Monday, October 3, 2016

445. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 6 - "මගෙ හද මඩල මල් යහනකි.........."


" The girl on the train " බොහොම අපූරු කතාවක්.
ඉතාම කෙටිකාලයකින් බොහොම ජනප්‍රිය වුනු මේ නවකථාව
ආශ්‍රයෙන් නිපදවුනු චිත්‍රපටය මේ මාසෙ තිරගත වීමට නියමිතයි.

"හරි හරි මම කිව්වනෙ දැන් කෑගහන්න එපා කියල." ඇය හිස මෑණියන් දෙසට පහත්කොට කුමක් හෝ පහත් ස්වරයෙන් පැවසුවාය. ඒ කුමක් වුවද ඇගේ මව වහා හිස ඔසවා මදෙස බලා සන්සුන්වීමට වෑයම් කළාය.

"මෙතන නිකම් තේරුමක් නැතුව කෑගහන්ට එපා අම්මෙ. අර අතන ජනේලෙ අයිනෙ ඉන්න හොඳ වැදගත් පෙනුම තියෙන මහත්මයා ඉන්නව නේද? එයාව තමයි මම කවද හරි බඳින්නෙ. ඒ හින්ද අම්ම මෙතන නිකම් කලබල කරන්න එපා..තේරුණාද?" ඇය පැවසූයේ එවැන්නක් විය නොහැකිද?

ඇගේ මවගේ සිත් දිනාගැන්මට මේ මහඟු අවස්ථාවෙකැයි ද වහා ඉදිරිපත්ව මේ උද්ගතව ඇති බරපතල තත්වය සමනය කිරීමට යම් පිළියමක් යෙදුවේ නම් මගේ සිතැඟි එලෙසම ඉටුවනු නියත බැව්ද මට එකෙණෙහිම මසිතට නැඟිණි. එහෙත් මට විසඳාගත නොහැකි ගැටලුවක් වූයේ ඇය එනම් එම යුවතියගේ මවට කෙසේ නම් ආමන්ත්‍රණය කරන්නේද යන්නයි.

"නැන්දම්මේ" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි මා දුම්රිය මාර්ගය අසල ඇලකට, පොල් වත්තකට හෝ වෙල්යායකට අහසින් ගොස් පතිත කරවීමට හේතු විය හැක. ඇගේ නම දන්නේනම් "මිසිස් XXXXX" කියා ඇමතිය හැක. "නෝන මහත්මයා" යයි ඇමතුවහොත් මා ඇයට කවටකම් කරන්නේය යන නිගමනයට ඇය   අනිවාර්යයෙන් එළඹෙනු ඇත. එලෙසම බොහෝ උඩරට කුල කාන්තාවෝ "ආන්ටි" යයි තමන් ඇමතීම පිළිකුල් කරති. විශේෂයෙන් නාඳුනන තරුණයකු විසින් ආන්ටි යයි ඇමතීම ඔවුහු උදක්ම පිළිකුල් කරන්නෝය. ඊටත් විශේෂයෙන් තම රුවැති තරුණ දියණිය හා ගමන් කරද්දී නාඳුනන තරුණයකු විසින් ආන්ටි යයි ඇමතීම බොහෝසෙයින්මැ පිළිකුල් කරන්නෝය.

අවසන කිසිදු අපහාසයක් හෝ කවටකමක් ගැබ් නොවන්නේයයි මට හැඟුණු "මැඩම්" යන වදනින් ඇය ඇමතීමට මම තීරණය කළෙමි. 

"අහ්ම්...මේ......... මැඩම්...." මගේ හඬ කොපමණ ගෞරව පූර්වක එමෙන්ම හැඟීම් බර වූයේද යත් අනායාසයෙන්ම මා දෙනෙත් තෙත්වූයේය. වික්ටෝරියා රාජිණිය තමන් අබියස ජීවිත දානය අයදිමින් දණින් වැටුණු දරුණු මනුෂ්‍ය ඝාතකයකු දෙස හෙලනා පිළිකුල් සහගත බැල්මක් වැන්නකින් මගේ හිසේ සිට දෙපතුල දක්වා අවලෝකනය කල ඒ යුවතියගේ මෑණියෝ තොමෝ ඉක්බිති හිස ගස්සා දුම්රිය කවුළුවෙන් ඉවත බලා ගත්තීය.

දෙතොලගට නැඟ ආ මදහස තොල් සපාගත්වනම වළකාගත් ඒ යුවතිය නොරුස්නා ස්වරයකින් මව ඇමතුවාය.. "මොකද අම්මා මේ වෙලා තියෙන්නෙ?" 

