Friday, January 20, 2012

87. ආදර....නිල්.....දෑසේ.......9 - Her sparkling blue eyes & Shining moon light, Singing from my heart.....It was the night of my life,


අපි දෙන්න එහෙම තමන්ගෙ සිතුවිලි අතර අතරමංවෙලා කොච්චර වෙලා හිටියද කියල මට හරියටම නිච්චියක් නම් නෑ.....ආයෙම පියවි ලෝකෙට ආවෙ වසන්තගෙ කටහඬින්...දෙයියෝ සාක්කි ඔන්න වැඩේ බයික් එක එනවවත් ඇහුනෙ නැති හැටියක්.....

'' මොකද බං උඹල දෙන්න දෙපැත්තට වෙලා අහස පොලෝ ගැටලන්ඩ වගෙ කල්පනාව....දෙන්න ඇර ගත්තද ඔය පොඩ්ඩට.....''

'' මොනවට ඇර ගන්ටද?.....'' චුට්ටි විජහට නැඟිට්ට.......

'' පොඩි අයිය දැං හතටත් කිට්ටුයි..බත් අරින්ටද මේසෙට....''

'' හත කියන්නෙ වෙලාවක්ද චුට්ටි...එපා එපා....මේසෙට ඇරියොත් කෑම සීතල වෙයි....චුට්ටිට බඩගිනි නං කන්ට අපි කනකොට තව රෑ වෙයි...''

'' හා....මං දන්නව ''

චුට්ටි අපි දෙන්නගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බල බල හිනැහුණා...

'' තව කොච්චර වැඩ තියනවද?....රවියට සිංදු කියන්ට තියනව.....නැද්ද මචං? .... අල්ලපං ඔය ටීපෝ එක ඔය පැත්තෙං ''

'' එහෙනං එහෙනං "

මම ටීපෝ එකේ පැත්තක් උස්සන අතරෙ කිව්ව.

'' මොකද බං අර එදා තිසා වැවේදි උඹ අපූරුවට කිව්ව සිංදුව....ඔන්න බලහං මට මතක් වෙන්නෙම නෑනෙ....''

වසන්ත වේවැල් පුටු දෙක එළියට අරගෙන ගියා

'' අනේ බං මටත් මතක නෑනෙ....'' මම චුට්ටි දිහා හොරැහිං බැලුව.

'' චුට්ටි ඔයාටවත් මතකද? ''

'' මට මතක තියෙන්ඩ මමයැ සිංදුව කිව්වෙ?....හිකිස්... ''

චුට්ටිගෙ ඔය හිනාව තමයි මට ඉවසන්ට බැරි....

මිදුලෙ අඹ ගහ යට ටීපෝවක්. ඒ වටේ වේවැල් පුටු තුනක්. අපි තුන් දෙනා ඔන්න පුටු තුනේ ඉඳ ගත්ත.

පෝයට දවස් දෙකයි තුදුස්වක සඳ තවම මුදුන් වෙලා නෑ.ඈත කඳු වලල්ලම එලිය කරගෙන හෙමිහිට ඉහළට ඇදෙන හැටි බලන්න ලස්සනයි....අඹ ගහේ අලුතෙන් ලා කොල පාටින් දළු දාල. සඳ එළිය වැටිල දිලිසුනේ හරියට රිදියෙන් වාත්තු කලා වගේ...

'' කොහෙද බං බලා ඉන්නෙ ගනිං ගනිං '' වසන්ත මට බෝතලේ දික්කලා....

ඩබල් ඩිස්ටිල්ඩ්. දෙවරක්පෙරුම උන්නැහේ....ඒ දවස් වල අපේ ඉස්තරම්ම පානය.

'' අඩේ ඕපනර් එක ගේන්න බැරිඋනානෙ ''

වසන්ත සෝඩ බෝතලේ අතට අරං කිව්ව.

'' ඉන්න පොඩි අයියෙ මම ගේන්නම්...'' චුට්ටි නැඟිට්ටා.

'' ඔයා ඉන්න , ඔයා ඉන්න මම ගේන්නම්..'' වසන්ත ගෙට ගියා.

චුට්ටි ආයෙම ඉඳගත්ත.එක පාරක් මගෙ මූණ බලල ආපහු බිම බලාගත්ත.

