Monday, September 14, 2015

347. The Story Of My Marriage - 3 - මූලික ආන්තික උපයෝගිතා වක්‍රය අනංගයාගේ භූමිකාව රඟපෑ වග…..

" තවම හිතට අප්සෙට් වගේද? " 

මම පහත් හඬින් ඇගෙන්, එනම් මගේ හිතවතියගෙන් විමසූයේ ඇය හිඳසිටි අසුන අසලම අසුන් ගනිමිනි. හිස ඔසවා මදෙස බලා එසැණින් යලි බිම බලාගත් ඇගේ දෑසට අලුතින් කඳුලු පුරාගෙන එනු මම පැහැදිලිව දුටුවෙමි. එදිනට නියමිත දේශනය නිමවී මිනිත්තු දහයකට අධික කාලයක් ගෙවී තිබුණු අතර ශ්‍රවණාගාරයෙහි වූයේ අප දෙදෙනා පමණකි.

පසුගිය සතියේ ටෝපැස් අවන්හලෙහි දිවා ආහාරයෙන් පසු මම අනන්‍යා සමඟ කතාබහ කිරීම චේතනාන්විතවම මඟ හැරියෙමි. ( රැවැති ළඳුන් මනා ලෙස හැසිරෙනුයේ ඔබ ඔවුන් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන විටය. එහෙත් ඇත්තෙන්ම මේ සංකල්පය සාර්ථක වනුයේ ඔබ ඔවුන් කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බව ඒ රුවැති ළඳුන් දැන සිටිය හොත් පමණි. එසේ නොමැතිව අවම වශයෙන් ඔබ වන් අයෙකු මේ මිහි මත වාසය කරන බවක් හෝ ඔවුන් නොදන්නේ නම් ඔබගේ ඒ නොතකා හැරීමෙන් කිසිදු පලක් නොවනු ඇත. )

එනමුදු අද දින මට ඇය හා කථා කිරීමට සිදුවිය.ඇය පංතිය පැවැත්වෙන අතර හැඬුවාය. අප ඉගෙනුමෙහි යෙදුනේ අනුක්‍රමයෙන් උස්වන පීඨිකා මත අර්ධ කවාකාරව අසුන් පැනවුණු ශ්‍රවණාගාර පන්නයේ පංති කාමරයකය.එබැවින් නිතැතින්ම සියළු සිසුනට අන් සියළු සිසුන් නිරතුරුව අපහසුවකින් තොරව දැකගත හැකිය. සිසුහු අසුන් ගත්තේ ඉංගිරිසි අකාරාදී පිළිවෙලටය. 

එබැවින් ඉංගිරිසි A අක්ෂරයෙන් නම ඇරඹෙන සිසුන් සඳහා ඉදිරි පෙළෙහි අසුන් පැනවිණි. අනන්‍යා ඉදිරි පෙළෙහි වම් පසට වන්නට අංකූර් සහ ආදිත්‍යය අතර අසුන් ගත්තාය.ඔවුන් දෙදෙනම මේ වන විටත් ඇය වෙත තම ආදරය ප්‍රකාශ කොට තිබූ අතර තම ආදරය එකහෙලාම ප්‍රතික්ෂේප කල යුවතියකට යාබද අසුනෙහි හිඳ පුරා වසරක් සිත එකඟකොටගෙන ඉගෙනුම ලබන්නේ කෙළෙසද යන පැණය පිළිබඳව, තම සිතැඟි ප්‍රකාශ කිරීමට පෙර ඔවුන් සිතා බැලිය යුතුව තුබුණි.

මගේ අසුන වූයේ තුන්වන පෙළෙහි, අධිකරණයක විභාගවන දරුණු අපරාධ නඩු විභාගයක විත්තිකරුගේ ජීවිතය හෝ මරණය තීරණය කෙරෙන ඉතා වැදගත් සාක්ෂි අනලස්ව සටහන් කරගන්නා නිල වාර්තාකාරියක මෙන් ඉතා උනන්දුවෙන් දේශකයින්ගේ මුවින් ගිලිහෙන සෑම වදනක්ම පාහේ එකෙණෙහිම සටහන් කොටගත් කන්‍යාශ්‍රී සහ ඉන්දියානු උප මහාද්වීපයෙහි විවිධ ප්‍රදේශ පහකින් අහ්මදාබාද් වෙත පැමිණි මොහිට් නාමධාරින් පස්දෙනෙකු අතරිනි. එනමුදු අංකූර්, ආදිත්‍යයකන්‍යාශ්‍රී හෝ පස්වග මොහිට් නාමධාරීන් අතරින් කිසිවකු අනන්‍යා කඳුළු සලනු නොදුටු බව මට සහතිකය. වරින්වර සිහින් කිකිණිහඬ නිකුත්කල කුඩා සීනු කිහිපයක් කෙළවර එල්ලූ කහ පැහැති දුපාදාව සෙමෙන් ඔසවා කිහිපවරක් ඇය තම ඇස් කොන් පිසගනු දුටුවේ මා පමණකි.

( දුපාදාව යනු කුමක්දැයි පැහැදිලි අදහසකින් තොර මා හිතවත් පාඨකයින් වෙනුවෙන් ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමකට මේ අවස්ථාවයයි හඟිමි. දුපාදාව යනු විශේෂයෙන් දකුණු ආසියානු කතුන් තම හිස සහ ගෙල ආවරණය කරගනු උදෙසා භාවිතයට ගන්නා විචිත්‍රවත් රෙදි කඩකි. සල්වාරය කුර්තාව හෝ චෝලිය සමඟ ඔවුහු බොහෝවිට  දුපාදාවක් භාවිතා කරති. )

මේ යුවතිය හිස වසා සිටිනුයේ දුපාදාවකිනි. - ඡායාරූපය ගූගල් ඉමේජස් වෙතින්

ටෝපැස් අවන්හලෙහි දිවා භෝජනයෙන් පසු ගෙවීගිය සතිය තුල අනන්‍යා සමඟ සබඳතාවය උදෑසන සුබ දවසක් ප්‍රාර්ථනා කිරීමට සහ දවස අවසානයේ සුරත ඔසවා කෙරෙන ලුහුඬු සමුගැන්මකට සීමා කිරීමට මම වගබලාගත්තෙමි. පංති පැවැත්වෙද්දී ද ඇයට මා දෙස බැලීමට හෝ නොහැකි වූයේ සම්පූර්ණ අවධානය පාඩම කෙරෙහි යෙදවිය යුතු වූ බැවිනි.එකල IIMA ආයතනයෙහි ඉගැන්වීමෙහිදී ඊට ක්‍රියාකාරීව සහභාගීවීම උදෙසා යම් නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පිරිනැමිණි. 

ක්‍රියාකාරීව සහභාගීවීම යනුවෙන් අදහස් කෙරුණේ ගුරුවරයා උගන්වද්දී බුද්ධිමත්ව අදහස් දැක්වීම හෝ තමන්ට පැනනඟින ගැටළු තර්කානුකූලව ඉදිරිපත් කිරීමය. මේ සඳහා සබකෝළය රහිතව ඉදිරිපත්ව කථා කිරීම අත්‍යාවශ්‍ය බව නොකිවමනාය. සිරිතක් වශයෙන් ඉන්දීය තාක්ෂණික ආයතනයන්ගෙන් ඉංජිනේරු අධ්‍යාපනයක් ලබා මෙහි පැමිණියෝ කිසිවිටෙක කථා කිරීමට ඉදිරිපත් නොවූ අතර ඒ අඩුපාඩුව අකාමකා දමනු පිණිස දෝ ආර්ථික විද්‍යාව වන් ඉංජිනේරුමය නොවන විෂයයන් හදාලෝ හැකි සෑම අවස්ථාවකම කථා කිරීමට නොබියව නැඟී සිටියහ.

එදින උදෑසන ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව පිළිබඳව තම දේශනය ආරම්භ කොට හරියටම මිනිත්තු විසිතුනකට පසු මහාචාර්යවරයා ඉංගිරිසි L අකුරේ හැඩැති උපයෝගිතා වක්‍රයක් කළුලෑල්ල මත ඇන්දේය. තත්පර දහයකට පමණ ආසන්න කාලයක් තමන් විසින් අඳින ලද වක්‍රය දෙස තෘප්තිමත්ව බලාහුන් ඔහු, එනම් මහාචාර්ය චැටර්ජී ඉක්බිති අප දෙසට හැරුණේය.

" මේ පංතියෙ ආර්ථික විද්‍යා උපාධිධාරීන් කී දෙනෙක් ඉන්නවද? " දශක දෙකක් IIMA හි උගන්වා පළපුරුදු මහාචාර්යවරයා ඇසූයේ  ශ්‍රවණාගාරය සිසාරා බැල්මක් හෙළමිනි. 

අනන්‍යාද ඇතුළුව සිසුහු පසළොස් දෙනෙක් තම සුරත් එසවූහ.

පීඨිකාවෙන් පහතට බැසගත් මහාචාර්යවරයා අනන්‍යා වෙත පැමිණියේය. " මම කළු ලෑල්ලෙ ඇන්ද මේ වක්‍රය මොකක්ද කියල ඔබ දන්නවා නේද ම්ම්....ස්වාමිනාදන් මෙනෙවිය? " ඔහු ඇගෙන් විමසූයේ ඇය ඉදිරියේ වූ නාම ඵලකයෙන් ඇගේ නම කියවමිනි. 

" මූලික ආන්තික උපයෝගිතා වක්‍රය සර් " අනන්‍යා පැවසුවාය.

