Tuesday, March 8, 2016

396. පුවක් එෂැණිං - 8 - AIDS, Viagra, Security Guards & PHD



මේ වසරේ වයිද්දිය විද්දියාව පිළිබඳ නොබෙල් තියාගය සී ලංකාවේ අකාල කාරියවනසං ගරු අජ්ජාපන ඇමටිටුමාට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව නොබෙල් තියාග කමිටු ආරංචි මාර්ග හෙලිකරයි. ඒඩ්ස් වයිරස ආසාදිත මවකගේ ඇකයේ හිඳින දරුවෙකුට ඒඩ්ස් වැලඳිය හැකි බවට එතුමා කල මහාර්ඝ සොයාගැනීම වෙනුවෙන් මේ ත්‍යාගය මෙසේ ලැබීමට නියමිතය.

වයිද්දිය විද්දියාව සම්බන්දව මෙවන් නවතම සොයාගැනීමක් කල රනිල්තුමාගේ ඇමැටි මණ්ඩලයේ පළමුවැන්නා මේ කාරියවනසං ඇමටි ටුමා නොවන බවද මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන අගමැටි කාර්යාලයේ ප්‍රවෘත්ති අන්සය පවසයි. 

මීට මාස කීපයකට පෙර රනිල්ගේ තවත් ඇමැටිවරයෙක් විසේස බෙහෙත් පෙත්තක් මාත්‍රාව වැඩිපුර ගෙන ( පෙත්ත වැඩිපුර ගත්විට ආතල් එක වැඩිවියයුතුයයි එටුමාගේ ටිකිරි මොලේට කල්පනා වන්නට ඇත.) මහ ජංජාලයකට මූණ දුන්නේය. එතුමාගේ පර්යේෂණයේ ප්‍රතිපල කොපමන සාර්තක වූයේද යත් එම ප්‍රතිපලය සාමාන්ය ප්‍රමාණයට ආපසු බැස්සවීමට ලේ ආපසු පොම්ප කරන්නට වූ බව තතුදත් ආරංචි මාර්ග පවසයි. 

මිනිස් ඉතිහාසයේ ආරම්බයේ සිට කර්තව්‍යයන් දෙකකට පමණක් භාවිතා වූ අවයවයක් මඟින් කල හැකි තවත් කර්තව්‍යයන් දෙකක් සොයා ගැනීමේ ගෞරවය ඒ ඇමැටි ටුමාට හිමිවිය යුතු බව විද්වතුංගේ විස්වාසයයි. මදුරු දැලක් රැඳවීමට ආධාරකයක් ලෙස සහ සේලයින් බෝතලයක් එල්ලිය හැකි ආධාරකයක් ලෙස අදාල අවයවය කිසිදු අපහසුවකින් තොරව ප්‍රයෝජනයට ගත හැකිබව එටුමා ප්‍රායෝගිකව ඔප්පු කොට පෙන්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ සාක්සි දරති.


ටං...ටිං...ටුං..........


මේ අතර නිවේදනයක් නිකුත් කරන අගමැටි කාර්යාලය පවසන්නේ ගරු අජ්ජාපන ඇමටිතුමා පළමුවන ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමට කැමති පාසල් පිළිබඳ සොයාබලන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දී ඇති බවයි. 

"දැන් මේ හැමෝම කතාවෙන්නෙ අර කුලියාපිටියෙ ළමය ගැන. ඒ ළමයගෙ ප්‍රශ්නෙත් විසඳන්න ඕන තමයි. ඒත් ඔය හැමෝටම අමතක වෙලා ඊට කලින් විසඳන්න ඕන බරපතල ප්‍රශ්නයක් තියනව කියල. අපේ ගරු අජ්ජාපන ඇමටි ටුමාව අපහු ඉස්කෝලෙ යවන එක. දැං කාලෙකට ඉස්සර ඉස්කෝලවල තිබ්බ පහළ බාලාංසෙ කියල එකක්. අන්න ඒක තිබ්බනං අජ්ජාපන ඇමැටිතුමා එතෙන්ට ටක්කෙටම ගැලපෙනව. ඒත් එහෙම පහල බාලාංසයක් දැං නැති හින්ද පළවෙනි ශ්‍රේනියටවත් යවන්ට බලමු." අගමැටිතුමා එසේ ප්‍රකාසකල බව අගමැටි කාර්යාලයේ ප්‍රකාසකයෙක් පැවසීය.


