Monday, January 23, 2012

88. ආදර....නිල්.....දෑසේ.......10 – Memories are so sweet ; All the same they are only...... memories,




උදේ මට ඇහැරුනේ එක පාරට නෙවෙයි. රෑට බිව්වම උදේට මට ඇහැරෙන්නෙ ටිකෙන් ටික.මුලින් ඔන්න මොකක් හරි සද්දයක් කනට රිංගනව. ඒ සද්දෙ මොකක්ද කියල තේරුං ගන්ට හිත උත්සාහ කරන අල්ල පනල්ලෙ ඔන්න ඇස් දෙකත් හෙමිහිට ඇරෙනව.....එදත් උනේ ඒකමයි.....

ඇස් ඇරිය ගමන් මුලිම්ම දැක්කෙ අසූදෙකේ අපෙ මුල්ම ටෙස්ට් තරඟෙ ටීම් දෙකම, ඒ කිව්වෙ එංගලන්තෙයි ලංකාවයි සමූහ ඡායාරූපයක්....පෝස්ටර් එකක්....... ඇඳ එක්කම ඉස්සරහ බිත්තියෙ ගහල තියෙනව. එක කොණක් ගැලවිල පාතට එල්ලෙනව.

ඒ පෝස්ටරේ සුපුරුදු බවකුත් එක්කම මම මේ ඉන්නෙ කොහෙද කියල නිනව්වක් නැතුව හිතට පොඩි විචිකිච්චාවකුත් ආපි.

ඉස්සරෝම මීටර් උනේ අර පෝස්ටරේ...වසන්තය අපෙ ගෙදර ආපු දාක මම ඌට දුන්නු එකක් ඕක.......

ඔන්න ටික ටික ඊයෙ සිද්දීන් දාමය චිත්තරපටියක් වගෙ හිතට එන්ට ගත්ත. හපුච්චියේ...ඊයෙ වරුවට වෙච්චි දේවල්.....ජීවිත කාලයක් පුරාවට වෙන්ට ඕන දේවල් එක වරුවකට උනා කිව්වම....පිස්සු හැදිල බේරුනොත් ලොකු දෙයක්.

මම ඔය ඔළුව නරක් වෙන තරමට පොත්පත් කියවල තිබ්බත් මෙහෙම සීන් එකක් ඒ පොතකවත් තිබ්බයි කියල මට නම් මතකම නෑ...සත්යය ප්රබන්ධයට වඩා විශ්මයජනකයි කියන කතාව නම් සහසුද්දෙම්ම ඇත්තෙයි කියල මට ඒ වෙලාවෙ ඒත්තු ගියා කිසිම සැකයක් නැතුවම.

ඊයෙ රෑ......අපි තුන් දෙනා...වසන්ත, මම සහ චුට්ටි.....වැඩි වෙලාවක් එළියෙ හිටියෙ නෑ.....එකක් දිහටම බොන්ඩ තරම් මූඩ් එකක් මට තිබ්බෙත් නෑ වසන්තට තිබ්බෙත් නෑ...අනික එච්චර රෑ වෙන්ට කලින්ම සීතල ගලාඑන්ට පටංගත්ත හතර අතිම්ම.....පස්සෙ අපි ගෙට ඇවිත් ....කාල නිදාගත්ත....

වසන්තගෙ කාමරේ ඩබල් ඇඳේ මමයි වසන්තයි නිදාගත්තෙ.....කෝ මේ මනුස්සය?.....උදේ පාන්දර කොහෙ ගියාද?....මම ඇඳ ළඟම මේසෙ උඩ තිබ්බ මගෙ අත් ඔරලෝසුව බැලුව...අඩේ ඒ හැටි වෙලා හිහිනුත් නෑ...හත හමාරයි......

නැඟිටල කමිසෙකුත් දාගෙන මම ගියා කුස්සිය පැත්තට.

