Friday, March 18, 2016

400. එෂැණිං පුවක් 9 - " ජීල බලඤ්ඤ මම කොරල පෙඤ්ඤඤ්ඤා " කෝළම ලාංකේය කෝළම් සම්ප්‍රදායේ නව නැම්මකි.




කොළඹ හයිඩ් පිටියේ ඊයේ රඟ දැක්වුනු නවතම "ජීල බලඤ්ඤ මම කොරල පෙඤ්ඤඤ්ඤා" කෝළම පිලිබඳ කලා විචාරකයෝ මහත් ප්‍රසාදයෙන් කථා කරති.

ලාංකේය කෝළම් සම්ප්‍රදායේ ජසයා සහ ලෙංචිනා කෝළම පරදවන මට්ටමේ සාර්ථක රංගනයක් මෙහිදී ඉදිරිපත්වුනු බව බොහෝ මැදහත් විචාරකයින්ගේ මතයයි. "ජීල බලඤ්ඤ" කෝළමෙහි ප්‍රධාන චරිතය ලෙස බම්මන්නා නොහොත් කෝණංගියා රංගාවතරණය දේශීය කෝළම් කලාවේ නව අත්හදා බැලීමක් බව සුප්‍රසිද්ධ කෝළම් උපදේශක ලෙමන් පෆ් කෝළමේ නිර්මාතෘ මෝඩවංශ මහල්ලා සහ මුහුද මහතා එකහෙලාම ප්‍රකාස කර සිටියේය.

සාමාන්ය කෝලම් සම්ප්‍රදායේ බම්මන්නා යනු විටින් විට සබයට පිවිසෙන අවශේෂ චරිතයක් වන නමුදු "ජීල බලඤ්ඤ" කෝළමෙහි පලමුව වේදිකාවට පිවිසෙන බම්මන්නා සම්පූර්ණ කාළය වේදිකාවේ රැඳීසිට ගායනයේ යෙදෙයි. ඊයේ රඟ දැක්වුනු ඒ සම්භාව්‍ය කෝළම පිළිබඳව විස්තරයක් පහත සඳහන් වේ.

කුරහන් සාටකය ගෙල වටා ඔතාගත් බම්මන්නා වේදිකාවට පිවිසේ. පිටැන්න පුරා රැඳී සිටින බයියෝ මෙලෝ සිහියක් නැතිව ප්‍රීති ගෝසා පවත්වති. 

අපේ හොරා අපට හොඳා, 
අපේ හොරා අපට හොඳා,

සාටකය දෑතට ගෙන ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන බම්මන්නා වේදිකාවේ පසෙකට වෙයි.

දණිස් දක්වා ඇඳි කෙටි සායවලින් සැරසුනු මෝඩවංස, දියනේස්, ඇතුලු පුහුණුවන බම්මන්නං කණ්ඩායම වේදිකාවට පැමිණ නටමින් මෙසේ ගයති.

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

තුන්වරක් මෙසේ ස්ථායී කොටස ගායනා කල පසු නැටුම් කණ්ඩායම වේදිකාව පසුපසට ගොස් තාලයට කකුල් සොලවමින් සිටිති. මේ අතර බම්මන්නා වේදිකාව ඉදිරිපසට එයි ඔහු ගයන්නේ උරුට්ටු කොටසයි.

මත්තල මම හැදුව පිටැන්නක්,
ආසියන්තර නේන,
ලෝකේ ලොකුම වතුරවල,
යලට මහට නැව් එන,

මෙසේ ස්ථායි කොටස පුහුණුවන බම්මන්නන් විසින්ද උරුට්ටු කොටස ප්‍රධාන බම්මන්නා විසින්ද මාරුවෙන් මාරුවට ගයනු ලැබිණි. ප්‍රධාන බම්මන්නා වේදිකාව ඉදිරිපසට එත්ම රැස්ව හිඳිනා බයියෝ මාරාවේශ වූ ලෙස විලාප තබන්නට ගන්නෝය. 

අපේ හොරා අපට හොඳා,
අපේ හොරා අපට හොඳා,

කෝළමෙහි ඉතිරි කොටස් මෙසේය.

