Painting - Raymond Leech |
සඳගිරි පව්ව අබියස,
රැයක් එලිවන තුරා වැලපුණ,
සඳකිඳුරියක නොමවන,
පිසදා තෙමුනු දෙකොපුල,
නැඟෙමි මසිතට දිරිගෙන,
හිරු නැඟෙන සඳ පෙර'ඹර.
ගෝපිකා ඇකයෙහිම නැළවෙන,
ක්‍රිෂ්ණාට සමුදුනිමි මදහසින,
හෝපළු මඬුලු සෙවණැළි ද මැඩ,
මාලතී මාලාව පළඳමින,
වෘන්දාව හැරපියා නික්මයන,
වස්දඬුරාව මතක පමණක්ම අරගෙන,
දෙව්දුරු පත්ය සුළඟට සැලෙන,
සකුරාසෝ* කළඹ බිහිදොර අබියස,
නෙතඟ ඉනු කඳුලුදිය වියලෙත,
බලාහිඳිනෙමි නෙතුපිය නොපියාම,
පෙත්මඟ සෙමෙන් පියමංකොට,
නික්මයන ඔබ රුව දෙස,
සඳකිඳුරියමි සඳගිරෙහි වැලපුන,
රාධා ද වෙමි වෘන්දාව අතැරගිය,
නොරිකෝ මි වැළපෙනා ළසොවින,
හදපුරා පිරි සංතාප උසුලන,
පෙට්ටගම් දෑවැද්ද ලැබුනද?
ReplyDeleteකොස් ටික තම්බන්නේ කවදද?
අපට තේරෙන වචන ඉවරද?
දෙන්ඩර අමලකි මෙය මට
Ian,
Deleteසිතෙහි පැහි පැහී මතුවන,
හැඟුමන් ලියුවෙමි පත් ඉරු මත,
අරුතක් ඇතිද නොදනිත,
විරේකයක් පමණක්ම විය හැක,
Ian,
Deleteසමාවෙන්න, පැහැදිලිකිරීමක් කලහොත් යහපතැයි සිතමි. මේ කවිය ලිව්වෙ සඳකිඳුරු ජාතකය, රාධා-ක්‍රිෂ්ණා ප්‍රේම කථාව සහ සරච්චන්ද්‍ර මහතාණන් ගේ මළගිය ඇත්තෝ නවකථාව ආශ්‍රය කරගෙනයි.ප්‍රියයන්ගෙන් වෙන්වයාම නොහොත් නික්මයාම ගැන බස්සිගේ සටහන කියවූ ඉක්බිති මසිත ඉපැදුනු හැඟුම් අකුරු කිරීමට ගත් උත්සාහයකි මේ.
Dont take my comments seriously Ravi. No one takes me seriously in life haha
DeleteIan,
DeleteWell, there is a first time for every thing , even for taking you seriously..Ha..ha...
රවිගේ පැහැදිලි කිරිමත් එක්ක ගතියක් දැනෙනවා කව තුළ.
Delete//බස්සිගේ සටහන කියවූ ඉක්බිති මසිත ඉපැදුනු හැඟුම් අකුරු කිරීමට ගත් උත්සාහයකි //
Deleteසාමාන්‍යයෙන් බස්සිගේ සටහන් කියවීමෙන් පසු අවශ්‍යවන්නේ වැලියම් එකක් මිස රවිගෙන් තවත් සොලෝක නොවේයයි සෘෂිවරුන් කියල තියනවලු
My ailment is much more fatal than Ian's. Hardly anyone ( least of all myself) takes me seriously. That is not too bad. But, I find it difficult to take anyone seriously for long too. That leads to complications. :-D
Pra,
Delete/ That leads to complications. :-D /
Heh..If that's not an understatement I don't know what is.
My goodness... You are living very dangerously Pra… very dangerously indeed…Ha..ha
ඈට පමණක් උරුම නම ගෙන
ReplyDeleteසනසවන රිසියෙන් මගේ දොල
බලා සිටියෙමි වඩින පෙර මග
ක්රිසෂ් බුවාටත් වඩා රිසියෙන........
රෑට පමණක් එන කිරිල්ලිය
මටම කළ ඒ අකටයුතුකම
ඉතින් ඈ නම් අද නොඑන වග
ඉඳුරාම දැන් දැන ගතිමි මම........
Krish බුවා කියලා ලිවුවෙ..... වෙන මොකක්ද මගුලක් වැදුනේ..... රවීට තේරෙයිද මන්දා.....
