Monday, September 11, 2017

529. පුවක් එෂැණිං 29 - ශීල වස්ත්‍ර චෞර කථා වත්ථුව ද්වීතීය භාගය නොහොත් ජාතික සංගබාවේ සංවිධානයෙන් ශීල වස්ත්‍ර ආපසු හිටපු ජනපතිතුමන්ට භාරදීමේ අසදෘශ මහා පුණ්‍ය කර්මය...


පසුගිය ජනාදිපතිවරන සමයේ හිටපු ජනාදිපතිතුමා විසින් සැදැහැවතුන්ට සිල් රෙදි පරිත්තියාග  කිරීමේ මහා පුන්නිය කරුමය සිදුකරන ආකාරය ඉහත චායාරූපයෙහි දැක්වේ. සිල් රෙද්ද බහාලූ පොලිතීං උරය තුල මෙසේ සඳහන් මුද්‍රිත පත්‍රිකාවක්ද වූ බව තතු දත්තෝ පවසති. "මේ සිල් රෙද්ද ඔබ තුමා/තුමියට පරිත්තියාග කරනුයේ 2600 බුද්ද ජයන්තිය වෙනුවෙන් බහුද්ද පුනර්ජීවනේ උදෙසාමය. කරුනාකර මේ සිල් රෙද්ද ලබාගෙන මට චන්දය ප්‍රකාස කිරීමට ඕනෑ නැත. එසේ සිල් රෙදි ලබාගෙන මට චන්දය ප්‍රකාස කරන්නන්ගේ සිල් රෙදි ආපසු ගැනීමට කටයුතු කරනු ලබන බව කරුනාවෙන් සලකන්න - මීට සාසන හිතකාමී  මහින්ද රාජපක්ස"

"අත්තම්මේ..අත්තම්මේ...කෝ මේ අත්තම්මා?..පුදුම වැඩේ කියන්නෙ මේ මනුස්සය කොයිම වෙලාවකවත් නෑනෙ උවමනාවකට..අත්තම්මේ...අත්තම්මේ…"

"බෙරිහන් දෙන්ට එපා යෝදයො මම ආය මේ වට වන්දනාවෙ ගියේ නෑ...අතන අර දෙහිගහ යට හිටියෙ හොඳට පැහිච්චි දෙහි ගෙඩියක් කඩා ගන්ට කියල ගිහිල්ල..දවල්ට ගොටුකොළ සම්බලක්වත් හදන්ටෙයි කියල. දිවට ටිකක් ඔහෙ ඇඹුල් රහක්වත් දැනෙන්ට"

"ඉතිං කෝ? කඩාගත්තද දෙහි?"

"මොන දෙහි කැඩිල්ලක්ද? උඹ මෙතන බෙරිහං දෙන විදිහට මම හිතුවෙ උඹෙ බඩවැලවත් පාත්වෙයි කියල. ඒ හින්ද මම ඒ වැඩේ අල්ලල දාල ආව. හරි එව්වයිං කමක් නෑ..දැං කියාපං මොකටද උඹ මේ බෙරිහං දුන්නෙ අච්චම්මේ අච්චම්මේ කියල?"

"කෝ අර සිල් රෙද්ද?"

"මොන?"

"අර අවුරුදු තුනකට වගෙ ඉස්සරවෙලා පන්සලෙං නොමිලේ දුන්නු සිල් රෙද්ද?"

"ආ.. අර අපේ හිටපු ජනාදිපති තුමාගෙ පිංබර මූණත්තහඩුව අලවල දුන්නු සිල් රෙද්ද ගැනද උඹ ඔය අහන්නෙ?"

"ඔව්..ඔව්..ඒක ගැන තමයි…"

"ඔය සිල් රෙද්ද මට හාමුදුරුවො බලෙම්ම වගේනෙ දුන්නෙ. මම එපාම කිව්ව. මොකෝ මේදැං අවුරුදු තිහ හතලිහක් මම සිල් ගත්තෙ මහින්ද මහත්තය දුන්නු සිල් රෙදි ඇඳගෙනය?... "

"හෙහ්..හෙහ්..ඒකනෙ........සිල් රෙද්දක් හොයාගන්ට බැරිම උනොත් මොකෝ අත්තම්මට බැරිය අපෙ නංගිගෙ ඩෙනිම්  කලිසමක්වත් ඇඳගෙන යන්ට... නැද්ද? "

"මම උඹට කීවය කියල හිතාගං හුහ්..එනව මෙතන කෝලිත්තං කරන්ට…"

"හෙහ්..හෙහ්.."

