Thursday, March 3, 2016

394. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 29 - කටුගස්තොට මතක, ත්‍රී සිංහලය එකතුවන තැන සහ මිස් ඔතන කරදරයි වගේ නේද?


කටුගස්තොට පරණ පාළම

"ඒයි මේ බලන්ටකො අප්පච්චි කරල තියෙන වැඩේ." මා දිහාට හැරිල කිව්ව…

"හෙහ්..ඇයි? මක් කරලද ඒ ගමන?"

"අපෙ ගේට්ටුවෙ බෝඩ් එකක් එල්ලලයි කියන්නෙ......"

"නැහ් මාරයිනෙ….. ඉතිං?" මට ඒ කතාව ඇහුවම මැරෙන්ට හිනා..

"හිනා නෙවෙයි...හෙට උදේම අපි දෙන්නම යමු ගෙදර මේකෙ මොකක් හරි විසඳුමක් කරන්ට. අනේ මන්ද මේ අප්පච්චිත් කරන වැඩ එක වෙලාවකට…"

ඉතිං අර ගොළු කසාය බීපු දෙන්නෙක් වගෙ අපි දෙන්න නෝ කතා නෝ සිනා මෝඩ් එකේ උදේම දොට්ට බැහැල පිටත්වුනේ ඔන්න ඔය පෙත්සම් දැන්වීම් පුවරු අර්බුදය විසඳන්ට එවුන්දලගෙ මහ ගෙදර යන්ට.

පැණිදෙනියෙං නුවරට ගිහිල්ල ඔර්ලෝසු කණුව ගාවින් මාතලේ බස් එකකත් නැග්ග ඔන්න. ඒත් තාමත් අපි දෙන්න නෝ ටෝකිං. මම හොරැහිං ඈ දිහා බැලුව. අහක බලාගෙනම ඉන්නව. ආය නෑ උන්දැගෙ මූණෙ යම්තමට හිනාවක්වත් නෑ.මාතලේ බස් එකේ ඈ ඉඳගත්තෙ ජනේලෙ පැත්තට වෙන්ට. මම අනික් කොණේ. දැං ඔන්න බස් එක යන්ට පටං ගත්ත. කච්චේරිය පහුකරල ගිහිල්ල ට්‍රිනිටි එකත් පහුකලා. ඊට පස්සෙ කටුගස්තොට පාළමත් පහුකලා.

කටුගස්තොට පාළමෙං පස්සෙ රණවන මැදවල පාරත් පහුකරපුවම ඒ එක්කම තියෙන්නෙ ත්‍රී සිංහල සීමාරාමය. එතෙන්ට එහෙම කියන්නෙ පුරාණ කාලෙ ලංකාව බෙදල තිබ්බ රුහුණු පිහිටි මායා කියන කොටස් තුන (එව්වට කිව්වෙ රටවල් කියල.රුහුණු රට, පිහිටි රට සහ මායා රට) එකතුවෙන්නෙ ඔය කටුගස්තොට ඔතනයි කියන ජනප්‍රවාදය හින්දලු.

ත්‍රීසිංහලය

පොකු මහත්මියගේ ඉල්ලීම පරිදි රුහුණු, පිහිටි, මායා වෙන්කොට දැක්වෙන මෙම සිතියම ඇතුලත් කළෙමි.

කටුගස්තොට පාළම ගැන පොඩි කතාවක් මේ. අපි අර පොළොන්නරුවටත් එහා කැළේ මැද්දෑවෙ වැඩකරන කාලෙ අපෙ යාලුවෙක් හිටිය ගෙවල් ඔය ගලගෙදර දිහාවෙ.මනුස්සයට බස් එකකට නැග්ගොත් නින්ද යනව. හැමදාම නුවරිං නැඟල කටුගස්තොට පාළම පහුවෙනකොට මිනිහ කට කපල නිදි. ආය ඇහැරින්නෙ කදුරුවෙල බස් ස්ටෑන්ඩ් එකේ නතර කලාම. 

ඉතිං දවසක මේ යස්සයගෙ අත්තම්ම ඇහුවලු "පුතේ..උඹ ඔය වැඩ කරන දිහා ඔය පොළොන්නරුව කියන්නෙ බොහෝම දුරලු නේද? " කියල. මේකා ගත්කටටම කිව්වලු " මොන පිස්සුද අත්තම්මෙ?... කටුගස්තොට පාළම පහුවුනා ඊලඟට ඒ එක්කම පොළොන්නරුවෙ බස් ස්ටෑන්ඩ් එකනෙ " කියල.

මේත් ඔය කටුගස්තොට වෙච්චි සිද්ධියක්. මේක හැබැයි මගේ පළමෝත අත්දැකීමක් එහෙමනම් නෙවෙයි. මට කියපු කතාවක්..ඒවං මේ සුතං..මා විසින් මෙසේ අසන ලදී..අර මම අභයගිරි මතක ලියනකොට කිව්වෙ සේනක කියල මගෙ මිත්‍රයෙක් ගැන. අන්න ඒ සේනක තමයි මේ කතාව කිව්වෙ. සේනකගෙ අයිය ලංකාවෙ සුප්‍රසිද්ධ කලාකාරයෙක්. සම්මාන ලාභී පොත් කීපයක් එහෙම ලිව්ව. වේදිකා නාට්‍ය මම හිතන්නෙ දෙක තුනක් කලා. එතකොට ටෙලි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කලා. තිර පිටපත් ලිව්ව. ඉතිං ඒ අයියගෙ නාට්‍යයක් කටුගස්තොට ඇන්තනීස් හෝල් එකේ පෙන්නපු දවසක වෙච්චි සිද්ධියක් මේක.

