Tuesday, September 22, 2015

350. The Story Of My Marriage - 5 - Men are from Mars and Women are from Venus…



මහාචාර්යවරයාගේ සහායකයාගේ කුටියෙහි දොර විවරකොටගෙන අනන්‍යා පිටතට පැමිණුනාය. සූක්ෂම ආර්ථික විද්‍යා විභාගයේ ඇගේ ප්‍රතිඵල සටහන සුරතෙහි තදින් ග්‍රහණය කොටගත්වනම දොරටුව අසල පොදි කමින් හුන් අනෙක් සිසුන් සහ සිසුවියන් පසුකරමින් ඇය මා හිඳ සිටි දෙසට යුහුව පිය මනින්නට වූවාය. මේ වනවිට අප ආයතනයේ සියලුම සිසුන් පාහේ ඇය හා මා අතර වූ හිතවත්කම, නොඑසේනම් සමහරු සරදම් සිනහවක් ද සහිතව පැවසූ පරිදි සහෝදරත්වය පිළිබඳ දැන සිටියහ. ඇය හැඳ සිටියේ රෝස පැහැ ටී ෂර්ටයක් සහ ඩෙනිම් කොට කළිසමකි. පෝළිමේ හුන් බහුතරයක් සිසුහු තමන් මෙහි රැඳී සිටින්නේ කුමන කාර්යයකටදැයි එකෙනෙහිම අමතක කොට ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට වූහ.

" ඒයි මේ...මට බී ප්ලස් එකක්...බී ප්ලස් කියන්නෙ නරකම නැහැ කියල අහන අහන හැමෝම මා එක්ක කිව්ව." ඇය දුර සිටම හඬනඟා පැවසූයේ ඇගේ ප්‍රතිඵල සටහන ඔසවා මදෙසට ළෙලවමිනි.

" ඔයාගෙ කොට කළිසම නම් බොහොම කොට වැඩියි. " ඇගේ උදම් ඇනීම නෑසුණාක් මෙන් මම පැවසූයේ ඉවත බලා ගනිමිනි. එක්කෝ මා පැවසූව ඇයට නෑසුණි. එසේත් නැතහොත් ඇසුණද ඈ එය කිසිදු ගණනකට නොගත්තාය. 

" කෝ බලමු ඔයාට මොකක්ද හම්බ වෙලා තියෙන ග්‍රේඩ් එක? " ඇය ඇසූයේ මා අතවූ ප්‍රතිඵල සටහන එක් වරම උදුරා ගනිමිනි." දෙයියෝ සාක්කි. ඔයාට ඒ මයිනස් එකක් නේද? ඔයා කොහොමද මට වඩා කුණු ගත්තෙ? මට මේක විස්වාස කරන්නත් බෑ ක්‍රිෂ්, අනේ ඇත්තමයි, ඔයා කලේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. මට ආර්ථික විද්‍යාවට ගෝල්ඩ් මෙඩ්ල් එකකුත් තියනව. ඉතිං කොහොමද මෙහෙම වෙන්නෙ? "

" මං කියන්නද? වෙලාවක ඔයාගෙ ගෝල්ඩ් මෙඩ්ල් එක ගෙනල්ල ප්‍රොෆෙසර් චැටර්ජිට පෙන්නන්ට.." මම බැරෑරුම් ලෙස පවසා තොල් තදින් පියාගතිමි. 

" ඒයි..මේ මොකද අනේ...මේ? " ඇය වහා ඇසුවාය. මම කිසිවක් නොපවසා හිඳසිටි අසුනින් නැඟී සිටියෙමි. 

" හරි හරි මොකක් වුනත් ඔයාට මම තෑග්ගක් දෙන්ට ඕන.ඔයා බොහොම අපූරුවට මට සංඛ්‍යානය කියල දුන්න හින්දයි මම විභාගෙ පාස් වුනේ. මොකද කියන්නෙ? දවල් කෑම මගෙ ගාණෙ..ඔයාට බඩගිනිද? " 

මම හිස වනා ඒ එසේ බව හැඟවීමි. නේවාසිකාගාරයන්හි දිවිගෙවන්නෝ අනවරත සාගින්නෙන් පෙළෙන්නෝය. 

" රායිට් එගෙනං යමු රම්බායි රෙස්ටුරන්ට් එකට…." ඇය සිනාසෙමින් පැවසුවාය. 

" මේ ඔහොමද ඔයා රම්බායි එකට යන්නෙ? " 

" මොකක්ද ඔහොමද කියල අහන්නෙ? මොකක් ගැනද ඔයා මේ කියන්නෙ? " 

" මම කියන්නෙ ඔය ෂෝට් එක ගැන.ඔයා රම්බායි යන්න හිතාගෙන ඉන්නෙ ඕක ඇඳල නම් මම එන්නෙ නෑ ඔයත් එක්ක." 

" මේ කරුණාකරල මට කියනවද? ඕක ඔය ඔයගොල්ලන්ගෙ පන්ජාබ් චාරිත්‍රයක්ද ගෑණු අඳින්ට ඕනෙ මොනවද කියල තහංචි දාන එක? " 

" ඒක පන්ජාබ් චාරිත්‍රයක් නම් නෙවෙයි. ඒත් මම කියන්නෙ යතාර්ථවාදීව හිතල. ඔයා ඔහොම ඇඳගෙන රම්බායි එකට ගියොත් මිනිස්සු කන්ට වගෙ බලා ඉඳියි ඔයා දිහාවෙ. " 

" මේක ඇතුලෙ කියලත් ඉතිං එහෙමට වෙනසක් නෑනෙ. අර පේන්නෙ නැද්ද පුදුම සතෙක් දැක්ක වගෙ බලා ඉන්න හැටි? ඔව්ව ගණං ගන්ට ගියොත් මේ ලෝකෙ ජීවත් වෙන්ට බෑ. එව්වයිං අපිට වැඩක් නෑ..යමු යමු.." ඇය මට පිටුපා ආයතනයෙහි ප්‍රධාන දොරටුව දෙසට සෙමෙන් ඇවිද යන්නට වූවාය.

" මට බඩගිනි නෑ...මට ඕන නෑ..මම එන්නෙ නෑ.. " මම ආපසු හැරී ශිෂ්‍ය නේවාසිකාගාරය දෙසට පිය නඟන්නට වීමි. 

" මේ...ඔයා ඔය ඇත්තටමද කියන්නෙ? විහිලුවක් එහෙම නෙවෙයිනෙ?.." ඇගේ කටහඬේ වූ විමතිය මට එක්වනම හඳුනාගත හැකිවිය.

" නෑ..විහිලුවක් නෙවෙයි..මම එන්නෙ නෑ.."

" ඔයාගෙ කැමැත්තක් " ඇය යලි පැවසුවාය.උරහිස් හැකිලූ මම ආපසු නොහැරීම ඉදිරියට පිය මැන්නෙමි

" මේ,ඒක නෙවෙයි...අද රෑට පාඩම් කරන්න එනවද? " ඇය යලිත් ඇසුවාය. 

කියන්න බෑ නැතහොත් සලකා බලමුකො එසේත් නැතහොත් හිතුනොත් එන්නම් යයි ඇඟවෙන පරිදි මම ආපසු නොහැරීම උරහිස් හැකුළුවෙමි. 

" මම අඳින්න ඕන මොන වගෙ ඇඳුමක්ද? " ඇය ඇසුවාය. ඇය සිනහසෙනවාදැයි දැනගැන්මට ආපසු හැරී බැලීමට ඇතිවූ හැඟීම මම මැඩගතිමි.

" ඔයා මගේ Girl Friend නෙවෙයිනෙ.ඕන දෙයක් අඳින්න. මට කොහොමත් එකයි." 

