Thursday, November 12, 2015

367. WTF Is Falling To Sri Lanka නොහොත් Living Under A Junk Yard Which Could Fall On Our Collective Heads Any Moment


Space Junk Around Earth

මගේ පහුගිය දවස්වල හිටිය බෝම හිතේසිවන්ත ලලනාවියක්. පහුගිය දවස්වල කිව්වට තාමත් ඉන්නව. ඔය බ්ලොග් ලියන්ට ඇවිල්ලම අඳුනාගත්තු අම්මණ්ඩියෙක්ම තමයි ආය.

මේ දවස්වල උන්දැ වියෝජනය වෙලයි ඉන්නෙ. ඒ කිව්වෙ විදේස ගත වෙලා. ඉතිං එහෙමකට කලිං වාගෙ නිතර සතුටු සාමීචියෙ යෙදිල්ලක් එහෙම නැතුවා. ඔය ඉඳ හිටල කොළේලිය බලුප් එක පත්තුවෙලා තියනව දැක්කම "ආ..කොහොමද බොල වාස දේස?" කියල අහ බලනව. එච්චරයි. 

ඉතිං ඔන්න මේ පහුගිය සතියෙ වගෙ හිටපු ගමං මේ මහගෙ මට කතා කරපි චැට්ටෙකෙං."අයියෙ අනේ මේ....."

"මොකද බොල?" මම ටිකක් විතර තදේට ඇහුව අඬ එහෙම බර කරල. ඔවුන්ට සුට්ටක් වගෙ ඉන්ට ඕන පොල්ලට බල්ල වගෙ. එහෙම නැතුව ලීලෙ පෑවොත් ඔවුං හදන්නෙ කරේ නඟින්ට..ඔව්ව්ව්ව්ව්ව්..කරේ නඟින්ට..කරේ නඟින්ට ...ගෝණි නැතුවම.

"නෑ අයියෙ මම මේ කතා කලේ පොඩි කුකුසක් විසඳා ගන්ට.. "

''ඔව්... ඔව්….කියපං බලන්ට මොකක්ද ඔය කුකුස?"

"කුකුස ඇවිල්ලා මේකයි..ඔය අහසිං වැටෙන එක එක එව්ව තියනව නේද?"

"ඒ කිව්වෙ මේ...දේවතා එළි වගෙ?"

"ඔන්න කිව්ව…. ඔය කිව්වෙ ….දේවතා එළි කොහෙද බං අහසිං වැටෙන්නෙ? එව්ව පොළවට සමාන්තරව ගමං කරනව මිසක කඩා වැටෙන්නෙ කොහෙද?" 

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට..එතකොට ඔය අහසිං වැටෙන මොනව ගැනද උඹ ඔය කියන්නෙ?" 

"මම කිව්වෙ බං මේ ඔය රොකට් කෑලි වගෙ එව්ව ගැන. දැං බලපං මේ හෙට අනිද්දට අර මොනවද ගැජට් කෑල්ලක් ලංකාවට වැටෙන්ට යනවනෙ.

"ගැජට් කෑල්ලක්ය කියන්නෙ බං ඒ වැටෙන්ට යනවය කියන්නෙ මයිකල් කොලින්ස් නිදාගත්තු ඇල්මේනියන් බූරු ඇඳලුනෙ." 

"කවුරුය කිව්ව? …"

"මයිකල් කොලින්ස් බං මයිකල් කොලින්ස්...කොහෙද උඹල එව්ව ගැන මෙලෝ හසරක් දන්නවය? මයිකල් කොලින්ස් කිව්වෙ 1969 අවුරුද්දෙ ඇමරිකන් කාරයො ඉස් ඉස්සෙල්ලාම හඳට ගියානෙ. ඒ ගමනට ඔක්කොම තුංදෙනෙක් ගියා. එයිං අර ආම්ස්ට්‍රෝං උන්නැහෙයි ඇඩ්ඩිං ඕල්ඩිරිං උන්නැහෙයි විතරයිනෙ හඳට බැස්සෙ" 

"හඳට පය තියල ආම්ස්ට්‍රෝං ගොයිය ඔය මොක මොකවද කිව්වත්ලු නේද? ' 

"ඔව් ඔව්..මදු සඳෙන් තවත් සුපුං සඳක් උදාවේ කියලනෙ කිව්වෙ……" 

"නිකං පලයං බං බොරු කියන්නෙ නැතුව. මනුස්ස සංහතිය උදෙසා යෝද පිම්මක් පැන්නද මොකද්ද නේද ඒ ගොබිල කිව්වෙ?"

"ඔව්..ඔව්..එහෙම තමයි කිව්වෙ. ඒත් ඔය යෝද පිම්මෙ කතාව කියන්ට හේතු වෙච්චි සිද්දිය උඹ දන්නෙ නෑනෙ." 

"ඔව්..ඔව්...උඹනෙ ඔය ඔක්කොම දන්නෙ...ඉතිං කියාපංකො එහෙනං මොකද ආම්ස්ට්‍රෝනා එහෙම කිව්වෙ කියල." 

"එහෙම කිව්වෙ මේකයි. ඔය මනුස්සය අර ඉණිමඟෙං බැහැල කෙලිම්ම කකුල තිබ්බෙ හඳේ හාවගෙ බෙල්ලට. හාවා උස්මුරුත්තාවට එනකල් කිරිපැණි එහෙම කාල ෂපාන් එකේ ඇලට් එකක් දාගෙන හිටියෙ. ඌ දන්නවය මේ යක්කු ගිහිල්ල උගෙ බෙල්ල පාගයි කියල. මූට මල පැන්න පාර ආම්ස්ට්‍රෝං කාරයගෙ බත්කෙණ්ඩ මැදිම්ම ඇල්ලුව දත් හතරක් පාර හිටින්ඩ.ඒ පාර බුදු අම්මෝයි කියල කෑ ගහගෙන ආම්ස්ට්‍රෝං කාරය පැන්න පැනිල්ලක් අර කවුද කාල් ලුවිස් පැන්න වගෙ. අන්න ඒ පිම්ම හින්ද තමයි මෙය එක් මිනිසකුගේ කුඩා පියවරකි. එහෙත් හාවා කරණකොට ගෙන මිනිස් සංහතිය උදෙසා යෝධ පිම්මක් බවට පත්විය. කියල අර කතන්දරේ හැදුනෙ. " 

"හරි ඉතිං ඒ හාවගෙ කතන්තරේ හරිය කියමුකො. ඉතිං කොලින්ස් ගැන මොකක්ද උඹ කියාගෙන ආවෙ?" 

