Thursday, September 14, 2017

530. පුවක් එෂැණිං 30 - සාහිත්තිය මාසේ හොයාගෙන කියවන්න සුදුසු පොත්...........



සැප්තැම්බර් 15 වන දිනසිට 24 වන දින දක්වා පැවැත්වෙන
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ
දැන්වීමක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

අර ගාතකයගෙ කතන්දරේ ඉතුරු හරිය ලියන්ටත් තියනව. පහුගිය බ්‍රාස්පතින්දට එපිට බ්‍රාස්පතින්දයි මම ඒකෙ මුල් කොටස ලිව්වෙ. දෙවෙනි කොටස ඒ හෙනහුරාදම ලියඤ්ඤම්ය කිව්වට ඒ වැඩේ උනේ නෑ. එව්ව එහෙම තමයි. සන්සාරේ බවේ දුකා...සම්බෝලයි බතුයි කකා.... ගාතකයයෙ කතන්දරේ ඉවරකරන්ට පොරමාද වුනේ මේකයි. 

අර සිල් රෙදි හොරු දෙන්න උසාවියෙං හිරේට දැම්මනෙ. ඒ ගැන ලියන්ට වුනා. කාලීන පුවක් නෙව. ඊට පස්සෙ අපේ ගනින්නාන්සෙල රොත්තක් සැට් වුනානෙ ඒ සිල් රෙදි එකතු කරල ආපහු ගෙනුහුං බාර දෙන්ට. ඒ පාර ඒ ගැනත් ලියන්ට උනා. 

ඉතිං දැං ඔන්න හෙට පටං ගන්නව අර පොත් පෙදස්සනේ. ඒකත් ඇවිල්ල කාලීන පුවක් වලට අයිති වෙන හින්ද සහ මේ සාහිත්තිය මාසෙ හින්ද කියවන්ට සුදුසු පොත් කීපයක් රෙකමදාරු කරල මොකවත් ලිව්වනම් හොඳා නෙවද කියල මට හිතුන. ඊලඟට නොවැරදීම ගාතකයගෙ කතන්දරේ ලියනව. දෙයියම්පල්ල...

මෙන්න මෙහෙමයි මම රෙකමදාරු කරන පොත්....

1. ඩිෆෙන්ඩර් රථවල නැවත තීන්ත ආලේපකිරීමේදී සැළකිය යුතු කරුණු - කර්තෘ සිරන්ති රාජපස්ස 

2. ඩාට්මත් නාවික විද්‍යාලයේ සියලුම විභාග අසමත්වීමේ නොවරදින මඟ - කර්තෘ යෝසිත රාජපස්ස 

3. රජයේ වියදමෙන් පැරීසියේ දින තුනක් - (දේශාටන සටහන්) - සම කර්තෘවරියන් සිරන්ති රාජපස්ස සහ ඩේසි පොරස් 

4. එයා ලංකා ගුවන් සේවිකාවන් සමඟ මගේ ජීවිතය - කර්තෘ නිසාන්ත වික්කරමසිංහ 

5. නුවර වැව වටේ රේස් පැදීමේදී වැදගත්වන සුරක්ෂිතතා පූර්ව උපක්‍රම - කර්තෘ නාමෝල් රාජපස්ස

6. අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරු විද්‍යාවේ මූල ධර්ම - කර්තෘ රෝහිත රාජපස්ස 

7. නීතිවිද්‍යාල අවසාන විභාගය ඉතා පහසුවෙන් සමත්වීමට උපදෙස් - සම කර්තෘවරුන් ඇම්. රාජපස්ස සහ ජේ. ප්‍රනාන්දුපුල්ලේ

8. භාවනා කිරීමට මැලිවන්නන් ගලග්‍රහයෙන් ගෙන හෝ භාවනා කිරීමට පෙළඹවීමේ වැදගත්කම - කර්තෘ කූජිත ජයසුන්දර

9. මුදල් සිඟා පිණ්ඩපාතයේ වැඩීමේ ආනිසංස - කර්තෘ මැදමුලන නිකායේ චෞර ආරක්ෂක පාර්ශ්වයේ මහානායක ඇම්. අබේතිස්ස හිමි

10. ක්‍රි.පූ. විසි එක්වන සියවසේ ඊජිප්තුවේ ඊශ්‍රායල්වරුන්ගේ සිට වර්තමාන ශ්‍රීලංකාවේ බයියන් දක්වා - ලෝකයේ වහල් ක්‍රමයේ විකාශය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් (A Comparative Study) - අග්නිදිග ආසියානු වහල් පර්යේෂණ මධ්‍යස්ථානය

11. ලෝක ඉතිහාසයේ සදා අරණීය විශිෂ්ඨ දේශන අංක 6 - කාල්ටන් බංගලාවේ ජනේලය උඩ දේශනය - සංස්කරණය - සමස්ත ලංකා යාවජීව බයියන්ගේ සංසදය

12. උසස් තනතුරු ලබාගැනීමේ නොවරදින ක්‍රමවේදය - දේවපූජා පැවැත්වීම - කර්තෘ කූජිත් ජයසුන්දර

13. දෙවියන්ට කල අපහාසයකට වසර හතළිහකට පසු දේවසාපයෙන් සිහිවිකල විය හැකිද? - කාලෝ පොන්සේකා පිළිබඳව පූර්ණ කාරක අධ්‍යයනයක් (A Comprehensive Case Study) - දේව සාප අධ්‍යයන කේන්ද්‍රය

14. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම - පරීක්ෂණයකට වැදගත්වන අස්ථි සංරක්ෂණය කල යුත්තේ කෙසේද ? - කර්තෘ විශේෂඥ වෛද්‍ය ආනන්ද සරමසේකර.