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

ලසන්තල ප්‍රගීත්ලගෙනුත් අහඤ්ඤ,
රවිරාජුයි තාජුඩිනුත් ඉන්නව ඔඤ්ඤ,
කොරපුව මම උංදල යස රඟට කියාවී,
අපි එහෙමයි වැඩ කලෙ මේ වාගෙ නං නෙවෙයි,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

නුවර වැව වටේ,
රේසුත් පැද්ද මගෙ එවුං,
ගෝටා බල්ලො ගෙනාවා,
පෙලෙං එකක් වෙං කරං,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

බැසිලා ගැහුව ගැහිල්ලක්,
නැඟුමේ කෑලි හැලෙන්ට,
මගෙ කුකුල් මස්සිනා,
සිරිලංකං ඔක්කොම කෑවා,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

ක්‍රමයෙන් ගායනය වියැකී යන අතර බම්මන්නා බුරුසුව අඹරවමින් සාටකය කරකවමින් වේදිකාවෙන් සමුගනී.

44 comments:

  1. මක්ක උනත් හාරසීයට ඇවිත් සුභ පතන්න එපායැ ගොයියෝ...

    ReplyDelete
    Replies
    1. දේශක,

      අන්න ඒකනෙ අවුරුද්දට තරහ මරහ අමතක කරන්ට එපාය නැද්ද? ස්තූතියි දේශා...;)

      Delete
    2. ---------------

      රැස්වීමට වැඩිය හොද ඒක දැකල මේවගේ අපතයයින්ට දිරව ගන්න බැරුව දගලන එක...!

      -------

      Delete
    3. ඇනෝ,

      මොකද අප්පේ මේ දේශකයට බණින්නෙ?

      එහෙමත් නැත්තං හරියට කමෙන්ට් එකක් දාගන්න ඕන තැනවත් නොදන්නා බයියෙක්වත්ද?...:)

      Delete
  2. අද උදේ හඩ්සන්තුමා කියනවා ඇහුනා සිංහල ජන වින්ඥානයේද මොකක්ද එකක රජෙකුට ඇති තැන.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      සිංහල ජන විඥාණයෙ බම්මන්නලට තියනව ඊට වඩා තැනක්...:)

      Delete
  3. ලියන්න එපා අයිසේ මේ කෝලම ගැන.... බඩත් නිකං බොර බොර ගානවා වගේ.

    අනන්‍ය ගැන ආරංචියක් නැත?

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      මට ඉන්ට දෙන්නෙම නෑනෙ එතුමා...අර හයිඩ් පාක් එකේ කියල තියන ටික ඇහුවම සෝඩා බෝතලයක් කඩල එක හුස්මට බීල නහයයි කටයි වහගෙන උඩ පැන්න වගෙ උනා. කොහොමවත් ඉවසං ඉන්ටම බැරිවුනා. නැත්තං අර ලයිට් ගිය සීන් එක පෝස්ට් කලේ ඊයෙ රෑනෙ. එක දවසට දෙකක් මම ඔය පෝස්ට් කලාමයි. ඒකෙත් ගෞරවය හිමිවෙන්ට ඕන මරා තුමාට..හෙහ්,හෙහ්,

      Delete
  4. හැපි හාරසීයක් වේවා!!!

    ReplyDelete
  5. හාරසීයට මගෙ සුබ පැතුම් රවී!!!

    ReplyDelete
  6. 400 ක්ම -----සුභ පැතුම්. දේශපාලනේ ගැන නම කියනන් යන්නේ නැහැ මුකුත්. ශක්තිමත් විපක්ෂයක් තියෙන එක හොඳයි. දැන් විපක්ෂයේ ඉන්නේ බුකියෙනේ.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      එකඟයි ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕන. ඒත් පට්ට හොරු සහ කෝණංගියො එකට එකතු කරල හදාගත්ත විපක්ෂයක් ශක්තිමක් විපක්ෂයක් වෙන්නෙ නෑ...

      සුබ පැතුමට ස්තූතියි අජිත්!

      Delete
  7. කඩඉම ජයගැනීම ගැන මගේ ප්‍රීතිය!

    ReplyDelete
  8. 400 ට අපෙනුත් සුබපැතුම්!

