Friday, March 11, 2016

397. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 30 - බෆල් රථ, වංගු කෙලිං කිරීම, "මොනවද මහත්තය කරන්නෙ?" සහ ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.


Buffel - Armoured personnel carrier


"මොකද මිස්? ඔතන කරදරයි වගේ නේද? මෙතෙන්ට එනවද? අපි සීට් මාරු කරගමු."

තුස්නිම්බූත වෙලා මම ඇස් ඇරල පිටිපස්ස හැරිල බැලුව. අප්පට සිරි ගජ...බුරුසු රැවුලකුත් වවා ගත්තු අටේ දහයෙ පොරක් පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන ඉස්සරහට නැවිල මා දිහා කන්ට වගෙ රවාගෙන ඉන්නව.

මගෙ අභ්‍යන්තර සහ බාහිර අවයව ඔක්කොම අකර්මන්‍ය වෙලා ගියේ චංක්ෂණ මාර්ගය ඔස්සේ ඉහළට ගලාගෙන ආපු හීතලකිං පපුවත් එක්ක අයිස් පෙට්ටියක දැම්ම වගෙ කූල් වෙලා යනවත් එක්කම.

බාගෙට ඇරිච්ච කට ක්‍රමයෙන් වහගන්න අතරෙ මම ඔලුව අංසක දෙසීය හැත්තෑවක් හරවල ඈ දිහාවෙ බැලුව. ඊයෙ හවස ඉඳල විරවගෙන හිටපු මූණත්තහඩුව ඔන්න පාට වැටිල. ඈ යටිතොල හපාගෙන කටාක්ෂ නීරික්ෂනයෙන් (දන්නෙ නැති අයට නොහොත් දුහුණන් දැනුම් උදෙසා - කටාක්ෂ නිරීක්ෂණය යනු ඇස් කොණින් බැලීමයි) මදෙස බලා යලි කවුළුවෙන් ඉවත බලා ගත්තීය.යටි තොල දැඩිව සපාගත්වනම පසුවන අයුරු ඇය සිනහව වළක්වාගැන්මෙහිලා දැඩි උත්සාහයක් ගන්නා බව මොනවට කියා පෑවේය.

බස් එක දැං කොණකලගල හරිය පහුකරනව. මේ හරියෙත් මහ විසාල වංගු කීපයක් තියනව. කලිං මම ප්‍රෝග්‍රම් කරල තිබ්බෙ මේ වංගු වලදිත් ඇගේ ඇඟට තෙරපෙන්ඩ. ඒත් මේ හදිසියෙම කඩාපාත්වෙච්චි මරාලෙ හින්ද ඒ වංගුවලදි මම කලේ සීට් එකේ මෙහා කෙළවරටම වෙලා යන්තමට වගෙ නොවැටි එල්ලිලා ඉන්න එක. කොටිම්ම කිව්වොත් පස්චාත් බාගයෙනුත් බාගයයි ඔන්න සීට් එක උඩ තිබ්බෙ.වංගුවෙ උපරිම හරියෙදි ඉස්සරහ පොල්ලත් කිටි කිටියෙ අල්ලගෙන මම උපරිම ඩම් දාල අල්ලගෙන හිටියෙ වැරදිලාවත් තල්ලුවෙලා ගිහිල්ල මාව ඈට තෙරපුනොත් එහෙම අනිවාර්යයෙන් කිසි කතාවක් නැතුව පසු ආසනාරූඪ බුරුසුවාතුමා තෙමේ අම්මගෙං අවුරුදු හතළිහකට එහා බිව්ව කිරි කටිං ආපහු එන්ට මට නෙලන එකත් නෙලන බව සහසුද්දෙම්ම දන්න හින්දයි.

ඔය වංගු පාරවල්වල බස් වලින් ගමනාගමනය කිරීම ගැන අපූරු කතා පොඩ්ඩක් තියනව ඉන්ටලාකො ඒකත් කියලම ඉන්නං එහෙනං...ආය මොකටද? නැද්ද? මේක මගෙ යාලුවෙක් ගැන කතාවක්...ඉස් ඉස්සෙල්ලාම ලංකාවෙ මහා පරිමාණ මාර්ග ඉදිකීරිම් කරන්ට ආපු විදේශීය සමාගම ඇවිල්ල දකුණු කොරියාවෙ කියං නෑම් සමාගම.මට මතක විදිහට කියංනෑම් තමයි සෙත්සිරිපාය එහෙමත් හැදුවෙ.එතකොට මාතලේ ඉඳල දඹුල්ල හරහා හබරණ දක්වා පාර හැදුවෙත් කියංනෑම්.දැං අවුරුදු තිහක් වගෙ වෙලා තාමත් කියංනෑම් ලංකාවෙ වැඩ කරනව මම දන්න විදිහට.

ඉතිං ඔය දඹුල්ල හබරණ පාර කරද්දි දිගම්පතාන හරියෙ මහ විසාල වංගු හතර පහක් හම්බ වෙනව.දිගම්පතාන මතකයිද? යුද්දෙ ගන සැරේට ඇවිලෙද්දි ඔය දිගම්පතානෙදි කොටි බෝම්බ ලොරියක් පුපුරුවල මට මතක විදිහට හමුදා භටයො හැට හැත්තෑවක් ඝාතනය කලා. ඒ දවස්වල දිගම්පතානෙ තිබ්බ ට්‍රාන්සිට් කෑම්ප් එකක්.නිවාඩු ගිහිල්ල ආපහු ත්‍රිකුණාමලය දිහාවෙ රාජකාරිවලට යන හමුදා භටයො ඔය ට්‍රාන්සිට් කෑම්ප් එකට ආවම එතන ඉඳල බෆල් වලින් එහෙම ආරක්ෂාව දීගෙන ආමි ට්‍රක්ස් පෙලක් කොන්වෝයි එකක් විදිහට තමයි ත්‍රිකුණාමලේ එක්ක යන්නෙ. 

බෆල් කියන්නෙ බිම් බෝම්බවලට ඔරොත්තු දෙන භට පිරිස් ප්‍රවාහනය කරන සන්නාහ රථ වර්ගයක්.  (Buffel - armoured personnel carrier) දකුණු අප්‍රිකාව තමයි බෆල් රථයේ නිජබිම. බිම් බෝම්බයකින් වෙන හානිය වලක්ව ගන්ට බෆල් රථවල ටයර් වලට වතුර පුරවනව කියල මම අහල තියනව. මම හිතන්නෙ හමුදා සාමාජිකයින් දහස් ගණනකගෙ ජීවිත බේරෙන්න ඇති ඔය බෆල් රථ හින්ද.

හරි බෆල් ගැන ඒ ඇතිනෙ. යමු මගෙ යාලුවා සහ වංගු පිළිබඳ කතාවට. මිනිහ ටිකක් එක විදිහක මනුස්සය. අර කතාවටත් කියන්නෙ ගෙදරකටවත් එක්ක යන්ට හොඳනැති මිනිහෙක් කියල අන්න ඒ සෑම්පලේ. බස් එහෙකට නඟින්නෙ රබර් ඇහැ දාගෙන කොයි සීට් එකේද තනියම බබලතෙක් ඉන්නෙ කියල බලල අර නීල කොබෙයියා පියාඹගෙන යනව වගෙ ගිහිල්ල එතන ඉඳගන්නව.

ඉතිං එක පාරක් මේ මනුස්සයට මැලේරියාව හැදිල හොඳටම අමාරුවෙලා ගෙදර ගියා. ඔය මැලේරියාව කියන ලෙඩේ හැදුනම ආය ඕනම නෑ. මටත් මැලේරියාව දෙතුන් පාරක් හැදුනා ඒත් මම කොච්චර අමාරු වුනත් ගෙදර ගියේ නෑ. ගෙදර ගිහිල්ල ආය ගෙදර මිනිස්සුන්ට වද දෙන්නෙ අහවල් දේකටද කියල මම කලේ වැලිකන්දෙ ඉස්පිරිතාලෙං මැලේරියා කෝස් එක අරගෙන ඒ දොස්තර නෝනා කිව්ව විදිහට පෙති බීල ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදාගන්න එක. හැබැයි මැලේරියා හැදුනට වඩා අමාරුයි ඒ පෙති බිව්වම. ඒත් මොනව කරන්ටද? ලෙඩේ හොඳ කරගන්ටත් එපාය නැද්ද?