හයයි තිහේ ෂෝ එක බලල ඔන්න සේනකයි ගමේ අහල පහල යාලුවො කට්ටියයි පයින්ම ගෙදර යනවලු. හොඳ ගානට කට්ටිය සන්තර්පනය වෙලයි ඉඳල තියෙන්නෙ. ඉතිං සිංදු කිය කිය පාර පුරා යද්දි ඔය කටුගස්තොට ටවුන් එක මැද මොකක් හරි ට්‍රැෆික් බ්ලොක් එකක් වෙලා වාහන පෝළිමක්ම නැවතිලා තිබිල. සේනකල එක්ක හිටපු එක යාලුවෙක් සිංදු කියද්දි බෙර ගැහිල්ලට උපං හපනෙක්. නම අපි කියමුකො භේරිවාදක කියල. සිංදුවක් කියනවනං භේරිවාදකයට සාස්පානකට හරි තඩි ගහන්ට ඕන. අපි අභයගිරියෙ ඉද්දි එක පාරක් ඔය සේනකයගෙ යාලුවො සෙට් එක එහෙ ඇවිල්ල දවස් තුන හතරක් හිටිය. උං යද්දි සේනකය ඉවුම් පිහුම් කරපු සාස්පාං ඔක්කොම ආය නෑ රොටි තැටි කරලයි ගියේ. ආයම සේනකයට සාස්පාං සෙට් එකක් අලුතෙම්ම ගේන්ට උනා ඔන්න කොටිම්ම.

ඉතිං අර ට්‍රැෆික් ජෑම් එක වෙලාවෙ කට්ටිය සිංදු කිය කිය යද්දි එතනම ට්‍රැෆික් හින්ද නවත්තල තිබිල තියනව හොඳ අලුත්ම කාර් එකක්. කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙ මෙවුං කිය කිය ඉඳල තියෙන්නෙ සිසිර සේනාරත්නගෙ "නීල ජලාසේ රඟනා හංස කුමාරී..ආසාවේ සිහින මවාවී" සිංදුව...ඔය සිංදුවට බෙර වාදනයක් දුන්නැහැකි නැතිවෙන්ට. ඉතිං අර බෙර වාදනලෝලී මිත්‍රය කරල තියෙන්නෙ තවත් නං ඉවසන්ටම බැරිතැන අර ලඟ නවත්තල තිබ්බ කාර් එකේ ඩිකියට බෙර ගහල උඩ පැන පැන. 

කාර් එකේ ඇතුලෙ හිටපු එවුංට නින්ද ගිහිල්ල ඉඳල තියෙන්නෙ. අප්පට උඩු මොකක්ද මේ හිටපු ගමං ඇහෙන තොයිලෙ කියල උං ඇහැරල බලනකොට මෙන්න එකෙක් උඩ පැන පැන ඩිකියට ගහනව. "අඩෝ කවුද ඩෝ කාරෙකට ගහන්නෙ?" කියල කට්ටිය බහින්ට හදනකොටම ට්‍රැෆික් බ්ලොක් එක නැතිවෙලා වාහන යන්ට පටං ගෙන. ඒ පාර පස්සෙං තියන වාහන ඔක්කොම හෝන් ගහන්ට අරගෙන. ඒ හින්ද එවුං කට්ටිය ආපහු වාහනේට නැඟල යන්ට ගිහිල්ල. යන්ට කලිං "අඩෝ අපි පස්සෙ බලාගමු හරිද ?" කියල සත්තමකුත් දාල ගිහිල්ල තියෙන්නෙ. "පල පල ඩෝ යන්ට..ආය මොනවද පස්සෙ බලාගන්නෙ?..අඩෝ ..හූ..." කියල ඒ යන එවුංට මුං හූවකුත් දාල. දන්නවනෙ දෙකක් දාගත්තම.හෙහ්.හෙහ්...ඔක්කොම සිංහයොනෙ...

එතනිං ඒ සීන් එක ඉවරයි. කට්ටිය ඉතිං සිංදුත් කිය කිය ගෙවල් වලට ඇවිල්ල පාර පුරා. ඊට පස්සෙ ඔන්න පහුවදා....එදා වෙච්චි සීන් එක සේනක මට කිව්වෙ මෙහෙමයි. 

"මචං අපෙ යාලුවෙක්ගෙ අයිය රට රස්සාවක් කරල ඇවිල්ල තිබ්බෙ ඊට දවස් දෙකකට කලිං. මිනිහ ගෙනාපු විස්කි බෝතල් දෙකක් අපිටත් දීල තිබුන. පහුවදා අපි හත් අට දෙනෙක් විතර උඹ දන්නවනෙ ගාමිණිය. ගාමිණියගෙ ගෙදර වැඩේට සෙට් වුනා. ඒ කාලෙ ගාමිණීගෙ ගෙදර වෙන කවුරුවත් හිටියෙ නෑ. ඔක්කොමල වන්දනාවකද කොහෙද ගිහිල්ල. ඒකයි එහෙට සෙට් වුනේ. ගාමිණියගෙ ගෙදර පාර අයිනෙමයි. "

"ඉතිං එක දෙක වගෙ වෙනකොට වැඩේ ෆුල් ආතල්. සිංදු කියනව, කෑ ගහනව එක යුද්දයයි.බඩු මදිවෙලා තව දෙකක්ද තුනක්ද ගෙනාවදත් කොහෙද...කොහොම හරි ඔන්න එක පාරට ගේ ඉස්සරහිං හෙණ ගෝසාවක් ඇහුන. එලියට බැහැල බලනකොට මල ජංජාලයයි, අර ඊයෙ රෑ කටුගස්තොටදි අඩෝ පස්සෙ බලාගමු කියල කෑගහගෙන ගිය සෙට් එක මෙන්න ඇවිල්ල. ඒ අර අරූ භේරිවාදකය බෙර ගහපු කේස් එකට රිටර්න් එකක් දෙන්ට. ඒ බෙර ගහපු කාර් එකේමයි ඇවිල්ල තියෙන්නෙත්. උං බලනකොට වත්තේගම දිහා බජාර් එකේ අයියල වගයක්. උංගෙ කාරෙකට බෙර ගහපු සීන් එකටත් වැඩිය උංට මල පැනල තියෙන්නෙ අපේ එවුං උං යනකොට හූ කියපු එකට. "

"අඩෝ කවුද ඊයෙ අපේ කාර් එකට බෙර ගැහුවෙ? කියල උංගෙ ලීඩර් වගේ හිටපු බුවා දෙකක් වෙන්ට කෑගහනව. අපි ඔක්කොම දැන ගත්ත මෙතන දැන් තව ටිකකිං හෙන ගින්නක් ඇවිලෙනව කියල. ආපු එවුංගෙ මූඩ් එකේ හැටියට ගහන එකත් ගහනව. එතකොට මේක අපේ ගම. එහෙම ගමට ඇවිල්ල ගහල යන්ට දෙන්නෙ කොහොමද? කොහොමත් මේ සීන් එක දුරදිග යන සීන් එකක් වෙයි වගෙ. එහෙම හිතල අපි ඔක්කොම වටවුනා එතෙන්ට. "