'' ඒයි මෙහෙ බලන්නකො මේ මා දිහා.....'' මම හෙමිහිට කිව්වා.

'' ඇයි? '' චුට්ටි ඔළුව උස්සල බැළුවා.

'' පොඩ්ඩක් මූණ හරවන්නකො මේ පැත්තට... ආ දැන් හරි ''

'' මොකද අනේ මේ?.....පිස්සුවක් වත් හැදීගෙන එනවද? ''

'' එහෙම නැත්තෙත් නම් නෑ....ඒත් මූණ හරවන්න කිව්වෙ නම් වෙන දේකට... මට බලාගන්න ඕන උනේ නිල් පාට ඇස් හඳ එළිය වැටුනම දිලිසෙන්නෙ මොන පාටටද කියල.''

චුට්ටි රතු උනාය කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද?

'' ඉතිං දිළිසුනාද? මොන පාටද? '' චුට්ටි ඇහුවෙ බිම බලාගෙනම.

'' නිල් මැණික් කැට දෙකක් වාගෙ දිලිසුණා......හෙහ්, හෙහ්, ''

මම කිව්වෙ පුටුවෙ ඉස්සරහට බරවෙලා චුට්ටිගෙ අත අල්ල ගන්න ගමන්.

'' හප්පා කතාකරන ලස්සන, කෙල්ලො ඔක්කොමල එක්ක ඔහොම වෙන්ටැ කතා කරන්නෙ...හිහ්...හැබැයි අයිය බොරුමයි කියන්නෙ. මිනිස්සුන්ගෙ ඇස් රෑට දිලිසෙන්නෙ නෑ...."'

'' හරි හරි ඒ මිනිස්සුන්ගෙනෙ....මේ ඉන්නෙ දිව්යාංගනාවක්නෙ....'' මම චුට්ටිගෙ අත පිරිමදිමින් කිව්ව.

'' අනේ මයෙ අයියෙ මම මේ කරන්නෙ වරදක් ද කියල මගෙ හිත හැම වෙලේම මට වද දෙනව..... ''

'' මොකක්ද චුට්ටි වරද?....ආදරේ කරන එක වරදක්ද?......ආදරේ තමයි ලෝකෙ තියන සුන්දරම දේ....''

'' චුට්ටි...නංගි...කොහෙද අනේ ඕපනර් එක? කොහෙද දැම්මෙ ? '' වසන්ත දොර ගාවට අවිල්ල කෑහැහුව.

'' ඉන්න අයියෙ මම එන්නම්..'' චුට්ටි හෙමිහිට නැඟිටල මගෙ මූණ එක පාරක් බලල හිනාවෙල ගෙට ගියා.

මම එහෙම්මම පුටුවෙ පස්සට වෙලා හේත්තු වෙලා අඹ ගහේ කොල හුලඟේ හෙලවෙනව බලා හිටිය.

මම මේ කරන්නෙ වරදක්ද?....ඇයි චුට්ටි එහෙම කිව්වෙ?..මේ කෙල්ල කිසිදෙයක් කෙලින් කියන්නෙ නැති එක නෙව වෙලා තියෙන කරුම දෝසෙ.

හරි හෙට දවස තියනවනෙ....අනිද්ද යන්ට ඉස්සරවෙලා මේකෙ දෙකින් එකක් දැන ගන්ටම ඕන.නැත්නම් මයෙ ඔලුව විකාර වෙලයි නවතින්නෙ.

එදා ඒ ගත කරපු පැය කිහිපය....අඹ ගහ යට....සඳ එළිය ගලාගිය ගෙමිදුලක....ආදර නිල් දෑස් ඉදිරිපිට ....ඒ වෙනතෙක් මගේ මුළු ජීවිතේ හොඳම පැය කීපය.....ආයෙම ආයෙම මම ඒ පැය කිහිපය හිතින් විඳල ඇති සහස් වාරයක්......

