Friday, October 7, 2016

446. සිව් වසරකට පසු - 3 - උරායා හීප්,ප්‍රේම කතාවක චරිත දෙකක් අපි සහ විපස්සේ පාගමන

චාල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නවකථාවේ
චරිතයක් වන උරායා හීප්

ඔය සිව් වසරකට පසු ලංකාවට ගිහිල්ල වෙච්චි අලකලංචි කියන්ට කියල හිතල අර මම පටං ගත්ත නෙව සීරීස් එකක් නොහොත් කතා මාලාවක්. ඒකෙ එක සහ දෙක නම් ලියාගත්ත වදෙං පොරෙං. ඒත් මේ ඉයන් ගොයියගෙ සිංදු අටමගලෙ හින්ද එතනිම් පස්සෙ ඒ ගැන තව මොකවත්ම ලියන්ට උනේ නෑ. ඊටත් පස්සෙ එෂැණිං පුවක්, අබයගිරි මතක සහ එතනින් ගිහාම අර අනන්‍යාගෙ කතන්දරේ එහෙමත් ලියන්ට උන හින්ද වැඩේ තවත් පහු පහු වුනා. 

ඉතිං ඔය කතාමාලාවල් ලියනකොට වැඩේ තියෙන්නෙ එකක්වත් අතෑරල බෑ. මාරුවෙන් මාරුවට සමෝසමේ හැම කතාවම ලියන්ට ඕන. එහෙම ලිව්වම කතා පැටලෙනවය තේරුම් ගන්ට බෑය කියල කවුරුහරි කියනවනම් ඒ කතාව පිලිගන්ට ටිකක් විතර අමාරුය. මොකද දැං ඔය තියන ටී.වී. චැනල් හත අටේ දවසකට යටත් පිරිසෙයින් ටෙලි නාට්ටි දුසිමක්වත් යනවනෙ. ඉතිං මිනිස්සු ඔය යස අපූරුවට කටත් ඇරගෙන ඔව්ව දිහා බලා ඉඳල කතන්දරේ තේරුං ගන්නෙ.

හරි ඒ පූර්විකාවෙන් පස්සෙ කතන්දරේ. කලින් ලියපු කොටස් දෙක අමතක ඇතිනෙ. එහෙනං එව්වයෙ ලින්ක් දාල ඉන්නම් මුලින්ම. මට එහෙම කලින් කොටස්වල ලින්ක් දාන්න කියල උපදෙස් දුන්නෙ අපෙ සිත්තමී නෝන මහත්තැං. හෙහ්,හෙහ්,



"හා..හා..සර් හිනා වෙන්ට එපා...තොල් පියාගන්ට තොල් පියාගන්ට" කෙට්ටු කොලූ තෙම අඩ අඳුරෙ ඉඳගෙන බෙරිහං දීපි.

මම වහාම ක්‍රියාත්මක වන පරිදි මදහස පිහදාගෙන තොල් තදින් පියාගත්ත.

කෙට්ටු කොලූ තෙමේ පෝටොස් දෙක තුනක්ම ගත්ත. අරගෙන "හරි සර් දැං ඉවරයි" කියලත් කිව්ව.

"හප්පේ ලොකු දෙයක්..තව පොඩ්ඩක් එහෙම මේ ඔහෙලගෙ කෝට් බෑය ඇඳගෙන හිටියනං එහෙම මම මැරෙන්නෙ දාඩිය දාල නෙවෙයි හුස්ම හිරවෙලා" මම දනි පනි ගාල කෝට් බෑය ගලවන්ට ට්‍රයි කරන අතරෙ කිව්ව. 

"හා..හා..සර් බලාගෙන ඔය කෝට් එක ඉරෙයි. කෝට් එක ඉරෙයි. ඉන්න ඉන්න මම උදව් වෙන්නං" කෙට්ට කොලූ තෙමේ දුවගෙන ඇවිල්ල කෝට් බෑය පරිස්සමට මගෙ දසරුවෙන් පන්නල ගත්ත. 

දසරුව කියන එක දන්නව නේද? 

