Wednesday, January 25, 2012

90. ආදර....නිල්.....දෑසේ.......12 – To Climb the steps of life holding your hand was my solitary wish....


දැං එක පාරට බෑ කියන්නත් බෑ නෙව..... '' එතකොට වසා...චුට්ටි විතරයි තනියම ගෙදර නේද? ''

'' ඒක නම් එච්චර ප්රශ්නයක් නෑ බං....මේ ගම් වල එහෙම බය වෙන්න දෙයක් නෑ...කෝකටත් මේ ළඟ ඉන්නව චුට්ටිගෙ හොඳම යාලුව...එයාට එන්න කියල පණිවිඩයක් යවමු. ''

පාන් කන ගමන් වසන්ත මේ විස්තරේ කිව්ව....

'' චුට්ටි නංගි...අපි දෙන්න අජිත්ගෙ ෆාම් එකට ගිහිල්ල එන්නම්.....ඔයාට පුළුවන් නේද නදීකට එන්න කියන්න මෙහෙට..... අපි එනකල්,''

චුට්ටි මා දිහා බලල ආයෙම වසන්ත දිහා බැලුව...

'' ඕනෙමත් නම් නෑ අයියෙ..ඒත් කමක් නෑ...... ඉන්න මම නදීකට එන්න කියල පණිවිඩයක් යවන්නම්....රවි අයියෙ තව පාන් කෑල්ලක් කන්න '' මට පාන් දීසිය දික්කරන ගමන් කිව්වෙ.

පාන් කාල සම්බෝලෙත් එක්ක, ඒ කට දන පිටම උණු පෙලේන්ටියක් ගැහුවම අප්පා දිවිය ලෝකෙ ගියා වගේ..........

වසන්තයි මායි යන්න සූදානං වෙනකොට ඔන්න චුට්ටිගෙ යාළුව ආව....නදීකා...ඒ අම්මණ්ඩි චුට්ටිට එහා......පාරෙ ඉඳම්ම කෑගහගෙන ආවෙ....වසන්ත බයික් එකට නැඟල ස්ටාට් කරන අතරෙ මම ආපහු හැරිල දොරකඩ ඉන්න චුට්ටි දිහා බලල යන්නම් කියල ඔළුවෙන් කිව්ව.නදීක චුට්ටිගෙ කනට කරල මොනව හරි කියල ගේ දෙකක් වෙන්ට හිනා උනා.මොකක් හරි කට කැඩිච්චි කතාවක් ....ආයෙ ඒකෙ නෑ හෝදන්ට දෙයක්...මම දැක්ක චුට්ටි නදීකගෙ පිටට දෙනව හොඳ පාරක්....ඒ කරල දෙන්නම ගෙට දිව්ව හිනා වෙවී....

වසන්තගෙ යාළුවත් නියම කොල්ල. හේ, හේ, මම වගේම තමයි ඔන්න කොටින්ම....උගෙ ෆාම් එක ටිකක් මහා පරිමාණෙ වැඩක්....කුඹුරු ඇරුනු කොට වැඩි පුරම තිබ්බෙ බඩ ඉරිඟු.....හරක් කුකුළොත් ඔය හිටියෙ.....වී මෝලකුත් තිබ්බ....තම්බාපු වී වේලන්ට හදල තිබුන සිමෙන්ති දාල මහ විසාල කමතක්...අපි ඔය කමතෙ ක්රිකට් ගැහුව.අජිතයගෙ තව අහල පහල යාලුවො හත් අට දෙනෙක් ඇවිල්ල හිටිය. මම සෙල්ලං කලාට හිත තිබ්බෙ වෙන කොහෙවත්ය කියල ආය කියන්ට ඕනය නේද?.....මට මතක විදිහට දහයකට එහා පැත්තෙ ගහ ගන්ට බැරි උනා.හෙහ්, ඒකටත් එක්ක වසා. හනුම දර පලන්නැහෙ නෙළුව හතර අතටම. අසූවකට එහා පැත්තෙ ගැහුව එදා.ඌට මොකෝ?....බැරියැ ගහන්ට.....හෙහ්, හෙහ්,

සෙල්ලං කරල ඉවර වෙලා ඒ ළඟම තියෙන ඇළ පාරෙන් අපි මූණ කට හෝද ගත්ත...නාන්ට තරම් නම් වතුර මදි ඒකෙ...ඒ කරල අජිතය ගල් බෝතල් දෙකක් ගෙනල්ල තිබ්බ...ඒ දෙක හෙමිහිට ගැහුව..... මයියොකු තමයි ඔන්න බයිට් එක....බිව්වට මට නම් නෑ කිසිම ආසාවක් ....හෙට ආපහු යන්ට කලින් මේ කෙල්ලගෙං විස්තරේ අහ ගන්නෙ කොහොමද කියල තමයි හිතේ විචිකිච්චාව.....ඉර හැරුනට පස්සෙ බත් ඩිංගකුත් කාල අජිත් සහ අනික් යාළුවංගෙං සමු අරගෙන අපි දෙන්න එන්ට ආව.....