Deleteඅසෝකව අමතක වුනේ
Deleteක්‍රිශ්ට අනනිට කෙල වුනේ
නෑනෙ මටනම් තේරුණේ
මෙයද රවි යහ පාලනේ
ඉන්දික සහ ඉයන්,
Deleteබොලේ මේ කෑනුගහ ඉඳපං,
ලියන්නං ඉතිරි ටික දිව හපං,
ඊළඟට තියෙන්නෙ අනී සහ ක්‍රිෂ්ගේ කතාවේ හොඳම හරියයි,
ඒ එක්කම,
අමතක නොවේ මට කිසිමදින කොස් කපන ළමයින්,
විසිපස්වසක් හිටි එක තව සති දෙකක් ඔහෙ ඉඳපුදෙන්,
//සමාවෙන්න, පැහැදිලිකිරීමක් කලහොත් යහපතැයි සිතමි. මේ කවිය ලිව්වෙ සඳකිඳුරු ජාතකය, රාධා-ක්‍රිෂ්ණා ප්‍රේම කථාව සහ සරච්චන්ද්‍ර මහතාණන් ගේ මළගිය ඇත්තෝ නවකථාව ආශ්‍රය කරගෙනයි.ප්‍රියයන්ගෙන් වෙන්වයාම නොහොත් නික්මයාම ගැන බස්සිගේ සටහන කියවූ ඉක්බිති මසිත ඉපැදු//
ReplyDeleteහොද වෙලාවට මේ ටික දැක්කෙ , නැත්නම් මේ චරිත එක්ක මම අතරමං වෙනව.
කම්මල,
Deleteහෙහ්, පස්සෙ මට හිතුන පොඩි ක්ලැරිපිකේසන් එකක් කලොත් ඇප්‍රොප්‍රියේට් කියල...:)
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
ReplyDeleteරිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ
නොසිතා ලබන්ට පෙරළා බිඳකුත්
රවි මහතාණෙනි. අනර්ඝයි. ඉහත කවියේ මූලාශ්‍රය දන්නේ යැ යි සිතමි.
කසුන්,
Deleteස්තූතියි ….:)
විලාසිනියකගේ ප්‍රේමය අවසානයේ සරච්චන්ද්‍ර මහතා එසේ සටහන් කොට ඇත...:)
+++++++++++++
Deleteඅපි දන්නෑ කවි කියන්න ඒ වුණත් අහං ඉන්න කියවන්න දන්නව
ReplyDeleteලස්සනයි රවි අය්යා...
ජයවේවා
මහේෂ්,
Deleteස්තූතියි මල්ලි...:)
BTW - යුදෙව්වො තමයි චර්ම ඡේදනය පටන් ගත්තෙ. ඉස්ලාම් ආගමට ඒක ගියෙත් යුදෙව් ආභාෂයෙන්.
ඔවුන් ඒ චාරිත්‍රය හඳුන්වන්නෙ Brit Milah යන නමින්.
පැහැදිලි කිරීම දැම්මෙ නැත්තං මොක බලල මඤ්ඤං වෙන්න තමයි වෙන්නෙ.
ReplyDeleteනියමයි රවි අයියා.
Thank you Prasanna...:)
Deleteසිතුවම අපුරුයි
ReplyDeleteකවිය මිහිරියි
ගැට පද විවිරණ නොතිබුනා නම්
කිසිවක් නොතෙරෙයි.
මනෝජ්,
Deleteමලේ උඹෙ කවිය නියමයි,
කොටයි සහ පැණි රහයි ( Short & Sweet )
සම්භාව්‍ය කාව්‍ය ලෝකයේ මොහොතක් සැරිසැරුව වගේ දැනුණා...
ReplyDeleteහෙන්රි,
Deleteඑවන් පැසසුමකට මේ කව තරම්යයි ඔබේ සිතුවිල්ල පවා ගෞරවයක්සේ සළකමි. බොහොම ස්තූතියි...:)
මං මොකුත් ලියන්නෙ නෑ...
ReplyDeleteබුදල්මි
Deleteසියොවැ ආමි
සිහිගිරි බැලීමි
බැලු බැලූ බොහෝ ජනා
ගී ලී ලූයෙන් නොලීමි
ඩ්‍රැකීමි,
Deleteනිදහස් සිතුවිලි බලනට ආමි,
කව් පද රසෙන් මත්වූ බැවින්,
කිසිවක්ම නොලියමි.
/කව් පද රසෙන් මත්වූ බැවින්,/
Deleteඅම්මප...!!! මත් වී අඤ්ඤකොරොස් වී ගියෙමි...
I was annakorosized...:)
DeleteAnnakororised
DeleteIan,
DeleteThanks for correctly annakororising me. I was mistakenly annakorosized it seems to be.
It's very important to be correctly annakororised instead of being just annakorosized as every body would then be totally annakorosized..oops..sorry...annakororised...and when everybody is being annakorosized instead of being annakororised that would be total chaos......
