Tuesday, January 24, 2012

89. ආදර....නිල්.....දෑසේ.......11 – You are driving me crazy , Do you know that?


හිතේ නලියන හැඟීම් පාලනය කරගන්ට උත්සාහ කරමින් ගතවුනු විනාඩියකට විතර පස්සෙ මම තේ එක අතට ගනිමින් චුට්ටි දිහා ඔලුව උස්සල බැලුව....පව්...කෙල්ල තාමත් බිම බලාගෙන.......

'' හරි, හරි.... පොඩි අයිය කිව්වම මතක් උනේ...... කෝ හැබෑට වසන්ත?''

'' පොඩි අයිය ගියා එයාගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙ ගෙදර....උදේම එහෙ එන්නෙයි කියල පණිවිඩයක් එවල තිබුණ.ඒ ගමන් පානුත් ගේන්නම් කිව්ව උදේට කන්න......මම මේ සම්බෝලයක් හදන්නයි ලෑස්ති උනේ.....''

'' අයිය තේක බොන්න මම ඇඳුම් මාරුකරගෙන එන්නං....'' රතුවෙච්ච මූණෙ ආයෙම ඔන්න හිනාවක්.........

චුට්ටි කුස්සියෙං ගියාට පස්සෙ මම හෙමීට තේ එක බොන ගමනුත් කල්පනා කලේ මේ කෙල්ල ගැන.....අනේ මට තේරෙන්නෙ නෑ අප්පා....

මම කුස්සියට එනකොට චුට්ටි රතුලූණු වගයක් සුද්ද කරකර ඉඳල තියෙන්නෙ. මම ඒ වැඩේ ඉවරයක් කරන්න පටන් ගත්ත.

'' අනේ අයිය ඔය මොකද කරන්නෙ?....ඉන්න ඉන්න මම ඕක කරන්නං....''

පස්ස හැරිල බලනකොට චුට්ටි ඇවිල්ල නිල්පාට මල් වැටිච්චි ගවුමකුත් ඇඳගෙන.

'' නෑ, නෑ, ඉන්න මම මේක කරන්නම්........''

'' නෑ අයිය මම කරන්නං,....''

'' මේ නොකිව්වයි කියන්න එපා ඔන්න, ළඟට ආවොත් අල්ල ගන්නව,...... පොඩි අයිය නෙවෙයි සක්කරය ආවත් මෙදා අල්ලගත්තොත් නම් අත අරින්නෙ නෑ නෑමයි,''

දබරැඟිල්ලත් උස්සලයි මම තර්ජනය කලේ...

'' අප්පද බොල, මෙයාගෙ ගෑස් බලාපල්ලකො....අපේ ගෙදර ඇවිල්ල අපිටම දාන පාට්.........හා, හා, එහෙනං ඕක කරන්නකො ඔච්චර ආසනං..හිහ්, හිහ්, හිහික්....ඉන්න මම පොල් ගාන්නම්.......''

හිරමණේ හයි කරල තිබ්බෙත් මම ලූණු සුද්ද කර කර හිටපු මේසෙ කොණකමයි....පොල් අඩලෙකුයි මැටි කෝප්පෙකුයි අරගෙන චුට්ටි මේසෙ ළඟට ආවෙ හොරැහිං මා දිහා බල බල,

'' මේ ඔන්න, රවි අයියෙ .....නොකිව්වයි කියන්න නම් එපා..කෝලං කරන්න එහෙම ඔට්ටු නෑ ඔන්න.......'' ඒ ඇස් දෙකේ තිබ්බ හිනාව.........

'' හරි, හරි, හැබැයි මා දිහා බලන්න සම්පූර්ණයෙන් තහනම් හරිද?.....හොරෙං හරි බලල අහු උනොත් දැඩි දඬුවම්...එකඟද ඒ කොන්දේසියට...''

'' හාපෝව් ..වැඩේමයි මෙයා දිහා බලන්න....මම බලන්නෙ නෑ.''

'' හා, හරි අපි බලමුකො....'' මම ලූණු වැඩේ දිහටම කරගෙන ගියා.

චුට්ටි පටංගත්ත පොල් ගෑවිල්ල.....මම විඩින් විඩේ හොරැහිං බැළුව.. මා දිහා බලන්නෙ නම් නෑ. ඒත් කට කොනක අර මට ඉවසන්ට බැරි හිනාව.