රාත්‍රියෙහි පාඩම් කරනු උදෙසා ඇගේ කුටියෙහිදී හමුවූ කල්හි දිවා කාලයෙහි අප අතරවූ මත ගැටුම පිළිබඳව අප දෙදෙනම වචනයක් හෝ නොදෙඩුවෙමු.ඇය කළු පැහැ ට්‍රැක් සූට් කළිසමක් සහ ඇගේ ශරීර ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් විශාල මැණික් කටුව දක්වා වැසෙන සේ අත් දිග, හැඳහුන් කළිසම වන්ම කළු පැහැ ටී ෂර්ටයක් හැඳ සිටියාය. 

ඇෆ්ඝනිස්ථානයේ තද ශීත සෘතුවක වුවද, කිසිදු උපද්‍රවයකින් තොරව  එළිමහනේ සක්මන් කිරීමට පවා ඇය හැඳහුන් ඇඳුම් ප්‍රමාණවත් බව මට සිතිණි.දිවා කාලයෙහි ඇය හැඳසිටි කොට කළිසමෙන් නිරාවරණය වී තිබූ දිගු දෙපා කළු පැහැ කළිසමෙන් පූර්ණ වශයෙන් වැසී තිබීම මසිතට ගෙන ආවේ පශ්චාත්තාපයකි. එහෙත් ඒ චමත්කාර ජනක දර්ශනය අහිමිවීමට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ ද මා බැවින් මටම දොස් පවරාගන්නවා හැර මට කල හැකි අන් යමක් නොවීය.

හෙටදින අප විසින් අධ්‍යයනය කලයුතු අළෙවිකරණ මූලෝපායයන් පිළිබඳව සාරාංශයක් අඩංගු සටහන් පොතක් මම විවෘත කළෙමි. 

" නිර්දෝෂ් - නිකටීන් රහිත දුම්වැටි ප්‍රචාරණය " එහි සඳහන් මාතෘකාව මම හඬනඟා කියවූයෙමි.

" ෆක්... මොන විකාරයක්ද ඒ?...නිකටීන් නැති සිගරට්? මට නම් ඕනෙ නියම සිගරට් එකක්. ඔය එක එක විකාර නෙවෙයි..ෆක් ඉට්.." ඇය ආවේගශීලිව පැවසුවාය. මම ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි. 

" දැන් මොකක්ද ප්‍රශ්නෙ? මම ෆක් කිව්ව එකද? එහෙම නැත්නම් සිගරට් බොනවයි කිව්ව එකද? " 

" මේ මට කරුණාකරල කියනවද ඔයා මොකක්ද මෙහෙම හැසිරෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල "

" මම විශේෂයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒත් ඔයාට එක දෙයක් කියන්න ඕන. ගැහැණුත් පිරිමි වගේම බුද්ධිමත්ය කියල කරුණාකරල පිළිගන්ට. එතකොට බුද්ධියක් තියෙන, තමන්ට ස්වාධීනව හිතන්ට පුලුවන් කිසිම මනුස්සයෙක් කැමති වෙන්නෙ නෑ තමන් අඳින්න ඕන මොනවද? ඒ වගේම තමන් හැසිරෙන්න ඕන කොහොමද? කතා කරන්න ඕන මොන වගෙ වචනද? කියල තව කවුරුවත් උපදෙස් දෙනවට. විශේෂයෙන්ම නීත්‍යානුකූලව වැඩිහිටියොයි කියල රජයෙන් පිළිගන්න අය එහෙම කොහොමත්ම කැමති වෙන්නෙ නෑ. අන්න ඒ ගැන කරුණාකරල ටිකක් හිතන්න. " ඇය එක දිගට කියවාගෙන ගියාය.

" පණ්ඩිත කතා කියන්න එපා අනන්‍යා... I don't like over-smart people " කෙමෙන් රතුවන මුහුණින් යුතුව මම දත් අතරින් පැවසූයෙමි.

" ඔයාටත් මට ඒ වගේම දෙයක් කියන්න තමයි තියෙන්නෙ. මට උපදෙස් දෙන්න එන්න එපා. And something more... don't patronize me." 

" ඔයාට ඕන අනික් අයගෙ අවධානය ලබාගන්න නම් ඇඟ පේන්න ඇඳුම් අඳින්නෙ නැතුව ඒක කරන්න වෙන ක්‍රම තියනව " ආවේගය පාලනය කරගැන්මට උත්සාහ දරමින් මම පැවසූයෙමි. 

" මම කොට කළිසම් අඳින්නෙ කාගෙවත් අවධානය ලබාගන්න කියල හිතල නෙවෙයි. මම ෂෝට්ස් අඳින්නෙ මම ෂෝට්ස් අඳින්න කැමති හින්ද... අනික මට ඒවා අඳින එක පහසු නිසා. " ඇය කොපමණ ශබ්ද නඟා කෑගැසුවේදයත් යාබද කුටියෙහි වසන යුවතිය තව මොහොතකින් දොරට තට්ටු කරනු ඇතැයි බියවූ මම දොර දෙස මොහොතක් බලා සිටියෙමි.

" හරි හරි අපි මේ කතාව මෙතනින් නවත්වමු. හිත සන්සුන් වෙන්නත් එක්ක නිශ්ශබ්දව පාඩම් කරමු. මොකද කියන්නෙ? " මම සිනාසෙන්නට අසාර්ථක උත්සාහයක් දරමින් පැවසූයෙමි. ඇය වදනක් හෝ තෙපලීමෙන් තොරව මේසය මත තිබූ පොත් අතරින් එකක් තෝරා උකුල මත තබා ගනිමින් කියවන්නට වූවාය.

පොත් පිටු පෙරලනවිට නැඟෙන සිහින් සරසර හඬින් පමණක් ඇගේ කුටියේ නිශ්ශබ්දතාවය වරින්වර බිඳීගිය අඩ හෝරාවකට ආසන්න කාලයක් මෙසේ ගෙවී ගියේය.

" ක්‍රිෂ්, කාගෙවත් අවධානයක් ලබාගන්ට මට ඕන කලේ නෑ..මේ ඇත්තමයි. " ඇය හදිසියේම හිස ඔසවා බලා සිහින් හඬින් පැවසුවාය. 

" එහෙම වුනත් කමක් නෑ... මොකද මට ඒකෙන් වැඩක් නෑ. " මම නොසැළකිල්ලෙන් පැවසූයේ අවම වශයෙන් හිස  එසවීමෙන් හෝ තොරවය.

" හහ්.. මට පේන්නෙ ඔයාට තියෙන්නෙ ඊරිසියාව " 

" මොකක් ?...පිස්සුද ඔහේට? " පොත වේගයෙන් වසා දමමින් මම නැඟී සිටියෙමි. 

" හරි හරි ඔච්චර කලබල වෙන්න ඕන නෑනෙ ඉතිං ඕකට. මම නිකමට එහෙම කිව්වෙ. අපි පාඩම් කරමු. " ඇය යලිත් කියවමින් හුන් පොත වෙත නෙත් යොමුකොට ගත්තාය. ඇගේ දෙතොලග සිහින් සිනහවක් විකසිත වන්නට විය.

ඇඳ මත තිබූ රෝස පැහැ කොට්ටය අතටගත් මම එය ඇය වෙත දමා ගැසුවෙමි. මහ හඬින් සිනාසුණු ඇය කොට්ටය අතට ගෙන මගේ හිස මතට වේගවත් පහරක් එල්ල කලාය. ඒ පහර වැළැක්වීමට දෑත එසවූ මගේ දෑතෙහි ඇගේ දෑත ගැටිණි. දෙවරක් හෝ තෙවරක් සමුගන්නා අවස්ථාවන්හිදී අතට අතදීම හැරුනු කල ඇගේ සහ මගේ සිරුරු ගැටුනු පළමු අවස්ථාව මේ බව එසැණින් මසිතට නැඟිනි.