"එකෙක් වත් කතා නෑ. අරුංගෙ ලීඩර් කෑගහනව ගලනාලය අතේ අරගෙන. කවුද ඩෝ ඊයෙ අර කාර් එකට තඩි බාපු ගණං කාරය? වරෙං ඉස්සරහට...බලාපං ඩිකිය ඔක්කොම ඇඹිල ගිහිල්ල. අපි ආවෙ උඹලට බෙර ගහන හැටි උගන්නන්ට... "

"අපේ භේරිවාදක මිත්‍රයට තවත් ඉවසං ඉන්ට බැරිවුනා. ඌ කට්ටිය අස්සෙං රිංගල ඉස්සරහට ආව. ඇයි අයියා බොරු කියන්නෙ? ඩිකිය ඇඹෙන්ට තරං හයියෙං බෙර ගැහුවෙ නෑනෙ ..අඩෝ උඹ කොහොමද එහෙම නෑ කියන්නෙ? නෑ කියල කියන්නෙ මමනෙ අයියා බෙර ගැහුවෙ. මෙන්න මෙහෙමනෙ මම ගැහුවෙ.. කියල මේකා ඩිකියට බරවෙලා නීල ජලාසේ තාලෙ ආයෙම ගහල පෙන්නුව. මුගෙ අම්මට..දැක්කද මූ බය නැතුව ආයෙම අපි ඉස්සරහම ඩිකියට ගහපු හැටි කියල එතන හිටපු උංගෙ එකෙක් භේරිවාදකයගෙ බෙල්ලෙං අල්ල ගත්ත."

"ඒත් මේ යකා කරපු වැඩේට අපි ඔක්කෝටම මැරෙන්ට හිනා. උංගෙ ලීඩර්ටත් හිනා..හරි, හරි..ඔන්න ඕකගෙ බෙල්ල අතෑරල දාපං...කියල පොරත් හිනාවෙන්ට ගත්ත. ඒ සිද්ධියෙං අර තිබ්බ ටෙන්ෂන් එක එහෙම්මම බැහැල ගියා. බලනකොට ඩිකිය පොඩ්ඩක් ඇඹිල තමයි. අපි ඒක හදල දෙන්ට පොරොන්දු වුනා. නෑ නෑ ඕන නෑ..ඕක අපි හදා ගන්නං...කියල එවුං කට්ටිය යන්ට ගියා...ඔන්න අරකා කරන්නෙ ඔය වගෙ වැඩ තමයි...හෙහ්,හෙහ්,"

මඟ දෙපැත්ත බල බල යනකොට මතක් වෙන පරණ සීන් තමයි ඔය. ඉතිං ආයම වර්තමාන කතාවට ආවොත් අපෙ ප්‍රියම්බිකා තොමෝ ඔන්න තාම කතා නෑ. සිනා නෑ.. ජනෙලේ පැත්තට වෙලා එළිය බලාගෙන ඉන්නව. මම ටිකක් එයාගෙ ඇඟට තදවුනා. ඈ මාදිහා නළල රැලිකරල බලල ආයම අහක බලා ගත්ත. තව ටික වෙලාවක් ගිහිල්ල මම ආයම ටිකක් ඇඟට තද වුනා. ඒ පාර නං උන්දැ මා දිහා රවල බැලුව. ඒ කරල ගස්සල ජනේලෙං අහක බලා ගත්ත.මේ වෙනකොට අකුරණ ටවුන් එක පහුවෙලා. හතේකණුව හරියෙ තියනව දාර සයිස් වංගු තුන හතරක්. මම කලේ වංගුව එනකොටම බොරුවටත් එක්ක ඇගේ ඇඟටම තද වෙන එක. ඈ කලේ මම දිහා රවනව. ඊට පස්සෙ තව තවත් ජනේලෙ පැත්තට තල්ලු වෙනව.

ඔය පාරෙ නිතර ගිහිල්ලම වංගු තියෙන්නෙ කොතනද කියල මට ඇහැ පියාන කිව්වැකි. ඉතිං මම කලේ නිදිවගෙ බොරුවට ඇස් දෙක පියාගෙන ඊලඟ වංගුවෙදිත් ආයෙම උන්දැගෙ ඇඟට තල්ලු වෙන එක. එතකොටම මගෙ කණ ගාවිම්ම ඇහුණ මහ ගොරෝසු කටහඬක්..

"මොකද මිස්? ඔතන කරදරයි වගේ නේද? මෙතෙන්ට එනවද? අපි සීට් මාරු කරගමු. "

තුස්නිම්බූත වෙලා මම ඇස් ඇරල පිටිපස්ස හැරිල බැලුව. අප්පට සිරි ගජ...බුරුසු රැවුලකුත් වවා ගත්තු අටේ දහයෙ පොරක් පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන ඉස්සරහට නැවිල මා දිහා කන්ට වගෙ රවාගෙන ඉන්නව.

65 comments:

  1. ලස්සනට ලියල. හිනාව පැන්න . නීල ජලාසෙ රඟනා හංස කුමාරි එහෙම කිව්වෙ නැහැනෙ ආයම?

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති,

      බොහොම ස්තූතියි.. ඊට පස්සෙත් නීල ජලාසෙ නම් කිව්ව ඔය හත් අට පාරක්ම....;)

      පලි - ප්‍රියන්ති කිව්වම මට මතක් වෙන්නෙ අපේ කාලෙ ගායිකාවක්..ප්‍රියන්ති ජලාල්ඩීන්

      Delete
  2. බෙරේට ගහපු එකාට මුලු දිවයිනටම සමාදාන විනිශ්චයකාර කමක් දෙන්න වටිනවා..
    /*"මොකද මිස්? ඔතන කරදරයි වගේ නේද? මෙතෙන්ට එනවද? අපි සීට් මාරු කරගමු. "*/
    රවියට වඳුරු කුනුහරුප මතක් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ගිණි සිසිල,

      කුණු හරප නෙවෙයි බං මගෙ බොක්ක හීතලවෙලා ගියා ඩීප් ෆ්‍රීසරේ දැම්ම වගෙ. ඇයි බං අර සුරංගය කිව්ව වගෙ බස් එකේ ඉන්න එවුං ඔක්කොම එකතු වෙලා නෙලන්ට ගත්තනං මොන දෙයියන්ට කියන්ටද?