මම ආපහු පාඩුවෙ මගෙ වැඩේ කරන්ට පටන් ගත්ත.චුට්ටියි මායි එක මේසෙ දෙපැත්තෙ...මම ලූණු සුද්ද කරනව..එයා පොල් ගානව.....පොල් ගාන සද්දෙන් විතරක් නිහඬ තාවය බිඳිල යන අතරෙ..... මගෙ හිත....මටත් නොදැනිම.........තව අවුරුදු පහකින්, ඔව් තව අවුරුදු පහකින් කියමු...මගෙ ජීවිතේ කොයි වගෙ වෙයිද?....තව හරියටම අවුරුදු පහකින් මේ වගේම උදෑසනක් ගැන හිතමු. එතකොටත් මම ලූණු සුද්ද කරමින් ඉඳිද්දි, මා ළඟ චුට්ටි ඉඳියිද පොල් ගාමින්.....මම එහෙම සිතුවමක්...... තව අවුරුදු පහක් අනාගතයෙ සිතුවමක්..... මගෙ හිතේ ඇඳ ගන්න වෑයම් කලා.

When visualizing your life in five years , in ten years or for that matter in twenty years time can you see her in the picture, beside you?....is she part of your life configuration? She should be if she is the one for you , your partner for life, your soul mate,

කල්පනාව පිටම මම චුට්ටි දිහා හැරිල බැලුව...මෙන්න මේ කෙල්ල........පොල් ගාන එකත් නවත්තල මා දිහා ඇහිපිය නොහෙල බලා ඉන්නව.

'' ආ...හරි කොන්දේසිය කඩ කලා...දැන්නම් සමාවක් නෑ....ඔහොම ඉන්නව...'' මම චුට්ටිව අල්ලගන්ට හැදුව.

කෙල්ල පොල් බෑයත් එහෙම්මම දාල දොර පැත්තට දිව්ව හිනා නවත්තා ගන්ට බැරුව.

'' ඒක ඔට්ටු නෑ...ඒක ඔට්ටු නෑ...ඔයා වැඩෙත් නවත්තල බර කල්පනාවක හිටිය නිසයි මම බැලුවෙ..අනේ ඒක ඔට්ටු නෑ......''

'' එව්ව කොහෙද මා එක්ක...කොන්දේසිය නම් කොන්දේසිය...කඩ කලානම් දඬුවමකුත් විඳින්ටම ඕන.''

දොර ලඟදි මම ඒකිව අල්ල ගත්ත. ඇත්තටම නම් චුට්ටි දිව්වෙත් නෑ....දොර ගාවට වෙලා හිනාවෙවී හිටිය මිසක....

මම ඉස්සෙල්ල වගෙ නලල,කම්මුල් සිප ගත්ත..ඒක තමයි මගේ දඬුවම....

'' ඈ බොල චුට්ටියෙ මේ වගෙ දඬුවම් නම් එපා කියයි නේද?.....'' මම චුට්ටිගෙ තොල් සිපගත්ත ....

'' රවි අයියෙ...'' චුට්ටි කෙඳුරුවා.

එතකොටම ඔන්න ඇහුණ වසන්තගෙ බයික් එකේ සද්දෙ

'' පොඩි අයියා......'' චුට්ටි මගෙන් මිදිල ඉස්සරහට ගියා.

මමත් ඒ පස්සෙන්ම ගියා.

වසන්ත ගෙට ගොඩ උනා පාන් මල්ලකුත් අරගෙන

'' ආ, කීයටද බං නැඟිට්ටෙ?'' මම දැක්ක ගමන් ඌට හිනා ගියා

'' මොකද බං හිනා වෙන්නෙ?....හෙහ්, හෙහ්,.... මම දැන් සෑහෙන වෙලා නැඟිටල,''

'' චුට්ටි මේකට තේ එකක් කාරිය දුන්නය? ''

'' දුන්න, දුන්න මොකෝ නැතුව...'' චුට්ටි පාන් මල්ලත් අරගෙන ගෙට යන ගමන් කිව්ව.

'' මචං මේ පොඩි ගමනක් යන්න වෙනව...අජිත් කියන්නෙ මගෙ ඉස්කෝලෙ හොඳම ගජය...ඌ දැන් මේ කිට්ටුව ෆාම් එකක් කරනව...වැඩි දුරක් නෑ....කිලෝ මීටර් හයක් විතර ඇති...මරු තැන ....මම මේ ඌ හම්බ වෙන්න ගියේ....අද එහෙ යං කියල උගෙං බේරෙන්ටම බෑ...මම ඒත් මඟ අරින්නමයි බැළුවෙ...උඹත් ඇවිල්ල ඉන්නවය කියල...කොහෙද...ඒ පාර කියාපි උඹත් එක්ක එන්නෙයි කියල...මොකද කරන්නෙ?....ගිහිල්ල එමු නේද?..''