"ඒ..බාං...ඔය හාමස් තියනව නේද? අම්මප කියනකොටත් මගෙ....." 

"ඔය ඉතිං ආය හාමසක් ගැන ඒ පාර..ඒ හාමස පැත්තකට දාහං..කෝ අර කොලින්ස්ගෙ කතාව?.... ආං ඒක කියල හිටු…" 

"ආම්ස්ට්‍රෝං ගොයියයි ඕල්ඩිරිං ගොයියයි හඳට බැහැල හාව පස්සෙ පන්නල හති වැටිල ආපහු එනකල් කොලින්ස් ගොයිය කලේ තව රොකට් එකක නැඟල හඳ වටේ රවුං ගහපු එක. ඒකට කිව්වෙ මව්යානය කියල. හඳට ගොඩ බැස්ස එකට කිව්වෙ චන්ද්‍ර යානය කියල."

(මව්යානය = Command Module & චන්ද්‍ර යානය = Lunar Module)  

"මම ඔව්ව දන්න එකක් නෑ බං 1969 කියන්නෙ මම ඉපදෙන්ට හිතලවත් නෑ." 

"හෙහ්..ඒකනෙ කියන්නෙ. අඩේ ඒ කාලෙනෙ ඉපදෙන්ට තිබ්බෙ. බොලා කොහෙද ඒ කාලෙ අපායෙ වලකජු ගගහ ඉඳල දැං එනව මෙතන අනේ අයියෙ අපි ඔව්ව දන්නෙ නෑනෙ කියන්ට." 

1973 අවුරුද්දෙ අමරිකාවෙ නාසා ආයතනය ස්කයිලැබ් නමින් හැඳින්වුනු අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් අභ්‍යාවකාශ ගත කලා. ස්කයි ලැබ් එක අභ්‍යාවකාශගත කිරීමේදීම එහි සූර්ය බලශක්ති ජනන පද්ධතියට හානි සිදුවුනා. පසුව අභ්‍යාවකාශ ගාමීන් එහි ගිහිල්ල අළුත්වැඩියා කටයුතු කලත් පූර්ණ වශයෙන් සාර්ථක වුනේ නෑ. පොළව වටා ගමන් කරන අභ්‍යාවකාශ යානයක් ගමන් කරන්නෙ පොළවෙ වායු ගෝලයට පිටතින්. වායුගෝලයට ඇතුළු වුනොත් වෙන්නෙ ඝර්ෂණය නිසා එහි වේගය අඩාල වෙලා එක්කො පොළවට වැටෙනවා. එහෙමත් නැත්නම් මඟදිම දැවී පිළිස්සී විනාශ වෙලා යනවා. Shooting Stars කියල කියන්නෙ එහෙම පොලවෙ වායුගෝලයට ඇතුලු වෙලා දැවී විනාස වෙන උල්කාපාත.

කුඩා ප්‍රමාණයේ උල්කාපාත විනාශ වුනත් තරමක ප්‍රමාණයේ එව්ව පොලවට පතිත වෙන්න පුලුවන්.අවුරුදු මිලියන 66 කට ඉස්සරවෙලා ඩයිනෝසරයින් ඇතුලු පොලවේ ජීවී ගහණයෙන් 75 % ප්‍රතිශතයක් වඳ වුනාය කියන්නෙ එසේ නොදැවී පොළව මතට පතිත වුනු කිලෝමීටර 10 ක පමණ විශාලත්වයෙන් යුතු උල්කාපාතයකින් සිදුවූ ව්‍යසනයෙන්.

1957 අවුරුද්දෙ සෝවියට් රුසියානුවන් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යවනකල් අභ්‍යාවකාශය බොහොම පිරිසිදු තැනක්. අපෙ අත්තම්ම කියනව වගෙ බත් දාගෙන කන්න වුනත් පුලුවන්. ඒත් ඊට පස්සෙ ගතවෙච්චි මේ පහුගිය අවුරුදු 58 ඇතුලත මිනිස්සු දස දහස් ගාණක් චන්ද්‍රිකා රොකට්ටු අභ්‍යාවකාශයට යවන්න ඇති. ඉතිං මෙතන පොඩි කේස් එහෙකට තියෙන්නෙ ඔය යවන එව්ව ආය අරං එන්ට කෙනෙක් නෑ. එව්ව සදාකල්ම අභ්‍යාවකාශෙයෙම තමයි.අනික අභ්‍යාවකාශය කියන්නෙ රික්තයක් හින්ද එව්ව මළකන්නෙ නෑ. දිරන්නෙ නෑ. කාලාන්තරයක් ඔහෙ පාවි පාවි තියනව. 

පොළව වටේ කක්ෂගත වෙලා මේවගෙ අභ්‍යාවකාශ සුන්බුන් කැබලි 5,00,000 වගෙ තියනව කියලයි කියන්නෙ. විවිධ ප්‍රමාණවල එව්ව.මෙව්වයෙ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 17,500 වගෙ වෙනව.ඒ හින්ද ඇත්තටම අපි මේ ජීවත් වෙන්නෙ තනිකර කහළ ගොඩක් ඔලුව උඩ තියාගෙන.බ්ලූමැන්ඩල් කුණු කන්ද වගෙ ලක්ෂ වාරයක් විසාල කුණු කන්දක් අපේ ඉහ මත පාවෙනව නිතර දෙවේලෙ කොයි වෙලාවෙ දබෝරියං ගාල කඩාවැටෙයිද කියල කියන්ට බෑ. හෙහ්..සෙල්ලං නෑ නේද?

මේකෙ වැඩේ මේක අපිට ගිහිල්ල සුද්ද කරන්ටත් බෑනෙ. නැත්තං අර හිටපු ගමං එක එක කණ්ඩායම් වලින් එක එක සමාජ වලින් කරන්නෙ වෙරළ සුද්ද කිරීමේ ව්‍යාපෘති. එතකොට ගං ඉවුරු සුද්ද කිරීමෙ ව්‍යාපෘති. අන්න ඒවගෙ කට්ටියටම ගිහිල්ල පොඩි සුද්ද පාරක් දාල එන්ට තිබ්බ. ම්හු..ඒකත් බෑනෙ.