    මේ දවස්වල ඉතිං අපේ වැඩේ ඔය දෙතුන් කට්ටියගෙම කෝලං බල බල ඉන්න එක තමා. වෙලාවකට එපා වෙනව අප්පා.

    ReplyDelete
  9. අර අනුර කුමාර උන්නැහේ කිව්වා වගේ ඔතනට පැන්නනම් පොලීසියට අල්ලගන්න තිබුනා හොරු ගෝනි දහයක් පහළොවක් විතර. කොහොමටත් මේ වගේ විකට ජවනිකා බලලා ලේ පිරිසිදු කරගන්න ලැබීම හොඳයි.

    අරයා පපුවට ගහගත්තා හොඳටම මදි. දුර්වල රඟපෑමක්.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      මදි නේන්නං හොඳටම මදි ..ඔහොමද ඒ කාලෙ ගහ ගත්තෙ දේයි..දේයි...කියලනෙ...:)

      Delete
  10. 400ට තව 400ක් ආවඩා ආයිබෝ වේවා..තව දිගට පඳුරු තලන්න හැකිවේවා..

    ReplyDelete
  11. සුබ 400 ක් වේවා. ඉදිරියේ තවත් පඳුරු තැලීමට හැකියාව ලැබේවා !‍

    හයිඩ් පිටිය ගැනනං අනේ මංදඤ්ඤෑ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      Thank you ..my යාවජීව පාඨක....:)

      Delete
  12. දැක්කේ නැතෙයි මං ගොනා පිල ඉට්ටේජ් එක උඩ අඩව්වක් ඇල්ලුවා හිටං.....

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      උන්නැහැ ඒ වැටුන නෙවෙයිලුනෙ මිහිකත සිපගත්තලු...:)

      Delete
  13. 400 ට සුබපැතුම් !

    කෝළමේ භූමි නමස්කාරය ගොම්මංපිලෙන් :)

    ReplyDelete
  14. අඩව් කෝලම ගැන ලියවිලා නැහැනේ රවී..

    හාරසීයට උණුසුම් සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      අඩව් කෝළම ගැන මම දැනගත්තෙ මේක ලියල පබ්ලිෂ් කලාට පස්සෙ...

      ස්තූතියි අම්බලං...:)

      Delete
  15. ඇත්තටම කියන්න දෙයක් නැහැ රවී.
    එලම එල පෝස්ට් 400 ක් කියන්නෙ විශාල සමාජ සේවයක්.
    සුභ පැතුම්

    ReplyDelete
  16. කිව්වත් වගේ දැකපු දුර්වලම රඟපෑම, බොරු ශෝ එකක් මිස ආණ්ඩුව පෙරලන්න හිතන්නේවත් නැත.
    400ට සුභ පැතුම් !

    ReplyDelete
  17. 400 ta subapatum....

    Jayawewa! !!!

    ReplyDelete
  18. නෙදකින් මෙහෙම සතුටු මෙහොතක දාපු රෙද්ද

    ReplyDelete
  19. 400ට උණුසුම් සුභපැතුම්..!! ඉක්මනින්ම අගට තව බිංදුවක් එකතු වේවා..!!!
    ජයවේවා..!!

    ReplyDelete
  20. හැබැයි බුවාගෙ දීල බලඤ්ඤ කෝලම සුපර් හිට් වුනා මට බැරි තුමාගෙ අඩේ එපා කෝලමට වඩා..
    සෝචනීයයි ඈ....

    හැපි 400 ක් වේවා රවි තුමා....
    400 අගට තව බිංදු දෙකක් වත් වැටෙන්නයි ඕන හෙහ්

    ReplyDelete
    Replies
    1. Thanks Mahesh....තවත් මගේ යාවජීව පාඨකයෙක්...:)

      Delete
  21. සිව් සිය ගව්වට
    සුපැතුම් මගෙනුත්...

    ReplyDelete
  22. හාරසීයට සුබ පැතුම් ! ඔය සාටක මහත්තයාගේ වැඩ නොදැක්කා වගේ ඉඳගෙන අර ගෑණු ළමයි ටික ගැන ලියමුද හිටගෙන...

    ReplyDelete
  23. අපෙත් සුබ පැතුම් මේ පොස්ට් 400 ට...:)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...