Friday, May 31, 2013

190. ඔබ එදානම් සඳ වගේමැයි !!!

ජීවිත කාලයක් කියන්නෙ කොච්චර දිග කාලයක්ද?...ජීවිත කාලයක් මුලුල්ලෙ අපි කොච්චර නම් පිරිමි කොච්චර නම් ගැහැණු එක්ක ගනුදෙනු කරන්න ඇතිද?....ජීවිතේ කියන්නෙ දිග ගමනක් කියල කවුරු හරි බටහිර දර්ශන වාදියෙක් කියල තිබුණයි කියල මම අහල තිබුණ.මට හරියටම වචන මතක නෑ..ඒත් අදහස මෙන්න මේ වගෙ දෙයක්..අපේ ජීවිතය කියන්නෙ දිග ගමනක්...ඒ යන අතරමඟ නොයෙක් ගැහැණු , පිරිමි හම්බ වෙනව..සමහරු අපි නොසිතන විදිහට අපෙ ජීවිතයට ඇතුල් වෙනව...ඒත් අපි එක්ක රැඳිල ඉන්නෙ කීයෙන් කී දෙනාද? අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක්.. 

එහෙම රැඳිල ඉන්න අයට අමතරව අඩු ගණනෙ කාලයක් ගිහාම, අවුරුදු විසි පහක් තිහක් විතර කියමුකො... අඩු ගානෙ මතක තියෙන්නෙවත් කීයෙන් කීදෙනෙක් ගැනද?...එක අතකට එහෙම මතක නැති වෙල යන එකත් හොඳයි කියලත් මට වෙලාවකට හිතෙනව. ඔය අපෙ ජීවිතේට කාලෙන් කාලෙට කිට්ටුවෙන හදවතට සමීප වෙන, හැමෝම ගැන මතකය හැමදාම නොමැකී තිබුනොත් ඒක මහම බරක් වෙන්න පුළුවන්. ජීවිතේ මහ කළු ගලක් කර උඩ තියාගෙන කන්දක් නගිනව වගෙ කරගන්න ඕන නැහැනෙ. ඒ නිසා එහෙම ඒ සබඳතා අමතක වෙල යන එක හොඳයි..ඒත් හදවත් උයන මතුයෙහි පිය සටහන් තබා යන සොඳුරු මතක සටහන් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැ. සදාකාලයටම ඒ මතක අපි එක්කම තියේවි. 

අපෙ අප්පච්චිගෙ ගම මාතර....අප්පච්චිගෙ අම්ම අපෙ ආතම්ම අසනීපෙන් කියල එක පාරක් අම්ම මට ලියුමක් එවල තිබ්බ. මම එතකොට අර කැළේ මැද වැඩ කරන කාලෙ. අවුරුදු විසිපහකටත් එහා තරම. මාසෙකට වරක් මම ගෙදර ආවෙ දවස් දෙක තුනක නිවාඩුවක් දාල. 

" පුතා..මේ පාර ගෙදර එනකොට සතියක්වත් නිවාඩුවක් දාල එන්න...මාතර ගිහිල්ල ආවොත් හොඳයි..අප්පච්චිටත් ඔය දුර බැහැර යන්ට සනීපයක් නෑ මේ දවස්වල…" අප්පච්චිට ඒ කාලෙ පපුවෙ හතියක් වගෙ ආව විඩින් විඩේ. 

මාතර ගිහිල්ල එහෙම සතියකට පස්සෙ සඳුද දවසක මම ආපහු වැඩට ආවෙ..මෙන්න එනකොට පැමිණීමෙ පොත ක්ලෝස් කරල රතු ඉර ගහල....උදේම නුවරින් ආවත් දවල් 12.30 නැත්නම් 1.00 වගෙ වෙනව කාර්යාලයට එනකොට. සාමාන්‍යයෙන් දුර බැහැර දුෂ්කර සේවයෙ යෙදෙන අපිට සහනයක් හැටියට පැමිණීම අත්සන් කරන පොත ක්ලෝස් කරන්නෙ නෑ..පොත්වල පැමිණීම දැන් වෙනකොට අත්සන් කරනවද කියල නම් මම හරියටම දන්නෙ නෑ..ඒත් අත්සන් කරන අය දන්නව ඇති පොත ක්ලෝස් කරනව කියල කියන්නෙ මොකක්ද කියල උදේ අටට රතු ඉරක් ගහල ඊට යටින් වෙලාව දානව....ඊට පස්සෙ ආපු අයට යටින් පස්සෙ වෙලාවක් තමයි දාන්න වෙන්නෙ. එහෙම දවස් තුනක් මාසෙකට එකතු උනාම වරුවක් නිවාඩු වලින් කැපෙනව. මාසෙකට සැරයක් ගෙදර යන මට ඕක එක දවසක් ඉරට යටින් අත්සන් කලාට කිසිම අවුලක් නෑ. ඒත් කවදාවත් නොවිච්ච වැඩක් නෙව මේක..ඒ දවස්වල අපෙ ඔෆිස් එකේ ලිපිකරුවො කවුරුත් හිටියෙ නෑ. ඒ වැඩත් ඔක්කොම කලේ කා.කා. ස. තැන්පත් ජයතුංග ගොයිය..... 

" ජයතුංග......." මම කෑගැහුව.." කවුද බං අද කවදාවත් නැතුව පොත ක්ලෝස් කලේ?..." 

" සර්...මම පොත ක්ලෝස් කළේ...ලොකු සර් මට කිව වෙලාවට පොත ක්ලෝස් කරන්නයි කියල..." 

ඇහෙන නෑහෙන ගාණට එහෙම කටහඬක් පිටිපස්සෙං ඇහුන. මම කරේ එල්ලං හිටපු ට්‍රැවලිං බෑග් එක එහෙම්ම මේසෙ උඩ තියල ආපහු හැරුන. අපෙ ඔෆිස් එකේ පිටිපස්සෙම පොඩි කාමරයක් තිබ්බ ඔය ෆයිලිං කැබිනට් එහෙම තිබ්බ ඒකෙ. ඒ කාමරේ දොර ගාව හිටගෙන මා දිහා ඇස් විදහගෙන බලාහිටියෙ ලානිල් පාට බ්ලවුස් එකක් සහ තද නිල් පාට ස්කර්ට් එකක් ඇඳගෙන හිටපුකොන්ඩෙ උරහිස තරමට වවල හිටපු ගෑණු ළමයෙක්. ඇය ඒ තරම් සුදු නෑ. ඒත් ඒ දිගටි නහය සහ ලොකු ඇස්. ඒ වෙලාවෙ ඒ ඇස් බයෙන් වගෙ මා දිහා බලාගෙන හිටපු විදිහ මට තාම මතකයි මේ ඊයෙ වෙච්චි දෙයක් වගෙ. 

" ආ..නෑ..නෑ...මම මේ……." 