චුට්ටි දොරට පිටුපාල මේසෙ ළඟ මොනවද කරනව. හරියටම පේන්නෙ නෑ මොකද කරන්නෙ කියල.....කහ පාට වගෙ නයිට් ඩ්රස් එකක් ඇඳල කොණ්ඩෙ පිටි පස්සට කරල පෝනි ටේල් එකක් ගැට ගහල.

පපුවට අත් දෙක බැඳගෙන මම එහෙම්මම හේත්තු උනා උළුවස්සට. ඇසිපිය නොහෙලා බලා හිටිය චුට්ටි දිගාවෙ....... සෙමින් හඬ නොනැඟෙන සේ පියවර තබා ගොස් ඇගේ කෙස් කළඹ මඳක් මෑත්කොට ඇත්දත් පැහැති සුමුදු ගෙල සිප ගැනීමට මසිත උපන් දැඩි ආශාව මා මැඩ ගත්තේ බලවත් අසීරුවෙනි......එහෙම කියනවට වඩා මෙහෙම සරලව කියන එක හොඳයි නේද?.....මොකද ඔයාල කියන්නෙ?..........හෙමිහිට පිටිපස්සෙං ගිහිං පෝනි ටේල් එක මෑත් කරල ඇගේ ඇත් දල පාට බෙල්ල ඉඹින්ට ඇතිවූ ආසාව මම කොන්ට්රෝල් කරගත්තෙ බොහොම අමාරුවෙන්......

තමන් දිහා කවුරු හරි බලාඉන්නකොට ඒක දැනෙනව කියල කියනව නේද?....මම හිතන්නෙ ඒක ඇත්ත...චුට්ටි එක පාරට ආපහු හැරුණ..මාව දැක්ක ගමන් හිනා උනා එකවර හිරු දහසක් පෑව්ව වගේ.

'' රවි අයිය....දැන්ය නැඟිට්ටෙ? ''

'' මොන පිස්සුද?....මම දැන් පැය බාගෙකටත් වැඩියි නැඟිටල...මම මෙතන ඉඳන් ඔයයි දිහාවෙ බලා හිටිය චුට්ටි.....'' මම එහෙම්මම දොර ගාව ඉඳන් කිව්ව.

'' මොකද අප්පා ඔච්චර බොරු කියන්නෙ?......මම දැන් ටිකකට ඉස්සර වෙලා ගියානෙ බලන්ට...හිහ්, හිහ්, බබා වගේ නිදි ඒ වෙලාවෙ....''

'' හෙහ්, හෙහ් බබා වගේ නේද?....ඇත්ත, ඇත්ත, මම නිදාගත්තම නං බබා වගේ තමයි.....''

'' ආ. ඒ බබා කතා වලින් වැඩක් නෑ..අයියට තේ එකක් හදන්නද?''

'' දැම්ම එපා චුට්ටි.....මම උදේට තේ බොන්නෙ දත් කුස්ටම එහෙම මැදල.....ඉන්න මම මූණ හෝදගෙන එන්නම්.''

මම දත් මැද මැද ගියා වත්තේ කොණේ තිබ්බ ළිඳ ගාවට.

චුට්ටි ආව තුවායකුත් අරගෙන.

'' මේ මට අහන්ටත් බැරිඋනා...කෝ වසන්ත? ''

'' ඔන්න මතක් වෙච්චි වෙලාව ,අපූරු යාළුව...'' චුට්ටි තුවායත් කරේ දාගෙන හිනාඋනා.

'' කොහෙද මිනිහෙකුට හොඳ සිහියෙං ඉන්ට දෙන එකක්ය? ''

ළිඳෙං වතුර බාල්දියක් ඇදල බිම තියල මම මූණ හෝදගන්ට නැවුනා.

'' අනේ අයියෙ, වතුර ගහන්ට එහෙම එපා ඔන්න....'' චුට්ටි අත්දෙකෙන් මූණ වහගත්ත.

අනෙ අම්මප..මේකිගෙ තියන හුරතලේක මහත....මට චුට්ටිව අල්ලල ගිලින්ට තරම් හිතුන.

