Wednesday, March 30, 2016

403. එෂැණිං පුවක් 11 - ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව ඉහළට……



එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ලෝක සතුටු දර්ශකයෙහි ( World Happiness Index ) 2015 වසරෙහි ශ්‍රී ලංකාව 2014 වසරට වඩා ස්ථාන 15ක් ඉදිරියට වුත් 117 වන ස්ථානය ලබා සිටී. මෙසේ ශ්‍රී ලාංකිකයින්ගේ සතුට වැඩිවීමට හේතු සෙවූ සමීක්ෂකයින්ගෙ වාර්තා අනුව ඊට හේතුපාදක වූ කාරණාවන් මෙසේය.

1.තමන් තවමත් කූඩු නොකිරීම පිළිබඳව මහත් ප්‍රීතියෙන් උද්දාම වී සිටින කොරල පෙඤ්ඤඤ මරාගේ උතුරා නැඟෙන සතුට

2. හෙට අනිද්දාට කෙසේ හෝ රජය පෙරලා තමන්ට යලි බලය ලැබෙනු ඇතැයිද එවිට සියලු වංචා සහ දූෂණ චෝදනා යලි යට ගැසිය හැකියයිද සිහින දකිමින් සිටින මරාගේ ගෝල බාල පට්ට හොරු රැලගේ බල තණ්හාධික සතුට

3. මරා කෙසේ හෝ යලි බලයට පැමිණියහොත් තමන්ට පෙර පරිදි හතර අතේ යටි මඩි ගැසිය හැකි වේයයි පිටපොට ගහගෙන සිටින බයියන්ගේ බයි සතුට

4. අලි නඩුවෙන් වැලිකඩට ධර්ම ප්‍රචාරය උදෙසා උසාවි නියෝග පරිදි වැඩම කරවනු ලැබූවද අස්ගිරි හාමුදුරුවන්ගේ අපවත්වීම පිහිටෙන් යලි එලියට ඒමට ලැබීම ගැන උම්මාලෝක චේතිය හන්දුරුවංගේ චුල්ල හස්ති සතුට

5. එසේම හැමදාම උදෑසන කුටියේ කවුලුව විවර කොට බලා ඊයේ රාත්‍රියේ කිසිවකු අලි පැටවකු පන්සල් භූමියට ගෙනැවිත් දමා නැතිබව දැනගන්නා උම්මාලෝක හන්දුරුවංගේ යන්තං අදත් ෂේප් සතුට

6. තව මොකවත් මරි මෝඩ කතාවක් කියා හත් පලේ ගා ගැනීමට පෙර කුලියාපිටියේ පාසලක් නැති දරුවාගේ ප්‍රශ්නය නිමාවීම ගැන ප්‍රීතියෙං ඉපිල යන අජ්ජාපන ඇමටිතුමාගේ ඇති ඔයිං ගියා සතුට.

7. දහං කොලුවා රෝයල් තෝමියන් මැච් එකේ ඉස්ටේජ් එකට නැඟලා නටපු නාඩගමේ හැටියට රෝයල් තෝමියන් මැච් අවුරුද්දකට එකක් පමණක් තිබීම ගැන දෙවියංට පිං දෙන ජනාදිපතිතුමාගේ දාරක ප්‍රේමී සතුට.

8. නිදහස් චතුරස්‍රයේ ඕන හැටියට පෙම්කිරීමට ආචාර්ය උපාධිධාරී නියෝජ්ජිය ඇමතිතුමෙකුගෙන්ම අවසර ලැබුනු බැවින් එහි තමනට රිසිසේ පෙං කරන පෙංවතුංගේ ප්‍රේමණීය සතුට.

9. කලකට පසු මිහිකත සිප ගැනීමට ලැබීම ගැන ඉස්සරහ දත් දෙකක් බුරුල් වුවද ප්‍රීතියෙන් ඔකඳ වී සිටින ගොම්මංපිල මංත්‍රී තුමාගේ මිහිකත චුම්බන සතුට. 

10 ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පවා පරාජය වීමට ගොස් යාන්තමට ජාම් බේරාගැනීමට හැකිවීම ගැන ප්‍රීතියෙං පිනාගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ දෙකංසෙං පෙරෙන සතුට.