හරි ඉතිං මගෙ යාලුව මැලේරියා හැදිල ගමේ ගියාය කියල මම කිව්වනෙ නේද? මිනිහට කොහොම හරි ගමේ ගියහම තිබ්බට වැඩිය අමාරුවුනා. කොහොමිං කොහොමිං හරි මාසයක්වගෙම ගෙදර ඉන්ට වුනා. ඉතිං ඔන්න මාසයක් ගෙදර ඉඳල මිනිහ ආපහු එනව. ඔය අර මම කලිං කිව්ව කියංනෑම් කොම්පැණිය දඹුල්ල හබරණ පාර හදන කාලෙ. දිගම්පතාන හරියෙ මහ විසාල වංගු කීපයක් තිබුනයි කියලත් මම කිව්වනෙ. 

ඉතිං අපේ කතා නායක තෙමේ එදා බබලතෙක් ගාව තමයි ඉඳගෙන ඇවිල්ල තියෙන්නෙ. ඔය පාරෙ සිය දහස්වාරයක් එහා මෙහා ගිහිල්ල මනුස්සය දන්නව කොතනද පාර කෙලින් කොතනද වංගු තියෙන්නෙ කියල. ඒ හින්ද මිනිහ කරන්නෙ බොරුවට නිදි වගෙ ඇස් පියාගෙන ඉඳල වංගු වලදි තල්ලු වෙලා ගිහිල්ල අර බබලතාගෙ ඇඟට හේත්තුව දාන එක. දෙතුං පාරක් ඒ මනුස්සය රවල බැලුවට අපෙ කථානායක තෙමේ නෙවෙයි එව්ව ගනං ගත්තෙ. 

දැං ඊළඟටත් තියෙන්නෙ හෙණ වංගුවක් කියල මිනිහ දන්න හින්ද ඔන්න කලිම්ම ඇස් දෙක කාරිය එහෙම පියාගෙන සූදානං උනා කියමුකො. වංගුව හරියට එනකොට මිනිහ ගාණට ඇදිල ගිහිල්ල අර බබලතාට හේත්තු වුනා. ඒ පාරනං බබලතා කෝපාවිස්ට උනා. 

"මොකද මහත්තය වෙලා තියෙන්නෙ?" කියල මහ සද්දෙට ඇහුව. 

අපෙ මනුස්සයත් එහෙම අවස්තාවලට මුහුණ දෙන්ට සූදානං පිටනෙ ඉන්නෙ. මේ දැං ඇහැරුනා වගෙ ඇස් දෙක එහෙම ලොකු කරල වට පිට බලල "ආ සමාවෙන්න මට මේ පොඩ්ඩක් නින්ද ගියා. එතන වංගුව හින්ද ඔය පැත්තට පොඩ්ඩක්….."

එච්චරයි මිනිහට කියන්ට හම්බ වෙලා තියෙන්නෙ. " මොන කෙහෙම්මල් වංගුවක්ද මහත්තය? කොහෙ තියන වංගුවක්ද? එතන තිබ්බ වංගුව කෙලින් කරල පාර හදල දැං සති දෙකකටත් වැඩියිනෙ" කියල අර බබලතා කිව්වලු. 

හයියෝ හොදි ඕන නෑ...මේ විස්තරේ අපි දැක්ක කිව්වෙ ඒකාමයි ඊට මාස දෙක තුනකට පස්සෙ ටිකක් වැඩිවෙච්චි වෙලාවක.

ආ..ඔය වගේම තව කතාවක් තියනව..හැබැයි ඒක කියන්ට කලිං සුට්ටං වියාචනයක් තියනව. ඒක කියල ඉන්ටම ඕන. වියාචනය දන්නව නේද? ඩිස්ක්ලේමර්....


වියාචනයයි..

පහත මවිසින් ලියා ප්‍රසිද්ධ කරන්නට යෙදෙන කතාවෙහි කිසිදු චරිතයක් දැනට ජීවත් වන එමෙන්ම  ඉණෙන් පහලට අඳිනා වස්ත්‍රයක නමින් වියුණුවක් පවත්වාගෙන යන කිසිවෙකු හා සම්බන්ධ නොවන අතර එවන් සම්බන්ධයක් පිළිබඳ අදහසක් යම් පාඨකයකු තුල මතුවේනම් ඒ හුදෙක් අහම්බයක් පමනක් බවද මෙසේ සහතික කොට ප්‍රකාශ කර සිටිම්හ.


මේකත් මේ කලිං කියපු කතාව වගේම බස් එකකදි බබලතෙක්ගෙ ඇඟට තල්ලු වෙච්චි සීන් එකක්. මෙතන හැබැයි බබලතා කෑගහන්නෙ මෙහෙම. 

" මොනවද මහත්තය කරන්නෙ? "

එතනදි මහත්තය නින්දෙං ඇහැරිය වගෙ ඇස්දෙක එහෙම පිහ දම දම වටපිට බලනව. අම්මප හතර විලි ලැජ්ජාවයි. බස් එකේ ඔක්කොමල වගෙ මහත්තය දිහා බලාගෙන ඇසුත් ලොකු කරගෙන. ඒත් එකක් තියෙන්නෙ ඒ මහත්තයගෙ කිඩ්නිය හොඳයි. මහත්තය පාවිච්චි කලා කිඩ්නිය. 

"ආ..මම..මේ...දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නනව."

"ආ..ඒක මිසක්..අපි මේ හිතුවෙ.." එහෙම කියල බස් එකේ හිටපු මිනිස්සු ආපහු තම තමංගෙ කතාබස් වලට එලඹුනාලු.

හරි ඒ බොහොම සුට්ටං අතුරු කතා දෙකෙං පස්සෙංපහු ආයම ප්‍රධාන කතාවට. ඉතිං ඔය වෙනකොට බස් එක අලවතුගොඩට කිට්ටුකරල. මම සීට් එකේ මෙහාම කොණට වෙලා යන්තමට එල්ලිලා ඉන්නව. ඈ ජනේලෙ කෙළවරේ. අපි දෙන්න මෙහෙම බොහෝම සීලාචාර විදිහට හිටියට අර පස්සෙ සීට් එකේ බුරුසුවට ඒ මදි. ඌ ඔන්න කියවන්ට ගත්ත බස් එකටම ඇහෙන්ට. මම හිතන්නෙ ඌට වීරය වෙන්ට තිබ්බ චෑන් ස් එකට අපේ උන්දැ අකුල් හෙලුව එක පොරගෙ හිතට හරි ගියෙ නෑ කොහෙත්ම.

ඒ කිව්වෙ "මිස් ඔතන කරදරයිනේද? එන්ට මෙතෙන්ට" කිව්වම අපෙ උන්දැ අඩුගානෙ "නෑ බොහොම ස්තූතියි මට මෙතන හොඳයි" කියල වත් කිව්වෙ නෑනෙ. මෙතන හොඳයි ...ඔන්න තව සුට්ටං කතාවක්.. ඒකත් කියලම ඉම්මුකො. ආය මොකෝ හදිස්සියක්ය කියලය නැද්ද? ඔය මයෙ පාටකයො බොහොමයක් දෙනෙක් මේ කතන්ද ර කියවන්නෙ ඔෆිස් එකේදිනෙ. නැද්ද? ඉතිං ආය අහවල් හදිස්සියද්ද? නැද්ද? අපිත් ඔය ඔෆිස් වලිං රාජකාරි කරව ගන්ට ගිහිල්ල නැති එකක්ය. අපි නොදන්න රාජකාරි. නැද්ද?

