Saturday, May 18, 2013

109. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල් සමගින් මහා තොරණ රාජයා......

වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල්............ හුහ්........... (කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නැහැ, හිතේ තියෙන එව්වා තමයි පනින්නේ)

වැරදුනා වැරදුනා..............
 
වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වෝස් ඇනදර් කොන්ට්‍රිබියුටර් ෆෝ දිස් බ්ලොග්............. කෝ බං ඒ උන්දි.............?
 
ඉන්නවා ඉන්නවා යහතින් ඉන්නවා... ඉතිං උන්දි ගියා නෙව “කොටු වැටිච්චි පුංචි සරම ඇඳන් නටන්න මල්ලියෙක්“ ගේන්න...
 
ඉතිං ඔය කාලේ උන්නේ නැහැ වගේ තමයි උන්නේ. ඇත්තට ම එහෙම උන්නා නෙමෙයි ඉන්න සිද්ධ වුනා. ඒ අහු අස්සේ මේ උන්දැ මේ ලියාගෙන ලියාගෙන යන එව්වා දැක්කහම මට (ඒ කිව්වේ මේ අතුරුදන් වෙලා වගේ හිටපු කෙනාට) ලියන්න හිටපු එව්වායි, ලියන්නේ කොහොමද කියන එකයි, ආදී වශයෙන් බ්ලොග් කලාවට අදාල සේරම දේවල් පැටලිලායි මේ ඉන්නේ.

ඉතිං නැවතත් පුරුදු පාරට එන්න හිතාගෙන ලියන්න දෙයක් හිතද්දි බොහොම දේවල් හිතුනා, ඒ සමහර එව්වා ලිව්වා. ඒත් ආරම්භයක් හැටියට පොඩි දෙයක් නමුත් වැදගත් දෙයක් සටහන් කරන්න හිතුනා.

මගේ පෙම්බර සැමියා දර කඩන්න කැලයට ගියා....... (ඔය ඔය ආයෙත් වැරදුනානේ)

ඉතිං මං මේ කියන්න ගියේ මගේ පෙම්බර සැමියා පුංචි කාලේ එයාලාගේ ගෙදර ඉස්සරහ ගෙදර ඉඳලා තියෙනවා එයාට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහල් තවත් පුංචි ළමයි දෙන්නෙක්. (ඔව් ඔව් දැනුත් ඉන්නවා. තාමත් අවුරුදු දෙක තුනක් තමයි වැඩිමහල්, හැබැයි පුංචි ළමයි නෙමෙයි, දැන් එයාලා පුංචි ළමයින්ගේ තාත්තලා) ඉතිං මේ අයියා මලෝ තුන්දෙනා එකතු වෙලා පුංචි පුංචි නිර්මාණ කරලා තියෙනවා. පහු පහු වෙනකොට ඒ නිර්මාණ වැඩි දියුණු වෙලා වඩාත් නිර්මාණාත්මක නිර්මාණ බිහිවෙලා තියෙනවා. වෙසක් මහේ තොරණ හැදිල්ලත් ඒ වගේ එයාලා කරපු දෙයක්.

ඉතිං මගේ පෙම්බර සැමියා හැමදාමත් නත්තලට නත්තල් ගහක් සරසනවා වගේ ම මෙච්චර කල් හැම වෙසක් කාලෙටම වෙසක් කූඩු හැදුවා. මේ පාර එයාට හිතුනා දුවත් දැන් ටිකක් තේරෙන වයසේ නිසා දුවට තොරණක් හදලා දෙන්න. මුලින් හිතුවේ චිත්‍ර ඇඳලා හැකි අයුරින් කරන්නලු. වෙලාවට දුවට පත්තරයක් ගන්න ගියහම රෙඩි මේඩ් තොරණ කොලයක් ම දීලා. ඉතිං එයා ඒක අරං ඇවිත් කාඩ් බෝඩ් එකක එලවලා, අනවශ්‍ය කොටස් කපලා, නත්තල් ගහ සරසන්න ගෙනාපු සීරියල් බල්බ් වැලයි, තව අලුතින් සීරියල් බල්බ් වැලකුයි ගෙනැල්ලා අගේ ඇති තොරණක් හැදුවා. දුවට බොහොම සතුටුයි. මටත් සතුටුයි.
 