" හරි... එතකොට ස්වාමිනාදන් මෙනෙවිය මට කියන්න කොහොමද ඔබ ඒ වක්‍රය ගණිත සූත්‍රයක් ලෙස දක්වන්නෙ? " 

අනන්‍යා වහා නැඟිට සිටියාය. මහාචාර්ය වරයා විමසන ගණිත සූත්‍රය පිළිබඳව ඇයට මූලික අදහසක් හෝ නොමැති බව ඇගේ ව්‍යාකූලවූ දෙනෙතින් මනාසේ පිළිබිඹු විය. මෙතෙක් අත් ඔසවාගෙන හුන් සෙසු ආර්ථික විද්‍යා උපාධිධරයෝ දහහතර දෙන සෙමෙන් අත් පහත දමා හිස් පහතට නැඹුරු කොටගත්හ.

" ඔව්..කියන්න ස්වාමිනාදන් මෙනෙවිය? " මහාචාර්යවරයා යලිදු විමසුවේ අනන්‍යා දෙස තම උපැස් යුවළට ඉහළින් බලමිනි.

තම ගෙලවටා රැඳි කහපැහැ දුපාදාවෙහි කෙළවර එල්ලූ කුඩා සීනු නාද නොවනු පිණිස එක අතකින් තදින් ග්‍රහණය කොට ගනිමින් ඇය පිළිතුරු දුන්නාය. " සර් මූලික ආන්තික උපයෝගිතා වක්‍රය පෙන්නුම් කරන්නෙ පාරිභෝගිකයා එක හා සමානව රුචිකත්වයක් දක්වන එකිනෙකට වෙනස් භාණ්ඩ රාශියක්. ඒ කියන්නෙ වක්‍රයෙ ඕනෑම ලක්ෂ්‍යයකදී විවිධ භාණ්ඩවලට පාරිභෝගිකයාගේ රුචිකත්වය සමානයි. " 

" මම ඇහුවෙ ඒක නෙවෙයිනෙ. මොකක්ද මේ වක්‍රයට අදාල ගණිතමය සූත්‍රය? " 

" මම ඒක දන්නෙ නෑ සර්. අනික ඒක සංකල්පයක් විතරයි. "

" හරි අඩුගණනෙ ඔබ ඒක දන්නවද? " 

" නැහැ, ඒ වගේම මම හිතන්නෙ නෑ සැබෑ ජීවිතයෙදි කිසිම අවස්ථාවක මේ වගෙ ගණිතමය සූත්‍රයක් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙයි කියල…" 

තම සුරත ඔසවමින් මහාචාර්යවරයා ඇයට බාධා කලේය." ෂ්ෂ්ෂ්......." ඔහු කට ඇදකොට අවඥාසහගතව සිනාසුණේය. " ළමායි..හොඳට තේරුම් ගන්ට. ඔන්න දැක්කද අද මේ රටේ ආර්ථික විද්‍යා අධ්‍යාපනයේ කණගාටුදායක තත්වය? ඉහළින්ම සමත් උපාධිධාරින්ට මූලික දැනුමවත් නෑ.ඉතිං ඉන්දියාවෙ ආර්ථිකය මේ තරම් පසුගාමී තත්වයක තියෙන්නෙ මොකද කියල අහන්නත් දෙයක්ද? එහෙම නොවුනනම් තමයි මම පුදුම වෙන්නෙ. " මහාචාර්යවරයා තම දේශනය අවසාන කලේ වැඩිමනත් අවධාරණය උදෙසා සුරතෙහි වූ හුණු කූර මේසය මතට දමා ගසමිනි.

මහාචාර්ය චැටර්ජී යනු ආර්ථික විද්‍යා විෂයයෙහි ප්‍රාමාණික බුද්ධිමතෙකු බවට මසිත වූ හැඟීම  සිය දහස් වරකින් යලි යලි තීව්‍ර කිරීමට ඔහුගේ එම වදන් සමත් විය. දශක ගණනක් තිස්සේ ඉන්දීය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් අධික රුධිර පීඩනයෙන් සහ උග්‍ර ආතතියෙන් පෙළීමට හේතුවූ ඒ උභතෝකෝටික ගැටළුවට නිවැරදි පිළිතුර එතුමා සොයාගෙන ඇත. ඉන්දියාවේ ආර්ථික පසුගාමිත්වයට හේතුව අන් කිසිවක් හෝ නොව  අනන්‍යා ස්වාමිනාදන්ය.

හිස පහතට හරවාගත් අනන්‍යා මහාචාර්යවරයාගේ දේශනය අවසාන වනතුරු යලි හිස එසවූයේ නැත. මහාචාර්යවරයා ආර්ථික විද්‍යා උපාධිධරයින් පිළිබඳව කල නිර්දය විවේචනයෙන් IIT හි ඉගෙනුම ලැබූ මගේ සගයෝ නව පණක් ලැබූහ. ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව යනු IIT ආයතනයන්හි වෛකල්පික පාඨමාලාවක් වූ අතර ඒ හැදෑරුවෝ මහාචාර්යවරයා ඉතා වැදගත් කොට සළකන මූලික ආන්තික උපයෝගිතා වක්‍රයට අදාළ ගණිතමය සූත්‍රය පිලිබඳව හොඳින් දැනසිටියෝය.තම පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කීරිමට ලැබුණු මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැන්මට ඔවුන් සියළු දෙනාහටම අවශ්‍ය විය.

මම මේ කියන සූත්‍රය  දන්න කවුරුවත් දන්නවද? " මහාචාර්යවරයා තම දෙබැම ඉහළ නංවාගනිමින් විමසූයේය. 

අංකූර් වහා තම සුරත එසවීය. " ඔව්..කියන්න....ආ..පොඩ්ඩක් ඉන්න.....ස්වාමිනාදන් මෙනෙවිය...මම මේ ඔබටයි කියන්නෙ.... ඔබ මීට පස්සෙ තමන්ගෙ අල්ලපු ආසනයෙ ඉන්න අය එක්ක ඔයිට වඩා අදහස් හුවමාරු කරගන්න කරුණා කරල. ඔබට බොහොම දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි නිසැකවම...ආ..තව එකක්..මීට පස්සෙ මම ආර්ථික විද්‍යා උපාධිධාරීන්ට අත් උස්සන්න කිව්වම ඔබ අත උස්සන්න එපා....ඒක මට කරන ලොකුම උදව්වක් " 

එසේ පවසා කළු ලෑල්ල වෙත ගිය මහාචාර්යවරයා ග්‍රීක හෝඩියේ අකුරු වලින් බහුතරයක් සහ කලනයෙහිදී උපයෝගී කොටගන්නා සමීකරණ රාශියක් එහි ලිවීය. 

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යා පාඨමාලාව ආරම්භ වූයේ මිනිසුන් තේ සහ විස්කෝතු අතරින් එකක් තෝරාගැන්මට තුඩුදෙනුයේ කුමන හේතූන් මතද? වන් සිත් ඇදගන්නාසුළු සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙනි. එහෙත් මේ වනවිට එය අපි ඒ සොඳුරු යුගය පසුකොට වර්ෂාවසාන විභාගයෙහිදී  පිළිතුරු ලිවියයුතු සිත භීතියෙන් තැතිගන්වන සුළු දීර්ඝ සමීකරණ වණපොත් කලයුතු අවධියට සැපත්ව සිටියෙමු.

මේ බැව් හොඳින් දන්නා සිසුහු සටහන් ලියාගත්තේ හිස ගිණිගත්තවුන් මෙනි. මගේ අසල්වැසියාවූ කන්‍යාශ්‍රී මෙනෙවිය කොපමණ තදින් සටහන් ලියාගත්තේද යත් ඇගේ පෑන් තුඩගින් නැඟි කම්පන තරංග මගේ සිරුරේ හිරිගඩු නැංවීමට සමත්වූයේය. මම අනන්‍යා දෙස ඇස් කොණින් බැලීමි. හිස පහතට හරවාගත් වනම සුරතින් සටහන් ලියාගන්නා අතර ඇය වමතින් තරව ග්‍රහණය කොටගත් දුපාදාවෙන් සෙමෙන් තම දෑසින් ගලන කඳුළු පිසගත්තාය. ඇය කෙරෙහි හටගත් අනුකම්පාවක් හා මුසු වූ ලෙංගතුකමක් වන් හැඟීමකින් මගේ හද පිරී යන්නට වූයේ නිරායාසයෙනි.

ඇය උද්ධච්ඡ දමිළ බ්‍රාහ්මණ වංශික යුවතියක බව මම අමතක කළෙමි. ඇය අහමදාබාද් ඉන්දීය කළමණාකරන ආයතනයෙහි රූබරම යුවතිය බවද මම ඒ හා සමඟම අමතක කළෙමි. මම ඒ මොහොතේ දුටුවේ අසීමිතව රිදුනු තැලුනු සිත සනසා ගත නොහී හඬා වැටෙන අසරණ වූ යුවතියකි. චේතනාන්විතව ඇය මඟ හැරීම අමතක කොට දේශනය අවසානයේ ඇය අමතා කථාකළයුතු යැයිද මම ඒ සමඟම තීරණය කළෙමි.

" තවම හිතට හරි නෑ වගේද? " මම යළිදු ඇසුවෙමි.

හිස දෙපසට සොලවා ඒ එසේ නොවන බව හැඟවූ ඕ යලිත් වරක් කඳුලු පිසගත්තාය. " මට ආසයි ආයෙම ටෝපැස් එකට යන්න. " මාතෘකාව වෙනස් කිරීමේ අටියෙන් මම පැවසූයේ ඈදෙස බලා සිනාසෙමිනි. එහෙත් හිස පහතට හරවාගෙන සිටි ඇය කිසිදු පිළිතුරක් නොදුන්නාය. අප අතර නිහඬතාවය මිනිත්තුවක් පමණ කාලයක් දිග්ගැසුණි.

