Friday, February 17, 2012

102. නිල් දෑසින් සමු ගන්නෙමි.... Haunting Blue eyes ...The Inevitable Farewell



හන්තාන කඳු මතින්,
එබෙන සඳවතිය මත,
දිලෙන තරු එළිය මගෙ,
හිතට ගෙනෙනා හැඟුම් දුක්බරයි,

අතීතේ එක් දිනක
දිලුනු නිල් තරු යුවල,
ආයෙමත් හිත් කොණක,
දැල්වෙන්නෙ කාලෙකට පසු තමයි,

සඳළු තලයේ වැතිර
කණමැදිරි එළි අතර,
සිත මත්ව යනතුරා,
බලා හිඳිනෙමි එකම සැනසුමත් ඒ තමයි,

සසර දිගු මංපෙතේ,
අප දෙපසකට වෙන්වු,
දෙමංසල කාළයේ,
තිමිර පටලෙන් බොඳව ගිය හැඩයි,

හිතේ දැල්වුණු එකල,
ගිනිමැළය නිවී ගිය,
ඉතිරි වූ අළු යටින්,
ගිනි පුළිඟු ආයෙමත් පණ ගසයි,

අයාලේ යන මසිත,
බඳිමි සවි වර පටින්,
සොඳුරු මතකය රැගෙන,
යලි ඔබෙන් සමුගන්න අවසරයි,

56 comments:

  1. කව්ද හප්පේ චුට්ටි කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මමත් දන්නෙ නෑ හරියටම අප්පා,......චුට්ටි කියන්නෙ කවුද කියල හරියටම අඳුනා ගන්න එක ලේසි නෑ......

      Delete
  2. අහිමි පෙම
    රස වැඩිය
    හිමි පෙමට වැඩියෙන්
    හිමිවෙන තුරාවට !!

    ReplyDelete
    Replies
    1. අහිමි පෙම,
      දුන් වේදනාවන්,
      කැලැල් සුව නොවෙනා සදාකල්,
      පිරිමදිමි ඒ සුවය මනකල්,
      නිම නොවේ බව සැරිසරනකල්,

      Delete
  3. හ්ම්.....මොනවා කරන්නද නේද අයියා...

    චුට්ටි සහ අයියා හොදින් ඉන්නවානම් මදෑ...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං ...නඟේ....වෙච්චි දේට එන්න සෙයියරදු කියල අර කවුදොත් කිව්වලුනේ.....

      Delete
  4. මතකය තමා හැම දේකටම

    ReplyDelete
    Replies
    1. ඇත්ත පිණි...මතකය තමයි හොඳට වගේම නරකටත්....

      Delete
  5. අපි හැමෝටම මොහෙම නිල් දෑසේ කතාවක් තියනවා මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. හරි රූ...අපි හැමෝටම....ම්ම්...හැමෝම කොහොම වෙතත් බහුතරයකගෙ මම හිතන්නෙ කතාව අඩු වැඩි වශයෙන් මේකම තමා....ඒක තමයි ඇත්තම ඇත්ත,

      Delete
  6. හිමි නොවනා බව දැනුනත්
    වෙන් වීමක් නොමැති ...
    සතුටු සිහිනෙකි ආදරේ..

    ReplyDelete
    Replies
    1. Love doesn't mean you have to possess, It only means you love....even when you dont have any hope of possessing, ever...

      Delete
  7. හිරු කිරණ විහිදී එකළු වන
    සඳවතිය හිනැහී දිලෙන සඳ
    අහස් ගඟුලෙන් සහස් ගව් දුර
    හිඳන් දිලෙනා - නීල තරු යුග

    අමාවක රෑ පාළු සිත් කොණ
    අගුළු ලෑ දොර කවුළු විවරව
    රහසේම සිත් මඬල කැලැඹුව
    නිවී දිලෙනා - නීල තරු යුග

    මහා සක්වළ බොහෝ දුර හිඳ
    පොපියනා නෙතු විලස දිලෙමින
    සොඳුරු හිරු සඳු කිරුළු ලත් ලොව
    දෙස බලා හිනැහෙනා - නීල තරු යුග

    ReplyDelete
    Replies
    1. Blue eyes that sparkling so,
      Akin to a bolt from blue,
      Made may heart spluttring though,
      Sweet memoirs bursting thro'

      Thanks Siththami...once again...........you were the best....