"ඈත කඳුකර හිමව් අරණේ,
සීත චන්දන ලපළු සෙවණේ,
සුළංරැල්ලේ පාව එන්නේ,
ඔහුගෙ නාමය වේ..හා..හා...හා...හා...

රනින්කල වන් පුළුල් උරයෙන්,
හැඟුම් ළමැදේ...." 

අන්න එතන කියන්නෙ උරය කියල. උරය කියන්නෙ පපුව. නැතුව කොට්ට උරයක් හෝ පිටි උරයක් එහෙම නෙවෙයි හොඳද? එතකොට උරයට උඩින් තියෙන්නෙ උරහිස. දසරුව කියල කියන්නෙ උරහිසට.

උරය කියල කිව්වම මට මතක් වෙන්නෙ චාල්ස් ඩිකන්ස්ගෙ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නොහොත් දාවිත් තඹකුඹුර කතාවෙ එන දුෂ්ඨ චරිතයක්. උරායා හීප්. හැත්තෑ ගණංවල උරායා හීප් කියල බෑන්ඩ් එකකුත් තිබ්බ. ඒත් එයාල ඇබා, බොනී එම් තරමට ජනප්‍රිය වුනේ නෑ. ඩිකන්ස්ගෙ උරායා හීප් දුෂ්ඨ චරිතයක් කියල මම කිව්වනෙ. 

"බාධා වැටකොටු දුෂ්ඨ චරිත නෑ,
සියල්ල සතුටින් හමාර වෙනවා,
ආසිරි ගී මැද සිහින සැබෑවී,
පෝරුව මතුපිට සිත් යාවෙනවා 

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි…"

දයාරත්න සහ අමරා රණතුංග යුවල.

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි...// 

බාධා වැටකොටු දුෂ්ඨ චරිත නෑ 
සියල්ල සතුටින් හමාර වෙනවා 
ආසිරි ගී මැද සිහින සැබෑවී 
පෝරුව මතුපිට සිත් යාවෙනවා 

විරහ ගීතයක පේළි දෙකක් අපි 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි 

දුක්බර වස්දඬු වැලපෙන වීණා 
සවනත පාරන රාව නැගෙනවා 
අකුරින් අකුරට ගැයෙනා ගීයෙන් 
පාළුව තනිකම හිතේ පිරෙනවා 

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි...// 

ගායනය - දයාරත්න සහ අමරා රණතුංග 
පද රචනය - තු.ව. කුසුමපාල 
සංගීතය - දයාරත්න රණතුංග



මේ ගීතයෙ රචකයා තු.ව. කුසුමපාල වනාහී වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්ලු. මොරටුවෙ පාළම හදද්දි ඒ මහත්මය ඒ ව්‍යාපෘතියෙ සේවය කරල තියනව. ඒ කාලෙ ඒ මහතා අතින් ලියවුණු ගීතයක් තමයි පුන්සිරි සොයිසා ගායනා කරන "එගොඩත් මෙගොඩත් ගම් යා කරලා "

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා,
පාළම සාදා බලා සිටින්නේ,
ඔබ මා වෙත පිය නඟන තුරා, 
ඔබ මා වෙත පිය නඟන තුරා.....

ඉතිං කෙට්ට කොලූ මගේ දසරුවෙන් පන්නා ගත්තු කෝට් බෑය බෝම පරිස්සමට අරගෙන ගිහිල්ල ආයම අර කාඹරේ කොක්කෙ එල්ලුව. ඒ කරල ඇවිල්ල කොම්පියුටර් එක ඉස්සරහ වාඩි වුනා.

"දැං කොයි වෙලාවටද ඔය උඩුගත කිරිල්ල කොරන්නෙ?" කමිසෙ උඩම බොස්තං තුනක්ම ඇරල පපුවට පිඹින ගමං මං ඇහුව. "ෆූස්..ෆූස්...ෆූස්…"

"දැම්මම කරනව. දැම්මම කරනව. මොකද පෝටොස් එකේ අයිතිකාරය ඉන්න වෙලාවෙම ඒක කරාම ලේසියි. රිජෙක්ට් වුනොත් හැදුවැහැකි. නැත්තං බැරිම තැනක් වුනොත් ආයම පෝටොස් එක ගත්තෑකි." කොලූ යතුරු පුවරුවට කොටන ගමං පරිගණක තිරේ දිහා බලාගෙනම කිව්ව. 