මේ කතාව ඇල්බට් අයිය ගැන, ඇල්බට් අයිය හවස් වෙනකොට කොහොමත් බාගයක් වගෙ වෙන්ට ගහල අප්පමාදෝ අමර පදං වෙලයි ඉන්නෙ. ගමට යන අන්තිම බස් එක ගුඩ්ස්ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකෙං (ගුඩ්ස්ෂෙඩ් කියන්නෙ නුවර ස්ටේෂන් එක ගාව තියන බස් ස්ටෑන්ඩ් එක) අදින්නෙ අටට. ඇල්බට් අයිය අන්තිම මොහොතෙ එහා මෙහාට වැනි වැනි ඇවිල්ල බස් එකට ගොඩවුනා. ඊට පස්සෙ ගිහිල්ල ඉස්සරහම තියන හාමුදුරු සීට් එකට හේත්තු වුනා.

ඒ සීට් එකේ හිටියෙ පංසලේ ලොකු හාමුදුරුවො. බැරිවෙලාවත් පංසල පැත්ත පළාතෙ එන්නෙ නැති හින්ද හාන්දුරුවො හිටියෙ ඇල්බට් අයිය එක්ක එච්චරම හිත හොඳකිං නෙවෙයි. බස් එක ඔන්න යන්ට පිටත් වුනා කියමුකො. වංගු වලදි ඇල්බට් අයිය පැද්දිල ගිහිල්ල හාමුදුරුවන්ට හේත්තු වෙනව. ආයම ඔන්න "අවසර සමාවෙන්ට ඕමනයි" කියල බැරි බැරි ගාතෙ කෙලින් වෙලා උඩ පොල්ල අල්ලගන්නව. ආයෙම වංගුවකදි අර සන්තෑසියම තමයි. 

ආයම විඩයක් ඔන්න ඇල්බට් අයිය රූං ගාල පැද්දිල ඇවිල්ල හාමුදුරුවංගෙ කර උඩම නතර උනා. ඒ පාර නං ඔන්න හාමුදුරුවන්ට ඉන්නෙ කොහෙද කියලත් අමතක වුනා. 

"ආ..උපාසක මහත්තය...නඟිනව නඟිනව මගෙ ඔලුව උඩටම" එතුමා මහ හයියෙං කෑගැහුව.

ඒ ගෝරනාඩුවට ඔන්න ඇල්බට් අයියට ඇහැරුනා. ඇහැරුනාට හාංදුරුවො මොකක් කිව්වද කියල ඇල්බට් අයියට හරි හමං නිච්චියක් නෑ. 

" අවසර අපෙ හාන්දුන්නේ...ඔබ තුමා මට මොකවත් කිව්ව එහෙමද?" ඇල්බට් අයිය බොහොම යටහත් පහත්ව ඇහුව..

"කිව්ව නේන්නං, කිව්ව නේන්නං..මම කිව්වෙ තමුංට මගෙ කර උඩ ඉන්නෙ මොකටද? ඔලුව උඩටම නැග්ගනං ඉවරනෙ කියල."

ඇල්බට් අයිය තුං හතර පාරක් වේගයෙං ඇසි පිය ගැහුව. ඊට පස්සෙ ඇස් හීං කරල හාමුදුරුවංගෙ තට්ටෙ දිහාවෙ බැලුව. ඒ කරල කොන්ද නමල හාංදුරුවංට වැන්ද.ඊට පස්සෙ මෙහෙම කිව්ව.

"බොහොම ඉස්තූතියි අපෙ හාන්දුන්නේ ආරාදනාවට ...මට මෙතන හොඳා….. ඔතන ලිස්සංට ඇහැකි. අද අනික දන්නෙ නැද්ද මම ටිකක් වැඩියෙං අරගෙන තියෙන්නෙ. අද බෑ..වෙන දවසක බලමු."

වැදගත් - අද කාලෙ ඉන්න බහුතරයක් බුද්ද පුත්තරයිං වගෙ නෙවෙයි උං වහංසෙගෙ තිබ්බෙ තට්ටෙ.

බස් එකේ යද්දි කවදාවත් මම ඔය හාමුදුරු සීට් එකේ ඉඳගන්නෙ නං නෑ. හාමුදුරු සීට් එක විතරක් හිස්ව තිබුනත් මම ඉඳගන්නෙ නම් නෑ හිටගෙන යනව මිසක. මම එහෙම කරන්නෙ හාමුදුරු සීට් එකේ ඉඳගෙන ඉඳල හාමුදුරුකෙනෙක් නැග්ගොත් මට සීට් එක දෙන්ට වෙන හින්ද. මගෙ හිතට එකඟව මට ඒක කරන්ට බෑ. හාංදුරු ගොල්ලංට බැරියර් පෙරලගෙන ඉදිරියට වඩින්ට පුලුවන් නං, පොලීසියත් එක්ක හරි හරියට ගුස්ති අල්ලන්ට පුලුවන්නං, තාප්ප උඩ නඟින්ට පුලුවන්නං, උසාවිවල නඩු අහද්දි කඩාගෙන පැනල රාජකාරියට බාදා කරන්ට පුලුවන්නං,බස් එකක උඩ පොල්ල අල්ලගෙන හිටගෙන වඩින්ට බැරිකමක් තියෙන්ට විදිහක් නෑනෙ. ගිහියො කරන ඔය හැමදේමත් කරනව නං සමහර ගිහියොත් නොකරන දේවල් හිටං කරනව නං ඇයි අපි හාංදුරුවො ගිහියන්ට වඩා උසස්ය කියල හිතල ඒ ගරු සැලකිලි කරන්ට ඕන? මට තියන ගැටලුව ඔන්න ඕකයි.

මේ ආණ්ඩුව වෙන මොනයම්ම දෙයක් නොකලත් කමක් නෑ අර නානසාර දවසකට හරි හිරේ ඇරපු එක මට ඇති ඊලඟ ඡන්දෙදිත් කතිරෙ ගහන්ට.....හෙහ්,හෙහ් මේ ඇත්තම ඇත්ත.

හරි දැං ආයම යමු ප්‍රධාන කතාවට. මේ වෙද්දි අර බුරුසුවට හප්පියට තදවෙලා. පිටිපස්සට වෙලා ඔහේ කියවනව.

"හුහ්, දැං කාලෙ හරි වරැද්ද කතා කරන අපියි මෝඩයො...කිසිම දෙයක් නොදැක්ක වගෙ ඔය ඕන කෙහෙම්මලක් කියල කට වහගෙන ඉන්නෙ නැතුව අපිත් කරන ගොංකම්" ඔන්න ඔහොම කියවනව ඇස් දෙකත් ලොකු කරගෙන. 

එතනම එහා පැත්තෙ ඉන්න ගෑණු මනුස්සය ඒකට උල්පංදං දෙනව ඔලුවත් හොල්ල හොල්ල.."හ්ම්..හ්ම්… එහෙනං එහෙනං"

බුරුස් තෙමේ තවත් ෆෝම් වෙනව. "රටේ අද වෙලා තියෙන්නෙ ඕකනෙ. හරි වැරැද්දක් අසාදාරනයක් අයුක්තියක් ගැන කතා කරන්ට බෑ"

මේක හරියන පාටක් නෑ. මම ඈ දිහා හොරෙං බලුව. ඈත් එතකොටම මා දිහා බැලුව..කොහොමද ඈ බැලුවෙ? මතකනෙ.....කටාක්ෂ නිරීක්ෂනයෙන්...මම ඇහෙං කිව්ව උඩ රාක්කෙ තියන බෑග් එකත් අරගෙන බහිමු කියල...දැං බස් එක අලවතුගොඩ ටවුන් එකේ බෝගහ ගාව නතර කරන්ටයි යන්නෙ. මම නැඟිටල උඩ රාක්කෙං අපෙ බෑග් එක ගත්ත. බුරුස් දිහාවෙ නොබලම බස් එකේ සෙනඟ පීරාගෙන ඇවිල්ල බැස්ස. ඈත් මගෙ පස්සෙං ආව තොල හපාගෙන හිනහව තද කරගෙන.

බස් එකෙං බහිනකොටත් බුරුස් ගෙ කෑගැහිල්ල අපි පස්සෙං ආව බස් එකෙං එළියටත්. "අම්මප මෙව්වට කතාකරන අපියි රට ගොන්නු. ඔය පේන්නෙ නැද්ද දෙන්නත් එක්කම බැහැපු අපූරුව."