තම දියණිය දෙස හිස හරවා ඔරවාගත්වනම මොහොතක් ගතකල මෑණියෝ යලි හිස ගස්සා ඉවත බලාගත්තාය. එවර දියණියගේ මුවට නැඟි සිනහව වළක්වා ගැන්මට තොල් සපාගැනීම ප්‍රමාණවත් නොඉවුණු සෙයකි. යුවතිය සුරතින් මුව වසා ගත්වනම මවෙතින් ඉවතට හැරුණාය.

මේ වනවිට පසුවූ දුම්රියපල පල්ලෙවෙල බව මම දුටුවෙමි. එබැවින් තවත් මිනිත්තු දහයක් පමණ කාලයක් ඇතුලත දුම්රිය මීරිගම දුම්රිය පොලෙහි නතර කරන බව මම දැනසිටියෙමි. ඇගේ මවගේ රැවුම් ගෙරවුම් නොසළකා ඇය යලි ඇමතීමට මම තීරණය කළෙමි.

"මැඩම් මේ.... තව විනාඩි දහයක් වගෙ යද්දි කෝච්චිය මීරිගම ස්ටේෂන් එකේ නවත්තනව. ස්ටේෂන් එකේ ටොයිලට් එකේ නම් අනිවාර්යයෙන්ම වතුර ඇති. හැබැයි වෙලා යනව වගේ නම් පොඩ්ඩක් ගාඩ්ට කියල යන්ට. මේකට පෙට්ටි දෙකකට පස්සෙ ගාඩ් පෙට්ටිය තියෙන්නෙ."

"මැඩම් යූ වෝන්ට් ටු ඩූ නම්බර් වන් ඕ ටූ?" යනුවෙන් ඇය විමසීමට මසිත පැන නැඟි ආශාව මම මැඩ ගත්තේ බලවත් ආයාසයෙනි. එසේ විමසූයේනම් ඇය කුමක් පවසාවිදැයි කල්පනා කිරීම පවා මගේ දෙතොලට ගෙන ආවේ සිනහවකි. මා සිනාසෙනු දුටුවහොත් ඇය මට පහරදීමට පවා පෙළඹිය හැකිබව ඒ සමඟම සිතට නැඟුනු බැවින් මම වහා මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කොට ගතිමි.

මවිසින් ලබාදුන් උපදෙස සහ දැනුවත් කිරීම වෙනුවෙන් අවම වශයෙන් සුහද බැල්මකින් හෝ තම කෘතඥතාවය පලකලේ ඇය නොවේ. මදෙස එක වරක් යම්තමට හිස හරවා බලා ඇය යලි කවුලුවෙන් ඉවත බලා ගත්තීය.

තම මවගේ නොහික්මුණු ක්‍රියා පිළිවෙල යුවතියගේ සිත රිදවූවා සේය. ඇය මා දෙස හැරී සිනාසුණාය. "අනේ තෑන්ක්ස් අයියා...තෑන්ක් යූ සෝ මච්..." ඊට පිළිතුරු ලෙස ඇගේ මව ඇය වෙත නැවී යමක් කෝපාවිෂ්ඨ ස්වරයෙන් පැවසුවාය. පහත් ස්වරයෙන් කල ඒ තරවටුවෙන් මට ඇසුනේ අවසන් වදන් කිහිපය පමණි. "මම කියන්නෙ නෑ ඔන්න ආයෙ එහෙම....."

"අම්ම මේ මොනව කියනවද මන්ද?..." එසේ තොලමැතුරූ ඇය නොපහන් බැල්මක් මව දෙසට යොමුකොට ඉක්බිති අසුනෙහි හේත්තුවී දෑස් පියාගත්තීය.

මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
නුඹෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පළයන් ප්‍රභාවතී...

සිනා සිසී දෝතින් යහන සැදුව ලියේ
මුවාවට ගොසින් ඉකි බිද හැඩුව ලියේ
මට ම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ...

පිල් කොමුවකින් පිල් කොමුවට ඇදුන ලියේ
මල්වර සුවඳ ඇඳි වරලස ඉනුව ලියේ
තවලම්පොටින් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ...

ගායනය : ගුණදාස කපුගේ

40 comments:

  1. අම්ම උදැල්ලක් වෙලා. අපරාදෙ, ඊලඟ එපිසෝඩ් ටික අප්සෙට් යයිද?

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      උදැල්ලක් කියන්නෙ නියම උදැල්ලක්...;)

      Delete
  2. මදි මදි. උත්සාහය හොඳටම මදි.
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි - වන් ඩේ යූ කැං ෆ්‍රයි කියල තියෙනවනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උත්සාහය උක් දණ්ඩක් වැන්නේ වැළදූ පසුවයි බොග හිරවෙන්නේ..කියල සිංදුවක් කියනව නේද ඔය කවුද ගායිකාවක්...