ආ..තව දෙයක් කියන්න ඕන. ගොඩක් දෙනෙක් ලියන්නෙ පරිඝනක කියල. ඒක වැරදියි. ඝනකය කියන්නෙ කියුබ් කියන තේරුම. දිගක් උසක් සහ පළලක් තියෙන ත්‍රිමාන වස්තුවක්. කම්පියුටර් එකට කියන්නෙ පරිගණක. ගණකය කියන්නෙ ගණනය කිරීමට භාවිතා කරන මෙවලම. කම්පියුටර් එකෙන් අද ඔය රටේ තියන එව්ව ඔක්කොම කලාට මුලින්ම ඕකෙන් කලේ ගණං හදන එක. ඉතිං නිවැරදි වචනය ඇවිදිං හිට පරිගණකය.

අර රවුමට කැරකෙන සීලිමේ හයි කරපු පංකාව මතකයි නේද? මම අර නර්සරි පොයම් එකකුත් කිය කිය ඒකෙ හුළං පාර පස්සෙ වටේට ගියේ. "හියර් වී ගෝ අරවුන්ඩ් ද මල් බෙරි බුෂ්, මල් බෙරි බුෂ්..මල්බෙරි බුෂ්..." අන්න ඒ පංකාව නම් කලිං වාගෙම කරකැවි කරකැවි තිබ්බ. ඒත් ආයම ඒ පස්සෙ මල්බෙරි බුෂ් පොයම් එක කිය කිය මම දිව්වෙ නෑ. 

කවුරුවත් නැති වෙලාවට ඔව්ව කලාට දැං පුලුවනැයි? හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක කියල එකකුත් තියනවනෙ. අනික කෙට්ට කොලූ හිතයි "මේ මොකද්ද මේ ලොක්කට මේ හැදුනු පිස්සුව?" කියල. ඒ හින්ද මම කලේ දැඩි දාහය නිවාගන්ට කමිසෙ තව බොත්තමකුත් ඇරගෙන ඒ කිට්ටුවම මේස කබලක් උඩ තිබ්බ පත්තරයක් අරගෙන පපුවට පවං සලාගන්න එක නොහොත් හුළං ගහගන්න එක.

"විපක්සයේ පාගමන හෙට නුවරින් ඇරඹේ" මොකද්ද බොලේ ඒ? ඒ ඇවිල්ල මම පවං ගගහ හිටපු පත්තරේ ප්‍රධාන සිරස්තලේ. හිටපු රජ්ජුරුවො ප්‍රමුක අනෙකුත් ගෝල බාල හොර තක්කඩි ටික හෙට ගැටඹෙ පිට්ටනියෙ ඉඳල පාගමනක් පටන් ගන්නවලු. කොළඹට යන්ට. හෙට උදේ පේරාදෙණියට ගියානං හිටපු රජ්ජුරුවංගෙ මූණු පොඩිත්ත දැකබලා ගන්ට තිබ්බ. මේ දවස්වල නං අර ඒ කාලෙ තිබ්බ කපටි හිනාව නෑ මූණෙ. ඉදිල වැටෙන්ට කිට්ටු වැළ ගෙඩියක් වගේ......පව්.

කෙට්ට කොලූ ඔය අතරෙ ගජරාමෙට වැඩ. පරිගණකෙ ඉස්සරහ ඉඳගෙන යතුරු පුවරුවට කොටනව හිටු කියල. "මේකා මොනව මේ හැටි කොටනවද මන්ද අර කුකුළ වී පැදුරට ඔට්ටුවුනා වගෙ." පවං ගහ ගන්න ගමං මම එහෙම මටම කියාගත්ත.

"සර්......." ඔන්න එක පාරටම කෙට්ටයා කතාකලා.ආපහු හැරිලවත් නෙවෙයි. පරිගණක තිරේ දිහා බලාගෙනම. 