11. යුක්තිය පසිඳලීම පිළිබඳව නඩුකාරයින්ට විවෘත උසාවියේදී නොමිලේ පාඩම් මාලා පැවැත්වීමට ගොස් කූඩුවේ ලැග ආපසු ඇප පිට නිදහස ලබාගත් නානසාරුගේ සිරෙන් නිදහස්වීමේ සතුට.

12.නිකං ඉන්ට බැරිකමට බදාගත් මේ මළ මඟුල යන්තමට අතක් පයක් නොකැඩී අහවරයක් වීම පිළිබඳව හද පතුලින් බුර බුරා නැඟෙන අජිත් අරවින්ද සහ කළ්‍යාණ ප්‍රභාලේඛකගේ නිරාමිස සතුට.

51 comments:

  1. කවුද අර 12 ඉන්න දෙන්න.

    ඇයි අර අසෝකාගේ කතාව සහ නොකැඩූ DD බෝතලය ගැන සිතින් දුක්... සොරි සතුට විඳින නිදහස් සිතුවිලි පාඨකයන්ගේ සතුට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අසෝකා සහ ඩීඩී බෝතලේ කතාව ලියමින් ඉන්නෙ බං...අම්මප ඒකෙ පිදුමට මම දාන්නෙ උඹේ නම...:)

      Delete
    2. ඒක හොඳයි.... 'පුදනකොටම කාපි යකා' නෙව

      Delete
    3. අනේද කියන්නෙ උපේස්සො.

      Delete
    4. සුදීකයගෙයි විස්කි බෝතලෙයි කතාවෙ අනික වෙයි වගේ. හැක්..

      Delete
    5. ප්‍රසන්න,

      ඒ මොකක්ද බං ඒ?

      Delete
    6. ඒකත් ඔය වගේ ඇදිච්ච කේස් එකක් තමයි.

      http://awidda-paya.blogspot.com/2013/03/2011-vi.html?showComment=1362831058896#c2678263298723555017

      http://awidda-paya.blogspot.com/2013/03/2011-viii.html?showComment=1363161909440#c1072812336428195414

      2013 සයිබර් ෆෙස්ටිවල් එකට ගිය සමහරක් ඉතුරු ටික දන්නව. හැක්..

      Delete
    7. අපේ දේශකයාව කිසිම සම්මානයකට අඩුම ගානේ නිර්දේශවත් නොවීම ගැන මම, සෙන්නා, කම්මල සහ නම කීමට අකමැති තව බොහෝ දෙනෙකුගේ සතුට....

      ඕකට දුකක් හිතුණා නං ඒ එකම එකෙකුට විතරයි, මට ඕනේ නම් උඩ බලලා නහයෙන් පෙන්නන්න පුළුවන්... අමුඩෙට සම්මාන නොලැබුනාම දුක් නොවෙන්නේ මොන *ක ද? හැක හැක..

      Delete
    8. ඌට සම්මාන දෙන්නෙ ඌ මොනව ලිව්වටද. හැක්...

      Delete
    9. මෙන්න තිසරගේ හැක හැක එකට කලින් එක කලබල වෙලා :D

      Delete
  2. ඒ අව් අස්සේ 'කොට' ඇතිතරම් තියෙද්දී එකෙක්කත් ඒ ගැන අහන්නේ නැති 'කොට ඇතත් අවුලක් නැති' සතුට

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      අඩේ එහෙම සතුටකුත් තියනව නේද හැබෑටම?

      Delete
  3. 13.ලියන්න ඇති තරං දේ තියෙද්දි ඒවා නොලියා පුවක් ලියමින් ෂේප් වීමට හැකිවීම ගැන සුර්යයාට ඇති ෂේප් න්‍යායික සතුට.