      Delete
  8. ඇති යාන්තන්....... ;) ;)

    ReplyDelete
    Replies
    1. හහ්. ඇති යාන්තං නේද?....වරෙංකො ආයෙ චවි අයියේ අඥේ, අයියේ...ලඤ්ඤඤයි අයියේ...චව ලියඤ්ඤ අයීයේ කියාගෙන... කං දෙකේ ඇඟිලි ගහගන්ට කතා කොරන්නෙ....අනෙ අම්මප...මොනවදෑ එහෙනං.....

      Delete
    2. අනේ ඉතින් එහෙම කරන්ඩ එපා අය්යේ, තාම ඔයාගේ ලව් ස්ටෝරීස් 4ඉනෙ ලිව්වේ, (සඳා අක්ක ගැන, රමණි, අර ටැමිල් ගර්ල් සහ චුට්ටි මට මතක විදියට) තව නැතය් ඉතින් බර ගානක්.. ලියමු ඉතින් එව්වත් මෙගා කරලා.. :D :D

      Delete
  9. නිල් දෑස නිල් දෑස
    මේ දෑස අද්දරට
    නො එන් යළි කිසි දිනෙක
    හද කොනිති පාරවා .........

    ඒ එදා තරු දෑස
    මෙසිත සුවපත් කළද
    අද නො එන් මේ සිතට
    විඩාවකි සිතීමද ...........

    නිල් දෑස අහිමි විය
    දුඹුරු නෙත් ගෙනෙයි සුව
    ඉරණමම මිසක නොව
    ඒ වේය සොදුරු ඉම .........

    ReplyDelete
    Replies
    1. අතීතයෙ එක් දිනක,
      ඔබ ද මා එකම කවියක,
      කිසිදින ලියා නිමකල නොහැකි වූ කවියක,
      පේළි දෙකක් පමණක්ම වී සොඳුරිය,

      අද ඔබ පේළියකි වෙනත් කවියක,
      මා ද පේළියකි තවත් කවියක,
      නිමා කල නොහුනු අපේ ඒ සොඳුරු කවිය,
      සිහිනයක් පමණකිය සොඳුරිය,

      Delete
  10. නිල් පාට ඇස් දෙකකට වහ වැටිලා කාලයක් මමත් පිස්සුවක් නටාපු හැටි සිහිපත් කවරන්න රවි අයියගේ කයියට හැකි වුණා .

    ලස්සනයි බං

    ReplyDelete
    Replies
    1. හැබෑටම....බොටත් එහෙම කේස් එකක් උනාය....සන්තෝසයි මලයා..අප්‍රමාණ සන්තෝසයි.....

      ස්තූතියි සඳරු.....

      Delete
  11. සති ගනනක් ගෙදර නැතිව ඉඳලා ආවාමත්, තාම කතා කරන්නේ චුට්ටි ගැනනේ. මම හිතුවා අලුත් ආදර කතාවක් පටන් ගෙන ඇති කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඒක නෙව, බලන්ටකො වෙච්චි දේ පොඩ්ඩි.....මේ චුට්ටිව අමතක කොරන්ටම බැරි උනා නෙව.....

