Tuesday, March 15, 2016

398. චීන කොම්පැණිය, සුනාමි මතක, කුලරත්න මහතා සහ ඔබට ස්තූතියි ත්‍රිත්ව විදුහලේ මහත්වරුනි!

2004 අවුරුද්දෙ මම කෙටි කාලයක් වැඩකලා ගම්පොළ - නුවර එළිය පාර හදන චීන කොම්පැණියෙ. චීන්නුත් එක්ක වැඩ කරන එක ලේසිනෑ. මමත් මහ කැලවල් මැද අලි කොටි වලස්සු අස්සෙ මැලේරියා අනම්මනම් ඔක්කොමට මූණ දීල ගිනි පූටක අව්වෙ දවස තිස්සෙ රාජකාරී කරපු මනුස්සයෙක් වෙච්චි. ඒ හින්ද ඔය කට්ට කනව කියන එක මට මහ අරුමයක් නෙවෙයි. එහූ මටත් මේ චීන්නු එක්ක වැඩ කිරිල්ල බොහොම ඉක්මනට එපා වුනා. කොටිම්ම කිව්වොත් ඒ යක්කු මිනිස්සු ගණං ගන්නෙ කුණු පොල් කුඩු ගානට.

මට හිතෙන්නෙ චීනෙ කෙල කෝටි ගානක් මිනිස්සු ඉන්න හින්දමද මන්ද උංට මිනිස්සුත් තනිකරම වැඩ ගන්න යන්තර විතරයි. ඔය චීනෙ මිනිස්සුන්ට සලකන විදිහ ගැන තේරුං ගන්ට වෙන මොකවත් ඕන නෑ එහෙ ගල් අඟුරු ආකරවල වැඩ කෙරෙන විදිහ හොයල බැලුවම හොඳටම සෑහෙනව. ගල් අඟුරු ආකරවල වැඩ කරන එක කොහොමත් අවදානමක් තමයි. ඒත් අත්‍යාවශ්‍ය ආරක්ෂක උප්ක්‍රම පිළිනොපැද මිනිස්සු වැඩට යවනව කියන්නෙ හිතාමතාම ඒ මිනිස්සු මරණෙට දක්කනව වගෙ වැඩක්. 

දැං අවුරුදු දහයකට නැත්තං දොළහකට වගෙ ඉස්සෙල්ල චීනෙ ගල් අඟුරු පතල්වල පිපිරීමක් වෙලා මිනිස්සු අච්චර මැරුණයි මෙච්චර මැරුණයි කියල නිතර දෙවේලෙ අහන්ට ලැබෙන එක බොහොම සාමාන්ය සිද්ධියක් වෙලා තිබ්බෙ.

ඊට පස්සෙ නම් එහෙම ප්‍රවෘත්ති වැඩිය අහන්ට ලැබුනෙ නැත්තෙ එක්කො සේෆ්ටි ගැන චීන්නු ඉස්සරට වඩා උනන්දු වෙන හින්දද නැත්නම් ඒ ගැන ප්‍රවෘත්ති වාරණයක් පනවලා හින්දද කියලනම් හරියටම කියන්ට අමාරුයි.

ඉතිං අර මතකනෙ සුනාමිය? ඒක අමතක වෙන්නෙ කොහොමද නේද? 2004 දෙසැම්බර් 26 වෙනිදා...ඊට කලිං දවසෙ මට රෑ නවතින්ට උනා එහෙ. එහෙ කිව්වෙ ඔය ගම්පළ -නුවර එළිය පාරෙ තවලම්තැන්න හරියෙ මම වැඩකලේ. ඉතිං රෑ දහය වගෙ වෙනකල් වැඩ තිබ්බම අපිට නවතින්ට වෙනව. අපිම නවාතැන් හොයාගන්ටත් ඕන. කොම්පැණියෙ ලොක්කො චීන්නු හිටියට ඒ යක්කුංට එව්වයෙ වගේ වගක් නෑ. උඹල තේ පඳුරක් යට බුදියල හරි වැඩේ කරපල්ල. එහෙමයි උං හිතන්නෙ.

මේ සුනාමිය ගැන පොඩි කතාවක්..ගාල්ලට සුනාමිය බොහොම දරුණු විදිහට බල පෑවනෙ. වෑල්ඩිං වැඩපලක වහලේ ගහල තිබ්බ බෝඩ් එකක් " වෑල්ඩිං කරනු ලැබේ" කියල.සුනාමියට ඕක ගහගෙන ගිහිල්ල වතුර බැහැල ගිහාම ඊට එහා පාරෙ සාස්තර කියන තැනක වහලෙ ගහල තිබ්බ බෝඩ් එකට හේත්තුවෙලා නැවතුනා. එතන වහලෙ බෝඩ් එක තිබ්බෙ " දේවාරූඪයෙන් සාස්තර කියනු ලැබේ " කියල. දැං අර වෑල්ඩිං වැඩපලේ බෝඩ් එක ඇවිල්ල හේත්තු උනයි කියන්නෙ හරියටම සාස්තර කියනු ලැබේ කියන කෑල්ල ඉස්සරහ ඒක වැහෙන විදිහට.

ඉතිං කොහොමවත් චීන්නු එක්ක ඉහගහගෙන ඉන්ට බැරිතැන මම දමල ගහල එතනිං අයිං වුනා. 

"ඔහොම වැඩ කරන්නෙ කොහොමද අනේ? ඔන්න ඔහෙ අයිං වෙලා එන්ට ගෙදර"...අපේ ප්‍රියම්බිකාස් තොමෝත් එහෙම තමයි කිව්වෙ.

ඉතිං චීන්නුංට සයොනාරා කියල වැලිමඩ- කොළඹ නොම්මර 79 බස් එහෙක නැඟල මම ගෙදර ආව. ලෝඩ් බකිංහැම් වගෙ රස්සාව දමල ගහල ආවට ඉතිං ගෙදර නිකං හිටියැහැක? ඒ වෙනකොට අපි දෙන්න හිටියෙ එයා උගන්නපු ඉස්කෝලෙ ගුරුනිවාසෙ. කොහෙං හරි සුට්ටං ඉඩං කෑල්ලක් ගන්න ඕන. කාමර දෙහෙකි කුස්සි කෑල්ලකිවත් අටවගන්ට ඕන. ඔව්ව නිකං කොරන්ට බෑ නෙව. එව්වට කාසි ඕන කරනව යහමිං. 