මට එක පාරටම මොකවත් කියාගන්ට බැරිඋනා...ඇහිපිය නොහෙලා ඒ ලොකු ඇස් දිහාවෙ එහෙම්මම බලාගෙන හිටපු මට එක පාරට ම තේරුණා එහෙම කන්ට වගෙ බලා ඉන්න එක හරි නැහැ කියල ඊටත් මේ දෙයියනේ කියල අදම දැක්ක කෙල්ලෙක් දිහාවෙ… 

" සොරි මම යන්නම්……"එහෙම කියල මම බෑග් එකත් උරෙස්සෙ දාගෙන ඔෆිස් එකෙං එළියට ආව. 

ඇඟ පත හෝදගෙන කාල මම එහෙම්මම ඇඳේ ඇලවුනා ඒ දවස්වල නුවර තිබ්බ කේ.වී.ජී ද සිල්වා එකෙන් ගෙනාපු පොතකුත් අරගෙන. දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල... 

" ඒයි උඹ මොකද අර කෙල්ලට පාට් එකක් දැම්මයි කියන්නෙ අද? ..." 

විමලෙගෙ කෑගැහිල්ලට මට ඇහැරුනෙ...එක පාරට කොහෙද ඉන්නෙ කියල හිතාගන්ට බැරුව අන්ද මන්ද වෙලා මම ඇඳේ ඉඳගත්තෙ බිම වැටිල තිබ්බ පොත අතට ගන්න ගමන්..විමලෙ උළුවස්සට අතදෙක තියාගෙන කාමරේට නැවිල මා දිහා බලා හිටියෙ හිනා වීගෙන. 

" මොන කෙල්ලද බං? " 

ඒ කියන්නෙ කවුරු ගැනද කියල ඉත්තේරුවෙන්ම දැනගෙනත් මම ඔහෙ ඕනවට එපාවට වගෙ ඇහුව… 

" වසන්ති බං...ගිය සුමානෙ ආපු අලුත් ක්ලාක්....හොඳ අපූරු කෙල්ල බං.." 

" හ්ම්ම්..ඉතිං මට මොකද කියන්නෙ?...." 

" උඹට මොකවත් කියන්නෙ නෑ මම......." විමලෙ කාමරේට ඇවිල්ල එහා ඇඳේ ඉඳ ගත්ත...... 

" ඒ කෙල්ල හොඳටම බය වෙලා..උඹ කෑගැහුවයි කියල පොත ක්ලෝස් කරපු එකට.." 

" මම දන්නවද බං වසන්තියෙක් ගැන..මම හිතුවෙ අර ජයතුංගය පොත ක්ලෝස් කරලයි කියල...වෙනද කවදාවත් නොකරන දෙයක් හින්දයි මම ඇහුවෙ.." 

" මේ ලොක්කගෙ වැඩ දන්නෙ නැද්ද?...මුලින්ම කවුරුහරි වැඩට ආහම වැඩ කෝටියයිනෙ හරියට වැඩ කරන්ට කියල උපදෙස් දෙනවනෙ..එවුනුත් ඉතිං බයටම හරියටම වැඩේ කරනව…" 

" මොකද එයා කිව්වෙ?..." 

මම ඇහුවෙ නැඟිටල පුටු ඇන්ද උඩ දාල තිබ්බ තුවාය කරේ දා ගන්න ගමං… 

" මගෙං ඇහුව උඹ ගැන විස්තර....මම ඉතිං කිව්ව...වසන්ති ගිණිගත්හේනෙ..නුවර ඉඳල වැඩි දුරකුත් නෑ...." 

" මේ උඹ එන්ට එපා මට නුවර ඉඳල ගිණිගත්හේනට තියන දුර කියල දෙන්ට…" 

මම කාමරෙං එළියට එන ගමං ආපහු හැරිල කියාගෙන ආව… 

" හෙහ්, හෙහ්, හෙහ්….." 

විමලෙය හිනාවෙන සද්දෙ මට කුස්සියෙං පිටිපස්සෙ තිබ්බ ටැංකිය ගාවට යනකල්ම ඇහුණ. 

වසන්ති පහුවදා උදේ මට ඔෆිස් එකේදි හම්බ උනා. කෙල්ල මා දිහා බලල හිනාවෙල බිම බලාගත්ත.. 

" මේ මොකද අර විමලෙයට බොරු කිව්වෙ?...මම ඔහෙගෙ ඇඟට ගොඩ උනයි කියල….." 

මම එයයිගෙ මේසෙට අත්දෙක තියල බර වෙලා කෙලින්ම මූණ දිහාබලාගෙන ඇහුව..ටිකක් විතර සැරට… 

" අනේ නෑ මිස්ට වීරසිංග මම එහෙම මොකවත් කිව්වෙ නෑ……" 

වසන්ති ඔලුව උස්සල මා දිහා බලල ආයෙම බිම බලාගත්ත. 

" හ්ම්ම්ම්..එහෙම නං කමක් නෑ...." මම තොල් හපාගෙන ආපහු හැරිල ආව.. 

වසන්ති මා ගැන උනන්දුවක් තියන බව මට වැඩිකල් නොගොහින්ම තේරුණා...ඒත් ඒ දවස්වල මම කාලෙක ඉඳල තිබ්බ දීර්ඝ පෙම් පලහිලව්වක පැටලිලා හිටියෙ..ඒ වෙනකොට ඒ කුළුඳුල් ප්‍රේම පුරාණයෙ අවසාන භාගයට ක්‍රමයෙන් ළඟා වෙමින් හිටියෙ. ඒ නිසා වසන්තිගෙ මා කෙරෙහි තිබ්බ උනන්දුවට නිසි පරිදි ප්‍රතිචාර දක්වන්න හැකියාවක්වත් ඒ ගැන පෙළඹවීමක්වත් මගෙ තිබුණෙ නෑ.. 

" මේ යකෝ පිස්සු කෙලින්න එපා..වසන්ති කියන්නෙ දාහකින් හොයාගන්න බැරි රත්තරං කෙල්ලක්..උඹ මේ අතට ආපු වාසනාවට පයිං ගහන්ට එපා බං…" 

විමලෙ මට එහෙම කිව්වෙ එක පාරක් දෙපාරක් නෙවෙයි. ඒත් මම දන්නෙ නෑ. ඒක මගෙ උරුමෙද මගෙ කරුමෙද කියල මට එහෙම දේකට හිත හදාගන්න බැරිඋනා. 

" රවී........" අපෙ ඔෆිස් එකේ හැමෝම මට වීරෙ කියල කිව්වත් අපි දෙන්න විතරක් ඉන්න තැන වසන්ති මට කතාකලේ රවී කියලයි…" ඔයාට ලියුමක් තියෙනව……" 

අපිට එන ලියුම් දාන්න වෙනම පෙට්ටියක් තිබුනත් මට එන ලියුම් වසන්ති වෙනම තියාගෙන ඉඳල මගෙ අතටම දෙන එක පුරුද්දක් වෙලයි තිබුනෙ. එයයිගෙ හිත රිද්දන්නෙ මොකටද කියල මම ඒ ගැන මොකවත් කියන්ට ගියෙත් නෑ. 