      Delete
  3. හෙහ් හෙහ් හෙකේස් හෙක්. මරු මරු මරු මරු. කොහොමද බස් එකේ සෙට්ටෙකම එක්කහු වෙලා නෙලුවනං "ඔහොමද මිනිහෝ බස්සෙකේ යන්නෙ" කියලා

    ReplyDelete
    Replies
    1. සුරා,

      හෙහ් කියල වැඩක් නෑ බං....ඉඳපංකො ඊට පස්සෙ වෙච්චි දේ කියන්ට..ඒක තමයි ආතල්ම කෑල්ල...:)

      Delete
  4. තාම කථාව අකුරණ, මාතලේට යනකොට තව සිංදු විස්සක විතර පඳුරු කථා කියන්න වෙලා තියෙනව. රවීට අභියෝගයක්. කථාවේ මේ කොටස ඒ කියන්නේ අර අප්පච්චි ගහපු බෝඩ් එකේ කොටස ඉවර වෙනකන් මේ කොටසේ තියෙනව වගේ සින්දු වලට සම්බන්ධ පඳුරු තැලීම් පමණක් කරන්න.

    ඒවගේම කවුරු හරි FB friend request එකක් එව්වම accept කරන්න. :)

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      1. අභියෝගය ගැන - තව එක කොටසයි බොලෙ තියෙන්නෙ..ඒකෙත් සිංදුවක් දාන්ට ට්‍රයි එකක් දෙන්නම්

      2. ෆේස් බුක් ගැන - මම ඕකට යන්නෙම නැති තරං ඉයන්, හිටපු ගමං අර නෝටිස් එවනවනෙ. " රවී, උඹ මාස තුනකින් මේ පැත්තෙ ආවෙ නෑ. වහා ඇවිල්ල ඒ කලයුතු දේ කරපං "' යල. ඊට පස්සෙ ඔන්න නිකමට වගෙ ගිහිල්ල එනව. ඒකයි මම ඔය රික්වෙස්ට් එක දැක්කෙ නැත්තෙ.

      Delete
  5. https://www.youtube.com/watch?v=O2Wgaz4cql0

    මේ ලිපිය කියවල දැනගෙන අදමයි ඔය සින්දුව ඇහුවෙ...ලොකුකමට අහන්නත් දුන්න තාත්තට මේං ලස්සන සින්දුවක් කියල.තාත්ත කිව්ව පුතේ,ඔයා ගිය ආත්මෙ ඉන්දැද්දියි මං ඕව අැහුවෙ කියල..))))

    කමක් නෑ.. ගුටි නොකා බේරුණා ඇති බස් මගීන්ගෙන්..))

    ReplyDelete
    Replies
    1. Rain Girl,

      / කමක් නෑ.. ගුටි නොකා බේරුණා ඇති බස් මගීන්ගෙන්..)) /

      එහෙම කොහොමෙයි කියන්නෙ ඔය ළමයා? සම්ටයිම්ස් මේ බී ගුටි පෝරියල්...වේට් අන්ටිල් ද නෙක්ස්ට් එපිසෝඩ්...:)

      Delete
  6. අලවතුගොඩට ඔන්න මෙන්න කියල බුරුසු රැවුල අහගන්නවලු දේශනයක් , ආයේ බස් එකක එකෙක් මලත් කට නොඅරින්නම :D

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හෙහ්..අලවතුගොඩදි තමයි ඊලඟ සීන් එක වෙන්නෙ නං….. ඒත් බලමු උඹෙ අනාවැකිය හරි යයිද කියල....:)

      Delete
  7. මම අර තුන් සිංහලේ එකතුවෙන තැන ඇහුවමයි. තැංකූ රවී.
    ඔව්, මචං මට එදා තද උනා උඹ ඒ මනුස්සයගෙ ඇඟට හේත්තුව දානකොට. මම බලා හිටියා වැඩේ සෑහෙන දුරක් යනකල්. ඉතිං ඒ කාලෙ මම උඹලව අඳුනන්නේ නෑනේ. ඒකයි උඹට අම්බානක නෙලලා බෙල්ල කෙටියෙං අල්ලලා බස් එකෙන් එලියට තල්ලුකලේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඔහේද, මම හිතු‍ෙව අර වෙනිවැල්පිටිය අයිය කියල. හැක්..

      Delete
    2. Henry,

      / ඒකයි උඹට අම්බානක නෙලලා බෙල්ල කෙටියෙං අල්ලලා බස් එකෙන් එලියට තල්ලුකලේ. /

      ප්‍රියම්බිකා තොමෝ එක්ක යද්දි නම් මචං එහෙම අම්බානක කෑවෙ නෑ. ඒත් බඳින්ට කලිං ඔය වගෙ සීන් තුනක් මට වෙලා තියනව. දෙකකදි නොසෑහෙන්ට කාල බස් එකෙනුත් එලියට දැම්ම. අනික් එකේදි දෙක වදිනකොට මමම දුවන බස් එකෙන්ම පැන්න එළියට. ඒත් බං දෙහිඅත්තකණ්ඩියට යද්දි නම් නෙවෙයි ඒ සීන් තුනම වුනේ. එකක් හබරණදි, අනික මැල්සිරිපුර, තුංවෙනි එක ඇඳගල. උඹ මට නෙලුවෙ ඔය කොතන සීන් එකේදිද?