,.,

 
,.,

 
,.,

 
,.,

 
,.,

 
ඉතිං මට කියන්න තියෙන්නේ මේ ලිපිය කියවන අපේ හිතවත් තාත්තලාට පුළුවන් නම් ඔයාලාගේ බබාලාටත් මේ වගේ දෙයක් කරලා දෙන්න, එයාලා ඒකෙන් ලබන සතුට බලන්න පුළුවන් වෙයි.
ගොඩක් අය මේ වගේ දේවල් කරනවා ඇති, ඉතිං දන්නවා නේද බබාලාගේ මූණු වල ඇඳෙන සතුටු හිනාවේ තරම................



ප ලි:

කාලය ප්‍රශ්නයක් නම් අපට කියන්න තියෙන්නේ, මේ වැඩේ කරන්න මිනිස් පැය 10ක් වත් වැය වුනේ නැහැ, කොටින් ම කාලයක් ගත වුනේ ම නැහැ. අයි පී ඇල් බල බලනේ කෙරුවේ............ :D


 

36 comments:

  1. පංකාදුම අදහසක් මාත් තොරණක් නං හැදුවේ නැ ඒත් දුවල දෙන්නත් හවුල් කරගෙන කුඩු නං සෙට් එකක්ම හදමින් ඉන්නේ මේ වෙනකොට.. කොළ අලවන්නේ දුවල දෙන්න තමා..දුවලගේ අම්මගෙ වැඩේ තාත්තටයි දුවලටයි බැන බැන තේ හදලා ගෙනත් දෙනඑක.

    ReplyDelete
    Replies
    1. Kochchara hondada................ Gedara hemoma ekatu wela e wage deyak karanakota neda? :)

      Delete
  2. හුරේ.. අපිත් මේ පාර කැරකෙන කූඩුවක් ගහනවා.... ඒත් තාම ගෙදරට එක කූඩුවක් වත් හදන්න බැරි උනා :(

    ReplyDelete
    Replies
    1. Ha ha gihin hadanna gedaratat kuduwak, nettam kauru hari kiyai loketa parakase gedarata ehema nehe kiyala.......:)

      Delete
  3. අම්මට උඩු නයා කිව්වලු...මේ ඉන්නෙ ඇවිල්ල....ඈ බොල...කොහේද මෙච්චර කල් ගොහිල්ල උන්නෙ?..මදැයි මාත් කරගහපු මරාලයක මහත.....අනේ මිස්ට රවී..ඔයත් එන්ට ලියන්ට...අපි දෙන්නම ලියමුය අරකද මේකද කියල මට බැරියෝ කියල මරහඬ තලද්දි බලෙම්ම මල් වට්ටියට අත ගැස්සුවෙ එහෙනම් මේකටයි නේද?.....අනෙ අම්මප උඹල තමයි මිනිස්සු..මිනිස්සු නෙවෙයි ගෑණු නේද?..හෙහ්, හෙහ් අම්මප තුන් කල් බලල හිතල මතල කොහොම හරි මේ අහිංසක මාව මාට්ටු කර ගත්ත නෙවද වියගහට?

    අම්මප බොලායෙ මොලේ තමයි මොලේ...අවුරුදු තුනකට කලිං සැලසුම් කලා නෙවද මට මේම් මෙහෙමයි...දැං අවුරුදු පතා කොහොමත් මාස තුන හතරක් වත් බ්ලොග් එක ලියන්ට වෙන්නෙ නෑනෙ. ඒ නිසා අර ලොක්කව කොහොම හරි කුල්මත් කරල මෝටිවේට් කරල ගන්ට ඕන ඒ කාලෙට ඔය මොන මොනවහරි ලියල පාටකයො රඳවල තියාගන්ට. මට ඉතිං ඔය ඒ නිවාඩු කාල පරිච්ඡේද දෙකක් අතර ඇවිල්ල මොන මොනවහරි ලියල යන්ට බැරුවය...අනෙ අම්මප නෑ කියන්ට නම් එපා...උඹ එහෙම නේද හිතුවෙ?

    අහෝ ලෝක පාලක දෙවියනි.බලා වදාරනු මැන..මේ අදමිටු ස්ත්‍රීන්ගෙ පවිටු කල්පනාවන්..ඔවුහු තම කූට වූ චිත්තයෙන් මනා සේ සැලසුම් කොට අප වන් අහිංසකයින් මුලාවේ දමන්නාහ..අහෝ! අහෝ!! අහෝ!!!