ඉතිං ස්කයිලැබ් එකට වෙච්චි වැඩේ ඒක 1979 අවුරුද්දෙ පොළවෙ වායුගෝලයට ඇතුලුවෙලා බොහොම ප්‍රමාණයක් පිච්චිලා ගියා. ඒත් පොඩි කොටස් කීපයක් බටහිර ඕස්ට්‍රේලියාවෙ කාන්තාර ප්‍රදේශයකට වැටුනා. ඒ ප්‍රදේශයෙ නම එස්පරන්ස්. එහෙ කෞතුකාගාරයක තවමත් ඒ ස්කයිලැබ් කැබලි ප්‍රදර්ශනය කරනවා.

මේ ස්කයිලැබ් වැටිල්ල පිටිපස්සෙ අපූරු කතාවකුත් තියනව. 1979 අවුරුද්දෙ ඔය ස්කයිලැබ් ඇදං වැටිල්ල කිට්ටුවෙනකොට ඇමරිකාවෙ පත්තර කීපයක් තරඟයක් සංවිධානය කරල තියනව. එයින් සැන් ෆ්‍රැන්සිස්කෝ එක්සැමිනර් කියන පත්‍රය නිවේදනයක් පළ කලාලු ස්කයිලැබ් එක වැටිල පැය 72 ක් ඇතුලත එයින් කෑල්ලක් අරගෙන පත්තර කන්තෝරුවට එන ඕනෑම කෙනෙකුට ඩොලර් 10,000 ක තෑග්ගක් දෙනවය කියල. එයාල හිතන්න නැතුව ඇති කවුරුවත් ඒ අභියෝගය භාරගනියි කියල. මොකද ඒ වෙනකොට ස්කයිලබ් එක වැටෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ බටහිර ප්‍රදේශයට කියල හරියටම දැනගෙන තිබිල තියෙන්නෙ.

අවුරුදු 17 වයස ස්ටෑන් තෝන්ටන් නම් තරුණයා එස්පරන්සෝ වාසියෙක්. එයා මහ රෑ ඇහැරල තියෙන්නෙ ස්කයිලැබ් එකේ කෑලි එයාලගෙ වහළ උඩට වැටෙන සද්දෙට. මිනිහ දැනගෙන හිටිය අර අමරිකන් පත්තරේ අභියෝගය ගැන. මිනිහ කලේ කෑලි දෙක තුනක් මිනිහගෙ පරන ජොකෙක්ගෙ ඔතාගත්ත. ඒ එක්කම පිටත් වුනා.මෙන්න පාන්දර එක්සැමිනර් කන්තෝරුවෙ දොරවල් අරිනකොට මිනිහ එතන.පස්සෙ එයාට ඒ මුදල හම්බවුනා.

ඉතිං හෙට ඒ කිව්වෙ නොවැම්බර් 14 වන සෙනසුරාදා එළිවෙන මහ පාන්දර 01.30 වගෙ දෙවුන්දර තුඩුවෙන් එහා මූදට වැටෙනව කියනව ඇපලෝ අභ්‍යාවකාශ යානයක කොටස් කීපයක්. කිලෝ මීටර් 100 වගෙ දුරකින්.  දේවතා එළියක් වගෙ පාත්වෙනව පෙනෙයිද නම් මන්ද. NASA එකෙන් නම් කියන්නෙ ගිණි බෝලයක් වගෙ පේන්න ඉඩ තියනවයි කියල.ඒ හින්ද ඒ කිට්ටුව ඉන්න අය ගිහිල්ල පොඩ්ඩක් හෝදිසි කරල බැලුවට පාඩුවක් වෙන එකක් නෑ මයෙ හිතේ. අනේ ඔහෙ ( නැත්තං ඔයයි ) දැක්කෙයි ගිණි බෝලෙ? කියලවත් අහන්ට බැරුවය. මේ වැටෙන අටමගලෙට නමකුත් දීල තියනව. WT1190F.  Very Appropriate Isn't it?

79 comments:

  1. Replies
    1. Rasika,

      Now it seems to be on Saturday the 14th…..:)

      Delete
  2. Wow. .. Ravi ayya.. ela! Oya wtf1190 gena thiyena unanduwama ara lalanawa kawuda kiyala ahannath thiyenne Mata witharada? ;)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ,

      මට පේන්නෙ උඹට විතරයි වගෙ තමා...:)

      Delete
  3. ඔය ස්කයි ලබ්බේ ලොකු කෑල්ල බිමට වැටුනේ සුනාමියට ඉස්සරින් සිද්ධවුන ලොකුම ස්වාබාවික අබැද්දිය, ඒ කිව්වේ නැගනහිර ප්ලැට් වෙලා ගිය සුලි සුලඟ ඇවිල්ලා ගිය වකවානුවෙමයි. සුලිසුලඟින් අනාත වෙච්ච මිනිස්සු ස්වභාව ධර්මයාට බොහොම බයවෙලා උන්නේ, හරියට සුනාමිය ආ අළුත වගේ, මහ හුලඟට අහුවෙලා ඉතිරිවුනු ගෙවල් දෙදරලා අබලන්ව පැද්දී පැද්දී වගේ තිබුනේ. ස්කයි ලබ්බක් කියල එකක් අහසින් වැටෙනවා කියලා බයානක ආරංචියක් ආවා, ඒ මොකද්ද කියලා හරියටම හිතා ගන්න බැරිවුනත්, ඒක වැටෙන වෙලාවට අබලන් ගෙවල් වල ඉන්න මිනිස්සු බයවුනා, සුලි සුලඟට පොල් ගස් බිම පෙරළුණු පොල් ගස් සුලබව තිබූ නිසා කම්මැලි නැති මිනිස්සු පොල් අතු පොල් පරාල යොදාගන පුංචි මඩු හදාගෙන ඒවායේ තමයි ලබ්බ වැටෙනවා කිව් රෑ ගත කලේ, ඒ මම බිත්ති නැති පැලක ගෙවූ පළමු රාත්‍රිය.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      ඔබ හරි... ඔය ඔබ කියන මහ දරුණු සුළිසුළඟ ආවෙ 1978 ඔක්තෝබර් වගෙ.එතකොට ස්කයිලැබ් එක කඩාගෙන වැටුනෙ 1979 ජූලි. ඒ හින්ද සුළිසුළඟින් බැටකාල හිටපු මිනිස්සු ස්කයිලැබ් එකටත් බය වෙන්න ඇති.

      Delete
  4. Very appropriate. If this is not appropriate, I don't know what is.

    ඔය උඹ කියන බබලතී ඉන්නේ අර ass end of the world කියන රටේ නේද?