ලියුම් කවරෙ අකුරූ වලින්ම මම දැනගත්ත ඒ කාගෙන්ද?... ඒ ලියුමෙන් කියන්නෙ මොකක්ද?... කියල...ඒ තමයි මගෙ ප්‍රථම ප්‍රේමයේ මළගම සනිටුහන් කෙරුණු අවසාන නිවේදනය. 

කොහොම හරි මට අද වෙනකල් හිතාගන්ට බෑ වසන්ති කොහොමද ඒ ගැන දැනගත්තෙ කියල ...ඒත් එයා ඒ වෙලාවෙ කතාකරපු ස්වරයෙන් මම අනිවාර්යයෙන් දැනගෙන හිටිය එයා මේ ලියුමෙන් කියවෙන්නෙ මොකක්ද ඒකෙන් කියවෙන අවසාන තීරණය මොකක්ද කියල දැනගෙන හිටියයි කියන එක..මගෙ ඛෙදජනක ප්‍රේම පුරාණෙ විස්තර මම කිව්වෙ නැතිඋනාට ඕන තරං හිටිය කට්ටිය වසන්තිට ඒව කියන්ට. 

කළු වළාකුළු මාස ගාණක ඉඳල අහස වහගෙන තිබුණු විදිහට කොයි වෙලාවෙ හරි ගුගුරල වහියි කියල බලාපොරොත්තු උනාට අන්තිමට වැස්සම කොහොම උනත් ඒක දරාගන්ට අමාරුයි. 

පහුවදා මොකක් හරි නිවාඩුවක් තිබිල අපෙ සගයො බොහොම දෙනෙක් ගෙවල් වලට ගියා.එදා වැඩි වැඩක් තිබ්බෙත් නැති නිසා මම දවල් ඉඳලම පොඩ්ඩ පොඩ්ඩ ගත්ත..හවස් වෙනකොට හොඳ ගනං.... රෑට කන්නෙත් නැතුව නිදාගත්ත. මහ රෑ මට ඇහැරෙනකොට ඉහිං කණිං දාඩිය දාල...උණ ..වෙව්ලනව කට කට ගෑවිල්ලෙ ..මැලේරියාව... 

අපෙ ගෝලය සැමී විතරයි හිටියෙ.." .දෙයියෝ සාක්කි..මහත්තයට හොඳටම උණ නේද?...බෙහෙත් ගෙනෙන්ට යමුද?..." සැමී පහුවදා උදෙම මම නැඟිටින්නෙ නැති නිසා කාමරේට ඇවිත් බලල මගෙ නලලට අත තියල කිව. 

" ඕන නෑ බං..මේ මැලේරියාව..අර පෙති දිගටම ගත්තම හරියයි…." 

මැලේරියාවට දෙනව පෙති කෝස් එකක් එක දිගට සතියක් ගන්න ඕන...ඒ පෙති බිව්වම මැලේරියාවට හපං... 

දවල් වෙනකොට මට සහලවාලා උණ. හීනෙං වගෙ මට දැනුන කවුදෝ සීතල තුවායකින් වගෙ මගෙ මුහුණ බෙල්ල හරිය පිහදානව..අමාරුවෙන් ඇහැ ඇරල බලනකොට වසන්ති......මගෙ මූණ බෙල්ල පපුව ඔක්කොම සීතල වතුරෙන් පිහදාල රෙදිකෑල්ලකට ඕඩිකොලොන් දාල ඒකත් මගෙ නලලෙන් තියල එයා යන්න නැගිට්ටම මම එයයිගෙ අත තද කරල මිරිකුවෙ කියාගන්න බැරි මගෙ ස්තූතිය, කෘතඥතාවය පලකරන්ට... 

ඔය සිද්ධියෙන් පස් සෙ වසන්තියි මායි බොහොම කිට්ටු උනා. ආදරය ගැන කෙලින්ම වචනයෙන් කතා නොකල උනත් කෙල්ලගෙ හිතේ මා ගැන ආදරයක් තියෙනවයි කියන එක මට රහසක් උනේ නෑ. ඒත් මගෙ හිතේ වසන්ති ගැන තිබ්බෙ මොන වගෙ හැඟීමක්ද කියන එක අදටත් මට හිතා ගන්න බෑ. 

වසන්ති සහ මම අතර නිර්වචනය කල නොහැකි සබඳතාවක් පැවැත්වෙමින් මාස හය හතක් ගෙවුනා. 

" රවී, ලබන වීක් එන්ඩ් එකේ අපේ ගෙදර එන්නකො…." 

" ඈ..ඒ මොකටද?...." 

" වෙන මොකටවත් නෙවෙයි මගෙ උපන් දිනේ..ඒකයි..ලන්ච් එකට එන්න...." 

ගම්පොල හිටිය අපෙ ඔෆිස් එකේම මගෙ තව යාළුවෙක්...ප්‍රියන්ත. 

" හරි මම එන්නම්කො ප්‍රියන්තත් එක්ක….." තනියම වසන්තිලගෙ ගෙදර යන්ට මට පොඩි පසුබෑමක් වගෙ හිතුන. 

" ම්ම්ම්….." වසන්ති ටිකක් වෙල කල්පනා කලා.." හරි කමක් නෑ..ප්‍රියන්තත් එක්කම එන්නකො එහෙනං….." 

ඉතිං ප්‍රියන්තයි මායි ගියා වසන්තිලගෙ ගෙදර..ගිණිගත්හේන හැටන් පාරෙ එයාලගෙ ගෙවල්........එයාගෙ අම්මල තාත්තල අපිව බොහොම සාදරෙන් පිළිගත්ත.දවල්ට කාල හවස් වෙල අපි ආපහු ආව. 

" මේ..අම්මල මට බල කරනව ඉක්මනට බඳින්ට කියල…." 

ගිණිගත්හේන ගමනින් සතියකට විතර පස් සෙ වසන්ති මා එක්ක කිව. ඒ වෙලාවෙ ඔෆිස් එකේ අපි දෙන්න විතරයි හිටියෙ..මම එයාගෙ මුණ බලල ආයෙම බිම බලාගත්ත.. 

" ඉතිං?..." 

" ඉතිං කියන්නෙ මට කියන්න දෙකිං එකක්....." 

" ඔයා දන්නවනෙ නංගිල බඳිනකල් මට කසාදයක් ගැන හිතන්න බෑ කියල……" 

ඒත් ඇත්තම හේතුව ඒක නෙවෙයි..එහෙම ප්‍රශ්නෙකුත් තිබ්බ තමයි. ඒත් මම එක හෙලා කියාහිටියනම් බඳින්ටම ඕනය කියල අම්මල අප්පච්චිල මොකවත් කියන්නෙ නෑ. මට ඒක සහතිකයි. ඇත්තම හේතුව වසන්ති ගැන මගෙ හිතේ තිබ්බෙ මොන වගේ හැඟීමක්ද කියන එක මටම ප්‍රශ්නයක් වෙලා තිබ්බ එක.වසන්තිට මම ගොඩාක් කැමතියි. ඒත් ජීවිත සහකරුවෙක් අපේ අනාගතය බෙදාගන්න අපි තෝරගන්න කෙනෙක් ගැන ඊට වඩා මොකක් හරි බැඳීමක්, එහෙම කෙනෙක් ගැන ඊට වඩා මොකක් හරි හැඟීමක් තියෙන්න ඕනය කියන එකයි මට හිතුනෙ.මගෙ මනෝ විකාර වෙන්න ඇති සමහරවිට..ඒත් ඉතිං එහෙම තමයි මට හිතුනෙ.... 

