකො.පොඩි අයියට කියන්න එපා දැනට....මම ඔයාට විස්තරේ කියන්නම් ඔක්කොම පස්සෙ. ''

මම මේ මොකවත් තෙරුම් ගන්න බැරුව චුට්ටිගෙ මූණ දිහාවෙ බලාහිටිය තුස්නිම්බූත වෙලා.

මගෙ බැල්ම බලා ඉන්න බැරුව මම හිතන්නෙ චුට්ටි බිම බලාගත්ත.....

'' අනේ රවි අයියෙ,මා දිහා ඔහොම බලා ඉන්න එපා..මට ඒක දරාගන්න අමාරුයි....''

'' ඒත් චුට්ටි මට කියන්න......''

'' ඒයි උඹල දෙන්න වැඩේ පැත්තක තියල කයියට සෙට් වෙලා වගෙ.....මට මිදුලට ඇහුණ සද්දෙ.....චුට්ටි මොකද රවියට වැඩේ කරන්න දෙන්නෙ නැද්ද අද? '' වසන්ත කෑගහගෙන කඩාපැන්න කුස්සියට.....

චුට්ටි ආයෙම රතු උනා. '' පොඩි අයිය මේ මොනව කියනවද මන්ද.....මම මොකෝ රවි අයියව අල්ල ගත්තය?........'' ගස්සගෙන ගියෙ නැද්ද එළියට....වසන්ත හිනා උනා කුස්සිය දෙකක් වෙන්ට....අම්මප අයියටම හරියන නඟා, නඟාටම හරියන අයියණ්ඩි,

'' හරි මචං ඉඳහං ....තව විනාඩි දෙකෙං බඩු හරි...'' මම දනිපනි ගාල වැඩේ පටං ගත්ත. ඇයි වසන්තය ගියත් හරි ප්රේම සාගරේ කිමිදුනා මිසක වැඩේ ඇල්ලුවෙවත් නැහැ නෙව....හෙහ්, හෙහ්, හෙහ්,

රෑට උයල කාරිය ඉවර වෙලා වසායි මායි ගියා වැවට නාගෙන එන්ට. ගොයම් වලට වතුර ඕනම කාලෙ නිසා වැවෙන් කුඹුරු වලට වතුර ගෙනියන බෙදුම් ඇලේ කට කපල වතුර.අපි පැනල නෑව මදි නොකියන්ට.....මයෙ හිතේ අලකලංචියත් ඔන්න ඔක්කොම නම් නෙවෙයි සෑහෙන්න අඩුවෙලා ගියා ඇලේ ගලායන වතුර පාරත් එක්ක හේදිලා.

මම වතුරෙ ගිලිල හිටිය සෑහෙන වෙලාවක්.....හුස්ම අල්ලගෙන ඉඳල අන්තිමට බැරිම තැන වතුරෙං මතු වෙද්දි වසන්ත ගොඩට ගිහිල්ල සබං ගානව.

'' මොකද රවියො චුට්ටි කියන්නෙ?......'' වසන්ත නැමිල කකුල්වල සබං ගාන ගමන් ඇහුව.මට එක පාරට මොනව කියාගන්නද හිතාගන්න බැරි උනා. මොනවද කියන්නෙ කියල හිතාගන්න කල් අරගන්න ඕන නිසාම මම ආයෙම පාරක් වතුරෙ ගිලුණා. ඒ විඩේ මතුවෙනකොට වසන්ත වතුරට බැහැල.මම ගොඩට ගිහින් සබන් ගාන්න පටන් ගත්ත.

'' එහෙම විශේෂ දෙයක් කිව්වෙ නම් නෑ වසා..අපි ඔහෙ නිකම් කතා කර කර හිටිය....ඉස්කෝලෙ විස්තර, විභාගෙ ගැන.....'' චුට්ටි ගිය මාසෙ ඒ ලෙවල් ලිව්වයි කියල මම දැනගෙන හිටිය වසන්තයම කියල.....