"ඒත් ලොකු හාමුදුරුවො කිව්වනෙ සිල් රෙද්ද ගන්ටමය කියල ඒ කියන්නෙ 2600 බුද්ද ජයන්තියට බවුද්ද ප්‍රබෝදයක් පුනර්ජීවනයක්ද මොකක්ද එකක් ඇතිකරන්ට ඕනය කියල ජනාදිපතිතුමාට එක පාරටම හිතිල තියනවලු. ඒ හින්ද ඒ පුනර්ජීවනේ කොරන්ටලු ඔය සිල් රෙදි බෙදල දෙන්නෙ. ඒ හින්ද ඒ සිල් රෙද්ද ගන්ටමය කියල ලොකු හාමුදුරුවො බල කලානෙව.. ඒ පාර තමයි ගත්තෙ. "

"හරි හරි ඒ ජාතක කතා දැං ඕන නෑ..කොහෙද කියන්ටකො ඒ සිල් රෙද්ද?"

"ඒක අව පාටවෙලා කහ ගැහිල මම ඒක දැං සිල් ගන්ට යනකොට අරං යන්නෙත් නෑ.....උඹ දැං මේ හදිස්සියෙ ගිනිකුන්දමේ මොකටද ඒ රෙදි කඩමාල්ල හොයන්නෙ? "

"අත්තම්මත් ඔය අහන එකට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ. කොහෙද කියන්ටකො ඒක"

"ඒක අවපාට වෙලා ගියාට පස්සෙ මම මාස හත අටක් රෑට පෙරෙව්ව හීතලට"

"ඉතිං දැං කෝ ඒක?"

"පෙරවන්ටත් බැරි තැනට ආහම මම ඒක එලල දුන්න අපේ නලහඳයට බුදියගන්ට.."

නලහඳය කියන්නෙ අපේ ගෙදර ඉන්න දුඹුරු පාට දඩෝරි බල්ල. උගේ ඇති නලයකුත් නෑ ඇති හඳකුත් නෑ. නලහඳය කියන්නෙ ඇත්තටම නම් ලංකාවට ආවේණික මිරිදිය මාලුවෙකුට. මමයි දඩෝරියට ඔය නම දැම්මෙ.

"දෙයියංටම ඔප්පුවෙච්චාවෙ..මේ අත්තම්මත් කරන වැඩ...නලහඳය ඒක ඉරල දාලද මන්ද"

"පිස්සුද බං? ඌ මොකටද එහෙම එකක් කරන්නෙ? ඌ බොහොම අපූරුවට රෑට ඒකෙ බුදියනව"

"හරි දැං කෝ ඒක?"

"බල්ල බුදියන තැන ඇති…."

මම හනිකට ගිහිල්ල බිතක්කනේ නලහඳය බුදියන තැන බැලුව. අප්පේ යන්තං ඇති සිල් රෙද්ද නං තියනව. ඒත් ගන්ට දෙයක් නෑ. මඩ පැල්ලං හැම තැනම. නලහඳයගෙ කූඩැල්ලො කාපු තැං වලින්ද කොහෙද ගලපු ලේ පැල්ලං දෙක තුනකුත් තිබ්බ. ඒ මදිවට දුඹුරු පාට බලු මයිල් ඕසෙට. මම නැමිල ඇඟිලි දෙකකිං රෙද්දත් උස්සගෙන ආව. ඔලුවත් අහකට හරවගෙන. ඒ තරමට සුගන්දෙ.

"මොකක්ද බං උඹ ඔය කරන්නෙ? උඹට මොකටද ඔය බල්ල බුදියන රෙද්ද? හෝදල රෑට පෙරවන්ට වත් ගන්ටද?"

"පිස්සුද අත්තම්මෙ..මේ රෙද්ද මට නෙවෙයි…"

"එහෙනං? "

"මේක ආපහු බාරදෙන්ට වෙලා."