එදින සිට ගතවුනු පුරා මාසයක් මුලුල්ලේ ඇය සහ මම එක්ව අධ්‍යයන කටයුතුවල යෙදුනෙමු.අප අතර ඇසුර හුදු සහෝදරාත්මක හිතවත්කමක සීමාවෙන් ඔබ්බට නොයායුතු බවට අප අතරවූ එකඟතාවය රැකීම මේ ගතවූ මාසයක කාලය තුල මට කිසිසේත් පහසු කාර්යයක් නොවීය. පොතක් වෙත නැඹුරු කොටගත් හිස හුදු අහඹුවකින් හෝ එසවුනිනම් එකෙණෙහිම මා ඉදිරිපිට දිස්වන්නේ ඇගේ වතයි.ඇගේ රුවැති වත නෙත ගැටෙනා වාරයක් වාරයක් පාසා ඇය වැළඳ සිප ගැන්මට මසිත ඔද්දල් කල ආශාව මම මැඩ යටපත් කලේ බලවත් අසීරුවෙනි.

ඒ ජාගර සිතෙහි මතුවන ආශාවන් මම යටපත් කොට ගත්තේ මහාචාර්ය චැටර්ජී මා අසල හිඳ තම උපැස් යුවල ඉහළින් මදෙස දෑස් නොපියා බලා සිටිනු ඇතැයි උපකල්පනය කිරීමෙනි. මහාචාර්ය චැටර්ජීටද මසිත දමනය කරනු නොහැකි වූ සඳ ඒ සඳහා මට සරණ වූයේ අනන්‍යාගේ මෑණියන්ය. තුන් සිතම පෙලන සියළු ආශාවන් එක් සැණෙකින් අකර්මන්‍ය කොට දැමීමට ඇගේ මෑණියන්ගේ ඡායාරූපයක් දෙස එක් වරක් බැලීම මොනවට ප්‍රමාණවත් විය.

ඈ හා සමඟ අධ්‍යයන කටයුතු වල නොයෙදෙන විට ද මසිත මෙහෙයවා ගැනීම ඉතා අසීරුවිය.කවුරුන් හෝ සිසුවෙකු ඈ හා සුහද කතාබහක යෙදෙනු දුටු වහා මගේ උදරය පෙදෙසෙහි ඇරඹී ගෙල දක්වා කෙමෙන් පැතිරෙන යම් උණුසුමක් වන් හැඟීමකින් මම පෙළෙන්නෙමි.ඇය සමහරවිට ඈ හා දොඩමලුවූ යම් සිසුවකු පිළිබඳ මා හා සමඟ ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නීය.අහ්මදාබාද් නගරයෙහි දසත ඇවිද කෙසේ හෝ පිස්තෝලයක් මිලදීගෙන ඇගේ සිත්ගත් පාපතරයා මරාදැමීමට මසිත ඇතිවන පෙළඹීම මම මැඩගනුයේ ඉතා අසීරුවෙනි.

" හරි මම හිතන්නෙ ඒ ප්‍රචාරක ව්‍යාපෘතිය ඒ විදිහටම තව ටික කලක් පවත්වාගෙන ගියොත් හොඳයි කියල..මොකද ඔයා කියන්නෙ?" මා ඈ දෙසම බලාහිඳිනු දුටු ඈ විමසන්නීය. ඒ අප දෙදෙන අධ්‍යයනය කරමින් සිටිනා හෙට දින භාරදිය යුතු පැවරුම පිළිබඳවය.

මම ඇත්ත වශයෙන්ම ඈ දෙස බලාසිටිමින් කල්පනා කලේ ඇගේ තොල් සිපගැන්මට ඉතාම සුදුසු ආකාරය කුමක්ද පිළිබඳවය. " හහ්? මොකද්ද කිව්වෙ?..ආ..ඔව්..ඔව්..එහෙම හොඳයි.." හදිසියේ නින්දෙන් අවදිවූවකු පරිද්දෙන් මම විපිළිසර වූයෙමි.

" අදනම් ඔයා මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ...මේ මට ඇත්තම කියන්න, මේ මොහොතේ ඔයා මොනව ගැනද හිතන්නෙ? " ඇය ඉදිරියට නැවී මගේ මුහුණ ඉදිරියේ සුරතින් අසුර ගසමින් විමසුවාය.

" ආ මේ නෑ..නෑ..මම මේ කල්පනා කලේ මාකටින් විෂයයට ඔයාට ඇඟෙන්ම එන හැකියාවක් තියනව නේද කියල." 

අනපේක්ෂිතව මා පත්වූ අසීරු අවස්ථාවෙන් මිදෙනු උදෙසා එසේ පැවසූවද ඒ අසත්‍යයක්ම නොවීය.අනන්‍යා වනාහී අලෙවිකරණය පිළිබඳ සහජ රුචියක් සහ දක්ෂතාවයක් ඇති යුවතියකි.

" තෑන්ක්ස් ක්‍රිෂ්, " ඇගේ හැකියාව සහ රුචිකත්වය පිළිබඳව හොඳින් දන්නා හෙයින් ඈ සැකයකින් තොරව මා පැවසූව පිළිගත්තීය. " යස්..මම මාර්කටින් වලට කැමතියි..රස්සාව විදිහට උනත් මම හිතන්නෙ මට මාර්කටින් අවුලක් වෙන එකක් නෑ. හරි..එහෙනම් මම මේ විදිහට වාර්තාව ලියල හෙට දෙනව." 

මැදියම් රැය ආසන්න වෙද්දී පැවරුම ලියා අවසන් කොට මම පිටත්ව යාමට නැඟී සිටියෙමි. 

" රම්බායි ගිහිල්ල මොනව හරි පොඩ්ඩක් කාල, තේ එකක් බොමුද? මොකද කියන්නෙ? " අනන්‍යා ද නැඟීසිට මේසය පුරා විසිරුණු සටහන් පිළිවෙලකට ගොනු කරන්නට වූවාය.

" බෑ මෙයා….. මෙ වෙලාවෙ තේ බිව්වොත් මට නින්ද යන්නෙ නෑ " 

" ම්ම්..එහෙමනම් මැගී නූඩ්ල්ස් එකක්? උඩ තට්ටුවෙ පෑන්ට්‍රි එකට ගිහාම ටක්ගාල මට හදන් එතෑකි. " 

" බෑ මම යන්න ඕන." ඇය මා සමඟ කුටියේ දොර අසළට පැමිණියාය.

" මම මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ...මේ ටිකේම ඔයාගෙ මූඩ් එක එච්චර හරි නෑ වගේ කියල මට හිතෙනව. කොයි වෙලෙත් ෆුල් සීරියස් ඉන්නෙ. මොනව ගැනද ඔච්චර හිතන්නෙ? පැවරුම් වලට ළකුණු මදිවෙයි කියල බයයි වගේද? " 

" මට ආයෙ ඔයා එක්ක එකට පාඩම් කරන්න බෑ." මගේ හැඟීම් තව දුරටත් සිතේ සඟවාසිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බැවින් මම එක්වරම කියා දැම්මෙමි.