මම ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නැතිය කියල ස්තිරවම දැනගත්තම වසන්ති එයාලගෙ ගෙවල් කිට්ටුව තිබ්බ අපෙ ආයතනයෙම ව්‍යාපෘතියකට ස්ථාන මාරුවක් අරගෙන ගියා. 

අන්තිමට සමුගන්න දවසෙ මාලඟට ඇවිල්ල මගෙ අත අල්ල ගත්ත. 

" හෙට මම ගෙදර යනව ආයෙ සමහරවිට කවදාවත් ඔයාව දකින එකක් නෑ. මා එක්ක නුවරට යන්න ඔයා එනව නේද?...." 

දවල් එකොලහ වගෙ වෙනකොට අපි නුවරට ආව. කතරගම දේවාලෙ ඉස්සරහ ලියෝන්ස් එකෙන් දවල්ට කාල අපි දළඳා වීදිය දිගේ ඉහළට ඇවිදගෙන ගියා. නුවර වැව රවුම දිගේ මල්වතු විහාරෙ දිහාවට ගියේ ක්වීන්ස් එක කිට්ටුව සෙනඟ වැඩි හින්ද. මල්වතු විහාරෙ පහු වෙච්ච ගමන්ම විසාල මාර ගහක් යට තිබ්බ ගල් බංකුවක අපි දෙන්න ඉඳගත්ත.වැව උඩින් කෙලින්ම ඉස්සරහ දළඳා මාළිගාවෙ රන් වියන දිළිසුනෙ ඇස් නිලංකාර කරවමින්...හංසයො දෙන්නෙක් අපි හිටපු කිට්ටුවම ඉවුර අයිනෙ එහාට මෙහාට පීනමින් හිටිය. 

" මේ හංසයො ගෙනැල්ල තියෙන්නෙ ජපානෙන්ද කොහෙද?....මම දැක්ක ගිය සතියෙ පත්තරේ තියනව…" 

මම වසන්ති දිහා බලල ආයෙම වැවේ පීනන හංසයො දිහා බැලුවා. එයා මම කිව එක නෑහුනා වගෙ වැවේ දියරැළි මත නටන මාළිගාවෙ පිළිබිඹුව දිහාවෙ බලා හිටිය. 

අන්තිමට දිග සුසුමක් හෙලල එයා කතා කලා.. 

" රවී මේ ටික ඔයාට කියන්නම ඕන නිසයි මම කිව්වෙ මා එක්ක අද එන්න කියල……

" වසන්ති……" මම ඔලුව උස්සල එයා දිහා බැලුව. 

" ප්ලීස්..මට කතා කරන්න දෙන්න....මේ බොහෝවිට අපි මුණගැහෙන අන්තිම දවස වෙන්නත් පුළුවන්. ඒ නිසා මට කියන්න තියෙන ටික කියන්න දෙන්න.." 

හරි ඔයා කතා කරන්න මම අතින් කිව්ව … 

" මම ඔයාට ආදරෙයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ . ඒක ඔයා හොඳටම දන්නව. එහෙම කෙලින්ම වචනයෙන් නොකිව්ව උනත් ඒක රහසක් නෙවෙයි. ඒත් ඔයාගෙ හිතේ මා ගැන එහෙම ආදරයක් නෑ කියලත් මම දන්නව.ඔයාගෙ හිතේ තියෙන්නෙ මා ගැන බැඳීමක් වගෙ මොකක්ද එකක් විතරයි..ප්‍රශ්නයක් නෑ..එහෙම තමයි ජීවිතේ හැටි..එහෙම තමයි දෛවයේ හැටි.මට අකමැත්තෙන් හරි මගෙ දෛවය පිළිගන්න වෙනව.මම යන්නම් රවි..නෑ ඔයා එන්න ඕන නෑ...මම තනියම යන්නම්... "

ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන ඈ නැඟිට්ට.අන්තිමටම මා දිහා බලල යන්තමට හිනාවෙලා " Thanks for everything....." කියල කිව්ව. ඊට පස්සෙ වැව් ඉවුර දිගට පෙති කළුගල් අල්ලල හදල තිබ්බ පෙත් මඟ දිගේ ඈතට ඈතට ගිහිල්ල නොපෙනී ගියා. " යන්න එපා වසන්ති..... ඉන්න " කියල කෑගහල කියන්න මට දෙතුන් පාරක්ම හිතුනත් එහෙම කරන්න මට ධෛර්යයක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.කතන්දරවල චිත්‍රපටවල එහෙම උනාට මගෙ ජීවිතේ ඒ වගෙ කතන්දර චිත්‍රපට දර්ශන බොහොම අඩුයි. 

අවසන වසන්තී නම් වූ ඒ අපූර්ව යුවතිය මගේ ජීවිතයෙන් එසේ සමුගෙන ඉවත ගියාය. 


ඔබ එදානම් සඳ වගේමැයි, 
ඔබ මෙදා හිරුවී මා දවයි, 
ඔබ මගේයැයි තව මට සිතෙයි, 
ඔබ දමා යන්නට හිත කියයි, 

නෙතේ නෑ ආදර හැඟුම්, 
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්, 
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව, 
මැකී යයි ආදර හැඟුම්, 
ඔබ එදානම් සඳ වගේමැයි, 

පිටු පුරා පෙම් කවි ලියූ, 
සිත ගොළුවුනේ ඇයි රස මැවූ, 
නොදන්නෙමි වැරදුනේ කොතැනද? 
දෛවයද මේ අප පැතූ, 


62 comments:

  1. කතාව වැදුන රවියො බොක්කටම...හරියට උඹ හිටපු තැන මම හිටිය වගේ...මොනව කියන්නද අතීත මතක අවදිවුණා...
    ඒක නෙවෙයි අද හරිම අමුතුයි...කෙලින්ම කතාව කියාගෙන ගියා...කෝ ගොමු තැලිල්ල...මේ කතාව මෙතනින්ම ඉවරද...

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඉවරයි බං..ආය ගොමු තැලිලි හැම එකකටම දාන්ට පුළුවන?

      බොහොම ස්තුතියි හැලප...:)

      Delete
  2. උපරිමයි රවිය.මොකද හිටපු ගමන් වයසක අපේ අතීතෙ අවුස්සන්න තරම් බොලාට කල වරද?:)

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      ඔහෙගෙත් තියනවය කිල්ලෝටෙ ඒ ජාතියෙ හුණු?...හෙහ්, හෙහ්,

      බොහොම ස්තූතියි කෙන්ජි..:)

      Delete
  3. ජීවිතේ එහෙමයි... සමහරු වෙන්වෙලා ගියාට සදහටම අමතක වෙන්නෑ.. අමතක වෙලා තිබිලා සැරින් සැරේ මතක් වෙනවා..