'' චුට්ටි මචං හරි හොඳ කෙල්ල.....මගෙ නංගි හින්ද කියනව එහෙම නෙවෙයි.......ලොකු එකී වගෙ නෙවෙයි...හරිම අහිංසකයි.......මට දුකයි චුට්ටි ගැන.....''

වසන්ත එහෙම කියල ආයෙම වතුරෙ ගිලුන. මේ මොකද ඒ පාර මූ කියන්න එන්නෙ?.....දෙයියෝ සාක්කි අයියයි නඟයි එකතු වෙලා මාව ඔල්මොරොංදං කරන්නද මේ හදන්නෙ?....ඇයි දෙයියනේ කියන දෙයක් තේරෙන්න කියාපල්ලකො...දෙන්නම එකයි......චුට්ටි අරහෙ අයියට කියන්න එපා කියල අඬනව..මූ චුට්ටි ගැන දුකයි කියනව.....අයියට හපං නංගි, නංගිට හපං අයිය.....

මට තවත් ඉවසාගෙන ඉන්නම බැරි උනා.... '' මොකක්ද වසා ඒ කතාව ඇයි නංගි ගැන දුකයි කිව්වෙ? ''

'' මචං මම මේක කිව්වයි කියල උඹ චුට්ටි එක්ක කියන්න එහෙම එපා.....''

'' වසන්ත .....පුතා, කවද්ද ළමයො ආවෙ?.....'' කළුවරේම ඇහිච්ච ඒ හඬට අපි දෙන්නම හැරිල බැලුව.....

'' මම අද උදේ මාමෙ ආවෙ.......මේ මගෙ හොඳම යාලුවෙක්....නම රවි....මචං මේ අපේ ලොකු මාම....අප්පච්චිගෙ ලොකු අක්කගෙ මහත්තය....''

ෂෙහ් අම්මප මේ මාමත් හරියට මේ වෙලාවටම මෙතනට කඩාපාත් උනා නෙව...වසන්ත චුට්ටිගෙ විස්තරේ කියන්ට හදනකොටම....අර හෙනහුරාගෙ පාත්තරේට හිඟන්න වැටුනහෙ...මම හිත ඇතුලෙං දත්මිටි කන ගමං මාම එක්ක හිනා උනා.....

'' මේ ළමය කොයි පළාතෙද?''

'' මම නුවර මාමෙ.....''

'' ආ, එහෙමද මමත් මුල් පත්වීම අරං උගන්නන්ට ගියේ පූජපිටියෙ ඉස්කෝලෙට....'' මාම පත්වීම ලියුම ලැබුණු වෙලාවෙ ඉඳල විස්තරේ අකුරක් නෑර කියන්ට පටං ගත්ත.උඹ මොන තූත්තුකුඩියට පත්වීම අරගෙන ගියත් මට මොකද යකෝ?....කියල යටි හිතිං කිය කිය මම විස්තරේට ඇහුං කං දුන්න ..වෙන මක් කරන්නද?

අපි තෙත රෙදි කාරිය ඔතාගෙන ආපහු එන්ට පිටත් උනා...මෙන්න බොලේ මාමත් අපෙ පස්සෙ වැටුන.

'' මාම මේ කොහෙද යන්නෙ? '' වසන්ත ඇහුව. ටෝච් එක පාර පුරා වනන ගමන්..... '' සර්පයො ඉන්නව මචං පරිස්සමින් '' ඒ එක්කම මා දිහාට හැරිල කිව්ව.

'' යමු පුතේ.... උඹල හම්බ උන එකත් හොඳයි මේ වෙලාවෙ, මට උඹලගෙ අර ගේ පිටිපස්සෙ මුරුංග ගහෙං පොතු ටිකක් ඕන මේ බෙහෙතකට..''

ආය ඉතිං අහවල් චුට්ටි ගැන කතාද?....මාම ගෙදරට එනකල් හුස්මක් කටක් ගන්නෙ නැතුව එයාගෙ විස්තරේ කිව්ව. වසන්තයි මායි නිස්සද්දවම ආව.

