Monday, January 30, 2012

93. හෘදයාංගම සුබපැතුම් සමඟ මගේ සෙනෙහස.............Heartfelt best wishes......My Heart is with you.......


සිංහල වියුණු ලිවීමට පිවිසීමෙන් මා ලද ප්රතිලාභ අතර මුදුන් මල් කඩ වනුයේ හිත හොඳ එසේම හෘදයාංගම වූ සහෘදයින් රැසක් හඳුනා ගැන්මට ලැබුනු මහාර්ඝ අවස්ථාවයි.හෘදයාංගම මිනිසුන් ඉතා සීඝ්රයෙන් මිහිතලයෙන් වඳවී යන සත්ව කොට්ඨාශයක් වූ වර්තමානයෙහි ඒ භාග්යය නම් සුළු කොට තැකිය යුත්තක් නොවේමය.

එවන් එක් හෘදයාංගම සහ එසේම සුන්දර වූ යුවතියක වෙනුවෙනි අද මේ වියුණු සටහන කැප කෙරෙනුයේ.ඇය නමින් ජනනි හංසකිංකිණි වූවාය. අද ඇගේ දිවියෙහි ඉතාම වැදගත්වූද එසේම සොඳුරුතම වූ ද දිනයයි. අද ඈ තම පෙම්බරයාණන් වූ යජිතුන් සමඟ අතිනත ගන්නාහුය.

ඔබ දෙපල වැලඳ සුබ පැතීමට පැමිණිය නොහැකිවීම පිළිබඳ ඔබෙන් සමාව අයදින අතර ජනූ, ඔබ ඒ වෙනුවෙන් මට සමාව දෙන බව හෙට හිරු නැඟෙන්නාසේම ස්ථිර බව ද දන්නෙමි.

එසේනම්.... ජනනි සහ යජිත්...... මා දයාබර සොයුරිය සහ සොයුර......
ඔබට සුබ මංගලම්!!!
දිවි ගමන මං දෙපස දහසක් මල් සුපිපේවා!!!,
සදාතන සෙනෙහසේ සුවඳ ඔබ හදවතේ සදා කල් රැඳේවා!!!
සසර සරනා තුරා බැඳුනු ඔබ සුරත් යලි කිසිදු දිනයෙක නොගිලිහී සදා රැඳේවා!!!

සෙනෙහසේ නවාතැන ඔබේ නෙතු සඟලමය.
හදවිලේ පිපුණු මල ඔබෙ නමින් සුවඳමය.
සදා ඔබ සමඟ එමි පිය නඟා අත නොහැර,
සබඳ මතු සසර අත හරිනු ඔබ සමඟමය.

Setting out today on the journey of life,
With hands held tight and stars in eyes,
Until eternity and even beyond,
Together we would be never to part,


10 comments:

  1. ජනනි සහ යජිත්ට මගේ හද පතුලෙන්ම නැගෙන ආසිරි සුබ පැතුම් ආදරෙත් එක්කම....

    (අනේ ජනූ, අර රවිගේ කතාවේ තිබුනු දේවල් මුකුත් අතහදා බලන්ට එපා. තමන්ගේ නිර්මානාත්මක දේවල් පමනක් අත් හදා බලන්ට. ):D

    ReplyDelete
  2. ආදර ජනූ අක්කේ... යජිත් අයියේ...

    වාසනාවන්ත මතු අනාගතයේ
    පියනගන මල් මාවතේ
    පළමු පියවර
    රන් හුයෙන් බැඳි දෑත් එකිනෙක පටලා
    තබන මේ සොඳුරු දිනය වෙනුවෙන්
    ආදරණීය ඔබ දෙපළ වෙනුවෙන්
    හද පතුලේ පැන නැගුණු
    හෘදයාංගම සුභ පැතුම්
    පිළිගන්න මේ මල් දෝත සමගින්...

    සිත්තමීගෙන් සහ සිත්තරාගෙන් හද පිරි සුභ පැතුම් සමග හෘදයාංගම ආශිර්වාදය, වාසනාවන්ත යුග දිවියකට...

    ReplyDelete
  3. ජනූටයි යජිත්ටයි සුබ විවාහ දිවියකට සුබ පතනවා

    ReplyDelete
  4. ජනූ + යජිත්


    ඔබ දෙපලට සුභ මංගලම්

    ReplyDelete
  5. මගේ සුභ පැතුමුත් පිලිගන්වන්ට හොඳේ අමතක නොකර . . ..

    ReplyDelete
  6. හුටාස් එහෙමත් එකක්දෑ.. සුබ මංගලම් කිවුවා ඕං එහෙනං ඈ..!!

    ReplyDelete
  7. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  8. සුභ මංගලම් ජනු + යජිත්! ක්‍රිකට් ටීම් එකක්ම හදන්ට ලැබේවා! හි හි

    ReplyDelete
  9. අනේ ! මං එනකොට පෙරහැර ගිහිල්ල බෙටිත් වේළිලා නෙව. චැහ් වස වැ‍රැද්දයි උනේ.

    උඹලා දෙන්නට සුභ පැතුම් ජනූ - යජිත්. වාසනාවන්ත යුග දිවියක් !

    ReplyDelete
  10. අදයි ඕං ඉස්පාසුවක් ලැබුණෙ මේ පැත්තෙ එන්ඩ... බොහොම ස්තූතියි රවී අයියෙ අපි වෙනුවෙන් සුබපැතුවට.... හැමෝටම බොහොම ස්තූතියි... හැකි ඉක්මනින් නැවත මගේ සටහන් තුලින් හමු වෙන්නම්!!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...