    මොරෝම ගති තියන උන්දැව හම්බුනේ ඊට පස්සෙද ?

    අදනම් ඉතින් පරිප්පු නැති හෝටලයකින් කෑමක් කෑවා වගේ.. :D

    ReplyDelete
    Replies
    1. //මොරෝම ගති තියන උන්දැව හම්බුනේ ඊට පස්සෙද ?//

      අපොය් සෙන්නො ප්‍රේම පුරාණ කීයකට පස්සෙද ඒ ඇත්තිව හම්බුවෙලා තියෙන්නෙ? කීයොල බලන්නකො මුල ඉඳල මේ උන්දගෙ ආදර කතා ටික..මට මතක විදියටනම් 5කට වැඩි..:D

      Delete
    2. සෙන්නා,

      / මොරෝම ගති තියන උන්දැව හම්බුනේ ඊට පස්සෙද ? /

      සරන මේ දිවිගමන කතරක,
      නොදුටුවෙමි එක් දිය බිඳක්,
      සිහිල් දිය පොද ඔබේ නෙතු ළඟ,
      දුටිමි සනහන කෙම් බිමක්,

      අවසාන පෙම,
      මුණගැසුනු සඳ,
      සිත උපන් සැනසුම,
      මෙතෙකැයි කිව නොහැක.

      පරිප්පු කේස් එක මොකෝ?....පෝස්ට් එක වැඩිය ඇල්ලුවෙ නැත?.....:)

      Delete
    3. මෙකුවි,

      අඩේ එච්චර තියද? ඉඳහං බලන්ට...එක චුට්ටි..දෙක අර කුමරියකගෙ සීන් එක....තුන නිෂාදිනී..හතර වසන්ති...පහ තව එකක් තියනව ඒක තාම ලිවෙ නෑ...කවියෙකුගේ ප්‍රේමය.....:) :)

      අම්මප උඹේ ගණං හැදිල්ල හරියටම හරි නෙවද?...:)

      Delete
    4. අඩේ , ඔන්න බලාපංකො රමණි අක්ක අමතකම වෙච්ච හැටි...හෙහ්, දන්නවනං මයෙ ඇහේ ඉඳල පට්ට ගහයි..හරි මෙන්න අනුපිළිවෙලින්….

      චුට්ටි, කුමරියකගෙ කතාව නිෂාදිනී රමණි අක්කා ........හෙහ්, හෙහ්

      Delete
    5. අපොයි නෑ රහයි රහයි.. උපරිම රහයි... මම මේ කිව්වෙ ගොමු තැලිල්ල ගැන ඉතින්..

      වසන්තිව ලව් එකක් විදිහට ගනින්න බෑ මගෙ හිතේ..

      රමණි අක්කා !!! මේ යකා අක්කලටත් ලව් කරලද !!??? :-O

      Delete
  4. අය්යා ලියන හැම කතාවක්ම ආසවෙන් කියෙව්වත්, මම නම් ආසම අය්ය ලියන මේ පරණ ලව් ස්ටෝරීස් තමා..අය්ය ඒවා ලියන ශෛල්ය හරිම ලස්සනය්..කාලෙකින් එය්න් එකක් ලිව්වෙ..මේ වසන්ති ගැන "නොහැඟවු ආදරය" එකේද කොහෙද ලිව්ව නේද? හැබෑටම දැන් කෙල්ලො කී දෙනෙක් ගැන ලියල තියෙනවද? වැම්පයර් බූරාට නම් මතක ඇති.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙකුවීස්...මයෙ යාවජීව රසිකාවිය..හෙහ්, හෙහ්,

      හරි, රමණි අක්කගෙ සීන් කෝන් එකේදි ලිවෙ මේ වසන්ති ගැන තමයි...අර මම වෙඩිං එකට එහෙමත් ගියාකියල කිව්වෙ...

      Delete
  5. platonic love ..Just you wait ...I do not have Sinhala fonts today..

    ReplyDelete
    Replies
    1. who has taken away it ? :D i wonder how it's happens ?

      Delete
    2. සෙන්න ..වැඩේ කියන්නේ ලැන්ග්වේජ් බාර් එක අතුරුදන් . දන්නා වැඩ සේරම දැම්ම . ඔව්ව දන්නා කෙනා බැහැරක . හෙට තමයි හදා ගන්න වෙන්නේ . එතකන් ගුගල් වල ටයිප් කර අලවන්න මොලේ පෑදුනේ දැනුයි ඔන්න .

      Delete
    3. මොකක්ද ලැන්ග්වේජ් බාර් එක ? බින්දි එදා කියපු විදිහට විජේසේකර නෙමේ නේද පාවිච්චිය.. එහෙනම් ලැන්ග්වේජ් බාර් එකක් මොකටද ?

      Delete
    4. හැම පේජ් එකේම සිංහල ටයිප් කරන්න ලැන්ග්වේජ් එක මාරු කරනවනේ . නැත්තන් වෙන්නේ ගුගල් වල ටයිප් කරලා කපලා අලවන එක . මහා කම්මැලි වැඩේ . [බුරා නැහැ නේද අහල පහල . ]. හවස් අතේ ගදර උන්ද ආවම බලන්නම් හදා ගන්න .

      Delete
    5. ALT+SHIFT -Normally twice for Sinhala (Try this Bindi akka)

      Delete
    6. // ALT+SHIFT -Normally twice for Sinhala //

      ඒක depend වෙන්නෙ අපි languages කීයක් පාවිච්චි කරනවද කියන එක මත හා ඒ languages වල පිළිවෙල මොකක්ද කියන එක මතයි රන්දිකා.. ඒ වගේම ඔයා පාවිච්චි කරන්නෙ මොන Shift key එකද කියන එක මතයි.. උදාහරණයක් විදියට මම සිංහල යුනිකෝඩ් පැකේජ් එක Install කරද්දී විජේසේකර හා රෙන්ගනාදන් කැරැක්ටර් සෙට් දෙකම එකට Install වුනා.. ඉතින් ALT+Left Shift එකපාරක් එබුවොත් සිංහලට මාරුවෙනවා, දෙපාරක් එබුවොත් සිංහල ස්කිප් කරලා දෙමළට මාරු වෙනවා.. ඒකට හේතුව keyboard language settings වල priority එක තියෙන්නෙ ඉංගිරිසි-සිංහල-දෙමළ කියන අනුපිළිවෙලටයි.. Left Shift key එකෙන් මේ ලැයිස්තුවේ උඩ ඉඳන් පහළටත්, Right Shift key එකෙන් පහළ ඉඳන් උඩටත් යන්ට පුළුවන්..

      ඔය setting වෙනස් කරන්ට පුළුවන් Control Panel එකේ Regional and Language Options වලට ගිහිල්ලා..