ඉතිං ඔන්න මම පටං ගත්ත සන්ඩේ ඔබ්සර්වර් එක ගන්ට. සන්ඩේ ඔබ්සර්වර් එකේ තමයි ඒ කාලෙ (දැනුත් එහෙමදැයි කියල නම් නොදනිමි) රැකියා ඇබෑර්තු බහුතරයක් තියෙන්නෙ.Employment Opportunities & Vacancies .... රැකියා අවස්ථා සහ පුරප්පාඩු.පත්තරේ පිටු මයෙ හිතේ තියනව අසූවක් විතර.

ජනවාරි මාසෙ අන්තිම සතියෙ වගෙ මම මේ කියන්නෙ 2005 අවුරුද්දෙ හොඳද? ඔබ්සර්වර් (ඔබ්සර්වර් කිව්වම මට මතක් වෙන්නෙම අපේ හිතමිතුරු සනත් විජේවර්ධන මහත්මයා නොහොත් ඔබා) පත්තරේ ඔන්න දාල තිබ්බ දැන්වීමක් මහනුවර නගරයේ ඉදිකිරීමට යෝජිත සිව්මහල් ගොඩනැඟිල්ලකට සුපරීක්ෂක කාර්ය මණ්ඩලය වහාම අවශ්‍යයයි කියල. නුගේගොඩ නාවල පාරෙ තමයි ඒ දැන්වීම පළකල සමාගම පිහිටල තිබ්බෙ.

ඉතිං ඔන්න පහුවදාම මම පිටත්වුනා කොළඹ. එකොළහ වගෙ වෙනකොට තැන හොයාගත්ත. දොර ඇරගෙන ඇතුලට ගිහාම එතනම පොඩි මේසෙක වාඩිවෙලා මොනවද ෆයිල් වගේක වැඩකරමින් හිටපු බොහොම කාළවර්ණ පුද්ගලයෙක් මගෙං ඇහුව "මොකක්ද උවමනාව?" කියල. ( පස්සෙ කාලෙක මම දෑහිම්ම දැක්ක විදිහට මේ පුද්ගලයට පාටියකදි නටන්ට එහෙම අවම වශයෙන් පර්චස් 40 ක්වත් ඕන වෙනව. හරි.තව බොහොම චිත්තාකර්ෂණීය චරිත බොහොමයක් සේවය කලා ඒ සමාගමේ. ඒ ගැන විස්තර දෙවනුව. ) 

ඒ පාර මම කිව්ව "මම මේ ඉන්ටර්වීව් එකට ආවෙ" කියල. අර පත්තරේ තිබ්බ දැන්වීම මම කපාගෙන අරගෙන ගිහිල්ල තිබ්බෙ. ඒකත් පෙන්නුව. ඒ පාර මට ඉඳගන්ටෙයි කියල මනුස්සය ගියා පඩි පෙලක් දිගේ නැඟල උඩට.ටික වෙලාවකින් ආපහු ඇවිල්ල කිව්ව "යමු උඩට අපේ මහත්තය කතා කරනව මහත්තයට" කියල.

ඊට අවුරුද්දකට පස්සෙ ඉඳල පුරා අවුරුදු තුනක් දිනපතා දවසට අඩු ගානෙ දහ දොළොස් පාරක්වත් නැගල බැහැපු ඒ පියගැට පෙළ මම පළමුවරට නැග්ගෙ ඒ වෙලාවෙ.

ඒ වෙලාවෙ ඒ පියගැටපෙළ නැගල මම ගියේ ඒ සමාගමේ එක් හිමිකරුවකුගේ කාමරයට. මගෙන් විස්තර අහල ඒ මහත්මය ඒ සමාගමේ අනෙකුත් හිමිකරුවන් දෙන්නටත් ඒ කාමරයට කතා කරල මම ගැන විස්තර කිව්ව.ආ..ඊට කලින් මට කිව්ව ඒ සමාගමෙං නුවර ඉදිකරන්ට යන ගොඩනැඟිල්ල ගැන විස්තර. ත්‍රිත්ව විද්‍යාලයෙ නොහොත් ට්‍රිනිටි එක ඇතුලෙ හදන්ට යන පංති කාමර සහ රැස්වීම් ශාලාවකින් සමන්විත සිව් මහල් ගොඩනැඟිල්ලක්.

ඊට දවස් දෙකකට වගෙ කලිං ව්‍යාපෘති කළමනාකරුවෙක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් බවත් වැඩබිමේ ඉදිකිරීම් තත්ව පාලනය , සුපරීක්ෂණය, මිනුම් ගැනීම සහ ගෙවීම් ඉල්ලුම්පත් පිළියෙල කිරීම, මා තෝරාගතහොත් මට පැවරෙන වගකීම් බවද ඒ මහතා මට පැහැදිලි කලා. අවසාන වශයෙන් ඔහු විමසූයේ පෙබරවාරි මස මුල සතියේ ඉදිකිරීම් ඇරඹීමට කටයුතු සුදානම් කොට ඇති බැවින් මට ඒ වනවිට සේවය සඳහා වාර්තා කිරිමේ යම් අපහසුතාවයක් පවතීද යන්නයි. මම ඒ වනවිටත් රැකියා විරහිතව පසුවන බැවින් එවන් ගැටළුවක් පැන නොනගින බව මම පිළිතුරු ලෙස පැවසූවා.

"මොකද ගිය වැඩේ?" එදින සවස ආපසු නිවෙසට පැමිණි මගෙන් ඇය විමසූවා. 

"සීයට අනූවක්ම හරියයි මම හිතන්නෙ." මම පිළිතුරු දුන්නා.

ඒ දවස්වල අපේ ක්වාටර්ස් එකට ටෙලිෆෝන් තිබ්බෙ නෑ. මොබයිල් එකක් තිබ්බ මෝටරෝලා එකක්. ඒක තිබ්බෙ එතුමී ගාව. මම අර කොළඹ කම්පනි එකට දුන්නෙ ඒ මොබයිල් නම්බර් එක හින්ද මම ඊට පස්සෙ ඒ ෆෝන් එක මගෙ අතේ තියාගත්ත. ඒ වගේම දවස් දෙකක් ගියේ නෑ මට එයාල කතා කරල කිව්ව මාව තෝරගත්තය, එදා හවසතුනට ට්‍රිනිටි එක ගාවට එන්ටය කියල සයිට් එක එහෙම බලල පොඩි අඳුනා ගැනීමේ රැස්වීමක් වගෙ එකක් එහෙමත් තියන්ට.