ගෙදර ඇවිත් තෙත රෙදි වැලට දාපු ගමන් වසන්ත කඩේ යනව කියල ගියා බයික් එකේ... '' මචං මම සෝඩ මොනව හරි අරගෙන එන්නම් '' යන්ට කලින් මගෙ කණට කරල කිව්ව.

මුරුංග පොතු ටික ගලවගෙන මාම ඉඳගත්ත සාලෙ වේවැල් පුටුවක සනීපෙට. ඒ කරල ආයෙම විස්තරේ කියන්ට පටං ගත්ත.මම තමයි අහු උනේ බෙල්ල මුලිංම. මොනව කරන්ටද?....හා හූ කිය කිය අහගෙන හිටිය.චුට්ටි විඩෙං විඩේ සාලෙ දොර ගාවට ඇවිල්ල මා දිහා බලල අතිං කට වහගෙන මට ඔලොක්කුවට හිනාවෙලා ආපහු කුස්සියට දුවනව. මට ඔක්කොටම වැඩිය කේන්තිය ඒකට.

'' යද්දාවෙකො මාම මම උඹව අල්ලගන්ට'' මම හිතිං එහෙම කිව්ව.

'' දැං පුතා ඒ දවස්වල ඔතන කටුගස්තොට පාලම තියනව නේද?.........''

'' ඔව් මාමෙ '' මම හූ මිටි තිබ්බට ඇස් දෙක දොර ගාව.

ආයෙම පාරක් චුට්ටි දොර ගාව ඇස් දෙකේ හිනාව උතුරනව.....අනෙ අම්මප මට අහු උනොත්.... දනී මම.....

'' හතලිස් අටේ නිදහස් උත්සවේ......'' මාම තවම කියවනව.

'' රවි අයිය ඔය පරණ විස්තර දැනගන්ට හරිම ආසයි ලොකු මාමෙ....'' මෙන්න ඒ විඩේ මේකි තේ එකකුත් අරගෙන එන ගමන් කියාපි. අනෙ අම්මප මේ අම්මණ්ඩි කෑවම හිත් වදිනවද?

මගෙ කටත් අරුණ බාගෙට. ඒක දැකල චුට්ටි පිපිරෙන්ට තනන හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්...මේකි තමයි දවසකටවත් ගෑණි.....මගෙ හිතේ චුට්ටි ගැන තියෙන බැඳීම මොහොතිං මොහොත වැඩි උනා. මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වාගෙ කෙල්ලක්.ටිකක් පිස්සුවක් වගෙ තියන, අර නුහුගුණේ කියන්නෙ අන්න ඒ ජාතියෙ...ඔය රෑ දවල් දෙකේම ජීවිතේ මහ බර පතලට ගන්න ෆුල් සීරියක් කෙල්ලො මට අරහං.

'' රවි අයියටත් ඕනය තේකක්....''

'' මට එපා'' මම දත්මිටි කාගෙන කිව්ව...ඒ පාරනං කෙල්ල රතුම උනා හිනාව නවත්තගන්ට බැරුව.

චුට්ටි එපා කිව්වත් මම වසන්ත එක්ක මේ ගැන කතා කරනව....පිටුපාල කුස්සිය පැත්තට යන ගමනුත් පස්ස හැරි හැරි කොමල කරන චුට්ටි දිහා හිනාවේගන බලා ඉන්න අතරෙ මම එක හිත් හිතා ගත්ත.


මතු සම්බන්ධයි.... ( හරි හරි ඉවසල ඉන්න , ඉවසල ඉන්න....අවසානෙ මේ පේන දුර......ඊමමයි....අනේ ඇත්තමයි )

40 comments:

  1. ඉවසනව කියල ඔය හැටි ඉවසන්න පුලුවන්ද ? අහවල් එක්කට අර මාමෙක් ආවේ .. .නැත්නම් අපූරුවට අහගන්න තිබුනනෙ වසන්තගෙන් හේතුව....

    ReplyDelete
    Replies
    1. මාම ආවෙ බොල මුරුංග පොතු ඩිංගක් අරන් යන්ට නෙව.... ඒ හරිය කියෙව්වෙ නෑ ද උඹ?