ගෙදර එනකොට හවස හතරත් පහුවෙලා.....අනේ මන්ද..හෙට උදේම යන්ටත් ඕන....හරි අද චුට්ටිගෙන් විස්තරේ අහගන්ට බැරි උනොත් මෙහෙම කරනව...හෙට යන ගමන් වසන්තගෙන් විස්තරේ අහ ගන්නව....මොකක්ද ප්රශ්නෙ කියල හරියටම දැනගෙන තීරණයක් ගන්නව වසන්තට මේ ගැන කියනවද නැද්ද කියල...මම අන්තිමට ඔන්න ඔහොම හිතල හිත එකලාසයක් කර ගත්ත.

ඇවිත් වසන්තයි මායි ළිඳෙන් නා ගත්ත.සාලෙ ඉඳගෙන අපි තුන්දෙනා තේ බිව්ව.

'' රවී උඹ හෙට යන්නම ඕන නේද? අම්මල එයි මචං දෙක වාගෙ වෙනකොට..මමත් හවස් වෙලා යනව වැඩට. ''

'' ඔව් වසා, යන්නම ඕන. වැඩ ගොඩ ගැහිල...'' මම චුට්ටිගෙ මූණ බැලුව...කෙල්ල බිම බලාගෙන තේ එක බොන ගමන් ඔලුව උස්සල මා දිහා බලල ආයෙම බිම බලාගත්ත.

'' මේ මචං හෙට පෝය නේද?.....හෙට උඹත් නෑ මාත් නෑ...චුට්ටි මොකෝ කියන්නෙ?....යමුද ගලේ පන්සලට......රවී යමං මචං මාර ලස්සන තැන.....''

මම චුට්ටිගෙ මූණ බැලුව ඔලුව උස්සල මා දිහා බලල අර අහිංසකම විදිහට හිනා වෙලා වසන්තට මෙහෙම කිව්ව.

'' යමු පොඩි අයියෙ...මම පිච්ච මල් ටිකක් කඩා ගන්නම්.......''

ගලේ විහාරෙ ඇත්තටම හරිම ලස්සනයි.ගල් පඩි නගින්ට තියෙනව මයෙ හිතේ හාරසීයකට එහා පැත්තෙ.......පඩි පෙල දෙපැත්තෙම සුදු අරළිය ගස්.මට එක විඩේම මතක් උනේ මිහින්තලේ.....පඩි පෙලේ අරලිය මල් වැටිල තිබ්බෙ හරියට සුදු පාවඩයක් එලල වගෙ. පෝය හෙට උනාට සෙනඟ කවුරුවත්ම නැති ගානයි....හඳ එළිය මුලු පඩිපෙල පුරාම දෝරෙ ගලල තිබුනෙ කිරි වත්කලා වගෙ....වසන්ත පඩි දෙකක් තුනක් ඉස්සරවෙලා ගියා. චුට්ටියි මායි ඒ පස්සෙන්...චුට්ටි ඇඳල හිටියෙ සුදු කමිසෙකුයි දුඹුරු පාට වගෙ ස්කර්ට් එහෙකුයි. ලා පාට මොනවත් මම ගෙනල්ල තිබ්බෙ නැති නිසා මම වසන්තගෙ ලා නිල් පාට ටී ෂර්ට් එකක් ඉල්ලගත්ත.

චුට්ටිගෙ අතේ පිච්ච මල් වට්ටිය. මම එයාගෙ ඇස් දිහා බලන බලන වාරයක් ගානෙ එයා අර පිච්ච මල් වට්ටිය පරාද වෙන තරමට අහිංසක විදිහට මා එක්ක හිනා උනා.මගෙ පපුව හිරවෙනව වගෙ දැනුන ඒ හිනාවට.

'' ඔහොම හිනා වන්න එපා, දෙයියනේ මට වාවන්නෙ නෑ.....'' මම පහත් වෙලා එයාගෙ කණට කෙඳුරුවා.චුට්ටි මල් වට්ටිය දකුණතට අරගෙන වමතින් මගෙ අත අල්ල ගත්ත. ඒ කරල ආයෙම මා දිහා බලල හිනා උනා...ඒ විදිහටම....