එදා තමයි මම මුලින්ම ඒ ප්‍රොජෙක්ට් එකේ පී.එම්. නොහොත් ව්‍යාපෘති කළමනාකාර මහත්මය හඳුනාගත්තෙ. රතුපාට පර්ජෝ 504 කාර් එකක ඒ මහත්මය ආවෙ. නම කුලරත්න. ඔය මොඩල් එකේ පර්ජෝ කාර් ප්‍රසිද්ධ වුනේ සමිට් කාර් කියල. මොකද ඔව්ව ගෙන්නුවෙ 1976 නොබැඳි සමුලුවෙ වැඩ වලට. ඔය නොබැඳි සමුළුව රටේ හැමතැනම ප්‍රසිද්ධ වුනේ සමිට් එක කියල. මොකද ඕකෙ නිල නාමය ඇවිදිල්ල හිට "5th Non-Aligned Heads of State Summit Conference - Sri Lanka."

කැප්පෙටිපොළ මාවතේ සමිට් ෆ්ලැට්ස්.ඒවත් එහෙමයි. සමුළුවට ආපු පුවත්පත් කාලාවේදීන්ට නවාතැන් සැපයුවෙ ඒවයෙ. සමුලුවෙන් පස්සෙ සහන මිලකට ඒ ගෙවල් දුන්න රජයේ සේවකයින්ට. අර ගෙන්නපු සමිට් කාරුත් එහෙමයි. සමුලුවෙන් පස්සෙ කොළොන්නාවෙ ගවර්න්මන්ට් ෆැක්ටරි එකට දාල රජයේ සේවකයින්ට විකුණුවා.අර කුලරත්න මහත්මය අරං තියෙන්නෙ එහෙම එකක්. ඒ මහත්මය දීර්ඝ කාලයක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙ සේවය කරපු කෙනෙක්.

එදා තිබ්බෙ ඇත්තටම ව්‍යාපෘති භාෂාවෙන් කියනවනම් Kick Off Meeting එක නොහොත් සමාරම්භක රැස්වීම. එහෙම එකක් තියල තමයි සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක වැඩ පටන් ගන්නෙ.එහෙම එකක් තියන එකේ ප්‍රධාන පරමාර්ථය ව්‍යපෘතියක පරදු දරන්නන් ( Stake Holders ) එකිනෙකා හඳුනා ගැනීම සහ සාමාන්‍යයෙන් කොහොමද ව්‍යාපෘතියෙ වැඩ ඉස්සරහට ගෙනියන්නෙ කියල පොඩි අවබෝධයක් ලබා ගන්න එක. එකඟතාවයකට එන එක.

මේ තියෙන්නෙ ට්‍රිනිටි එකේ අපි හදපු ගොඩනැඟිල්ල..ඡායාරූපය රන්දිල් ගේ අනුග්‍රහයෙනි.

Stake Holders කියන්නෙ ව්‍යාපෘතියට සම්බන්ධ එහි යම් කාර්ය භාරයක් දරන පුද්ගලයින් හා / හෝ සමාගම් නැත්නම් ඒ ව්‍යාපෘතිය නිසා යම් බලපෑමක් ඇතිවෙන එහෙම නැත්නම් ප්‍රතිලාභයක් අත්වෙන සියලුම දෙනා.කොළඹ අපෙ සමාගමෙන් මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන කොටස්කරු මහත්මයා ( Partner ) වගේම ත්‍රිත්ව විද්‍යාලයෙ විදුහල්පති තුමත් මේ රැස්වීමට සහභාගි වුනා. 

ට්‍රිනිටි එකේ ඒ දවස්වල විදුහල්පති තුමා ඇවිල්ල බ්‍රිතාන්ය ජාතිකයෙක් නොහොත් සුද්දෙක්. නම රොඩ් ගිල්බර්ට්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. අපි එක්ක බොහොම සුහද සම්බන්ධතාවයකින් කටයුතු කලා. වැඩ කරගෙන යද්දි ගෙවීමක් එහෙම හදිස්සියෙ අවශ්‍ය වෙලාවට අපේ කුලරත්න මහත්මයාට තියෙන්නෙ පඩිපෙළ බැහැල ඔෆිස් එකට ගිහිල්ල පොඩ්ඩක් සතුටු සාමීචියෙ එහෙම යෙදිල මතක් කරන්න විතරයි. 

"Sir, If you can expedite our payment it would be a great help at this time" 

"Of course I understand Mr. Kularathna, you are a contractor, I know you need cash to carry on this project. I would certainly do whatever I can." 

ඒ කිව්වත් වගෙ දවස් තුන හතරක් යන්ට කලින් ඔෆිස් එකෙං පණිවිඩයක් එනව ඇවිල්ල චෙක් එක අත්සන් කරල ගන්ට කියල.

ඒත් හරිම කණගාටුදායකයි මිස්ටර් ගිල්බර්ට් කොටි හිතවාදියෙක් කියල 2008 අවුරුද්දෙ වගෙ ආණ්ඩුවෙන් එයාගෙ රෙසිඩන්ට් වීසා කැන්සල් කලා. ඒ වෙනකොට ගිල්බර්ට් මහතා සහ මහත්මිය නිවාඩුවකට එංගලන්තෙට ගිහිල්ල හිටියෙ. ඉතිං එයාලට ආපහු එන්ට බැරිවුනා. ට්‍රිනිටි එකේ පාලක මණ්ඩලය (Board of Governors ) ආණ්ඩුව එහෙම කරපු එකට දැඩි විරෝධය පලකලත් වැඩක් වුනේ නෑ. හරි..ඒ ඔක්කොම අනාගතයෙ සිද්ද වෙන එව්වනෙ. රයිට් අපි යමු ආපහු කික් ඕෆ් මීටිං එකට.

ඉතිං ඒ මීටිම ඉවරවෙලා කුලරත්න මහත්තය මගෙං විස්තර ඇහුව. "ගෙවල් කොහෙද?කලිං වැඩ කරල තියෙන්නෙ කොහෙද?" යනාදී වශයෙන්. මම පැණිදෙණියෙ කිව්වම "ආ..එහෙනං කිසි අවුලක් නෑ. මම යන ගමං ගෙදර ගාවින්ම දාගෙන යන්නංකො. මමත් ඊට ටිකක් එහා ඉන්නෙ" කියල ආයම ඇහුව. " අපි දෙන්න දැං අවුරුද්දක් මෙතන මේ වැඩේ ඇදගෙන යන්ටත් එපාය. මොකද කියන්නෙ? අඳුනගන්ටත් එක්ක යමුද වික්ටරි එක පැත්තෙ? " කියල හිට.

