Sunday, September 27, 2015

353. සඳගිරෙහි, වෘන්දාවෙහි සහ දෙව්දුරු මඬුලු සෙවණෙහි……..

Painting - Raymond Leech

සඳගිරි පව්ව අබියස,
රැයක් එලිවන තුරා වැලපුණ,
සඳකිඳුරියක නොමවන,
පිසදා තෙමුනු දෙකොපුල,
නැඟෙමි මසිතට දිරිගෙන,
හිරු නැඟෙන සඳ පෙර'ඹර.

ගෝපිකා ඇකයෙහිම නැළවෙන,
ක්‍රිෂ්ණාට සමුදුනිමි මදහසින,
හෝපළු මඬුලු සෙවණැළි ද මැඩ,
මාලතී මාලාව පළඳමින,
වෘන්දාව හැරපියා නික්මයන,
වස්දඬුරාව මතක පමණක්ම අරගෙන,

දෙව්දුරු පත්ය සුළඟට සැලෙන,
සකුරාසෝ* කළඹ බිහිදොර අබියස,
නෙතඟ ඉනු කඳුලුදිය වියලෙත,
බලාහිඳිනෙමි නෙතුපිය නොපියාම,
පෙත්මඟ සෙමෙන් පියමංකොට,
නික්මයන ඔබ රුව දෙස,

සඳකිඳුරියමි සඳගිරෙහි වැලපුන,
රාධා ද වෙමි වෘන්දාව අතැරගිය,
නොරිකෝ මි වැළපෙනා ළසොවින,
හදපුරා පිරි සංතාප උසුලන,



45 comments:

  1. පෙට්ටගම් දෑවැද්ද ලැබුනද?
    කොස් ටික තම්බන්නේ කවදද?
    අපට තේරෙන වචන ඉවරද?
    දෙන්ඩර අමලකි මෙය මට

    ReplyDelete
    Replies
    1. Ian,

      සිතෙහි පැහි පැහී මතුවන,
      හැඟුමන් ලියුවෙමි පත් ඉරු මත,
      අරුතක් ඇතිද නොදනිත,
      විරේකයක් පමණක්ම විය හැක,

      Delete
    2. Ian,

      සමාවෙන්න, පැහැදිලිකිරීමක් කලහොත් යහපතැයි සිතමි. මේ කවිය ලිව්වෙ සඳකිඳුරු ජාතකය, රාධා-ක්‍රිෂ්ණා ප්‍රේම කථාව සහ සරච්චන්ද්‍ර මහතාණන් ගේ මළගිය ඇත්තෝ නවකථාව ආශ්‍රය කරගෙනයි.ප්‍රියයන්ගෙන් වෙන්වයාම නොහොත් නික්මයාම ගැන බස්සිගේ සටහන කියවූ ඉක්බිති මසිත ඉපැදුනු හැඟුම් අකුරු කිරීමට ගත් උත්සාහයකි මේ.

      Delete
    3. Dont take my comments seriously Ravi. No one takes me seriously in life haha

      Delete
    4. Ian,

      Well, there is a first time for every thing , even for taking you seriously..Ha..ha...

      Delete
    5. රවිගේ පැහැදිලි කිරිමත් එක්ක ගතියක් දැනෙනවා කව තුළ.

      Delete
    6. //බස්සිගේ සටහන කියවූ ඉක්බිති මසිත ඉපැදුනු හැඟුම් අකුරු කිරීමට ගත් උත්සාහයකි //

      සාමාන්‍යයෙන් බස්සිගේ සටහන් කියවීමෙන් පසු අවශ්‍යවන්නේ වැලියම් එකක් මිස රවිගෙන් තවත් සොලෝක නොවේයයි සෘෂිවරුන් කියල තියනවලු

      My ailment is much more fatal than Ian's. Hardly anyone ( least of all myself) takes me seriously. That is not too bad. But, I find it difficult to take anyone seriously for long too. That leads to complications. :-D

      Delete
    7. Pra,

      / That leads to complications. :-D /

      Heh..If that's not an understatement I don't know what is.

      My goodness... You are living very dangerously Pra… very dangerously indeed…Ha..ha

      Delete
  2. ඈට පමණක් උරුම නම ගෙන
    සනසවන රිසියෙන් මගේ දොල
    බලා සිටියෙමි වඩින පෙර මග
    ක්රිසෂ් බුවාටත් වඩා රිසියෙන........

    රෑට පමණක් එන කිරිල්ලිය
    මටම කළ ඒ අකටයුතුකම
    ඉතින් ඈ නම් අද නොඑන වග
    ඉඳුරාම දැන් දැන ගතිමි මම........

    ReplyDelete
    Replies
    1. Krish බුවා කියලා ලිවුවෙ..... වෙන මොකක්ද මගුලක් වැදුනේ..... රවීට තේරෙයිද මන්දා.....