    ReplyDelete
    Replies
    1. 14. තමා ලියන්නට සිතූ දේ ඊට වඩා සිත්ගන්නාසුළු ලෙස වෙනෙකෙකු ලිවීම ගැන උදම් වන නිදහස් සිතුවිලි පාඨකයින්ගේ උවක් පුදහස් සතුට

      Delete
    2. හැලප,

      ලියන්න දේවල් නම් එමට. ඒත් මේ බහුරූ කෝලං දැක්කම මයිල් කෙලිං වෙන එකනෙ බං කාල ඉන්ට බැරි...:)

      Delete
    3. සඳ වියමන්,

      උවක් පුදහස් එතකොට ඒ?...:)

      Delete
    4. උවක් පුදහස්... තව උදුරු පදහස්.... අයියෝ එහෙම නෑ රවී. වැරදි තේරුමක් නොඑන විදිහට පද පෙරලිය කරගන්න සුදුසු වචනෙකට මතක් වුණේ එච්චරයි.
      නිදහසේ හිතලා කැමති දේ ලියන්න ඔබට තියෙන නිදහසට මම ගරු කරනවා. ලියන දේ කියවන්න අකමැති නම් උදහස් නොවී පාඩුවේ ඉන්නවා

      Delete
  4. ඇයි, මෙච්චරද තියෙන්නෙ? වෙන්න බෑ වෙන්න බෑ. හොඳට හිතල බැලුවනම් රවි අයියෙ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      තව තියනව බං..ඒත් එක පාරකට 12ක් ඇති...:)

      Delete
  5. ඔව්වට කියන්නෙ නිරා-මිස සතුට කියල. (නිරයෙන් ගැළවීමේ සතුට)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      නිරා-මිස = නිරය මිස් වීම...එහෙමද?

      Delete
  6. දවස් තුනක් ඉතරක් ලංකාවටම ලයිට් ගියත් ඉතිරි සතියේ ලංකාවටම නැතිව කොටහකට ඉතරක් ලයිට් යැවීම ගැන සියඹලා ආණ්ඩුවේ සතුට
    බයික් එකක් හැප්පුණත් කුණුකතා කොච්චර ඇහුවත් ගිය හොර ගමන මාට්ටු නොවීම ගැන හක්ගෙඩි උන්නැහේගෙ සතුට

    ReplyDelete
    Replies
    1. උඩු,

      / බයික් එකක් හැප්පුණත් කුණුකතා කොච්චර ඇහුවත් ගිය හොර ගමන මාට්ටු නොවීම ගැන හක්ගෙඩි උන්නැහේගෙ සතුට /

      ඇත්තටම ඒකගැන දැං කිසිම කතාවක් නෑ නේද? මට ඕක අමතක උනෙත් ඒ හින්දමද කොහෙද? හක්ගෙඩියා නිකම්ම ෂේප් වෙන සයිස් එකක් වගෙ තියෙන්නෙ..:)

      ඔතන අර චම්පික තමයි වාහනේ එලෙව්වෙ කියන කොල්ලද චම්පිකද බොරු කියන්නෙ කියල තීරණය කරන එක බොහොම සරළයි. ඔතෙන්ට ප්‍රොබබිලිටි තියරිය ( සම්භාවී න්‍යාය )දැම්ම නම් වැඩේ එතනම විසඳෙනවනෙ.

      චම්පික වාහනේ එලෙව්ව කියල කොල්ලට බොරු කියන්න මොකක්ද තියන හේතුව සහ මම නෙමෙයි එලෙව්වෙ කියල චම්පිකට බොරු කියන්න මොකක්ද තියන හේතුව..ඔය දෙක හිතල බැලුවම වැඩේ සක් සුදක් සේ පැහැදිලියි ( Pun Intended )

      Delete
  7. "තෙල චෞරයා නොබෝ කලෙකින්මැ ගල ග්‍රහයෙන් ගන්නෙමැ" වහසි බෙණෙමින් කල් මරන්නේ වෙද, සට්ට්ඹි කැල ඉවසන්නේ, උන් පිලි හිස සිසාරවමින් ඔවරසන් දෙනු දැක "යහපාලක" නම් වූ වංශයේ උන් චිත්ත සන්තාන අරා හට ගන්නා වු ප්‍රීතිය...

    මේකත් අන්තිම එකට වගේ දා ගමු..

    ReplyDelete
    Replies
    1. කඳුළු,

      ඒකත් මරු...තෑන්ක්ස්...;)

      Delete
  8. එදා ඉස්ටේජ් එකට නැගලා එෂැනිං පුවක් කියවන්න පුලුවංද කියලා අහද්දි 'බෑ' කියලා ජාමෙ බේරාගත් ප්‍රීතිය.
    ඒක සල්ලිවලට ගන්න බෑ මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. ඒක එදා ඉස්ටේජ් එකේදි කියෙව්වනම් අපේ අතින් හූ කියවීම නැති උනු සතුට.