" මොකක්?..." විශ්මයෙන් ඇගේ දෑස් විසල් විය

" දැන් අපි පාඩම් කරන්ට එක ක්‍රමයක්, එක රිදම් එකක් වගෙ අල්ලගෙනනෙ තියෙන්නෙ. ඒ හින්ද මම හිතන්නෙ නෑ අපි ආයෙම එකට පාඩම් නොකෙරුවට ඒ හැටි ප්‍රශ්නයක් වෙයි කියල…" 

" ඒක එහෙම වෙන්ට පුලුවන්. ඒත් මම කැමතියි ඔයා එක්ක එකට පාඩම් කරන්ට. ඒත් ඔයා ඒකට අකමැති මොකද කියල මට හරියට තේරෙන්නෙ නම් නෑ. ඇත්ත කියන්න ක්‍රිෂ්, මගෙන් මොනව හරි වරදක් වුනාද මම නොදැනුවත්ව හරි? " 

" නෑ ඔයාගෙ නෙවෙයි ඇත්තම කිව්වොත් වැරැද්ද මගේ " 

" කියන දෙයක් තේරෙන්න කියනව මනුස්සයෝ, " ඇය එක වරම කෝපයෙන් මුරගෑවාය. ඇගේ කෑගැසීමෙන් පිබිදුනු යාබද කුටියෙහි නිවැසි යුවතිය අවදිව එහි විදුලි පහන දැල්වූවාය.

" මේ අපි දෙන්න යාලුවෙලා නෑනෙ. ඒ හින්ද යාලුවෙලා ඉන්න දෙන්නෙක් තරහ වෙන්ට යනව වගෙ හැසිරෙන්ට,කෑගහන්ට කිසිම ඕන කමක් නෑ..තේරුණාද? හෙට බොහෝවිට ප්‍රොෆෙසර් ප්‍රශ්ණ කීපෙකුත් දෙයි උත්තර ලියන්ට. ඒ හින්ද හිත සන්සුන් කරගෙන දොර හොඳට වහගෙන නිදාගන්ට." එසේ පවසා මම නික්ම ආවෙමි.

පසුදින උදෑසන දේශනය ඇරඹීමට පෙර මම ඇය සමඟ දෙඩීමෙන් හිතාමතාම වැළකුණෙමි.උදය වරුව තුල ඇය දෙවරක් මා වෙත පැමිණියාය. පළමුවර පෙරදින ඇගේ කුටියෙහි අතපසුවී පැමිණි මගේ පෑන ආපසු දෙනු පිණිසය.දෙවන වර උදෑසන දහයේ කණිසමට ලැබෙනා විවේකයෙහිදී ඈ සමඟ තේ පානය පිණිස ආරාධනය කිරීමටය. යමෙකු කෙරෙහි පැහැදීමක් හෝ පහන් හැඟීමක් ඔබ තුල හටගත් කල්හි ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැකීම හෝ ඔබ අසල ගැවසීම පවා ඉමහත් චිත්ත ප්‍රහර්ෂයට හේතුවන යම් ප්‍රියජනක වූ උණුසුම් හැඟීමක් ඔබ සිත තුල නිරායාසයෙන් ජනිත කරන්නේය.අනන්‍යා හේතුකොටගෙන මාතුල කෙමෙන් ඇතිවන්නටවූ ඒ හැඟීම පාලනය කර ගැන්මට මම වෙර දැරීමි.

" ආ..නෑ..මම හිතාගෙන ඉන්නෙ ඊළඟ පාඩමට ඕන සටහන් ටිකක් කියවගන්න. ඔයා යන්න ගිහිල්ල තේ බොන්න " මම හිස ඔසවා ඈ දෙස බලා පැවසූයෙමි. යලි පෙරැත්ත කිරීමකින් තොරවම ඇය නික්ම ගියාය. දණහිස දක්වා දිගු සුලෝහිත පැහැති සායක් සහ ඊටම ගැලපෙන ලා දුඹුරුවන් කමිසයක් හැඳසිටි ඈ යටත් පිරිසෙයින් දොරටුව අසළදී හෝ යලි හැරී බලනු ඇති බවට මසිත පැවති අපේක්ෂාව ද සුන් කරමින් ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයෙහි ඇගේ යෙහෙළියන්ද සමඟ පිටව යනු මම බලා සිටියෙමි. 

අනුයාත පස් දින තුල මම ඇය මඟහැරියෙමි.දේශණ ඇරඹීමට ඉතා ආසන්නව ශ්‍රවණාගාරයට ඇතුලුව, දේශණය නිමවී වහාම පිටව යාමට මම වගබලාගතිමි. එබැවින් ඇය හා කතාබහ කිරීමට මට සිදු නොවීය.

" ඔයා දැන් එයා එක්ක කතාකරන්නෙ නෑ නේද? " මා අසලම අසුන්ගෙන හුන් මොහිට් පස්වන දිනයේදී විමසූයේ ඇස් කරකවමිනි. ( දේශනාගාරයේ මගේ එක් පසෙක මොහිට්ලා පස් දෙනෙකු හා අනෙක්පස කන්‍යාශ්‍රී අසුන්ගෙන සිටින බව මම මේ කතාව ආරම්භයේදීම පැවසූ බව ඔබට මතක ඇති බව මට සහතිකය ). සෙසු මොහිට්ලා සිව් කට්ටුව සියලු කටයුතු අතහැර දමා මේ දෙසට කන් යොමා ගත් අතර අකුරක් හෝ අත නොහැර අනලස්ව ටහන් ලියනා කන්‍යාශ්‍රී පවා ඇගේ අනවරත සටහන් ලිවීම මොහොතකට අත්හිටුවා හිස මාදෙසට අංශක දහයක් හා පහළවක් අතර කෝණයකින් ඇල කර ගත්තාය.

" දැන් මොකක්ද ඔහෙලට ඒ ගැන දැනගන්න තියෙන ඔයහැටි උවමනාව ? " මගේ කිසිසේත්ම සුහදශීලී යැයි කිව නොහැකි ප්‍රතිචාරය ඔවුන් සැණෙකින් පසුබස්වා, එතෙක් යෙදී හුන් කටයුතු වෙත ලහි ලහියේ යලි යොමු කරවීය.

එදින එනම් ඇය හා වදනක් හෝ නොදොඩා ගෙවීගිය පස්වන දින රාත්‍රි නමයට පමණ අනන්‍යා මගේ කුටියෙහි දොරට තට්ටු කළාය.

78 comments:

  1. අයිසෙ රවි, මල් පොත් කාරයෙක් කියලා හිතලා පැත්තකට දාලා තිබ්බ චේතන් ගොය්යගෙ මේ පරිවර්තනය නං මම බලන්නෙ කෙල පෙර පෙර. අයිසෙටම විතරයි මෙහෙම පරිවර්තනේ කරන්ඩ පුලුවන්. වැඩේ නැගලා යනවා, ඒත් මේ කොටසෙ පොඩි හදිසියකින් ලිව්වා කියලා තේරෙනවා, එහෙමද?

    ReplyDelete
    Replies
    1. Ano,

      ස්තූතියි ඔබට...:)

      හදිස්සියකින් ලිව්වයි කියල හිතෙනවද? එහෙමට හදිස්සියක් නම් තිබුනෙ නෑ...:)

      Delete
  2. මචං රවි, උඹට උඹේ Blog එකේ තමන්ට කැමති දෙයක් ලියන්න තියෙන අයිතිය මම පිලිගන්නව.

    ඒත් අවුරුදු ගානක් මේ Blogඑක කියවන එකෙක් විදියට, මේක කියන්න ඕන.

    උඹ මේ පරිවර්තනය කරන කතාව කැමති කෙනෙකුට ඉංග්‍රීසියෙනුත්, සිංහලෙනුත් කියවන්න පුලුවන්. සිංහල පරිවර්තනය උඹේ එක තරම්ම හොඳ නැතුව ඇති, ඒත් ඒක කම්මලි කමක් නැතුව කියවන්න පුලුවන්.