චුට්ටි කොටයි....ඒ නිසා අපි දෙන්නට වසන්තගෙ වේගෙන් පඩි නගින්ට බෑ...අපි පහු උනා.මම පිච්ච මල් වට්ටිය ඉල්ල ගත්ත.වෙන කවුරුත්ම අහල පහලක නෑ..ඈත හතර පස් දෙනෙක් පඩි නඟිනව පේනව හඳ එළියට යාන්තමට..වසන්ත පඩි පනහකට විතර ඉස්සර වෙලා මඟ නැවතිල අපි දෙන්න දිහා බලා ඉන්නව ආපහු හැරිල...මම අතින් කිව්ව වසන්තට යන්න කියල. වසන්ත හැරිල ආපහු පඩි නඟින්න පටන් ගත්ත.

චුට්ටි මගෙ අතේ එල්ලුණෙ කල්ප කාලාන්තරයක් මේ වගෙ අවස්තාවක් එනකල් බලා හිටිය වගෙ.

'' චුට්ටි, අපි ටිකක් මේ අරලිය ගහක් යට ඉඳගෙන ඉඳල යමුද? ''

'' උඩටම යමු අයියෙ....විහාර මළුවෙ ඕන තරම් තියනව නිස්කලංක තැන්..අනික අද සෙනඟත් එච්චරම නෑනෙ.''

'' ඔයාට මහන්සිනම් මම ඔයාව වඩාගෙන යන්නද? '' මම එයා දිහාට නැවිල ඇහුව,

'' හා......'' චුට්ටිගෙ කටත් බාගෙට ඇරුන. '' ඔට්ටුයි බැරුවට....''

'' හෙහ්, එහෙමයි හිතන්නෙ නේද?....මට බෑ කියල....ඉන්නකො එහෙනං.....''

'' ඒයි පිස්සුද?....අර පල්ලෙහා කවුද කට්ටියකුත් එනව......'' චුට්ටි කෝකටත් ටිකක් ඈතට උනා.

'' හෙහ්, චණ්ඩිය වගෙ එහෙනං හාය කිව්වෙ?...''

අපි නිහඬවම පඩි නැග්ග.අරලිය මල් යටි පහු වෙන්ට නොදී පරිස්සමට.

වෙහෙර දැන් පේන මානෙට ඇවිල්ල. ආයෙම චුට්ටි එක්ක හුදකලා වෙන්ට මේ වගෙ අවස්තාවක් ලැබෙයි කියල හිතන්ට අමාරුයි.

මම දිග සුසුමක් හෙලුව පපුවෙ පිරිල තිබ්බ ඔක්කොම එළියට යන තරමෙ. චුට්ටි එක පාරටම ඔලුව හරවල මයෙ දිහා බැලුව.

'' ඇයි අයියෙ? ''

'' නංගි මම මේ කියන දේ හොඳට අහගන්ට...හෙට උදේ මම යනව ආපහු....ආයෙම මට මේ වගෙ කියන්ට අවස්තාවක් එන්නෙ නැතිවෙයි කියල මට මගෙ හිත කියනව.ඊයෙයි අදයි මගෙ ජීවිතේ අමතක නොවන දවස් දෙකක්....මම මැරෙන තුරාවට මේ දවස් දෙක මගෙ හිතේ තියෙයි...''

තව දවස් දෙකයි...හොඳද?.......චුට්ටිගෙ කණට එකක් දීල හරි කතාව අහගෙන මම ඔයාලට කියන්නම්....දෙයියම්පා.........

20 comments:

  1. හා, ඔය යන්නෙ පන්සල්. හරි ලස්සනයි රවි අයියෙ. ඇත්තමයි කතාව තව දවස් දෙකයි කිව්වහම දුකත් හිතුණා.

    /*චුට්ටිගෙ කණට එකක් දීල හරි කතාව අහගෙන මම ඔයාලට කියන්නම්....*/

    අනේ එහෙම කරන්න එපා ඉතින්, පව්නේ...

    /*පඩි පෙල දෙපැත්තෙම සුදු අරළිය ගස්.මට එක විඩේම මතක් උනේ මිහින්තලේ.....පඩි පෙලේ අරලිය මල් වැටිල තිබ්බෙ හරියට සුදු පාවඩයක් එලල වගෙ.*/

    අරලිය.... මම ආසම මල.......

    ReplyDelete
    Replies
    1. පන්සල් යන වැඩේට ඔයාට තමයි ස්තූති කරන්න ඕන නංගි....