ඔය තියෙන්නෙ...ඔය තියෙන්නෙ.....ආයෙ මොනවද......කෙලල ඇරල තියෙන්නෙ තාප්පෙටම.....මටමයි වෙන්නෙ..මටමයි වෙන්නෙ....හෙට ආපහු වැඩට යන්නත් වෙන එකේ මම හිතාගෙන හිටියෙ අද කොහොමිං හරි චුට්ටිගෙං මේ අපබ්බ්රංසෙ මොකක්ද කියල සහසුද්දෙම්ම අහල දැනගෙන මොකක් හරි දෙකිං එකක් තීරණයක් ගන්න...ඔන්න ඒකටත් වැඩේ හරි....ඉතිං මොකේදැයි දං වළඳන්නෙ කියල ඇහැව්වළු, ලොකු හාමුදුරුවො.....

27 comments:

  1. තෝව කාවොම කාපිය මෙහෙම කෑලි කඩනවට..

    ReplyDelete
    Replies
    1. මොකද කොරන්නෙ මලේ....මහා පදරංග ජාතකේ වගෙ එක දිගට දාන්නෙ කොහොමෙයි?.....එහෙම උනොත් උඹල ඇඟට ගොඩ වෙයි මෙච්චර එක පාර කියවෙන්නෙ කොහොමෙයි කියල.....මම දන්නව නෙව....

      Delete
  2. කෝ අද මතුසම්බන්දේ නැද්ද?
    අනේ අම්මපා මට එන තරහක මහත :/

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපංකො ඉතිං.....මතු සම්බන්දයි...මඟුල කිය කිය ඒකට පළු යනකල් බැන්න..දැං ඒක නොදාපුවාම අහනව කොයි ඒක කියල.....උඹලව කරගහන කොල්ලො ගැන තමා මට දුක...හෙහ්, හෙහ්,

      Delete
  3. මේකනම් බොලේ දැන් අදින්නේ මෙගා නාට්ටියක් වගේම තමා. තව කොටස් කීයක් ඉවසන්න වෙය්ද අප්පා චුට්ටි ගේ රහස දැනගන්න ... :( - මෙකුවී

    ReplyDelete
    Replies
    1. අනික බොලේ චුට්ටිත් මේ වැඩේ හරියන්නේ නැ කියල දන්නවනම් මෙහෙම කොමල කරන්න හොඳද මන් අහන්නේ? කොල්ලව කරකෝල අත්හැරිය වගේ වෙනෙවනේ අප්පා .. වැඩේ කැතය්.. හැබඊ ඉතින් මේ ටිකනම් sure එකට රවී අය්ය අතින් දාපුව වෙන්න ඇති ..:)

      Delete
    2. හෙහ්, හෙහ්, පොඩ්ඩක් අතින් දැම්ම නම් තමයි....උඹට නිසා කියන්නෙ, කාටවත් කියනව හෙම නෙවේ ඕං..........

      Delete
  4. මට කියන්ට රවී අයිය ලුණු කිලෝ කීයක් සුද්ද කරාද? මට ඒක යි දැනගන්ට ඕනේ හිකිස්!

    ReplyDelete
    Replies
    1. ඔහෙ සුද්ද කරපු ලූණුවක් නෑ බං.....ඒ වැඩේ කරන්ට බැරි උනා නෙව...

      ආ...එව්ව පැත්තක තිබිච්චාවෙ...මොකෝ දැං අර යාරා නදිය අසබඩ වෙන්නෙ?....අර පෝරිසාදයා අමාව උස්සගෙන කොහාටද දිව්ව දිව්වමයි.....එතනිං එහාට නෑ වෙච්චි දෙයක්....එතන වෙච්ච දේ කියන්ට උඹ ලැජ්ජාවෙං නං ඉන්නෙ එහෙම කියල කතාව ඉවර කරල දාපං...අපි නෑ කිසිම තරහක්.....හෙහ්, හෙහ්,

      Delete
  5. අනේ තවත් තියෙනවාද මෙගාම තමා මේකනම්...

    ReplyDelete
    Replies
    1. ඉවසන්න, ඉවසන්න.....තව කොටස් තුනයි...චුට්ටිගේ අබිරහස හෙලිවෙයි...හෙහ්, හෙහ්,

      Delete
  6. මං හිච්චි එකා සන්දියේ කියවපු පොතක තිබ්බා ..

    ඉවසීමේ සීමාවත් පැන්නා..
    වලහා කිඹුලගෙ හොම්බට ඇන්නා..

    කියලා.

    ඔං රවියො මම නොකීවයි කියන්නෙපා.

    ReplyDelete
    Replies
    1. ඉවසීමේ සීමාව පැන්නා
      වලහා කිඹුලගේ හොම්බට ඇන්නා

      අනේ ඇනහංකෝ බලං ඉන්නේ නැතුව වලහෝ...... :D :D :D

      මං තාම මේ කථාව කියවන්න ගත්තේ නැහැ........ කියවන්නේ කොමෙන්ට් විතරයි....... හික් හික්

      Delete
    2. @ සිතුවම්,

      ඔය ඉවසීමේ සීමාව ජුංඩක් එහාට මෙහාට කරමු මලේ තරහ නැතුව...ඇහුනෙයි?