      Delete
  2. මොකක් ද අයියේ නුහුගුණ් කියන්නේ ?

    අනික ගැහැණු අය කෙල්ල කාලේ කොහොමත් ඔය අයිය කියන විදිහෙ තමයි. කසාද හෙම බැන්දට පස්සෙ ලු ජීවිතේ ගැන සීරියස් අරන් වෙනස් වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. නුහුගුණේ කියන්නෙ වත්, නිකම් ඔය පිස්සුම නෙවෙයි හිටපු ගමන් අමුතු දේවල් කරන ගතියට.....කිසිම දෙයක් සීරියස් ගන්නෙ නැති ස්වභාවයට....ඉංග්‍රීසියෙන් Eccentric කියන එක තමයි කිට්ටුවෙන්ම යන වචනෙ මධුර ගොයිය නම් කියන්නෙ නුහුගුණකාරයා = Imbecile කියලයි... ඒත් ඒ අර්ථ කථනයට මම නම් එකඟ නෑ.

      අපොයි බැන්දට පස්සෙ හිටියට වැඩිය පිස්සු කෙලින කෙල්ලො ඕනතරම් ඉන්නව...හෙහ්, හෙහ්, Believe me I have first hand experience , heh, heh,

      Delete
  3. හ්ම්ම් යමුකො බලන්න

    ReplyDelete
    Replies
    1. යමු, යමු, මේ මක්ක කියනවය ඔහේ..යමු යමු,

      Delete
  4. චුට්ටිගෙ රහසත්, රවි අයියට අවුරුදු ගානකට පස්සෙ පහුගිය නිවාඩුවෙදි යාළුවාව ආයෙ හම්බුනාම චුට්ටි ගැන කිව්ව කතාවෙත් සම්බන්ධයක් තියෙන බව දැනෙනවා. ඒ ගැන හිතුවාම චුට්ටි පව් කියලා හිතෙනවා.

    දැනට අපි කතන්දරේ දන්න ටික ගැන හිතුවාම මේකනම් හරිම ආදරේ හිතෙන කතාවක් කියලා දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. හප්පා, යන්තම් ඇති නඟේ....උඹට වැඩේ තේරුණා...හෙහ්, හෙහ්,

      බොහොම ස්තූතියි නඟේ ප්‍රශංසාවට....

      Delete
  5. හරි දැන් දන්නවා කතාව .. චුට්ටිව මාමගේ පුතාට තීන්දු කරලා ඉවරය් . එහෙම නේද? අය්යාට ඊට පස්සේ sorry .com . අය්යෝ අද මාමගේ විත්ති විතරනේ

    ReplyDelete
    Replies
    1. කතාව තව දික් කරන්ඩෝ .. මෙකුවී

      Delete
    2. ආ...උඹටත් අන්තිමට තේරුණා එහෙනම්.....

      මාමගෙ විත්ති නොකිය කොහොමෙයි බොල, ඒ යකා ඇවිල්ල නටපු නාඩගමේ හැටියට...ඒත් මාම ආපු එකෙන් මට පාඩුවක් උනෙත් නෑ...හෙහ්, හෙහ්, බලන්ටකෝ ලබන පාර....

      අනික මාමගෙ විත්ති ලියන්ටත් එපාලු, කතාව තව දික්කරන්ටත්ලු...අනේ මන්ද උඹලගෙ මේ කතා......උඹලටම හොඳා.....

      Delete
    3. aiyo mata kiyanda one une kotasa thawa dik karanna kiyala, kiyaune kathawa kiyalane :( . mamage withthi nathiwa love scene thama wadipura one, -- mekuwi

      Delete
    4. @ Mekuwi,

      හෙහ්, හෙහ්, Love Scene තමයි ඕන එතකොට නේද?....අනෙ අම්මප ඉතිං මොකටද මං කියන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  6. අප්පා තිසා වැවේ බන්ට් එක නම් කියාපු තැන.....

    කතාව නම් සුපිරි රවි අය්යේ.