15. හෙයාර් ජෙල්, ලෙමන් පෆ්, පාස් පෝට්, සීගිරිය හා සමඟ මහල්ලා සහ මුහුද - (මගේ ජීවන සැමරුම්) - කර්තෘ වී. මෝඩවන්ස

16. සම්පූර්ණ ගුවන් යානයක් වෙන්කොට බල්ලන් ගෙන්වීමේදී ඔබ දතයුතු කරුණු - කර්තෘ ජී. රාජපස්ස

17. යුද හමුදා භටයින්ගේ කාර්ය පටිපාටිය සංශෝධනය - (සාරි කටු ගැසීම සහ බල්ලන් නෑවීම ඇතුලත් කිරීම) - සංස්කරණය බී. රාජපස්ස

18. මගේ දියුණුවේ රහස් - (රක්ෂණ නියෝජිතයෙකුගේ සිට කෝටිපති නිවෙස් හිමියකු දක්වා) - කර්තෘ ඇම්. අලුත්ගමගේ.

19. ගුණමකු රජෙකු නිසා සිපිරිගෙයි තපිමි - නූතන සිපිරිමාලයේ කවි - කර්තෘ ඇල්. වීරතුංග

20. හෝටලයක යාබද කාමරයට පිවිසීමේ නවතම ක්‍රම පිළිබඳව අත්පොතක් - කර්තෘ කේ. රඹුක්වැල්ල

21. කිසිදු වියදමකින් තොරව මව්පිය අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරීමේ ක්‍රමවේදය මුල සිට සරලව  - සම කර්තෘවරු ඇම්. රාජපස්ස සහ ජී.රාජපස්ස

22. මට මගේ නොවන මගේම මන්දිරයක් තිබුණා - ගීත සාහිත්‍ය  ග්‍රන්ථය - කර්තෘ බී. රාජපස්ස

43 comments:

  1. හපොයි පොත් සීන් එක නැගලා යනවා වගේ. අර නො 15 පොතේ නමට කැමරා ෆෝන් කියලා එන්නත් ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. උදය,

      හරි හරි මෝඩවන්සය කැමරා ෆෝන් දෙකක් බෙල්ලෙ එල්ලගෙන හැමතැනම ගිහිල්ල එහෙම කාඩ් එකකුත් වැදිල තිබ්බ නේද?

      මට මතකයි ලංකාදීපෙ දාස හපුවලාන මිනිහව ඇන්දෙම ඔය ෆෝන්ස් දෙකත් එක්ක.

      Like this :)

      Delete
  2. ඔය තියෙන්නේ..... අනේද කියන්නේ...
    බලන බලන එකා පොත් ලැයිස්තු දානවා. හලේ...............................................

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      ඉතිං මොකද උඹ දැං කියන්නෙ?

      Delete
    2. කියන්නේද... ??
      කියන්නේ අර පැතුමා කියපු කතාවම තමයි.

      Delete
    3. ලිඛිතා,

      හෙහ්..පැතුම ඉතිං මොකද? ඕකා තමයි අද සිහල වියුණු ලොව ජේස්ටතමයා...මේ ඊයෙ පෙරෙයිද ඔන්න අවුරුදු විස්සක්ද දහයක්ද කොහෙද සැමරුව බ්ලොග් ලියන්ට අරගෙන...

      Delete
  3. පඳුරු තැලීමේ නවීන විද්‍යාත්මක ක්‍රම - කතෘ රවී වීරසිංහ
    නිමක් නැති කතා ආරම්භය, පවත්වාගෙන යාම සහ පාඨකයා ගොනාට ඇන්දවීම (සුරංගනි කතාවකි) - කතෘ රවී වීරසිංහ

    ReplyDelete
    Replies
    1. Prasanna,

      බ්ලොගයක් ආරම්භ කොට එකම පෝස්ට් එකක් පමණක් දමා වසර හතරක් ඇදගෙන යෑමේ ක්‍රමවේදය - ආරම්භයේ සිට සරළව - චම්පික ප්‍රසන්න

      Delete
  4. මහත්මයා වැඩ කරන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේද ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔන්න ඕකනෙ වෙලා තියෙන්නෙ...වැරදි අවබෝධයක්...

      කරුණාකර මේ සටහන බලනු මැන........