එපාමත් කියපු එකේ වතුර ටිකක් නොගහ හරි නෑනෙ...මම චුට්ටිගෙ මූණ තෙමෙන්ට වතුර ටිකක් ගැහුවා.

'' හරි හොඳ නෑ අප්ප...එපා කියන එකමයි කරන්නෙ මම තරහයි ඔන්න...'' තුවායත් මා දිහාට වීසිකරල චුට්ටි ගේ දිහාට දුවනව මම බලා හිටියෙ කියා ගන්ට බැරිතරමේ සෙනෙහසක් පපුව පුරා හිරවෙද්දි......

මූණ හෝදං ගිහිල්ල මම කුස්සියෙ තිබ්බ පුටුවෙ වාඩිඋනා තුවායත් කරේ දාගෙන.....

චුට්ටි තේ එක මට දුන්නෙ අහක බලාගෙන.

'' මොකෝ බොල මේ? උඹ තරහද මා එක්ක... ?''

'' ෂිහ්, කතාකරන විදිහ....බොල, උඹ,..... හරිම නරකයි,''

'' වෙන කොහොමද බොල උඹට කතා කරන්ට කියන්නෙ?.... මෙන්න මෙහාට වර,''

මම තේ එක වමතින් අරන් මේසෙ උඩ තියල අනිත් අතින් චුට්ටිව මා ළඟට ඇදල ගත්ත.

ඒකිත් එහෙම්මම ඇදිල ඇවිත් මගෙ උකුල උඩ ඉන්දවුනා. මම චුට්ටිගෙ කම්මුල් හෙමීට සිපගත්ත.තොල් සිප ගන්න ඉස්සරවෙලා එයාම මගෙ බෙල්ල බදාගෙන මගෙ තොල් එක පාරක් ඉඹල නැඟිට්ට.

'' පොඩි අයිය එයි..... රවි අයියෙ...''

චුට්ටි එතනම බිත්තියට හේත්තු වෙලා කොඳුරල කිව්ව.

*******************************

සමාවෙන්න ඕමනයි යාළුවනේ..මටත් මේ කතාව ඉවරයක් කරන්න හරිම හදිස්සියි..ඒත් වැඩ රාජකාරි එක්ක වැඩේ ටිකක් අමාරුයි. අපෙ ලොක්කට මම ගිහිල්ල කිව්ව මම මෙහෙම කතාවක් ලියනව....දවසක් දෙකක් වැඩ වලින් රිලීස් කරන්නෙයි කියල...අනේ බලන්නකො..මගෙ ඇඟට කඩා පැන්න නෙව උන්දි...උන්දි කිව්වෙ ලොක්ක බබලතෙක්....මම හිතන්නෙ වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව...ඊරිසියාව...අම්මප මේ ගෑණු එක්ක කොහොම ඉහ ගහල ඉන්ටද කියල මට නම් තේරෙන්නෙ නැතුවා.

උන්දැ ඉස්පාංඤ්ඤ බාසාවෙං කිව්වෙ මේං මෙහෙම.....

" Ravi, vete al infierno hijo de puta..."

අනේ මංද මොකක් කිව්වදැයි කියල........මොක උනත් හොඳ දෙයක් නම් වෙන්න බෑ...අපෙ අම්මට කෝල් එකක් දාල බලන්න ඕන මේ ටිකේ කිඹුහුං එහෙම වැඩිපුර ගියාදැයි කියාල......

16 comments:

  1. //" රවි, වෙටෙ අල් ඉන්ෆීර්නො හිජො ඩෙ පුටා..."

    හිහි ...ඉස්පාංඤ්ඤ බාසාවෙං අන්තිමට කිව්වෙ පුතා කියලවද්ද ?

    ReplyDelete
    Replies
    1. නිකම්ම පුතා නෙවෙයි මයෙ හිතේ ........පුතා කියල වෙන්ටැ......

      Delete
  2. මම මේ නවවෙනි කොටස බැලුවා විතරයි..මෙන්න දහයත් දාලා ඒක හොදයි... :))))

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල යන්නෙ?.......,මම මේ මැරීගෙන කතා ලියනව උඹල පව් කියල...එව්ව කියවන්නෙ නෑ...යනව රට පුරා........