      / ට්‍රයි ඇන්ඩ් ට්‍රයි - වන් ඩේ යූ කැං ෆ්‍රයි කියල තියෙනවනෙ. හැක්.. /

      ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කලානං ආය වන්ඩේ වෙනකල් ඉන්ට ඕන නෑ මට එදාම කෝච්චියෙං එලියට ෆ්ලයි කරන්න තිබ්බ අර වෙලකට නැත්තං බඩවැටියකට...:)

      Delete
    2. https://www.youtube.com/watch?v=lRlsoRKcDaw

      එයි.....අපේ චන්ද්‍රිකා නෝනගේ ලස්සන මූණ බලාගෙන මොකුත් කියනවා එහෙම නෙවෙයි හරිය?

      Delete
    3. විචා,

      අනේ අප්පේ චන්ද්‍රිකා නෙවද? ඔය සිංදුව ලිව්වෙත් අපේ මහා කවි, ගත් කතුවර රණසිහ පෙම්දසුවෝ නොවෙන්නෙම්ද?

      Delete
  3. මැඩම්ට කියන්න තිබුණෙ වතුර හොයන්නැතුව ලේසිම විකල්පය විදියට ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන්නය කියල. ඔහෙට බැරියැයි අනාගත නැන්දම්මට සැලකීමක් වසුයෙන් පිස් පෝච්චිය අල්ලන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ කාලෙ ටොයිලට් පේපර්ස් තිබ්බෙත් නැද්ද කොහෙද බං...:)

      Delete
  4. අඩේ රවීයියා මේ සින්දුව බොහොම ලස්සන එකක් තමා.එත් මේ සින්දුව මේ එපිසෝඩ් එකට ගැලපෙනවා මදි වගේනේ.
    කොයි හැටි වෙතත් ඔය සින්දුවේ අන්තිම පදය "මල් යහනෙන් බැස පළයන් "නොකා ගුටි" කියලාත් වෙනස් කරලා කොල්ලෝ කියනවා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / අඩේ රවීයියා මේ සින්දුව බොහොම ලස්සන එකක් තමා.එත් මේ සින්දුව මේ එපිසෝඩ් එකට ගැලපෙනවා මදි වගේනේ. /

      නෑ...නෑ..සම්බන්දයක් තියනව බං සම්බන්දයක් තියනව. ඊලඟ කොටසෙ ඒක කියන්ට හිටියෙ..හරි දැං උඹ අහපුත් එකේ කියන්නංකො ඕන XXXX පණං අටයි කියල. ඒ කියන්නෙ මලයෝ ගීතය සහ කතාව අතර සම්බන්දෙ මෙහෙමයි..කොහොමද? ඔය රූබර යුවතිය ඉන්නව නේද? ඒ යුවතියගෙ නම ඇවිදිල්ල හිට ඇඹුල්අඹේ හොදිහදන නිළමෙලෑ වළව්වෙ ශ්‍රී දන්තනාරායණ විරාජමාන මහත්ඵල මහානිසංස අදිකාරම්ලාගේ ප්‍රභා වසුන්දරා වාසුල දත්තා මැණිකේ මීවනපළාන....නොහොත්.... A.H.N.W.S.D.V.M.M.A.P.V.V.M.Meevana palana you underskirt Manoj?

      Delete
    2. එතකොට මැණිකේ මීවන පලානද හිටියේ. හැක්

      Delete
    3. මීවනපලානෙ ජයරත්නගෙ කවුරුහරි වෙන්න ඇති.

      Delete
    4. මරු නම අෆ්ෆා.එත් රවීයියේ මට තාමත් අවස්ථා සම්බන්ධය not underskirt...:)

      Delete
    5. ඉවාන්,

      යස් මැණිකේ මීවනපලානෙ තමයි..

      මීවනපලානේ ඩිංගිරි අම්මාය..
      රෑට බතට කන්නේ මස් පුච්චාය..

      කියල අර සිංදුවකුත් තියෙන්නෙ...:)

      Delete
    6. ප්‍රසන්න,

      හැබෑටම මී ජයා ආගිය අතක් නෑ නේද?

      කො.ක.ස. සබාපති පදවිය උඹට දුන්නෙ ඔය වගෙ නොලියන බොලොග්කාරයිංගෙ කිරිපල්ල හංකිචි කවල උං කුල්මත් කරල ආය බොලොග් ලියන්ට පෙළඹවීමේ වගකීමත් එක්ක. තේරුණාද? මට පේන්නෙ උඹ ඒ රාජකාරිය ඉත්තේරුවෙම්ම පැහැර හරිනව වගෙ. මේ ගැන සුදුසු කිරියාමාර්ගයක් ගන්ට වෙනව..