මම එදා එච්චර බිව්වෙ නෑ.....වෙන දේකට නෙවෙයි අනවශ්ය විදිහට මත් වෙලා ඒ මොහොතේ සුන්දරත්වය විඳීමට බාධාවක් කරගන්න මම කැමති උනේ නෑ.අනික චුට්ටිගෙයි වසන්තගෙයි කතාවෙන් මට තේරුනෙ මොකක් නමුත් බැරෑරුම් ප්රශ්නයක් තියනව කියලයි. ඒ නිසා මේ වගෙ සුන්දර අවස්තාවක් මට ලැබෙන පලමු සහ අවසාන අවස්තාව මේක වෙන්න පුලුවන් කියල මගෙ යටි හිත මට කොඳුරල කිව්ව. ඒ නිසා මේ සුන්දර මොහොතේ උපරිම ප්රයෝජනය ගන්නයි මට ඕන උනේ.

අහ්, කියන්ට බැරි උනානෙ..චුට්ටිත් එදා බියර් වීදුරුවක් විතර බිව්ව...හෙහ්, හෙහ්,

අපි පලවෙනි රවුම ගියාට පස්සෙ වසන්ත ගත්ත බියර් බෝතලයක්.... '' චුට්ටි ගන්න පොඩ්ඩක් '' බෝතලේ කඩල වීදුරුවකට දාල චුට්ටිට දික්කලා.

චුට්ටි හිනා වෙලා මගෙ දිහා බැළුව. '' ගන්න ගන්න රවි මොකවත් හිතන්නෙ නෑ නැද්ද මචං '' වසන්ත මා දිහා බැලුව.

මම චුට්ටි දිහා බලල හිනාඋනා. එයා මා දිහා බලාගෙනම බියර් වීදුරුව අරගෙන උගුරක් බිව්ව. ඒ කරල මූණ ඇඹුල් කරගත්ත. මම චීස් කෑල්ලක් චුට්ටිගෙ අතේ තිබ්බ.

''චීස් කෑල්ලක් කන්න එතකොට හරියයි''

එදා ''ආදර නිල් දෑසේ'' ආයෙමත් පාරක් කිව්ව කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?....ඕන නැතිඋනත් කමක් නෑ මම කියන්නම්.....එක පාරක් නෙවෙයි දෙපාරක්ම කිව්ව.....

'' රවි කියාපං අර සින්දුව..... '' වසන්ත අරක්කු ටිකක් උගුරට හලාගෙන ගිටාර් එක අතට ගත්ත.

'' කියන්නද?....'' මම චුට්ටි දිහාට හැරිල ඇහුව.

'' මගෙං අහන්නෙ....එදා තිසා වැවේදි කිව්වෙත් මගෙන් අහලද?....''

අප්පට සිරි,මේකිගෙ ගණං බලාපල්ලකො....

'' හරි හරි ඕකට ඔච්චර තද වෙන්න ඕනය.....කියන්න කිව්වනම් ඉවරනෙ......''

මම චුට්ටිට විරිත්තුවා.....ඒකිත් මෙන්න මට විරිත්තාපි.....අපි දෙන්න ඉස් ඉස්සොරෝම හම්බවෙලා පැය ගානයි ගෙවිල ගියේ.....දැනටම මට හිතෙන්නෙ අවුරුදු ගානක් ආස්සරේ කලා වගේ...ඒත් නැත්නම් ආත්ම ගානක් සංසාරෙ අත්වැල් බැඳගෙන ආපු ගමනක් වාගෙ......

When you meet your soul mate you know it deep down, may be your brain won't believe it but your heart knows & in the matter of love heart is the sole authority.

බුරතීනො මලය මගෙන් අහල තිබ්බ මේ වගෙ අවස්තාවල අයියෙ උඹට Quotesසුත් මතක් වෙනවද කියල...හෙහ්, හෙහ්, මොනව කියනවද බොලේ මතක් වෙනව මතක් වෙනව.....

ඉතින් අර ගීතය....මතකනෙ ආදර නිල් දෑසේ මම කිව්ව චුට්ටිගෙ නිල් ඇස් දිහාවෙ බලාගෙන......පටන් ගත්තු වෙලාවෙ ඉඳල ඉවර වෙනකල් කෙල්ල මා දිහා ඇසි පිය නොහෙලා බලා හිටිය....මූණ රතු කරගෙන.....

'' හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා..........'' මම ගීතය ඉවර කලා....

'' නියමයි මචං නියමෙනුත් නියමයි.....''

වසන්ත දකුණතේ මහපට ඇඟිල්ල උස්සල පෙන්නල තව වීදුරුවක් පුරව ගත්ත.