"මොකක්? ආපහු බාරදෙන්ට වෙලා?"

"ඔව්……."

"කාටද? "

"මහින්ද මහත්තයටම….."

"ඈ..ඒ මොකද?"

"මේකනෙව දැං වෙලා තියෙන්නෙ..ඔය සිල් රෙදි ගන්ට සල්ලි පාස්කරපු මහත්තුරු දෙන්නා දැං ඉන්නෙ හිරේ.."

"නෑ..ඒ මොන අපරාදයක්ද? හැබෑට මොනව කලා කියලද ඔය හිරේ දාල තියෙන්නෙ?"

"එතන කියන්නෙ මෙහෙමනෙ. එහෙම ආණ්ඩුවෙ සල්ලි වලින් සිල් රෙදි අරගෙන මිනිස්සුන්ට බෙදන්ට ක්‍රමයක් නැතිලු. ඒක බරපතල වැරැද්දක්ලු.අනික චන්දයක් වෙලාවෙ එහෙම බෙදන එක මිනිස්සුන්ගෙ චන්දෙ ලබාගන්ට කරන අල්ලස් දීමක්ලු"

"මොන විකාර කතාවක්ද ඒ? මොකෝ ඔය සිල් රෙද්ද ගත්තයි කියල මම උන්දැට චන්දෙ දුන්න එකක්යැ. උඹ කිව්ව හින්ද මම හංසයටනෙ කතිරෙ ගැහැව්වෙ"

"ඒක වෙනම කතන්දරයක්නෙ අත්තම්මෙ. චන්දෙ දුන්නද නැද්ද කියන එක නෙවෙයි නෙව කාරනේ.."

"මම ඕන්නං මහින්ද මහත්තය හම්බවෙලාම කියන්නං අනේ මහත්තයො ඔය සිල් රෙද්ද ගත්තනම් තමයි...ඒත් මම ඔබතුමාට චන්දෙ දුන්නෙනම් නෑ කියල"

"අත්තම්මට පිස්සුද? එහෙම කිව්වොත් එතුමට මල පනියි...දමල අනී වෙසමුණිය වගෙ අර කොහෙද රැස්වීමකදි මනුස්සයෙකුට දමල ඇන්න වගෙ. අනික එතුමගෙ අතිං පාරක් කන එකත් ලේසි වෙන්නෙ නෑ. අත්දෙකේ ඇඟිලි දහයෙ තියනව මයෙ හිතේ මුදු එක විස්සකට වැඩිය. රත්තරං එව්ව, රිදී එව්ව, නවරත්න, ඔන්න ඔය වගෙ රටේ නැති එව්ව. අලි කෙන්දක් දාපු මුද්දකුයි හෝතඹුවෙක්ගෙ දෙපරැන්ද අස්සෙං ගලව ගත්තු මයිලක් දාපු මුද්දකුත් එතුමා දාගෙන ඉන්නවයි කියන්නෙ. ඒ අතකිං මිටිගුටියෙං පාරක් කෑහම කලා කිරිඤ්ඤෙකිං මූණ පුරා පාරක් වැදුන වගෙ තියෙයි. අත්තම්මගෙ ඔය තියන දත් දෙකත් ගලව ගන්ට වැඩක් තමයි ඒ....."

"එහෙනං මොකද දැං මම කරන්ට ඕන කියල කියපංකො...දෙයියම්ප මට වාවන්නෙ නෑ අර මහත්තුරු දෙන්න කූඩු කලාය කිව්වම. මොකෝ ඒ උත්තමයන්ට ඔව්වයෙ ඉඳල පුරුද්දක් තියද?"

"ඒක තමයි අත්තම්මෙ මේ කරන්ට යන්නෙ..ඒ මහත්තුරු දෙන්න හිරෙං එලියට ගන්ට තමයි මේ ලෑස්තිවෙන්නෙ"

"කොහොමද ඒක කරන්නෙ?"