වික්ටරි කියන්නෙ මහනුවර කොළඹ වීදියෙ තියෙන ප්‍රසිද්ධ බාර් එකක්. "මේ මොනව කියනවද? යමු යමු" කියල මාත් එක පයිං ලැහැත්ති වෙච්චි. පස්සෙ අපි දෙන්න ඔන්න ගියා වික්ටරි එකට. ඒකෙ ගිහිල්ල ඉඳගෙන විනාඩි දහයක් උනේ නෑ. ඔන්න ලයිට් ගියා. 

පස්සෙ ඉටිපන්දං එළියෙං තමයි සුහද හමුව ඉස්සරහට ගෙනිච්චෙ. "මහ ජංජාලයක්නෙ රවී මේක..ෂෙහ්, මේ කලුවරේ බයිට් කියල මොනව කනවද මන්ද" කුලරත්න මහත්තය එහෙම කිව්ව. මහ ජංජාලයක්නෙ කියන වචනෙ මගෙ වාග්මාලාවට නොහොත් වොකැබියුලරි එකට එකතු කලේ ඔය කුලරත්න මහත්තය. ඊට පස්සෙං පහු අපි දෙන්න ට්‍රිනිටි එකේ ඔය කියපු බිල්ඩිම හදපු අවුරුද්දක කාලය ඇතුලත දවසකට විසි තිස් පාරකට වැඩිය කුලරත්න මහත්තය ඔය " මහ ජංජාලයක්නෙ රවී මේක" කියන වචන හතර කියන්ට ඇති.

ට්‍රිනිටි එකේ ඒ ප්‍රොජෙක්ට් එක කරපු අවුරුද්දක කාලෙ ඇතුලත වෙච්චි දේවල් සහ කුලරත්න මහත්තය ගැන තව බොහොම දේවල් ලියන්ට තියනව. ඒව ආයෙ වෙලාවක හොඳද? ත්‍රිත්ව මතක කියල ඕනනං කැටගරි එකකුත් දාන්ට බැරිය.

පලි - දැං එහෙනං කියන්නංකො ඇයි මෙහෙම එක පාරට ට්‍රිනිටි එක ගැන මතක්වුනේ කියල. 

මේ "The New Indian Express" පුවත්පතේ 2016 මාර්තු 9 වෙනිද පළ වූ පුවතක්.


Christian Mission School Admits AIDS Suspect Others Shunned

COLOMBO: The two-month long impasse over the admission of AIDS suspect Rehan Dilshara to a school in Sri Lanka has ended with Trinity College, a leading Christian missionary school in Kandy, agreeing to take him and meet his expenses.

A Memorandum of Understanding to admit the six-year old from an indigent family, was signed on Wednesday by Andrew Fowler-Watt, Principal of the 159 year-old Anglican mission school, and Akila Viraj Kariyawasam, Lankan Minister of Education.

Prior to this, every school in the Kuliyapitya area of Lanka’s North Western Province, including government-run institutions, had refused to take the kid on the basis of a rumor that he has AIDS, or his mother, Chandani, has AIDS, or his father had died of AIDS. All this despite government doctors’ certificates to the contrary.

Minister Kariyawasam himself fueled the rumor by saying that the mother is HIV Positive and that she can transmit the virus to her son by simply lying beside him. He also said that he could not force schools to take the boy.

But widespread media coverage resulted in President Maithripala Sirisena’s assuring admission. While no government run or Buddhist-run school offered to admit the boy, the Christian Trinity College of Kandy, and the Muslim Zahira College of Kurunegala, offered to take him.

වෙන මොකවත් කියන්න ඕන නෑනෙ. Self explanatory නේද? සියළු සත්වයින්ට කරුණාව සහ ශාන්තිය පැතිරවූ මහා කාරුණිකයානන් දෙසූ සද්ධර්මය රාජ්‍ය ආගම වෙච්චි මේ ධර්මද්වීපයෙ, සුප්‍රසිද්ධ බෞද්ධ පාසල් සියගණනක් තියෙන මේ රටේ අන්තිමට ඒ දරුවට පිහිට වෙන්ට ඉදිරිපත්වුනේ ඉස්ලාම් පාසලක් සහ ක්‍රිස්තියානි පාසලක්. 

I Rest My Case………..

All Those Gentlemen At Trinity College…Thank You So Much Again...

56 comments:

  1. අඩේ අර ගේ හදන්න අවුරුද්දක් ගියාද බං ?

    ReplyDelete
    Replies
    1. Ano,

      අවුරුද්දක් කිව්වට හරියටම මාස 9 1/2 ක් වගෙ ගියෙ.එතන වැඩේ ඔය වගෙ ගොඩනැඟිල්ලක් මාස හයකින් වගෙ කරන්නත් පුලුවන්. ඒත් ත්‍රිත්ව විද්‍යාලයට ගොඩනැඟිල්ල අවශ්‍ය වුනේ මාස දහයකින්. 2005 පෙබරවාරි පටන් ගත්තා. නොවැම්බර් අන්තිමට ඉවර කරන්නයි සැලසුම් කරල තිබ්බෙ. ඊලඟ ජනවාරිමාසෙ බිල්ඩිමේ පංති පටන්ගන්න. මම හිතන්නෙ සල්ලි ප්‍රශ්ණයක් ට්‍රිනිටි එකටත් තියෙන්න ඇති.කලින් ඉවරකලා කියන්නෙ කලින් සල්ලි ගෙවන්න එපාය.

      Delete
  2. චීනා කොහොමත් සයිට් එකට ගිය ගමන් ඌත් සවලක් අරන්,අපටත් සවලක් දීල තමයි පස්ස බලන්නෙ.ගස්ලබ්බ දවසක් බෑ කියල ගේමක් ඉල්ලල පස්සෙ කියල දුන්නා වෙන කෙනෙකුගෙ රස්සවක් නැති වෙන වැඩ කොරන්නෙ නෑ කියලා.. බැරිම උනාම 'මාලක පීය නී සාබී' කියල පැත්තකට උනාම හරි. හෙහ් හෙහ්..
    ඔව්.ඔවුන් දුන් ආදර්ශය උතුම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 'මාලක පීය නී සාබී'

      ඔය කියන්නේ මර්වින් සිල්වා වස බී නසී කියලද ?

      Delete
    2. ගස්,

      මට එවුං එපාම උනේ අන්තිමට උං පටංගත්ත ඉක්මනින් වැඩ කරන්නෙ කවුද කියල බලන්ට තරඟයක් වගෙ එකක්.