    මෙතන මට උනේ අර ඇනෙක්ස් එකට ආපු මනුස්සයට මුළු ගෙදරම බලාගන්ට උනා වගේ වැඩක්...හෙහ්, හෙහ්...ඒත් අරින්නෙ නෑ බොල තේරුණාද?...හරි දැං කියාපං ආය කවද්ද නිවාඩු යන්නෙ?

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ අර කුඩාරමට ඔලුව දාපු ඔටුවගේ කතාව ,...නැද්ද ..

      Delete
    2. ගෑනුන්ගෙ නුවණ හැඳි මිටේ කිවුවට, මුං මහ කපටි අම්මණ්ඩිලා බං රවි අයියෙ.. බලහං නේ.. :D

      Delete
    3. Ane itin me comment ekata kiyanna dewal mata neh....... :D

      Delete
    4. බින්දි,

      කූඩාරමට ඔලුව දාපු ඔටුවා??..බම්බුව තමයි..අර කූඤ්ඤෙ ගලෝපු වඳුරයි කියාපං..මට උනේ ඌට වෙච්චි එකේ අනික් එක...:)

      Delete
  4. අප්පද බොල... මේ එතකොට අර කලින් එකක කිව්ව මෝරම ගති ඇති ලොක්කි වෙන්ටෑ... :)

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ සාතන්..ඒ මෝරෝම ( මෝරම නෙවෙයි බොල හරි වචනෙ මොරෝම ) ගති සහිත ලොක්කියෙක් ගැන මම කිව්වෙ ඒ අපේ උන්දෑ....මේ ඇවිල්ල මයි පාට්නර් ඉන් බ්ලොගිං....මිසිස් රන්දුනා...හෙහ්, හෙහ්...දැං පැහැදිලිය උදෑසන ඉර එලියසේ?

      Delete
    2. අප්පේ.. වස වැරැද්දක් නොවෑ වුනේ... සමාවෙන්න ඕන :)

      Delete
    3. Ha ha mak karannada? weradi kireema minis gatiyak samawa deemat eyalagema gatiyak....... :D


      Delete
  5. හනී ලස්සනෙ තොරන් රාජයෙක්...මටත් ආස හිතුනා..

    ReplyDelete
  6. මම එ්ත් බැලුවා බ්ලෝග් එක අරුන්දට සින්නෙටම දීලා ගියාවත්දෝ කියලා. ඔයාට කියන්න මෙයා ඔයා නැති පහුණු ටිකේ උන්දැ මේකෙ ලියපු ජාති. මටනම් චී කියලා හිතුනා මෙයා. නෑ මම් මේ ඔයාගෙ හොඳටමයි කිවවෙ, වෙන මොහකටවත් නෙමේ ඔ්න්... :D :D

    ReplyDelete
    Replies
    1. ow ow man dekala tiyenawa oyaata godak cheeee kiyala hitila tibuna kiyala.......... :D

      Delete
  7. මම මේ ලගදි සෙට් වෙච්ච බුල්ට හින්ද රවී ඔබගෙ ලිපි කියෙව්වෙ ලගකදී ඉදල.
    ඒ කියන්නෙ සරොම් අදින මල්ලියෙක් ගෙනාව කියන්නෙ චීත්ත අදින අක්කෙකුත් බොට එකෝමත් කාලෙක ගෙනල්ල කියලද?
    මේ ලිපිය ඔබගේ තුමිය විසින් ලියන ලද්දක්ද?
    වහා පිළිතුරු සැපයීම නොකළහොත් තොපට අත්වන ඉරණම කුමක් දැයි සිතා ගනු මැනව මේ වෙසක් මස...!!!!!

    ReplyDelete
    Replies
    1. නැතෝ..නැතෝ...බරපතල වැරදීමක් සහ වල්ගය පාගා ගැනීමක් කෙන්ජි මහතාණනි,

      මේ ලිපිය ලියූ රන්දිල් වනාහී මාගෙ බ්ලොග් පාර්ට්නර්ය.