      Delete
    3. @ රන්දිල්,

      හෙහ්, හෙහ්, ඒ තරමට වැඩ ඈ???.....පුදුමයි....මේ ළඟදි ඉඳල වෙන්න ඕන.....

      Delete
    4. වැඩත් නං තමයි. මං ගොඩක් කැමති සෙනසුරාදා ඉරිදා දවසකට බබා නිදි හවසක බැල්කනියේ පුටුවකට වෙලා මේ කථා එක දිගට කියවාගෙන යන්න.

      ඉවසීමේ සීමාව පැන්නා
      වලහා කිඹුලගේ හොම්බට ඇන්නා

      අනේ ඇනහංකෝ බලං ඉන්නේ නැතුව වලහෝ...... :D :D :D කිව්වට ඇනලා බලහංකෝ........ ඇනපු අත තලනවා එහෙනං සේනා සන්නද්ධ හමුදාවක් ගෙනැල්ලා......... :)

      Delete
  7. අපොයි මොක්කද මේ අය්යයි නංගියි අපිට නොකියන රහස බොල..හාට් බීට් එකත් නවත්තගෙන කතාව කියවන්න ගත්තේ අදවත් ඔය හංගන කාරණාවා කියල ඇති කියල හිතං ..කොහෙද අදත් නෑ ඕං

    ReplyDelete
    Replies
    1. ඔහෙ ඇති රහසක් නෑ අප්පා.........මේක මේ චුට්ටිට කියාගන්න බැරුවනෙ ඉන්නෙ...එච්චරයි.......

      Delete
  8. කොටියම කාපිය ! ඇයි දෙයිහාමුදුරුවනේ රබර් උනත් මෙච්චර ඇද්දහැකිද මං අහන්නෙ ? මං උන්නෙ අර කුස්සියෙ සින්ක් එක අස්සෙ ඔබාගෙන දුන්න කිස් එකෙන් පස්සෙ ඒ සෙල්ලම අහවරෙයි කියල, දැං මේ යන විදියට කොහෙන් අහවර වෙයිද දන්නෙ නෑ. අපිට දෙන වදේ හැටියට හොඳවැඩේ වසන්තය ඇදගෙන පල අජිත්ලයි ගොයිපලට, ආයෙ ඇහැක්නං රෑ බතටත් මේකව එහා තියා ගනිපිනං රහස් හොයාගන්න හැටි බලන්න !

    ReplyDelete
    Replies
    1. / මං උන්නෙ අර කුස්සියෙ සින්ක් එක අස්සෙ ඔබාගෙන දුන්න කිස් එකෙන් පස්සෙ ඒ සෙල්ලම අහවරෙයි කියල../

      ෂික් අම්මප....ඒක කිව්ව කැත....නෝන්ඩි කරල කුජීත කරලම දැම්ම අච්චර අනුවේදනීය, පෙරේමණීය, හුර්දයාංගම, අනබිබවනීය,සර්වාබරන විබූසිත මගෙ ජීවිතේ උත්කූරුස්ටම අවස්තාව......අම්මප උඹනං මොන නැකතකිං උපං එකෙක්ද මංද.......

      Delete
  9. Puta කියන්නෙ නම් ' රෝසි' කියන එකත් එක්ක රයිම් වෙන වචනයක් මං හිතන්නෙ, හැබැයි ස්ත්‍රී ලිංගික වචනයක් කියලයි මං හිතා හිටියෙ.

    ReplyDelete
  10. උඩ කොමෙන්ට් එක ඉස්සෙල්ල කොටසට.

    මං නං කැමති මේක අව්රුද්දක් විතර අදිනව නං :-))

    ReplyDelete
    Replies
    1. හාපෝ..ඔබ්ටත් එන්නෙ මහ වසවර්ති අදහස් නෙව......අවුරුද්දක්?.....මගෙ අම්මේ.....

      Delete
  11. එල මචෝ මේකත් බලන්න http://sithama.blogspot.com/

    ReplyDelete
  12. තාප්පෙටම කෙලලා තියෙන්නේ/.. තවත් දවසක් එන්න වෙනවා තාප්පේ හදලද බලන්න

    ReplyDelete
  13. අප්පච්චියේ එක හුස්මට කියවගෙන ගියා අදවත් අර මහාර්ඝ රහස දැනගන්න... හ්ම්ම් අදත් නැහ් ... රහසක් තියෙන බව දැන දැනත් ඔච්චර හංගගෙන ඉන්නෙ කොහොමද ! මං එහෙමනම් සියලු වැඩ නවත්වලා රහස දැනගෙන මිස පසු නොබලමි.....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...