      ආදර කතා ලියන එක ටික දවසකට නවත්තන්නයි හිතාගෙන ඉන්නෙ.....බෑ නෙව මේ වැඩේ කොරන්ට....හෙහ්, හෙහ්,

      Delete
    2. අපි එහෙම තමා ඔය ගෑනු ළමයි වගේ හයියෝ අම්මෝ කියලා උඩ නොපැන්නට, හිතේ රැඳුනු ගැන කතාකරනවා:D

      Delete
  12. හ්ම්ම් අවසානයද. අයියෝ ඇයි අවසාන උනේ :((

    ReplyDelete
    Replies
    1. මොකක්?.....ඇයි අවසාන උනේ ඇහුව.....නැතුව ඉතිං මහා පදරංග ජාතකේ වගේ මේක දිහටම ඇදගෙන යන්ටද උඹ මට කියන්නෙ බොලාගෙන් පළු යන්ට බැණුං අහ අහ........

      වැඩියත්ම ඉවරයක් කොරන්ට හේතු උනේ නං අපෙ අම්ම මට තර්ජනේ කොරාපු එක.

      '' මේ පුතේ මම නොකිව්වයි කියන්ට එපා. උඹේ මේ කෙහෙල්මල් කතාව වහාම ඉවරයක් කොරල දාපං, මෙතන මට එක විදිහකට දෙයියනේ කියල ඉන්ට දීල, ඇයි දෙයියෝ සාක්කි කිඹුහුං ඇරලම ඉවරයක් නෑ නෙව..හරි කරුමයක් උනා නෙව මේක....''

      Delete
    2. අනේ ඉතින් අපි බැන්නේ නැහැනේ :(((

      Delete
    3. හරි හරි බං....ඉතිං බැන්නෙ නැත්තං කාරියක් නෑ....මට දැං මේ බැණපු එවුනුයි නොබැණපු එවුනුයි දෙකොට්ටාසෙම ටැපලිල තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      හරි උඹ බැන්නෙ නැත්තං හරි..... මම උඹේ නම බැණපු නැති අයගෙ ලිස්ට් එකට දාගන්නම්..ඉතිං ඉඳිං නාඩා.........:):)

      Delete
  13. මන් හිතා මතාම එක්කහු වෙන්න ඇරලා එක හුස්මට සේරම කියෙව්වා . හරිම සංවේදියි . මටත් හිතෙන්නේ ඔය නිල දෑස ඔබට හිමි වුනානම් ..උදේ හවා දකින්න ලැබුන නම් ඔය අගය නැති වෙයි... අහිමි දේ රසවත් ලුනේ . මෙහෙම අවංකව ලියන්න හැමෝටම බැහැනේ . ඒ අතින් ඔයා ගොඩක් ඉස්සරහින්

    ReplyDelete
    Replies
    1. බින්දි...ඇත්ත තමයි ඔයාගෙ කතාව.....

      කවුද දන්නෙ ඒ ආදර කතාව මල් පල ගැන්වුනානම් මොනව වෙන්ඩ තිබ්බද කියල.......ජීවිතේ වෙන්ට තිබ්බ විදිහට තමයි උනේ...ඔක්කොම වෙන්නෙ හොඳටෙයි කියල හිත සනසා ගන්න එක තමයි හොඳම දේ.....නේද?

      ස්තූතියි බින්දි.....දිගටම කියෙව්වට සහ ප්‍රතිචාරයට....

      Delete
  14. රවී අයියේ ඔයාට රතු ඉන්දීය සම්භවයක් තියේද?

    නෑ මේ කීප විටක්ම රතු ඉන්දියානු අය ඉන්න පින්තුර දැම්ම නිසා ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. කවුදෑ බං දන්නෙ....අපෙ ආතල මුත්තල, කිත්තල කිරිකිත්තල, නත්තල පනත්තල මොන මොන ජාතියෙ එවුන්ද කියල....ඔය අස්සෙ සුද්දො, පරංගි, ලංදේසි, දෙමල, අරාබි, නීග්‍රෝ, විතරක් නෙවෙයි රතු ඉන්දියන් එවුනුත් ඉඳල නැතැයි කියල මොන සැක්කරයටද සහසුද්දෙන් කියන්ට පුලුවනි?.....හෙහ්, හෙහ්, හොඳා නැද්ද ....බොරුද මම කියන්නෙ?