ටං...ටිං...ටුං..........


සී ලංකාවේ සිදුවන අකටයුතුකම් වලින් නොම්බර එකේ අකටයුත්ත සොයාගැනීමට රජය සමත්වෙයි. නිදහස් චතුරස්‍රයේ ඉඳ පෙම් කිරීමට ජෝඩු වලට ඉඩ නොදීමෙන් රටේ ආර්තිකය යලි ගොඩ නැඟීමට මෙන්ම විදේස සේවය ප්‍රතිසංවිදානය කිරීමටද දැඩි බලපෑමක් එල්ලවන බව විදේස කටයුතු නියෝජ්ජිය ඇමැටි ආචාර්ය හර්ස ද සිල්වා මහතා ප්‍රකාස කලේය. සී ලංකා විදේස සේවය ටෝටලි  ප්‍රතිසංවිදානය කොට ටිප් ටොප් එකට කටයුතු කිරීමට සලස්වා විදේස අමාට්ටියන්සයේ සනීප පුටුවක වැතිරී විවේක සුවයෙන් පසුවූ එතුමා පෙංවතුංහට නිදහස් චතුරස්‍රයේ සිකුරිටි අන්සයෙන් සිදුවූ අකටයුත්ත අසා දන්ඩෙන් පහර ලත් නා රජකු මෙන් කිපී චක්කර ලේකනයද වහාම සොයාගෙන නිදහස් චතුරස්‍රයට ගොස් කැමරා කාරයින්ද ඉදිරිපිට සිකියුරිටි කාරයන්ට ඇට්ටි හැලෙන්නට දුන්නේ හතර අතට නෙලන හනුමකුසේය.

සිකියුරිටි කාරයින් කල මේ මහා අපරාදය පිලිබඳව වහාම කිරියාත්මකවී සොයා බලා උංට මුලු රටම ඉදිරියේ සත්තම දැමීම පිළිබඳව නිදහස් චතුරස්‍රයේ පෙං කරන පෙංවතුංගේ සංගොමේ ඇමටිටුමාට තම හුර්දයාංගම ඉස්තූතිය පල කර සිටී. මිං ඉදිරියට මෙවං සියලු උද්ගෝසන ගැන ආරංචිවූ සැනින් එහි ගොස් රටටම පේන පරිදි ඒවා විසඳාලීමට පී.එච්.ඩී නාමදාරී ගරු නියෝජ්ජිය විදේස ඇමටිතුමාගේ ප්‍රදානත්වයෙන් විසේස ක්සනික විසදුං බලකායක්ද පිහිටුවා ඇත.


ටං...ටිං...ටුං..........


PS -You know what they say …..that PHD stands for Permanently Head Damaged….I thought it was a joke…UNTIL NOW

37 comments:

  1. ඇමැති විතරක් නෙවේ ගොඩක් අධ්‍යාපන බලධාරීන්වත් ආපහු පාසල් යවන්න ඔ්නේ. මොකද බහුතරයක් පාසල් වල අයිස් ගගහ ඉන්න උන් තමා ඉහළට යන්නේ. පොතේ කියල තියෙන දේ ඔහේ වමාරනවා මිසක හරියට ප්‍රායෝගිකව වැඩක් කරන්න දන්නේ නෑ. වැඩ කරන මිනිහාටත් එපා කරවනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඇත්ත කතාව...මේ රටේ ඉතිං වැඩ කෙරෙන්නෙ එහෙම තමයි....:)

      Delete
  2. අතන හර්ෂ ය නටපු නාඩගම නං පට්ට පදිරි.
    අන්තිම ලොල් සහගතයි. ඒ මදිවට අරුං බෝඩ් කෑලි ගහං එතන පිකට් කලාට පේමවන්තයන් එතෙන්ට එන එකටත් කෙලින්ට හදන්නෙ.