I prefer to be annakorized rather than being your upperbranze. regarding both of you
Deleteබිළිඳා ම'තුරුලෙහි නැලවෙන
ReplyDeleteමවක ලෙස ජීවිතය ලැබු එම දින
සකල ලෝ වැසියන්ට හිතසුව
පිණිස නුඹ කල අභිනික්මන
සමුගැනීමක කඳුළු අහිමිව
උහුලමි වියෝ දුක ලය පාරන
තිසර,
Deleteනියමයි මල්ලි..ෂික්..මට ඒ සීන් එක මතක් වුනේම නෑනෙ. මම හිතන්නෙ ප්‍රේම වියෝවක මට්ටමට දාල අපි ඒ සිද්ධිය ගැන හිතන්නෙ නැති හින්ද වෙන්ට ඕන. උඹේ කවියත් එකතුවුනානම් මාතෘකාව දාන්ට තිබ්බ මෙහෙම…" සඳගිරෙහි, වෘන්දාවෙහි, කිඹුල්වතෙහි සහ දෙව්දුරු මඩුළු සෙවණෙහි...."
නළලත බබලන සඳන තලාවයි..
ReplyDeleteසිරුරත ඝන නිල් මේඝ වළාවයි..
මනස විල මැද රණ තිසරාණෙනි..
වෘන්දා වනයේ වසන්තයයි... 'සකුරාසෝ පිපෙන' වසන්තයේදීම එහෙම අතහැරලා 'නික්මගියාම' සඳ කිඳුරියන්ට, රාධාලට, නොරිකොලට මොන වගේ හැඟීමක් ඇති වෙනවා ඇත්ද නේද? කොස් කපන ගමන්ම ෆෘටී රහ බලන ගමන්ම මෙහෙම ඒවත් ඉඳල හිටලා ලියාපන් සඳ කිඳුරෝ.. මෙහේ තව ක්‍රිෂ්ණ ලා දෙවුන්දරා සං ලා ඉන්නවා කියවන්න..
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ..
සැතපෙන දා දුටු කින්නර පෙම් හීනේ..
මහළු වෙලා අද සඳ වාගේ..
යෞවන රෑ සඳ බලාන උන්නාවේ...
විශේෂ ස්තුතිය: බස්සිට (මේ නිදහස් කවි සිතුවිලි අවදි කරාට..)
කළ්‍යාණ,
Deleteහෙහ්..බොහෝමත්ම ස්තූතියි මලේ...." සඳගිරි පව්වේ පෙරදා සංසාරේ " මුලින්ම අහපු දවසෙ ඉඳල මම කැමතිම ගීතයක්...මෙතෙක් කාලෙකට මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකට කියල මම දාගෙන හිටියෙ ඔය ගීතයෙ සංගීතය විතරයි.
රශ්මි සංගීතා එක්ක ආරියසිංහ ගයන මේ ගීතයටත් මම ආසයි.
වලාකුළු පෙලින් බසින්න......
ඇවිත් මල් ගැඹේ නිදන්න......
චන්ද්ර කුමරියේ කාටද.....
නුඹගෙ ආදරේ........
මටද ආදරේ.......
අසාවී මෙසේ තුන්යම.....
දිලේ තාරුකා මල් දම......
කියා නෑ තාම හිත රැදි......
සුසුදු ආදරේ......
සුසුදු ආදරේ......
පෙම්වතියන්නේ// මහා සාගරේ//
ReplyDeleteකඳුළෙහි ජල කඳ සැදුණේ සුසුමෙන් රළ නැගුණේ
කුණාටු මුහුදෙන් අඩ සඳ පිපුණේ.... වේදනා ගෙනේ
මධු,
Deleteලතා නේද ඕක කියන්නෙ?
මේක කියෙව්වහම මගේ මතකෙට ආවේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ පොතේ එන නොරිකෝ සහ දෙවෙන්දොරා සං
ReplyDeleteඅපූරුයි...
තුශානි,
Deleteතුන්වෙනි කවිය ලිව්වෙ මළගිය ඇත්තෝ ආශ්‍රයෙන් තමයි...:)
දෙපාරක් විතර කියවලත් මට නම් අල්ලලා ගියේ නෑ.. සමහරවිට අර හේතුබුත වෙච්ච කතාව කියෙව්වේ නැති නිසා වෙන්න ඇති..
ReplyDeletePathum,
Delete:)
ඔය වෘන්දා වනයේ කියන එකේ තේරුම මොකක් ද
ReplyDeletePathum,
Deleteරාධා - ක්‍රිෂ්ණා පෙම්පුවතට පසුබිම් වෙන්නෙ වෘන්දා වනය.
මෙතන විස්තර ටිකක් තියනව.