      දොළහක විතර ටිම් හදල ඒ එක එක ටීම් එකට දෙනව එක නිර්මිතයක් කරන්ට. 12 + 240 කල්වට් එක ටීම් නම්බර් වන් එකට. 14 + 440 රිටේනිං වෝල් එක ටීම් නම්බර් ටූ එකට. අන්න ඒ වගෙ. ඊට පස්සෙ දවසට කපන පස් කියුබ් ගාන දාන කොන්ක්‍රීට් කියුබ් ගාන එව්ව මැනල බෝනස් දෙන්ට ගත්ත. ඒකෙ ඇත්තටම අවුලක් නෑ. සුහද තරඟකාරිත්වයක් තියන එක හොඳයි.ඒත් හොඳ තත්වයෙ ආයුධ, උපකරණ එහෙම තිබ්බෙ බොහොම සීමිතව.

      උදාහරණෙකට ඔය හරිය නිතරම වැස්ස. වැස්ස නැතිවුනත් දිය සීරාව.... ඉතිං හොඳ සබ්මර්සිබල් පම්ප් එකක් අත්‍යාවශ්යයයි.හොඳට වැඩ කරන පම්ප් එකයි තිබ්බෙ ස්ටෝස් එකේ. ඉතිං උදේ හැමෝම මරාගන්නව ඒ හොඳ පම්ප් එකට. අපේ මැනේජර් චීනට කිව්වට පම්ප් වැඩිපුර ගෙනත් දියං කියල ඌ සත පහකට ගනං ගන්නෙ නෑ.

      මම අපේ වැඩ කරන එවුංට කිව්ව දවසක් ( උං ඔක්කොම වතුවල වැඩ කරන දෙමල කම්කරුවො ) ඔය චීන්නු දත් බඳින එකට ඔච්චර එක්ස්පර්ට් වෙලා තියෙන්නෙ අනිවාර්යයෙන්ම ඔවුංගෙ දත් වැඩිකල් නොගිහිල්ල කවුරුහරි ගලවන හින්දයි කියල.

      Delete
    3. සෙන්නා,

      ඒක මරු...:)

      හැබෑට ඩොක් ගැමුණු ගැන නෝ ආරංචි නේද?

      Delete
  3. ලැජ්ජයි නේහ්.... බුදු හාමුදුරුවෝ දන්නවනම් බඩ පලන් මැරෙයි.....

    ReplyDelete
  4. අන්න එහෙමයි මොන වැඩක් උනත් පටං ගන්න ආකාරේ

    ReplyDelete
    Replies
    1. අටම්,

      අන්න ඒකනෙ.... කික් ඕෆ් මීටිං එකෙං වැඩක් තියේය කික් එකක් නැතුව...නැද්ද?

      Delete
  5. මොකද කියන්නෙ? අඳුනගන්ටත් එක්ක යමුද වික්ටරි එක පැත්තෙ? "

    ඉබ්බෙක්ව දියේ දාන්නද කියල ඇහුවම එපා කියැයියෑ

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඉබ්බා දියට දාන්ටද කියල ඇහුවම ඇන්නෑවෙ කිව්වලු...:)

      Delete
    2. දෙන්නම වැරදියි,
      "ඉබ්බා දියට දාන්ටද කියල ඇහුවම දැන් නෑවෙ" කියලයි කිව්වෙ, හරිය?
      :-D

      Delete
  6. චීන මහා ප්‍රාකාරෙ හදද්දි ඒකෙ වැඩ කරද්දි මිය ගිය මිනිස්සුන්ව ප්‍රාකාරෙටම අල්ලලා බදාම ගැහුවා කියල කියන්නෙ... ඒක ඇත්ත කියා හිතෙනව මේ සිදුවීම් දැක්කම..

    ReplyDelete
    Replies
    1. වැසි දරුවා,

      මාත් එහෙම කතාවක් අහල තියනවා. චීන මහාප්‍රාකාරය ලෝකෙ දිගම ප්‍රාකාරය විතරක් නෙවෙයි ලෝකෙ දිගම සුසාන භූමියත් වෙනවයි කියල.

      Delete
    2. //Why is the great Wall of China considered as one of the Seven wonders of the world?
      -Because it's the only China product that has lasted for so long.//

      Delete
  7. //Minister Kariywasam fuelled the rumour// MoU signed by minister// donno the bugger had worn his pants right when signing the MoU.
    Respect the two schools.

    ReplyDelete
    Replies
    1. Kalayana,

      A politician's shame is a classic example of an oxymoron.

      Delete
  8. චීනට සයොනාරා කිව්වා? එහෙනම් ඌ ජපනෙක් හම්බවෙලා ඒකෙ තේරුම අහගන්න ඇති.

    මේ දවස්වල කුරුණෑගල රඹුක්කන පාර හදන්නෙත් චීන්නු. උන් එක්ක අපේ මිනිස්සු නිතර ගැටුම් ඇතිකරගන්නවා කියලා එහෙ වැඩකරන කෙනෙක් කිව්වා. එයා කිව්වෙත් උන් අපිට බල්ලන්ට වගේ සලකන්නේ කියලා.

    ඔය නුවරඑළිය පාර හදන කාලේ මම කීපවතාවක් පාරේ බ්ලොක් එකට බැන බැන ඔය පාරේ ගියා.

    මහත්තයා පැනිදෙනියේ නෝනා ඇඹුල්දෙනියේද?

    මගේ ප්‍රාර්ථනාව, අර දරුවා අනාගතේදී, කුලියාපිටියේ ප්‍රාදේශීය ලේකම්/මහේස්ත්‍රාත්/ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි/ අධ්‍යාපන අධ්‍යක්‍ෂ/ වැනි තනතුරකට පත්වේවා කියලයි.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      / චීනට සයොනාරා කිව්වා? එහෙනම් ඌ ජපනෙක් හම්බවෙලා ඒකෙ තේරුම අහගන්න ඇති. /

      හෙහ්,හෙහ්,

      / ඔය නුවරඑළිය පාර හදන කාලේ මම කීපවතාවක් පාරේ බ්ලොක් එකට බැන බැන ඔය පාරේ ගියා. /

      එහෙනම් සම්ටයිම්ස් විචා මාව දකින්ටත් ඇති....දැකල මට අම්ම මෝ නැතුව බණින්ටත් ඇති සුටු පුටු ගාල...හෙහ්,හෙහ්,

      විචාරකයාණෝ මාත් දකින්නැති මටත් බණින්නැති ඒ කාලේ,
      මට ඇහුනේ නැත, ඇහුනානං මම තාමත් ගහනව නුවරෙලි පාරේ,

      Delete
  9. චීන්නු මිනිස්සු ගණං ගන්නෙ කුණු පොල් කුඩු ගානට/////// ඒකට සමාජ මනෝ විද්‍යාත්මක සාධකයකුත් තියනවා

    ReplyDelete
    Replies
    1. රුවන්,

      අධික ජනගහණය සහ තරඟකාරිත්වය ද?