    ReplyDelete
    Replies
    1. Dude,

      You got the answer to your question..Didn't you?....:)

      Delete
    2. Janu & Henry,

      ඔය Ping Back කියන වචනෙ මම ඉස්සෙල්ලම ඇහුවෙ අර මැලේසියන් ගුවන් යානය ගිය අවුරුද්දෙ කඩා වැටිල ඒක හොයන වෙලාවෙ. ඒකෙ Transponder එක ( a device for receiving a radio signal and automatically transmitting a different signal.) එක පාරක්ද දෙපාරක්ද ඔය සුමාත්‍රා හරියෙ මූද යටිං රේඩියෝ සිග්නල් වලට Answer කලාය කියල කොහෙද මම කියෙව්ව. සාමාන්‍යයෙන් ෆුල් චාර්ජ් කලාම සති හයක් වගෙ වැඩ කරන ඒ ට්‍රාන්ස්පොන්ඩර් එක හරියට චාජ් කරල තිබිල නැතිලු. දවස් හතකින්ද අටකින්ද ඒකෙ බැටරිය බැස්ස. ඔන්න වැඩේ හැටි. බලනකොට ඔය වගෙ වැඩ කරන කාපාලුවො ඉන්නෙ අපේ රටේ විතරක්ම නෙවෙයි.

      Delete
  5. හඳට ගොරොක් පොලු ගහපු කතාවත් මතක් වුණා.

    අනේ මන්දන්නෑ අනාගතේදී හෙල්මට් දාගෙන යකඩ ඇඳුම් ඇඳගෙන පාරේ යන්න වෙයිද මන්දා. ඔය උඩින් වැටෙන අපේම කුණු එකතු කරලා රොකට් එකක් මගින් ඈත විශ්වයටම යවන්න ක්‍රමයක් හදා නොගත්තොත් කපෝතියි.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      හෙහ්..එහෙමත් කාලයක් එන්න බැරිම නෑ...:)

      Delete
  6. අප්පච්චියේ සෑහෙන්න දේවල් ටිකක් දැනකියා ගත්තා. ස්තුතියි රවි මහත්තයො. බැලුවාම ඒ සඳවතියත් කරලා තියෙන්නෙ සුළුපටු මෙහෙවරක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ආය මොනවද? ඒ අම්මණ්ඩි කොරතොත් කොරන්නෙ සුලුපටු දේවල් එහෙම නෙවෙයි…

      ස්තූතියි ඔබට...:)

      Delete
  7. පොල්ලට බල්ල වගෙ?

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ් කැත්තට පොල්ල වගෙ කියල අර කියන්නෙ..ඒ වෙනුවට මම ඔහොම ලිව්වෙ...හිටපු ගමං මම ඔහොම එව්ව කරනව....:)

      Delete
    2. මාරුව හොඳයි, ඒ උනාට රවී බල්ල වෙලා කියල නොතේරුණාද මන්දා

      Delete
    3. ඉයන්..

      හුටා..එහෙමත් එකක් නේද?.....:)

      Delete
  8. මේ අයියෙ, මටත් තියෙනව අර අංගනාවට වාගෙම ප්‍රශ්නයක්. දැං ඔය අහසිං පතිත වෙන දේවල් කසල වුණත් ඒවගෙත් වැදගත්කමක් නැත්තෙම නෑනෙ. මට දැනගන්න ඕනෙ ඒව බිමට වැටුණාම අයිති වෙන්නෙ කාටද කියල. ඒ කියන්නෙ සරලව අහනව නං දැං ලංකාවෙ සාගර සීමාවේ පතිතවීම කරණකොට ගෙන මේ රොකට් කැබැල්ල ලංකාවට අයිති වෙනවද නැත්තං ඒක අයිති වෙන්නෙ කක්ෂගත කරපු රටටද?

    ReplyDelete
    Replies
    1. ජානුස්,

      එතන සීන්ස් එක මෙහෙමයි.ලෝකෙ මොන හද්දිබ්බාගෙ වැටුනත් එව්වයෙ අයිතිය අබ්බියායාවකාස ගතකරපු රටට කියලයි කියන්නෙ.ඒත් එහෙම වැටිච්චි එව්ව හොයාගෙන නාසා එකෙන් ආපු ආරංචියක් නම් නෑ. දැං ඔය ස්කයිලැබ් එකේ කෑලි ඕස්ටේලියාවෙ කාන්තාරෙකට වැටුනම නාසා එකෙං ඇවිල්ල එව්ව එකතු කරගෙන ගිහිල්ල නෑ. එව්ව ඒ වැටිච්චි තැන්වල කෞතුකාගාර හදල එව්වයෙ තාමත් තියනව.

      නීත්‍යානුකූල පැත්ත එහෙමයි. එතකොට සෞන්දර්යාත්මක පැත්ත." අහසිං තරුවක් කඩා වැටෙනවා. තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ..." මාලිනී නෝනා නම් කියන්නෙ අහසෙං තරුවක් වැටුනම අහස අඬා හැපි හැපි තරුව ඉල්ලනවයි කියල. හැබැයි ඒ නෝනා පරස්පර විරෝදී කතාවක් කියනව ඊලඟ පදේදි. " නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා, මලේ කතා නෑ සුලඟයි වැලපෙන්නේ" මෙතන නටුව නෙවෙයි වැලපෙන්නෙ. කොහෙවත් නැති සුළඟ....හෙහ්,හෙහ්,

      Delete
    2. ඒ රවීයියා සුළඟ වැලපෙන්නේ සුලඟ හේතුකොට ගෙන මල වැටීම නිසා හට ස්වයං වරදකාරී හැඟීමෙන් කියලායි පොත් වල තියෙන්නේ....:D

      Delete
    3. මනෝජ්,

      නෑහ්??? …..ඔන්න කණෝ පිනුං කිව්වලු..එතකොට එහෙමත් එකක් නේද?

      ස්වයං වරදකාරී….. හෙහ්...හෙහ්...ගිල්ටි පීලිං කියල කියන්නෙ අන්න ඒකට වෙන්ටැ නේ?