    හපෝ මේ අමා තමා මූටත් මේ ලෙඩේ බෝ කරේ වෙනද මාගලක් වගෙ ලියල කොටස් කොරන එක දැන් පිටුවෙන් කඩනව...............:D:D:D:D

    ReplyDelete
    Replies
    1. / ගොයම් වලට වතුර ඕනම කාලෙ නිසා වැවෙන් කුඹුරු වලට වතුර ගෙනියන..../

      අඩේ මෙතන තිසා වැව නෙවෙයි මල්ලි. නිසා කියලයි තියෙන්නෙ....මේ කතාව පටං ගත්තෙ නං තිසා වැවෙං තමයි ඕං......

      / හපෝ මේ අමා තමා මූටත් මේ ලෙඩේ බෝ කරේ වෙනද මාගලක් වගෙ ලියල කොටස් කොරන එක දැන් පිටුවෙන් කඩනව...............:D:D:D:D /

      හෙහ්, හෙහ්, අම්මප ඇත්ත, අමාගෙං තමයි මේ වැඩේ පුරුදු උනේ....ඔය අමා කෙලීගෙ ලොකු මාමගෙ බාල පුතාගෙ දෙවෙනි වයිෆ්ගෙ තාත්ත ලංකාවෙ නමගිය මෙගා නාට්ටිය කාරයෙක්නෙ...එයයිගෙං අමා වැඩේ අල්ල ගත්ත..අමාගෙං මම අල්ල ගත්ත...හෙහ්, හෙහ්,

      Delete
    2. ඔව් වොව් ඔයාලටත් ඕනනම් එයාගේ මෙගා එකක පොඩි ඇක්ටින් කෑල්ලක් සෙට් කරලා දෙන්නම්. රවී අයියට නම් ඕනනම් තිර රචනේ එහෙම ලියන්ටත් ඇහැක. අපි නියම නමකුත් දාමු. ගැණු ළමයෙක්ගේ නමක් වෙන්ටම ඕනේ. ඕලු නෙලුම් මානෙල් අමා පබා අබා හබා ඔය මොකක් හරි දාන්ට බැරිය. ඔක්කොම මල් දැනටම අරගෙන නම් 'කෙහෙල් මල' කියල හරි දාමු!!

      Delete
    3. @ Ama,

      ඒයි ඒ නාට්ටිය පැත්තකට දාපං....අර හේවායා තාම කුමරිය දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්නවද බං?....කවද්ද උන්දැ ඊලඟට කොරපු මගඩිය අපිට කියන්නෙ?

      Delete
    4. @ රවි

      ඔවු බන් අයියේ මුලින් කිවුව තිසා වැව ගැන තමා කිව්වෙ, හප්පා ඒ පොටෝ කෑල්ල තියෙන තැනට වෙලා හුලන් පොදක් වැදි වැදි මල්පැන් පොදක් පානය කොරනව කියන්නෙ........ ආයේ මොනාද හිතින් ගියා ආපහු ඒ පැත්තෙ...........අඩේ බන් මන් මේ කතාවට දාපු මුල්ම කොමෙන්ටුව තමා උඩ තියෙන්නෙ.

      @අමා

      ඔය නාට්ටි බුවා කියල දුන්නෙ නැද්ද දවසට කොටහක් අනිවර්යයෙන් දාන්න ඕනි කියලා:)

      Delete
    5. @ නිශ්,

      ඒ බාං උඹත් මලේ අනුරාද පුරේ හිටියය?.....හෙහ්, හෙහ්, නියම කොල්ලෙක් නෙව...

      Delete
    6. රාජකාරි කටයුතු නිසා මීට ටික කලකට කලින් ලංකාව වටේම හක්කලන් කොරා බන් ........