      Delete
    2. සුරංග,

      / එදා ඉස්ටේජ් එකට නැගලා එෂැනිං පුවක් කියවන්න පුලුවංද කියලා අහද්දි 'බෑ' කියලා ජාමෙ බේරාගත් ප්‍රීතිය. /

      යකෝ උඹද ඒ? ඒත් බොල මං කල්යානයගෙ ඇඟට ගොඩ උනහම මොකද යකෝ එෂැණිං පුවක් කියෙව්වෙ නැත්තෙ කියල ඌ කිව්වෙනං..

      " අනේ බුදු අයියෙ ඒක කියවන්ට දෙන්ට කියල අපි හිතාගෙන උන්නු බුවාගෙ වොයිස් එක ඒකට ගැලපෙන්නෙ නෑ කොහෙත්ම. මේ නිකං දෙගොඩහරි ජාමෙ බිතක්කනේ බළල්ලු රැලකනේ යනකොට අර කෑගහන්නෙ ..අන්න ඒ වගේ...එෂැණිං පුවක් වගෙ එක කියවනකොට එතන තියෙන්ට ඕන බොහොම ගාම්බීර කට අඬක්. නැද්ද මං අහ්න්නෙ? මේ බුවා හරියන්නෙ නෑ ඒකට. ඒ කටඅඬ අන්න මල්හතයි බදුල්ලෙ පොලේ, තුනම සීයයි එන්න නංගිලා, එන්න අක්කලා..තුනම සීයයි තුනම සීයයි කියල ජංගි විකුණන්ට.."

      ඔන්න ඔහොම නෙව මේ කාපාලුව මා දැක්ක කියැව්වෙ...මුගෙ ආච්චිට..මූ දීයා කන්ට...

      Delete
    3. එහෙම ජංගි විකුනලා හැදිච්චි එකෙක් තමයි යකුනේ එදා සභාව මෙහෙයව්වෙත්.. හුප්.. මෙන්න මම දිව්වා..

      Delete
  9. වැඩක් කොරගන්න බැරිකම වහගන්න නටන නටන හැම තොයිලයම කුජීත උනත් අවුලක් නැතිනිසා ව්යාග්‍රා තුමාට ඇතිවන මංතීරු සතුට.

    තේ මිල , රබර් මිල බහිද්දී පොල් මිල නැග්ගවූ රිකිලිබද්ධ කරුවන් නිසා පොල් වතු හිමියන්ට ඇතිවූ සතුට.

    ගහක් දෙකක් නොව වනාන්තර වැනසුවත් අවුලක් නැති නිසා රිශාඩ් සහ රංගේ සොයුරන්ට ඇතිවන සතුට.

    ඉන්දියාවේ පාර්ලිමේන්තු වාර්ථා හිංදි භාශාවෙන් පලවීම නිසා රෙද්ද බේරුනු විකටසිංහ මහතාගේ සතුට

    තොරතුරු දැනගැනීමේ පනතේ ආනුභාවයෙන් සිපිරිගෙට යන පෝලිමට එකතුවන පිරිස වැඩිවීම නිසා හිරගෙදර කෑම සැපයුම්කරුට ඇතිවන සතුට

    හම්මේ... මේ ඔක්කොම කිය කිය ඉන්න අපේ සතුට...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. Gus,

      / තොරතුරු දැනගැනීමේ පනතේ ආනුභාවයෙන් සිපිරිගෙට යන පෝලිමට එකතුවන පිරිස වැඩිවීම නිසා හිරගෙදර කෑම සැපයුම්කරුට ඇතිවන සතුට /

      ඇයි බං හිර ගෙදරට දෙහි සැපයුම් කරුට ඇතිවන පස් වනක් ප්‍රීතිය? දන්නවනෙ නේද හිරේ ඇතුලෙ උණු අලු පල්ලෙ දාල පදං කරපු දෙහි පාවිච්චි කරන්නෙ මොකටද කියල.