    ඒක නිසා, මේක කරන්න වැය කරන වෙලාවෙ, අපි බොහොම කැමත්තෙන් කියවන උඹේ ජීවිත අත්දැකීම් එක්ක එකතු වෙච්ච පරන කතා ටික දිගටම ලියපන්. එහෙම නැත්නම් අර දඩයක්කාරයගෙ කතාව වගේ Original එකක් ලියපන්.

    ReplyDelete
    Replies
    1. මම මේ පොත රවිගේ පරිවර්ථනය ඇති කරපු කුතුහලය නිසාම අරගෙන කියවපු කෙනෙක්. කථාව දැනගෙනත් ඒකේ උපරිම රසවින්ඳනය ලබන්නේ මේ පරිවථනය කියවලා. මේ පරිවර්ථනය නවත්වන්න නම් එපා.

      Delete
    2. Ano,

      ඇත්තටම පලවෙනි කොටස පරිවර්තනය කරනකොට මම මේකෙ සින්හල පරිවර්තනයක් කලින් කරල තියනවය කියල දැනගෙන හිටියෙත් නෑ. දිගටම පරිවර්තනය කරන්න කල්පනාවක් තිබ්බෙත් නෑ. ඒත් පාඨක ඉල්ලීම් මත දිගටම වැඩේ කරගෙන ආව. ටිකක් කරදරකාරී වැඩක් වුනාට පස්සෙ මටත් වැඩේට ආසා හිතුන. ඒත් කොච්චරකල් ඒ ආසාව තියෙයිද දන්නෙ නෑ.වැඩේ එපාම වෙච්චි දවසට නවත්තල දානව. එච්චරයි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      හෙහ්..දඩයක්කාරයත් මතකයි නේද?...:)

      Delete
    3. ඇනෝ එක්ක මාත් එකඟයි. දෙකම වරින් වර කරනවනම් හොඳයි...

      Delete
    4. පටන් ගත් මේ කාර්යය අතරමග නවතන්න එපා. ඔබ බුහුටි ලෙස බස හසුරුවමින් කතාව පරිවර්ථනය කරනවා. විටෙක අනුවර්ථනයද කෙරෙනවා. ඒ කොහොම වුණත් පාඨකයා ගේ වින්දනයට ඔබ සාධාරණයක් කරනවා.

      Delete
    5. ඇත්තටම මේක රසවත්ව ලියාගෙන යන එක නොකියාම බෑ. මාත් මේකෙ කොටස් දෙකක් කියෙවුවට පස්සෙ ඔය චිත්‍රපටිය ආයෙ පාරක් බැලුව.
      ඒත් ඇනෝ කියල තියෙනව වගේ රවී අයියගෙ ජීවන අත්දැකීම් ලියනවට තමයි මාත් කැමති. මොකද කාටවත් ලැබිල නැති අත්දැකීම් ගොඩක් ඒවයෙ තියෙන නිසා.

      Delete
    6. ඩ්‍රැකී, නලීන් සහ ප්‍රසන්න,

      ඔව්..එහෙම දෙයක් කරන්න වෙනව අනන්‍යාගෙ කතාව දිගටම ලියනවනම්. පොඩි Compromise එකක් වගෙ මම මේ කිව්වෙ…. කොස් කපන ළමය, විමලෙ, එතකොට පොත් ප්‍රදර්ශනේ, රග්බි වර්ල්ඩ් කප් එක ….එව්ව ගැනත් ලියන්ට ඕනමයි නෙව......:)

      Delete
    7. ඇනෝ.. මේ පිච්චු නම් කියවන්න එපා.. මේක චේටන් භගට් මහත්තයත් කියෝනව සිංහල ඉගෙන ගෙන.. මට මේකේ ඔනිතරම් කෑලි පෙන්නතහැකි භගට් කාරය ලියන්ඩ තියා හිතපුවත් නැති. මොකද මෑන්ස් අපේ රුචිකත්වය දන්නේ නෑනේ.. බට් දිස් ගයි රවී නෝව්ස් ඉට්.. :) බෙටර් දෑන් එනිවන් එලස්. සෝ ලෙට් හිම ව්රයිට් දිස්.. ප්ලීස්.

      Delete
    8. අර අසන්නන්ගේ ඉල්ලීම් වගේ මේ බ්ලොග් එකේ "පාඨක ඉල්ලීම්" කියලා ගැජට් එකක් දාන්න බැරිද?..
      මේක නවත්තන්න කියලා එක ඉල්ලීමයි. දිගටම ලියන්න කියලා ඉල්ලීම් පෝලිමයි...මොන කතා ලිව්වත් කමක් නෑ සතියට මේකෙ කොටස් දෙකක් බැරිනම් එකක්වත් දාන්න. මමත් මුල් පොත කියවලත් මේක දිගටම කියවන්නෙ ඒ පරිවර්තනය ඒ තරම් සුමට නිසා.

      Delete
    9. සඳ සහ කළණ,

      හරි හරි බොලව්..ලියන්නම් ලියන්නම් දිගටම...අනන්‍යාට ගැන මගෙ හිතෙත් දැන් පොඩි පිළිබඳ සිතක් පහළ වීගෙනයි එන්නෙ...හෙහ්,හෙහ්,

      ආ..අර පාටක ඉල්ලිම් ගැජට් එක ගැන මගෙ බොස් රන්දිල් මැඩම්ට තමයි කියන්න වෙන්නෙ...මට බය ඔව්ව කියන්ට ගිහිල්ල අනන්‍යා කෑගැහුවට වඩා සද්දෙට කෑගහයිද මන්ද මේ අම්මණ්ඩි...:)

      Delete
    10. This story, your reminiscences, your yarns, politics, humour etc alternatively might be a good idea. BUT, most importantly, write what YOU enjoy writing at any given time Ravi !

      Delete
    11. Pra,

      Of course Pra, It goes without saying that I should be writing what I enjoy most. Writing something you doesn't want feels exactly like a syntocinon induced child birth. Not that I am speaking from first-hand experience of course. ( Ha..Ha…Ha…)

      " විජහට වරෙල්ල බං අඩිය උස්සල..මුං ඔක්කොටම සින්ටො දෙන්ට වෙයි වගෙ මට පේන්නෙ…" That's how we encouraged Girls of our class during practical lessons in Surveying ..that was an anecdote from my technical college days, more about Synto giving later…( Again Ha..Ha….)

      Delete
    12. ඒවත් ලියන්ට අයියා.. මේකත් ලියන්ට.. දැං නම් මේක නැතිව බෑ.. රහට තියනවා නෙව.මේක ඉක්මනට ඉවර කොරලම ඉමු නෙහ්?

      Delete
    13. ඔක්කොම ලියන්න

      Delete
  3. ඉතාමත් අනර්ඝයි. අවාසනාවට ඊට වඩා වර්ණනා කිරීමට වචනයක් නොදනිමි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඔබට බොහොමත්ම ස්තූතියි...:)

      Delete
  4. ලින්ක් එකක් දාන්න බ්ලොග් හිමිකරුගේ අවසර.
    මෙන්න
    මේ ලිපියකියවන්න

    ඔබට ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. වෙරි ඊසි,

      නිවාඩු පාඩුව කියවන්නම්...:)

      Delete
  5. අයිසෙත් කාලෙකින් ඇවිත් නිසා සන්තෝසයි.. මරු ඕයි.. අර ආදරවන්තිය කියන කෑල්ල නං එච්චර ගති නෑ ඒ ඩයලොග් එකට..

    ReplyDelete
    Replies
    1. දේශක,

      අඩේ මේ..මොකක්ද එතෙන්ට හොඳ?

