Friday, November 27, 2015

371. විමලෙගෙ වාංපතුල් කතා - 38 - ඇහැළ මල් පිපෙනා දෙවට සහ සැවැන්දරා සුගන්ධය....


ඇහැළ මල් 
කුකුලව ආයෙම දකුණු අතිං අරගෙන මම ඒ පාරනං ආයම කිසි අවුලක් නැතුව එලියට පැනගත්ත. අමරෙ කෝ? මේකා නෑනෙ පේන්ටවත්..ම්ම්ම්..මොකක්ද අර මංගල සබාව පැත්තෙං මහ ගාල ගෝට්ටියක් ඇහෙන්නෙ? දෑවැද්ද මදිය කියල මනමාලයගෙ පැත්තෙ උදවිය වලියට ඇවිල්ල වත්ද? අඩෝ එහෙම කොහොමද? සුජිතා අක්ක වෙනුවෙන් අපි ඕනම වෙලාවක රෙඩි අපි ඇවිල්ල අජිතයගෙ යාලුවො..පට ගාල තව එකක් දාගෙන ගිහිල්ල බලන්ට ඕන අජිතය කොහෙද කියල...ඒ වෙලාවෙ ඌට අපේ උදව් ඕන වෙලාව..එතකොට කුකුළා?...ආය කෙහෙල්මල් කුකුළෙක්..කුකුළා වගේද අජිතය...

අජිතය හොයන්ට යන්ට ඕනය කියල හිතල මම පොඩි එකක් දාගත්ත විතරයි. එතනට කඩාගෙන පැනපි නිමලය. නිමලය අර මම කලිං කිව්වෙ ඔය ඒ කිට්ටුවම වාගෙ නවක දම්පතීන් බවට පත්වෙච්චි එකෙක්. ඒ කිව්වෙ මේ ඊයෙ පෙරෙයිද බැඳපු එකෙක්. ඔය එහූ එවුං කරන්නෙ යන්තමට දෙකක් නවාගෙන " මචං එහෙනං අපි යඤ්ඤං බත් කන්ට" කියල මාරුවෙනව. අපිත් එහෙම යන එවුං නවත්තගන්ට ට්‍රයි කරන්නෙ එහෙම නෑ. ඕකේ මචං කියල සමුදෙනව. නැත්තං අනිවාර්යයෙං සිද්ද වෙන්නෙ ඩිංගක් බලල පොලීසියෙං කසිප්පු අල්ලන්ට පයින්නැහෙ ඒ බිරින්දෑවරු කඩාපනිනව මුංව ඇදගෙන යන්ට. 

ඉතිං නිමලය කඩාගෙන පැනපි අර රිතූ ආකර්සා පාර්ලිමේන්තුවෙ බැරියර් කඩාගෙන ගියා වගේ. රිතූ ආකර්සා මේ දවස්වල ඉන්නව අර ආදර වස්සා කතාවෙ. සොරි ආදර වස්සා නෙවෙයි ආදර වැස්ස...අර තේමා ගීතයක් තියෙන්නෙ ආ..ද..ර... වැ...ස්...ස..ආ..ආ..ආ..ආ..ආ... කියල. මම නොවැරදීම බලන කතාවක් ඔය. 

"මොකද බං?" මම ඇස් ලොකු කරගෙන ඇහුව. 

ඔය සුට්ටක් විතර වැඩිඋනහම මම ඇස් ලොකු කරගෙනලු ඉන්නෙ. මයෙ ඔය අතිජාත මිත්තරයො තමයි එහෙම කියන්නෙ. "මේ ***** ට වැඩිවීගෙන එනකොට කිව්වැහැකි. මූ ඇස් ලොකු කර ගන්නව උණහපුළුවෙක් වගෙ...හෙහ්,හෙහ්, " එහෙම කියල උං හිනාවෙනව. 

"මොකද තමයි..වරෙං යන්ට විජහට…"

"කොහෙ යන්ටද බං?"

( මම ඔය වචන ඔක්කොම පටලැවිලැවි කිව්වෙ හොඳද? ඒත් එහෙම ලියන්ට ඕන නෑනෙ නේද? ඔබ තමුන්නාන්සෙලා එහෙම හිතාගන්ට. අර හෝතඹුව කිව්ව වගෙ ඉමැජිනේෂන්කම්පාල එහෙම....හෙහ්,හෙහ්, )

"මේ... වරෙංකො... කතාකරකර ඉන්ට වෙලාවක් නෑ....ඔය ඔතන කාමරංගා ගහ ගාවින් ගිහාම වැට පැනල දෙවටට වැටෙනව. උඹ වරෙංකො යන්ට." 

නිමලය ඒ ගමේම එකෙක්. අජිතයලගෙ අම්මලගෙ පැත්තෙං දුර නෑ කමකුත් තියනව.

"ඉතිං බං,….. කොහෙද යන්නෙ මේ? "

"උඹ යමංකො කෑගහන්නැතුව. වරෙං වරෙං...." නිමලය මගෙ අතකිනුත් අල්ල ගත්ත. 

"එතකොට මේ බෝතලේ? "

"ආය මඟුලක් කතා කරනව. ඔය කෙහෙල්මල හින්ද තමයි මේ ඔක්කොම..මෙන්න මෙහෙ වරෙං...."

"අඩේ බං අච්චර අමාරුවෙං අරගෙන ආපු කුකුළ?"

"මේ යකෝ....උඹ එනවද නැද්ද? "

"හරි...හරි.........කෑගහන්නැතුව ඉඳහං..එතකොට අජිතයට කියන්නෙ වත් නැතුව?"

"අජිතයට මම කියන්නං…"

ඒ වෙනකොට කතා කර කරම අපි වැට ගාවටත් ඇවිල්ල. එතන කම්බි පොටවල් දෙක තුනක් එහා මෙහා කරල පොඩි කපොල්ලක් වගෙ හදල තිබ්බ. එතනිං නිමලය මාව පරිස්සමට රිංගවල එතනිං එහා තිබ්බ දෙවටට මතුවුනා. දෙවට දිගේ කහපාට ඇහැළ මල් පිපිල හුළඟට හෙමිහිට හෙලවුනා.

ඇහැළ මල් පිපෙනා දෙවට දිගේ නුඹ පිය මැන්නා..
පුන් පෝය දාට සඳ විලසින් මුහුණ පෙනෙන්නා.
ඈත මෑත..



"ඒ පාර සිංදු කියන්ට ගත්තද? පිං සිද්ද වෙයි කට වහගෙන යමං.."

"ඇයි බං සිංදුවක් කිව්වම මොකද වෙන්නෙ? අනික කුණු හරුප නෙවෙයිනෙ…"

"සිංදු තමයි ..මෙන්න මෙහෙ යමං කිව්ව නේද කට වහගෙන දැං එක පාරක්...."

"හරි මේක කියාපංකො මට….කොහෙද මේ යන්නෙ? "

"අර වෙලෙං එහා වෙහෙරක් පේනව නේද?

"ඔව්..ඔව්...ඒත් උඹ කියන්නෙ කොයි වෙහෙර ගැනද? වම් පැත්තෙ එකද? දකුණු පැත්තෙ එකද? නැත්තං මැද එක ගැනද?"

නිමලයට ඒ පාර නම් නෝත් සවුත් මාරු වුනා. 