"මොකෝ කේස් එක? එහෙං හරි කිව්වද? වැඩේ ඇප්රූව් ද?" මම කෙට්ටය ගාවට කිට්ටු වුනා. 

කෙට්ටය හැරිල මගෙ දිහා බැලුව. "ම්හු..වෙරි සොරි..වැඩේ හරි ගිහිල්ල නෑ. එහෙං කියනව සර්ගෙ ඔලුව පොඩි වැඩියි කියල."

"මොකක්? ඔලුව පොඩි වැඩියි කියල? යකෝ ඒක මාර කතාවක්නෙ. මේ මම ඉපදෙනකොටම අරගෙන ආපු ඔලුව. ඒක පොඩි වැඩිනං ඉතිං ඔහේ කියන්නෙ මට ආයම ඉපදෙන්ට කියලද?"

"නෑ, නෑ සර් පොඩ්ඩක් ඉන්ඩකො කලබල නැතුව. ආය ඉපදෙන්ටම ඕන නෑ. අපි ආයෙ පාරක් ෆොටෝ එකක් ගහල හරියට ඒ ගොල්ලන්ට ඕන ගාණට ඔලුව හදල යවමුකො." කෙට්ටය මාව කාම් ඩවුන් කරන්ට  ට්‍රයි කලා. 

"පෝටොස් නම් අල්ලමු එකට දහයක් හරි. මොකෝ ආය පොටෝස් එකක් ඇල්ලුවය කියල ඇඟෙන් කෑල්ලක් යනවය? ඒත් පුතෝ කලින්ම එකක් කියල ඉන්නං. බොලාගෙ අර පරණ කෝට් කබල ආය අඳින්ට කියන්ට නම් එපා ඔන්න." මම එකහෙලාම නිවේදනය කලා.

"සර් ඒක නැතුව....මම මේ කල්පනා කලේ..... " 

"ඕන තරං කල්පනා කරපං. ඒකට මගෙං කිසිම බාදාවක්, අකුල්හෙලීමක්, එතකොට වෙන මොන යම්ම හෝ ආන්තරාවක් නෑ. ඒත් පුතෝ කෝට් බෑය දාන්ට කියලනම් කියන්ට එපා. එහෙම බැරිම නම් මම වෙන තැනකින් වැඩේ කරගන්නං. මගෙ ගෙවපු සල්ලි ආපහු දීහං කරුණාකරල."

48 comments:

  1. Harima lassanayi liyana ratawa!Ikmanata ithiri kotas enathuru bala sitinawa.

    ReplyDelete
  2. ඔව් අනේ. ඔයා ලස්සනට මේ ප්‍රොග්‍රම් ටික ලියනවා. ඔයාගෙ ඔලුව ඇතුලෙ මේව වෙනම ෆෝල්ඩස් තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි ශ්‍රංගයො ඔය කියල තියෙන්නෙ මේ මනුස්සයගෙ ඔළුව පොඩියි කියල. ඒ කියන්නෙ මොළේ නෑ. තියෙන්නෙ පෙන්ටියම් ටූ මයික්‍රො පොසෙසර් එකක්.

      Delete
    2. සුරංග,

      එහෙනං, එහෙනං, සෝ මෙනි සෙපරේට් ෆෝල්ඩර්ස් ඇන්ඩ් ටෝටලි කම්පාට්මෙන්ටලයිස්ඩ්. මෙව්ව කියව බොලාටත් මම දෙන අවවාදය නම් බොලාගෙ මොළගෙඩිත් අන්න එහෙම කොරගනිල්ල...:)

      Delete
    3. පෙසන්න,

      පෙන්ටියම් ටූ? අර මයිට්‍රී ලොක්ක කිව්ව වගෙ බම්බුව තමයි i-9 එකක් යකෝ තියෙන්නෙ, i-9 එකක්. එහෙම නැතුව කොහොමද හම්බාවො මේ හැටි ඩේටා තොගයක් ගබඩා කරගෙන ඉඳල අවශ්‍ය වෙලාවට එලියට දාන්නෙ?