      Delete
  8. හෙහ්.. කාල වරෙන්කො... මක්කෙයි උනේ ඊට පක්සෙ???
    මෙන්න ගස්ලබ්බ කොරපු ජරා වැඩක්..
    ඔන්න ගස්ලබ්බියි ගස්ලබ්බයි එක්තරා උද්යානෙක බංකුවක් රත් කොරනවා සෑහෙන කාලෙකට කලිං.කෝකටත් ආරක්සාවටත් එක්ක ගස්ලබ්බා වට පිට ඇහැලනවා කාටත් වහං වෙලා උන්න කාලෙ නිසා.
    ඔන්න එහා පැත්තෙ බංකුවෙ උන්න ගෑණු පරානෙ ටිකක් අමුතු බැල්මක් හෙලුවා..
    හෙහ් හෙහ්.. ඔව් ඔව්.. වැඩේ ලයින් කොරන්න ඇහැකි.
    ගස්ලබ්බ ශේප් එකේ ගස්ලබ්බිට කිව්ව ඔන්න අර කෙල්ල ලයින්.. \නොම්බරේ ගන්න එක නතිං කියලා..
    'අනේ අනේ ඉතින් ඔයාගෙ.. ඕන දෙයක් කොරගන්න එකයි'කියල ගස්ලබ්බි කියල ආයෙ නිකා හිටියා.
    (කලිං දවසෙ බීල ගඳ ඇවිත් ගස්ලබ්බ පච වෙලාත් හිටියෙ.)
    ඔන්න එහෙන් මෙහෙන් ඉඟි පාලා අර කෙල්ල කොල්ලට හොරෙන් ගානටම ලයින් උනා.
    ගස්ලබ්බිටත් කිව්ව 'වැඩේ හරි.. ඔන්න කෙල්ලො' කියලා..
    අන්න එදයි ගස්ලබ්බ එක්ස් මෑන් කතාවට අමතරව ඇස් වලිං ගිණි විදින මිනිස්සුන්ව දැක්කෙ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,
      සෙක්..බොහොමත්ම අසික්කිතයි මල්ලි...බොහොමත්ම සදාදරණීයයි...:)

      Delete
  9. මටත් කාලයක් තිබ්බ හික්කඩුව පහුවුන ගමන් කතරගම.. අම්බලන්ගොඩින් රෑ 1.50 ට බස් එකේ නැග්ගාම ටිකක් ගන්නකම් විතරයි ඇහැරිලා ඉන්නේ. උපරිම හික්කඩුව පහුවුන ගමන් මෙන්න බොලේ කතරගම ස්ටෑන්ඩ් එකේ.. වෙලාවට ඒ අවුරුදු පහ ඇතුලතම බස් ඩ්‍රයිවර් අපිව එලොව යව්වෙන් නැත්තෙ.. එහෙම උනානම් හික්කඩුව පහුවුන ගමන් ඊළඟ ආත්මේ.. හැක්..

    තුන් සිංහලේ එකතුවෙන තැන ගැන දැනගත්තේ ඔන්න අදයි..++++++++++++++

    ReplyDelete
    Replies
    1. /හික්කඩුව පහුවුන ගමන් ඊළඟ ආත්මේ../
      පට්ට යකෝ...!!!

      Delete
    2. අම්බලං,

      ඩ්‍රැකී කිව්ව වගෙ හික්කඩුවෙං පස්සෙ ඊලඟ ආත්මෙ කතාව නම් මසුරං...:)

      Delete
  10. අය්යෝ මේකේ බාගයක් විතර Ravi ගේ අතේ රෝල් නේද. කමක් නෑ හිනාවෙලා මැරුණා. නීල ජලාසේ මගේ favourite සින්දුවක්. thank you ravi.

    ReplyDelete
    Replies
    1. බාගයක්? බාගයක්?????
      ලඟදි වගේ කියවන්න ආවෙ නේද?
      පස්සෙ ප්‍රතිශතේ හරියයි

      Delete
    2. he he almost 99.99% ....I mean.

      Delete
    3. A very quick learner, aren't you?
      It took us a while to get there. :-D

      Delete
    4. ///A very quick learner, aren't you?
      It took us a while to get there. :-D///

      මේවා කියල අපිට මේ පඳුරු තැලිලි එහෙම නැති කරනවා නෙමෙයි...

      Delete
    5. ඇනෝ & Pra,

      ඔන්න ඉතිං කිව්ව එකක්..මොන හෑන්ඩ් රෝල්ද බං?....

      මම තව මට වෙච්චි දේවල් ලිව්වෙ නෑ හරියට. ලියල වැඩක් නෑ මොකද බොලා කියයි ගත් කටටම හෑන්ඩ් රෝල් කියල..ඒ හින්ද මම මේ ලියන්නෙ බොලා විස්වාස කරයි කියල මම උපකල්පනය කරන එව්ව පමණයි..තේන්නාද?

      Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn’t - Mark Twain

      Delete
  11. අම්මේ ඔය පාලම එක්ක තිබ්බ මතකයන්... කියල වැඩක් නැහැ. මතක් වෙනකොට ඇඩෙනවා අය්යෝ.. දැන් තියෙන පාලම එහෙම දැනෙන්නේ නැහැනේ. ඉස්සර ඔතනට සතියකට දවස් දෙකක් යනවා. ඒ හින්දා වෙන්න ඇති. ඇයි සිනමාශාලාව?? ඒ ගැන තියෙනවා හොඳ කතාවක් අප්පා.. ලියන්න ඕනේ වෙලාවක.

    රවියා ඔය මිස්ට කරදර කතාව කීප තැනකදී කියල තියෙනවා මම හිතන්නේ. දැන් තමයි අවස්ථා සම්බන්ධය ලිහුනේ. ඔන්න ඔහේ පඳුරු නෙවෙයි ගොම තැම්බවල් උනත් කමක් නැහැ තලාගෙන ලියමුකො...

    බස්වල ගෑනුදරුවන්ට හිරිහැර කරන එක එහෙනම් මේ අද ඊයේ නෙවෙයි එහෙනම් ඈ ! ඒ කාලේ ඉඳම්ම ඒ ජාතියේ එව්වෝ ඉඳලත් තියෙනවා... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. සීගිරි එකේ සාමාජිකාවක් වගේ :)

      Delete
    2. උපේක්ෂා,

      / ඇයි සිනමාශාලාව??  /

      සීගිරිද ඇරීනා ද?