බස් එක පිටත් උනා විතරයි ඇගෙයි මගෙයි මෙච්චර වෙලා වදෙං පොරෙං තොල හපාගෙන ගිලගෙන හිටපු හිනාව පිපිරුනෙ එකම වෙලාවට. බෝගහ යට හෝල්ට් එකේ මිනිස්සු අපි දිහාවෙ කන්ට වගෙ බලා ඉද්දි අපි දෙන්න එතනිං ටිකක් එකාට දිව්ව හිනා වෙවීම.

පලි - ගෙදර ගිහිල්ල අපි දෙන්නම කතාකලා ඉස්සෙල්ලාම පැල්වෙහෙර එක්ක. මිනිහ කැමතිවුනා අප්පච්චිගෙං සමාව ගන්ට. අප්පච්චිත් කැමතිවුනා අර ගේට්ටුවෙ එල්ලපු දැන්වීම් පුවරුව ගලවල දාන්ට. ඉක්බිතිසියල්ලෝම සතුටින් ජීවත් වූහ. ඒ පොත කියවල තියනවද? සුගතපාල ද සිල්වා මහත්මය තමන්ගෙ ජීවිතය ඇසුරින් ලියපු බොහොම අපූරු පොතක්....

පපලි - නරකම නෑ නේද ඇගේ උපන්දිනේට ලියන්ට ගත්තු අතීතාවර්ජනේ හරියටම මාස තුනක් ගිහිල්ලයි ලියල ඉවර කලේ. එහෙම තමයි එව්වයෙ හැටි.සිතුදේ නොම වේ.නොසිතු දෙයක් වේ.ලෝදම් කැරකෙනවා. හෙහ්,හෙහ්,..එක අතකිං බැලුවම මදැයි ඔයිං ගියා...

104 comments:

  1. අපසාදෙ. මගේ සිතුම් පැතුම් බොඳවී ගියා. අර ගෙදර ගෙහුං කොරාපු හරිය නිකංම දොහ් ගාලා කියලනේ . නරකද දැංවත් අර අතරමං වෙච්චි ගෑනු පරාන දෙක තුන ගැන බැලුවනං.

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිය අර මේසෙ උඩ දුක් විඳින DD බෝතලේ ගැන විශේෂයෙන් බලන්න ඕන.

      Delete
    2. සුරංග,

       / අර ගෙදර ගෙහුං කොරාපු හරිය නිකංම දොහ් ගාලා කියලනේ . /

      ගෙදර ගිහිල්ල දෙපාර්ශ්වය එක්ක සාම සාකච්ඡා කරල වැඩේ ෂේප් කරල දැම්ම මිසක කිවයුතු තරම් දෙයක් උනේ නෑ. කොහොමත් ඒ වෙනකොට දෙපාර්ශ්වයම යම් සමඟි සන්ධානයකට එන්ට කැමත්තෙං හිටපු හින්ද කිසිම අපහසුවකින් තොරව ඒ වැඩේ කෙරුනා.

      / නරකද දැංවත් අර අතරමං වෙච්චි ගෑනු පරාන දෙක තුන ගැන බැලුවනං. /

      හරි හරි දැං ඒ ගැන බලමු...අසෝකා නංගිට මොකක් වෙලාද කියල මතකත් නෑ....:)

      Delete
    3. ප්‍රසන්න,

      හරි හරි බං ඉඳිං ටිකක් ඉවසල...අසෝක ගැන ලියනව කියන්නෙ ඩී.ඩී. බෝතලේ ගැනත් ලියවෙනව ඉබේම....:)

      Delete
  2. අප්පා ඔය මැලේරියා පෙති බොන එක නම්, ඉඳල ඕනෙ නෑ.
    තාමත් මැලේරියාවට ඒ බෙහෙතමද දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. Ano,

      / තාමත් මැලේරියාවට ඒ බෙහෙතමද දෙන්නෙ? /

      ඒක නම් නොදනිමි...බොහෝවිට ඒ ටැබ්ලට්ස්ම වෙන්නැති.මට එව්වයෙ නම මතක නෑ.

      මැලේරියා බහුල පළාතක මම අන්තිමට වැඩකලේ 1991 අවුරුද්දෙ. ඒත් මේ 2009 අවුරුද්දෙ මම ලේ දුන්න ලේ දන්දීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා. ඒ පාර දවස් තුනකින් මට ඒ රෝහලෙන් දැනුම් දුන්න මගෙ ලේ වල මැලේරියා පරපෝෂිතයින් ඉන්නවයි කියල ඇවිල්ල බෙහෙත් ගන්ට කියල. ඒ පාර ඒ කියපු විදිහට කලා. ඊට පස්සෙ තුන් හතර පාරක් ලේ දුන්න අවුලක් වුනේ නෑ.

      Delete
    2. අම්බලං,

      අන්න හරි ක්ලෝරොක්වීන් තමයි

      Delete
    3. ඒ උනාට ටොනික් දාල ශැන්ඩි කරනකොට අමාරු නෑනෙහ්?
      https://en.wikipedia.org/wiki/Tonic_water

      Delete
  3. අප්පේ හරියට පබා ඉවර උනා වගෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්...එහෙමද හිතෙන්නෙ?...:)

      Delete
  4. //බෆල් කියන්නෙ බිම් බෝම්බවලට ඔරොත්තු දෙන භට පිරිස් ප්‍රවාහනය කරන සන්නාහ රථ වර්ගයක්.//
    ඔන්න දැන් අර ආමි උන තියන ලියන්නා මේක දැක්ක ගමන් එයා ඒ බෆල් රථවල ගිහිල්ලා බිම් බෝම්බ වලින් බේරුනා කියලා කියයි

    ReplyDelete
    Replies
    1. තට්ට කන්නාඩි පොළඟා තමයි බෆල් ගැන ලියන්න නියම වැඩකාරයා

      Delete
    2. ඇනෝ,

      මට දැනගන්ට ලැබුනා තවමත් ඒ බෆල් රථ පාවිච්චි කරන්නෙ දකුණු අප්‍රිකාවෙ සහ ලංකාවෙ පමණයි කියල

      Delete
    3. ආමි උන තියන ලියන්නා හිටපු හමුදා කණ්ඩායම්වලට එයත් හිටියද

      Delete
    4. අපේ කොල්ලො ඔය බස්,ලොරි මොඩිෆයි කොරල අපට ඕනෙ බෆල් හදාගත්තයි කියලනෙ කියන්නෙ

      Delete
    5. තට්ට කන්නාඩි පොළඟා මීට පස්සේ තකපො TKP

      Delete
    6. @රවි,

      දන්න තරමින් දැන්නං දකුණු අප්‍රිකාවෙ බෆල් පාවිච්චියෙන් අහක් කරලයි තියෙන්නෙ.. දැන් එයාලා පාවිච්චි කරන්නෙ මාම්බා..

      ලංකාවෙත් බෆල් එකෙන් ආභාෂය අරන් යුනිකෝන්/ යුනිබෆල් හදන්ට පට්ටාං අරන් දැන් සෑහෙන කාලයක් නෙව..

      Delete
    7. සැරසන්, සැල්ඩින් දැන් තියෙනවා කටුගෙවල එහෙම..

      Delete
    8. http://www.milweb.net/classifieds.php?type=1

      Delete
    9. බූරා සහ ප්‍රා,

      1971 අප්‍රේල් කැරැල්ල කාලෙ කෑගල්ලෙ නගර ශාලාවෙ තාවකාලික හමුදා කඳවුරක් දාල තිබ්බ. මට මතක විදිහට මාස තුනක් වගෙ ඒ කඳවුර තිබ්බ. අපේ ගෙවල් වලට යන්නෙ ඒ කඳවුර අසලින් වැටිල තිබ්බෙ පාරෙ. ඒ හින්ද යුද්ධ ටැංකි, ආමඩ් කාර්ස් එහෙම නිතරම මට දකින්නට ලැබුන. ගෙදර ඇවිල්ල මම ඒ මම දැක්ක දේවල් කොලවල ඇන්ද.