      Delete
    2. අසෝකව අමතක වුනේ
      ක්‍රිශ්ට අනනිට කෙල වුනේ
      නෑනෙ මටනම් තේරුණේ
      මෙයද රවි යහ පාලනේ

      Delete
    3. ඉන්දික සහ ඉයන්,

      බොලේ මේ කෑනුගහ ඉඳපං,
      ලියන්නං ඉතිරි ටික දිව හපං,
      ඊළඟට තියෙන්නෙ අනී සහ ක්‍රිෂ්ගේ කතාවේ හොඳම හරියයි,
      ඒ එක්කම,
      අමතක නොවේ මට කිසිමදින කොස් කපන ළමයින්,
      විසිපස්වසක් හිටි එක තව සති දෙකක් ඔහෙ ඉඳපුදෙන්,

      Delete
  3. //සමාවෙන්න, පැහැදිලිකිරීමක් කලහොත් යහපතැයි සිතමි. මේ කවිය ලිව්වෙ සඳකිඳුරු ජාතකය, රාධා-ක්‍රිෂ්ණා ප්‍රේම කථාව සහ සරච්චන්ද්‍ර මහතාණන් ගේ මළගිය ඇත්තෝ නවකථාව ආශ්‍රය කරගෙනයි.ප්‍රියයන්ගෙන් වෙන්වයාම නොහොත් නික්මයාම ගැන බස්සිගේ සටහන කියවූ ඉක්බිති මසිත ඉපැදු//
    හොද වෙලාවට මේ ටික දැක්කෙ , නැත්නම් මේ චරිත එක්ක මම අතරමං වෙනව.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      හෙහ්, පස්සෙ මට හිතුන පොඩි ක්ලැරිපිකේසන් එකක් කලොත් ඇප්‍රොප්‍රියේට් කියල...:)

      Delete
  4. ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
    රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
    ලෝබ සිතින් තොර පිදුව මනා වේ
    නොසිතා ලබන්ට පෙරළා බිඳකුත්

    රවි මහතාණෙනි. අනර්ඝයි. ඉහත කවියේ මූලාශ්‍රය දන්නේ යැ යි සිතමි.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ස්තූතියි ….:)

      විලාසිනියකගේ ප්‍රේමය අවසානයේ සරච්චන්ද්‍ර මහතා එසේ සටහන් කොට ඇත...:)

      Delete
    2. +++++++++++++

      Delete
  5. අපි දන්නෑ කවි කියන්න ඒ වුණත් අහං ඉන්න කියවන්න දන්නව
    ලස්සනයි රවි අය්යා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ස්තූතියි මල්ලි...:)

      BTW - යුදෙව්වො තමයි චර්ම ඡේදනය පටන් ගත්තෙ. ඉස්ලාම් ආගමට ඒක ගියෙත් යුදෙව් ආභාෂයෙන්.

      ඔවුන් ඒ චාරිත්‍රය හඳුන්වන්නෙ Brit Milah යන නමින්.

      Delete
  6. පැහැදිලි කිරීම දැම්මෙ නැත්තං මොක බලල මඤ්ඤං වෙන්න තමයි වෙන්නෙ.

    නියමයි රවි අයියා.

    ReplyDelete
  7. සිතුවම අපුරුයි
    කවිය මිහිරියි
    ගැට පද විවිරණ නොතිබුනා නම්
    කිසිවක් නොතෙරෙයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      මලේ උඹෙ කවිය නියමයි,
      කොටයි සහ පැණි රහයි ( Short & Sweet )

      Delete
  8. සම්භාව්‍ය කාව්‍ය ලෝකයේ මොහොතක් සැරිසැරුව වගේ දැනුණා...

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      එවන් පැසසුමකට මේ කව තරම්යයි ඔබේ සිතුවිල්ල පවා ගෞරවයක්සේ සළකමි. බොහොම ස්තූතියි...:)

      Delete
  9. මං මොකුත් ලියන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. බුදල්මි
      සියොවැ ආමි
      සිහිගිරි බැලීමි
      බැලු බැලූ බොහෝ ජනා
      ගී ලී ලූයෙන් නොලීමි

      Delete
    2. ඩ්‍රැකීමි,
      නිදහස් සිතුවිලි බලනට ආමි,
      කව් පද රසෙන් මත්වූ බැවින්,
      කිසිවක්ම නොලියමි.

      Delete
    3. /කව් පද රසෙන් මත්වූ බැවින්,/
      අම්මප...!!! මත් වී අඤ්ඤකොරොස් වී ගියෙමි...

      Delete
    4. Ian,

      Thanks for correctly annakororising me. I was mistakenly annakorosized it seems to be.

      It's very important to be correctly annakororised instead of being just annakorosized as every body would then be totally annakorosized..oops..sorry...annakororised...and when everybody is being annakorosized instead of being annakororised that would be total chaos......