      Delete
    7. :D ane man ochchara hariyak danne nehe ane, hebei man unicode install karapu hema serema, hema compiyatama oya tika ohomamai, left keys tamai mata huru, unna hetiyata mala madei kiyala Bindi akka try karala balai kiyalai kiwwe........ :D

      Delete
  6. මේ සංසාර ගමනේ

    පසු කරන් ගිය

    මතක ඇති නැති

    සුවහසක් අතරේ

    ඇලී නොඇලී

    බැඳී නොබැඳි

    ලඟින් සිටි හෙයිනී

    සිතේ ඇඳි ඉරි

    තවම ඉඳහිට

    රිදෙනවා පමණි .

    ReplyDelete
    Replies
    1. බින්දි,

      සුවවුවද තුවාලය,
      වණ කැලැල් ඇත තවම හදවත,

      ඉඳහිට සවස් යාමයෙක,
      පිරිමදිමි ඒ,
      රිදුම සුවයකි,
      මටම නොවැටහෙන,

      Delete
    2. // ඉඳහිට සවස් යාමයෙක,
      පිරිමදිමි ඒ,
      රිදුම සුවයකි,
      මටම නොවැටහෙන //

      බල්ලො තුවාල ලෙවකන්නෙත් ඔය ආතල් එක ගන්ටනෙ.. :D

      Delete
    3. බූරා,

      හෙහ්, හෙහ්..ඇත්ත බූර්ස් ඇත්ත....

      හදවතේ තුවාල වණ, කැළැල් තියෙන තරමට තමයි ආතල් එක..

      " The Value of a heart is determined by how many scars it has "….කියල කතාවක් අහල තියනවද? ඔහොම කියල තියෙන්නෙ ලංකාවෙ සුප්‍රසිද්ධ Heart Surgeon කෙනෙක්.මට නම මතක් වෙන්නෙ නෑ මේ වෙලාවෙ...

      Delete
    4. නන්දදාස කෝදාගොඩ වෙන්නැති.. :D

      Delete
  7. අන්න කෙල්ලෝ . මහා පොළොවේ පය ගහල ඉන්න වසන්තිලාට පුළුවන් ජීවිතේට මුණ දෙන්න . ආදරේ නම් කෙලින්ම කිව්වා ,,කොල්ල එක හිතක් නැත්තන් කුද ගහගන්න කියලා යන්න ගියා . හැබැයි මට නම් හිතෙන්නේ ඔහේ ඒ කෙල්ලට එච්චර බැඳීමක් ඇති නොවුන පොයින්ට් එකත් ඔතන . ඒ අසරනි කෙලින්ම මුන්දට ආදරේ පෙන්නුවේ නැතුව ගණන් ඉස්සුවා නම් අන්න වැඩේ ගොඩ . නැද්ද .

    අනික් අතට අර දයිවය ද මොකක්ද එකක් තියෙන්නේ ඔන්න ඕවගේ අපබ්‍රංශ තේරුම් කරන්න තමයි .

    කොයිකටත් කියාලා ගෙදර උන්දැට ඇමතුමක් ගත්තොත් හොඳා අද හෙට . ..අර ලොකු රෝස මල් ඇති බුල් තුවාය හෙම ලැස්ති කරගන්ට .

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙයා හොයලා තියෙන්නෙ මොරෝම ගති තියන කෙනෙක්වනෙ.. ඒකයි පුස්නෙ...

      Delete
    2. බින්දි,

      / ඒ අසරනි කෙලින්ම මුන්දට ආදරේ පෙන්නුවේ නැතුව ගණන් ඉස්සුවා නම් අන්න වැඩේ ගොඩ . නැද්ද . /

      සමහරවිට....කවුද දන්නෙ එහෙම වෙන්නත් තිබ්බ...ඒත් ඇත්තම කියනව නම් මට තවම හරි හේතුවක් හිතාගන්න බෑ එහෙම උනේ මොකද කියල....ඒ දවස්වල මගෙ යාලුවො මාව මරාගෙන කෑවෙ නැතුව විතරයි...." හරියට හේතුවක් මට කියන්න බෑ " කිව්වම උංට ඒක පිළිගන්නම බෑ.." යකෝ මාර කෙළියක්නෙ. එහෙම හේතුවක් කියන්න බෑ කියල එකකුත් තියනවද? ඇත්ත කියාපං ඇත්ත කියාපං.. " ඔය මළ වදේ නිසා අන්තිමට මට යාලුවොත් එපා උනා කොටින්ම...

      / අනික් අතට අර දයිවය ද මොකක්ද එකක් තියෙන්නේ ඔන්න ඕවගේ අපබ්‍රංශ තේරුම් කරන්න තමයි . /

      අන්න හරි..ලේසිම වැඩේ ඒක තමයි...දෛවය, ඉරණම, ලබා උපන් හැටි, බඹා කෙටූ හැටි...ඔය තියෙන්නෙ ඕන තරං....

      / අර ලොකු රෝස මල් ඇති බුල් තුවාය හෙම ලැස්ති කරගන්ට . /

      හෙහ්, හෙහ්, බුහුල් තුවාය !!!!

      Delete
    3. සෙන්නා,

      / නෑ නෑ මෙයා හොයලා තියෙන්නෙ මොරෝම ගති තියන කෙනෙක්වනෙ.. ඒකයි පුස්නෙ… /

      අඩේ එහෙම වෙන්නත් ඇති බොල එක අතකට...අපි ඔය කරන හුඟක් දේවල් වලට අපිට එක පාරට හේතු හිතාගන්න බැරි උනාට එව්වයෙ තියනව ලොකු අභ්‍යන්තරයක්...අන්තර් චර්ම කර්ණ පටහ පටලයක්. ඒ අනුව මම හෙව්වෙ මොරෝම ගතිගුණාපේත ලලනාවක්ද කියන්ටත් බෑ තමයි හැබෑටම.....

      Delete
  8. සුර්යපාල: මට ඔයාට කියන්න දෙයක් තියෙනවා, සඳා.
    සඳවතී: මොනවද අප්පා?
    සුර්යපාල:මගේ පරණ ලව් අෆෙයාස් ඔක්කොම ගැන ඔයාට කියලා පාපෝච්චාරණයක් කරන්න ඕනෙ.
    සඳවතී: ඇයි අනේ ඔයා පෙරේදත් ඒ ඔක්කොම කියලා පාපෝච්චාරනය කලේ
    සුර්යපාල: හරි හරි. මේ ඊට පස්සෙ වෙච්ච ඒවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඌණ පූරණය -

      සඳවතී - " හරි එහෙනං කියන්ටකො.ඊට පස් සෙ මටත් කියන්ට දෙයක් තියනව…"

      සූර්යපාල - " ඒ මොකක්ද ඒ? "

      සඳවතී - " මම මේ ඔයාට කියන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ....කමක් නෑ ඔයා කියන්ට ආපු එක කියල ඉන්ටකො..ඊට පස් සෙ මම කියන්නං…"

      සූර්යපාල - " ඈ??????????????..."

      Delete
    2. comment of the day Dude ..true colours of Suryapala ..

      Delete
    3. Bindi,

      / comment of the day Dude ..true colours of Suryapala /

      A Classic example of my arrack beating me…..How I yearn for that dried something of a donkey so I can beat myself senseless,

      With a so hectic a schedule that sometimes I even forget to breathe, I am writing even during night and this is what I get as gratitude. Character certificates that I didn’t ask for….:( :(

      Delete
    4. >>Character certificates that I didn’t ask for….:) :).<<

      What are the friends for, dude? what are the friends for?