      Delete
  9. ඔය ස්ක්යි ලබ්බ වැටුනට, එස්පරාන්ස් ප්‍රාදේශීය සබාව නාසා එකට $400ක දඩයක් ගැහුව, කුණු ගොඩක් අත ඇරිය කියල..
    When Skylab fell to earth

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නාසා එක ඒ සල්ලි ගෙව්වය කියල මම කොහෙ හරි කියෙව්ව....:)

      Delete
  10. අපේ රොකට් රෝහිත කොලුව තමන්ගෙ ආචර්ය උපාධියට පර්යේෂන කරන්නෙ ඔය Space Debris Mitigation ගැනනෙ
    Chandana Rohitha Rajapaksa

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හුටා..චිච්චි පුතා ඩොට්ටරේට් එකක් කරන්න යන්නෙ අබ්බියාවකාස කැලි කසල ඉවත් කිරීම ගැනද? අම්මප මල් හතයිනෙ…

      එහෙනං අර ඔය වැටෙන ගැජමැටික්ස් එක තංගල්ලට ඉහල අහසෙ විනාසවෙලා ගියෙත් චිච්චියා නාසා එකට කියල ඕක එහාටම එවාගත්තු හින්ද වෙන්න ඕන එකත් එකටම....:)

      Delete
  11. ඒත් ඊට පස්සෙ ගතවෙච්චි මේ පහුගිය අවුරුදු 58 ඇතුලත මිනිස්සු දස දහස් ගාණක් චන්ද්‍රිකා රොකට්ටු අභ්‍යාවකාශයට යවන්න ඇති. ඉතිං මෙතන පොඩි කේස් එහෙකට තියෙන්නෙ ඔය යවන එව්ව ආය අරං එන්ට කෙනෙක් නෑ.///

    කාලෙකට කලින් ආවා Wall-E කියල ඇනිමේෂන් කාටූන් ෆිල්ම් එකක්... ඔන්න ඔය ෆිල්ම් එකේ තියෙනව අර හෙනහුරාගෙ වටේට තියෙන වළල්ල වගේ මේකෙත් චන්ද්‍රිකා කෑලි වළල්ලක් හැදිල තියෙනව... හි හි ( මේ මුළු ෆිල්ම් එකම තියෙන්නෙ කුණු ගොඩවල් ගැන තමයි... )

    ReplyDelete
    Replies
    1. හිරු,

      ඒකත් නරකම නෑ….. අර කාගෙද තඩි බෙල්ලක් වටේ සාටකේ ඔතාගෙන ඉන්නැහේ පොළව වටේට චන්ද්‍රිකා, රොකට් කෑලි බෑලි සාටකයක් එතිල තියේනං ජැංඩි පහයි නෙව...:)

      Delete
  12. ඕක ලයිව් බලනන් ඕන නං රෙජිස්ටර් වෙන්න ඕන අනේ ක්‍රෙඩිට් කාඩ් හෙම දීලා. මං මේ ක්‍රිබ් එකේ ඉන්න බුවා වෙච්චි මට බලන්න හැටියක් නැහැ..

    ReplyDelete
    Replies
    1. දේශො උඹ CRIB එකේද වැඩ කරන්නෙ?

      Delete
    2. අඩේ උඹ ක්‍රිබ් එකේනං කියහංකො මට තියෙනව මේ පොඩි වැඩක් කරගන්න. හැක්...

      Delete
    3. දේශා,

      උඹට දවල්ට බලන්ට හැටියක් නැතිහින්දම ඔන්න වැඩේ කල් දැම්ම. දැන් ගිණිබෝල සංදර්ශනය තියෙන්නෙ හෙට පාන්දර 1.30 ට. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් එක ගැන නහයෙන් අඬන්නෙ නැතුව බලාපං...:)

      Delete
    4. ප්‍රසන්න,

      හෙහ්...උඹ ඔය ලැහැත්ති වෙන්නෙ අහිංසක දේසා ලොක්ක පණම් හතරක් හොයාගන්න රස්සාවට කෙළවන්ට නේද? මම දන්නව උඹ ඉල්ලන උදව්ව මොකද්ද කියල..උඹ ගත්තු ලෝං වල විස්තර අයිං කරල දාන්ට කියල නේද උඹ දේසාට කියන්ට යන්නෙ?...:)

      Delete
  13. ළමයි,

    බූරු ඇඳ වැටෙන වෙලාව සංශෝධනය කලා. මට කලින් පොඩි වැරදීමක් වෙලා. ගිණි බෝල සංදර්ශනය දැන් පැවැත්වෙන්නෙ හෙට ( 14 වන සෙනසුරාදා ) උදේ පාන්දර 1.30 ට හොඳද?

    ReplyDelete
  14. චැහ්... ඔය කෑල්ලක් අපේ වත්තට වැටුනොත් මම ඒක පරන ජොකෙක්ගෙ ඔතල රවී අයියට කුරියර් කරන්නං.
    හෙටානිද්ද වෙනකොට තව මොන මොනව වැටෙයිද දන්නෑ ඔළුව උඩට. අර ලංකාවෙන් යවපු රොකට් එකත් වේටිං ලිස්ට් එකේ ඉන්නවලු.

    දැං අර පිලිස්සූ කුකුළ කවද්ද වැටෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..ලංකාවෙන් යවපු රොකට් එක අපෙම ඔලුවට පතබෑවුනොත් තමයි වැඩේ ලස්සන..

      කුකුල හෙට අනිද්ද දිහාට...කුකුල හෙට අනිද්ද දිහාට

      Delete
  15. අඩේ අන්න අර ගැජමැටික්ස් එක තංගල්ල ඉහල අහසෙදි විනාස වෙලා ගිහිල්ල.

    ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වූ බව උඩුගුවනේ රැදී සිටි ගල්ෆ් නිරීක්‍ෂණ කණ්ඩායම විසින් තහවුරු කෙරුණු බව ශ්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය පවසයි.

    එම කණ්ඩායම විසින් ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම් දී ඇති අතර අදාළ නිරීක්‍ෂණ කණ්ඩායම රැදී සිටි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව එම අභ්‍යාවකාශ වස්තුව මුහුදට නොවැටුණු බවට එම නිරීක්‍ෂණ කණ්ඩායම තහවුරු කර තිබේ.

    ReplyDelete
    Replies
    1. චැහ්.. අපේ රටට ගෝලීය අවධානය ගන්න තිබ්බ අවස්ථාව නැති උනා කියල දුක් වෙන්න තමයි දැං තියෙන්නෙ. WTF

      Delete
  16. බවලත්තු එක්ක චැට් කොරල අහුවෙලා ගෙදර ආවහම රිවි අයියට ධූම කේතුවක් ඔලුවට පාත් කරයි. කෝකටත් මේ පාර ගෙදර යන්න ඉස්සල්ලා ගැටඹෙ බෝධියට බාරයක් වෙලාම යන්න.
    ඕක මූදට පත බෑ වෙන්නෙ නෑ , අහසෙම සෙත්ත පොච්චි වෙනව කියල රොකට් බේබි කියල තිබුන , කෝ කට්ටිය ඇහුවයැ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / ඕක මූදට පත බෑ වෙන්නෙ නෑ , අහසෙම සෙත්ත පොච්චි වෙනව කියල රොකට් බේබි කියල තිබුන , කෝ කට්ටිය ඇහුවයැ. /

      ඒකනෙ බං වෙලා තියෙන්නෙ…. රොකට්ගෙ අප්පගෙ වැරැද්ද නෙව...උද්ගෝසකයින්ට එයාගෙ කාලෙ කිරි දුන්නයි වගෙ ආස පොළව නුහූලන ගජබින්න අප්ප කටේ තොලේ නොගෑවී කියනකොට රොකට් පුතා ඇත්තක් කිව්වත් මිනිස්සු විස්සාස කරයියැ?