      Delete
    2. //" ඔයා මගේ ආදරවන්තිය නෙවෙයිනෙ.ඕන දෙයක් අඳින්න. මට කොහොමත් එකයි." //

      " ඇයි ඔයා මගේ ලව් එකද?? නෑනේ.. ඕන දෙයක්.. මට අවුලක් නෑ“ හැක්.. මම දැම්ම නං ඔන්න ඔහොමයි දාන්නේ.. මං ඉතිං පොඩි එකානේ බං. හැක්

      Delete
    3. අන්න හරි. මටත් ඔතන මොකද්දෝ එකක් දැනුන. දේශා කියපු එක හොඳයි

      Delete
    4. දේශා,

      ස්තූතියි..ආයම කියවගෙන එනකොට මටත් නිකම් මේ විචිකිච්චාවක් වගෙ ආව ඒ වචනෙ ලඟදි. ඒ පාර පොඩි වෙනසක් කලා.

      Delete
  6. මම මොකුත් කියන්නෙ නැතුව යන්නං.ඊළඟ කොටස බලල මොනා හරි කියන්න බැරුවයැ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      දේශා හා කියල තියෙන හින්ද මම කියන්නම් ඔබේ කැමැත්තක් කියල….:)

      Delete
  7. ඔය චේතන් කාරය වැහිලානේ බොලේ මට මේ දවස්වල.... ඔක්කොම පොත් කියෝනව දිගට හරහට! මේ පරිවර්තනේ තරම් ඉතින් ගතියක් නැහැ. ඒ උනාට සමහර වචන නම් අර ලියල තියෙනවා වගේම ඉංග්‍රීසියෙන් හිතන එක තමයි සිරාම!

    මේක කියෝලා දැන් මම පපුව ඩක් ඩක් ගගා ඉන්නවලු ඈ

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / මේක කියෝලා දැන් මම පපුව ඩක් ඩක් ගගා ඉන්නවලු ඈ /

      / ඔක්කොම පොත් කියෝනව දිගට හරහට!  /

      ඇයි බොල චේටන්ගෙ පොත් ඔක්කොම ගත්තනම් පපුව ඩක් ඩක් ගගා ඉන්නෙ අහවල් කැකිරි ගෙඩියටද? කියවල බලපන්කො ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියල.

      පලි - හරි හරි ඒ කියන්නෙ උඹ අරන් තියෙන්නෙ මේ පොතේ මුල් පිටු 22 විතරක් වෙන්න ඕන.ඒකයි මේ පපුව ගැහි ගැහි ඉන්නෙ...කවුද දන්නෙ? කියන්ට එපාය. අඩේ මම දැනගෙන හිටියෙ නෑ පොත්වල කෑලි කෑලිත් දැන් ගන්ට පුලුවන්ය කියල. හෙහ්..දැනගත්ත එක හොඳයි.

      Delete
    2. පපුව ඩග් ඩග් ගෑම කෙසේ වෙතත් උපෙක්ෂගේ "මේ අඳෝනාව ඉවරවෙන්නේ කවදාද" එකේ කොටස් කියවලා එන තරහව යවා ගන්නේ රවි ගෙ මේ කථාවේ කොටස් කියවලා.

      Delete
    3. Ravi : මොකක්? පපුව ඩක් ඩක් ගාන්නේ වෙන්ට යනදේ ගැන විස්සොපේ හින්ද රවියා... මම දන්නවනේ උඹගේ හැටි! කොහොම ලියයිද කියල මම මේ පරාන බයෙන් ඉන්නේ.

      ඔක්කොම PDF අනේ. සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ. හික්

      lan: හිතන්නේ ඕක ලියන්නේ හිනාවෙවී කියලද? ලියන එකත් පට්ටම පීඩනයක්. මේ දවස්වල වැඩ ටිකක් වැඩියි. එක හුස්මට කොටන්න බැහැ වචන. ලියන්න ඕනේ ඉක්මනට. සමහරු ඇවිත් පොල් ගහලා යන්නේ.. හික්

      Delete
    4. රවි, උපේක්ශා කියන්නේ චේටන් ලියල තියෙන හික්මීම නැතුව ඊලඟ කොටසේ සමහර සිද්ධි 18+ විස්තර දාල ලියනකම් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. හික්ස්

      Delete
    5. Ian,

      හෙහ්, එහෙමද? කවුද අප්ප දන්නෙ මේ බබලත්තුන්ගෙ එක එක මනෝ විකාර...එක්කො කියන එකක් කෙලින් කියන්ට එපාය..පපුව ඩක් ඩක් ගානවලු. පෙනහල්ල ජික් ජික් ගානවලු..කාටද අප්ප ඔය වහෙන් ඔරෝ තේරෙන්නෙ?...හෙහ්,හෙහ්,

      උපේස්සො,

      අනේ බන් එහෙම සුරුන්ගාරාත්මක ( හරි නේද වචනෙ?...) කෑලි ඔබ්බන එක හරි නෑනෙ. බගට් ගොයිය මගෙ තට්ටෙ පලාවි. මේ..බොට එහෙම පෙසර් වැඩිවෙන කෑලි ඕනම නම් මෙහෙම කරඤ්ඤම්. කතාව තියෙන විදිහට ලියල ඒ අදාල තැන මම තරුවක් දාන්නම්. ඒ කරල කතාව අන්තිමේ තරුවට අදාල විස්තරේ දාන්නම් මෙහෙම.

      * උපේක්ෂා මැතිණියගේ බලවත් ඉල්ලීම පරිදි එතුමියට අවශ්‍ය මාදිලියේ ශෘන්ගාරාත්මක විස්තර අඩන්ගු වෙබ් අඩවි කිහිපයක සබැඳි පහත දක්වමි.

      Delete
    6. හිනාවෙලා පුටුවෙන් වැටෙන්න ගියා. උපේක්ෂා නෝනා රතුපාට වෙලා රවිටයි මටයි සිංහල ශබ්ද කෝෂයේ හොඳම වචන කිහිපයකින් 'ආශීර්වාද' කරනවා මැවිල පේනවා.

      Delete
    7. හත් වලාමයි... මේ මක්කද මේ වෙලා තියන නස්පැත්තිය? මම ඩිංගක් එහාට මෙහාට වෙනකල් ඉඳල මගේ සායම යවල නේද මේ රවී ගොය්ය? හුහ්... මාව රොමෑන්ටික් කොරන්ට? හුහ් හිතුව මදි! ඊට වඩා ලේසි වෙයි ඔය කිරිස් කාරයට අනන්‍යගේ තාත්තව හිනස්සන එක.. හුහ්

      දෙය්යනේ කියල ඉන්නවද පැත්තකට වෙලා lan ...

      Delete
  8. පස්සේ මෝඩකම කියලා හිතුණට කොල්ලෝ ඔය වගේ වෙලාවට හැසිරෙන්නේ ඔහොම තමයි... කෙලින්ම එන්නේ ප්‍රොටෙක්ටර් රෝල් එකට... කෙල්ලට අනන්‍යා නම නියමෙටම හරි... ඒක නෙමෙයි මේ කොල්ලටයි කෙල්ලටයි වෙන යාලුවෝ ඇත්තෙම නෑ වගේනෙ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      හෙහ්,…..අනන්‍යා කියන්නෙ අමුතු, Unique….එහෙම බැලුවම මේ අම්මණ්ඩිට නම් නම ටක්කෙටම ගැලපෙනව තමයි. ...:)

      ම්ම්ම්ම්...තව යාලුවො ඉන්නව. ඇයි අර තේ බොන්ට යන්ට කොල්ල බෑ කිව්වම කෙල්ල ගියේ එයාගෙ යාලුවො එක්කනෙ...