      Delete
  9. //ඒත් හදවත් උයන මතුයෙහි පිය සටහන් තබා යන සොඳුරු මතක සටහන් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැ. සදාකාලයටම ඒ මතක අපි එක්කම තියේවි.//
    අපේ ජීවිතේදී කොච්චර ගැහැණු,පිරිමි මුණ ගැහිලා තිබුනත් අපේ ජිවිතේට ආදරණිය හැඟීම් එකතුකළ අයව කවදාවත් අමතක වෙන්නේ නෑ නේද රවී...??
    හැමදාම මතක් නොවුණත් අඩුම තරමේ ඉඳ හිට හරි මතක් වෙනවා නේද..??
    ආදරණිය හැඟීම් කවදත් ලස්සනයි... එදත්,අදත්,හෙටත්... ඒ වගේම තමයි මේ කතාවත්...
    පහුගිය දේවල් සේරම මතක නැති එක හොඳයි කියලා කිවුවට..මට හිතෙන්නේ රවීට ගොඩක් පරණ දේවලුත් හොඳට මතකයි කියලා... ඒ එකින් එක ආයෙත් ආයෙත් මතක් කරන්නෙත් ගොඩක් කැමැත්තෙන් වගේ...
    එහෙම වුන එක අපිට හොඳයි නේද...

    ReplyDelete
    Replies
    1. සඳා,

      I am leaving my dear, taking only sweet memories which would keep me company for the rest of my life,
      In a far far away somewhere by the dying embers of a camp fire one day I would re-live them for sure.
      With a fondness in heart but no regrets whatsoever because I have only the sweet memories,
      The heartache and the sadness I have learnt to deal with because they were a part of what it was a long time ago

      බොහොම ස්තූතියි සඳා....:)

      Delete
  10. කතාව කියව ගෙන කියවා ගෙන යද්දි හදවතට එකතු වෙච්ච සේරම සිතුවිලි කන්දරාව...කතාවෙ අන්තිම වචනෙත් එක්ක ලොකු සුසුමක් වෙලා පිට වෙලා ගියා රවී..ඒ සුසුමේ හිර වෙලා ඇදිලා ගියේ පහුගිය දශක හතරෙන් තුන හමාරක අතීතයකට උරුම කම් කීව ලොකු කතන්දරයක්...මේ කතාවට ඔබට පුදන්න මට පසු වදනක් නෑ. හැමදාම වගේ කියවලා පිරුණු හිතෙන් නිහඬව යන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. Weni,

      / පහුගිය දශක හතරෙන් තුන හමාරක අතීතයකට උරුම කම් කීව ලොකු කතන්දරයක්.. /

      දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ වෙනී..එතකොට මේ කියන්න අවුරුදු පහේදි පටන් ගත්තු ආදරයක් ගැන....බාලාංශ ප්‍රේමයේ සුන්දරත්වය...හෙහ්, හෙහ්,

      බොහොම ස්තූතියි වෙනී...:)

      Delete
    2. ආසන්නෙට වටයලා ගම්මු රවී..තුන හමාර නම් දෙක හමාර වෙන්න ඕනි ඇත්තටම..දශක හතරක් කිව්වට 43ක් නේ දැන්....

      Delete
  11. රවී;
    නොහැගවු ආදර 58 සිට 60 නොකියවා 70ව දක්වා අද දින වරින් වර කියවා මේ දැන් අවසන් කලෙමි.
    අකුරු වලින් ලියල වැඩක් නැහැ රවී,බිව්ව ඒවල සැරත් බාල වෙනව මේ ලෝකෙ වෙන ඇත්ත දේවල් සිහි වුනාම.
    කතා ටික ලියල තියෙන විදිය නම් කියල වැඩක් නැහැ.නුවර පුරවරය කිව්වම මගෙත් අංක එකම තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මප? කෙන්ජිත් නුවර පලාතෙද?

      ස්තූතියි කෙන්ජි.....බොහොම ස්තූතියි...:)

      Thanks for making my day Kenji....:)

      Delete
  12. ඔන්න මන් අද මගේ යාලුවෝ දෙන්නෙක්ට මේ බ්ලොග් එක අඳුන්නල දුන්න . එක්කෙනෙක් කිවා හරි ලස්සනයි කියල .

    ReplyDelete
    Replies
    1. අම්මප ..ඔහේ මට හීන් නූලෙං කියන/කරන අපහාසද ප්‍රසංසාද කියල හිතාගන්ට බැරි මොඩල් එකේ කතා ගැන සළකල බලනකොට ඔහොමවත් දෙයක් කොරන එක හොඳයි අරවයෙ පව් ගෙවිල යන්ට.....හෙහ්, හෙහ්...

      ස්තූතියි බින්දි...:)

      Delete
    2. උන් දෙන්නට විසි කැති දෙකකුත් අරන් දුන්නනං බින්දියෝ. තව අර අත් පොරොවකුයි, වප්පිහියකුයිත් ඕනැවෙයි.

      Delete
    3. හෙන්රි,

      හෙහ්, පොරව ගැන මරු කතාවක් මතක් උනා..

      මේක මේ 88/89 භීෂණය කාලෙ කතාවක්...

      ජේ.ආර්. ලොක්කගෙ තිබ්බනෙ අමුතු වචන සෙට් එකක්. ඒ කාලෙ අයිඩෙන්ටිටි කාඩ් එකතු කරන්ට දේශප්‍රේමීන් එනව රෑට ගෙවල් වලට.

      "" මුරුගයො......චේ ගුවේරා කාරයො රෑට ගෙවල් වලට ආවට බය වෙන්ට ඕමනා නෑ. ඒ වෙලාවට තමුංලා බය නැතුව පොරව ගන්ට..""

      ජේ ආර්. ලොක්ක ඔය කොහෙද රැස්වීමකදි ගෝරනාඩු කරල තිබ්බ.


      ඔන්න රෑ දෙගොඩ හරිය..බල්ලො බුරනව ගජ රාමෙට...ගෙදර දොරට හෙමිහිට තට්ටුවක්.

      " මේ දොර අරිනව..දන්නවනෙ අපි කවුද කියල.."

      " මේ ඒයි ඒයි නැඟිටින්ඩකො.."බිරිඳ සැමියව ඇහැරෙව්ව..

      " ඇයි ඇයි මොකද? මොකද?.."

      " අර.. අර කට්ටිය ඇවිල්ල පොඩ්ඩක් ගිහිල්ල බලනවකො.."

      " ආ, එයාල ඇවිල්ලද? "මනුස්සය පොරෝන රෙද්දෙං ඔළුවෙ ඉඳල වහ ගත්ත..

      " ඈ.. මොකද මනුස්සයො මේ?... ගිහිල්ල බලල මොකක් හරි කරනවකො.".