      ඔය රතු ඉන්දියන් කේස් එක ගැන කියන්ට තියෙන්නෙ නම් මෙච්චරයි...රතු ඉන්දියානුවො ගැන මගෙ තියනව බොහොම ලොකු උනන්දුවක් ලැදියාවක්....රතු ඉන්දියානු ජන කතා, චිත්‍රපට වලට මගෙ පුදුම කැමැත්තක් තියෙන්නෙ....

      මේ පින්තූර ටිකත් මට හම්බ උනේ එහෙම පොඩි රිසර්ච් පාරක් දාද්දි. අපූරු රූප ටික නිසා මම මේ කතාවට දැම්ම.....තේරුණෙයි බොට?

      Delete
  15. Replies
    1. එහෙනං , එහෙනං, අසර්, නිල් ඇස් නෙවෙන්නං.....හ්ම් :)

      Delete
  16. දෙවියන්ට ඔප්පුවෙච්චාවේ! රවී අයියගේ Dear John ගැන හොයන්ට ගිය වන්ගියේ දැක්කේ ඕකේ ෆිල්ම් එකේ රඟපාන්නේ Channing Tatum කියල!! දැන් නම් දත මැදගෙන බලන්ට සෙට් වෙන්ටෝනේ !!!

    ReplyDelete
    Replies
    1. උඹටත් අම්මප පොත්ත රතට තියෙන පිරිමි පරාණයක්ය කිව්වොත් ඉතිං ආය උතුර දකුණ මාරු වෙනව නෙව....අනේ ඇත්තට මම මේ හිතාන හිටියෙ ඇහැට කණට පේන ගෑණු පුළුටක්...එහෙමත් නැත්තං චීත්තයක් ගවුං කොටයක් වැලක වනල තියනව දැක්කත් නලියන්ඩ ගන්නෙ මේ අපි විතරක්ය කියල...හෙහ්, හෙහ්,

      බලාගෙන යනකොට අපි තව හොඳයි නෙව :)

      මේ උඹ දන්නවද ඔය Channing Tatum ගෙ රතු ඉන්දියානු සම්භවයක් තියනවය කියල....

      Delete
  17. මමනං මෙහාට අලුත්....ලිපි එක්ලක්ෂ ..ආ..වැරදුනා ..එකසිය ගානමනං කියවන්න බැරිඋනා තවම....

    මටනං ඔය වගේ අද්දැකීම් නැහැනේ....ඒත් ලස්සනට ලියලා තියෙනවා, නිකං මැවිලා පෙනුනා වගේ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි, නිරෝෂන්,

      අපොයි ඔය වගෙ අත්දැකීම් නැති එකම තමයි කාරිය...හෙහ්, හෙහ්,

      ස්තූතියි ඔබටත්....

      Delete
  18. කවි පන්තියක්නෙ. හොඳා හොඳා.

    අර කලින් කොමෙන්ට් එකක කියල තිබ්බ කතාව නං හරියටම ඇත්ත. මට මතක විධියට 8 පන්තියෙදි මම 'කොෆින් ෆ්‍රොම් හොන් කොන් ' කියෙව්වෙ. චේස් ගෙන් මාත් ගියේ හැරල්ඩ් රොබින්ස් ගාවට, ඉස්සෙල්ලම කියෙව්වෙ 'කාපට් බැගර්ස් ' වෙන්න ඕනෙ. ඒ කාලේ අල්ලල ගිය තව කෙනෙක් තමා ඇලිස්ටර් මැක්ලේන්. අර නුවර පැත්තෙ ගෑනු ළමිස්සි නං හිතා හිටියෙ ඇලිස්ටර් මැක්ලේන් ගෑනු පරාණයක් කියල නැත්තන් ' අයාම් යුව ඇලිස්ටෙයා මැක්ලේන්, යු ආ මයි ජේම්ස් හැඩ්ලි චේස් ' කියල කියයිද ?