"ඒක කරන්නෙ මෙහෙමයි. දැං ඔය ලබන සැත්තැම්බර් විසිවෙනිදද කොහෙද ඒ සිල් රෙදි ගත්තු හැමෝම සිල් රෙද්ද ඔලුව උඩ තියාගෙන ජාතික සංගබාවෙ සාදුල පෙරටු කරගෙන පෙරහරෙං යනව මහින්ද මහත්තයගෙ මාලිගාවට. පෙරහරේ ඉස්සෙල්ලම ගෙනියන්නෙ කහපාට රෙද්දක කළුපාට ලොකු අකුරෙං මෙහෙම ලියාපු මහ විසාල බැනර්රාජයෙක්....පසුගිය ජනාදිපතිවරන සමයේ සැදැහැවතුන්ට පරිත්‍යාග කල ශීල වස්ත්‍ර ආපසු හිටපු ජනපතිතුමන්ට භාරදීමේ අසදෘශ මහා පුණ්‍ය කර්මය - සංවිධානය ජාතික සංගබාව... එහෙම ගිහිල්ල ඒ මළිගාවෙ සාලෙ සිල් රෙදි ගොඩ ගහනව. ඉඩ මදිවුනොත් මාළිගාව ඇතුලෙත් ඕන වුනොත් මහින්ද මහත්තය බුදිය ගන්න ඇඳ උඩ පවා සිල් රෙදි ගොඩගහනව. ඒ යන හැමෝටම මහින්ද මහත්තය ගානෙ කුරහන් රොටියකුයි කහට කෝප්පෙකුයි හම්බ වෙනව. ඊට පස්සෙ කට්ටිය මහින්ද මහත්තය එක්ක වන්න හුන්න ටිකක් කතා කරල සතුටු සාමීචියෙ යෙදිල හේම  පෙරහැරෙම්ම ආපහු එනව"

"මොකද්ද බං ඔය ජාතික සංගබාව කියන්නෙ?"

"ඒ මේ ඔය කාල බීල කරන්ට වැඩක් නැති ෂාදුල අටවගත්ත සංවිදානයක්නෙ. මේ දවස්වල එයාල කරන්නෙ පින් පව් මොනවද කියල අලුතිං අර්තකතනය කරන එක"

" ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ අත්තම්මෙ.. අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ අසාධාරණ විදිහට හම්බකරපු නැත්තං ලබාගත්තු සල්ලි වලිං පිං දහම් කරන එක වැරදියි කියලනෙ නේද?"

"එහෙම නැතෙයි කියලද ඔය සංගබාවෙ කට්ටිය කියන්නෙ?"

"එහෙම නේන්නං එයාල කියන්නෙ..මහජන මුදල් උනත් හොරාකාල පිං දහං කලානං අවුලක් නැතිලු..හෙහ්..හෙහ්..ඒ සංගබාවෙ තියරිය අනුව මිනිහෙක් මරල උගෙ සාක්කුවෙ තිබ්බ සල්ලි වලිං සාදුලට දානයක් දුන්නනං ඒකත් මහත් පල මහානිසංස හම්බවෙන කුසල කර්මයක් හෙහ්...හෙහ්..."

"සංගබාව කිව්වම මතක් උනේ..උඹට මතකද සුට්ටි පුතේ මම උඹල පොඩිකාලෙ කියල දුන්නු සංගබාව ගැන තුං තේරවිල්ල…"

"මොකෝ අමතක? හාමුදුරු නැට්ට - හාමුදුරු නම් සංග...  නැට්ට නම් බාව... සංගබාව ..ගංසබාව"

"එතකොට ඔය මහින්ද මහත්තයගෙ මාලිගාවට වඩම්මපු සිල් රෙදි වලට ඊට පස්සෙ මොකද වෙන්නෙ?"

"ආ....සිල් රෙදි මහින්ද මහත්තයයි නාමෝල් බේබියි එකතුවෙලා ලොරි හත අටක පටෝගෙන අරං යනව වැලිකඩ හිර ගෙදරට. එව්ව එහෙට බාර දුන්නු හැටියෙම අර කූඩු කරල ඉන්න මහත්තුරු දෙන්න එළියට දානව. එතකොට ඉතිං ඔක්කොම ඉවරයි. කට්ටියම බෝම තංතෝසෙං ආපහු තම තමංගෙ ගෙවල් දොරවල් බලා යනව. අත්තම්මට තේරුණා නේද?"