" මේ වගෙ ලැජ්ජාවක් මට මුළු ජීවිතේටම වෙලා නැහැ." ඇය ඉතා පහත් හඬින් පැවසුවාය. 

" හරි හරි ළමයා..ඕක ඔය හැටි හිතට ගන්ට එපා. ප්‍රොෆෙසර්ල ඔක්කොම ඔයවගෙ තමයි. කිසි වැඩකට නැති ගල් ඉබ්බො. ඒක තමයි ඇත්ත. කොහොම හරි මම දන්න විදිහට නම් එහෙම තමයි. " 

" ඔයාට මගෙ ආර්ථික විද්‍යා උපාධි සහතිකේ මම පෙන්නන්නංකො. ඒකෙ තියනව ඔක්කොම මට හම්බවෙච්චි ලකුණුත් එක්කම. " ඇය උද්වේගයෙන් යුතුව කියවාගෙන ගියාය. 

" මොන පිස්සුද? මට එව්ව බලන්ට ඕන නෑ අනන්‍යා " 

" ෆයිනල් එග්සෑම් එක මම පාස් වුනේ මුලු දිල්ලි යුනිවසිටි එකේම තුන් වෙනියට. මේ එන්ජිනියරිං විතරක් දන්න ප්‍රොෆෙසර්ල මට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකත් එපා කරවනව. ආර්ථික විද්‍යාව කියන්නෙ ඇත්තටම කලාවක් විදිහට ඉගෙන ගන්න ඕන දෙයක්. අර පේන්නෙ නැද්ද? මෙයාල ඒ වගෙ විෂයයක් උගන්වන්න හදන්නෙ තනිකරම ග්‍රීක් අකුරු වලින් පිරිච්ච සමීකරණ ගොඩකින්. " 

ඇය හිස ඔසවා ගණිත සමීකරණ සහ විවිධ සූත්‍ර වලින් පිරුනු කළු ලෑල්ල දෙසට තම සුරත දිගු කළාය. ඇගේ කහ පැහැති දුපාදාවෙහි රැඳුනු කුඩා සීනු මිහිරි හඬක් නඟමින් සෙමින් නාද විය. මම කිසිවක් නොපවසා ඇය දෙස බලා සිටියෙමි.

" ඔයත් ඉතිං IIT එකේනෙ. ඒ හින්ද ආය දෙකක් නෑ ඔයාටත් මේ සමීකරණ කජු කනව වගේ ඇති. " ඇය මා දෙස එක එල්ලේ බලමින් පැවසුවාය. ඇගේ දෑස් අග තවමත් කඳුළු වියලී නොතිබුනද එහි දීප්තිය කිසිදු අයුරකින් අඩුවී නොමැතිබව මට දැකගත හැකිවිය. 

ඇය පෙන්වූ කළුලෑල්ල දෙස මම බැලූයෙමි. සත්‍ය වශයෙන්ම වීජ ගණිතයට මම බොහෝ සේ ඇළුම් කලෙමි. වීජ ගණිතයට ඇළුම් කිරීම යනු ලජ්ජාවට පත්වියයුතු හෝ සැඟවියයුතු කරුණක් හෝ නොවූවද වීජ ගණිතයට මගේ ඇති ඇල්ම හෝ දක්ෂතාවය පිළිබඳව දේශනයක් පැවැත්වීමට මේ කිසිසේත්ම සුදුසු අවස්ථාව නොවන බව මම පැහැදිලිව දැන සිටියෙමි. 

" නෑ.නෑ..මටත් ඔය ගණිතෙ එච්චරම අල්ලන්නෙ නෑ. අනික ඔය ග්‍රීක් අකුරු තියන සමීකරණ ඉගෙන ගන්න එක මහ එපා වෙන වැඩක්. " 

" ආන්න දැක්කද? ඒකනෙ කියන්නෙ. ඒත් අවුල කියන්නෙ මේ ප්‍රොෆෙසර්ලට ඕක තේරෙන්නෙ නැති එක නෙව. මොනවද ඔට්ටු මේ ප්‍රොෆෙසර් ලබන සුමානෙ විභාගෙට මේ සමීකරණ ටික එහෙම්මම දෙනව. එහෙම වුනොත් ආය දෙකක් නෑ මම ෆේල්. ඊළඟට ඔය මනුස්සය කරන්නෙ උපාධියක් තිබ්බට මේ ලෝකෙ දෙයක් නොදන්න මෝඩ ඉන්දියන් ශිෂ්‍යයෙකුට දර්ශීය උදාහරණයක් විදිහට මේ මම ගැන හන්දියක් හන්දියක් ගානෙ කිය කිය යන්ට පටන් ගන්නව. මට සීයට සීයක් ෂුවර් දැනටමත් ස්ටාෆ් රූම් එකේ කතා වෙනව ඇත්තෙ නොවැරදීම මා ගැන " 

ඇය නොකඩවා කියාගෙන ගියාය. මම මද සිනහවකින් යුතුව ඇගේ එහා මෙහා දුවන විසල් ඇස් සහ මුවින් පිටවන වදන්වල රිද්මයට සැලෙන තොල් දෙස බලා සිටියෙමි.මේ වනවිට ඇගේ කඳුලු වියලී තිබීම මසිතට මහත් සැනසුමක් විය.

" ඔය ප්‍රොෆෙසර්ල ඔක්කොමල වගෙ රස්සාවත් එක්ක එපා වෙලයි ඉන්නෙ. ඒකයි ඔය පොඩ්ඩ බැරිවුනහම මොනව හරි කිසිම වැදගැම්මකට නැති කෙහෙල් මලක් අල්ලගෙන අපිව හෑල්ලු කරන්ට හදන්නෙ. එක අතකට එයාලට එහෙම කරන්ට යම් හේතුවකුත් තියනව. දැන් බලන්න. අපි එයාලගෙ වයසෙන් බාගෙකටත් අඩුයි ගොඩක් වෙලාවට. ඒත් තව අවුරුදු දෙකකින් අපි මෙතනින් පිටවුනහම එයාල වගෙ දෙගුණයක් හම්බ කරන්ට පුලුවන් ලේසියෙන්ම. දැන් ඔයා  මෙහෙම හිතන්නකො. අපි කැමතිද අවුරුදු එකොළහක පොඩි එකෙක් අපි වගෙ දෙගුණයක් හම්බ කරනවට? " 

ඇය පියකරු ලෙස සිනාසුණාය. කඳුළු අතරින් පැනනැඟි ඒ සිනහව මසිත ඇය වෙනුවෙන් ඉපිද ඇති සෙනෙහස තවත් තීව්‍ර කළේය.

" මේ ළමයා..ඔය දුපාදාව අර එලියෙ බෝගන්විලා පඳුරෙවත් වනන්න. ඕක තෙමිල ඇත්තෙ හොඳටම." මම ඇගේ සිත තවත් සැහැල්ලු කරවනු උදෙසා පැවසූයෙමි. ඇය හඬනඟා සිනාසුණාය. 

අප දෙදෙන පංතිකාමරයෙන් පිටතට පැමිණියෙමු.දිවා ආහාර වේලාව මඳක් පසුවී තිබූ බැවින් ආයතනය අසලම පිහිටි රම්භායි ආපන ශාලාවෙන් සුළු අහරක් ගෙන තේ පානය කිරීමට අපි තීරණය කළෙමු.

"ප්‍රොෆෙසර් මාව අනිවාර්යයෙන්ම මයික්‍රෝ එකොනොමික්ස් වලින් ෆේල් කරනවා. ඒකනම් මට ෂුවර්. දැනටමත් ඒ මනුස්සය මගෙ නම ඉස්සරහ අලි විසාල D එකක් දාල ඒ දිහා බලල හිනාවෙනව ඇති. " 

තේ බඳුනෙහි උණුසුම අධික බැවින් ඇය එය අල්ලාගෙන සිටියේ දුපාදාව ඒ වටා ඔතාගනිමිනි." ඒක හොඳයි ඕක වේලෙන්ටත් එක්ක " මම පැවසුවෙමි. ඇය යලිත් හඬනඟා සිනාසුනාය.

" මේ ඔයා බයවෙන්ට එපා ප්‍රොෆෙසර්ගෙ විභාගෙට. මම කියන්නද? අපි දෙන්න එකට පාඩම් කරමු. මටත් ඔය සමීකරණ පෙන්නන්ට බෑ. ඒත් මොන එකක්ද මන්ද එව්ව මට හොඳට මතක හිටිනව. එක අතකට එහෙම වෙන්ටත් එපාය .IIT එකේදි අපි ඉතිං අවුරුදු හතරක්ම කලේ ඔව්වමනෙ. " ඇය නලල රැලි ගන්වා මොහොතක් මදෙස බලා සිටියාය.

" මේ මේ..මට ඔයාට යෝජනා ගේන එකොළොස්වෙනිය වෙන්න කිසිම ඕන කමක් නෑ හොඳද මැඩම්?... මගෙ තුන් හිතකවත් එහෙම කල්පනාවක් නෑ. මේක මේ තනිකරම අධ්‍යාපන කටයුතු වලටම විතරයි හොඳද? " මම වහා දෑත ඔසවා පැවසුවෙමි. 

ඇය යලිදු සිනාසුනාය. " ඒ දහයයි කියල මම කිව්වෙ ගිය සතියෙ. මේ මොහොත වෙනකොට ගණන දහතුනයි. " 

" තාමත් ඔයා පස්සෙ ආපු අය  ඔක්කොමල IIT අයමද? " මට එසේ නොවිමසා සිටිනු නොහැකි විය.