"තෝ මගෙං කුණු හබ්බ අහගන්ට එපා , මැද එකද?....හුහ් …. මැද එක ගැන මම දැං මෙතන කියන්ට ගත්තොත්...."

"හෙහ්...හෙහ්...හෙහ්..."මම එතනම නැවතිලා දෙකට නැවිල හිනාවෙන්ට ගත්ත. 

"මොකෝ කබ්රාල්ද? "නිමලෙ ඇවිල්ල මගෙ පිට අතගාන්ට ගත්ත. 

"නෑ බං ..එහෙමවත් නම් එකක්.මට මේ උඹ මට බණින විදිහට හිනා ගියා..හෙහ්,හෙහ්.."

"බණින්ට නෙවෙයි තියෙන්නෙ උඹට...අම්මප බං උඹත් කරන වැඩ…"

"ඇයි මොකද්ද මම කරපු වැඩේ?"

"හරි හරි ඒක අපි හෙට උදේට කතා කරමුකො...මේ ඒක නෙවෙයි..ඇත්තම කියපං..උඹට වෙහෙරවල් තුනක් වගෙ පේනවද අතන? "

"වෙලාවකට එකක් පේනව..ආයම දෙකකුත් පේනව..පෙලක් වෙලාවට තුනකුත් පේනව.."

(අර ග්‍රේස්ගෙ අම්මගෙ රෙද්ද වගෙ. වෙලාවකට නිල්පාටයි කලු රේන්ද අල්ලල..ආයම වෙලාවකට සුදු පාටයි රේන්ද රත්තරං පාටයි)

"හරි….හරි..එක හරි…. දෙක හරි…. තුන හරි කීය හරි දැං යම.. "

"ඉතිං කොහෙද කියල තාම කිව්වෙ නෑනෙ…"

"අපෙ මහගෙදර තියෙන්නෙ ඔය වෙහෙර පහුකරල ඒ  ඊමම  එහෙ ඉන්නෙ අපෙ ලොකු අයිය විතරයි. උඹ අද රෑට එහෙ ඉඳහං .මම රෑට බත් ගේන්නං අයියටයි උඹටයි දෙන්නටම."

"ඇයි බං මම එහෙ ඉන්නෙ? අනිද්ද සුජිත අක්කගෙ හෝම් කමිං එක. කොච්චර වැඩ තියනවද ඊට කලිං කරන්ට"

"හරි හරි බං ඒ වැඩ ගැන හෙට උදේ කතා කරමුකො."

නිමලය මාව එක්ක ගිහිල්ල උගෙ ලොකු අයියට අඳුන්නල දුන්න. ලොකු අයියත් හරිම තැන්පත් ගුණයහපත් මනුස්සයෙක්ය කියල බැලූ බැල්මට පේනව. අවුරුදු පණහක් වගෙ ඇති. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ වැඩ කරල තියෙන්නෙ. වාකරේ පැත්තෙ මහ කැළෑව මැද්දෑවෙ පලු ගහකිං වැටිල දකුණු කකුල කැඩිල ගෙදර ඇවිල්ල මාස හයක් විතර බෙහෙත් කරද්දි තමයි අම්මයි අප්පච්චියි දෙන්නම නැතිවෙලා තියෙන්නෙ. ඊට පස්සෙ මහ ගෙදර සහ අවට වතු පිටි බලාකියා ගන්ට කවුරුවත් නැති හින්ද එහෙම්මම රස්සාවට නොගිහිං නැවතිල. බැඳල එහෙමත් නෑ.

"මම කියන්ටද? උඹ ටිකක් එහෙනං නිදාගනිං..මොකවත් කනවද? මොනවද ලොකු අයියෙ තියෙන්නෙ? "

"දවල් උයපු බත් නම් ටිකක් වගෙ ඉතුරු වුනා.මම සම්බෝලයක් හදල කරවල කෑල්ලක් පුච්චල ගන්නං විජහට." ලොකු අයිය කිව්ව.

පොල් සම්බෝලයි කරවල පුච්චපුවයි ගැන ඇහෙනකොට ඉස්සෙල්ල මගෙ කටෙං කෙළ වැටුන. ඒ එක්කම ආමාසයෙ ඉඳල උගුරත් පිච්චීගෙන වගෙ ආව මහ අමියාවක්.

"එපා බං මම නිදාගන්නං ටිකක්."

"හරි පොඩි මල්ලි යන්න. මේ මල්ලි ටිකක් නිදාගත්තාවෙ. නිදාගෙන ඇහැරල පල්ලෙහා කොරටුව ගාව ළිඳෙං වතුර ටිකක් කාරිය නාගත්තම ඔය අමාරු ඔක්කොම ඇරිල යයි."

නිමලෙය ගිහාම ලොකු අයිය මට සරමක් ගෙනත් දුන්න.කලිසමයි කමිසෙයි ගලවල දාල සරම යන්තමට ඉණට දාගෙන ඉස්සරහ කාමරේ පලු තුනේ ජනේලෙත් හායි ගාල ඇරල දාල ඇඳ හරහට වැටෙනව විතරයි මතක.නින්ද ගියයි කියන්නෙ ආය නෑ...කොහොමද දන්නවද?...හෙහ්, 

ලොකු අයිය මට කතා කරනව නින්දෙං නොනින්දෙං වගෙ ඇහිල වදෙං පොරෙං ඇස් ඇරල බලනකොට යම්තමට කලුවරත් වැටිල.

"මල්ලිට හොඳටම නින්ද ගියානේද? "

ලොකු අයිය උළුවස්සට බරවෙලා ඉඳගෙන ඇහුව. අර ගහෙං වැටිච්චි සිද්ධිය හින්ද මනුස්සයකො එක කකුලක් සුට්ටක් වගෙ කොටයි. ඇවිදිනකොට ඒ අඩුව යන්තමට වගෙ පේනව.

"මොනව කියනවද අයියෙ මළා වගෙ තමයි….."මම සරම පටලවගෙන ඇඳෙං නැඟිට්ට.

"මල්ලිට තේ එකක් හදන්ටද?"

"එපා අයියෙ කරදර වෙන්ට එපා මම හදාගන්නං අනික ඊට කලිං නාගත්තොත් හොඳයි. "

"හරි හරි ඉන්න මම තුවායක් ගෙනත් දෙන්නං"

ලොකු අයිය ගෙනල්ල දුන්න කහපාට තුවායෙං හැමුවෙ සැවැන්දරා සුවඳ. 

සැවැන්දරා සුගන්ධයෙන්,
හිමාලයේ සිසිල් සුවේ,
මගේ හිතයි ගතයි වෙළා,
සිනා සඳෙන් කැලුම් පෙරා,
ඔබයි බලන්නේ …. මේ ඔබයි බලන්නේ….

එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතයක්...

තුවායෙං සැවැන්දර සුවඳ හැමුවම මට එක පාරටම මතක් වුනේ අපේ අත්තම්මගෙ රෙදි දාල තිබ්බ කබට්ටෙක. උන්දැ කබඩ් එකට කිව්වෙ කබට්ටෙක කියල. අවුරුදු ගාණක් පරණ ඔහොරි හතර පහකුයි, බෝරිච්චි අත්දාපු හැට්ට තුන හතරකුයි සිල් රෙදි දෙකක් වගෙ..ඊට අමතරව ඒකෙ තිබ්බෙ උන්දැ ඔය එක එක වැඩ කරද්දි ඇඳපු චීත්ත සහ හැට්ට. ඒ රෙදි අතර තිබ්බ වේලපු සැවැන්දරා මුල් පදාස රවුමට ඔතල ඒ මුල් වලින්ම ගැට ගහල.