      / රවියා ඔය මිස්ට කරදර කතාව කීප තැනකදී කියල තියෙනවා මම හිතන්නේ. /

      අඩේ..එහෙම මම කලින් මේ සීන් එක ගැන කියල තියනවද? නෝ මෙමෝරියල් ප්ලීස්...:)

      / බස්වල ගෑනුදරුවන්ට හිරිහැර කරන එක එහෙනම් මේ අද ඊයේ නෙවෙයි එහෙනම් ඈ ! ඒ කාලේ ඉඳම්ම ඒ ජාතියේ එව්වෝ ඉඳලත් තියෙනවා... හෙහ් හෙහ්../

      මොකක්ද බං ඒ කතාව? අද ඊයෙ නෙවෙයි කියන්නෙ? මේ සීන් එක වෙලා දැං ඕනනං අවුරුදු දහයක් දොළහක් ඇති..

      Delete
  12. අපිත එක්ක අවුරුදු 5ක් විතර මාතලේ ඉඳලා ගලේවෙල ගි නංගි කෙනෙක් හිටියා. ඒකිත් දන්නෙ අළුවිහාරෙට අලලපු ඉඩමෙ බම්බාව පන්සල තියෙන්නෙ කියලා. හදිසියේවත් බස් එක කැඩුනොත් තමයි අතරමැද ගමක නමක් දැන ගන්නේ. කොහොමටත් රවි 594 න් ගිහිල්ලා තිබුණානම් හොඳයි. නැත්නම් 593 පාරේ වැඩිවෙන මීටර 800 තව කොටස් 10 විතර වැඩිවෙයි.

    ReplyDelete
    Replies
    1. Lilantha,

      වරකාමුර පාරද දුර වැඩි? මම හිතුවෙ කූඹියන්ගොඩ පාර තමයි දුර කියල..

      Delete
  13. ඊළඟ කොටස මෙතනිං...

    https://slcomics.files.wordpress.com/2016/02/gataya-232.jpg

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      සුමතිපාල - ජෝතිපාල ..ඒ දෙන්න එක කුසේ උපං නිවුන්නු නේද? පස්සෙ රාණි හේමලතා කියල කාන්තාවකුත් එයාලට එකතුවුනා කතා ලියන්න. ඒ මට මතක විදිහට අර එක්කෙනෙක්ගෙ බිරිඳ.

      Delete
  14. සුද්දා කියන්නේ කෑට්-ගෑස්-ටෝට් කියලා. පොහ්...... කොච්චර ලස්සනද එහෙම කිව්වම.

    අර බෙරකාරයා සුපිරි, සියුම් නුවණක් තියන එකෙක්. එකයි ඔය ප්‍රශ්නේ ඔහොම විසඳාගත්තේ.

    රවී, ඔය පළමෝත කියන වචනේ, නිවැරදි සිංහල වචනයක් කියලා ඉස්කෝලේ යන ළමයි විශ්වාස කරන්න ඉඩ තියනවා. අපේ භාෂාවේ ව්‍යාකරණ රටාව අනුව, ඔහොම වචනයක් හදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      / සුද්දා කියන්නේ කෑට්-ගෑස්-ටෝට් කියලා. පොහ්...... කොච්චර ලස්සනද එහෙම කිව්වම. /

      තව තියෙන්නෙ ඔය කැට කොරන්ඩ එහෙම...:)

      / රවී, ඔය පළමෝත කියන වචනේ, නිවැරදි සිංහල වචනයක් කියලා ඉස්කෝලේ යන ළමයි විශ්වාස කරන්න ඉඩ තියනවා. අපේ භාෂාවේ ව්‍යාකරණ රටාව අනුව, ඔහොම වචනයක් හදන්න බැහැ. /

      එහෙමද? මම දැනගෙන හිටියෙ නෑ එහෙම දෙයක්..ඔය වචනෙ නිර්මාතෘ කාලෙකට කලින් බොහොම ජනප්‍රිය බ්ලොග් එකක් වෙලා තිබ්බ ටැබූ සබ්ජෙක්ට්ස් ලියපු මිස්ටර් ටැබූ...

      Delete
  15. රවි, සිතියමේ රුහුණු, මායා, පිහිටි කියලා නම් කලා නම් හොඳයිනේ. දන්නේ නැති අය ගොඩක් ඉන්න හන්දා...:P

    ReplyDelete
    Replies
    1. පොකු,

      අන්න ඉල්ලීම පරිදි කටයුතු කලා. රුහුණු, පිහිටි මායා කියල වෙනම සඳහන් වෙන සිතියමක් කලින් සිතියමට පහලින් ඇතුලත් කලා...:)

      Delete
    2. ගෑනුළමෙක් මොනව හරි කිව්වොත්නං රවී අයියත් පැනල දෙන්නෙ නේද? හැක්..

      Delete
    3. ප්‍රසන්න,

      ඉස්ත්‍රී පුරුස බාවයට වැඩිය මෙතන තියෙන්නෙ පරණ හිතවත් කමක් බොල. පොඩ්ඩි ඇවිල්ල මගෙ බොහෝ කලක සිට හිතවතියක් ඒ වගේම රසිකාවියක්. හාහා පුරා කියල මම ලියන්ට පටන් ගත්තෙ එතුමියගෙ බ්ලොග් එකේ මාගල් කමෙන්ට් ලියල. ඒක අමතක කරන්ට නරකයි....:)

      Delete
    4. මායා රටට ඒ නම හැදුනෙ කොහොමද PK?
      පත්තු 64ක් තිබුනද?

      Delete
    5. //හාහා පුරා කියල මම ලියන්ට පටන් ගත්තෙ එතුමියගෙ බ්ලොග් එකේ මාගල් කමෙන්ට් ලියල.// හැක්... එහෙනං ඉතිං නොසලකා කොහොමෙයි නෙහ්.

      Delete
    6. ගොඩක් ස්තූතියි රවියෝ. ඒ වගේම ප්‍රසාටත්. :)

      PJ හරියටම හරි. මායා 64 කටම අහුවුනු කෙනෙක් විතරයි ඒ බව දන්නේ...:P

      Delete
    7. //මායා 64 කටම අහුවුනු කෙනෙක් විතරයි ඒ බව දන්නේ //

      මායා 64 ටම අහුවුනු කෙනෙක් යහතින් හිටියොත් එකම මදැයි...D

      Delete
  16. භේරිවාදකයනං මාර ඩයල් එකක්. උෟ ඒ විදියට නොකළනං ඔතන පාතාල සීන් එකක් යනව.