      Delete
    2. ///CHINA has the largest population in world.
      NOT because their MEN are extra horny
      OR their chicks are extra SEXY
      it's because their CONDOMS are Made In China.///

      Delete
    3. Pra,

      It seems you are into slant eyed bashing big time....heh,heh

      Delete
    4. මම හිතන් හිටියේ ප්‍රාගේ විශේෂඥතාවය තියෙන්නේ නිට්ටෑවන් සම්බන්ධයෙන් විතරයි කියලා.. බලන් යද්දි මේකා චීන්නු පිළිබඳ බහුශ්‍රැතයෙක්නේ....

      ඔය කොන්ඩම් කතාවනම් ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතෙනවා.. මොකද දැන් ඉන්දියාවත් චීනේ පහු කරන්න ඔන්න මෙන්න... :D

      Delete
  10. ත්‍රිත්ව විද්‍යාලයට ගෞරවය යාය්තුමයි.
    කවුදෝ මන්දා කියලා තිබුනා දෑක්කා ඔවුන්ගේ කාලෙත් නුවර අනිත් ස්කෝල වල පිරිමි ළමයින් කොල්ලො වෙද්දි ට්‍රිනිටියන්ස්ලා බෝයිස් ලා කියලා.

    ඔය සමීට් හවුස් වල නේද පස්සේ කාලෙක පාර්ලිමෙන්ටේරියන්ස්ලාට දුන්නේ?

    ReplyDelete
    Replies
    1. Buru,

      / ඔය සමීට් හවුස් වල නේද පස්සේ කාලෙක පාර්ලිමෙන්ටේරියන්ස්ලාට දුන්නේ? /

      මම දන්නෙ ජේෂ්ඨ රජයේ නිලධාරීන්ට සහ හමුදා නිලධාරීන්ට දුන්නයි කියලයි. මන්ත්‍රීලටත් කියල මම දන්නෙ නෑ.

      Delete
  11. ප්‍රධාන කතාව පැත්තකින් තිබ්බත් චීන්නු එක්ක වැඩ කරද්දි එපා කරපු වැඩේ තමයි කියන දේ නොතේරෙන එක.. එක සැරයක් බැරිම තැන ඌම මාව එක්කගෙන ගිහින් Google translate ගාව නැවැත්තුවා කියන දේ තේරුම් ගන්න බැරුව..

    ඇත්තටම මම හිතං හිටියේ උන් මෙච්චර කැපවෙලා වෙලාවක් අවේලාවක් බලන්නැතිව වැඩ කරන්නේ උන්ගේ ගෙවල්වල ඉන්න බැරි නිසා වෙන්න ඇති කියලා..lol

    ReplyDelete
    Replies
    1. රූ,

      කොහෙද බං අර මාතලේ දත් බඳින චීනා ගාවට ගියාද?...:)

      Delete
  12. අදනං පඳුරු තලලම නැද්ද කොහෙද හිටං.
    ප්‍රොජෙක්ට් එකක් පටංගන්න හැටි ගැන හොඳ විස්තරයක් තියෙනව මේකෙ.
    වික්ටරි එකේ කැන්ඩල් ලයිට මීටිං එකෙන් පස්සෙ දෙන්න යහතින් ගෙදර යන්න ඇතැයි හිතනව. හැක්...

    ට්‍රිනිටි එකට අර දරුවව ගත්ත එකට මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. පඳුරු තලල නැත්තෙ කොහෙද? ඇයි අර සුනාමි කතාව...

      Delete
    2. ප්‍රසන්න,

      ගියා ගියා ගෙදර ගියා....කිසි ආබාදයක් නැතුව...හෙහ්,හෙහ්,.

      " ආ...මොකද මේ? හොඳ ගණං වගෙ නේද? කොහෙද රැස්වීමක් කියල නේද දැං තකහනියක් දිව්වෙ? "

      " ඔ..ව්..ඔ..ව්..මේ..මේ..අර ..කික්..කික්...කිකෝෆ් මීටිං එක..තිබ් බනෙ. "

      " කිකෝෆ් තමයි. පේනව පේනව කිකෝෆ් එක….ඒ කරල පාටියකුත් දුන්නද? "

      " නෑ..නෑ..ඊට ප...ප..ස්සෙ අලුත් පී.එම්..එක්ක සුට්ටක් ඔය..ද ද්..දන්නෙ නැද්ද?"

      " හ්ම්ම්ම්..අලුත් පී.එම්. තමයි මට පේන්නෙ දෙන්න එක්ක බිල්ඩිං හදයි වගෙ තමයි."

      Delete
    3. තරු,

      සුට්ටං පඳුරක් අනේ..ඒක ගනන් ගන්න එපා...:)

      Delete
    4. බිල්ඩිං කොහොම වෙතත් තැබෑරුමක්නං හදයි කිව්වයි කියන්නෙ. හැක්..

      Delete
  13. රවී වටෙන් නොයා කෙලින්ම ලියපු පලවෙනි පොස්ට් එකද මන්දා. පර්ජෝ 504 එක නියම සැප කාර් එකක්. මගේ මාමා කෙනෙක් ළඟ තවමත් තියෙනවා 1980 වගේ ගත්ත එකක්. අදටත් බබා වගේ දුවනවා.

    කොළඹ ආනන්ද විද්‍යාලයත් අර දරුවා ඇතුලත් කර ගැනීමට සලකා බැලුවා මම දන්නා තරමින්.

    චීන්නු goodbye කියන්නේ "සයිජියාන්" කියලද කොහෙද මට මතක.

    ReplyDelete
    Replies
    1. අපිනo එහෙම දෙයක් ඇහුවෙත් නෑ. හැබැයි අකිල පුද්ගලිකවම කොළඹ ඉස්කෝල ගානකට කතා කලාය, ඒ හැමෝම බෑ කිව්වය කියල සමන් ආතාවුද හෙට්ටි අපේ මිත්‍රාවියකට කියල තිබ්බ.