      Delete
    4. අනේ මන්ද ප්‍රොසෙසරය නම් හැබැයි ලින්ක් එක නම් ඩයල් අප් ..... එක සීරීස් එකක් එලියට එන්න යනවා අවුරුදු ගානක් .....

      Delete
    5. හැබැයි හාර්ඩ් ඩිස්ක් එකනම් යොටා බයිට් ද කොහෙද ... ඒ වගේම තමා ෆයිල් මැනේජ්මන්ට් එක නම් සුපිරි .....

      Delete
    6. Isuru,

      Now you are getting out of my league...:)

      Anyway I will take your first comment as a criticism & the second as an appreciation....:)

      Delete
    7. ඉසුරු,

      අඩේ මලේ අර අහවල් දේකටද සොරි කියන්නෙ?..නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්.... ඔය අයි.ටී. ගැන මගෙ දැනුම අන්තිමයි. අපි ඉතින් වයසක මිනිස්සුනෙ බං. ඒ හින්ද උඹලගෙන් තමයි මෙහෙමවත් ඉගෙන ගන්නෙ.ඒකට බොලාට ස්තූති කරන්න ඕන අපි. ඒ හින්ද සොරි කියන්න කිසිම අවශ්‍යතාවයක් නැත.

      Delete
  3. උදේ පාන්දර කොකෙක් කලු ගග මැද්දට වෙලා මාලු අල්ලනවා...

    ජයවේවා ...

    ReplyDelete
    Replies
    1. විදානේ,

      කියාපු දේ නොතේරුණු නමුදු ඔබට ස්තූතියි...:)

      Delete
  4. //ගොඩක් දෙනෙක් ලියන්නෙ පරිඝනක කියල. ඒක වැරදියි.//

    අන්න හරි. ඒ වගේම, පුස්ථකාලය, වාර්ථාව, සංඛේතය වගේ ඒවත් නිවැරදි කරන්නකෝ, ඔය ලියන ගමන්. එතකොට අඩුම ගානේ දෙතුන් දෙනෙක් වත් බොරු මහප්ප්‍රාණ නැතුව ලියයි.

    ReplyDelete
    Replies
    1. ඇයි පරිවර්ථනය,ලේඛම් ඔය වාගෙ දැන් ඝෝඨාභය කියලත් අපේ අය ලියනවා නොවැ.

      Delete
    2. අපොයි මේ ගැන ලිපියක් ලියන තරම් කරුණු තියනවා. රුයන්න සහ රැයන්න මාරුකරලා ලියනවා. නුඹ, සඳ, හොඳ, ගඟ, වගේ වචන ලියන්නේ, නුබ, සද, හොද, ගග, කියලා. නර්තනය කියලා ලියන්නේ නෑ, තනය කියවෙන නිසා. ඒ වෙනුවට ලියන්නේ නර්ථනය කියලා.

      Delete
    3. ඇනෝ,

      ඔතන වෙන්නෙ මේකයි මට හිතෙන විදිහට. මහාප්‍රාණ යෙදෙන්නෙ කොතනටද කියල නිවැරදි අවබෝධයක් නැතිවුනහම කරන්නෙ හැමතැනටම මහාප්‍රාණ යොදනව. ඒකෙන් වෙන්නෙ අවශ්‍ය තැනට මහප්‍රාණ නොයෙදුවට වඩා හානියක්.

      දැන් බලන්න සංස්ථාව වෙනුවට සංස්තාව කියල කිව්වම වැරදියි තමයි. ඒත් ඊට වඩා වැරැද්දක් වෙනව වාර්තාව වෙනුවට වාර්ථාව කියල ලිව්වම. කොහොම හරි මගේ මතය ඒකයි...:)

      ඔබට ස්තූතියි වැදගත් කරුණක් මතක් කලාට. නිවැරදි සිංහල භාවිතය...:)

      Delete
    4. හැලප,

      මම ඒකනෙ ඔය මහප්පරාණ මොකුත් නැතුව ගොට්ට කියල ලියන්නෙ...