      අප්පා එහෙම කාලයක් ආයෙ කවදා ඒ වගේ ජීවිතේ විඳින්න පුලුවන් වෙයිද මන්දා...:D

      Delete
  7. එළ කිරි මාමෙක්නෙ.. ආන්න මිනිස්සු.. :p

    මේ ඒක නෙවෙයි බං අයියෙ, මං හිතං හිටියෙ ඔය නුහුගුනේ තියෙන්නෙ අපෙ සිත්තමීට විතරයි කියාලා, බැලුවම තව ඉන්නවා නේද..?? :D

    ReplyDelete
    Replies
    1. සිත්තමීට විතරයි?.....හෙහ්, හෙහ්, මොන විකාරද මලේ?.....මේ බොලොග් ලියන බවලත්තුංගෙං සීයට අනූනමයකට තියෙනව නුහුගුණේ...හෙහ්, හෙහ්,

      Delete
    2. @Buratheno

      ඈ, නුහුගුණේ? මේ මට? නෑහ්! කවුදෑ කියන්නේ? ඔව්වා මේ අහස පොළොව නූහුළන මහා ටොම් පච නෙව!

      Delete
  8. //මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වාගෙ කෙල්ලක්.ටිකක් පිස්සුවක් වගෙ තියන, අර නුහුගුණේ කියන්නෙ අන්න ඒ ජාතියෙ...//

    ඉතින් දැන් මේ වගේ කෙල්ලක්මද හම්බ උනේ? :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මොනව කියනවද පොඩ්ඩි......

      Be careful of what you wish for...You may get it,.....කියල අහල තියනව නේද?......මම හිතුවෙ නුහුගුණේ තියන කෙල්ලක් හම්බ උනොත් හොඳා කියලනෙ...උඹට කියන්ට හම්බ උනේ පිස්සං කොටුවෙනුත් තියාගන්ට බෑ කියල දොට්ට දාපු එකියක් නෙව....හෙහ්, හෙහ්,

      Delete
    2. කිව්වත් වගේ ඔය නුහුගුනේ තියෙන අයට තමා මාත් කැමති..ඒත් මට ඉස්සර යාලුවෝ හිනාවෙනවා මම බාගෙට පිස්සු කොල්ලොන්ට පැණි හලන කොට!

      එක පාරක් එක්කෙනෙක් මන් ආස වේය කියල පිස්සු පාට නැතිවෙන්ට කොන්ඩේ හොඳට කපල පීරාගෙන පිළිවෙලකට ඇඳලා ආවලු. වහාම සංවර පෙනුම අයින් කරලා පරණ පිස්සු පෙනුමට එන්ට කියල මම යුද්ධ ප්‍රකාශ කරා ලු හික් හික්

      Delete
    3. ජීවිතේ එකම විදිහට ගලාගෙන යනකොට හරිම Boring. පොඩි පිස්සුවක් දෙකක් ඉඳ හිටල කෙලින්නම ඕන...ටිකක් ජීවිතේ හොල්ලල කාරිය ගන්ට....Unpreditability කියන එක මම නම් හරිම කැමති දෙයක්....අපෙ ලොක්කිත් එහෙමම තමයි..හෙහ්, හෙහ්, හිතුනද කරා.....

      දවසක් ඔන්න අපි නුවර කොහෙ හරි කඩේක ගිහිල්ල ඇඳුං තෝරනව...මට මතක නෑ..ඔය තියනවනෙ හැට හුටහමාරක්..කොටුවෙ කඩේ කියයි...බෝලෙ කඩේ කියයි....වං ප්ලස් වං කියයි...ටූ ප්ලස් ත්‍රී කියයි...ඔව්වයිං එහෙක..මම හෙමීට ලොක්කිගෙ කනට කරල කිව්ව " ඒයි, මට හිතෙනව හයියෙං හූවක් කියන්න " කියල

      කොච්චර පිස්සු ලෝකෙ උනත් එදානං උන්දැගෙ ඇස් දෙක උඩ ගියා..... '' මේ පිස්සු නං කෙලින්න හදන්න එපා '' කියල තෝරපු ඇඳුනුත් එහෙම්මම අත ඇරල දිව්ව එළියට.....හෙහ්, හෙහ්, ඇයි ඒ තරමට දන්නවනෙ මා ගැන....එහෙමත් බැරි පුතය නෙවෙයි කියල......