    හර්ෂය ඇත්තටම පොරක් නං කරන්න තිබ්බෙ අර සික්කලගෙ වැඩ තහනං කරල කනුට්‍රැක් එකටත් කෙලවල දාන එක නෙවෙයි.

    ඌ නං පට්ට පජාතයි
    ඊට එහා අකිලය

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      රඟපාන්ට ගියාම තමං කවුද කියල අමතකවෙන එක ස්වාභාවිකයි. ඒත් හර්ෂ ගැන මම හිතාගෙන හිටියෙ බෙල්ල උඩ ඔලුවක් සහ ඔලුව ඇතුලෙ යමක් තියෙන මිනිහෙක් විදිහට. විරාජ් ගැනනං මගෙ එහෙම තක්සේරුවක් නොතිබ්බ නිසා අවුලක් නෑ. ඒත් මම කවදාවත් හිතුවෙ නෑ හර්ෂ මෙහෙම ගොන් පාට් එකක් රඟපායි කියල

      Delete
  3. කියලා තියෙනවා රෙදි ගැලවෙන්න...........ජය

    ReplyDelete
  4. http://lankaenews.com/news/3647/si

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඊ නිව්ස් එකේ ඒ ප්‍රවෘත්තිය උනත් ඒක පාර්ශ්විකයිනෙ. ග්‍රාමසේවකගෙනුයි ගමේ මිනිස්සුන්ගෙනුයි විතරයි විස්තර අහන්නෙ.ප්‍රශ්නෙ අනික් පාර්ශ්වයෙන් අහන්නෙ නැතුව මෙහෙම ප්‍රවෘත්ති පලකරන එක සාධාරණ නෑ නේද?

      අනික කලින් කිව්වෙ ළමයට ඒඩ්ස් තියන හින්ද ඉස්කෝලෙට ගන්ට බෑ කියලනෙ. දැං කියන්නෙ වෙන කතාවක්නෙ. මම කියන්නෙ නෑ ගමේ මිනිස්සු කියන කතා තනිකරම බොරු කියල. ඒ අම්මයි ළමයයි ඔය කියන විදිහෙ අය වෙන්නත් පුලුවන්.ඒත් එහෙම කියල ඒ ළමයගෙ අධ්‍යාපනය අහිමි කරන එක සාධාරණද?

      Delete
    2. hariyata hari. ඉනිව්ස් කතාව අන්තිම අසාධාරණ එකක්. අම්ම එහෙම වුණා කියමු. ළමය පලි නැහැ ඒවාට. ඒ ලිපියේ කියනවා ළමයත් දඟයි ලු..

      Delete
  5. පුවක් එෂැණිං එපා

    ReplyDelete
    Replies
    1. අටම්,

      අදාල අනෙක් සුදුසුකම් තිබේනම් වයස නොසළකා ඔබේ ඉල්ලිම ඉටුකිරීමට සළකා බැලීමට සටහන් කර ගතිමි.

      Delete
  6. තරහ එනවා තමා.. මක්ක කොරන්නෙයි? මීට වඩා කේස් එලියට ඇදෙන්න දීල බෑ නෙ.. ඔහෙලා එව්ව ලියන්න ගත්තොත් එහෙම.. ඒ නිසා මේව හොඳා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඔබටත් ජයවේවා!!!

      Delete
  7. මල කෙලියක් තමා වෙන්නේ. ත්‍රිවිධ හමුදා කඳවුරුවල ඉන්න සෙබල සෙබලියන්, වෙන වෙනම නිවස්න වල තැබීම වැරදියි, වහාම උන්ට එකම නිවස්නයේ ඉන්න දෙන්න කියලා, හමුදා කඳවුරු වලට කඩා පැනලා, හර්ෂ තුමා කියයි ද දන්නෑ. මෙතෙක් කල්, උන්ව වෙන වෙනම තැබීමේ වරදට, එම කඳවුරු වල අණදෙන නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නත් ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. විචා,

      හෙහ් එහෙමත් වෙයිද කියන්න බෑ තමයි...:)

      Delete
  8. ආo ඒ අස්සෙ වැට් ඒකත් වැඩි කොරලා බොලල්ලා...පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් දෙසීය ගානකට පුන්නකු දෙන්න රජයේ ආදායම මදියිලු... ගිය ආණ්ඩුවේ මී හරක් කාපු පුන්නක්කු වල බිලුත් ඇරියස්ලු...