      Delete
  5. //කම්පියුටර් එකෙන් අද ඔය රටේ තියන එව්ව ඔක්කොම කලාට මුලින්ම ඕකෙන් කලේ ගණං හදන එක.
    ඕකෙන් තවමත් කරන්නේ ගණන් හදන එක තමයි. ඕක මුලින්ම හැදුවේ ගණන් හදන්න. මුලින්ම බාවිතා කලේ π කියන අගය හා ලඝු අගයවල් ගණනය කරන්න. එච්චර ලොකු ගණන් හැදුවට කරන්න පුළුවන් එකතු කරණ එකයි වමට දකුණට තල්ලු කරලා බෙදන එකයි වැඩිකරන එකයි. එකත් දෙකෙන් (2) විතරයි. ඒකයි 'Computer' කිවුවේ.
    පස්සේ කාලෙක ඔය ගණන් හදන කෑල්ල පොඩිකරලා MPU කියල කෑල්ලක් හදල ඒක වටකරලා එක එක උපකරණ සම්බන්ද කරන්න පුළුවන් 'CPU' කියල කොටසක් හැදුව. මොනව වුනත් තවමත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම එකතුකිරිල්ලයි බෙදිල්ලයි වැඩිකිරිල්ලයි තමයි.

    ReplyDelete
    Replies
    1. ඉසුරු,

      එහෙමද බොලේ? මං හිටියෙ දැං ගණං හැදිල්ලට වඩා කෙරෙන්නෙ ලියුං ලිවිල්ල, කතා කිරිල්ල සහ පනිවිඩ හුවමාරු කිරිල්ල කියලයි.

      Delete
  6. ඉතින් රවීයියේ උඹ කියන්න එපැයි "මම බොහොම අවංක,නිකැලැල්,නිහතමානී කොලු ගැටයෙක් නිසා තමයි ඔලුව පොඩි.ඔලුව ලොකු නම් කෙලින්ම ස්ටුඩියෝ 3000 යනවා කියලා" හිට.

    ReplyDelete
    Replies
    1. Manoj,

      ස්ටුඩියෝ 3000 කරන්නෙ වෙඩිං ෆොටෝග්‍රෆි නේද?

      හප්පා..දැං වෙඩිං එහෙක වියදමෙන් තුන්කාලක් යන්නෙ ෆොටෝග්‍රෆි වලට. මගෙ යාලුවෙක්ගෙ දුව බැන්ද මේ ඊයෙ පෙරේද..යාලුවයි උගෙ හාමිනෙයි ජීවිත කාලයක් ඉතුරු කරපු සල්ලි ඔක්කොම ගියා වෙඩිං ෆොටෝග්‍රෆි වලට. කොහොම හරි අන්තිමට ෆොටෝස් විතරක් අරගෙන ඉතුරු වැඩ ටික කල් දැම්ම දින නියමයක් නැතුව.

      "පිස්සුද මචං අනික් කිසිදෙයක් කලේ නෑ. ජෝඩුව අස්සං කලා කැවුං කිරිබත් කෑව. ඊට පස්සෙ ෆොටෝ ගත්ත. අපි දෙන්න අවුරුදු විසිපහක් තිස්සෙ රස්සාවල් කරල ඉතුරු කරගත්තු ඔක්කොම ඉවරයි ඒ ටිකට. අපි හිතාගෙන ඉන්නෙ ඊට කලිං දෙයියංගෙ පිහිටෙං වලකජ්ජ නොගැහැව්වොත් තව අවුරුදු විස්සක් නැත්තං විසිපහක් වගෙ ඉස්සරහට රස්සාව කරල ඉතුරු කරගන්න සල්ලි වලිං දුවගෙ වෙඩිං එකේ අනික් කටයුතු කරල දාන්ට."

      ඔන්න ඔහොමයි යාලුව මා එක්ක කිව්වෙ..ඔන්න ඕකයි ලතා අක්කෙ පුලුකුණාවෙ තත්වෙ.

      දැං ඔය ඩ්‍රෝන් තාක්සනේ යොදා ගන්නවනෙ වෙඩිං ඡායාරූප කරණයට. අයියෝ වෙන දේවල් මොලේ මඤ්ඤං වෙනව.