      එදවස මගේ ජීවිතයේ වාං පතුල් යුගය ගෙවීගිය ඉක්බිති මම රැකියාව උදෙසා අගනුවර වෙත සැපත් වූයෙමි. එදවස මම සේවය කල සමාගමෙහි ඇයද සේවයේ යෙදී හුන්නීය. අප හඳුනාගත්තේ එහිදීය.එහෙත් ඒ හඳුනාගෙන ද බොහෝ කලකට පසුව ජීවිතයේ නිතොර සිදුවන්නාවූ හුදු අහම්බයක ප්‍රතිපලයක් ලෙස මම එවකට ඇය විසින් ලියමින් සිටි නිදහස් සිතුවිලි වියුණුවට හවුල්කරුවකු ලෙස එකතු වූයෙමි.

      මගේ පසුගිය උපන් දිනය දා ඇය විසින් ලියූ මේ සටහන ඒ පිළිබඳ ඔබට වැඩිදුර විස්තර සපයනු ඇත.

      Delete
    2. අන්න එහෙම ක්ෂණික ප්‍රතිචාර ඕන හරිය,නැත්නම් දෙකක් ලග නමා ගෙන ඉන්න සැටඩේ නයිට් එකේ යටට මොකුත් නැතිව ඔරු ඩාන්ස් තමා දාන්න වෙන්නෙ :)
      පස්සෙ කියවල බලනව මුල ඉදල.Thank's Ravi ය.

      Delete
  8. අගේ ඇති වැඩක්. අපි මෙහෙත් තොරණ් හදපු වෙසක් කූඩු හදපු කාලයක් තිබ්බා, පැටියා පොඩි කාලේ.

    රෙඩි මේඩ් තොරණක් රටෙන් පිට ඉන්න අයටත් ගෙන්වා ගන්න කප්රුක වගේ තැනක් බෙදා හැරියොත් නියමයි.

    ReplyDelete
    Replies
    1. Stuti Aruni akke, e kale Tikiri naga (hari ne kama, amma akka duwa naga :D ) bohoma satutu wenna eti neda?

      Meka akke me lama paththarekin deepu ekak nokile, oya lokuwata penunata Ranu witara usa eti ekak :)

      Delete
  9. අම්මපා මන් මුලින් හිතුවේ මේක රවියාගේ බ්ලොග් එකය . රන්දිල්ට ලියන්න දීලා තියෙනවය් කියල . හැබැයි කිව්වට මොකද ගෙදර නම් හොඳට බලා ගන්නවා . ආයේ බොරු කියන්නේ මොකටද ..
    ලස්සන වැඩක්නේ කරලා තියෙන්නේ . අපිත් වෙසක් කුඩුවක් හදන්න ඉන්නේ මේ පාර . අර චීනා බත් කන කුරු දෙක දන්නවනේ . අන්න එව්වයි රබර් පටියි වලින් තමා හදන්න ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. Pissuda akke, onna katawat kiyanawa ehema nemei masa 6, 7kin blog kulit gewala nehe tama unde..........

      :D

      Cheena kuru walin hadaddi lesi neda?

      Delete
  10. මෙව්ව හොඳ වැඩ. මාත් මෙහෙ උන්න කියල නෑ, අටපට්ටම් ටිකක් අටෝනව. මේ පාර වෙසක් එකයි පැටියගෙ උපන්දිනෙයි දෙකම එක දවසෙ හින්ද සැරට සමරන්න එපාය!

    ReplyDelete
    Replies
    1. Me wage hitana piyawaru labana daruwo wasanawantai Indika ayya, ape kaaleta sapekshawa dan inna tattala godak aya me wage hitana patana aya..........

      Delete
  11. රවියා,

    අර ඉඩමක කාලයක් පදිංචි වෙලා හිටියම භුක්ති විඳීමේ අයිතියට කියලා ඉඩම අයිති කරගන්ට පුළුවන් වගේ, මේ බ්ලොග් එක උඹට තනියම අයිති කරගන්ට බැරිද, රන්දුනාව පන්නලා දාලා.?? :D

    ReplyDelete
    Replies
    1. එහෙම භුක්තිය හිමිවෙන නීතිමය වරප්‍රසාදයට කියන්නෙ බූරො, කාලාවරෝධ දීර්ඝ භුක්ති අයිතිය කියල. ඉඩං කඩං වලට නං මලේ අවුරුදු දහයයි...මයෙ පර්සනල් ලීගල් ඔපිසර් නෝනා මහත්මිය කියන විදිහට ඉස්තිරී පුරුස සම්බන්දතාවලට අවුරුදු පහයි...ඒත් වියුණුවලට එනකොට ඕක මාස හයයිලු. ප්‍රසාද කාලය ( Grace Period ) තව සතියක්.