උන්දැ මාසෙකට වගෙ සැරයක් ඔය කබඩ් එකේ රෙදි ඔක්කොම එළියට අරගෙන ගසල කරල කාරිය ආයෙම නමල තිබ්බ වගේ තැම්පත් කරනව. ඒ වෙලාවට උන්දැගෙ ඇඳේ දිගාවෙල ඒ දිහා බලා ඉන්ට මම හරිම ආසයි. 

"මොනවද අත්තම්මෙ ඔය?" සැවැන්දර මුල් ගුලිය පෙන්නල මම අහනව. 

"මෙව්වට තමයි සුට්ටි පුතේ සැවැන්දර මුල් කියන්නෙ. ඇයි අපෙ මහ ගෙදර ගිහාම පුතා දැකල නැද්ද? අර පල්ලෙහා ලිඳ එහා පැත්තෙ කණ්ඩිය දිගට වවල තියෙන්නෙ. එව්ව තමයි සැවැන්දර.මේ එව්වයෙ මුල්."

"ඉතිං රෙදි අස්සෙ ඔව්ව දාන්නෙ මොකටද?"

"මෙව්ව රෙදි අස්සෙ දැම්මම රෙදි කාවො කන්නෙ නෑ. එතකොට රෙදි පරණ ගඳ පුස් ගඳ ගහන්නෙ නෑ. අනික හොඳට සුවඳයි."

සැවැන්දර මුල් වෙනුවට තමයි පස්සෙ කපුරුබෝල ආවෙ. පස්සෙ මහ ගෙදර ගිය දවසක අත්තම්ම මට සැවැන්දර ගාල පෙන්නුව. සැවැන්දර මුල් අඩි හය හතක් පොළව යටට වැවෙන හින්ද පස් හෝදගෙන යනවට හොඳ ප්‍රතිකර්මයක්. උඩරට තේ වතුවල සැවැන්දර ඒ කාලෙ වැව්වලු බහුලව ඔය වැඩේටම.

නිමලයලගෙ මහ ගෙදර වත්ත පහළ ළිඳේ අතිං ගන්ට පුළුවං මට්ටමට වතුර. නිල්කැටේ වගේද කියල නං දන්නෙ නෑ මොකද ඒ වෙනකොට කැටේ නිල් ද මොකද කියල නොපෙනෙන තරමට කලුවරයි. වතුර විස්සක් තිහක් නාගන්නකොට ඇඟේ පතේ කෙඩෙත්තුව සෑහෙන දුරට අකා මකා ගියා.ඔලුව පුපුරන්ට වගෙ තිබ්බ ඉසේ රදෙත් අඩුවෙලා ඔලුව ඇතුලෙ විඩෙං විඩේ ඩස් ඩිස් ගාල පිටි කෙටිල්ලක් ගාණට ඉතුරුවුනා. 

"මල්ලි තේ එකක් බොමු"

කහපාට තුවායෙ සැවන්දරා සුවඳ නාහෙ ඇතුලට ගිහිල්ල හිත කුල්මත් කරද්දි ඔලු ගෙඩිය පිහ දමමින් මම ගෙට ගොඩ වෙනකොටම කුස්සියෙ ඉඳල තේ කෝප්පෙකුත් අරගෙන එළියට ආපු ලොකු අයිය කිව්ව. ලොකු අයිය කතාකරපු ඒ දයාබර ස්වරය මගෙ පපුව පතුලටම වැදුන සරුවාංගෙම හෙල්ලිල යන්ට. ඔහොම වෙලාවට මගෙ ඇස් වලට කඳුළු එන්නෙ ඉබේටම වගෙ.

"ලොකු අයිය තේත් හැදුවද? අනේ මොකට කරදර වුනාද?" 

තුවාය කරේ දාගෙන තේ එක අතට ගන්න ගමං මම කිව්වෙ එයයිට කඳුලු නොපෙනෙන්ට ඇස් තද කරල පියාගන්න අතරෙ. 

"ඕක මොකක්ද මල්ලි? පොඩි මල්ලිගෙ යාලුවො ඉතිං මගෙත් මල්ලිල වගෙ තමයි."

තේ බීල අපි දෙන්න ඉස්තෝප්පු කෑල්ලෙ වේවැල් පුටු දෙහෙකට වෙලා ඔහෙ කතාකරකර හිටිය.

"මම කොහොමත් රෑට උයන්නෙ නෑ මල්ලි. ඔය දවල් ඉතුරුවෙච්චි මොනවහරි කනව. එහෙම නැත්තං රොටියක් දෙකක් හදාගෙන කාල කහට එකක් බොනව." ලොකු අයිය මා දිහා බලල හිනාවුනා. "ඒත් අදනම් පොඩි මල්ලි රෑට කන්ට ගේනවයි කිව්ව"

"ආ.. එහෙම කිව්වද නිමල්?"

"හෙහ්..කිව්ව නේන්නං..මල්ලිට මතක නෑ..නේද?" ලොකු අයිය ආයෙම හිනාවුනා. 

මාත් බිම බලාගෙන හිනාවුනා. බිම බලාපු පාර ඔලුවෙ කැක්කුම වැඩි වුනා.මම එක ආරටම ඔලුව උස්සල උඩ බලාගෙන ඇස් තදින් පියාගෙන ඔලුව දෙතුන් පාරක් ගැස්සුව.

"තවම අමාරුයි නේද? දවල්ට කෑවෙත් නෑ කියල පොඩි මල්ලි කිව්ව. යංකො කුස්සියට. මල්ලි නිදාගෙන හිටපු වෙලාවෙ මම මේ ලඟ තියෙන කඩෙං රෝස් පාන් ගෙනාව. ඒ කරල පොල් සම්බලක් හැදුව. ….යමු…. බඩට මොනවහරි වැටිච්චහම ඔය අමාරු ගතිය ඇරිල යයි." 

ආයෙම මගෙ ඇස් වලට කඳුලු පුරාගෙන ආව. "යමු අයියෙ."

ඒ වෙලාවෙ තෙල් සුවඳ හමන රෝස් පානුයි උම්බලකඩ දෙහි යහමින් දාල ගලේ අඹරපු පොල් සම්බෝලෙයි රස නහර පිනා ගියා කටට ගන්නකොටම. ඒත් උගුරෙං පහළට බස්ස ගන්න එක තමයි ටිකක් කේස් එකක් වුනේ.ඔහොම උනහම එහෙම වෙනව. ඔහොම උන අය ඒ ගැන දන්නව ඇති. ඔහොම වෙලා නැතිඅයට ඉතිං මං කියන එක පිළිගන්ට වෙනව.

රෝස් පාන් සහ සම්බෝල චුට්ට චුට්ට බඩට වැටෙනකොට බඩත් නිකං එක විදිහක් වුනා. ඒ එක්කම දවල් වෙච්ච අලකලංචිය මගෙ මතකයට එන්ට පටං ගත්ත. ඒත් ඇත්තම කිව්වොත් ඒ වෙනකොටත් මම කරපු දේ බරපතලකම මට හරියටම තේරුම් ගිහිල්ල තිබුනෙ නෑ. 