මම චුට්ටි දිහා බැළුව...ආයෙ අහන්නත් දෙයක්ද?....ඒ නිල් ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් දිලිසුණා හඳ එළියට......

ඒ දිහා බලන්න බැරුව මම බිම බලාගත්ත....

විනාඩියක දෙකක විතර නිශ්ශබ්දතාවයක්.......ඊට පස්සෙ චුට්ටි මෙහෙම කිව්ව

'' රවි අයියෙ ආයෙම පාරක් කියන්න ප්ලීස්...''

ආයෙම ඉතින් මම කිව්ව.....

'' හද ලෙන් දොර වසනු මැනවි, මා එහි සිර කරලා.....ආදර නිල් දෑසේ ...ආදර නිල් දෑසේ....''

මතු සම්බන්ධයි කියල දාන්නෙ නෑ ඔන්න..මට මේ කන පුරෝල බැනුං අහලම අපෝ වෙලයි තියෙන්නෙ.....හෙහ්, හෙහ්,

26 comments:

  1. මේක නම් මෙගා එකක්ම තමයි ....

    ReplyDelete
    Replies
    1. මොකදෑ කොරන්නෙ අනේ.......පූරුවෙ පව් තමයි අපි දෙගොල්ලංගෙම....හෙහ්, හෙහ්,

      Delete
  2. :-P හිටපංකො ආයෙ කමෙන්ට් කරන්නෙ නෑ කතාව කවදක්ක හරි අහවර කරනකල්ම

    ReplyDelete
    Replies
    1. අඩේ බොලේ ඔහොම නපුරු වෙන්ට හොඳද මං අහන්නෙ.....මේ හෙට අනිද්ද දීගෙක යන්ට ඉන්න ගැටිස්සියො.......

      Delete
  3. Replies
    1. හෙහ්, හෙහ්, හෙහ්, හෙහ්,

      Delete
  4. දැන් තමයි නියමෙටම නැගල යන්නෙ කතාව.




    [DD බෝතලේ ඇරියට පස්සෙ]

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මතක් වෙනකොටත් ඇහැට කඳුලක් එනව ඔබ්.....DD, කොළපාට ලේබල් එක.....ඒ ඇරුණම ඕල්ඩ්, මෙන්ඩිස් ස්පෙෂල්, වී. එස්.ඕ . ඒ........ඒ කාලෙ බඩ බැඳගෙන හිටපු මිත්තරයො තමා.....

      Delete
    2. What for the telling?

      [මොකට කියනවද?]

      Delete
  5. යමව්කො බලන්න තව ඉස්සරහට.....

    ReplyDelete
    Replies
    1. ඉදිරියටම යව් හෙළයිනි, ඉදිරියටම යව්......හා...හා.......

      Delete
  6. නිල් මැණික් කැට දෙකක් වාගෙ දිලිසුණා......හෙහ්, හෙහ්, '

    ඊයා සීරියස් වචන කීපයකට පස්සේ කැත හිනාවක්‌ දාලා. :/
    අම්මෝ මතුසම්බන්දේ නැති එක හොදයි

    ReplyDelete
    Replies
    1. අනේ කැත හිනාවක් නම් නෙවෙයි,

      / '' නිල් මැණික් කැට දෙකක් වාගෙ දිලිසුණා..../

      මම ඔහොම කියල චුට්ටි එක්ක හිනා උනා...මට ඒකයි කියන්න ඕන උනේ....

      Delete
  7. //'' කියන්නද?....'' මම චුට්ටි දිහාට හැරිල ඇහුව.

    '' මගෙං අහන්නෙ....එදා තිසා වැවේදි කිව්වෙත් මගෙන් අහලද?....''

    අප්පට සිරි,මේකිගෙ ගණං බලාපල්ලකො....//

    ඕන්න බියර් උගුරක බලේ.. අම්මප මේ ගෑණු කොච්චර කිව්වත් අහනවයි ඕව අමෘත්තෙ පරාදයි කියල. හෙහ් හෙහ්...