    දැන් ඉතින් 'උන්දෑ එක්ක පලහිලව්වත් ' කියවන්න එපෑ.

    ReplyDelete
    Replies
    1. චේස්ගෙ මාර පොත් ටිකක් තිබ්බෙ නැද්ද ඔබ්?...ඒ දවස්වල සිත්තර පත්තරේ එහෙම හරියට ගියා චේස්ගෙ පොත් වලින් ඇඳපු කතා....ගොඩක්ම ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න....World in my pocket පොතෙන් කතාවක් ඇඳල තිබ්බ මට ඒකෙ නම නම් මතක නෑ. ජූඩි කියල සිත්තරේ ගිය කතාව චේස් ගෙ No orchids for miss blandish කතාවෙ පරිවර්තනයක්...ජනක රත්නායකත් ඇන්ද තරමක් ඇන්දෙ චේස් ගෙ කතාම තමයි....

      මැක්ලීන්ගෙ මම කැමතිම ...The guns of navaronne,

      / අර නුවර පැත්තෙ ගෑනු ළමිස්සි නං හිතා හිටියෙ ඇලිස්ටර් මැක්ලේන් ගෑනු පරාණයක් කියල නැත්තන් ' අයාම් යුව ඇලිස්ටෙයා මැක්ලේන්, යු ආ මයි ජේම්ස් හැඩ්ලි චේස් ' කියල කියයිද ? /

      කවුරු ගැනද මේ කියන්නෙ ඔබ්?.....මරියසෙල් වෙන්න ඕන මම හිතන විදිහට...හරිද?

      Delete
    2. රවි අයියා, චිත්‍රකතා පත්තර නං මතක් කරන්ට එපා ‍බොලේ.. මතක් වෙන‍කොට වාවන්නෙ නෑ බොලං.. :(

      The guns of navaronne පොතෙන්ද එතකොට ෆිල්ම් එක ගැහැවුවෙ..!!?? ග්‍රෙගරි පෙක්, ඇන්තනි ක්වින් එහෙම හිටියෙ.. මට ඔය පොත කියවන්න ලැබිලා නෑ නෙවැ.. මං මාර ආස ෆිල්ම් එකක් තමා..

      Delete
    3. .@ Burtheno,

      එහෙනම්, එහෙනම්, මලේ...ඇලිස්ටර් මැක්ලීන් ගෙ නවල් එකෙන් තමයි The Guns of Navarone හැදුවෙ,

      War Films වලට මගෙ තියෙන්නෙ පුදුම ආසාවක් අම්මප....හෙහ්, හෙහ්, විශේෂයෙන්ම කුලී හේවායන්ගෙ ( Mercenaries) කතා වලට.

      මේ ෆිල්ම්ස් දෙක උඹ බලල නැද්ද?......තාමත් බලනකොට ආසයි බං.....

      එකක් The Wild Geese..............අනික The Dogs of War................

      The Wild Geese එකේ හිටපු කස්ටිය දන්නවද? Richard Burton, Roger Moore, Hardy Kruger, Richard Harris කොහොමද නිකම් අපේ හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක මතක් වෙනව නේද?

      Fredrick Forsayth ගෙ නවල් එහෙකින් තමයි The Dogs of War ගැහැව්වෙ...The Wild Geese නම් ෆිල්ම් එක ගැහුවට පස්සෙයි පොත ප්‍රකාශයට පත් කලේ...

      Delete
    4. බොලේ Dogs of War මාත් කියවල තියේ නොවැ
      මාත් කැමතියි එයාට. හැබැයි වැඩිපුර කැමති එයාගේ Negotiator පොතට. ඒකෙ සිරා love story එකකුත් යනවනේ. ඒකෙ ෆිල්ම් එක හදනකම් බලන් ඉන්නේ. ඒත් කාටවත් උනන්දුවක් නැහැ නෙව. සික්.