      හෙහ්, හෙහ්, දැං දුක වගෙත් හිතෙනවය?......මොනව කොරන්නද...දුක තමයි සිත්තමී........

      Delete
  2. චුට්ටිගෙ කෙසේ වෙතත් ඔහොම ගියොත් ඔයාට නම් හම්බවෙයි කණට එකක්....

    ReplyDelete
    Replies
    1. මම කරන්නෙත් එහෙම වැඩම තමයි...ජීව්,

      Delete
  3. දැනටම දත් වලින් කාලක් විතර ගෙවිල දත් මිටි කාලම.

    අනේ අම්මපා මට එන කේන්තියක්...එන්න එන්නම ලියන ප්‍රමානෙ අඩුවෙනවා..

    ReplyDelete
    Replies
    1. පිස්සුද සිතුවම්?.....මම හැමදාම මේ ප්‍රමාණයමයි ලිව්වෙ...අඩු කලේ නම් නෑ......සාමාන්‍යයෙන් අඩුම A 4 පිටුදෙකක් වත්........

      Delete
  4. ඉවසන්න බෑ දෙයියෝ........ අත ඩිංගක් ඉක්මන් කරානං ;)

    උඹට කිසිම උනන්දුවක් නෑ රවී අයියෙ චුට්ටිගෙන් අරක අහන්න, ඇයි ඉතිං මෙතන උකුළු මුකුළු කරන්න තියාගත්තම ඉර නඟිනව බහිනව සිහියක් ඇතිය. දැං ඉතිං ඔය පන්සලෙත් මොකක් හරි බහිරවයෙක් ඉඳල වැඩේ කාල දායි. මං අහෙන්නෙ එදා අර ලිඳ ගාවදි කුණුකෙළ කටින්ම ඕක ඇහැව්වනං අගුණ වෙයිද ඈ.... ?

    ReplyDelete
    Replies
    1. +++++++++=++ :-D

      Delete
    2. @ නවම්,

      පන්සලේ ඔය හිටිය එකෙක් නෑ....ඒ නිසා බය වෙන්න එපා....

       / මං අහෙන්නෙ එදා අර ලිඳ ගාවදි කුණුකෙළ කටින්ම ඕක ඇහැව්වනං අගුණ වෙයිද /

      ඇත්තම කියන්නද මලේ.....දැං මොකක් හරි සිරා කේස් එකක් තියනවයි කියල ඉරහඳ වගෙ පැහැදිලියිනෙ..ඒ නිසා කෙලින්ම අහන්නත් මට බයක් වගෙ හිතුන....

      Delete
    3. @hansakinkini,

      මේ මෙතන චුට්ටිගෙ රහස ගැන විපරං කරන වෙලාවෙ ගිහිල්ල දත් වහල්ල එහෙම මැදගෙන, නාල කියල කාරිය ලෑස්ති වෙයං..තව දවස් කීයද හැබෑටම තියෙන්නෙ....අර කොළු පොඩ්ඩ සත්තරං එකා හින්දම හොඳයි....නැත්නං පෙනේ උඹට.....

      Delete
  5. සෝක් කතාව මං හිතුෙව සෙක්ස්තුත් ඇති කියල සැහ්..

    ReplyDelete
    Replies
    1. අපොයි සෙක්ස් මේ දවස්වල ඔය හැමතැනම තියෙන්නෙ......හෙහ්, හෙහ්,

      Delete
  6. ආඊ නම් කොම්මෙන්ට් දාන්නේ අන්තිම එක කියෝලම තමය් ඉතින් . ආ අය්යේ තාම love scene ටික උපරිමෙන් තියෙන එකේ කොහොමදය් අප්පා කොටස් දෙකෙන් ඉවර කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ආය එකක් ඒ පාර....ඒ ලව් එකෙන් වැඩක් නෑ...තව කෑලි දෙකයි....තීන්දුයි..නිවාරණයි....කැපයි,

      Delete
  7. හේ හේ අයියෝ අන්තිමට රවී ගමට යයි.
    ඕක අහගන්න වෙන එකක් නැහැ. ශි ශි

    ReplyDelete
    Replies
    1. පිස්සුද?....රවී යන්නෙ සීන් එක අහගෙනම තමයි...ඔන්න බලන්නකො ...

      Delete
  8. Replies
    1. නැතෝ.......ඉවර නැතෝ.....බණින නිසා මතු සම්බන්දයි කියල දාන්නෙ නැතෝ.

      Delete
  9. ඇද්දට කමක් නැහැ.කතාව රසයිනේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...