      Delete
    2. @Indika
      http://www.asianmirror.lk/news/item/15278-kuliyapitiya-child-likely-to-be-admitted-to-top-government-school

      Delete
  14. //යමුද වික්ටරි එක පැත්තෙ?// අම්මපා අපිත් ඒ කාලේ නිතරම කියන වචනයක් තමයි මේක....
    හැබැයි කියන්න පටන් ගත්තේ A/L කාලේ (අමධ්‍යප සේනාව කඩු පොලු අමෝරා නොගන්න). ඒ කාලේ වික්ටරි යන්න සුදර්ශියේ කට් කරපු ක්ලාස් ප්‍රමාණය කියලා (වැඩිපුරම physics එක) නිම කරන්න බෑ.
    අපි වික්ටරියේ කොච්චර යාවජීව සාමාජිකයෝ වුනාද කියනවනම් අන්ත‍ිමේ අපිව වහල තියන වෙලාවට පස්සෙ දොරෙන් ඇතුලට ගත්තා (මට මතක විදියට වික්ටරිය අරින්නේ උදේ 11ට ආයෙ 2ට වහනවා ආයෙ හවස 5ටද කොහද) ඒ මදිවට ක්‍රෙඩිට් වලටත් බඩු දුන්නා.

    ReplyDelete
  15. චීන්නු මිනිස්සු ගණන් ගන්නේ නෑ , චීන්නු එක්ක එන එඋව්න් අතර හැබෑම සුදුසුකම් තියෙන එවුන් ඉන්නෙත් අතලොස්සයි .
    හොඳ චීන්නු ඉන්නේ මං හිතන්න එලන්කාවේ ඉන්න දත් බඳින චීන්නු විතරද කොහෙද ?

    කුලියාපිටියට දුන්න ත්‍රිත්ව එන්නතට අපේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. අපි ගාව නම් ගොඩක් හොඳ චීන්නු වැඩ කරනවා...
      සමහර විට උන් මේන් කන්ට්‍රැක්ටර් යටතේ ඉන්න නිසාද දන්නේ නැහැ හොඳ, උන්ගෙන් කිසි කරදරයක් නැහැ. මාර හෙල්ප්ෆුල්...

      Delete
  16. මේකත් අර ටීචර් එක්ක කතා සෙට් එකේ පසු සටහනක් ද කොහෙද. අර කතාවලට වඩා මේකෙ ටීචර්ට තැනක් දීල තියෙයිනෙ.

    ලමය ගත්ත එකට ත්‍රිත්ව විදුහලට අප සියල්ලන්ගේම ආචාරය හිමි වනවා.

    ReplyDelete
  17. The new indian express පත්තරේ කියෙවුවට පස්සෙ අතගාල බැලුවෙ මගෙ කලිසම තියනවද කියල, සභාව මැද්දෙ හෙලුවෙන් කියල එක පාරටම හිතුන.
    ඔය චීන්නු ඉන්නව නේද ? එහෙම කිවුවට චීන කෑලි උන් ඉන්නෙ හිනා වෙච්ච ගමන්, අපේ මැෂින් වගයක් එක්ක චීන කෑලි දෙකකුත් ආව මුන් දෙන්නටම බාසාවකට පුළුවන් චීන විතරයි. මම අපේ ට්‍රාන්ස්ලේටර් ගොයියට කිවුව බලපං මේකෙක් බැන්දොත් හිනා වෙලා ඉන්න පුළුවන් කියල, අම්මප අපේ උන්දැ යාළුවෙලා හිටිය හින්ද මිසක් නැත්නම් මම බදිනව අර චීනිව .
    වික්ටරි එක තියෙන්නෙ මාලිගාව කිට්ටුව හරස් පාරක නේද ? එතන සෙට් වෙලා පැණිදෙනියෙ බස් එක නවත්වන තැනට හූ කාල් බාගෙක දුරනෙ

    ReplyDelete
    Replies
    1. ///මම අපේ ට්‍රාන්ස්ලේටර් ගොයියට කිවුව බලපං මේකෙක් බැන්දොත් හිනා වෙලා ඉන්න පුළුවන් කියල, අම්මප අපේ උන්දැ යාළුවෙලා හිටිය හින්ද මිසක් නැත්නම් මම බදිනව අර චීනිව .///
      බඳින්නම ඕනේ නැහැ, දැනුත් ඕනෙනම් ඔය ෆීලින් එක සුට්ට සුට්ට වගේ ගන්න ඇහැකි පොඩ්ඩක් එහෙමෙහෙ කැරකුනානම්. හෙහ් හෙහ්...

      Delete
    2. සැක්..සැක් ලොක්ක ,හරක් මස් කෑවට මම පතිවෘතාව රකින කොල්ලෙක් හරිය.
      බලමු හැම තැනම ලින්ක් දාන ප්‍රා ජේ මෙවුව ගැන ලින්ක් එකක් දායිද කියල.

      Delete
    3. http://calpolymbatrip.com/2008/uncategorized/sex-beef-and-the-quarter-pounder-in-china/

      Delete
  18. කුලියපිටිය කියද්දි අවුල්.. මමත් කුලියපිටියෙ නිසා රවී අයියෙ.. ක්‍රිස්තියානි කියද්දි සතුටුයි මමත් කතෝලික නිසා..

    ඒත් ගොඩක් කතෝලික ඉස්කෝල තියනවා දුප්පත් කතෝලික දරුවන්ටම වුණත් දොර වැහෙන. ජේසු ජීවිතයෙන්ම පෙන්වූ ප්‍රේමයට, සමානාත්මතාවයට ඉඩක් නැති කතෝලික පාසල් ඕන හැටියෙ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ///ක්‍රිස්තියානි කියද්දි සතුටුයි මමත් කතෝලික නිසා..///
      ඒ ඉස්කෝලේ කතෝලික නෙමෙයි කියල තමයි වැඩිදුර කියෙව්වම දැනගත්තේ...
      ඒක ඇන්ග්ලිකන් ඉස්කෝලයක් බව තමයි තතු දත්තෝ පැවසුවේ...

      Delete
    2. ඔවුන් කවුරු උනත් ඔවුන්ට පැසසිය යුතු ක්‍රියාවක් සිද්ධ කලේ...