" නෑ අන්තිම දෙන්න වෙන කොහෙන්ද... මට හරියට මතකත් නෑ." 

" හරි හරි ඒක මොකක් හරි කියමුකො..රයිට් එහෙනං මට දාහතරවෙනිය වෙන්න කිසිම ඕන කමක් නෑ කියල කියන්නංකො. මම හිතුවෙ ඇත්තටම ඔයාට දන්නෙ නැති දෙයක් කියල දෙන්ට...." මට පැවසීමට හැකිවූයේ එපමනකි. ඇය සුරත ඔසවා මට බාධා කලාය. 

මේ ක්‍රිෂ්,  මට ඔයාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්ට නම් බෑ. මම දිල්ලි විශ්ව විද්යාලෙ ආර්ථික විද්‍යාව පාස් වුනේ බැච් ටොප්වෙලා. අනික මේ... ඔයා කරල තියෙන්නෙ ඉංජිනියරිංනෙ." 

" හා..ඒකත් එහෙමද?...බොහොම හොඳයි. එහෙනං තනියම ඉගෙන ගන්නකො. මට මොකද? මට මෙතන කාටවත් බලෙං උගන්නන්ට කිසිම ඕන කමක් නෑ. හරිද? " මම එකෙණෙහිම හිඳ සිටි අසුන පසුපසට කොට නැඟී සිටියේ වේටර්වරයාට හඬ ගසමිනි. " මේ අපේ බිල ගේනවද? " 

" අයියෝ ඔය ඉතිං..ඔයා එක්ක බෑනෙ..ඉඳගන්නකො කේන්ති ගන්නෙ නැතුව. මම කිව්වෙ ඔයාට මට ආර්ථික විද්‍යාව උගන්නන්ට බෑ කියල විතරයි. ඒත් අපි දෙන්නට එකට පාඩම් කරන්න පුලුවන්. මම කැමතියි ඒකට. " ඇගේ විසල් දෙනෙත් එක එල්ලේ මා දෙස යොමුවී තිබිණි.

මම ඇගේ නෙත් තුල කිමිදෙමින් යලි අසුන් ගතිමි.

" හරිනෙ එහෙනං...ක්‍රිෂ්?..... මගෙ කාමරේට අටට හොඳද? මීට කලින් කෙල්ලෙකුගෙ කාමරේට රෑ ගිහිල්ල තියනවද? " 

" ප්‍රශ්ණයක් නෑ... හැමදෙයක්ම පුරුදු වෙන එකත් හොඳයිනෙ.." 

" රයිට් වෙරි ගුඩ්..එහෙනං හරියට අටට..ආ..මේ ලොකු  පොත් හත අටක් කරේවත් තියාගෙන එන්ට හොඳද ඔන්න මතක ඇතුව….. එතකොට කාටවත් සැකයක් හිතෙන එකක් නෑ ඔයා මොකටද මේ රෑ ජාමෙ මගෙ කාමරේට එන්නෙ කියල..ඕකේ? " අනන්‍යා කට ඇදකරමින් මට උපදෙස් දුන්නාය.

86 comments:

  1. එහෙනං හරියට අටට කාමරේට එනවා. ඉතුරු කොටස ලියල තියන්න. උපයෝගිතා = utility ද?

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      ඔබ හරි . මූලික ආන්තික උපයෝගිතා වක්‍රය = Basic Marginal Utility Curve

      Delete
    2. ඉකොනොමැට්ටා ලිපියක් දාල අපටත් පැහැදිලි කරනවද?

      Delete
  2. වැඩේ නැලල යනවා රයියෝ... හොදින් රසවිදිමි.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. දේශක්ස්,

      ස්තූතියි...ස්තූතියි...ස්තූතියි...;)

      Delete
    2. දැනුම් දීමයි.. ඉවසල බැරිම තැන පොත ගත්තා..

      Delete
    3. දේශකයා,

      ඉවසීමේ සීමාවත් පැන්නා,
      වලහා කිඹුලගෙ හොම්බට ඇන්නා, ...:)

      Delete
  3. චේතනාන්විතව- මම මේ වචනය අහලා නෑ. මම නම් ඕකට හිතා මතාම කියලා නිකං ඉන්නවා.
    >>රැවැති ළඳුන් මනා ලෙස හැසිරෙනුයේ ඔබ ඔවුන් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන විටය. එහෙත් ඇත්තෙන්ම මේ සංකල්පය සාර්ථක වනුයේ ඔබ ඔවුන් කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බව ඒ රුවැති ළඳුන් දැන සිටිය හොත් පමණි. එසේ නොමැතිව අවම වශයෙන් ඔබ වන් අයෙකු මේ මිහි මත වාසය කරන බවක් හෝ ඔවුන් නොදන්නේ නම් ඔබගේ ඒ නොතකා හැරීමෙන් කිසිදු පලක් නොවනු ඇත. <<

    She was ignoring me so hard that I started to doubt my own existence. :D

    ඒ එක්කම මම පහුගියදා ලියපු මෙතෙක් කතාව සහ අද එතැන් සිට දෙවෙනි කොටසේ තිබ්බ මේ කොටස මගෙ ඔලුවට ආවෙ "අචේතනාන්විතව" :D

    >>සමහරු ලඟට ගියාම, උන් අපිව ගනං නොගෙන උන්ගෙ වැඩ දිගටම කරන හැටි දැක්කාම මම වෙලාවකට බිම බලනවා මම ඇත්තටම එතන හිටගෙන ඉන්නවද කියලා සැක හැර දැන ගන්න.<<


    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / චේතනාන්විතව- මම මේ වචනය අහලා නෑ. මම නම් ඕකට හිතා මතාම කියලා නිකං ඉන්නවා. /

      කට වචනයෙන්ම ලියනවනම් මාත් හිතාමතාම කියල යොදනවා. ඒත් මේ කතාව පොඩ්ඩක් විතර ලිඛිත භාෂාවෙන් ලියන හින්ද මම චේතනාන්විතව කියල ලිව්ව.

      / She was ignoring me so hard that I started to doubt my own existence. :D /

      After a time period that may be at most about two minutes but felt like eons ( obviously during this whole time she was ignoring me so assiduously that I realized how the invisible man in H.G. Wells' renown book might have felt ) I finally decided to make my presence known to Her Majesty.

      " Err..excuse me Miss ? "

      She didn't respond at once. I waited patiently for another thirty seconds and cleared my thought..again..

      " Hamm…Miss? "

      " Yes? " She looked up regally like may be Queen Victoria must have looked at some lowly subject from a far flung corner of her empire who is seeking an audience to offer some tributes.

      I looked at her beautiful face dumbstruck with awe realizing for the first time what Mr. Amarasinghe our Sinhala teacher was so hard trying to hammer into my head about twelve years ago, the exact meaning of Sinhala expression " විශ්මයෙන් පාෂාණිභූත විය."

      " Yes? " She asked again a note of irritation creeping in to her voice.

      " My goodness it took me twelve years to finally comprehend what Mr. Amarasinghe was trying to teach.." I croaked.

      " What? You crazy or something? What do you want? "

      " You……you.. …"I didn't know why I was stammering . I was speaking perfectly well about ten minutes ago.

      " What do you want ?...I am very busy here…"

      " Ok, ok..Miss …"

      " Don't you dare miss me " she hissed.

      " Ok...Right ... calm down..calm down..I won't miss you "

      " Come again? Who do you think you are? Are you trying to be clever or what?"

      My goodness . It seems to be I got down from the wrong side of bed today. Nothing works right for me at the moment. Is it her? I mean is Miss Queen Victoria having this effect on me? If so what should I do about it? I was thinking on my feet figuratively as well as literally.

      " I am waiting…." The reincarnation of Queen Victoria said again and my carefully arranged train of thought de-railed with immediate effect.

      ********************************

      Thanks Machang, that is called being inspired…:)

      Delete
    2. OMG!

      It doesn't take much to inspire you and get going, does it?

      This is Creativity.

      Delete
    3. Henry,

      / It doesn't take much to inspire you and get going, does it? /

      Yeah, yeah, yeah It sure doesn't tale very much to inspire me….inspire me…inspire me and..and…and…get me going…get going...get going
      Yeah, yeah, yeah It sure doesn't tale very much to intoxicate me….intoxicate me…intoxicate me and..and…and…get me jabbering..get jabbering…get jabbering

      Delete
  4. හැක් හැක් නියම කතන්දරේ...

    අපිට මොකද අපි දසසිල් උපාසක...
    ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට...

    ඕං මම නං ගියේ කැන්ටිමටලු පාඩම් කියා දෙන්න.

    ReplyDelete
    Replies
    1. තෙලිදිය,

      ඒ කියන්නෙ එදා උඹ කැන්ටිමේ මුදලාලි එක්ක කලින් ඇග්‍රිමන්ට් එකකට ආව පාඩම් කියල දෙන වෙලාවට කාටවත් එන්ට බැරිවෙන්ට කැන්ටිමේ දොර ජනෙල් ඔක්කොම වහල දාන්ට. එතකොට ඒ වෙලාවෙ මුදලාලිට වෙන අලාබෙත් උඹ ගෙව්වද?