      Delete
    5. I prefer to be annakorized rather than being your upperbranze. regarding both of you

      Delete
  10. බිළිඳා ම'තුරුලෙහි නැලවෙන
    මවක ලෙස ජීවිතය ලැබු එම දින
    සකල ලෝ වැසියන්ට හිතසුව
    පිණිස නුඹ කල අභිනික්මන
    සමුගැනීමක කඳුළු අහිමිව
    උහුලමි වියෝ දුක ලය පාරන

    ReplyDelete
    Replies
    1. තිසර,

      නියමයි මල්ලි..ෂික්..මට ඒ සීන් එක මතක් වුනේම නෑනෙ. මම හිතන්නෙ ප්‍රේම වියෝවක මට්ටමට දාල අපි ඒ සිද්ධිය ගැන හිතන්නෙ නැති හින්ද වෙන්ට ඕන. උඹේ කවියත් එකතුවුනානම් මාතෘකාව දාන්ට තිබ්බ මෙහෙම…" සඳගිරෙහි, වෘන්දාවෙහි, කිඹුල්වතෙහි සහ දෙව්දුරු මඩුළු සෙවණෙහි...."

      Delete
  11. නළලත බබලන සඳන තලාවයි..
    සිරුරත ඝන නිල් මේඝ වළාවයි..
    මනස විල මැද රණ තිසරාණෙනි..
    වෘන්දා වනයේ වසන්තයයි... 'සකුරාසෝ පිපෙන' වසන්තයේදීම එහෙම අතහැරලා 'නික්මගියාම' සඳ කිඳුරියන්ට, රාධාලට, නොරිකොලට මොන වගේ හැඟීමක් ඇති වෙනවා ඇත්ද නේද? කොස් කපන ගමන්ම ෆෘටී රහ බලන ගමන්ම මෙහෙම ඒවත් ඉඳල හිටලා ලියාපන් සඳ කිඳුරෝ.. මෙහේ තව ක්‍රිෂ්ණ ලා දෙවුන්දරා සං ලා ඉන්නවා කියවන්න..

    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ..
    සැතපෙන දා දුටු කින්නර පෙම් හීනේ..
    මහළු වෙලා අද සඳ වාගේ..
    යෞවන රෑ සඳ බලාන උන්නාවේ...

    විශේෂ ස්තුතිය: බස්සිට (මේ නිදහස් කවි සිතුවිලි අවදි කරාට..)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හෙහ්..බොහෝමත්ම ස්තූතියි මලේ...." සඳගිරි පව්වේ පෙරදා සංසාරේ " මුලින්ම අහපු දවසෙ ඉඳල මම කැමතිම ගීතයක්...මෙතෙක් කාලෙකට මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකට කියල මම දාගෙන හිටියෙ ඔය ගීතයෙ සංගීතය විතරයි.

      රශ්මි සංගීතා එක්ක ආරියසිංහ ගයන මේ ගීතයටත් මම ආසයි.

      වලාකුළු පෙලින් බසින්න......
      ඇවිත් මල් ගැඹේ නිදන්න......
      චන්ද්ර කුමරියේ කාටද.....
      නුඹගෙ ආදරේ........
      මටද ආදරේ.......

      අසාවී මෙසේ තුන්යම.....
      දිලේ තාරුකා මල් දම......
      කියා නෑ තාම හිත රැදි......
      සුසුදු ආදරේ......
      සුසුදු ආදරේ......

      Delete
  12. පෙම්වතියන්නේ// මහා සාගරේ//
    කඳුළෙහි ජල කඳ සැදුණේ සුසුමෙන් රළ නැගුණේ
    කුණාටු මුහුදෙන් අඩ සඳ පිපුණේ.... වේදනා ගෙනේ

    ReplyDelete
    Replies
    1. මධු,

      ලතා නේද ඕක කියන්නෙ?

      Delete
  13. මේක කියෙව්වහම මගේ මතකෙට ආවේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ පොතේ එන නොරිකෝ සහ දෙවෙන්දොරා සං

    අපූරුයි...

    ReplyDelete
    Replies
    1. තුශානි,

      තුන්වෙනි කවිය ලිව්වෙ මළගිය ඇත්තෝ ආශ්‍රයෙන් තමයි...:)

      Delete
  14. දෙපාරක් විතර කියවලත් මට නම් අල්ලලා ගියේ නෑ.. සමහරවිට අර හේතුබුත වෙච්ච කතාව කියෙව්වේ නැති නිසා වෙන්න ඇති..

    ReplyDelete
  15. ඔය වෘන්දා වනයේ කියන එකේ තේරුම මොකක් ද

    ReplyDelete
    Replies
    1. Pathum,

      රාධා - ක්‍රිෂ්ණා පෙම්පුවතට පසුබිම් වෙන්නෙ වෘන්දා වනය.

      මෙතන විස්තර ටිකක් තියනව.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...