හරි හරි ටිකක් විතර වැඩිවුනා තමයි. ඉතිං මොකද? මිනිස්සුංට බිව්වම වැඩි වෙන්නෙ නැද්ද? මමද ලෝකෙ බීල වැඩි වෙච්චි පළවෙනි මනුස්සය? ඊගාවට කුකුළා...අන්න ඒකනම් ටිකක් විතර කේස් එකක් තමයි...

මීට කලින් කාටවත්ම මේ ලෝකෙ බීල වැඩි වෙලා නැද්ද? මම ද එහෙම වෙච්ච පළවෙනියා? කියල අහන්ට පුලුවන් උනාට කුකුළගෙ කේස් එක ගැන එහෙම හානිපූරණ තර්කයක් (Mitigating Argument) ගේන්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ. එතනදි මම සම්පූර්ණ අනාථයි සහනාධාරයි.

හරි ඉතිං ඔහොම දේවල් වෙන්නෙ නැත්තෙමත් නෑනෙ. වෙන්නෙ නැතුවමය කියමුකො. හරි ඉතිං අද වුනානෙ. (There is s first time for everything isn't it?) ඒකෙං කාටවත් හානියක් කරදරයක් වුනේ නෑනෙ. ආ..හරි…අර කුකුළ ඔඩොක්කට වැටිච්චි ගෑණු ළමයට සාරිය හරි ඔසරිය හරි මොකක් හරි ඇඳගෙන හිටපු එක ලොන්ඩරියට දාල ඩ්‍රයි ක්ලීන් කරගන්ට වෙන්ට ඇති. ලොන්ඩරියෙ බිල ඕනනම් මම ගෙවන්නංකො. සාරිය හරි මොකක් හරි ඇඳගෙන හිටපු එක මට ඔතල දෙනව නං නුවර ක්වීන්ස් ලොන්ඩරි එකට දාල ටිප් ටොප් එකට වැඩේ කරවල දෙන්ටත් පුලුවන්.ඒකෙ මැනේජර් අපේ ගෙවල් පැත්තෙ.රයිට් ඔය තියෙන්නෙ විසඳුම්.

එතකොට මඟුල් මේසෙං කුකුළ අරං ගිය එක? ආ..එතනිං කුකුළ අරගෙන ගියා තමයි. මම නෑ කිව්වෙ නෑනෙ. අනික  නෑ කියන්ටත් බෑනෙ. මේ දෙනෝ දාහක් බලාගෙන ඉන්දැද්දි කුකුළ එල්ලගෙන ගිය එක නෑ කියන්නෙ කොහොමද? ඒත් මම කුකුල අරගෙන ගියාට ඌ මඟුල් ගෙදර පරිශ්‍රයෙන් (Wedding house premises) බැහැරට අරගෙන ගියාද? නෑනේ. අපි පාටිය දාපු මඩුවෙ ඌ මම තියල ආව. එතකොට මම හිතන්නෙ නෑ එතන සාපරාධී අපරාධයක් සිද්ද වුනාය කියල.

අනියම් පැහැර ගැනීමක් වගෙ වෙලා තියනව කියල කියන්ට නම් පුලුවන්. ඒත් චේතනාන්විත අපරාධයක් වුනාය කියල සාක්ෂි නෑ කියලයි මගේ කල්පනාව. අනේ උඹල බම්බු ගහගනිල්ල කියල මට නිකා ඉන්ට තිබ්බ. ඒත් මේ අසෝකා හින්ද එහෙම කරන්ට විදිහක් නෑ. ඒකනෙ..ඒ අම්මණ්ඩි ඒ තරමට මගෙ හිත අරක්ගෙනනෙ.

"මොකද මල්ලි කල්පනාව? දැන් නම් අමාරුව ටිකක් අඩුයි නේද? " 

මේ දහපදුරා කූතාඬියො ඔක්කොම ආණ්ඩුවට දාගෙන යහපාලනය කොරන්නෙ කොහොමද? කියල මුණත් විරවගෙන කල්පනා කරන ජනාධිපතිතුමා වගෙ මම බර කල්පනාවක ඉන්නව දැකල ලොකු අයිය ඇහුව.

"ඔව් අයියෙ පොඩි ඔලුවෙ බර ගතියක් තියනව. ඒ අරුණම දැන් වෙනනම් අවුලක් නෑ." මම හිනාවෙලා නැඟිට්ට. 

"ඔය ඔහොම හැදෙන ඔලුවෙ කැක්කුමට එකම බේතයි තියෙන්නෙ. මොකද කියන්නෙ?" ලොකු අයිය යන්තමට හිනාවෙල ඇහුව. "අටුකොස් වගයක් තිබිල මම ඔන්න මැල්ලුමක් හැදුව ඒක නියමයි ඔය වැඩේට."

කුකුළගෙ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් සොයාගැනීම කරණකොටගෙන මගෙ හිත ප්‍රීතියෙන් උද්දාම වෙලයි තිබ්බෙ.

"හරි අයිය අටුකොස් තියනවනම් ඉතිං සුට්ටක් වගෙ මොනවහරි ..හෙහ්,හෙහ්.."

මම එහෙම අටුකොස් පිට වැඩේ දැම්මෙ, යකෝ මේ යකා මේ දවල් දවසෙ කන්නෙත් නැතුව අච්චර බීල දැනුත් දැක්කද කියපු පරක්කුවට හාය කියාපු ලස්සන. කියල ලොකු අයිය හිතයි කියල හිතල.ඒත් ලොකු අයිය ඇත්තටම එහෙම කැත හිතක් තියෙන මනුස්සයෙක් නෙවෙයි ඇත්තම කිව්වොත්.

"ඉන්නකො එහෙනම්" එහෙම කියල ගේ ඇතුලෙ කාමරේකට ගිහිල්ල ලොකු අයිය ආපහු ආවෙ ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේකුත් අරගෙන. "මේක හොඳයි නේද?"

"අපෝ හොඳටම හොඳයි" මම එහෙම කියල වේවැල් පුටුවක් ඇදල කනප්පුවට ලං කරගෙන ඉඳ ගත්තා.

88 comments:

  1. Early X'mas. Thank u thank u Ravi.

    ReplyDelete
  2. නියම තෙපරබෑවිල්ල. රස වින්ඳා. එන පාරවත් බිත්තරේ දායිනෙ

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඔන්න ඉතිං? වෙච්චි දේ ඒ විදිහටම කියනකොට තෙපර බෑවිල්ලලු.

      උඹත් මගෙ අර යාලුවෙක් හිටිය ඌ වගෙ. ඌට ඕන තඩි පොතක් කියවන්ට යන්නෙ විනාඩි උපරිම පහයි නැත්තං දහයයි.