      Delete
  10. බොරු හේතු දෙන්නෙ නැතුව රවියා නෙලුම්යායට ආවනම් ලංකාවේ සතුටු දර්ශකේ තව ටිකක් නගිනව.

    ReplyDelete
    Replies
    1. ඉයන් සහ තිලක්,

      බොරු නෙවෙයි බොලව්.......

      මෙන්න මෙහෙමයි තොරණෙ විස්තරේ පටං ගන්නෙ....ඊලඟ කොටුවෙන් පෙනෙන්නෙ ක්‍රිෂ්ණජිනා පැනදුවනව.....ජූතකයා..රම්ප ටකං ටක රම්පං ටකර ටකං රම් පම් පම්... තොරණෙ විස්තරේ දන්නව නේද?

      මෙවර නෙළුම්යාය සම්මාන උළෙලෙහිදී නිදහස් සිතුවිලි වියුණුවට බොහෝවිට සම්මානයක් හිමිවීමෙහි අවස්ථාවක් පවතින බැවින් ඒ සඳහා සහභාගී වියහැකිදැයි අජිත් මගෙන් විමසූයේ සති දෙකකට හෝ තුනකට පමණ පෙරදීය. මා ඔහුට පිළිතුරු දුන්නේ මෙලෙසය.

      " සමාවෙන්න අජිත්, සම්මාන උළෙලට සහභාගී වී ඔබ සහ අනෙකුත් සොඳුරු මිනිසුන් මහත් රාශියක් මුහුණට මුහුණ හමුව හඳුනාගෙන සතුටු සාමීචියෙහි යෙදීම වනාහී කොපමණ ප්‍රියජනක වුවද නොවැළක්විය හැකි කරුණක් හේතුකොටගෙන ඒ භාග්‍යය අත්විඳින්නට මට නොලැබෙන බව දන්වා සිටිනුයේ සාතිශය සංවේගයෙනි.මා වෙනුවෙන් නිදහස් සිතුවිලිහි මගේ හවුල් කාරිනිය ( නිදහස් සිතුවිලි වියුණුව යනු ඇගේ නිර්මාණයක් බැවින් ඇය මගේ හවුල් කරුවා නොව සත්‍ය වශයෙන්ම මම ඇගේ හවුල්කරුවා වන්නෙමි ) සම්මාන උළෙලට සහභාගීවනු ඇත.

      ඒ නොවැළැක්විය හැකි හේතුව පිළිබඳ අන්දරය ඔබට පවසන්නට මට අවසර දයාබර පාඨකයිනි. මේ කථාවේ මූලාරම්භය උදෙසා අප වසර එකහමාරකට පමණ පෙර අතීතයට ආපසු යා යුතුය. එසේය නිවැරදිව කාල වකවානුසහිතව පවසන්නේනම් ඒ 2014 වසරේ අගෝස්තු මාසයයි. මා සේවයකල සමාගමේ ප්‍රධානියා එනම් මෙහෙයුම් අධ්යක්ෂවරයා හදිසියේම මා කැඳවීය. වේලාව දිවා ආහාර විවේකය ඉතා ආසන්න බව මගේ මතකයේ ඇත.

      " Come in and please close the door Ravi…I have something important to tell you " ඔහු මා අමතා පැවසූයේ අසුන් ගන්නා ලෙස සුරතින් ඔහුගේ මේසය ඉදිරියේවූ ආසනය දක්වමිනි.

      Delete
    2. ආන්න වැටුන චැනල් එකට...

      දැන් ඉතින් ආයේ නැහැ බැක් ටු බැක් රිමික්ස්

      Delete
    3. Upeksha,

      / බැක් ටු බැක් රිමික්ස්../

      අපෙ උන්දැයි මායි වලි ගිහිල්ල නෝ කතා නෝ සිනා මෝඩ් එකේ ඉන්න කොට නිදාගන්නෙ ඔය බෑක් ටු බෑක් රීමික්ස් ඉරියව්වෙං

      Delete
    4. අපිත් වලි ගියාම බැක් ටු බැක් ඉරියව්වෙන් බුදියනවා.. හැබැයි එදාට කොහෙත්ම රි මික්ස් වෙන්නේ නම් නෑ.. හුප්.. ආයෙත් කට වැරදුණා.. මෙන්න මම දිව්වා..