      Delete
    7. මනෝජ්,

      ඇයි බොල කොලුවෝ...බලාපියකො යුවතියගෙ නම ප්‍රභා..එතකොට කපුගේ අයිය කියන්නෙත් ප්‍රභාවතී කෙනෙක් ගැනනෙ...නව් වැරි වැල් අන්ඩස්කර්ට් නෝ?

      Delete
    8. රවීයියා,ඔන්න මටත් ගොනාට වගේ තේරුනා දැන් නම්...:D

      Delete
  5. තව ඉස්ටේසං දෙකක් කලිං බැහැල හැලපෙලගෙ වැසිකිලියට යන්ඩ කියල , හැලපෙත් එක්ක අඩියක් ගහල නයිට් මේල් එකේම යන්ඩ තිබ්බ , අපරාදෙ...

    ReplyDelete
    Replies
    1. එතකොට අර කෙල්ලට මොකද වෙන්නෙ බොල.

      Delete
    2. කම්මල,

      හුටා එහෙමද? හැලපෙයා ඉන්නෙ ඒ කිට්ටුවද?

      Delete
  6. බාසුන්නැහේ.......අර ගලවපු එංජිම ආපහු හයි කරන්නේ,,,පිගොට් වින් කරපු දවසටද....
    මීට.....උඹෙන් කාර් එක හදාගන්න වාං පතුලෙන් ආ ජෝං මහත්තයා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      හෙහ් අර කාරෙකේ එන්ජිම ගලවල බිම තියල ෂපාන් එකේ අඹගහයට ලෑලි බංකුවට වෙලා කකුල් දෙකත් උඩට අරගෙන රේස්කොලේ බලන බාස් උන්නැහේ ගැන නේද උඹ මේ කියන්නෙ?

      කාර් අයිති කාරය එතනම බංකුව පිටිපස්සෙ ඉන්නව දෙකට නැමිල වික පුකාගෙන (බාසගෙ එහෙම නෙවෙයි තමංගෙම. තමංගෙම...හෙහ්,හෙහ්)

      Delete
  7. මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

    ReplyDelete
    Replies
    1. Ivan,

      කොහෙ ගිය හැටිද බං? බදුල්ලටද?

      Delete
  8. The Girl on the Train වෙනුවට The Boy thrown from the Train කියලා කතාවක් ලියවෙන්න තිබුණා.

    ReplyDelete
  9. මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි

    ReplyDelete
    Replies
    1. සෑෑෑෑ....... හෙන්න මතකයක් තියෙනව වගෙයි. පැය තුනයි විනාඩි අටකට පස්සෙත්

      Delete
    2. මම හිතන්නෙ ඉවාන් මේ.කියන්නෙ උගෙ බඩ සුද්ද වෙලා ගිය එකක් ගැන . ඔහොම . දවස් දෙකක් බඩේ අමාරුව තිබිල.

      ප්‍රසා, කොහොමද බං ඔය පැය තුනයි විනාඩි අට හැදුවෙ ? කඩේ පිටිපස්සට ගිහිං අජටාකාශගත උනාවද්ද ?

      Delete
    3. කම්මල,

      ඕකා ඔය කඩේ ගණං හදන කැල් එකෙං පැය ගාන හදල තියෙන්නෙ. ඒකෙ කොහොමත් වැඩියෙන් වැටෙන්ට එජස් කරලයි තියෙන්නෙ.

      දවසක් පාරිබෝගිකයෙකුට මුගෙ මේ කයිරාටික වැඩේ අහුවෙලා කැල් එකම උදුරල දුන්නලු මූණ පුරවල.

      Delete
  10. කතාවට සිංදුව ගැලපෙන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      සිංදුවෙ සම්බන්දයක් තියනව බං..අන්න මම අර මනෝජයට විස්තරේ කිව්ව...:)

      Delete
  11. කතාව ගීතයට නොගැලපෙන බව සැබෑව. ඒත් අහලා බලන්න තිබුණෙ මැඩම් යූ වෝන්ට් ටු ඩූ නම්බර් වන් ඕ ටූ? කියන එක නම්.... එතකොට කතාව තව ලස්සන වෙන්න තිබුණා .

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ඉතිං කොහොමෙයි? බොහොම කාලෙකිං..තාම යාල්පානම්ද ආපහු ආවද?

      Delete
  12. මේ කතාවෙයි සිංදුවෙයි තියෙන එකම සම්බන්දේ තමයි කෙල්ලගේ නමයි සිංදුවේ ඉන්න ප්‍රභාවතියි..

    ReplyDelete
    Replies
    1. Pathum,

      You underskirt...you underskirt....I am so happy...:)

      Delete
  13. මම බොහොම කැමති සින්දුවක් රවියෝ. හැබැයි මේ තැනට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

    ReplyDelete
  14. නියමයි රවී.. පොස්ට් එකට වඩා කමෙන්ට්ස් හිනා යනවා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...