      ඔන්න මුල පිටු දහය වගෙ කියෙව්ව. " ආ..කොල්ලයි කෙල්ලයි එක පංතියෙ ඉන්නෙ. කෙල්ල දුප්පත්. කොල්ල පෝසත්. උං දෙන්න යාලු වෙනව " පොතෙං ඔලුව උස්සල අපි දිහා බලල එහෙම කියල ඔන්න පෙරලනව අන්තිම පිටු දහයට " ම්ම්ම්ම්...කොල්ල ගෙදරිං බල කිරීමටම වෙන කෙල්ලක් බඳිනව. කෙල්ල මහණ වෙනව" එහෙම කියල පොත වහල මෙසේ උඩට දානව. "හරි පොත කියවල ඉවරයි" අපි දිහා බලල එහෙම කියල නැඟිටල යනව.

      Delete
    2. උඹේ කථා වලින් මගේ ෆේවරිට් එක මේ කොස් කෙල්ල කථාව. ඒකයි බං නොඉවසිල්ල. සමා වෙන්න ඕන අප්සෙට් ගියානම්.

      Delete
    3. ඉයන්,

      පිස්සුද බං? මොන අප්සෙට්ද? මමත් ඔය නිකං ජොලියට ඒ කතාව කිව්වෙ...හෙහ්,හෙහ්,

      Delete
  3. මං ඒත් බැලුවා මැනුං දෙපාර්තමේන්තුවේ එකෙක් බෝතලයක් ඉදිරිපත් කරන්න මොකද මෙච්චර පරක්කු කියලා.

    ආං එහෙමයි අපේ දෙපාර්තමේන්තුවේ අය . අර මංගල්ලෙ හැඳිගෑවිලම යන්නැති ඕකෙං. නිකමටවත් උන්නැද්ද එකෙක් ඔය ජවනිකාව පොටෝ කෑල්ලක් ගන්න?

    ReplyDelete
    Replies
    1. කෝ මේ අයවැය ගැන කතාවක්කත් නෑනෙ .

      Delete
    2. Let him finish this Suranga. One thing at a time. Multi tasking can be very dangerous.

      Delete
    3. සුරංග බයියා හිතන්නේ ඌ වගේ පුක හෝදන්නැති කතා අනික් එවුනුත් ලියන්ඩ ඕනේ කියලා.

      Delete
    4. යට ඇනෝ මං බයියෙක්වත් ටොයියෙක්වත් නෙමෙයි බං. මේ කතාව ආයි පාරක් කියෝගෙන යනකොටයි මට කම්පනාවට වැටුනෙ. මේ **** මේක ලියල තියෙන්නෙ කරටිය සුළඟෙ වැනෙන ගානට දාල උණහපුලුව වගේ ඇස්ගෙඩි දෙකත් බෝල කරගෙන තමා. මේ පෝස්ට්එක පුරාවට කාබන් දෙකයි හයිඩ්‍රජන් පහයි ඔක්සිජන් හයිඩ්‍රජන් වෑහෙන ගතියක් තියෙනව.

      Delete
    5. ඔව් ඔව් උඹ ඔක්සිජන් නැතුව හයිඩ්‍රජන් කලවං වෙලා ඉපදිච්ච එකෙක් නේද? උඹේ බයි ගතිය ඇරගනින් ඉස්සර වෙලා.

      Delete
    6. ඇනෝ,

      අනේ අප්පේ මේ මොකද අපේ සුරංගය අල්ලගෙන ඌට නිස්කාරනේ බයින්නෙ? ෂෙක්..එහෙම හරි නෑනෙ නේද? බයියෙක් කියල එහෙම ජිවිතේට දැකල නැති කෙනෙක් ලියන දේකින් එක පාරටම වර්ගකරන්න පුලුවන්ද? මේකා ලියන දේවල්වලින් මටනම් එහෙම දෙයක් නොපෙනේ...:)

      Delete
  4. Replies
    1. තාම සනීප නෑ වගේ ..... මට නම් රෝගෙ නිධන්ගත වෙලා තියෙන්නෙ.

      Delete
    2. කාල වරෙංකො.Eat and Cum...කම්මලයගෙ ලෙඩේ ඊළඟ දරුණු ස්ටේජ් එක කළ්‍යාණයට හැදිල වගේ.

      කම්මලය එකපාර කමෙන්ට් දෙකයිනෙ. ඒ ලෙඩේ නම Involuntary double comment syndrome. මේ ලෝකෙ ඉස්සෙල්ලම ඕක හැදුනෙ කම්මලයට හින්ද WHO එකෙන් ඌට කරන ගෞරවයක් හැටියට ඔය ලෙඩේ නම් කරල තියෙන්නෙ Kammala's Syndrome කියල.

      දැන් මේ කළ්‍යාණයට හැදිල තියෙන්නෙ ඒකෙම දරුණු අවස්ථාව. ( Advanced & virulent form ) ඒ කියන්නෙ එක පාර කමෙන්ට් තුනයි. ඉඳහං ආයම WHO එකට ඇප්ලිකේෂන් එකක් යවල බලන්නං ඒ ලෙඩේ Kalyana's Syndrome කියල නම් කරවන්ට පුලුවන් වෙයිද කියල.

      Delete
    3. ඒකට Kalyana's Syndrome කියලා කියන්ට බෑ නෙව හිටං.. ඒකට කියන්ටෝනැ Kammala's Syndrome Kalyana Stage (KSKS) කියලයි..

      Delete
    4. ටැංකූ බූරා , මට දුක හිතුන රවි අයිය //WHO එකට ඇප්ලිකේෂන් එකක් යවල බලන්නං ඒ ලෙඩේ Kalyana's Syndrome කියල නම් කරවන්ට පුලුවන් වෙයිද කියල// කිවුවහම.
      කමියට දෙන්න පුළුවන්ද මගෙ ගවුරවේ. එකට කෑවත් අපේ බොක්ක වෙනස්

      Delete
    5. කේ සින්ඩ්‍රෝම් කියමු. කේ කියන එක කම්මල, කමියා, කළු, කොට, කැත, කැරි.., ඕන එකේකට හරි

      Delete
    6. අපිව අවුස්සන්නෙ නැතුව come කියල ලිව්වනම් හොඳයි නේද රවි?

      ඔය ගැන ජෝක් එකක් තියනවා (ඇත්ත අත්දැකීමක් ) මෙතන කියන්න හොඳ නෑ වගේ. එකක් shy ගතිය අනික it might hurt some people's religious sensibilities.

      Delete
    7. බුරා,

      අම්මප එහෙමත් එකක් නේද? කම්මලයගෙ ලෙඩේමනෙ ඒකත්. එහෙම තමයි කියන්ට වෙන්නෙ...උඹ හරි...:)

      Delete
    8. Pra,

      On the subject of religious jokes here is one that’s somewhat decent…..Heh, heh

      A new priest at his first mass was so nervous he could hardly speak. After mass he asked the Monsignor how he had done. 

      The Monsignor replied, "When I am worried about getting nervous on the pulpit, I put a glass of vodka next to the water glass. If I start to get nervous, I take a sip."