      Delete
  17. හිනා.... හිනා... හිනා....

    කුණු කසල කන්දක් වටේ තියාගෙන කොයි වෙලේ ඔලුවට කඩන් වැටෙයිද කියල හිත හිතා ඉන්න එක. ලංකාවෙ අපි නම් කොයිවෙලෙත් මොනවා සිද්දවෙයිද කියල අවුලෙන් ඉන්න හින්ද මේක එච්චර ප්‍රශ්නෙකුත් නෑ....

    ReplyDelete
    Replies
    1. තරූ,

      හෙහ්..ඒකත් හරි තමයි...ඔය උඩ කමෙන්ට් කරල තියෙන එකාගෙ බල්ල වගේ උනාම ගානකුත් නෑ තමයි එක අතකට...:)

      Delete
  18. ඕක තමයි කියන්නෙ ඔය ‘නාසා‘ තියා මොකා උනත් අබෑටක් තරම මොලගෙඩි තියෙන එවුවං නෙවෙයි කියල ඉන්නෙ. දැං ඔය සේරම කුණු ගොඩවල් ඔහේ තියෙන්න ඇරල අහක බලං ඉන්න හිංදනෙ සේරම විඩිං විඩේ අපේ ඔලුගෙඩි උඩ දෙරිගහන්නෙ. ඕකට මං දෙඤ්ඤං ටොප් විසඳුමක්. තමුන්නැහැ ඒක ගිහිං ඔය ‘නාසා‘ එකට කියන්න. මට ඉංගිරිසියෙං ඔය සුද්දං එක්ක ‘චිරිස් බිරිස්‘ ගාන්න බෑ.

    මුලිංම පත්තරේ දානව දැන්නීමක්

    ටෙන්ඩර් කැඳවීමයි
    නාසා ආයතනයට අයත් භාවිතයෙං ඉවත්කල පහත දැක්වෙන අභ්‍යවකාශ උපකරණ සඳහා ටෙන්ඩර් කැඳවේ.
    1) භාවිතයෙං ඉවත්කළ හයිඩුජං ටැංකි .....යි
    2) ඇල්මේනියං බූරු ඇඳං ..... යි
    3) අන්ඩ නැති විදිලි කේතල .... යි
    4) උල් හැඩැති රොකට් හොඹු .... යි
    5) භාවිතයෙං ඉවත්කල චැසිය ඇදගැසූ CHABAKU වර්ගයේ චන්දිරිකා 1 යි
    6) මදක් සිදුරුවූ සූරිය පැනල .... යි
    මෙම භාණ්ඩ සඳහා ඩොරල් 500ක ආපසු නොගෙවන මුදලක් ගෙවා ලබාගන්නා අයදුම්පත්‍රය පුරවා ..............දිනට පෙර නාසා ආයතනයේ කැංටිමේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය යුතුය.


    ඉං පස්සෙ ඕසෙට එයි රටේම ඉන්න නාඩාර්ලගෙං ටෙන්ඩර්. අතයටිං ගානක් අරං තමුං කැමති එකෙට්ට ටෙන්ඩරේ දෙන්නයි තියෙන්නෙ. ආයි ටෙන්ඩරේ ගත්ත ගමං නාඩාරෙ තමුංගෙ ගෝලබාල කුඩ්ඩො ටිකත් එක්ක පැය දෙකට සුද්ද කරයි ඔය සේරම. හැබැයි දැනට වැඩකරන සැටලයිට් ටික එහෙම බේරගන්න මුරට කට්ටිය තියන්න වෙයි. නැත්තං අපේ උක්කුං අයියගෙ සොකට්ටෙකත් පරණ යකඩ වලට ගලවයි.

    ReplyDelete
    Replies
    1. සුරංගයා,

      හෙහ්...මරු කමෙන්ට් එක..උඹද කොහෙද මට පේන්නෙ උඹෙ ඔෆිස් එකේ ඔය වගෙ දැන්නීං ලියන්නෙ..ඔය වගෙ බාවිතයට ගත නොහැකි එව්වට කියන්නෙ අබලි ද්‍රව්‍ය කියල. ලංගොමේ නං කිව්වෙ ගර්හිත කියල. " ගර්හිත බස් රථ විකිණීමට මිළගණන් කැඳවීමයි " .අන්න ඒ වගෙ....

      මම අර අර්ධ රාජ්‍ය ආයතනයෙ වැඩ කරද්දි ඒකෙ ඔය වගෙ අබලි ද්‍රව්‍ය විකුණන්ට තිබ්බ වෙන්දේසියක්. අපිත් ගියා ජොලියට වගෙ ඕකට. මෙන්න අපේ එකෙක්ට ඒකෙ විකුනන්ට දාල තිබ්බ කකුල් තුනක්ම නැති ලියන මේසෙකට හිත ගියා. මේකා අපි වැඳල එපයි කියද්දි ලංසු තියල කොහොම හරි නොවටිනා ගාණකට අර මේසෙ ගත්ත.හපොයි ඊට පස්සෙ ඕක කරගහගෙන චමරියට ගේන්ට වුනෙත් මේ අපිටමයි. ඒක ගෙනල්ල වෙච්චි දේ ගැන ආයම දවසක ලියඤ්ඤංකො හොඳද? ඌට ඊට පස්සෙ කාඩ් එක " ඔක්ෂාන් අබිලියන් " ...:)

      Delete
    2. හෙහ්. හෙහ්.. අර කිව්වත් වගේ මෙන්න කොමෙන්ට්ස්.

      ඔය අබලි විකිණිල්ල මරු ආතල්. ඉස්සර මම ඇල්ෆ එකේ ඉන්නකොට ඒකෙත් දානව වාර්ෂික අබලි/ ඉතුරු ස්ටොක් ක්ලියරන්ස් සේල්. දහ පාළොස්දාහෙ වානෙ අල්මාරිය දහට දෙදහට දෙන්නෙ ඩැමේජ් උනහම.