      Delete
  3. හප්පේ අරයෝදි අරහෙම කිව්වම රවී අයියට කියනන් තිබුනෙ "vete a la mierda puta" කියල නෙව, එහෙම නැත්නං "que puta mierda sangrienta" කිව්වත් අවුලක් වෙන එකක් නැ. සමහර විට නිවාඩුවක් දෙන්නත් තිබුන. හෙහ් හෙහ්.... !

    ඔය කෙළි පොඩ්ඩ "චූටි" රවී අයියගෙ උරිස්ස ගාවට විතර උස හීන්දෑරි කෙනෙක් නේද ?

    ReplyDelete
    Replies
    1.  "vete a la mierda puta"

      අඩේ මලේ මම උඹ කිව්වට අපෙ අර යෝදිට මේ ටික කිව්ව නෙව..ඒ මහගෙ අමුතු බැල්මක් කාරිය දාල මෙහෙම කියාපි...

      '' lo que mi oh Dios permite tomar la tarde libre ravi mi querido ''

      අනේ මංද බං මම දන්නෙ නෑ ඔව්වා...උඹේ ඔය ඉසපාංඤ්ඤ ගුරාගෙං අහල කියාපංකො මලේ ඒ මක්කදැයි කිව්වෙ කියල තරහ නැතුව.......

      කෙළි පොඩ්ඩිගෙ නම චූටි නෙවෙයි බං...... චුට්ටි...චුට්ටි,

      ඔව් හැබෑට උරෙස්ස තරමට වගෙ තමයි ඒකිගෙ උහ....ඒත් හීන්දෑරි නෑ බං...අගේට අතට පයට අහුවෙන්ට හිටිය උන්දැ...හෙහ්, හෙහ්,

      Delete
    2. විගහට මෙන්න මේක කියහං අයියෙ උන්දැට

      ¿por qué no querida, vamos a omitir este trabajo e ir a alguna parte. Yo estaba esperando tanto tiempo este día para venir. Oh, Dios mío todavía no puedo creer esto, me dicen que no estoy soñando.

      පණක් කටක් තිබුනොත් ආයෙ ඇවිල්ල කියන්නකො උනේ මොකක්ද කියල, හෙහ් හෙහ්


      චැහ්.. මං උන්නෙ නමේ හැටියටෙයි කියලනෙව පෙනුමත්. එහෙනං බලං ගියාම චූටි නෑ ;)

      Delete
  4. හෙනේ හපොයි.ඉක්මනට ලියහන්කො මේක..මෙහෙම ගියොත් බොන්න වෙන සීන් එකක් වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉවරයක් කරන්නම් ඉක්කනට...

      Delete
  5. අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !

    ReplyDelete
  6. '' මොකෝ බොල මේ? උඹ තරහද මා එක්ක... ?''
    මගේ මිනිහා එහෙම මට ඔහොම කතා කලොත් ගහනවා දත් සෙට් එක බඩට යන්න..
    හොද වෙලාවට තාම මිනිහෙක් නැහැ,. අලෙ හැක හක

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මොකද අනේ ඒ?....උඹ කියන්නෙ ආදරේ වැඩි කමට නෙව...ඒක දන්නෙ නැද්ද?

      Delete
  7. puta..." කියන්නෙ නම් [Sinhalen] 'රෝසි' කියන එකත් එක්ක රයිම් වෙන වචනයක් මං හිතන්නෙ, හැබැයි ස්ත්‍රී ලිංගික වචනයක් කියලයි මං හිතා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. You are correct Ob,Puta කියන එක තනිවචනයක් විදිහට ගත්තොත් ස්ත්‍රීලිංග තමයි බොහෝවිට. ඒත් වාක්‍යයක යෙදෙන කොට වෙනස් වෙනව මම හිතන්නෙ...

      Delete
  8. අන්තිම පේලියේදී නම් ඔය වචනවල තේරුම මට ලියන්න තිබ්බ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...