      Delete
  19. කතෝලික වේවා ඉස්ලාම් වේවා බෞද්ධ වේවා අද වෙද්දි ඔය ආගම් වලිං සමානාත්මතාව කියල දෙයක් ඉගැන්නුව නං ඒක මේ වෙද්දි තියෙන්නෙ අපායට බෝම කිට්ටුවෙන්..
    ඒකත් හෙන ජංජාලයක් නේ රවි අය්යා

    ReplyDelete
  20. සමානාත්මතාව දැන් මේ රටේ තියෙන්නේ නමට විතරයි.නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකම් අච්චු පොත් දෙන,රෙදි ගන්න වවුචර් දෙන එක විතරක් නෙමේ.අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය සුරකින්න කටයුතු කරන එකයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ.ඒ දරුවාගේ අධ්‍යාපන අයිතිය සුරකින්න වගකිවයුතු නිලධාරීන් හරියට කටයුතු කෙරුවේ නැති බවයි මගේ හැඟීම.අධ්‍යාපන ඇමති වුනත් මුලින් කරපු කතාව දැක්කනේ රවීයියේ.කොහොමත් උනත් ත්‍රිත්ව විද්‍යාලය කරපු වැඩේ අපි අගයන්න ඕනේ.

    ත්‍රිත්ව විද්‍යාලයේ දැන් විදුහල්පතිත් විදේශිකයෙක්නේ.

    අර "කැන්ඩල් ලයිට්" සුහද හමුව වගේ තමයි. මේ කමෙන්ට් එක කොටන්නෙත් ඉටි පන්දම් එළියෙන් හිටං.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය. ඒක මේ සිද්දියෙදි කොහෙද තිබුනෙ?

      Delete
  21. ඔය කුලියාපිටියේ දරුවාගේ ප්‍රශ්නය ඇතුලේ ලෝකෙටම ප්‍රසිද්ද කරලා පෙන්නුවේ අපේ රට තාම තියෙන්නේ ගෝත්‍රික සමාජයේ කියලයි.අපේ මිනිස්සු මී හරක් පාර්ලිමේන්තු යවල උන් මුළු රටම මී හරක් කියල ලෝකෙට පෙන්නන්නවා. ඒ වගේ මී හරක් විසින් ගන්න තීන්දු තීරණ වලින් අපේ දරුවන්ගේ අද්‍යාපන තත්වයට කුමන කලක් යාවිද කියල හිතාගන්න අමාරුයි. වැඩේ කියන්නේ උගත් කියාගන්නා ආචාර්ය මහාචාර්ය වරුත් ඒ මීහරක්ටම සර් කියාගෙන කඩේ යන එක නෙව.

    සමහරක් උදවිය පපුවේ ගහන ඉන්නේ සිංහලේ කියල. කට ඇරියොත් ආගම ජාතිය ඉස්මුදුනේ.. ඒත් අර දරුවට වෙච්චි අසාධාරනෙට මීක් සද්දයක් නැහැ. ජාති ආලය රෙද්ද පල්ලෙන් බේරේ කිව්වලු.

    (අපි කොයිතරම් චීනාටබැන්නත් චීනා මුළු ලෝකෙම අල්ලලා ඉවරයි රවී.. උන්ගෙ ශ්‍රමය බොහොම ලාභ නිසා ලෝකේ දියුණු රටවලුත් උන්ට අවශ්‍ය කරන සියලුම නිෂ්පාදන චීනෙට කියල තමයි හදවන්නේ.. ඒකෙ අතුරුපල සුපිරියට විඳින්නේ ටෙක් රස්සාව කරන මම වගේ එවුන්. සමහර චීන යන්තර තියනවා බන් අත තියන්න බයයි. හදන්න ගලවනකොටත් ඇන හත අටක් එලියට ගන්නේ ඩ්‍රිල් එකෙන් විදලයි. ඉතින් ආපහු හයි කරද්දී කැඩිච්ච කෑල්ල වෙනුවට අලුත් ඇන මුරිච්චි විස්සක් තිහක් අලුතෙන් දාන්න වෙනවමයි.

    මම පුද්ගලිකව හිතනවා චීනා සහ ඉන්දියානුවා කාර්මික ක්ෂේස්ත්රයට අවතීරණ වීම නිසා විඳින්න තිබ්බ සැප හුඟක් මිනිස්සුන්ට අහිමිවුණා කියල.)

    ReplyDelete
  22. පේවර් එක එනකොට කේබල් එකට පයින් ගහලා ලෙවල් එක පාත් කරගෙන ඇස්පෝල්ට් ඉතුරු කරගන්න හදපු චීන්නු වගයක් එක්ක මාත් වැඩකලා . core කැපුවට පස්සෙ තමයි උන්ගේ අමාරුව හොඳවෙන්නෙ,තව ඕකුන් කරපුවට අර මාලක ... කතන්දරය තමයි කියන්න තියෙන්නේ
    මට 'මරා'ව සදහටම එපා කරවන්න නම් මුං හොඳ සපෝර්ට් එකක් දුන්නා :)

    ReplyDelete
  23. මම ගියේ ධර්මරාජයට... කෙලින්ම බුදුහාමුදුරුවන්ගෙම ඉස්කෝලෙ... රාජන්ස්ලා ඒ කාලෙ ට්‍රිනිටි එක සැලකුවේ පොශ් එවුන්ගේ ඉස්කෝලෙ කියලා... මහාමායාවෙ කෙල්ලෙක් ට්‍රිනිටි කොල්ලෙක් එක්ක යාලු උණොත්, ඒ කෙල්ලට ක්ලාස් එහෙම එන එක එපා කරවනවා... ඒ තරම් ට්‍රිනිටියට කැමති නැහැ. ඒත් උන් පෙන්නලා තියනවා සමාජයේ උන් ඉන්න තැන සිංහල බෞද්ධ මෙව්වා එකට වඩා ගොඩක් ඉස්සරහ කියලා.

    උඹ චීනට සයොනාරා කියලා ගියා නං උං උඹ වැඩට එනකං තාම බලං ඉන්නව ඇති... ඒක නෙමේ ලෝඩ් බකිංහැම් රස්සාව දමලා ගහලා ගිය කතාව මම අහලා නෑනේ බං... මොකද්ද ඒ කතාව?

    ReplyDelete
    Replies
    1. හැබෑටම කොහොමද බං ලෝඩ් බකිංහැම් රස්සාව දමල ගහලා ගියේ? මමත් ඒ කතාව දන්නේ නෑනේ. ඔය ලෝඩ් ෆකීර් වගේ කියලා නම් අහලා තියෙනවා. කියහංකෝ කොහොමද ෆකීර් කෙනෙක් ලෝඩ් කෙනෙක් වුනේ කියලත් ඒ එක්කම.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...