      මම හිතන්නෙ රන්දිල් තරුණ නෝනා මහත්මිය දන්නව ඔය නීතිමය ප්‍රතිපාදන ටක්කෙටම..ඔන්න බලාපං හරියටම එයා මීට කලිං බ්ලොග් පෝස්ට් එකක් ලියල මාස හයයි සතියක් කල් ඉතුත් වෙන්ට තිබ්බෙ මැයි 21 වෙනිදට. හරියටම මෙන්න මුන්දැ මැයි 18 වෙනිද ලියනව පෝස්ට් එකක් කිසිම වැදගැම්මකට නැති..මේ තොරණක් ගැන...

      මම මේ මයෙ නීති නිලධාරිණිය එක්ක සාකච්ඡා වට කීපයක්ම පැවැත්තුව මේ ලියපු පෝස්ට් එක හුදෙක් ද්වේෂසහගතව චේතනාන්විතව කාලාවරෝධ අයිතිය අහිමි කිරීමේ බලාපොරොත්තුවෙන් ලියාපු එකක්ය යන නීතිමය තර්කය මත ශූන්‍ය සහ බලරහිත ( Null & Void ) කිරීමේ ආඥාවක් ලබාගන්න පුළුවන්ද කියල..

      Delete
    2. Hoh hoh hoh,

      Sinnakareta aiti kara ganna hita inna eti ehenam, ewwa kohida maat ekka......... :D

      Delete
  12. මුලින්ම සුභ පැතුම් අලුත ගෙනා මල්ලි බබාට.. මේ තොරණ නම් හරි ශෝක්..දාන්න ඔනෙ අපෙ මනුස්සයටත් අය්ඩියා එක..අපි කූඩු විතරය් හදන්න හිටියෙ..

    ReplyDelete
    Replies
    1. Eka tamai Mekuwi, kiyala balannako..........

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Sinhala typing wala getaluwak nisa mehema English walin pilituru liyanna unata sama wenna hita miturani

    ReplyDelete
  15. අපිත් ඒත් බැලුවා... රවියා, එක එක දහං ගැට දාලා මේකෙ සින්නකර අයිතිය අරංද කියලා.

    අපි ඉස්සර තොරං හැදුවේ එළිය පෙට්ටි වලින්. කඩෙන් සත් සතිය පින්තූර ටික අරං, ලී කූඩුවක් හදලා ඒ පැත්තක ඔය පින්තූරෙ අලවලා, පිටි පස්සෙන් ඉටි පන්දමක් පත්තු කරනවා. ගඩොල් පේලි දෙක තුනක් තියලා ඒල උඩ අර පෙට්ටි 4 තියනවා, ඉතිරු තුන මැදට වෙන්න ඒ හතර උඩින් තියනවා. ඊට පස්සෙ බුදු පින්තූරෙයි රැස් වලල්ලයි උඩ පේලියේ මැදින් තියනවා... රැස් වලල්ලට ගන්නේ අර මැද ඉඳලා රවුමේ අගට සර්පිලාකාරව යන පාට පාට තීරු තියන රවුම්. ඕකේ මැදට මෝටරයක් ගහලා කැරකෙව්වහම නියමෙට රැස් විහිදෙනවා. මේකෙ තියන හොඳේ තමයි... හවස සෙට් කරලා ඉටි පන්දම් පත්තු කරලා ගිහින් ඉටි පන්දම් ඉවර උනහම ඇවිත් අකුලලා ගේ ඇතුලෙන් තියා ගන්න පුළුවන්. ආයෙත් පහුවදා සෙට් කරනවා, අලුත් ඉටි පන්දම් ගහලා.

    ඔයාල හදලා තියන තොරණේ නම් රැස් නම් මිනිස් පැය 10කින් කරන්න අමාරු ඇති. ඕක සෑහෙන බොන්න ඕනෙ, මේ....... මහන්සි වෙන්න ඕනේ වැඩක් නේ.

    මේ දවස් වල මේ පැත්තෙ නැගලා යන ජාතකේ තමයි වාන් පතුල් ජාතකය.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...