      මගෙ යාලුවෙක් එක පාරක් ඔහොම කරල මුදලාලි කිව්ව ඒ පැය දෙකට මිනිහ පැටිස් හතළිහකුයි කට්ලට් විස්සකුයි ටී විසිපහකුයි විකුණනව කියල. අපේ බුවා ඒ ගාණ ගෙවල පැටිසුයි කට්ලටුයි පොඩි පෝර උරේක දගෙන ටී විසිපහත් ප්ලාස්ටික් බාල්දියක දාගෙන අරන් ආව. අපි සුමානයක් විතර එව්ව කෑව ෆ්‍රිජ් එකේ තියල.

      Delete
    2. හැක් හැක්... නෑ බං අපි රෑට කුප්පි දාන්නෙ හුඟක් වෙලාවට කැන්ටිමේ තමා. දොර ජනෙල් වහන්න ඔ්නවුනේ නෑ. මොකෝ සද්භාවයෙන්මනේ කුප්පිය අපි දාන්නේ..

      Delete
  5. කළු ලෑල්ල වෙත ගිය මහාචාර්යවරයා ග්‍රීක හෝඩියේ අකුරු වලින් බහුතරයක් සහ කලනයෙහිදී උපයෝගී කොටගන්නා සමීකරණ රාශියක් එහි ලිවීය.

    I was doing fine with maths until the English alphabet plus Podi and Loku Vithana started getting involved. When the fucking Greek alphabet and Mr Piyasiri kicked me in both the balls, separately. That explains a lot, huh?

    ReplyDelete
    Replies
    1. Dude,

      Know your sentiments exactly. I too hated maths during my school days.

      Once during late eighties I met a very nice girl while travelling to Kaduruwela. I was working beyond Kaduruwela at that time. Well everything was going very well with that girl until she said she is a Maths teacher. After that I totally lost whatever feelings I had for her. See what a subject you got to loathe during school days can do to your life later on.

      But it is really strange that when I had to do some professional courses later somehow I got over my animosity to maths sufficient enough to pass with a credit. Damn shame isn't it Machang? I mean about that cute Maths teacher of course…Ha…ha.

      Delete
    2. Saved by the subject. Works either way. You do the math.

      Delete
    3. Dude,

      Yes, Machang, May be she should be thanking her lucky stars for choosing to be a Maths teacher or should I thank my stars? A whole lot of probability and speculation ..isn't it now?...:)

      Delete
  6. //ප්රොෆෙසර්ල ඔක්කොම ඔයවගෙ තමයි. කිසි වැඩකට නැති ගල් ඉබ්බො. ඒක තමයි ඇත්ත.//

    හී හී...ඉන්දියාවේ අය වෙන්ට ඇති.

    //ක්ෂුද්ර ආර්ථික විද්යා පාඨමාලාව//

    නියම පරිවර්තනේ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      පරිවර්තනේ මගේ නෙවෙයි බොල. Micro Economics වලට කියන්නෙ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව කියල තමයි….:)

      Delete
    2. පාරිභාෂික වචනෙ නම් සූක්ෂ්ම ආර්ථික විද්‍යාව නේද රවි. කුඩා කියන අර්ථයෙන් නෙවෙයි micro කියන වචනෙ යෙදෙන්නෙ ආර්ථික විද්‍යාවෙදි. ක්ෂුද්‍ර කියන වචනෙ යෙදුවොත් සූක්ෂ්ම කියන වචනෙන් දෙන නිර්වචනය නැතිව යනවා. සාර්ව ආර්ථික විද්‍යාව (micro economics) ඒකෙ අනික් පැත්ත.

      හැමදාම වාගෙ පරිවර්තනේ අනර්ඝයි. ඉතිරි කොටස් ටිකත් එනකල් මග බලා ඉන්නවා.

      Delete
    3. හොඳ භාෂා පාඩමකුත් ලැබුණා. මං හිතන්නෙ දෙතුන් දෙනාම නිවැරදියි.

      Delete
    4. කසුන්,

      සූක්ෂම කිව්වම කුඩා කියන අර්ථයත් එනව. ඒ වුනාට කසුන් මම හිතන්නෙ සූක්ෂම කිව්වම දක්ෂ,පුහුණුවක් ලත් ( Skilled ) කියන අර්ථෙකුත් එනව ඊට වැඩිය. ඇත්තටම කිව්වොත් සූක්ෂම කියන වචනෙ ඒ අර්ථ දෙකේම එකතුවක් කියලයි මට හිතෙන්නෙ. දැන් ඔර්ලෝසු අලුත්වැඩියා කරන්නෙක් ගැන කියනකොට කිසි ප්‍රශ්ණයක් නැතුව සූක්ෂම කියල කිව්වැහැකි. කුඩා සහ දක්ෂ අර්ථ දෙකම එතන එනව. ඒත් මමත් දැක්ක අන්තර් ජාලයෙ Micro Economics කියන වචනෙට සූක්ෂම ආර්ථික විද්‍යාව සහ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව කියන දෙවිදිහටම පරිවර්තනය කරල තියනව.

      Delete
    5. ගුණසින්හ මහත්මා,

      ස්තූතියි ඔබට...:)

      Delete
    6. රවි ස්තුතියි ඔබේ අදහසට,

      සූක්ෂ්ම සහ සාර්ව යන වචන දෙක මෙරට ආර්ථික විද්‍යා විශේෂඥයන් සහ සුචරිත ගම්ලත් ඇතුලු භාෂා විශාරදයන් විසින් සම්මත කරපු වචන දෙකක්. ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ භාවිතය ගැන දැනුම හිඟ නිසා ඔබ ක්ෂුද්‍ර කියන වචනය සහ සූක්ෂ්ම කියන වචනය අතර වෙනස නොදකින බවයි පෙනෙන්නේ. ක්ෂුද්‍ර කියන වචනයට වඩා සූක්ෂ්ම කියන වචනයේ වපසරිය පුළුල් බව ඔබ දැක තිබීම සතුටක්. ඒත් සූක්ෂ්ම (micro) කියන වචනය මෙහි යෙදෙන්නේ සාර්ව කියන අර්ථයට විරුද්ධව කියන එක අමතක කරන්න එපා. සූක්ෂ්ම ආර්ථික විද්‍යාව ආර්ථිකය සමස්තයක් වශයෙන් නොගෙන එහි කොටස් අනුකොටස් අධ්‍යයනය කරනවා. සාර්ව ආර්ථික විද්‍යාව එය සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යයනය කරනවා. ක්ෂුද්‍ර කියලා පරිවර්තනය කරන අයත් ඇති. ඒත් මම කිව්වේ වියතුන් විසින් පිළිගන්නා ලද මතයයි. එයට එකඟ වීම හෝ නොවීම ඔබේ අයිතිය වගේ ම එයින් පාරිභාෂික පදයේ පොදු පිළිගැනීමට බලපෑමකුත් නැහැ.

      වෙනත් අයගේ බ්ලොග්වල මම භාෂා වැරදි පෙන්වන්න යන්නෙ නැහැ වැඩිපුර. ඒ අය තමතමන්ගේ ආස්ථාවල දරුණු ලෙස පිහිටා නැවත ප්‍රහාර එල්ල කරමින් ප්‍රශ්නයෙන් පැන යන නිසා. ඔබ භාෂා භාවිතය ගැන හොඳින් සිතා බලන මැනවින් බස හසුරුවන කෙනෙක් නිසයි මේ ටික කීවේ. ඔබට ජය.

      Delete
    7. කසුන්,

      ඔබට ආයමත් ස්තූතියි " උඹට ඕන එකක් උඹ හිතාගෙන හිටපන් මට මොකද? " කියල හිතල නිහඬ වෙන්නෙ නැතුව ආයම අදහස් දක්වපු එකට. මගේ වැරැද්දක් තියනවනම් මම නිතරම සූදානම් එය නිවැරදි කරගන්ට. ඔබ කිව්ව විදිහට මම ආර්ථික විද්‍යාව ගැන ලොකු දැනුමක් ඇත්තෙක් නෙවෙයි. ඒ වගේම එය මගේ විෂයය ක්ෂේත්‍රයත් නෙවෙයි. ඒ හින්දඒ ගැන මගේ මතය වෙනස් කරගන්ට මම හැම වෙලේම සූදානම්.

      Micro Economics කියන ඉන්ගිරිසි වචනයට සින්හලෙන් සූක්ෂම ආර්ථික විද්‍යාව කියල සම්මත වෙලා තියනවනම් අනිවාර්යයෙන් මම ඒක පිළිගන්නවා.ඔබට ආයෙමත් ස්තූතියි. වැරදි දැක්කොත් ආයම කියන්න.ඒක මට කරන උපකාරයක්..:)

      Delete
    8. ඔබටත් ඉතාමත් ස්තුතියි රවි. ඔබේ මේ මහත්මා ගතිය නිසයි මම මේ බ්ලොගයේ කොමෙන්ටුවලත් නිත්‍ය පාඨකයෙක් වෙලා ඉන්නේ. ජය වේවා !

      Delete
    9. මුරුංගා සීන් එකෙක් නෙමෙයි.. රවි අයියගෙයි කසුනගෙයි කොමෙන්ට් බලනකොට මගෙ ඇස් බොඳ උනා..