    ඉතිං මිස්ට එතන කරදරයි කිව්ව ගමං ගුරුවරී එක්ක තියෙන ඇරියස් එකටත් එක්ක ඒක කියපු එකාට බස්එකෙන් බහිනකල්ම හොඳ දේශනාවක් අහගන්න උනාය කියල තමයි මට හිතෙන්න‍ෙ.

    ගුරුවරීගෙ ගෙදරට යනකොට තව මාස ගානක් යයි. කමක් නෑ ඉතිං අර DD බෝතලෙත් තාම මේසෙ උඩ එකේ. හැක්..

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ බ්ලොග් බදු අරන් ඉන්න එකේ නරකද අර ලටපටේ මොනවහරි ලියුවානම් අපිට කියවලා උඹට හොඳවයින් දෙකක් කියන්න :)

      Delete
    2. @උදය,
      එතකොට මෙච්චර අමාරුවෙන් පඳුරු තල තල අපිට පාරවල් එළිකරල දෙන රවීල වගේ අයට කොමෙන්ට් එකකින්වත් සපෝට් එකක නොදෙන එක පව් නැද්ද මං අහන්නෙ. හැක්..

      Delete
    3. Prasanna,

      / ඉතිං මිස්ට එතන කරදරයි කිව්ව ගමං ගුරුවරී එක්ක තියෙන ඇරියස් එකටත් එක්ක ඒක කියපු එකාට බස්එකෙන් බහිනකල්ම හොඳ දේශනාවක් අහගන්න උනාය කියල තමයි මට හිතෙන්න‍ෙ. /

      එහෙමද හිතාගෙන ඉන්නෙ? බලමුකො අපි....හෙහ්

      Delete
  17. බස් එකේ ජැක්සොන් චරිතයක් රඟපාලා වගේ නේද? හොඳා හොඳා... අර භේරිවාදක කතාව නම් පට්ට පට පට. තුන් සිංහලේ එකතුවෙන තැන ගැන දැනුවත් කලාට ටැංකු ඈ :)

    ReplyDelete
    Replies
    1. උදය,

      මේක මේ ජැක්සන්මත්ම නෙවෙයි...:)

      Delete
  18. දක්කින හා දක්ෂිණ කියන්නේ එකම තේරුම තියන වචන දෙකක් නේද ? එහෙම නම දක්කින කියන්න ඔීනෑ රුහුණු රටට නේද?

    ReplyDelete
    Replies
    1. ලිලන්ත,

      ඔබ කියන දේ හරි..මම ඒ ගැන වැඩිදුරටත් හොයන්ට උත්සාහ කලා. ඒත් සාර්ථක වුනේ නෑ...

      Delete
  19. ගුරුතුමීට හේත්තුව දාපු සිද්ධිය කියවද්දී මට මතක් උනේ ගිය අඟහරුවාදා මම සයිට් එකෙන් එළියට ගිහින් ආපහු එද්දී දැකපු සිද්ධියක්...
    පොලිසියේ හතරපස් දෙනෙක් එකතුවෙලා හිටියා අපේ සයිට් එකේ ගේට්ටුව ඉස්සරහ අවුරුදු 45 ක වගේ මනුස්සයෙක්ගේ අතින් අල්ලාගෙන හිටියා. ඔහුගේ අහිංසක පෙනුමක් තිබුනේ. ඒ වගේම ඔහු හැඬුම්බරව පොලිස් නිලධාරීන්ට යමක් කියන බවත් මම දැක්කා...
    එතනම පොලිස් නිලධාරින් දෙන්නෙක් එක්ක කතා කරකර හිටියේ කලිසමක් සහ හැට්ටයක් ඇඳගෙන හිටිය අවුරුදු 40 ක වගේ පෙනුමැති කාන්තාවක්. ඇයගෙන් දිස්වුනේ නාගරික පෙනුමක්...
    මම වාහනෙන් ඔළුව එළියට දාල අපේ සිකියුරිටි කෙනෙක්ගෙන් ඇහුවා මොකක්ද සිද්ධිය කියලා...
    අර මනුස්සයා අර ගෑණු කෙනාට බස් එකේදී ජැකක් ගහලලු, බස් එක අපේ සයිට් එක ගාව තියෙන පොලිස් පොයින්ට් එකේ දෙන්නවම බස්සලා යන්න ගියා. අපේ සිකියුරිටි මහත්තයා මට කිව්වේ එහෙම...
    ඒ එක්කම මට අර ගෑණු මනුස්සයා දිහා බැලුනා, ඒ වෙලාවේ එයා හිටියේ මම ඉන්න පැත්තට පිටුපාල. බලපු ගමන්ම මම දැක්කේ ඒ මනුස්සයාගේ කලිසම අල්මාරියට අහුවෙලා, ඒත් වගේ වගක් නැතුව ඉන්නවා...
    මට පුදුමත් හිතුනා එහෙව් මනුස්සයට අර මිනිහා හේත්තු වෙච්ච එක දැනුනේ කොහොමද කියලා...
    කොහොමින් කොහොම හරි මම වාහනේ ඇතුළට අරගෙන ආපහු හැරිලා බලද්දී ඒ "පොලිස් කාරයා" අර පිරිමි මනුස්සයට කියල එයාගේ ටියුලිප් මල්ලක තිබ්බ ඇඳුම් ටික අපේ සයිට් එකේ ඉස්සරහ දුවිලි ගොඩේ බිමට හලවනවා එකින් එක...
    ඒ මිනිහා එහෙම කලා හෝ නොකලා පොලිස් නිලධාරියා "පොලිස් කාරයෙක්" බවට පත් කරන්න ඒ මොහොත සමත් උනා...

    මට කල්පනා උනේ වෙන දෙයක් නෙමෙයි, වැරදිලාහරි බස් එකකදී ගෑණු කෙනෙක්ගේ ඇඟේ වැදිලා ඒ මනුස්සයා කෑ ගහන්න ගත්තොත් නිවැරද්දේ උනත් අපිත් වැටෙන්නේ මේ මට්ටමටම නේද කියලා...