      ඕක මට මරු පොයින්ට් එකක් උනා...ඊට පස්සෙ ටිකක් ඇඳුං තේරිල්ල වැඩිවේගන යනකොට මම කියනව ඔය කතාව......හෙහ්, හෙහ්,

      Delete
  9. අප්පච්චියේ.. අද ජාම බේරල දුන්නෙ මාම, හෙට නැන්දයි අනිද්දට පුංචිඅම්මයි ඉංඅනිද්දට ලොකුඅම්මයි ආවොත්නං කතාව තව දෙතුන් දොහක් ඇදගෙන යන්න ඇහැකි, අපි මෙතන කඩිගුලක වාඩිවෙච්ච උන් වගේ නළියනව කෙළවරක් දකින්න. උඹහැටනං මොකෝ..

    උඹ නං එගොඩහ වත්තෙ ලොකු සීයම තමයි, එක පාරක් උන්දැ මෙහෙම කතාවක් කිව්ව

    "ඕං එක ගම ගෙදරක තිබුන මහ විසාල වී අ‍ටුවක්, දවසක් එක මීයෙක් ඇවිල්ල ගෝණියක් කපල එක ඇටයක් අරගෙන යනව"

    එහම කියල උන්දැ කතාව නවත්තනව

    බලාන ඉන්න බැරිම තැන මං අහනව "ඊටපස්සෙ "

    මේං මුන්දැ කියනව "ඊටපස්සෙ කිව්වත් මීය තව වී ඇටයක් අරං යනව"

    එච්චරෙයි ?

    එච්චරෙයි කිව්වත් තව වී ඇටයක් අරං යනව මීය

    අනේ මොකක්ද සීයෙ ...

    අනේ මොකක්ද සීයෙ කිව්වත් මීය වී ඇටයක් අරං යනව....

    ඉතිං මට මුදැව කන්න තරං කේන්තියි...

    ReplyDelete
    Replies
    1. අපෙ ආච්චිත් මට ඕකම කරල තියෙනව නෙව සීනි බෝතලේකුයි කූඹි පේළියකුයි තියාගෙන... හපෝයි දවස් ගාණක් යනකල් ඒ සීනි බෝතලේ ඉවර වෙන්නෙ නෑ ඉතිං... ආයෙ අළුත් කතාවක් අහන්න එක්කො සීනි බෝතලේ ඉවර වෙන්ඩෝන, එක්කො කූඹි පේලිය ඉවර වෙන්ඩෝන......

      Delete
    2. @ නවම් සහ සිත්තමී,

      උඹල දෙන්නගෙ ආච්චියි සීයයි දෙන්නම එකයි....බොහ්හෝ...ම වැරදි වැඩක් නෙව උන්දල දෙන්නම කොරල ඇත්තෙ...ළමා සිත එහෙම අපේක්ෂා භංගත්වයට ( හිංගලෙං කියන්නෙ Frustration) පත් කොරන එක බරපතල වැරැද්දක්....මම මේ ළඟදි දැක්ක ලමා විසේසඥයෙක් කියල තිබ්බ ඒ වගෙ තත්වයකට පොඩි කාලෙ මූණ දුන්නු ළමයි ලොකු උනාම සමාජීය අන්තර් ක්‍රියාවන්හි යෙදීමේදී පසුගාමී තත්වයක් පෙන්නුම් කරනවයි කියල.

      නවම නම් එහෙමයි කියල අපි හැමෝම දන්නව නෙව,

      සිත්තමී නඟේ.....උඹට කොහොමද?....උඹත් එහෙම තත්වයක් පෙන්නුම් කරනවය?