      ඔන්න එක පාරක් ඔය ඩ්‍රෝන් එකෙන් යට එල්ලල තිබ්බලු එක එක පාට වතුර පුරවපු පොඩි බෑග්. එතන ප්‍රෝග්‍රෑම් කරල තිබ්බයි කියන්නෙ ජෝඩුව පිටත් වෙනකොට එතන වටේට ඒ පාට වතුර ඉහින්ට. ඒත් වැඩේ කියන්නෙ ඩ්‍රෝන් ඔපරේටර් එච්චර පලපුරුදු එකෙක් නෙවෙයි.හෙහ්,හෙහ්...ඉතිං වෙච්ච හරිය සවිස්තරව වෙන දවසක් කියන්නංකො...:)

      Delete
    2. යැස් රවීයියා ස්ටුඩියෝ 3000 වෙඩිං ෆොටෝග්‍රෆි තමයි කරන්නේ.

      මගෙත් දැන් මාස හතරක් තිස්සේ ඇල්බම් එක ගන්න බලන් ඉන්නවා.අද දෙනවා,හෙට දෙනවා කියනවා තවමත් නැහැ.

      Delete
  7. රවි..
    මම නම් දන්න විදිහට උරය කියන්නෙ උරහිස හෝ දසරුව නොවෙයි.
    උරය කියන්නෙ පපුව..
    අර උර කුහරය. උදර කුහරය කියල අපූරුවට කියදෙන්නෙ සෞඛ්‍ය පාඩමේදි..
    අනික 'රජා උරය පළල ලේ දුන්නලු බිසවට' ඒ කියන්නෙ උරහිස නෙමෙයි පපුව ...

    හර්ෂ.

    ReplyDelete
    Replies
    1. උරයට උඩින් තියන හරිය උරහිස

      Delete
    2. හර්ෂ සහ අටම්,

      බොහෝමත්ම ස්තූතියි, ඔබ දෙදෙනා නිවැරදියි. උරය කියන්නෙ පපුව තමයි.

      උර කුහරය සහ උදර කුහරය කියල දෙකක් තියෙනවනෙ. උර කුහරයෙ තමයි පෙණහලු සහ හෘදය එහෙම තියෙන්නෙ. ඒ කියන්නෙ පපුව ප්‍රදේශය තමයි.

      ව.ක්‍රී.ප. නි.ක. (වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කලෙමි)..:)

      Delete
    3. බොහෝ දෙනෙක් වරද්ද ගන්න වචනයක් තමා, 'දෙහෙරුව' කියන වචනය. මතකද ආචාර්ය ජයලත් මනෝරත්න සහ මැණිකේ අත්තනායක ගායනා කරන නෘත්‍ය ගීතයක් තියනවා;

      'නැත හරියන්නෙ ඔයකාරී' කියලා.

      ඒ ගීතයේ එක තැනක කියවෙනවා;

      'මගේ දෙහෙරුවෙ දොසක් නැත කිසි' කියලා.

      දෙහෙරුව කියන්නේ, දේහයේ බාහිර ස්වරූපය/පෙණුම කියන එකයි.

      Delete
    4. ස්තූතියි විචා,

      "දෙහෙරුව" කියන වචනෙ ඔය ඇහුවමයි. "දෙගෙඩිදහරු" කියල එකක්නම් මීට කලින් ඉඳල දන්නව....:)

      Delete
  8. තාම බැරිඋනා ෆොටෝ කඩෙං වත් එලියට එන්න.. තව අවුරුදු කීයක් යයිද ඔය පාද යාත්‍රාව ඉවර කරන්න.හැක්.

    ReplyDelete
  9. "හියර් වී ගෝ අරවුන්ඩ් ද මල් බෙරි බුෂ්" කියන එකට සිංහලෙන් කියන්නෙ පඳුරු තලනව කියලද?

    ReplyDelete
    Replies
    1. රවි අයිය ‍ෆෑන් එක වටේ කැරකි කැරකි මේක කියෝන එවුවො බුෂ් එක වටේ යවන එකයි කරන්නෙ.