      අප්පච්චි ඕක දැකල හාෆ් ෂීට් පිටු විස්සක් තිහක් එකට බැඳල මට පොතක් හදල දුන්න. ඒකෙ මම ඔය දැක්ක යුද්ද ටැංකි, හෙලිකොප්ටර් එහෙම ඔක්කොම ඇන්ද. අපේ මහ ගෙදර තාමත් ඇති බොහෝවිට. හොයල බලන්ට ඕන. ඒ දවස්වල ඒ මම ඇන්දෙ සැලඩින් ආමඩ් කාර් කියල මම දැනගත්තෙ පස්සෙ කාලෙක.

      Delete
    10. හෙහ් හෙහ්, ඒ කාලේ අපි කැරලි කාරයෝ. අපේ තාත්තා මගේ කණ පළලා ගෙදර අරන් ගිය නිසා ජීවිතේ බේරුණා. යාළුවො ගොඩක් මැරුණා.

      ඒ කාලේ ඔය නගර ශාලා කෑම්ප් එකේ හිටියේ එවකට මේජර්, පසුව ජෙනරල් වී විශ්‍රාම ගිය සිරිල් රණතුංග.

      දකුණු අප්‍රිකාව බෆල් එක සම්පූරණයෙන් අතහැර නැහැ. මම්බා එකේ වේගය වැඩි නිසා ඒක වැඩිපුර පාවිච්චි කරනවා.

      මේ තියෙන්නේ ඔය මම්බා කියන ගෙම්බා

      අපේ හමුදාවට අයත් විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන්, ලංකාවේදීම හැදුවා යුනිකෝන් කියන armoured personnel carrier එක. එය ඉතා සාර්ථකව ඊලාම් යුද්ධයෙදී යොදාගත්තා.

      මේ තියෙන්නේ ඒක

      බෆල් වල ටයර් වලට වතුර පුරවනවා නෙවෙයි, මේ වාහනයේ පතුල බෝම්බ වලට ඔරොත්තු දෙන්න V හැඩයට හදා තියෙන්නේ. V අකුරේ උඩ පැත්තේ හරහට තහඩුවක් ගහලා, වාහනයේ පතුල හදලා තියෙන්නේ. අර හිස් කුහරයට ඇලුමිනියම් තහඩු සවිකරලා පිරිසිදු කරලා, වතුර පුරවාගෙන යනවා. ලීටර් 500 ක් විතර. ඒවා හොඳ පානීය ජලය. කොහොමද ටිකිරි මොළේ?

      Delete
    11. ස්තූතියි විචා..විස්තරේට...:)

      Delete
  5. //එමෙන්ම තමන්ට හිමි ඉණෙන් පහලට අඳිනා වස්ත්‍රයක නමින් වියුණුවක් පවත්වාගෙන යන කිසිවෙකු හා සම්බන්ධ නොවන අතර

    මේ අර 'ඩෙනිම' වෙන්න බැහැ නෙහ්.....??

    ReplyDelete
    Replies
    1. //ලෝදම් කැරකෙනවා
      කැරකෙන්නේ ලොදම්ද.. මගේ ඔලුවද කියලයි මම කම්පනා කොලේ....

      Delete
    2. වෙනේකක් තියේ කියල ෂුවර්ද
      හැක්

      Delete
    3. උපේක්ෂා,

      / මේ අර 'ඩෙනිම' වෙන්න බැහැ නෙහ්.....?? /

      ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ..යකෝ වියාචනයක් දාලත් මෙවුංගෙං බේරෙන්ට බැරි හැටි. තීන්ත වේලී නැත කතාව වගෙ තමයි.

      අනික එහෙම බලනවනං ඉණෙං පහලට අඳින වස්ත්‍ර වල නමින් බ්ලොග් තියෙන්නෙ ඩෙනිම විතරද? ඇයි Transylvania කියන්නෙ රුසියාවෙ ඔය කොහෙද පලාතක ඉනෙං පහලට අඳින සායක් වගෙ ඇඳුමක්නෙ...:)

      Delete
    4. ඒක වෙන්න බෑ බංස්ලා. මොකද මේ මටත් තියෙනවා ඩෙනිම් ෂර්ට් එකක් දෙකක් සහ ඩෙනිම් කැප් එකකුත්.

      Delete
  6. ඇයි අප්පේ අර වෙලාවෙ ඔය පැත්තකට වෙලා තොල්පට හපාගෙන බැරිමර ගාතෙ හිනාව කාගෙන විකාගෙන ගිලගෙන හිටිය නෝන මහත්තැං පොඩ්ඩක් මොනා නරි කීව නංඉවරනෙ.. අර උන්දැගෙ කට විතරක් නෙවී අනික්වත් වැහෙනව
    හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      පිස්සුද බං මොනව කියන්ටද?...හිනාව ගිලගෙන හිටියට ඒ අම්මන්ඩි ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ මර බයෙං..අර පිටිපස්ස සීට් එකේ බුරුසුව මට පෝරියල් එක දෙයි කියල...

      Delete
  7. අංතිම ජුංඩ අධිවේගෙං ලියා තිබීම ගැන දැඩි විරෝධය!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පච්චිගේ කතා සහ ප්‍රතිචාර තව ටිකක් අහන්න තිබුන නම් හොඳයි. එතකොට රවීගේ කාර්යබාරය මෙතන ප්‍රියම්බිකා තොමොගේ tail end වෙන එක විතරයි වගේ. අය්යෝ පොඩ්ඩක් කවුරු හරි සද්දයක් දාපු ගමන් බයයි නේ මේ රවී. පැල්වෙහෙරව කොහේ confront කරන්නද. හි හී.

      Delete
    2. ඩ්‍රැකී සහ ඇනෝ,

      ඔය ඇති කියල හිතුන බොලව්....:)

      Delete
    3. \\\ අංතිම ජුංඩ අධිවේගෙං ලියා තිබීම ගැන දැඩි විරෝධය!!! ///

      මගෙත් බලවත් විරෝධය...

      Delete
  8. අර මැලේරියා හැදුනු, වංගු නොදන්න එක්කෙනා යනු Ravi නම් මම් ම වේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අනේ නෑ මම නෙවෙයි...:)

      Delete
  9. /ගුඩ්ස්ෂෙඩ් කියන්නෙ නුවර ස්ටේෂන් එක ගාව තියන බස් ස්ටෑන්ඩ් එක/

    නුවර පැත්තෙ පොරක් දවසක් කොටුවෙ ඇවිත් කෝල් එකක් දෙනව, "මං දැං බෝගහ ගාව ගුඩ්ස්ෂෙඩ් එකේ ඉන්නෙ" කියල...

    ඔය නම හැදිලතියෙන්නෙ කොහොමද? යහපත් එ‍ඬේරා හෙවත් ගුඩ් ෂෙප'ඩ් ගෙ සම්බන්ධයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. රේල්ලුවෙ බඩු ගබඩාව නොවැ බොලේ

      හර්ෂ

      Delete
    2. ස්ටේෂන් ගාව තියෙන ගොඩක් ඒව ඔහොම තමයි. රත්නපුරේ තියෙන එකටත් ඉස්සර කිවුවෙ ගුඩ්ෂෙඩ් කියල. එතන ඉඳල මහ පාරට සමාන්තරව ඇතුලෙන් යන පාර ගුඩ් ෂෙඩ් රෝඩ්.

      Delete
    3. එතන ඉඳල මහ පාරට සමාන්තරව ඇතුලෙන් යන පාර ගුඩ් ෂෙඩ් රෝඩ්.එ පාරේ බේකරියක් හරි ගල් මෝලක් හරි තියනවද

      Delete
    4. හර්ෂ සහ ප්‍රසන්න,
      ගොඩක් ස්තූතියි දැනුවත් කළාට...