      අපේ වැඩ කරන උන් කරන්නෙ උන්ට ඕන මොනා හරි හොඳ බඩු ටිකක් කලිම්ම තෝරල ඒවගෙ ලොක් එකක්, දොරක් එහෙම නැත්තන් අන්ඩක් ගලෝල තියනව. සේල් එකට දානකොට බඩු ලිස්ට් එකට අර අන්ඩ ගලෝපුව කෑලි දෙකට තමා දාන්නෙ. මෙන්න පස්සෙ ඔක්ෂන් වෙලාවෙ උන්ගෙ ගෑණු හරි මල්ලිල හරි ඇවිල්ල ගානට අර කෑලි දෙක අරන් යනව. මොකද දොර අරින්නත් කලින් උන් රිසව් බෝඩ් අරවගෙ අලෝලනෙ.

      Delete
    3. ඉන්දික,

      එක පාරක් අපෙ ඔය වාහන වෙන්දේසියක් තිබුන. මේපරණ මලකාපු ලෑන්ඩ් රෝවර් දහිර වාට්ටු විකුණුනාය කියන්නෙ ලක්ස පහට හයට. මම ඔය කියන්නෙ අසූ අනූගණං වල. එතන වෙලා තියෙන්නෙ එව්ව එහෙම අටං තියෙන්නෙ රෙජිස්ට්‍රේෂන් පොත ගන්ට. ඊට පස්සෙ හොරෙං ගෙන්නන බොඩි පාට්ස් එන්ජින් එහෙම තියල විකුනනවලු අස්ප ගණං වලට.

      Delete
  19. ඒකත් වැටෙන එක පරක්කු වෙනවයිය කියල කියන්නේ...

    අනේ මන්ද බං රවී අයියේ මමනම් දවල්ට කෑවෙත් නැහැ, මේක වැටෙනකල් උඩ බලාගෙන හිටපු හින්දනම් නෙමෙයි වාහනේ රෙපෙයාර් වැඩකට ගරාජ් එකක ලගින්න වෙච්ච නිසා...
    මමත් එහෙම නොකා නොබී හිටපු එකේ මේ අහවල් බුරුවගේ ඇඳ වැටෙන එක පරක්කු වෙන එක අපේ රටේ ආර්තිකෙට ඒ තරම් හොඳ මදි...

    ඒ ගැන ඉව වැටිලද කොහෙද, ඔය ගැන හොයන්න ඊයේ දවාලියේ බයික් පෙලියයි, ජීප් පේළියයි, කාර් පේලියයි, ඇඹුලන්ස් (ගෙදර උන්දැගේ ආච්චම්ම කියන්නේ එහෙමයිලු (ඒකත් මම මගේ කන් දෙකෙන්ම අහල නැහැ, ඒකයි "ලු" දැම්මේ)) එකකුයි හැටට හැටේ ගාලු පාරේ කෙළගෙන ගියා...

    සමහර විට මේ වැටෙන බුරු ඇඳ නිසා අපේ ජාතික ප්‍රතිපත්ති පවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා...
    දැන් කරුණු කාරණා අනුව පෙන්නුම් කරන්නේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      / ඒ ගැන ඉව වැටිලද කොහෙද, ඔය ගැන හොයන්න ඊයේ දවාලියේ බයික් පෙලියයි, ජීප් පේළියයි, කාර් පේලියයි, ඇඹුලන්ස් (ගෙදර උන්දැගේ ආච්චම්ම කියන්නේ එහෙමයිලු (ඒකත් මම මගේ කන් දෙකෙන්ම අහල නැහැ, ඒකයි "ලු" දැම්මේ)) එකකුයි හැටට හැටේ ගාලු පාරේ කෙළගෙන ගියා…/

      ඒ බං මරා ගොයිය ඔය ආරක්සක විදිවිදාන පිරිවරාගෙන තකහනියක් තංගල්ලෙ ගිහිල්ල තියෙන්නෙ. එතන වෙලා තියෙන්නෙ මෙහෙමයි. භරඵථළ ( බරපතල කියල ලියන්නෙ ඕන එහෙම. බරපතල විදිගට මහාප්පරාන එහෙම දාල ) අපරාද දූසන සහ වන්චා විමර්සන කොමිසමෙන් මරාට කියල අර රොකට් එහෙකට කියල ගෙවපු සල්ලි ආපහු ආන්ඩුවට ගෙවන්ටය එහෙම නැත්තං ඒ රොකට් එක ගෙනල්ල දෙන්නය කියල. මරාගෙ රොකට් පුතාට නාසා එකෙන් කියල ( නාසා එකේ තදයො ඔක්කොම චිච්චි පුතාගෙ අතිජාත මිත්තරයො ) සම්ටයිම්ස් ඔය වැටෙන්නෙ ඒ රොකට් එක වෙන්ට පුලුවන්ය කියල. ඒ පාර තමයි අර මරා මහ දවල් ලයිට් එහෙමත් ගහගෙන විදිල්ල වගෙ ගියෙ රොකට් එකෙන් කෑල්ලක්වත් ගෙනල්ල බාරදීල මේ හෙයියම්මාරුවෙං නිදහස් වෙන්ට.

      Delete
  20. වදුරැ රවි මමත් ආවා මේ පැත්තට.... මට නම් මුල ඉදන්ම ඔය වැටෙනවා කිව්ව මෙව්වා එක ගැන කිසි දෙයක් කියවන්න හිතුන් නෑ ඒත් මේ ලිපියනම් හරි කැමැත්තෙන් කියෙව්වා.... නියමයි

    ReplyDelete
    Replies
    1. ශානු,

      වෙල්කම්යැ බොහොත් සෙයින් වෙල්කම්යැ....:)

      වඳුරැ නොව වඳුරු විය යුතුයි.

      Delete
  21. කෝ කට්ටිය බලන් උන්නට වැටුන් නෑ.. බූරු ඇඳේ ගෝනි රෙද්ද කලින්ම ගිනි අරං කකුල් හතරත් පත්තු වෙන්ටැ.. යකඩ ඇණ දෙක කුඩා හන්ද වැටෙනව පේන්ඩ නැතුව ඇති මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      අර එලුවගෙ මොකක්ද එක වැටෙනකල් නරිය බලං හිටිය වගේ .........නැද්ද බාං?...:)

      Delete
    2. හෙහ් හෙහ්... එව්වගේ තමා රවි අයියෙ...