      So next Sunday he took the Monsignor's advice. At the beginning of the sermon, he got nervous and took a drink. He proceeded to talk up a storm. Upon his return to his office after mass, he found the following note on the door:

      1. Sip the Vodka, don't gulp.

      2. There are 10 commandments, not 12.

      3. There are 12 disciples, not 10.

      4. Jesus was consecrated, not constipated.

      5. Jacob wagered his donkey, he did not bet his ass.

      6. We do not refer to Jesus Christ as the late J. C.

      7. The Father, Son, and Holy Ghost are not referred to as Daddy, Junior and the Spook.

      8. David slew Goliath, he did not kick the shit out of him.

      9. When David was hit by a rock and was knocked off his donkey,don't say he was stoned off his ass.

      10. We do not refer to the cross as the "Big T."

      11. When Jesus broke the bread at the Last Supper he said, "Take this and eat it for it is my body." He did not say, "Eat me"

      12. The Virgin Mary is not called "Mary with the Cherry,"

      13. The recommended grace before a meal is not: Rub-A-Dub-Dub thanks for the grub, yeah God.

      14. Next Sunday there will be a Taffy pulling contest at St. Peter's, not a Peter pulling contest at St. Taffy's.

      Delete
    9. හම්මේ.. තුනක් වැදුනට පාඩු නෑ වගේ.. මෙච්චර කතන්දර කොහේ අහන්නද නැතුව? රවී අයියා.. ඔය කතාවේ අර මුලින්ම තියෙන ඇඩ්වයිස් එක sip the Vodka, Don't gulp කියනඑක අන්තිම අවවාදේ විදියට දීල තිබ්බනම් කුතුහලේ වැඩියි නේද?

      Delete
    10. කළ්‍යාණ,

      / ඔය කතාවේ අර මුලින්ම තියෙන ඇඩ්වයිස් එක sip the Vodka, Don't gulp කියනඑක අන්තිම අවවාදේ විදියට දීල තිබ්බනම් කුතුහලේ වැඩියි නේද? /

      අඩේ හරි නෙවෙන්නං..උඹේ මීටරේ තමා මීටරේ...හෙහ්,හෙහ්,…... තිබ්බ එක එහෙම්මම කොපි කරල දැම්ම මිසක මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ...:)

      Delete
  5. ඔය ඔළුවේ අමාරුකම් වගේ දේවලට ආපහු අලුත් කරන එක හොඳ බෙහෙතක් තමයි...
    හොඳටම අමාරුනම් උණු වතුර සත්කාරය, ටවල් එකක් වගේ අරගෙන උණු වතුරෙන් පොඟවලා මිරිකලා අරගෙන ඔළුව හොඳට තවන්න ඕනේ...
    විනාඩි පහකින් වගේ ඔළුවට පුදුම සනීපයක් දැනෙන්නේ...
    මට දවසක් ඔය සත්කාරය කලා අපේ සෙනෙවි කියල එකවුන්ටන්ට් කෙනෙක්...

    උඹ අර කුකුලගෙන් පොඩි කෑල්ලක් හරි කෑවේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. උඹ මේ පිස්සුවක් කතා කරනව ලොක්ක. කුකුළ කන්න ගියානං රවියගෙ කෑලි තමයි එකතු කරන්න වෙන්නෙ.

      Delete
    2. ඌ දන්නේ නැහැනේ වැඩේ කචල් වෙලා කියලා, ඒ නිසා ආපු ගමන් මම හිතුවේ පිහාට්ටක් හරි කොටා බාන්න ඇතිය කියල...

      Delete
    3. ලොක්කා,

      / උඹ අර කුකුලගෙන් පොඩි කෑල්ලක් හරි කෑවේ නැද්ද…/

      ඒකනෙ බං කියල වැඩක් නෑ..මෙච්චර පරිත්‍යාගයක් කරල අරගෙන ආපු කුකුල් රාජයා..ආසාවට සුට්ටි කෑල්ලක්වත් කාගන්ට තිබ්බ නං හිතට දුක නෑ. පස්සෙ අපෙ අනික් එවුං මට නෝන්ඩිය දැම්මෙත් ඕක කියල. " අනේ යකෝ තොට අර කුකුලගෙං හං කෑල්ලක්වත් කාගන්ට පුලුවං උනානං ඒත් කමක් නෑ " කියල...:)

      Delete
  6. 'Operation Cock Lift' නියමයි. බලන්න දැන් මෙතන පැහැදිළිව පෙන්නලා තියනවා,

    Operation Plan

    Step wise action plan

    Execution part

    Support Elements

    Withdrawal Route

    ඉතින් මෙව්වට තමයි යුද්දේ කියන්නේ. හා නැද්ද මං අහන්නේ.

    හරියට හරි. අර ඔලුවේ කැක්කුමට නියම අවුසදේ තමා අරං තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විචා,

      අඩේ මම එහෙනං එතන එදා යුද්දයක්ද කරල තියෙන්නෙ? කියන්ට එපාය..කවුද දන්නෙ?

      Delete
  7. මේ දහපදුරා කූතාඬියො ඔක්කොම ආණ්ඩුවට දාගෙන යහපාලනය කොරන්නෙ කොහොමද? කියල මුණත් විරවගෙන කල්පනා කරන ජනාධිපතිතුමා වගෙ ම

    Ela, ela, ela

    ReplyDelete
  8. අම්මප මටත් මේක කියවනකොට මතක් උනේ...
    ඒ කාලෙ අපි රෑ එළි වෙනකන් බීල බීල, පහුවදා උදේට ඔෆිස් යන්නෙ ඇඟේ අමාරුව අඩුවෙන්න හිස්බඩට ෂොට් දෙකක් දාගෙන....
    මගේ වෙන්ඩ වයිෆ් වැඩකලෙත් මාත් එක්ක එකම තැන.
    අදටත් මම බොනවට ගෑනි වචනයක්වත් කියන්නේ නෑ. කියන්නේ "ඒ කාලේ බීපු හැටියට මේ හොඳයි..." කියලා....

    ReplyDelete
    Replies
    1. මින්,

      හෙහ් ආන්න මත්පැන් පානයෙහි වටිනාකම දන්න බිරින්දෑවරු...:)

      Delete
  9. හත්තිලව්වයි අායෙම.......................

    අර හැම වෙලාවෙම සින්දු කියැවෙන ඒකනං ටිකක් චෙක් කරගන්න වෙනවා..... සින්දුවාගේ සින්ඩ්‍රෝමය වැළදිලා ද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      ඒකනෙ බොලව්...එහෙම ලෙඩක් මට තියනවානෙ...:)

      Delete
  10. ඔය ඔළුවෙ අමාරුවට කරන්ටෝන හොඳම වැඩේ තමා කූල් බියර් එකක් ගසලා අරින එක.. එතකොට ආය හපන්ට මොකුත් ඕනැන්නෙත් නෑ, බඩත් ගානට පිරෙනවා, කූල් එක නිසා බඩේ දැවිල්ල ගතියත් අඩුවෙලා යනවා, අර දිව ගිලෙන්ට වගේ එන තිබහත් නැතිවෙලා යනවා..

    ReplyDelete
    Replies
    1. හැබෑට අර කිවුවත් වගේ අමාරුවෙන් උස්සපු කුකුළාගෙන් කෑල්ලක් වත් කන්ට හම්බවුනේ නෑ නේද? අපරාදෙ වෙච්චි මහන්සිය, උඹට තිබ්බෙ කුකුළාවත් අතකින් එල්ලගෙන වැටෙන් පනින්ට.. :-O

      Delete
    2. බූරා,

      යස් ඔබ හරි..බෝතලේ වටේට මීදුම වගෙ බැඳෙන තරමට කූල් ලයන් ලාගර් එකක් තමයි හරියන්නෙ...හෙහ්,හෙහ්,

      කුකුළගෙන් පොඩ්ඩක්වත් කන්ට උනේ නෑ මලේ..ඒකයි මට කණගාටූ...ඒකයි මට කණගාටූ…

      Delete
  11. ඔච්චර බීල ආයෙ රෑත් බොන්න සෙට් උනාද ? පලවෙනි පාර වැඩි උනාම උණහපුළුව වගේනම් දෙවෙනි පාර බීල ඉවරවෙද්දි උගුඩුව වගේ ඇති .