      Delete
    5. ඩ්‍රැකී, 1980 විතර වෙනකම් දුම්රිය බඩු ගබඩා හෙවත් ගුඩ් ෂෙඩ් ඉතා ක්‍රියාකාරී තැනක් . කොලඹ කොටුව ආසන්නයේ බේරේ වැව අයිනෙ තියන ගබඩා වලට ගේන බඩු ( විශේෂයෙන් ) තේ පාරු මගින් බේරේ වැව ලග තියන තේ අපනයන සමාගම් වලට අරන් හිහින් තියනව.
      දැනටත් පරණ තේ සමාගම් තියෙන්නෙ බේරෙ වැව අයිනෙ.

      Delete
    6. Dracky,

      / නුවර පැත්තෙ පොරක් දවසක් කොටුවෙ ඇවිත් කෝල් එකක් දෙනව, "මං දැං බෝගහ ගාව ගුඩ්ස්ෂෙඩ් එකේ ඉන්නෙ" කියල… /

      වචනවල තේරුම නොදැන පාවිච්චි කරන්ට ගියාම ඔහොම වෙනව. ඔය වගෙ වෙච්චි සුප්‍රසිද්ධ වැරදීමක් ගැන මම අහල තියනව.සුද්දගෙ කාලෙ ලංකාවෙ නිල රාජ්‍ය නායකය ඇවිල්ල ආණ්ඩු කාරයා.....ගවනර්....ඉතිං මම හිතන්නෙ කුමාරතුංග මුනිදාස මහත්තය වෙන්න ඕන ඔය ආණ්ඩුකාර කියන වචනෙට සිංහලෙන් හැදුව වචනයක් ලකිසුරු කියල. ඒ කියන්නෙ ලංකාවෙ ඊශ්වරය කියන තේරුමෙන්. ලංකාවෙ නායකය. ඝානාවෙ ආණ්ඩුකාරය ඒ දවස්වල මැරිල තියනව මොකක් හරි අනතුරකින්. දිනමිණේ ද කොහෙද මුල පිටුවෙම දැම්මලු ඝානාවේ ලකිසුරු මියයයි කියල

      Delete
    7. කම්මල,
      හරි තමා. මං කාලෙයක් උන්න ජෝන්ස් එකට අල්ලපු කම්පැනියෙ. ඒකත් බේරෙ අයිනෙ තමා තිබ්බෙ. බේරෙ වැවේ ගල් බැම්ම දිගේ තිබ්බ පාරු ගැටගහපු යකඩ වලලු එහෙම අල්ලල.

      රවි,
      තව කියනවනෙ, මහින්දගෙ ඇවෑමෙන් මෛත්‍රී ජනාධිපති වුනයි කියලත්... (අනේ එහෙම උනානං කොච්චර දෙයක්ද?)

      Delete
    8. එතකොට ඝානාවෙ ආණ්ඩුකාරයට කියන්නෙ 'ඝනිසුරු' ද බං?

      Delete
    9. ගණිසුරුල ගැනත් ඔය ලියල තියෙන්නෙ සීට් දෙන එක ගැන

      Delete
    10. බේරෙ වැව වටේට තිබුනෙ තේ සහ රබර් අපනයන සමාගම්.අක්බාර්. හැරිසන් ඇන්ඩ් ක්‍රොස්ෆීල්ඩ්. සී. ඩබ්ලිව් මැකී. ඒ. එෆ්. ජෝන්ස් වගෙ. ඒ කාලෙ කන්ටේනර් නැති නිසා සහ සමහර නැව් ජැටියට අල්ලන්න බැරි නිසා බත්තල් වලින් ගෙනැවිත් තමයි නැවට පැටෙවුවෙ. ඔය ලේක්හවුස් එකලඟ තියෙන ඇළදිගේ ඇවිත් මැකලම් ලොක් ගේට් එකෙන් බේරෙට ඇතුලූවෙන්නෙ. එතන ලොක්ගේට් එකක් තියෙන්නෙ බේරෙ ජල මට්ටම මුහුදට වඩා උස නිසයි. තව එක ලොක් ගේට් එකක් තියෙනව සන්ත බස්තියමෙ එම්. ඩී. ගුණසේන එකට පහළින් ඒ තමයි සෙන්ට් සෙබස්ටියන් ලොක් එක.


      හර්ෂ

      Delete
  10. අපරාදෙනෙ බං රවි අයියෙ. මෙච්චර කලින් ඉවරකරන්න හිතුවෙ මොකෝ බං. මාස තුනක් කියන්නෙ ඒ හැටි කාලයක්යැ? ඔන්න මේ කතා සෙට් එක නිසා දැන් හේත්තුව කියල නමකුත් වැටිල. අර අන්තිම ටික එක්ස්ප්‍රස් ලියපු එකටනම් මගේ බලවත් මෙව්වා එක.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඔය මදෑ කියල හිතුන බං..තව එව්ව තියනවනෙ කප්පරක් ලියන්ට...හෙහ්,හෙහ්,

      Delete
  11. චැහ්.. ගුරුවරීට හොඳ සමාජ විද්‍යා පාඩමක් අර බුරුසුවට උගන්නන්න තිබ්බනෙ.
    අන්තිම ටික ලියනකොට බොලාගෙ බෙල්ල මිරිකුවද කවුරු හරි.

    අර දෙහියත්තකණ්ඩියෙ ඉංග්‍රීසි උගැන්නුව කියන්නෙ පස්සෙ කාලෙක රටපිට ගිහිල්ල මඩ නාගෙන කොල්ලත්තෙක්ක හෙලුවෙන් දුවපු පොර වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මඩ ගහනවෝ

      Delete
    2. මඩ... චැහ්, ඒ මොනවද?

      Delete
    3. ප්‍රසන්න,

      / අර දෙහියත්තකණ්ඩියෙ ඉංග්‍රීසි උගැන්නුව කියන්නෙ පස්සෙ කාලෙක රටපිට ගිහිල්ල මඩ නාගෙන කොල්ලත්තෙක්ක හෙලුවෙන් දුවපු පොර වෙන්ටැ./

      ආයමත් කියනව..අම්මප අර වියාචනය ප්‍රින්ට් අවුට් එකක් අරගෙන රෝල් කරල උඹෙ පස්චාත් බාගයෙ ගහනකල් මේක හරියන පාටක් නෑ වගේ

      Delete
  12. චැහ්, අපරාදේ. අර ලොක්කගෙ සද්දෙට බය වෙලා අයියා සීට් එක කෙළවරට ගිහිං ඉන්න වෙලාවේ ඊලඟ වංගුව ගනිද්දි අක්කට ඇවිල්ලා අයියගෙ ඇඟේ හැප්පෙන්න තිබ්බේ. මායි සිත්තරායි ඔතන හිටියනං මං එහෙම තමයි කරන්නේ. :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඉඳපං අද මම කතා කරනකොට අහන්නං මේ ඔයාට එදා තිබ්බෙ අර බුරුසුව පිටිපස්සෙ සීට් එකේ ඉඳල කෑගහද්දි මගෙ පැත්තට තල්ලු වෙලා ඇවිල්ල මට හේත්තු වෙන්නනෙ..එහෙම හිතුනෙ නැද්ද කියල...හෙහ්,හෙහ්...මෙන්න මේ සිත්තමී ගොයියයි එහෙම කිව්වෙ කියලත් කියන්නංකො....:)

      Delete
  13. ප.ලි. කොටස ගැන බලවත් විරෝධය! හයි ස්පීඩ් නොගියා නම් තව එපිසෝඩ් දෙක තුනක් තලන්න තිබුන නේ. අන්තිමට බුරුසුවා හොඳක්නේ කරලා තියෙන්නේ තරහාකාරයෝ දෙන්නෙක්ව යාලු කරලා :)

    මට නම් සෑහෙන ශුවර් දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙ ඉංග්‍රීසි සෑර් අර හෙලුවැල්ලෙන් දුවපු නිල් කලිසම් මහත්තය නෙමෙයි කියල.