      Delete
  9. //මොන විකාරයක්ද ඒ?...නිකටීන් නැති සිගරට්?//

    ඔය වගේ තමා මේද රහිත කිරි, කැෆේන් රහිත කෝපි, සීනි රහිත අයිස්ක්‍රීම් ...
    මටත් පෙන්නන්න බෑ :D
    හැමදාම මේද රහිත කිරි බොනවට වඩා මම කැමතියි සතියට එක පාරක් නියම ඔරිජිනල් කිරි එකක් බොන්න!

    ReplyDelete
    Replies
    1. නිකොටින් තියන සිගරට් එකක්........ අකමැතිද?

      Delete
    2. Niro,

      මගෙත් ඔය කොලස්ටරෝල් කේස් හින්ද බොන්නෙ මේද රහිත කිරි. නම්පැට් මිලික්..හෙහ්,හෙහ්, මට නම් ඒකෙ අවුලක් නෑ...මම හිටපු ගමන් පුල්පැට් එකත් බීල බලනව. ඒ දෙකේ මට වෙනසක් තේරෙන්නෙ නෑනෙ..

      අර අරව නන්, මෙව්ව නන් ඔක්කොම පැත්තක තියමුකො. මම අම්මාපල්ල එකෙක් දෙන්නෙක් මරාගෙන මැරෙන්නෙ නන් ඇල්කහොල් විස්කි හදල එව්ව විතරක් බීපල්ල කියල කිව්ව දවසට...:)

      Delete
    3. @Naleen
      සිගරට් ඇල්කොහොල් නම් කොහොමත් පාවිච්චියක් නෑනේ.. ;)

      @Ravi
      අනාගතයේදී මටත් නොන් ෆැට් විතරක්ම බොන්න වෙන්න පුළුවන්... I'll do it but I don't have to like it. What I'm saying is it takes the whole fun out of it...

      //මම අම්මාපල්ල එකෙක් දෙන්නෙක් මරාගෙන මැරෙන්නෙ නන් ඇල්කහොල් විස්කි හදල එව්ව විතරක් බීපල්ල කියල කිව්ව දවසට//
      කැෆේන් රහිත කෝපි දැක්කම මට හිතෙන දේ වගේ! ... :D :D

      Delete
    4. අතින් කෑලි නොදැමූ රවිගේ මතකයන්?

      ha hah ha, sorry, just couldn't help it.

      Delete
    5. Pra,

      මතකයන් වනාහී දෙවැදෑරුම්ය. Memories & Augmented Memories…Ha..Ha…ha…

      Delete
  10. Replies
    1. අවන්ක ආර්ය,

      ස්තූතියි....:)

      Delete
  11. දිගටම ලියන්න. භගත්ගේ කථා ලස්සනයි. ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. හේමමාලී,

      ස්තූතියි....:)

      Delete
  12. //තුන් සිතම පෙලන සියළු ආශාවන් එක් සැණෙකින් අකර්මන්‍ය කොට දැමීමට ඇගේ මෑණියන්ගේ ඡායාරූපයක් දෙස එක් වරක් බැලීම මොනවට ප්‍රමාණවත් විය.// හැක්.. හැක්.. ගෑණිගෙ මූන කොයි වගේද කියල හිතාගත්තැකි එහෙනං.

    ක්‍රිෂ් කාරය වැඩේ අනාගෙනන‍ෙ. හොස්ටල් එකේ වේලෙන එකාට කෙල්ලෙක්ගෙන් නිකං හම්බෙන කෑම වේල ගැනවත් අඩුම ගානෙ සලකල බලන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / හැක්.. හැක්.. ගෑණිගෙ මූන කොයි වගේද කියල හිතාගත්තැකි එහෙනං. /

      එහෙම ඉන්නව බන් සමහර ඉස්තිරියාවො...ආය නෑ දැක්කත් ඇති..සියලු ක්ලේශයන් ප්‍රහීණවී අරහත් ඵලයට පත්වෙන්ට ඔන්න මෙන්න තත්වයට පත්වෙනව අසුරුසැණින්...:)

      Delete
  13. Ravi e mail address eka denna puluwanda

    ReplyDelete
    Replies
    1. ෂහ්... කුනුසරුප ටික්ක එක්ක ඔතල එවන්න පුලුවන් දැං.

      Delete
    2. //කුනුසරුප ටික්ක එක්ක ඔතල එවන්න පුලුවන් දැං.//
      උඹ ඒවත් දන්නවද බං.

      Delete
  14. යෙප් යෙප්.. ඉතුරු ටික ඉතුරු ටික..

    අනන්‍යා දොරට තට්ටු කරයි කියුවම හඳුන්පොත කී ගාල ගියා.. ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / හඳුන්පොත කී ගාල ගියා.../

      මොකද බං එහෙම වුනේ? නරකද එකෝ එකක් වත් කරගත්තොත්?..බොලාගෙ අනික වියදම් ගැන අවුලක් නෑනෙ නේද? කැප්ටන් ඔක්කෝටම ෆුල් මෙඩිකල් ඉන්ෂුවරන්ස් දීලනෙ තියෙන්නෙ නේද?

      Delete
  15. මේක චේතන් අය්යාගෙ කතාවක් නොවෙද..?? මොන මගුලක්ද මන්දා කියලා පරිවර්තනය වෙලා තියෙන එකක් නම් කියෙව්වා... ත්‍රී ඉඩියට්ස් එකේ පරිවර්තනයක් නැහැ නොවෙද රවී මාමෙ.. මොකද මේක ඉවර වෙලා ඒක සිංහලට පෙරලුවොත්..

    ReplyDelete
    Replies
    1. වැසි දරුවා, මෙහෙමයි වැඩේ වුනේ..හොඳද? පොයින්ට්වයිස් කිව්වොත් ලයික් දිස්.

      1.Two States - The Story Of My Marriage කියන චේටන් භගට්ගෙ පොත මම කියෙව්ව මේ ලඟදි. ඒකෙ කතාව අල්ලල ගිය හින්ද මම පිටු තුනක් හතරක් වගෙ පරිවර්තනය කරල දැම්ම බ්ලොග් එකේ.

      2. ඒ වෙනකොට මම දැනගෙන හිටියෙ නෑ ඒකෙ පරිවර්තනයක් තියනවය කියල. අනික කොහොමත් දිගටම පරිවර්තනය කරන්ට මගෙ අදහසක් තිබ්බෙත් නෑ. තව එක කොටසක් වගෙ දාල වැඩේ ක්ලෝස් කරන්නයි මම හිතාගෙන හිටියෙ.

      3. ඒ මුල්කොටස දැම්මට පස්සෙ කට්ටිය කිව්ව " මොන මඟුලක්ද මන්දා " කියල මේ පොතේ පරිවර්තනයක් කාලෙකට ඉස්සර ප්‍රකාශයට පත් කරල තියනවය කියල.

      4. ඒත් ඒ එක්කම මේ පරිවර්තනය දිගටම කරන්න කියල ඉල්ලීම් ආපු නිසා මම ඊට පස්සෙත් තව කොටස් 4 පරිවර්තනය කරල පබිලිස් කලා.

      5. 3 Idiots කියල භගට්ගෙ පොතක් නෑ මම දන්න තරමින්. ඒ නමින් තිරගත වුනු අර සුප්‍රසිද්ධ චිත්‍රපටයෙ කතාව අරගෙන තියෙන්නෙ භගට්ගෙම තව පොතක කතාව ආශ්‍රයෙන්. ඒ පොතේ නම Five Point Someone.

      ඉතින් ඔන්න ඔහොමයි උනයි කියන්නෙ……:)

      Delete
  16. අදමයි ආවෙ.පරන ලිපි කියවලාම ඉන්න වෙනවා.ආයෙත් එන්න ඔන නිසා බිලොග් රෝලට දාගත්තා

    ReplyDelete
  17. අයියාගේ මේ පරිවර්තනය නිසාම පොතත් ඩවුන්ලොඩ් කරල කියවලා චිත්‍රපටියත් බැලුවා. නියමයි අයියේ. ස්තුතියි.