      Delete
  7. මට එක පාරක් IIT එකෙන් පාස් අවුට්උනු පොරක් හම්බුනා චීනේ great wall නගින tour එකකදී. මාර ම show off, IIT ගැන.
    එයා heights වලට බයයි. ඉතින් චීන මහා ප්‍රාකාරේ අර චුටි උඩකට විතරක් කේබල් කාර් එකෙන් නැග්ගා. ඊට පස්සේ තව උඩට පයින් නගින්න තියෙන ඒවා මුකුත් එයා නගින්න ආවේ නෑ.
    හැබැයි tour එක ඉවර වෙලා ආපහු යනකොට නම් එයා souvenir ෂොප් එකකින් 'This is to certify that Dr. XXX climbed the great wall' කියල ලියපු certificate එකක් සල්ලි දීල ගත්තා. පොර ෂුවර් එකට ඒකත් රාමු කරලා බිත්තියේ ගහන් ඇති :D :D

    ReplyDelete
    Replies
    1. Niro,

      ඔය IIT එකට ඇතුල් වෙන්ට හරිම අමාරුයි කියලයි කියන්නෙ. මේ පොත කියෙව්වට පස්සෙ මම මෙහෙ මා එක්ක වැඩකරන ඉන්දියන් එන්ජිනියර් කෙනෙක්ගෙන් ඇහුව. පොර ඔය IIT Entrance Exam එක ෆේල් වුනාලු. හෙහ්..මිනිහ හෙණ බ්‍රයිටා. MSc එකකුත් තියනව. මේ දවස්වල තව MSc එකක් කරනව. ඒත් මිනිහත් ෆේල් වෙලා. මිනිහ කරන කාලෙ එච්චර Competitive ලු ඒ විභාගෙ.ළමයි අවුරුදු ගානක ඉඳල ඒ විභාගෙට ලෑස්ති වෙනවලු. දැන් නම් ඒ Competition එක වැඩි හින්දම රට හැමතැනම IIT දාල. ඒ නිසා තත්වය එcච්හරම දරුණු නෑ කියල තමයි එයා මා එක්ක කිව්වෙ.

      චීන මහා ප්‍රාකාරෙ ගැන ජෝක් එකක් මේ.....

      Why is the great Wall of China considered as one of the Seven wonders of the world?

      Because it's the only Chinese product that has lasted longer than a month.

      Delete
    2. අන්තිම එක සිරා.

      Original කියන වචනෙ විරුද්ධ පදේ මොකද්ද ඇහුවම එකෙක් කිව්වා Chiness කියලා...

      Delete
    3. ඩ්‍රැකී,

      කාලෙන් කාලෙට මිනිස්සුන්ගෙ අදහස් පිළිගැනීම වෙනස් වෙනව. නමසිය හතළිස් ගනන් වල අවසානයෙ සහ පණස් ගණන් වල අද ඔය චීන බඩුවලට තියෙන පිළිගැනීමම තමයි තිබිල තියෙන්නෙ ජපන් බඩු වලට.කිසිම කොලිටි එකක් නැති සුකුරුත්තන් බඩු කියල.

      අපෙ අත්තම්ම එහෙම මට මතකයි කටත් ඇද කරල කියනව " අපොයි එව්ව අරගෙන මොකටද? ජපන් බෝනික්කො වගේනෙ.සතියක්වත් වැඩක් ගන්න වෙන්නෙ නැහැ " ඔන්න ඔහොම. එහෙම වෙන්න ඇත්තෙ මම හිතන්නෙ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම විනාශ වෙච්චි ජපන් ආර්ථිකය ක්ෂණිකව ගොඩ ගන්ට ජපන්නු පහසුවෙන් සහ විශාල වශයෙන් නිපදවන්ට පුලුවන් ( Mass Production ) ප්ලාස්ටික් සෙල්ලම් බඩු වගෙ දේවල් වැඩිපුර හදන්ට ඇති.රට ස්ථාවර තැනකට එනකල් උපක්‍රමික වශයෙන් අනුගමනය කරපු ඒ පියවර හින්දයි මම හිතන්නෙ ඔය ජපන් බඩු කියන වගේ අපහාසාත්මක යෙදුම ආරම්භ වුනේ.

      Delete
    4. Ravi&Drac

      "You make it ; we fake it ! "

      Delete
    5. ප්‍රා ජේ,

      ඒක පට්ට...
      හරියට Insured by mafia වගේ.
      "You hit me - We hit you !"

      Delete
    6. රවි,

      අනගාරික ධර්මපාල තුමා කියපු කතාවක තිබ්බා මෙහෙම,

      සංස්කෘත කාරයක් බ්‍රහ්මයා යැයි වරදවා කියන බුරම්පියා හමුවීමට ඉංග්‍රීසි ජාතිකය‍ෙක් ද, ජපන් කාරයෙක් ද, සිංහල මිනිහෙක්ද ගියෝය.

      “උඹ ආවේ මොකටද?“ බුරම්පියා ඉංගිරිසි කාරයාගෙන් ඇසීය.
      “සත් සමුදුර ජයගන්ටය“ ඉංගිරිසි කාරයා කීවේය.
      බුරම්පියා ඒ වරම ඉංගිරිසි කාරයාට දුන්නේය. එතැන් පටන් ඉංගිරිසීන් නැව් තනා, පිට දේශයන්ට යාත්‍රා කර, ඒ රටවල් අල්ලා ගන්ට පටන් ගත්තේය.

      ඊ ළඟට බුරම්පියා හැරුනේ ජපනා දෙසටය.
      “උඹට ඕනෑ මොනවද?“
      “ස්වාමීනි, මට කෙලි බඩු හදන වරම දෙන්ට“ යැයි ජපනා කීවේය. ඒ වරම ඌට ලැබුණේය.

      අන්තිමට, ඉදිරියට එන්ට පණ නැතිව බිත්තියකට හේත්තු වී සිටි අපේ සිංහලයා දිහාට බුරම්පියා හැරුණේය.
      “උඹ ආවේ මොකටද?“
      “මං මේ නිකං ආවා“ යැයි සිංහලයාට කියැවිණි.
      “එහෙනං උඹ ගිහිං නිකං හිටපං“ යැයි බුරම්පියා අවසර දුන්නේය.

      එතැන් පටන් රුවන්වැලිසෑය බිමට පස් වන තුරුත්, පරාක්‍රම සමුද්‍රය ගොඩ වන තුරුත්, සිංහලයා නිකං සිටියේය.

      මේ කතාවෙත් තියෙන්නෙ ජපනා සෙල්ලම් බඩු හදන්නට ප්‍රසිද්ධ බව...

      Delete
  8. [අවම වශයෙන් ඔබ වන් අයෙකු මේ මිහි මත වාසය කරන බවක් හෝ ඔවුන් නොදන්නේ නම්]

    මෙන්න මේ වගේ ඩයල් එකක් අපේ සෙට් එකේ හිටියා. මූ අවුරුදු ගානක් තිස්සේ හිතේ තියන් ඉඳල ඉඳල අන්තිමට ඒ කෙල්ලගේ වෙඩින් එක දවසේදී මේකිට sms එකක් ගැහුවා විශ් කරලා.. හෙහ් හෙහ් වෙඩිමට පහුවදා ද කොහෙද හස්බන්ඩ් ගෙන් මූට sms එකක් එනවා මචං කවුද උඹ කියල අහල... :D අපි ඌව තාම බයිට් කරනවා ඔය සීන් එකට..

    නිවාඩුවක් දාල හරි ඉතිරි කොටසත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. Pathum,

      I love her so much that it hurts me no end
      I exist on this earth only for loving her,
      But the only hiccup is even though I exist only for her,
      She doesn't know that I even exist….Boo-hoo…boo-hoo…boo-hoo

      Delete
  9. පොඩ්ඩක් ඉඳහං අයියෙ හෙමීට කියවල එන්නං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි හරි මල්ලි හදිස්සියක් නෑනෙ. අනික කස්ටමර්ල වැඩිපුර එන වෙලාවෙ බිස්නස් ගැන බලාගනින්. මේක කියවන්න පස්සෙ බැරිය?..:)

      Delete
    2. උපයෝගිතා වක්‍රයි, වීජ ගණිතයයි...
      ලංකාවෙ ආර්ථික විජ්ජා කාරයො දන්නවද දන්නෑ මේ ගැන.

      නියමෙට ලියල තියෙනව රවි අයියා.

      Delete
    3. ප්‍රසන්න,

      / උපයෝගිතා වක්‍රයි, වීජ ගණිතයයි...ලංකාවෙ ආර්ථික විජ්ජා කාරයො දන්නවද දන්නෑ මේ ගැන. /

      දන්නව දන්නව බන් මොකෝ නොදැන? මොකෝ නොදැන? යස අගේට දන්නව.

      මරාගෙ මහ බැන්කු අදිපතියා හිටියෙ කබරාල් ගොයිය. ඒ යකා ඔය උපයෝගිතා වක්කර ගැන විසේසඥයෙක්. මේ පින්තූරෙ බලාපන්. පොදුරාජ්ජ මන්ඩල ක්‍රීඩා උස්සවේ ලන්කාවට ගන්ට උස්සාහ කරන්ට කියල ඔය කොහෙද රටකට ගිහිල්ල ඒ කාලෙ ඔ.හි.කු. නාමෝලයි කබරාලයයි, එක්ක මේ කරන්නෙ උපයෝගිතා වක්කර සෙල්ලම.

      Delete
  10. ශෙහ්... තෝසෙයි සාම්බාරු හොද්දයි උළුඳු වඩෙයි වගේ.. නියමෙට යනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  11. මෙය කියවන විට පරිවර්ථනයක් කියවන බව නොහැඟේ. සාමන්‍ය පරිවර්ථනයක් කියවීමේදී දැනෙන පිටස්තරබව නොහැඟී, එම දේශණ ශාලාවට කියවන්නා රැගෙන ගිය අයුරු අපූරුයි.