    Superb Ravi. Enjoyed it to the max :)

    ReplyDelete
    Replies
    1. උදය,

      / මට නම් සෑහෙන ශුවර් දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙ ඉංග්‍රීසි සෑර් අර හෙලුවැල්ලෙන් දුවපු නිල් කලිසම් මහත්තය නෙමෙයි කියල. /

      ඉහත මවිසින් පළකල වියාචනයට ඔබගේ කාරුණික අවධානය යලි යොමු කරවමි.

      Thanks Brother…:)

      Delete

  14. //මම ඔලුව අංසක දෙසීය හැත්තෑවක් හරවල ඈ දිහාවෙ බැලුව//

    ඉංජිනේරුවන්ගෙ වැඩ. අංශක අනූවකින් හරි ඊට අඩුවෙන් බලල ශේප් වෙන්නෙ නැතුව දෙසිය හැත්තෑවක් බෙල්ල හැරෙව්වම ඔක්කොම මූට්ටු බුරුල් වෙනවනෙ. අහන්න දෙයක්යැ ඔය බංගලි දේශයේ බිල්ඩිං පිටින් කඩා වැටෙන එක. අනික අංශක එකසිය අසූව පහු කරන කොට බුරුසුවාට මූණු නාළු කියල දෙමෙලෙන් ගණන් කරන්න අවස්ථාවකුත් දෙනව.

    කොහොම හරි සිංදුවක් ඔබන වැඩේ අමතක වෙලා.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      / දෙසිය හැත්තෑවක් බෙල්ල හැරෙව්වම ඔක්කොම මූට්ටු බුරුල් වෙනවනෙ. /

      The Exorcist ෆිල්ම් එකේ අර බෙල්ල අංශක 360 ක් කරකවන සීන් එක මතකද? මේ ලින්ක් එකේ 2.56 - 3.05 දක්වා බලන්න මම අංශක 270 ක් කැරකුවෙත් එහෙම තමයි...හෙහ්,හෙහ්,

      / කොහොම හරි සිංදුවක් ඔබන වැඩේ අමතක වෙලා. /

      ඔන්න සිංදුවක් වෙනුවට ෆිල්ම් එකක්ම දැම්ම. " The Exorcist "

      Delete
  15. මදැයි 'ෆයිට් එකක් ගහගන්නව' බලන්න හිටිය , දෙන්න සද්ද වහල බස් එකෙන් බැස්සා කියල අහගන්න නොවැ මෙච්චර දවසක් බලන් ඉදල තියෙන්නෙ :)
    නරකද අපේ ඇමතටිවරුන්ට තිරරචනා ලියල දුන්න නම් ,බලං හිටිය දේ මොකුත් නැති වුනත් අවුලක් නෑ වෙන වෙන දේවල් ගොඩක් තියනවනෙ :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      අනේ බං ඈවත් මමවත් වලියට බර අය නෙවෙයි. ගැහුවත් බැන්නත් අපිට නෙවෙයි වගෙ කරබාගෙන ආපිට එන උදවිය....:)

      Delete
  16. හැබෑට... අද දවසේ ජනකාන්ත ගීතය මොකද්ද?

    ReplyDelete
    Replies
    1. බඹර වගේ විසේ කාරයා...

      Delete
    2. මං හිතුවෙ "බත කා ඉවරයි සිංහල හාලේ..." කියල

      Delete
  17. රවියානන් විසින් පලිය ගන්නා ලදී.. හෙහ් හෙහ්
    ගස්ලබ්බ පොඩි කාලෙ තමයි ඔය පාරවල් හැදුනෙ. සික්ස්වීල් එකට අපි කිව්වෙ 'කොරියන් එක' කියලා.තාමත් ඇස්පෝල්ට් සුවඳක්,සිමෙන්ති සුවඳක් එනකොට පොඩි කාලෙ මතක් වෙනවා.ඒ නිසා වෙන්න ඇති ඒවම හොයාගෙන යන්නෙ...
    කතාව ඉවර කරල දැම්මෙ පහුගිය කොමෙන්ට් නිසා මල පැනලද මන්දා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      / කතාව ඉවර කරල දැම්මෙ පහුගිය කොමෙන්ට් නිසා මල පැනලද මන්දා…/

      එහෙම මල පැනිල්ලක් කියල එකක් නෑ බං...කතන්දරේ ඉවරයි..එච්චරයි...:)

      Delete
  18. රවි අයිය බැන්දෙ 40 න්ද ?
    කොලඹ - කුරුණෑගල ලේලන්ඩ් එකක් යක්කල හන්දියේ බ්‍රේක් ගැහුව වගේ නැවැත්තුවෙ මොකෝ?

    ප්‍රශ්ණ ඇසීම අවසන් .
    ආ...දැන් තමයි මම සිංහල ටයිප් කරන්න හදාගත්තෙ .ඩබල කොහොමද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තාමනං නෑ. කොහොමත් පැයක් දෙකක් බලන්න වෙයි වැඩේ හරියටම හරිද කියල. හැක්..

      Delete
    2. නෑ නෑ මේ කම්මලයා නෙවෙයි. ඔර්ජිනල් කම්මලයනම් ඩබලක් වැටෙන්න ඕනෙ. නැහ්නං කම්මලයගෙ ඔලුව වැදිල.

      Delete
    3. අඩේ ඩබල් ඩෙකර් එක විකිණුවද? අපරාදේ...

      Delete
    4. කම්මලයගෙ අළුත් විශ්ව කර්ම වැඩේ. දැන් කමෙන්ට් දෙක වැටෙන්නෙ බ්ලොග් දෙකක. ගිහින් බලපල්ල මෙතන

      Delete
    5. කම්මල,

      / රවි අයිය බැන්දෙ 40 න්ද ? /

      නෑ බං..මම බැන්දෙ 32 දි....මේ සීන් එක වුනේ බැඳල ටිකක් කල් ගියාට පස්සෙ...:)

      Delete
    6. ඉයන් , මම බයඋනා මේ මොකක්ද අළුත් ලෙඩේ කියල. කෝ එතන මගෙ කමෙන්ට් එකක් නෑනෙ.
      මම එ පෝස්ට් එකට ගිහින් බැලුවෙ මට කමෙන්ට් කරන්න බැරි දවස් වල . බය කරන්න එපා යකෝ ...මේ ලෙඩාව

      Delete
  19. Mata davask mehema vuna. Ganiyek kiyapi watetama karakena minissu nisa bus wala yanna baha kiyala

    ReplyDelete
    Replies
    1. ජගත්,

      එහෙම දේවල් වෙනව අනන්ත...:(

      Delete
  20. දකුණු අප්‍රිකානු බෆල් රථවල පිටුපස ඇති බක්කියේ පතුලේ වතුර ටැංකියක් ඇත.පිපිරුම් කම්පනය දරා ගැනීමට මෙන්ම ඒ ජලය පරිහරණය කිරීමට හැකි ලෙස රථයේ පිටුපස කරාමයක් ඇත,වතුර පිරවීමට ඉහලින් නලයක් ඇත.රථයේ ඇත්තේ ටියුබ් රහිත ටයරයන්ය.

    ReplyDelete
    Replies
    1. jay,

      ස්තූතියි ඔබට ...:)

      Delete
  21. මොකෝ බං ඉවරකළේ නුහුගුණේද?

    ReplyDelete
    Replies
    1. මු එක එකාල කියන මොංගල් කතා අහල බය පක්ස වෙලා, කතාව හුටස් ගාල මග ඇණ හිටෝලා...

      Delete
    2. හැලප සහ ලොක්කා,

      නෑ බං ආය බය වෙන්නෙ අහවල් දේකටද? ඔය මදැයි කියල හිතුනා...:)

      Delete
  22. කාලෙකින් එන්න බැරි උනා කන්තෝරුවෙයි අනිත් වැඩයි එක්ක.... sorry වෙන්ඩ ඕනේ.. ඔක්කොමලා ගොඩක් ලියලනේ...

    ඉඳල ඉඳල ආවා, ඒකත් ඉවරයි කියහන්කෝ......

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      වෙල්කම් බෑක් එහෙනං....:)

      Delete
  23. ආාාාා මාල වැඩේ ....