"තේරුණා තේරුණා මොකෝ නොතේරි? කොහොම හරි කමක් නෑ ඒ තක්කඩි මහත්තුරු දෙන්න එලියට ආවනං මට ඒ ඇති…………."


ඔන්න දැක්ක නේද අපේ බුඩ්ඩ පුට්ටරයිංගෙ තරම...දර්ම සංගායනාවකට ගිහිල්ල වගෙ මහ උජාරුවෙං වැඩ ඉන්නෙ මරා ගැති පට්ට හොරු දෙන්නෙක්ව රැකගන්ට අපේ රුපියල දෙක එකතු කරගන්ට පිහිටුවපු මජර සංවිදානෙක බැනර් එකක් ඉස්සරහ..අනේ කාලේ වනේ වාසේ....බුදු හාමුදුරුවො මේ වගෙ දුස්සීල සංගයා ගැන ඒ කාලෙම කියල තිබ්බ...

19 comments:

  1. ඔයි කිලුටු පොට්ටනි ටික ගීං දුන්නු ගමං එහෙම දොස්තර ගාවට ගිහිං "ආ..." කියල දිව දොට්ට දැම්ම වගේ ඒ මාත්තුරුංව දොට්ට දාන්නෑ. ඒකට තියෙනොව වෙනම ක්‍රමවේදයක්. ඔව්. ඔන්න ඔය ගාඩ් මාත්තුරු ඔය පොට්ටනි ටික බාර ඇරං එක තැනක ගොඩ ගහනව. ඉං පස්සෙ පෙටි කෑෂ් එකෙං සල්ලි ඇරං කඩේට ගිහිං ගේනව මීටරේ රූලක්. ගෙනැත් අර රෙදි සේරොගේම දිග මයිනව. මයින්න කල් ගතවෙනව කියල උත්ගෝසන කලොත් තව ගාඩ් මාත්තුරු කීපදෙනෙක් ඇවිල්ලා අර මීටරේ රූලෙ දිගටම ලාඩප්ප පොලු ටිකක් කපාගෙන ඒවෑනුත් මයිනව. මැනල බලල සම්පූර්ණ සිල්රෙදි මීටර් ගාන හදාගන්නව. ඉං පස්සේ ඔය සිල්රෙදි ගත්තු බිල හොයාගෙන ඒකෙ තියෙන රෙදි මීටර් ගානත් ලැබිච්චි කිළුටු පොට්ටනියෙ රෙදි මීටර් ගානත් ගැනගන්නව. ඒ දෙකම නූලටම හරි නං බෙදාදුන් සියළුම සිල් රෙදි ආපසු ලද බවට වාර්තා කරනව. ඊළඟට පින් රිටන් කිරීම. මේ සිල් රෙදි බෙදාදීමේ පුඤ්ඤකරුමෙං ලබාගත් පිනක් ඇහ්නං ඒ ටිකත් රිටන් කරන්න ඕන. ඒකට වෙනම ගාතා සැට්ටෙකක් හදල ගායනය කරලා තමයි මේ ශිල් රෙදි ටික මහා බාන්ඩාගාරෙට දෙන්නෙ. එයිං පස්සෙ ඒක රටේ වත්කමක්.

    මීලඟට අපිට පුළුවං තේරවාදී බවුඩ්ඩ රටවලින් බඩුමුට්ටු ගනිද්දි මෙව්වෑං ඒවට ගෙවන්න. ඔන්න අපේ රටේ නිලධාරීං පිරිසක් තායිලන්තෙ අජ්ජයන සංචාරවලට යද්දි අහස්යාත්රාවට පටෝනව මේ සිල්රෙදි පොදි ටිකක්. ඒ ටිකත් අරගෙන ගිහිං අපේ නිලධාරීං තායිලන්තෙදි ගන්න සේවාවලට ගෙවන්නෙ සිල්රෙදි වලින්. ඒ විදිහට තායිලන්තෙ හෝටල්වල්ට, අම්බපාලියන්ට එහෙම සිල් රෙදි වලින්ම ගෙවන්න පුළුවං. තව මියන්මාරය, ලාඕසය, තිබ්බතය වගේ රටවල්වලින් එක එක බඩු මූට්ටු ගෙන්නගෙන සිල්රෙදිවලින් ගෙවන්න පුළුවං. වෙන එකක් තියා අරාබියෙං තෙල් ගනිද්දි උනත් මෙව්වයෙං ගෙවන්න පුළුවනි. සුල්තාන්ලගෙ ඔලුවෙ දාන රෙද්ද හැටියට පාවිච්චි කරන්න. තව ඕනිනම් රෙද්දත් එක්කම රෙද්දට උඩිං දාන වලං ගැට්ටත් නොමිලෙ දෙන්ට පුළුවෙනි. ආං එහෙමයි මේ ශිල් රෙදි අපේ රටේ ජාතික ධනයට ආපහු එක්කහු කරන්නෙ. පෑ දිලියි නේජ?