      Delete
    5. ඔව්..වොව්...මරියසෙල් ගුණතිලක තමා...

      Delete
    6. The Dogs of War ෆිල්ම් එක බලලා නෑ, පොත තමා කියෙවුවෙ.. පට්ට ආ.. CAT Shannon..

      Delete
    7. War Films කිවුවහම මතක්වුනේ බොලං, ඒ දවස්සොල පට්ට War Films ටිකක් ආවා නේද..?? The Guns of Navarone ඇරුනම Tora Tora Tora, Malta Story, All Quiet on the Western Front, Escape to Athena වගේ ඒවා..

      Delete
  19. @ Ravi & Bura,
    Fredrick Forsyth අනිත් එක්කෙනා. ඔය කියපු පිචර්, පොත්, ඔක්කොම බලල තියෙනව...හෙහ්..හෙහ්.. තව පිචර් , පොත් සැට් එකක් මතක් වුනා. වෙයා ඊගල්ස් ඩෙයා, ඊගල් හෑස් ලෑන්ඩඩ් හෙම, ඕතගෙ නම දිව අග...

    වොන් රයන්ස් එක්ස්ප්‍රස් මතකද ? එතකොට The Train [not the Great Train Robbery ] හප්පා කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. Where Eagles Dare කියන්නෙ Alister MaClean ගෙ පොතක්, The Eagle has Landed ලිව්වෙ නම් Jack Higgins

      වොන් රයන්ස් එක්ස්ප්‍රස් සහ ද ට්‍රේන් නම් මම බලල නෑ..... :)

      Delete
    2. Von Ryan's Express එකෙත් ෆිල්ම් එක තමා බැලුවෙ.. ඒකත් පට්ට..!!

      Delete
  20. අමතක වෙලා තිබුනෙ ජැක හිගින්ස් ගෙ නම, මට මතක තිබුනෙ පොත් දෙකම එක්කෙනාගෙ කියල. ඊගල් හෑස් ලෑන්ඩඩ් එකේ තව කොටසක් තිබුනද ? මට යාන්තමට මතකයි එහෙම එහෙකුත් කියෙව්ව කියල.

    ReplyDelete
  21. Von Ryan's Express & The Train මාත් බැලුවෙ ඉස්කෝලෙ යන කාලෙ 67-68 වගේ

    ReplyDelete
    Replies
    1. The Eagle Has Landed කතාවෙ ඊළඟ කොටස The Eagle Has Flown, ඒකෙ වෙන්නෙ කලින් කතාවෙ කතා නායකය Kurt Steinerව බේරගෙන යන විදිහ....

      Delete
    2. Book 1 : The Eagle Has Landed
      Book 2 : The Eagle Has Flown

      Book 3 : The Eagle has laid eggs??

      මම යනෝ මැච් බලන්ට. අද නම් නාන්ට වේවි වගේ :(

      Delete
  22. එක හුස්මට කියවා ගෙන ගියා ,අද තමයි ආදර නිල් දැසක් කියවල ඉවර කරේ.හැමදාම පොස්ට් කියවනවා අද තමයි කොමන්ටුවක් කොටන්නේ.හරිම සජිව් කතාවක් ,හැම කතාවක් ම ඒහෙම තමයි .පන පිහිටුවල ලියනවා කියනේ මේකට ද? මේ ශෛලියට මම හරිම කැමතියි.මුල් වතාවට දැක්ම ආදරයක් ඇති වනවා කියල පිලි ගන්න ඒකත් ලොකු දෙයක් දැන් උනා නම් ව්හිළුවක් වේයි.බොහොම ස්තුතියි අපිත් අක මම අත්දැකීම් බෙදාග්නන්නවට !!!!!!!!!!!! --- නයෝමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නයෝමි...:)

      Delete
  23. Impressive web site, Distinguished feedback that I can tackle. Im moving forward and may apply to my current job as a pet sitter, which is very enjoyable, but I need to additional expand. Regards. Lasik Eye Surgery Michigan

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...