      Delete
  10. ඈත කඳුකර හිමව් අරණේ.. තියන එකම පුරුෂ වර්ණනාවද කොහෙදො :)
    කෝට් බෑ වලින් ආව සුවඳ හිංදම පාස්පෝර්ට් එකේ මං නම් කැෂුවල් සර්ට් එකක් දාගෙන සනීපෙට සැහැල්ලුවෙන් ඉන්නවා :D

    ReplyDelete
  11. රවි අයියනං කියයි..... අපි ඔය මගුල් ටෙලි බලන්නේ නෑනේ.... ඒ හින්ද පැටලෙයිද මන්දා.......

    ReplyDelete
  12. අපි ඔය අටමගුල් ඉන්දියන් னයි ඉන්න ටෙලි නාට්ට බලන්නෙ නෑ. ඒ හින්ද බොලා ලියන එක පිළිවෙලට ලියහං.

    ReplyDelete
  13. ඔහේ අර දිරච්ච ලඩි කෝට් බෑය ඉරුවනං එහෙම එයා ටිකට් එකට වැඩි ගානක් ඉස්ටුඩියෝ එකට ගෙවන්න වෙනව ආයෙ දෙකක් නෑ.

    ReplyDelete
  14. රවී අයියගෙ ඔළුව පොඩියි කියන එකනං විස්වාස කොරන්න බෑ. සමහර විට කොම්පීටරේට වරදින්න හෝ, ADSL කේබල් එක දිගේ කොළඹට යනකොට කොහේ හරි හිරවෙලා අබග්ගයක් උනාද දන්නෑ. දැං ඔය කොල්ලට ආයෙ ෆොටෝ ගන්න ඕනයැ. ගත්ත එකම පොටෝ සාප්පුවට දාල දෙපැත්තට අදින එකනෙ තියෙන්නෙ.

    අනික දැං කෝට් එක ඇන්දෙ නැත්තං වෙන්නෙ බොලාගෙ බෙල්ල කපන එක ඔය කොල්ල. හැක්..

    ReplyDelete
  15. මේ මනුස්සට වැඩිපුර වචන දෙක තුනක් හරි තියාගන්න අර කබල් මේසෙ උඩ හිපටු මහ රජාගෙ යාද පාත්‍රාව ගැන නිවුස් එක තිබ්බ පත්තරේ තිබ්බ එක සම්බන්ධව ඔය ස්ටුඩියෝ එකට විරුද්දය එෆ් සී අයි ඩී පරීක්ෂනයක් කරන්න ඕන. ඇයි යකෝ ඔතන තියන්න තිබුනෙ අර සෙල්ලං ළමය සඟරාවක් නෙ.

    ReplyDelete
  16. Heap big laugh, pale face chief !

    ReplyDelete
  17. මේ ඔයාට හිතෙන හිතෙන ඉස්ටුඩියෝ වලට යන්න බෑ හරිද. ඒවට වෙනම ඉස්තාන තියෙනවා.

    ReplyDelete
  18. අපි නොහිටිය ටිකේ මෙයා පාද යාත්‍රාත් පටන් අරන් නේ.

    ReplyDelete
  19. විරහ ගීතයක් නොවී මොකද එහෙම සින්දුවක් දැම්මේ.

    ReplyDelete
  20. ඔක්කොම හරි කවදද දැන් ඔය ස්ටුඩියෝ එකෙන් එළියට යන්නේ...

    ReplyDelete
    Replies
    1. එළියට යන්නෑ, දානව. ඔවු කනෙං ඇදලම තමා.

      Delete
  21. හය්යෝ ෆොටෝ මල්ලි රස්සාව දාල ගිහිං ඇති මෙලහක්කට

    ReplyDelete
  22. අපිට ඔය ෆොටෝ එක අරන් ගිහින් දෙන්න බැරිද..

    ReplyDelete
  23. අදවත් පීලි නොපන්නා කතාවක් ලියලා ඇති කියලා බැලුවෙ.උරය කිව්වාම උරායා හිප් මතක් වෙන මනුස්පයෙක් කොහොමද පීලි නොපන්නා අකුරු දහයක්වත් ගැට ගහන්නෙ ඉතින්..))

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...