    ReplyDelete
    Replies
    1. මෙව්වා නේ යකෝ කමෙන්ට්ස්....

      Delete
    2. හෙක් හෙක් රවියටම හරියන පොරක්...

      Delete
    3. සිල් රෙදි පොට්ටනි එකපාරටම භාණ්ඩාගාරෙට බාරගන්ඩ බෑ..ඉඩ නෑ....ඒකට ආයෙ බැදුන්කර හරි තැම්බුන්කර හරි ජාතියක් ඉසූ කරල බාන්ඩාගාරෙ සුද්දකරල තියන්ට ඕනැ..

      Delete
    4. ඔව් දැං අඩු මැල්ලුංකර විතරයි.

      Delete
  2. යකඩෝ පහලට එනකං හිතුවේ බෝ ආදරේට කියන කතාවක් කියලා.
    අපිත් මේක ආදරුසෙට ගන්න ඕනි.වරෙන් අපිත් හදමු අධිකරණය විසින් දඬුවම් ලබාදුන්
    සිරකරුවන් බේරා ගන්න සංගමයක්.ගාණක් හොයාගන්නත් පුළුවන් එක එක ලෙවල් වලින් වැඩේ කරන්නත් පුළුවන්.
    කොහොමද පොරවල් වෙලේ සුදා අහිංසකයි,මතකය නැති එවුන් හිරේ නොදමනු, කියලා බෝර්ඩ් උස්සගෙන ඉන්නවා මැවිල පේනවා.

    ReplyDelete
  3. මේ යන හැටියටනං ඔහේට වත්ථු ලියනව ඇරෙන්න වෙන දෙයක් ලියන්න බැරිවෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි

      කොහොමද සුවිටි!
      හානේ ඔයත් ගත්තා නේද සුදුරෙදි? අර අපි බිම දාන් අදිනකොට බිමට දාන රෙද්ද නේද ඒ? චිකෙයියා එක එකා පිනටදීපු ඒවා දාන්, දාන්අදින්න බෑ ඔන්න මිට පස්සේ

      කවදාද දාන් අදින්න නට එන්නේ.....කවද ද අපි ලොලිපොප් කන්නේ ... මේ සෞමය කිරණේ

      ටෙක් කෙයා ලව් .....සියු සුඋන්........ ලව්ලි බඩි

      Delete
    2. Praසන්ன, Who is this ?

      Delete
    3. http://techtrozan.ga/15-nostalgic-phones/amp/

      Delete
  4. අර ඩේසි ආච්චිගෙ සල්ලි වලින් ගත්තු ඉඩම් වලට කවුරුහරි හිරේ ගියොත් මහජනයගෙන් මැණික් එකතු කරන්න ඉඩ තියෙන නිසා දැම්මම ප්ඩො පහේ මැණිකක් අරගෙන තිබ්බොත් හොඳයි. මොකද එහෙම ඩිමාන්ඩ් එකක් ආවම මැණික් ගණන් යන්න ඉඩ තියෙනව.

    ReplyDelete
  5. සුදු රෙදි හොරු වෙනුවෙන් සිවුරු හොරු.. ලස්සන ෆොටෝ එකක් ෂෙයාර් උනා ෆේස් බුක් එකේ.. :)

    ReplyDelete
  6. ශෙදි ගැලවෙනවා ශාදු

    ReplyDelete
  7. සාදු සාසු සාදු

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...