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ඒකනෙව කියන්නෙ...:)

      Delete
  24. පට්ට කථාව... මම හිතුවෙ තව අවුරුදු දෙක තුනක් බලන්න වෙයි කියලා. කොහෙද මෙගා එකක් වගෙ හිටිගමන් ඉවර උනානෙ

    ReplyDelete
    Replies
    1. ලිලන්ත,

      හිටිගමං ඉවරවෙන එව්වටද දැන් මෙගා කියන්නෙ?...:)

      Delete
    2. නැතුව, රේටින් බැහැගෙන එනකොට එක පාරට අවුරුදු 20 ඉස්සරහට යවලා ඉවර කරනවා. හැබැයි මේකට නම් හොඳට රේටිං තිබුන වගේ......

      Delete
  25. දඹුල්ල හබරණ පාර, දිගම්පතන, බෆල් ගැන පට්ට නොස්ටැල්ජික් පාරක් ගහගෙන එනකොටම.. මෙන්න මේ යකා කතාව ඉවර කරලා.. සැක්.. අදෝමැයි!!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හමුදා බාසාවෙං ඇම්බුං දානව කියල කියන්නෙ. අන්න එහෙම එකක් කලේ...:)

      Delete
  26. ප.ලි. කියල අන්තිමට කතාවත් ලියල තියෙන්නේ. මට මතක් වුනා ඉස්සර කියවපු කතාවක්. සෝමදේව උන්නැහැගේ පොතේ වගේ මතක. අර කුමාරිව කරඬු හතක දාල රාක්ෂයා ගිලින්නේ වැඩි පරිස්සමට. ඕකෙන් කුමාරිව එළියට ගන්නවා වගේ ඇඩ් ටික ඇරගෙන ඇරගෙන ගියාම අන්තිමට වාක්‍ය දෙකක කතාවකුත් තියෙනවා.

    අර කියන්නෑම් යාළුවගේ නම සනී ෆනෑන්ඩුද? චෙක් පොයින්ට් එකකදී වැඩ කරන්නේ කොහෙද කියල ඇහුවම "කියන්නෑ" කියල දෙවන පාරත් ඇහුවම "ඔවු, කියන්නෑ තමයි. ඇයි?" කියල අහල ග්රාමාරක්ෂකයෙක්ගෙන් ගුටිකාලා බෙහෙත් දාගන්න දොස්තර කෙනෙක් ලඟට ගිහින් නම ඇහුවම "සනීප නෑ ඩෝ!" කියල තවත් අකරතැබ්බ ගොඩක් වුණා කියල කියන්නේ.

    ReplyDelete
    Replies
    1. කියන්නෑම් එක කොරියන් උන් ශබ්ද කරන්නේ ජ්යෝන්නාම් කියල..මන් දවසක් එකෙකුට කියන්නෑම් කිව්වට ඌට තේරුනෙම නෑ. පස්සේ බැලුවම ඒක ප්‍රනෞන්ස් කරන්නේ අරමලු. අනිත් කතාව දැන් ජ්යෝන්නාම් කියල කොම්පැනියක් කොරියාවේ නෑ. ඉස්සර තිබුනලු මද්යම පරිමානේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් ඒ නමින් එහෙ.. පස්සේ එක අභාවයට ගියාම ඒ නම අරගෙන කොරියෝ සෙට් එකක් (කාබුල් ලංකා එකේ ඉඳල එලවපු/ හිරේ ගිය උන් සෙට් එකක් එක්ක) ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් පටන් අරන් තියෙන්නේ.. ඔය වගේම චයිනා හාබර් ඉංජිනියරින්ග් කොම්පැණි (CHEC) කියල එකක් චීනේ නෑ කියනවනේ.. :)

      Delete
    2. ඉකොනො,

      හෙහ් ඒක මරු කියන්නෑ කතාවෙයි සනීපනෑඩෝ කතාවෙයි හයිබ්‍රිඩ් වර්ෂන් එක....:)

      Delete
    3. කළ්‍යාණ,

      මම මෙහෙ දකුණු කොරියාවෙ හයිඋන්ඩායි කම්පනි එකෙන් කරන ප්‍රොජෙක්ට් එකක වැඩ කලා පහුගිය කාලෙ. ඒකෙ ප්‍රොජෙක්ට් මැනේජර් ගෙන්මම ඇහුව කියන්නෑම් ගැන. මිනිහ නං කිව්වෙ එහෙම කම්පනි එකක් තියනව කොරියාවෙ ඒත් රෑංකිං එක 100 ට පල්ලෙහා බොහොම පොඩි එකක්ය කියල.

      චයිනා හාබර් එක ගැනත් එහෙම කියනවද?......:)

      Delete
  27. අර කතාවෙ මං අහලා තියෙන වර්ෂන් එක මෙහෙමයි.

    අර විදියටම එක කොල්ලෙක් බස් එකේදි නොමනා විදියට හැසිරෙනවා.

    "මොකද කරන්නෙ?" කෙල්ල හයියෙන් අහනවා.

    "මම ඒ ලෙවල් කරනවා."

    කෙල්ල අරූව දවා හලුකරන බැල්මක් දාලා අහක බලාගන්නවා.

    නමුත් ටිකකින් ආයෙම කෑගනහවා

    "ඇයි තමුසෙට නිකං ඉන්න බැරිද?"

    "නිකං ඉන්නේ කොහොමද ඕ ලෙවල් වැඩ හතයි සම්මාන පහකුයි තියාගෙන?" මූත් ඊටත් වැඩිය යයියෙන් කියනවා.

    Disclaimer: This is just a story. Not meant to glorify harassing females in public places.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / Disclaimer: This is just a story. Not meant to glorify harassing females in public places. /

      ඔන්න ඕකනෙ බං වෙලා තියෙන කරුමෙ. පොලිටිකලි කරෙක්ට් ජෝක්ස් විතරයි දැන් ලියන්න වෙලා තියෙන්නෙ.

      Writers warning - Jokes written here would most probable be allergic to those who are looking for hidden meanings in everything. Not recommended for such people.

      Delete
  28. මම හිතන් උන්නේ හාමිනේගේ ඊළඟ උපන්දිනේ වෙනකම් අදියි කියල.. මේන් ඉවර වෙලා...මොකක් නමුත් ජ්‍යාත්‍යන්තර අතපෙවීමක් වෙලා හැඩයි...මේ ගැන වීරවංස උන්නැහේට ලියල යවන්න වෙනවා පරීක්සනයක් කරන්න කියල..

    ReplyDelete
    Replies
    1. මොන ජාත්‍යාන්තරද මේක තනිකරම ලංකාවෙ අත පෙවීමක්.
      රවී අයිය මේක ඇදගෙන යන හැටියට මේ මනුස්සය තව මොන මොනව කියයිද දන්නෑ කියල හිටං ගුරුවරී ස්කයිප්පුවෙන් තග දාල වහාම මේක නවත්තන්න කිවුවයි කියල බුද්ධි අංශ වලට වාර්තා වෙලා තියෙනව.

      Delete
    2. අම්බලං,

      හෙහ් ප්‍රසන්නයා කියපු දේ තමයි බොහෝවිට වෙන්න ඇත්තෙ....:)

      Delete
  29. අපොයි මේක වැඩක් නෑ. මම හිතුවෙම ගුරුතුමී කෙසේවෙතතත් අර බස් එකේ බුවාගෙන් දෙකක් තුනක් කන්න වෙයි කියලා රවියට. මේක කිසි ගතියක් නෑ නෙ රවියෝ. (අපිට නිකම් හිතට හරියන්නවත් බෝ දෙකක් තුනක් ගුටි කෑවා කියලා ලීවා නම් මොකෝ මම අහන්නේ ඈහ්?

    ReplyDelete
    Replies
    1. බූරු,

      යකෝ මාර වැඩක්නෙ මේක..බොලාගෙ හිතට හරියන්ට මම ගුටි කන්ට ඕන..නරකම නෑ වැඩේ....

      මේ..අපි ඇවිල්ල ගහන මිනිස්සුත් නෙවෙයි. ගුටි කන මිනිස්සුත් නෙවෙයි තේරුණාද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...