    ඔය බ්යර් ජුංඩට දෙවරප්පෙරුම බින්දු දෙක තුනක් දැම්මනං.... බුදුඅමෝ.... මක්ක වෙයි කියලැයි රවී අයිය හිතන්නෙ. මටනං හිතෙන්නෙ එදා ගේ හදන වෙලාවෙ රවී අයියට වසන්ත කෝල් එකක් දීල මෙන්න මෙහම කියන එකක් නෑ කියල

    //" චුට්ටි ගෙදර ඇවිල්ල ඉන්නෙ මචං.....අර යකා එක්ක ඉන්න බෑ කියල......"//

    ReplyDelete
    Replies
    1. / ඔය බ්යර් ජුංඩට දෙවරප්පෙරුම බින්දු දෙක තුනක් දැම්මනං..../

      අම්මප මලේ උඹටත් එන්නෙ මහ බයානක අදහස් නෙව.....මට එහෙම දෙයක් හීනෙකිං වත් හිතුනෙ නෑ අනෙ අම්මාපල්ල,

      / මටනං හිතෙන්නෙ එදා ගේ හදන වෙලාවෙ රවී අයියට වසන්ත කෝල් එකක් දීල මෙන්න මෙහම කියන එකක් නෑ කියල /

      //" චුට්ටි ගෙදර ඇවිල්ල ඉන්නෙ මචං.....අර යකා එක්ක ඉන්න බෑ කියල......"//

      අම්මප ඇත්තම තමයි බොල....එහෙනං වසංතය කියන්නෙ මෙන්න මෙහෙම.....

      '' රවී, මස්සිනා......ලබන සඳුද පෝය.....මේ චුට්ටිට කියාපං අපි කට්ටියම එනව කියල වීක් එන්ඩ් එකට , හරි?..මේ ඩී ඩී ගහන්ට නම් බෑ...උඹ ගෙනාපු වැට් 69 හරි හෙනසි හරි බෝතල් දෙකක් තියල තියපං හරිද?......මම ගිටාර් එකත් අරං එන්නෙ....මතකනෙ අර සිංදුව.......හෙහ්, හෙහ්, "

      Delete
  8. 'ආදර නිල් දෑසේ' සින්දුව ඇහැව්වා මේ කතාව මතකයේ තියාගෙන. හරි අපූරු හැඟීමක් හිතට දැනෙන්නේ. ඉතින් ඉක්මණට ඉතිරි කොටස දාන්නකො රවි අයියේ.

    ReplyDelete
    Replies
    1. හරි නංගි හරි, දාන්නම්, දාන්නම්.....හෙහ්, හෙහ්, තෑන්ක්ස් හොඳේ....

      Delete
  9. ලස්සන කතාව අප්පා..ඉක්මනට ඉතුරු ටිකත් දාන්න..
    දැන්නම් බයත් හිතෙනවා..අන්තිමට මේ අමිහිරි රහසක් වගේ තියන එක එළිවෙන්න ළං වෙනකොට..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙව කියන්නෙ...ඔයාලට අමිහිරි රහස අහන්න ඔච්චර්ම බය හිතෙනව නම් මට ඒ රහස කියන්න කොච්චර බය හිතෙන්න ඕනද?....ඒකනෙ මම මේ ඒ රහස නොකියා ඇදගෙන යන්නෙ.......තේරුණාද?

      Delete
  10. ඔව් මටත් බයයි. රවී අයියා අපිව අඬවන්ට නේද යන්නේ?
    කතා කියවලා අඬන එක මෝඩ වැඩක් කියල දන්නවා. ඒත් මොනවා කරන්ටද හිතට සමීප මෙහෙම ඒවා කියවද්දී මට නම් ඇඬෙනවා...

    ReplyDelete
    Replies
    1. හපොයි, අමා එහෙම කරන්ට නම් එපා.....කාගෙන ඉන්ට මෙයා....

      Delete
  11. නොගැලපෙන තැන් දෙක තුනක් සෙට් උනා මේ කොටහෙ

    ReplyDelete
    Replies
    1. කොහෙද කිව්ව නම් බලන්ට මලේ?....හෙහ්, හෙහ්,

      Delete
    2. උඹ කතාව ලියල ඉවරකරහන්කො බන් අයියේ
      :D:D:D

      Delete
  12. අයියෝ මොකට බුරාගේ නම මේක මැදට දැම්මද ? කෑවා වැඩේ..

    ReplyDelete
  13. Very useful post. This is my first time i visit here. I found so many interesting stuff in your blog especially its discussion. Really its great article. Keep it up. Lasik Eye Surgery Michigan

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...