      " පිස්සුද?... අපෙ ජනාදිපතිතුමා කියල තියෙන්නෙ මේ වගෙ වෙලාවක මෙහෙම කරන්නෙයි කියල...තමුසෙත් එනව මේක අස්සට "මනුස්සය තවත් රෙද්ද අස්සෙ ගුලි උනා....

      Delete
    4. උඹ ඒ කතාව කිව්වාම මට මතක් වුනේ අර අවුරුදු දෙසිය පනහක් ද කොහෙද වයස පරම්පරාවෙන් උරුම වෙච්ච පොරොව ගැන.

      "මොනවා යකෝ අවුරුදු දෙසිය පනහක්? අනේ පලයං යන්ඩ අර රවියා වාගේ පච කෙලින්නැතුව! උඹ කියන්නේ ඔය පොරොව අවුරුදු දෙසිය පනහක් තිස්සෙ පාවිච්චි කලා කියලද?"

      "ඔව් යකෝ, මේ ඒ පොරොවම තමයි. ඔන්නම් මේකට මිටවල් හතලිහක් විතරයි, තල පහලොවක් විතරයි දාලා ඇති."

      ඔය වගේ වීල් බැරෝ එකක් තිබ්බා මචං මම දන්න ගෙදරක. ඒකෙ රෝදෙ දැම්මා. ෆ්‍රේම් එක දැම්මා, බක්කිය දැම්මා.

      Delete
    5. Recycling ...කියලා සුද්දා කියන්නේ ඕකට නේ බොල .

      පොඩි කොනක් අල්ලලා දුන්නම පච ටොන් එකක් ..[නැහැ නැහැ කතන්දර ] අහගන්න පුළුවන්
      ...D

      Delete
    6. එහෙමද ඈ? රී සයික්ලිං කිව්වාම මට මතක් වුනේ, බයිසිකලෙකුත් තිබ්බනේ ඔහොම අපේ වසන්තයගේ. ඌ ඔක්කොම පාට්ස් දාලා බැලින්නම් පරන බයිසිකලේ ස්ටෝරු කාමරේ තිබිලා හම්බවුනා කෑලි කෑලි වලට ගලවලා දාලා තිබිලා. :D

      Delete
    7. බින්දි,

      අඩේ ඕකටෙයි ඔය Re-cycling කියල කියන්නෙ..මම හිතාගෙන උන්නෙ කාලයක් සයිකල් නොපැද ඉඳල ආයම පදින්න පටං ගත්තම අන්න ඒකට කියන වචනයක්ය කියලයි..:)

      Delete
  13. ohhh... what happened to you my dear...to be sentimental like this... // With a so hectic a schedule that sometimes I even forget to breathe, I am writing even during night and this is what I get as gratitude. Character certificates that I didn’t ask for….:( :( //
    and hope that I too didn't say something wrong....
    keep smiling .... :-)

    ReplyDelete
    Replies
    1. සඳා,

      Oh,…no, no.....that was entirely in lighter vein, I was just kidding ..actually was replying to Bindi's comment. It was nothing about what you said ..:)

      Thanks Sanda, I am always smiling :)

      Delete
  14. නිදහස් සිතුවිලි බැලිමි..
    කියන්නට කිසිත් නැති නිසා
    කතාවද සින්දුවද රස විඳ ආපසු යමි..

    ReplyDelete
    Replies
    1. රූ,

      කියන්න මොකවත් නැහැය කියල කියල යන එකත් මදෑ බොල...ස්තූතියි රූ,

      Delete
  15. කතාව කියෙව්වම මාව ටිකක් කොන්ෆියුස් වෙලා ගියා..එයා ගැන බැඳීමකුත් තිබුනලු, හොඳටම කැමැත්තකුත් තිබුනලු හැබැයි ආදරේ නෙමෙයිලු. හැබෑටම මොකක් වෙන්න පුලුවන්ද ඒක? මොනවා උනත් අන්තිමට සිද්ධ වෙන්නේ හොඳම දේ තමා.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      අප්පට සිරි..ඔබ තුමී කොන්ෆියුසියස් උනාය?

      නෑ අනේ එහෙම එව්වත් තියනව...කැමැත්ත බැඳීම වෙනයි ඊට ෂුට්ටක් එහා ගිය එකක් තමයි ආදරේ කියන්නෙ...ආදරේ ඇතුලෙ කැමැත්ත බැඳීම අනිවාර්යයෙන් තියෙන්නම ඕන..ඒත් කැමැත්ත සහ බැඳීම ආදරේට පත්වෙන්ට ඕන පොඩි උත්ප්‍රේරකයක් ( Catalyst )..අන්න ඒ උත්ප්‍රේරකය තමයි මෙතන පරහට හිටියෙ...කොටින්ම ඒක මට හොයාගන්ට බැරිඋනා :(

      Delete
  16. වාන් පතුල් අස්සේ ඉඳල හිටලා මෙහෙම කතාත් ලියන එක ලොකු දෙයක් ... :)

    /ඇත්තම හේතුව වසන්ති ගැන මගෙ හිතේ තිබ්බෙ මොන වගේ හැඟීමක්ද කියන එක මටම ප්‍රශ්නයක් වෙලා තිබ්බ එක/

    ඔය ගැන මටත් හිතාගන්ට බෑ ...
    ඇත්තම කීවොත් මම රවී කෙනෙක් වෙලත් තියේ. වසන්ති කෙනෙක් වෙලත් තියේ.
    මම හිතන්නේ හැමෝම වගේ එහෙමයි. සමහරු කියනවා බඹා කොටලා තීන හැටිය කියලා. තව සමහරු කියාවි එක එක අවස්ථාවන්වලදී අපේ මනස හැසිරෙන හැටියට කියලා. ඔව්වට හේතු හොයන්ට බැහැ. ආදරේ කියන්නේ හේතු පෙන්නලා අර්ථ දක්වන්ට අමාරු දෙයක් නේ...

    ලස්සනයි රවී අයියේ...කතාව වගේම අර කතාව පටන් ගන්ට කලින් ලියල තීන ටිකත් පස්සේ ලීව ටිකත්....

    ReplyDelete
    Replies
    1. ආම්ස්,

      ආන්න බොලේ උඹ දන්නව වැඩේ හැටි කොහොමද කියල.....පැමිණිල්ල විත්තිය දෙකටම පෙනී ඉන්ට උනාම ඇත්තම තත්වය තේරුම් ගන්ට හරිම ලේසියි...

      ස්තූතියි අමා.....:) :)

      Delete
  17. වෙලාවකට අපේ හිත් අපට ම තේරුම් ගන්න බෑ. මේ පැත්තෙත් ඇවිත් යන්න.
    http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
  18. ඔහ් ... ඔන්න ඉතින් මෙයාගේ පිස්සු කතාව කියෝලා මටත් නිකං පිස්සු හැදුන වගේ උනා.... මොකද්ද අය්යෝ...... මෙලෝ රහක් නැහැ නේ ඔයාගේ..... හෙහ් හෙහ්...... (කාටවත් ඇහුනද මන්ද....)

    ReplyDelete
    Replies
    1. උඹ අහුවෙයංකො නුවර ටවුමෙදි එහෙම...පට්ට ගහනව අනෙ අම්මප :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...