      Delete
  22. අම්මපා ඉස්කෝලේ ඉතිහාස පෙළපොත් ලියන්න රවීට දෙන්න ඕන. එව්වයේ තියෙන මහප්‍රාණ බාසාවල් හින්දනේ ළමයි ට ඔව්ව එපා වෙන්නේ. මෙන්න මේ වගේ ලියනවා නම් ටොප් එකට මතක හිටියි .

    ReplyDelete
    Replies
    1. That's true. Ravi-your talent is outstanding.

      Delete
    2. බින්දි,

      හප්පා...මේ ඇවිල්ල ඉන්නෙ? බොට සිංගප්පූරුව අල්ලල ගිහිල්ල වගෙ නේද? බ්ලොග් එක ලියනව තියා කමෙන්ට් එකක් දාන්ටවත් වෙලාවක් නෑ වගේ ...හෙහ්..

      Delete
    3. බින්දි බ්ලොග් වෙනුවට සින්දු ලියනවයි කියල ආරංචියි

      Delete
  23. කෝ ඉතින් මේ නසා එකේ උනුත් ඔන්න අපිව කොලොප්පමකට අරන් නේ.
    හැබැට වැටෙන ඔක්කොම කුණු වැටෙන්නේ දකුණටනේ රවීයියේ අර කිව්වත් වගේ...:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකනෙ බං හැමෝන්ටම අපිව විහිලුවක් වෙලා දැන්...:(

      Delete
  24. ඒක ඇත්ත ...අපි බලා හිටියට මොනවත්ම නැහැ.

    ReplyDelete
    Replies
    1. අනුත්තරා,

      මොකදෑ කොරන්නේ පූරුවෙ කල පවට...:)

      Delete
  25. මේ මගුලක් හින්දා රවීට අපේ කතාව අමකත වෙලා වගේ...... අඩේ....... ඉතිරි ටික ඉක්මනට දාමු මස්සිනා....

    ReplyDelete
    Replies
    1. ජෙනරල්,

      උඹට නම් කීයක් තියෙනවද බං?....හරි හරි ඉක්මනට දාමු...ඉක්මනට දාමු...:)

      Delete
  26. අර කීව වගේ ස්පේස් ජන්ක් මගුල් අටමගල් හිංද ලෝකෙ හැඩේ අනං මනං පෙන්නනව නේද වොලී කියන ඇනිමේෂන් එකේ...
    මට මතක විදියට ඒක දැනට ලෝකෙ හැදුණ හොදම පරිසරය සම්බන්ධ ෆිල්ම් 10 අතර තියෙයි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඔය කියන ෆිල්ම් එක බලල නෑ බං...:(

      Delete
  27. "මානව සංහතියට යෝධ පිම්මකි" කතාව ඩ්‍රැකියානිට කියලා බැණුං කිලෝ දෙකක් අහගත්තා... පට්ට කතාව රවි. සුරංගයගෙ කමෙන්ට් එක තමා හොඳම. හැබෑට බොලා දෙන්න ගිය ආත්මෙ සර්වසම නිඹුල්ලුද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      / "මානව සංහතියට යෝධ පිම්මකි" කතාව ඩ්‍රැකියානිට කියලා බැණුං කිලෝ දෙකක් අහගත්තා... /

      උඹටත් හොඳ වැඩේ....ඉස්ත්‍රී පක්සෙ ඔව්වට බයිනව. මමත් ඔහොම අකම්පාල කතන්ද කිව්වම පලුයන්ට බයිනව. " මේ මට කිව්වට කමක් නෑ ඔය බහු විකාර..හෙට අර මගෙ ස්ටාෆ් එකේ යාලුවෙකුයි එයගෙ ෆැමිලි එකයි එනව රෑ කෑමට. එයාල ඉන්න තැන එහෙම ඔව්ව කියනව නෙවෙයි..ඔන්න මම නොකිව්වයි කියල එහෙම කියන්ට එපා හොඳද?..ඇහුණද?"

      / හැබෑට බොලා දෙන්න ගිය ආත්මෙ සර්වසම නිඹුල්ලුද? /

      අසමසම කිඹුල්ලු මයෙ හිතේ...:)

      Delete
  28. WT1190F නම දැම්මෙ Lamar Odom ද ? 1190 times?

    ReplyDelete
    Replies
    1. Pra,

      Lamar ඒ වගෙ වැඩ කාරයෙක්ද? මම දැක්ක මේ දවස්වල මිනිහ Brain Damage වෙලා Coma එහෙක ඉන්නෙ කියල කොහෙද තිබ්බ.

      Delete
  29. මුල ඉදන් කියවගන එනව තාම 305 ඉන්නේ.. රහ තියන බ්ලොග් එකක් . .
    දවස නම් පහුවෙලා ඒත්
    සුභ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හප්පා..මුල ඉඳලම කියෙව්වද? ස්තූතියි..අතූතියි..ස්තූතියි...

      සුබ පැතුමටත් ස්තූතියි....:)

      Delete
  30. මේකත් අන්තිමට අර උබෙ කොස්ගෙඩියෙ ආදර කතාව වගේ හුළඟෙ ගියා බඩුව වැටෙන්නත් කලිම්ම නේ?

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      හෙහ් කියල වැඩක් නෑ බං...:)

      Delete
  31. රවිතුමා, සිරාවට පුර්ණ කාලින ලිවිල්ලට බැහැල මෙන්න මේ වගේ ආතල් ජනක විදියට වැදගත් දේවල් ලියන්නකෝ..

    ReplyDelete
  32. ඔය දැන් ඇවිල්ලා තියෙන්නේ "ද මාෂන්" කියලා ෆිල්ම් එකක්... මම ඕකේ පොත කියෙව්වා. ඔන්න රවි අයියේ කියවනවා නම් නියම කතාව. ස්පේස් එකේ ඉන්නකොට නීතිය අදාල වෙන හැටි ගැන ඒක තියනවා මෙහෙම. අඟහරු මත අදාල යානයේ හරි තාවකාලික ගොඩනැගිල්ලේ හරි ඉන්නකොට අමෙරිකන් ලෝ එක... මොකද ඉන්නේ ඇමෙරිකානු දේපොලක් ඇතුලේ... ඒවගෙන් එළියෙදි අදාලවෙන්නේ International Maritime Law. එතකොට ඒ වගේ තැනක අවසරයකින් තොරව යමක් කරන කෙනෙක් පයිරට් කෙනෙක් වෙනවා...

    ReplyDelete
  33. අපොයි මේක මිස් වුනානේ කියවන්න ඒ දවස් වලම. හොන්ඩ අලස්සනට ලියල තියෙනවා නොව.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...