      ඔය ආච්චියි සීයයි තාම ඉන්නව නං කියාපල්ල ඩිංගක් වහං වෙලා ඉන්නෙයි කියල. මේ උඹලගෙ කමෙන්ට්ස් දැක්ක කවුරු හරි ඉරිසියාකාරයෙක් පොලිස් ලමා හා කාන්තා කාර්යාංශයට පැමිණිළි කොලානං එහෙම උන්දල දෙන්නටම බඩුම තමා. කෙලින්ම ඇප මොකවත් නැතුව දහ අට මාසයයි

      Delete
    3. // සිත්තමී නඟේ.....උඹට කොහොමද?....උඹත් එහෙම තත්වයක් පෙන්නුම් කරනවය? //

      දැන් උඹ හිතන්නෙ සිත්තමීගෙ අර නුහුගුණේ කොහෙන් ආවා කියලය..!!?? :)

      Delete
    4. @Ravi Ayya

      හා, මෙයා මේ අපේ ආච්චිලට සීයලාට එක එක එව්ව කියන්ට එන්නෙ මෙයත් දැං කරන්නෙ ඒ ටිකම නෙව. අපි පුංචි සන්දියෙ ආච්චිලා ඒ විදිහෙ කතාන්දර කියැව්වෙ අපිට ඉවසීම පුරුදු කොරන්ට. අයියණ්ඩි ඔය දැං මක්කෙයි කොරන්නෙ, ඒ පුරුදු කොරාපු ඉවසීම පරීක්ෂා කොරන එක. හරිද මං අහන්නේ?

      මගෙ ආච්චි තමයි මගේ ජීවිතේ මට හම්බ වෙච්ච හොඳම යාළුවා. මගේ ලෝකේ ආච්චිට තිබ්බ තැන තාම වෙන කාටවත් පුරවන්න පුළුවන් වෙලා නෑ. ඉස්සරහටත් බැරි වෙයි.

      /*සමාජීය අන්තර් ක්‍රියාවන්හි යෙදීමේදී පසුගාමී තත්වයක් පෙන්නුම් කරනවයි කියල*/

      මේ මොකද්ද මේ? මට තේරුණේ නෑ...

      @Buratheno

      /*දැන් උඹ හිතන්නෙ සිත්තමීගෙ අර නුහුගුණේ කොහෙන් ආවා කියලය..!!??*/

      ඒක අයියේ මයෙ උපන් හැටි නෙව. හැබැයි ඔන්න ඇත්තම කියනවනං ඔයාලා වළව්වෙදි දකින සිත්තමීට තරම්නං හැබෑ මට නුහුගුණයක් නෑ. :D

      Delete
    5. ආ, ඒකනෙ කියන්නෙ , එතකොට ආච්චි කලේ ඉවසීම පුරුදු කරන එක...එහෙමෙයි?....හරි, හරි....එතකොට මමත් මේ කරන්නෙ ඒකමයි....තෑන්ක්ස් නංගි.

      /*සමාජීය අන්තර් ක්‍රියාවන්හි යෙදීමේදී පසුගාමී තත්වයක් පෙන්නුම් කරනවයි කියල*/

      ඒ මගෙ පිස්සු කතානෙ බොල එව්ව හනං ගන්න එපා.....ඒකෙ තේරුම නම් මෙන්න මේකයි....

      Showing a sort of retardness in dealing with social inter actions,

      Delete
  10. ane ayye iwasane bari me thane me kiyane,, ane oye mamawe ikmante dotta dala wasanthe ayyagen kathawe ahaganeko appa :( ikmnate ahala danne anik post eke hode :P :)

    ReplyDelete
    Replies
    1. හරි, හරි, නඟේ...දාමු දාමු,

      මට ඔයාව දැක්කම මතක් වෙන්නෙ Gilmore Girls හෙහ්, හෙහ්,

      Delete
    2. hehe ithin hoday ne ane kawuru hary mathak wenewanam :D :D

      Delete
  11. අවසානේ පෙන දුරමයි කියුවට ඔය බොරු මෙයාගේ


    හ්ම්ම් මාමා කාරයත් වැඩේ කනවානේ.. හ්ම්ම් මගුල

    ReplyDelete
    Replies
    1. ඕකනෙව උඹලත් එක්ක ඉහ ගහල ඉන්ට බැරි....හොඳක් ඇත්තෙම නෑ...ඇත්තෙම නෑ....

      Delete
    2. අනේ හොදයි හොදයි :))

      Delete
  12. කෙලවර දකින්ඩ ආසාවෙන් කියෝන එවුන්ටත් දැන් නුහුගුනේ හැදීගෙන එන්නෙ :-))

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...