    ReplyDelete
    Replies
    1. දැන් ඤවියයි නිමල්ගෙ ලොකු අයියයි දෙන්නා එකතුවෙලා ඩබොල් ඩිස්ටිල් එක හිස් කරන වෙලාවෙ දෙන්නට රෑට කෑමත් අරන් එන්ටෝනැ..... නෑ නෑ, නිමල් නෙවෙයි බොලං, අසෝකා අසෝකා.. මට බුදු සුවර් එහෙනං කෙල්ල කලන්තෙ දාලා වැටෙනවා.. ඇයි ය‍කඩෝ මේ මහදවාලෙ නකතං වෙන්ට ගසලා ගිය එකා මෙන්න දැන් ආයෙමත් බෝතලයක් බදාගෙන..

      කෙල්ල ගෙදර ගිහිං දෙයියන්ට පිං දෙනවා ඉහේ වැටෙන්ට ගිය මරාලෙන් තමන්ව ගලවගත්ත එකට..

      Delete
    2. සැක් එහෙම උනොත් 'අල්ලපු පොල්ලත් නෑ ,පය ගහපු ෆුට් බෝඩ් එකත් නෑ'

      Delete
    3. Kammala,

      / ඔච්චර බීල ආයෙ රෑත් බොන්න සෙට් උනාද ? /

      නෑ බං..බොන්ටම කියල නෙවෙයි..අර අමාරුව යන්ට පොඩි එකක් ගත්ත...:)

      Delete
    4. බූරා,

      / දෙන්නට රෑට කෑමත් අරන් එන්ටෝනැ..... නෑ නෑ, නිමල් නෙවෙයි බොලං, අසෝකා අසෝකා.. /

      ඇත්තටම ඒ වෙලාවෙ අසෝකා ආවනං මම කොහොම හරි වැඩේ ෂේප් කරගන්නව... ෂුවර් ඇන්ඩ් ෂොට්...:)

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මං මූ එක්ක තරහයි. ඒ නිසා මේකට මං ගෙදර ගිහිං හිනාවෙනවා...

    ReplyDelete
    Replies
    1. ගෙදර ගිහින් හිනාවෙලා හාමිණේ හිතයි උඹ මලක් ගහල කියල. Hikkk ..hikkk hakk hakk කියල උඹේ නොම්බරේටම sms එකක් දාගනිං.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඩ්‍රැකී,

      හරි හරි ..තරහ වෙන්න එපා බං…

      තරහ වෙන්න එපා ඔන්න නිකං කොළොප්පං කලේ,
      කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද මලේ...

      Delete
    4. උඹ ලංකාවට ආ වෙලාවක කියහං, මං එන්නං පැණිදෙණියටම... හෙහ් හෙහ්...

      Delete
    5. කම්මල,
      ඕං එස්එම්එස් දෙකක්ම දාගත්තා...

      Delete
    6. මේ රවියය්යෙ මැදිං පැනල උත්තර දෙන්න එපා අපිටත් තදවෙනව ඕං.

      Delete
    7. ‍රවි අයියෙ ඔහොම ගේම අතාරිනවද බං , මෙහෙමනෙ දෙන්න ඕනෙ.
      මේ මල්ලි ඔයාට මම එකපාරක් කිවුව , මේක වැදගත් මහත්තුරු එන තැනක් ( ඔවු ඔවු ප්‍රසන්නයි , කම්මලයි වගේ උන් තමා ), ඒක හින්ද මල්ලි මෙතන වැදගත් විදිහට කමෙන්ට් කරන්න බැරිනම් නෑවිත් ඉන්න. .....ඕං ඔහොමයි ගේමට යන්නෙ.

      Delete
    8. උනහපුළුවෙක් වගේ ඇස් ලොකු කරගත්ත වෙලාවකනං සරමත් එක අතකින් උස්සගෙන ඩ්‍රැකියට ඒම උත්තර දෙයි රවි අයිය.

      Delete
    9. ඩ්‍රැකී,

      / උඹ ලංකාවට ආ වෙලාවක කියහං, මං එන්නං පැණිදෙණියටම…/

      ආය මොනවද වරෙල්ල..වරෙල්ල...:)

      Delete
    10. Prasanna,

      / මේ රවියය්යෙ මැදිං පැනල උත්තර දෙන්න එපා අපිටත් තදවෙනව ඕං./

      නෑ බං අර ඩ්‍රැකී තරහයි කිව්වම මගෙ පපුව හෝස් ගාල ගියානෙ

      Delete
    11. පපුවෙ හෝස් ගලෝල ගියා කියන්නෙ? රේඩි‍ෙයේටරෙයක්වත් බද්ධ කරගෙන ද ඉන්නෙ?

      Delete
  14. නිමලය ගානට අයියව බේරගෙන උපක්‍රමශීලීව පසු බැහැල තියෙනව. ඒ නැතත් එතන ඊට පස්සෙ වෙන දේවල් බොලාට කො‍හොමත් මතක හිටින එකක් නෑ.

    දැං අායෙ දෙවරක් පෙරපුව බීල ගිහිල්ල අර ගෑනු මනුස්සයගෙ ඔසරිය ගලවන්නද කල්පනාව.

    මොනව උනත් අර අයිය කාරයනං නියම පොරක් වගෙයි. ඇත්තටම ඔහොම සහෝදරයෙක් වගේ ආදරෙන් කතා කරනවනං ඔය වගේ වෙලාවට රවි අයියට වෙන දේ මටත් බොහෝ වෙලාවට වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / මොනව උනත් අර අයිය කාරයනං නියම පොරක් වගෙයි. ඇත්තටම ඔහොම සහෝදරයෙක් වගේ ආදරෙන් කතා කරනවනං ඔය වගේ වෙලාවට රවි අයියට වෙන දේ මටත් බොහෝ වෙලාවට වෙන්න පුලුවන් /

      මට කොහොමත් එහෙමයි බං...පොඩ්ඩක් ඇත්තං ඇති...:)

      Delete
  15. "ඔහොම උනහම එහෙම වෙනව. ඔහොම උන අය ඒ ගැන දන්නව ඇති. ඔහොම වෙලා නැතිඅයට ඉතිං මං කියන එක පිළිගන්ට වෙනව" :) :)
    විෂෙන් විෂ නැසීම සාර්ථක ක්‍රමයක් ..:)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      අන්න ඒකනෙ....කසුන් දන්නව වැඩේ...:)

      Delete
  16. රවී රිතු ආකර්ෂා කියන්නෙ හරිම නිහතමානී නිලියක්. මගේ කඳුලක් නැංවූ සින්දුවේ වීඩියෝ එකේ හිටියා. ඒකෙ සමහර සීන් කලේ මගේ අපාර්ට්මන්ට් එකේ. ඉතින් ඔය වැඩ වලට පැය ගාණක් යන නිසා මම කථා කරල එහෙම තියෙනවා. හරිම සිම්පල් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ලෑන් සීයෙ,ලිංකුවට ඉස්කෝතුයි..