    ත්‍රිසිංහලේ මායිම් කතන්දරේ අදමයි ඇහුවේ, ස්තුතියි රවී අයියේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      / මට කල්පනා උනේ වෙන දෙයක් නෙමෙයි, වැරදිලාහරි බස් එකකදී ගෑණු කෙනෙක්ගේ ඇඟේ වැදිලා ඒ මනුස්සයා කෑ ගහන්න ගත්තොත් නිවැරද්දේ උනත් අපිත් වැටෙන්නේ මේ මට්ටමටම නේද කියලා… /

      ඔහොම කතාවක් එක පාරක් තිබ්බ ලංකාදීපෙ..හැබැයි ඒකෙ අර පිස්සු හැදෙන සඳ, මෙන්න මිනිස්සු අනම් මනම් කියල යන කතා බොහොමයක් මට හිතෙන්නෙ නිර්මාණය කරපු එව්ව. මේකත් එහෙම එකක්ද නම් දන්නෙ නෑ. ඒත් ඔය බස් එකක ගෑණු කෙනෙක් තරුණයෙකුට දෝස්මුරයක් දාල වැළමිට හරිය පපුවට තද කරනවය කියල. පස්සෙ ඒ තරුණයා " සමාවෙන්න නෝනා මට මේ අතට මොකවත් දැනෙන්නෙ නෑ " කියල ඇඳන් හිටපු අත්දිග කමිසෙ අත උඩට උස්සල පෙන්නුවලු. බලනකොට තනිකරම මුලු අතම කෘත්‍රිම අතක්.

      Delete
  20. රවි, අමර එකේ අජිත් හම්බ උනොත් මතක් කලා කියහං හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මටද කියන්නෙ? හෙහ්...හෙහ්.... මුණවීරව මට හම්බවුනේ නෑ සෙන්ට් මේරීස් එකෙන් ආවත් හරි..දැං හරියටම අවුරුදු හතළිහක්. ...:)

      Delete
  21. රවී අයියේ, අනේ මේ මුවන්පැලැස්සයි, කෝපි කඩෙයි නතර කරලා වෙන එකක් පටන් ගනින්කෝ....

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      හරි හරි තව දෙක තුනක් තියනව රෙඩි පිට..ඉවසල ඉඳහංකො...:)

      එතකල් දෙන්නං පොඩි ට්‍රේලට් එකක් නොහොත් පූර්ව ප්‍රචාරක දර්ශනයක්…A sneak pre-view…OK?...:)

      හුන්නස්ගිරිය කඳු ඉස්මත්ත පසුබිම් කොටගෙන මළහිරු බැසයමින් තිබිණ.සැඳෑ හිරුරැස් වෙනදාට වඩා තීව්‍රවූ රත්පැහැයකින් දිදුලන්නාක් සේ තවමත් නිදිමත පහව නොගිය දෑස් පිසදමමින් එදෙස නෙත් යොමුකල ඔහුට හැඟිණ.

      ඔහු වැතිරහුන් නා, පනා, අඹ, දඹ හා නෙරලු යනාදී නොයෙක් තුරු ලතාදියෙන් ගහන වූ වන ලැහැබ පිහිටි කුඩා කඳුගැටයෙහි පාමුළ සිට ඇරඹී ඈත නෙතට අසුවන මානයෙහි අගිස්සෙහි රූස්ස කුඹුක් ගස් පෙළක් මඟින් මායිම්වන ගුරුගල් ඔයෙහි ඉවුර දක්වා පැතිරෙන මහා වෙල්යාය වසාගනිමින් යන්තමට කළුවර පහත්වන්නට ඇරඹෙමින් තිබිණි.

      වැතිරහුන් ඉරියව්ව වෙනස් නොකොටම උඩුකය මඳක් ඔසවා පහළ නිම්නය දෙස නෙත් යොමුකල ඔහුට දැකගත හැකිවූයේ බිම් කළුවර වැටීමට පළමු තම කාර්යයන් නිමකිරිමෙහි ලා යුහුසුළුව සීසෑමෙහි යෙදී හිඳිනා ගම්වැසියන් කිහිප දෙනෙකි.

      කඳුගැටය පාවුලින් ඇරඹී ඈත කුඹුක් තුරු වැටිය දක්වා පැතිරි දොරගමුව රජමහවිහාරයට කැපවූ මුරුතැන්වෙල නමින් හැඳින්වූ වෙල්යාය සහ ඊට යාබද අදිකාරම් වළව්වට හිමි හැල් කුඹුරුයාය එකතුවූවිට වපසරිය අමුණු 20 කට ආසන්නය.

      වසර අටකටපෙර පසළොස් හැවිරිදි වූ ගැටවර වියෙහි එළිපත්ත මතහිඳි සමයෙහි අදිකාරම් වලව්වෙහි කුඹුරු ලියදි කිහිපයක් මතක ඇති කාලයක සිට අඳයට අස්වැද්දූ තම පියාණන්ද සමඟ උදළු කෙටියක්ද ගෙන කුඹුරු කෙටූ අන්දම සිහිව ඔහුගේ සිතට නැඟ ආයේ සිත් කීරි ගැසීයන තරමේ සංවේගජනක හැඟීමකි.

      Delete
  22. ස්තුතියි රවී

    ReplyDelete
    Replies
    1. Methuu,

      ඔබ පිළිගනිමි!!!

      Delete
  23. අම්මබානකට කනවා තව ඩිංගෙන්

    ReplyDelete
    Replies
    1. ඩබ්. කේ.,

      තව ඩිංගෙං කිව්වෙ?.... තවත් ඉඩ තියනව කන්ඩ....:)

      Delete
  24. දැං කවුද රවී අයියට හේත්තුවා කියල නමක් පටබැන්දෙ. ඕව කැත වැඩ හරිය..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කවුද බං ඒ නසරාණියා?

      Delete
  25. දැන් ඔය පරණ පාලම කාර් පාර්ක් එකක්නේ හිටං.වාහන යන්නේ අලුත් පාරෙන් ඔක්කොම.

    භේරිවාදකනම් නොකා බේරුණා.රවීයියාට මක් වේවිද ?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...