    ReplyDelete
    Replies
    1. Ian,

      ස්තූතියි ඉයන් ඔබට...:)

      Delete
  12. රවී,
    ඒ සළුව දුපදාව නොව දුප්පතා හෝ දුප්පට්ටා විය යුතුයැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      Dupatta කියල ඉන්ගිරිසියෙන් ලිව්වට ඒ වචනෙ ශබ්ද කරන්නෙ බොහෝවිට දුපාදා කියලලු. මා එක්ක වැඩ කරන ඔව්ව අඳින ඉන්දියන් කෙල්ලො දෙන්නෙක්ගෙන්ම මම ඇහුව.. ඊට පස්සෙයි එහෙම ලිව්වෙ.

      දිලීපගෙ පරිවර්තනයෙ තියෙන්නෙ දුප්පතා කියලද?

      Delete
    2. ඒ සලුවට දුප්පට්ටා කියනව කියල මම වෙන මොකක් හරි පොතක කියවල මතක තිබුන නිසයි කිව්වෙ.ඔන්න ඉතිං උඹ අහපු නිසා දිලීපගේ පරිවර්තනේ හොයන්න පොත්ගොඩ අදින්න උනා.ඒකෙ තියෙන්නෙ නං "එයා ඇඳගෙන හිටිය කහපාට කුර්තාවෙ සාටකෙන්(ඒකෙ සිලිං බිලිං සීනු එල්ලල තිබ්බ,එයා එහෙ මෙහෙ වෙද්දි නාද වෙන්න)හිමින් සැරේ කඳුළු මාත්තු කරගන්න එක මගෙ ඇස්වලට හංගන්න බැරි වුණා."
      ඔන්න ඔහොමයි.ඉතිං මචං මේ සිංහල පොතේනං පිටු පන්සීයක් වත් නෑ හරියටම හාරසිය අනුනමයයි.සුබ ගමන්!!

      Delete
    3. තව එකක් කියන්න හිටිය මතක උනා.චේතන් භගට්ගෙ අලුත්ම පොත Revolution 2020.ඒක දෙන්න දෙපැත්තේ ආරති මැද්දේ කියල පරිවර්තනය කරල තියෙනවා.පිටු 495 යි.ඊළඟට ඒක කරමු.

      Delete
    4. මගේ ඉන්දියන් යාළුවා කියන්නේ දුප්පට්ටා කියල තමයි.

      Delete
  13. Uda comment eka hariyata hari.....
    elata kathawa liyanawa. patta
    mn me potha kiyewwa mn meke mada hariyata kamathi na ita passe kiyawana ekath nawaththuwa
    e unata Raviya Dakshaya

    ReplyDelete
  14. //අවම වශයෙන් ඔබ වන් අයෙකු මේ මිහි මත වාසය කරන බවක් හෝ ඔවුන් නොදන්නේ නම් ඔබගේ ඒ නොතකා හැරීමෙන් කිසිදු පලක් නොවනු ඇත.//

    ඩයනා ස්පෙන්සර් ගැන දැනගෙන එයා චාර්ල්ස් කුමාරයා සමග විවාහ වෙනකම්ම අපේ කාළේ හිටපු තරුණයො එයාට ලව් ගහලා හිටියෙ. වෙන රටවල තරුණයොත් එහෙම වෙන්න ඇති. මෙහෙමත් චාටර් කොල්ලො එයාට ලව් කියල විතරක් නෙමෙයි එහෙම උන් ටිකක් ජාතක වෙලා ඉන්නව කියන එකවත් එයා දන්නෙ නැහැ කියන එක අහන්න දෙයක් නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි එකෙක් කියනවා වෙඩිං එක දවස වෙනකන් මිනිහා ඩයනා ගැන අදහස අත් ඇරගන්නෙ නැතුව ට්‍රයි කරනවා කියලා. ඒ වෙනකොට එංගලන්තෙට තියා අල්ලපු ගමට කෝල් එකක් ගන්න පුලුවන් ටෙලිෆෝන් එකක්වත් ඌට තිබුණෙ නැහැ.

      Delete
    2. Ian,

      ඉයන් කියන මේ ඩයනා කෙරෙහි ඇති ආකර්ශණය එහෙම ටිකක් වෙනස්. ඒ ඔය පෙර යොවුන් වියේදි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, නලු නිලියන්ට, එතකොට ඩයනා වගෙ චරිතවලට වහ වැටෙන එකට කියන්නෙ ක්‍රෂ් එකක් කියල. Puppy Love කියලත් ඒකට කියනව.

      a brief but intense infatuation for someone, especially someone unattainable or inappropriate. ( Wikipedia )

      Puppy love (more commonly known as a crush, also known as simple infiltration, calf love, or kitten love) is an informal term for feelings of love, romance, or infatuation, often felt by young people during their childhood and adolescence.[1] It is named for its resemblance to the adoring, worshipful affection that may be felt for a puppy. It may also be able to describe short/long-term love interest. ( Wikipedia )

      හෙහ්, ස්තූතියි ඉයන් මතක් කලාට. පොඩි කාලෙ ඉඳල මගේ ක්‍රෂ් ගැන සටහන් මාලාවක්ම ලිව්වැහැකි. " මගේ සිහින කුමරියෝ " කියල නම දැම්මැහැකි, ( In Praise Of My Dream Girls )

      ක්‍රිස් එවර්ට්ගෙන් තමයි මගෙ මුල්ම Dream Girl…:)

      Delete
  15. අද පරිවර්තනය වෙනදා තරම් මටනම් සුපිරි නැත.
    ඔහොම ලස්සන කෙල්ලෙක් මඩවලා ඇඩෙව්ව ඔය ජාතිම මහාචාර්යවරයෙක් මටත් මුණ ගැහිලා තියෙනවා IIT වලදි නෙවෙයි AIT වලදි. වැඩේ කියන්නෙ එදා ඒ ළමයා නැලෙව්වෙ ඉන්දියානු මහාචාර්යවයෙක්

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      / අද පරිවර්තනය වෙනදා තරම් මටනම් සුපිරි නැත. /

      :(

      / ඔහොම ලස්සන කෙල්ලෙක් මඩවලා ඇඩෙව්ව ඔය ජාතිම මහාචාර්යවරයෙක් මටත් මුණ ගැහිලා තියෙනවා IIT වලදි නෙවෙයි AIT වලදි. /

      මොකද්ද මේ AIT? Asian Institite Of Technology ද?

      Delete
    2. ඔව් ඔව් ඒක තමයි... මම දන්න තරමින් ඒ නමට හෝ ඒ බිමට සමකරන්න පුළුවන් වෙන උසස් අධ්යාපන ආයතනයක් නෑ

      Delete
    3. එහෙම කතාවක් මාත් අහලා තියෙනවා. එක ප්‍රොෆෙක් ඉන්නවලු ගෑණු ළමයි පන්තියෙ හිටියා කියලා ගානක් නැතුව ලිංගික කරුණු ගැන කතාකරන. ඕකට මල පැනලා හිටිය කෙල්ලො කතාවුනාලු මූ පළවෙනි කුණුහරපෙ කිව්ව ගමන් පන්තියෙන් නැගිටලා යන්න.

      ඔන්න එදා පොර කියනවලු, "ලෝකෙ ලොකුම පුරුෂ ලිංග තියෙන්නේ මොම්බාසාවල ඉන්න මිනිස්සුන්ට."

      කෙල්ලෝ ‍රැව්වලු.

      මූ ඊට පස්සෙ ඕකෙ දිගපළල ගැනත් කියන්න ගත්තලු.

      කෙල්ලෝ නැගිටලා පන්තියෙන් පිටවෙලා යන්න ගත්තලු

      ප්‍රොෆා කියනවලු, "ඔය ගෑණු ළමයි කොහෙද ඔය කඩාගෙන බිඳගෙන යන්නේ? බොම්බාසා ෆ්ලයිට් එක උදේ ගියා. ආයෙ තියෙන්නේ හෙට."

      මම මේ කතාව කිව්වට ප්‍රොෆාගෙ විහිළුව කොහෙත්ම අනුමත නොකරන වගත් කියන්නම ඕනෙ.

      Delete
  16. I recommended your blog to a new blogger and just checked the link. OMG, then only I discovered your home page displays full posts instead of a stub and a "Read More" prompt. To avoid this insert a 'page break' say, after the first paragraph of each post and update. Do the same to the future posts. This way your home page would accommodate more posts more comfortably.

    A little friendly technical advice.

    ReplyDelete
    Replies
    1. Dude,

      Thanks Machang,

      All technical aspects of this blog is the sole prerogative of Ms. Randil the Land Lady of නිදහස් සිතුවිලි. As such I would submit your suggestion to her with immediate effect. Thanks again.

      PS - Frankly speaking I know next to nothing about these settings, modifications, widgets & all such gadgematics.

      Delete
  17. කතාව සෑහෙන්න ආසාවෙන් රසවිදිමි.. අනිත් කොටසත් ඉක්මනට දාමු අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ස්තූතියි මල්ලි හරි හරි වහාම දාන්නම් ඊලඟ කොටස...:)

      Delete
  18. පොඩි හදිස්සියක් වෙලා ලංකාවට යන්න වුණානේ. මම ඉතිං ඔන්න හිමින් සීරුවේ අන්තිම පෝස්ට්ස් කීපය කියෙව්වා... අලුත් කර්තව්‍යකට අතගහලා තියෙන්නේ.... මුන්දැගෙ පොත් දෙක තුනක් මාත් ගෙනාවා. මම මුලින්ම කියෙව්වේ 'A Night at the Call Centre' පොත. ඒක නම් මරු. ඊට පස්සෙ තව එකක් කියෙව්වා... දෙවෙනි ඒකේදි නම් මට පොඩි ඒකාකාරී ගතියක් වගේ දැනුණා. බලමු මේකත් කියවලා...