    කොස් කපන ළමයගේ කතාවත් මේ ගමන්ම දාමු නේද?

    ReplyDelete
    Replies
    1. සහන්,

      බොහොම ස්තූතියි මල්ලි...:)

      ඔව්..ඔව්..ඔව්..ඒ ලමයගෙ කතන්දරෙත් ලියන්ට ඕන..ලියන්ට ඕන...

      Delete
  18. අර හැඟීම පාලනය කරගන්න නැන්දම්මගේ පින්තූරේ දිහා බලන එක නම් මරු කෑල්ල බං. ආයෙ අර උඹ මුලින් පින්තූරෙ විස්තර කරලා තියෙන විදිය මතක් කරගත්තාම ඕක පහු කාලෙක උපත් පාලනය දක්වා දියුණු කරගන්න හැකිවෙයි කතා නායකයට.

    ReplyDelete
    Replies
    1. Dude,

      හෙහ්..උපත් පාලන ක්‍රමයක් හැටියට ඒකත් මරු……:)

      Talking of birth control, reminds me of that story……..

      A young guy went to the local drug store and asked the stern looking middle aged woman working there " Hey miss, three rubbers please "

      The sales woman looked up at him and said severly " Don't you dare miss me "

      The young guy sized her up for a moment and shrugged." Ok. not bad at all... four rubbers then "

      Delete
  19. ඔරිජිනල් එක කියවලාම නැති හන්දා මට නම් හොද මේ පරිවර්ථනය තමයි.. ආසාවෙන් කියවන් යන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      බොහොම ස්තූතියි මල්ලි....:)

      Delete
  20. රවී..... කොමෙන්ට් පෝලිමේ යටටම ඇවිල්ලා මේක කොටල යන්නේ, උඩින් ඉන්න සමහර සම්භාව්‍ය රසික ප්‍රතිචාරවලට රැවටිලා මේ පරිවර්තනය නවත්වයි කියලා බයට...... මට නම් මේක පට්ට රහයි.... මුල් කෘතිය මම කියවලා නැහැ... දැන්ම කියවන්නෙත් නැහැ. ඒ මොකද ඒකෙන් මම දැන් විඳින රසයට බාදාවක් වෙයි කියලා.... නවත්තන්න නම් එපා කොල්ලො..... ඊ ළඟ කෑල්ල එන කං කෙල පෙර පෙර ඉන්නෙ.......

    ReplyDelete
    Replies
    1. ඊළග කෑල්ල තමා සෙක්සිම ලමයෝ...

      Delete
    2. ඉන්දික,

      බොහොම ස්තූතියි ඉන්දික...හරි ..හරි ..තවම මට මේ පරිවර්තන ( පරිවර්තනම නෙවේ අනුවර්තන කිව්වොත් වඩාත්ම හරි මම හිතන්නෙ. මොකද මම අතිනුත් පොඩි පොඩි කෑලි දාන හින්ද ...හෙහ්,හෙහ් ) වැඩේ එපා වුනේ නෑ.. ඒ නිසා සහ ඔයාලගෙ පහන් සංවේගය උදෙසා දිගටම වැඩේ කරගෙන යමුකො...:)

      Delete
    3. දේශා,

      කොහේ තියෙන සෙක්ස් එකක්ද බං ඔය කියන්නෙ?..උඹ ඔය කතා කරන්නෙ වෙනම පොතක් ගැන මට පේන විදිහට..

      මගෙ ගාව තියෙන එකේ ඔය සෙක්ස් මොකවත්ම නෑනෙ.....මේ මම කියන්ටද ඔය උඹ කියන සෙක්ස් කෑලි ටික දාපංකො කාටත් එක්ක බලාගන්ටත් එක්කලා...:)

      Delete
    4. අනේ හැබෑටම රවියෝ... සෙක්සි කියන්නේ සෙක්ස් වලටම විතරද?? හැක්...

      Delete
    5. දේශා,

      ඔන්න කණෝ පිනුං කිව්වලු...ඒකත් හරි තමයි.....Sex & Sexy...ඒ දෙක වෙනස් නෙවෙන්නං...:)

      Delete
  21. // And something more... don't patronize me." // හි හි හොඳ වැඩේ

    ඊයේ නිදාගද්දී පාන්දර 3යි දවල් පටන් ගත්තේ බලන්න "සඳ විනිවිද " හරිම ලස්සනයි අයියේ. ඒකේ මිනිස්සු කතා කරන වචන වලට මං ආසයි.. බ්ලොග් ලියලා සමහර කැත අනෝ කමෙන්ට් බලලා අප්පිරියා වෙනවට වවඩා මං දැන් මාර සතුටින් ජීවත්වෙනවා.. සිංහල කතා කරන්න කිසිම කෙනෙක් නැතුව ඉන්නේ මං, දැන් මේ ජොබ් එකේ විශේෂයෙන්ම. අම්මටත් මට කතා කරන්න වෙලාවක් නෑ ..බිසී බිසී බිසී :D ඔයා ගේ මේ කථාවයි, තව ආස බ්ලොග් ටිකකුයි "කවිය නුඹ , සඳ විනිවිද " බලාගෙන ෆන් එකේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔමා,

      /  And something more... don't patronize me. /

      ඒ වචනෙට හරියටම හරියන තනි සිංහල වචනයක් නෑ.ඒකයි එහෙම්මම ලියල දැම්මෙ...:)

      / "සඳ විනිවිද " හරිම ලස්සනයි අයියේ. ඒකේ මිනිස්සු කතා කරන වචන වලට මං ආසයි.. බ්ලොග් ලියලා සමහර කැත අනෝ කමෙන්ට් බලලා අප්පිරියා වෙනවට වවඩා මං දැන් මාර සතුටින් ජීවත්වෙනවා. /

      හෙහ්..මටත් හරිම සතුටුයි..ඔයා ඒක බලල සතුටුවුනාය කිව්වම.

      ජීවිතේ අන්තිමට මොකක්ද බං අපිට ඕනෙ? සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න නේද? ඉතිං මොකටද මේ අනවශ්‍ය බරක් ඔලුවට අරගෙන සතුට සැහැල්ලුව නැතිකරගන්නෙ? පුලුවන් තරම් දේවල් අත්හැරීම තුල තමයි සතුට තියෙන්නෙ...හෙහ්..ඒත් අවාසනාවට අපිට එහෙම කරන්න නෑ. යම් යම් බැඳීම්, වගකීම් සහ යුතුකම් වලින් අපි බැඳිල ඉන්නෙ. ඒ බැඳීම් වලින් නිදහස් වෙන තරමට හිතට නිදහස්, හිත සැහැල්ලුයි. බුද්ධාගමේ නිවනට පත්වෙනව කියන්නෙ අන්න ඒක. බහන් කියන්නෙ බන්ධන, Bondage. නිවන් නැත්නම් නිබ්බහන් කියන්නෙ බන්ධන බිඳීම...

      පලි - බණ වගේ කියල හිතෙනවනං අල්ලල දාපං...හෙහ්,හෙහ්,

      Delete
    2. රවි.. වයිපරේගේ නම්මරේ දීපන් මේ ළමයට.. හැක්.

      Delete
    3. රවී අයියේ @ ස්තුතියි ගොඩක්,

      දේශා @ මහත්තයෝ තමන්ට දැන් පොතක් තියෙනවනේ ඒක කියෝගෙන ඉන්ටකො :(

      Delete
  22. ටක් ටක්.... (දොරට ගහන සද්දෙ.)
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...