      Delete
    5. තව සීරීස් එකක් පටන් ගන්න පුළුවන්.... නෙළුම් යායට සහභාගී නොවීම හෙවත් මගේ රැකියා ජීවිතය

      Delete
  11. රවී, මරාසාද් හා අලි පැටි උන්නාන්සේ එක්ක මොකෝ මේ නිමක් නැති අරෝව ?. සමරන්න දේවල් තියෙන එකේ මේ සිකුරාදා සෙට්වමුද ? මම කෝල් එකක් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. තිලක්,

      හරි එහෙනං මේ සිකුරාදා ...හරිනෙ? …

      අඩි තුනක් වගෙ දිග දෙකේ දෙකේ පොලු කෑල්ලකුයි පොට තුනේ වගෙ නයිලෝන් ළණු කැරලි දෙකක් තුනක් වගෙයි ගෙනල්ල තියන්නකො කෝකටත් කියල....හෙහ්,හෙහ්,

      Delete
  12. // 2015 වසරෙහි ශ්‍රී ලංකාව 2014 වසරට වඩා ස්ථාන 15ක් ඉදිරියට වුත් 117 වන ස්ථානය ලබා සිටී.//

    අතක් පයක් වගේද , කකුලක් :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඒකත් හරි තමයි.."වැඩ දන්න හින්ද බෙල්ල කැඩිල බේරුණ" කිව්වලු.

      Delete
  13. ඔබට ශතුටුයිද දැන්?

    කියලා අපෙන්ම අහන්න තමා තියෙන්නේ.

    ReplyDelete
  14. අංක 12 තමා හොඳම. මට අනුව 13. රවී, හැලප, සුරංග, රසික ඇතුලු (නම නොකී ඈයෝ කමත්වා!) සුවහසක් බ්ලොග් කරුවන්ට පිං සිදුවන්නට මානසික ආතතිය සමනය කර ගන්නා පාඨකයින්ගේ සතුට.

    ReplyDelete
    Replies
    1. උදය,

      ස්තූතියි..හෙහ්..හෙහ්..මානසික ආතතිය ඈ?....:)

      Delete
  15. පොදු දේපල විනාශ කිරීම ඇප හෝ ලබා දිය නොහැකි වරදක් වුවත් එම වරද සිදුකර ඇති ජෝන් බාස්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ජෝන් බස්ගේ හිතේ නැගෙන අපිරිමිත සතුට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඔය මං තීරුව කැඩුනෙ කොහොමද කියල මෙහෙටනං ආරංචි වුනේ වෙන සීන් එකක්….:)

      ඒ අනුව කියන්නෙ බං තමන්ට වලක්වාගත නොහැකි හේතුවක් හින්ද පොදු දේපල විනාශ වුනාට ඇරෙස්ට් කරන්න බැරිලු. ඒකයි ජෝනා තාම එලියෙ ඉන්නෙ.

      මෙන්න මේ පෝස්ට් එක කියෙව්වම මල්ලි උඹට තේරෙයි මංතීරුව කැඩුණෙ කොහොමද කියල...:)

      Delete
  16. සායක්කාරගෙ විකාර නැතිව මේ පුවක් එෂැනිං තිබුණනං කොයි තරම් හොඳද? බලන්ටකො වෙච්චි අලකලංචිය...

    ReplyDelete
  17. මේක තමයි ස්ක්‍රිප්ට් එක සායා ට යවපු. ඒ හරක් පැටියා වැඩේ කෑවනේ. ඔය අන්තිම කරණය දාලා තියෙන්නේ මේක එදා කියවන්න බැරි වෙච්චි එකට ඔරොප්පු වෙන රවී ගේ කේන්තිය පිට කරන්න බව කරුණාවෙන් සලකන්න. ඇත්තටම ලංකාව ස්ථාන 14යි ඉස්සරහට ඇවිත් තිබ්බේ.. රවී කේන්ති ගත්ත තරමට ඒ රට ශ්‍රී ලංකාවට වඩා පසු බැස්සා කියහන්කෝ.. හැක හැක හැක..

    ReplyDelete
  18. එදා අර කෙටි නාට්ටිය වෙනුවට මේක දැම්මනම් මරු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...