      Delete
    2. ඉයන්.

      අනේ නෑ බං මම රිතූ ගැන කිව්වෙ මේ ඊයෙ පෙරේදා අර පාලිමන්ට් බැරියර් එක කඩාගෙන ගිය සීන් එක හින්ද.එහෙම නැතුව අපහාසයක්, සමච්චලයක් කරන්න හිතාගෙන නෙවෙයි. එක්කො ෆාස්ට් ඩ්‍රයිව් කරනකොට කන්ට්‍රෝල් නැතුව යන්න ඇති. නැත්නම් නින්ද යන්න ඇති. It can happen to anyone, It's not a big issue.

      Delete
    3. හෑ.. ඉරිතු ආකර්සා කියන්නේ මේ ගෑල්ලමයද? රවියා ආදර වස්සා එකේ ඉන්නවා කියුවට මට මීටර් වෙලා තිබ්බේ නෑ.. සැහැ.. ඒ කතාවෙත් හරි හොඳ ගැල්ලමයෙක් විදියට නේ රංග පාන්නේ.. අම්මපා මන් ඒ නළුවා උනා නම් අර දරහැව එපා කියල මේ කෙල්ල එක්ක පැනලා යනවා.. :p

      Delete
    4. කළ්‍යාණ,

      / අම්මපා මන් ඒ නළුවා උනා නම් අර දරහැව එපා කියල මේ කෙල්ල එක්ක පැනලා යනවා.. :p /

      මේ මම උඹ කමෙන්ට් තුන තුන දානව කියල බලන්නෙ නෑ හොඳද ඒ ළමයට දරහැව කියල අපහාස කරන්ට ආවොත්..ටිකක් කෙට්ටුනං තමයි...හෙහ්,හෙහ්, ඒත් අරම කියන්ට වටින්නෙ නෑනෙ මං අහන්නෙ...හොඳයි බොරුද?

      Delete
  17. 'ඔහොම' උනහම අයිස්ක්‍රීම් එකක් වගේ දෙයක් ඇර වෙන මක්කවත් උගුරෙ තියෙන චෙක් පොයින්ට් එකෙන් පාස් වෙන්නෙ නෑ.. බලෙන් යැව්වොතින් ඉතින් කලින් ගිහින් ඉන්න අයවත් ඇදලා එලියට දාන්න තරම් 'ඔහොම' වෙලාවට උගුරු චෙක් පොයින්ට් ඇත්තො සැරයි...
    මේකට නම දාන්න තිබුනෙ 'මාරකයකින් බේරීම' වගේ.. හෙහ් හෙහ්..
    රහයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ජෙලි අයිස්ක්‍රීම් වගෙ එව්ව තමයි වඩාම හොඳ..ඒත් එව්ව නැත්තං මක් කොරන්ටද බං?

      Delete
  18. හාපෝයි,මම හිතුවෙ අදවත් කතාව කම්මුතු කරල දාවි කියලයි.කොහෙද ඒ ගමන ගිහිං තව ගෙදරකට රිංගුවා.දැන් ඉතිං ඒ ගෙදරින් එළියට ගන්නවා බොරු.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ බං ලබන පාර නම් ඉවරෙටම ඉවරයි...:)

      Delete
  19. හානේ ඔයින් ගියාමදැයි.

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ඒකනෙ බං උන්නු හැටියට මළා මදැයි කිව්වලු...:)

      Delete
  20. කුකුලෙක් කළ හදියක්. අහිංසක සතා රබර් වගේ අදින එකනම් අනුමත කරන්න බැරිය

    ReplyDelete
    Replies
    1. තිලක්,

      මූ ගං කුකුළෙක් තිලක්..දවස් ගාණක් හපන්න වෙනවා...හෙහ්..හෙහ්..නෑ ..නෑ..දැං අවසානය බොහොම ළඟයි...:)

      Delete
  21. යකෝ මේක කියවල මට වෙරි වගේ...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ ,

      මට දීහං කීයක් හරි....හෙහ්,හෙහ්..දැං ගල් බෝතලේකුත් එක්දාස් දෙසීයක්ද කොහෙද නේද?

      Delete
  22. "මේ දහපදුරා කූපාඬියො ඔක්කොම ආණ්ඩුවට දාගෙන යහපාලනය කොරන්නෙ කොහොමද? කියල මුණත් විරවගෙන කල්පනා කරන ජනාධිපතිතුමා වගේ "

    අලුත්ම උපහැරණයක් වගේ. ඕකට පොඩි සංශෝධනයක්.

    "මේ දහපදුරා කූපාඬියො ඔක්කොම ආණ්ඩුවට දාගෙන යහපාලනය කොරන්නෙ කොහොමද? කියල ඡන්දෙට කලිං අමතක වෙච්චි එක හරි හිතාමතාම අමතක කළ එක හරි මතක් වෙලා මුණත් විරවගෙන කල්පනා කරන ජනාධිපතිතුමා වගේ"

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ්..ඒ උපහැරණෙ වඩාත් හොඳයි....:)

      කූපාඩියො නම් නෙවෙයි කූතාඬියො..කූතාඬියො කියන්නෙ අහිගුණ්ඨිකයො...

      Delete
  23. චන්දනගේ "ඇහැළ මල්"නම් ඒ කාලේ නියම ජනප්‍රිය සිංදුවක් තමයි.

    බිලා වැඩි වෙලා එනවා නේද නිදි මතක්.ආයේ නැහැ රවීයියේ වැටෙන තැන නිදා ගත්ත ඇහැකි හිටං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඔව් බං කාලයක් තිබ්බ දෙකක් දැම්මද ඇහැළ මල් ම තමා..ඇහැළ මල්ම තමා...

      හප්පා. වෙරිමතත් එක්ක එන නිදිමත ඉවසන්නම බෑ ...හෙහ්,හෙහ්,

      Delete
  24. අර "කුකුළත් අතිං අරං" කියන එක මෙච්චර කල් තේරුං අරං තිබුණේ වැරදියට. දැන් තමයි හරි තේරුම දන්නේ.

    ReplyDelete
  25. අතපසු වෙච්ච පෝස්ට් 3, 4 තියනව කියවලම එන්නං...

    ReplyDelete
  26. සික්! මං පරක්කුයි නෙව!

    උඹ හිටපු තත්වය අවබෝධ කරගන්න තියන හොඳම ක්‍රමය තමයි උඹ මෙතන කියල තියන කතා අමතක කරල දමල අනිත් එවුන් උඹට සලකපු විදිය ගැන පොඩි අවධානයක් යොමුකිරීම. :-)

    ReplyDelete
  27. mama nam adamai awe. okkoma eka paratama kiyawala iwara kala. patta

    ReplyDelete
  28. කතා කීයක් යනවද මේ බ්ලොගේ. මොකේ මොකක්ද කියල හිතාගන්නත් ටික වෙලාවක් ගියා. නිදහස් සිතුවිලි දවස කියල සිකුරදා හවසට වත් දාගන්නවා මේක කියවන්නම. බොහොම ලස්සනයි රවී.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...