    ReplyDelete
    Replies
    1. ඒ හිතේ අමාරුවට වෙන්න ඇති ඇමටිටුමා චතුරශ්‍රයේ පිස්සු නැටුවේ නෙහ් ?

      Delete
    2. අම්බලං,

      මී හරකා කියල ෆිල්ම් එකක් ආව. ස්වර්ණා හිටියෙ. ප්‍රධාන නලුවට රඟ පෑවෙ මම බොහොම ප්‍රියකරන දක්ෂ නලුවෙක්..නම එන්නෙ නෑ මේ වෙලාවෙ මීටරේට...:)

      Delete
    3. උපේක්ෂා,

      දැක්ක නේද ඩොක්ටර්ගෙ වැඩකිඩ? අම්මප උඹ එහෙම පීඑච්ඩී එකක් කරන්ට හිතාගෙන ඉන්නවනං අතෑරල දාහං ඒ අයිඩියා එක ..හොඳද?

      Delete
    4. මී හරකා.ලිංටන් සේමගේ නළුවගෙ නම.පළාත් සභා මැතිවරණයක් හරි මොකක් හරි තිබුන කාලෙක ෆිල්ම් එක ආවෙ.පොලිටික්කගෙ පෝස්ටරේ ලඟින්ම මීහරකා පෝස්ටරේ ගහල කචල් ගියා.. හෙහ් හෙහ්

      Delete
    5. ගස්,

      ස්තූතියි අන්න හරි..ලින්ටන් සේමගේ තමයි...:)

      Delete
  9. ආයෙ අපෙ ඇ මැටිටුමාල පුරුදු වෙන්න සවුත්තු වෙනවයෑ

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ආය මොනවද? නැද්ද?

      Delete
  10. //මදුරු දැලක් රැඳවීමට ආධාරකයක් ලෙස සහ සේලයින් බෝතලයක් එල්ලිය හැකි ආධාරකයක්// හැක් හැක් ඇයි අලුත් අවුරුද්දට එල්ලේ ගහන්න?

    ReplyDelete
    Replies
    1. උදය,

      එහෙමත් පුලුවන් වෙයි තමයි....:)

      Delete
  11. If you keep your mouth shut you need a cannula insertion.

    ReplyDelete
  12. හැක හැක . මොනවා වුණත් පව් අපි !!!

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      හැමදාම එහෙම තමයි...:)

      Delete
  13. හිනවෙන්නද අඩන්නද කියලාත් යටින් ලියපන් රවී අයියේ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      දෙකෙං මොකක් කරන්නද කියල මටත් තේරුමක් නෑ බං..ඒකයි මොකවත් ලිව්වෙ නැත්තෙ...:(

      Delete
  14. රවි ලියන රටාවට මම වඩා කැමති. මේක වෙන කාගෙදෝ ලියවිල්ලක් වගේ...:(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      හැමදේම කරල බලන්න එපාය බොලේ..එක රටාවකට කොටි වෙන්නෙ නැතුව...හෙහ්,හෙහ්,

      Delete
  15. හැම ආණ්ඩුවකම මෝඩ ආතල් දෙන කෂ්ටියක් තියාගෙන ඉන්නව. ඒ වෙන මොකටවත් නෙවෙයි. යටිං යන බදු වැඩිකිරිලි ආදිය හංග ගන්ඩ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඔබ හරි කියල මටත් හිතෙනව...:)

      Delete
  16. අපි දාන්නේ මේකද?
    http://nelumyaya.com/?p=5368

    ReplyDelete
    Replies
    1. අජිත්,

      26 වෙනිදට තව කල් තියනවනෙ. මට සීයට සීයක් විශ්වාසයි ඊට කලින් අපේ දේසපාලු අම්බරුවෙක් මොකක් හරි ගොං පාට් එකක් දායි කියල. එහෙම උනොත් මීට හොඳ එකක් ලියන්නං...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...