    //හන්දියක් හන්දියක් ගානෙ කිය කිය යන්ට// මේක නම් අම්මපා උඹ අතින් දාපු කෑල්ලක් වෙන්න ඕනේ... :)

    ReplyDelete
    Replies
    1. තිසර,

      හෙහ්..එහෙම අතින් දැම්ම බන් සෑහෙන්න...:)

      ඔය කෑල්ල භගට් ලියල තියෙන්නෙ මෙහෙම.

      And he is going to turn me into this specimen of the educted but clueless Indian student

      ඒකෙ පරිවර්තනය මෙහෙමයි...:)

      ඊළඟට ඔය මනුස්සය කරන්නෙ උපාධියක් තිබ්බට මේ ලෝකෙ දෙයක් නොදන්න මෝඩ ඉන්දියන් ශිෂ්‍යයෙකුට දර්ශීය උදාහරණයක් විදිහට මේ මම ගැන හන්දියක් හන්දියක් ගානෙ කිය කිය යන්ට පටන් ගන්නව.

      Delete
  19. /* " හා..ඒකත් එහෙමද?...බොහොම හොඳයි. එහෙනං තනියම ඉගෙන ගන්නකො. මට මොකද? මට මෙතන කාටවත් බලෙං උගන්නන්ට කිසිම ඕන කමක් නෑ. හරිද? " මම එකෙණෙහිම හිඳ සිටි අසුන පසුපසට කොට නැඟී සිටියේ වේටර්වරයාට හඬ ගසමිනි. " මේ අපේ බිල ගේනවද? " */

    I like his quick blasting and the way you have translated it. :)

    ReplyDelete
    Replies
    1. Siththami,

      / I like his quick blasting and the way you have translated it. :) /

      Actually what I did was not translation in the true sense of that word. I did a bit of enhancement, renovation, augmentation ( I am not sure whether these words I have used are appropriate. they are all words used in my professional field of work ) to the original text. I am perfectly aware that you are not allowed to do that in translation but nevertheless I thought what the hell, strictly speaking I am not doing a translation here. there is already a Sinhala translation & therefore I would do it my way As Frank Sinatra once said I did it my way

      And now, the end is near; 
      And so I face the final curtain.
      My friend, I'll say it clear, 
      I'll state my case, of which I'm certain.

      I've lived a life that's full.
      I've travelled each and every highway; 
      And more, much more than this, 
      I did it my way.

      Regrets, I've had a few; 
      But then again, too few to mention.
      I did what I had to do
      And saw it through without exemption.

      I planned each charted course; 
      Each careful step along the byway, 
      And more, much more than this, 
      I did it my way.

      Yes, there were times, I'm sure you knew
      When I bit off more than I could chew.
      But through it all, when there was doubt, 
      I ate it up and spit it out.
      I faced it all and I stood tall; 
      And did it my way.

      I've loved, I've laughed and cried.
      I've had my fill; my share of losing.
      And now, as tears subside, 
      I find it all so amusing.

      To think I did all that; 
      And may I say - not in a shy way, 
      "Oh no, oh no not me, 
      I did it my way".

      For what is a man, what has he got?
      If not himself, then he has naught.
      To say the things he truly feels; 
      And not the words of one who kneels.
      The record shows I took the blows -
      And did it my way! 

      Yes, it was my way.

      /* " හා..ඒකත් එහෙමද?...බොහොම හොඳයි. එහෙනං තනියම ඉගෙන ගන්නකො. මට මොකද? මට මෙතන කාටවත් බලෙං උගන්නන්ට කිසිම ඕන කමක් නෑ. හරිද? " මම එකෙණෙහිම හිඳ සිටි අසුන පසුපසට කොට නැඟී සිටියේ වේටර්වරයාට හඬ ගසමිනි. " මේ අපේ බිල ගේනවද? " */

      Well coming back to what you have quoted here , this is what Bhagat has written.

      / " Then good luck " I said and stood up to pay. /

      ඔය කෑල්ල හරියටම පරිවර්තනය කලානම් මෙහෙමනෙ එන්නෙ. .." එහෙනම් වාසනාවන් " මම එහෙම කියල නැඟිට්ට අපේ බිල ගෙවන්ට හිතාගෙන.

      Delete
  20. IIT එවුන් කොහොම උනත් පරදින්න කැමති නෑ. එහේ Techfest කියල ප්‍රදර්ශනයක් තියනවා. ඒකෙ Micromouse robot competition එකට අපෙන් 3 සැරයක් ගියා. දෙවෙනි සැරේ ඇරෙන්න අනිත් වාර දෙකම ලංකාවෙන් ගිය කණ්ඩායම දිනුවා. අන්තිම සැරේ පැරදුනාම උන් ඒ එක අයින් කරලා International Robotic Challenge කියලා වෙනම එකක් පටන්ගත්තා. ඒකත් 2010 හා 2012 ඇරෙන්න දිනුවේ ලංකාවෙන්. 2006 එකේ 5000ක් තොරගන්න 300,000ක් ලිව්වා කියලයි උන් කිව්වේ

    ReplyDelete
    Replies
    1. 2006 IIT තොරගන්න විභාගෙට 5000ක් තොරගන්න 300,000ක් ලිව්වා කියලයි උන් කිව්වේ

      Delete
    2. සහන්,

      ඔව්, ඔය IIT එකේ ඇතුල්වීමේ විභාගයෙ ඉතා අධික තරඟකාරිත්වය ගැන මගේ හිතවත් ඉන්දියානුවෙකුත් මා එක්ක කිව්වා.

      Delete
  21. කතාව කියවලා, කමෙන්ට්කියවද්දියි මේද පරිවර්තනයක් කියලා තේරුණේ. සලීම් සහ (කවුද අර නැට්ටුක්කාරි - ආ... හරි හරි) අනර්කලී ගෙ වර්තමාන කතාව වගේ, ඉන්දියන් සමාජ පරිසරයෙන් ඉන්ස්පයර් වෙලා රවි ලිව්ව කතාවක් කියලා හිතුණා මුලින්ම.

    හොඳයි...!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      සලීම් සහ අනර්කලී......හෙහ්,හෙහ්,

      ස්තූතියි ඩ්‍රැකී...:)

      Delete
  22. වෙනදා වගේම හොද රසයක් වින්දා රවී. ඒ රසය තවත් වැඩි වුණා කමෙන්ට්වල අදහස්වලිනුත්. ජය.

    ReplyDelete
  23. මේ ඇහුනද >>>>

    ඔන්න ඔයැයි හින්දා දැන් ලියන්න හිතන් හිටපු බ්ලොග් පෝස්ට් එකක් වත් ලියන්න වෙලාවක් නෑ. ටෙලිනාට්‍ය බලනවා..

    මේ ඒක නෙමේ ගොළු තාත්තා කියලා සතියට දවසක් යන ලස්සන කතාවක් සෙට් වුනා තාම කොටස් 10 ක් වත් නෑ නියමයි,, මෙගා නෙමේ.

    ///
    " නැහැ, ඒ වගේම මම හිතන්නෙ නෑ සැබෑ ජීවිතයෙදි කිසිම අවස්ථාවක මේ වගෙ ගණිතමය සූත්‍රයක් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙයි කියල…" /// හි හි අනන්‍යත් මං වගේ උත්තර දෙන ඩයල් එකක් .

    අටට අපිත් එනෝ ජනේලෙන් බලන්න..
    නියමයි අයියේ, දේශකයා පොත ගෙනල්ලා කියෝලා ආයේ මේක අනිවා කියවන්න එනවා ඔන්න බලන්නකෝ බොරුද කියලා. .

    ReplyDelete
    Replies
    1. ඔමා,

      හරි හරි බන් බ්ලොග් එක කවදා ලියාගන්ට බැයිද? ඒ වගේද ටෙලි නාට්ටිය?...:)

      ගිය හෙනහුරාද පටන් ගත්ත තව එකක්..ඒකත් හොඳ වෙයි වගෙ...බලාපන්...නම ඇවිල්ල බොහීමියානුවා...ජැක්සන් ඇන්තනිගෙ පුතා ඉන්නෙ.

      ආ. ඒක නෙවෙයි උඹ කොයි වෙලේ බැලුවත් දේශකයා එක්ක ඇර ගත්තු ගමම්මයි නේද? හෙහ්,හෙහ්,

      පව් බන් දේසා හොඳ එකා..සුට්ටක් ඔය කල්පනාව එහෙ මෙහෙ වෙලා වගෙ නම් තියනව තමයි. ඒ සුලු අඩුපාඩුව ඇරුනම වෙන මෙහෙමයි කියල කියන්ට දෙයක් නෑ ඔන්න..ඔව්...

      Delete
    2. මාත් මේ අහන්නමයි හිටියේ ඇත්නට මොකෝ නංගියේ මං ඔයාට බුට් එකක් වත් තිබ්බද ලබන ආත්මේවත්..

      Delete
    3. දේශ්@ බබී මෙයා හදන්නේ අපි දෙන්නව රණ්ඩු කරවන්න .ඉරිසියාකාරයෝ

      Delete
  24. kadu blog eka dan nadda bn

    ReplyDelete
  25. කියන්න දෙයක් නැහැ අනර්ඝයි. ඉංගිරිසි එකට වැඩිය හොඳයි. (මලා ..)

    ReplyDelete
  26. තුන කියවාගෙන ඒන පොඩ්ඩට හතරත් දාලා නේ හිටං.
    ඉන්දියන්කාරයෝ වෙලාවකට මහා එපා කරපු ජාතියක් උනත් උන්ගේ කෙල්ලන්ගේ අමුතු මෙව්වා එකකුත් තියෙනවානේ රවීයියා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...