      Delete
  5. මම හිතුවා මේ යකා ඇත්තටම වටින කියන පොත් ටිකක් ගැන ලියල ඇති කියල. බලනකොට ඉතින් සුපුරුදු පරිදි මෝඩ ආතල් එකක් අරගෙනනේ.. හෙහ් හෙහ්.. ඔය දන්න කියන වැදගත් පොත් ගැන මොනවහරි ලිව්වා නම් අර ප්‍රා.ජේ තුමාගෙන් අපිට හොඳ කොමෙන්ට් ටිකක් එහෙම ගන්න තිබුනනේ රවියෝ. මේ සිගිති ආතල් ගන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අඩේ බං වෙරි සොරි ෆෝ ඩිසපොයින්ටිං යූ....

      මම මේ දුරු කතර ඉඳගෙන කොහොමද බං ලංකාවෙ පොත් ගැන දන්නෙ? බොලානෙ අලුත් පොත් ගැන දැනගන්ට ඕන...කලබල වෙන්ට එපා..අපේ ප්‍රා මහත්තය හොඳ පොත් ගැන විස්තරයක් දේවි...:)

      Delete
    2. පැතුම්,

      සිංහල පොත් ගැනනම් මන්ද බං ඉංග්‍රීසි පොත් දෙකතුනක් ගැනනම් කියන්නං..බලපං තියෙයිද කියල.

      The Girl On The Train

      The Other Boleyn Girl

      The other boleyn girl පොත ලියපු ෆිලිපා ග්‍රෙගරි තව අපූරු පොත් කීපයක්ම ලියල තියනව.

      Delete
    3. මම කිව්වේ ලංකාවේ අලුතින් ආපු පොත් ගැන නෙවෙයි බන්.. කියවපු සිරා පොත් ගැන මොනව හරි ලියන්න අදහසක් නැද්ද.. ? අර Big Bad Wolf සේල් එකත් ලබන මාසේ එනවා.. හොඳ ඉංග්‍රීසි පොත් ටිකක් ගැන එහෙම ලියන්නකෝ.

      Delete
    4. The Other Boleyn Girl එකේ තියෙන්නේ Tudor රාජවංශය ගැන ද? මම The Tudors tv සීරිස් එක බැලුව. එකේ තියෙන්නේ Henry VIII ගේ කතාව. ඒ සීරිස් එකේ හැටියට මේ Boleyn girl වගේ හිතෙන චරිතයක් තිබුනා. Anne Boleyn තමයි රැජින ගේ නම.

      Delete
    5. පැතුම්,

      නෑ මෙතන අදර් බොලීන් ගර්ල් කියන්නෙ ඈන්ගෙ සහෝදරියට.. ඇගේ නම මේරි,

      මල්ලි බලපන් රොබට් හැරිස්ගෙ ද ඩික්ටේටර් පොත තියෙයිද කියල. ඒකත් නියමයි.ඒක පොත් තුනක සීරීස් එකක්. රෝමන් අධිරාජ්‍ය කාලෙ කතාවක්... සිසෙරෝ කියන දාර්ශනිකය ගැන.

      Delete
    6. Ravi:
      අනන්‍යා, කොස් කපන අසෝකා, ක්ලියෝපැට්‍රා, අහල්‍යා..

      දැක්කද ඉතින් පොතක් කිව්වහමත් අර ගර්ල් මේ ගර්ල්...

      Delete
    7. Likhitha,

      එහෙම තමයි බං ..දැං බලපං උඹ ලිව්වොත් ලියන්නෙ කොල්ලො ගැන..ඒම තමයි ඒකෙ අවයවය (අපෙ මාමණ්ඩිගෙ වචනයක් ඔය අවයව කතාව ...) විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ඇති ආසක්ත බව.

      ඒක ඇවිල්ල නැචුරලි එන එකක්.... ෆ්‍රොම් ටෙන්ස් ඔෆ් තවුසන්ඩ් ඉයර්ස්...ෆොම් ද ටයිම් අවර් ඇන්සස්ටර්ස් වර් වෝකිං ඔන් ඕල් ෆෝර්ස්.

      ඩෙස්මන්ඩ් මොරිස්ගෙ ද නේකඩ් ඒප් කියවල ඇතිනේ? නැත්තං මේ පාර බුක් ෆෙයා එකෙං ගනිං....

      Delete
    8. අවයවය? මම කොල්ලෝ ගැනම ලියනවාය කිව්වා???? අම්මප රවියගේ කටට ඔටුවෙක්ම ගහන්ට ඕනේ ඒ කතාවට.. ඉහි ඉහි ඉහි

      Delete
    9. හුකෑස්... ලිඛිතා කොල්ලන්ගෙ අවයවය ගැන ලියනවා කිව්වා...?

      Delete
    10. Pathum,

      Try Masters of Rome series by Colleen McCullogh අලුත්ම නෑ. හැබැයි හොඳයි.

      තව, Last Kingdom series by Bernard Cornwell
      ඒකෙ ටීවී සීරීස් එකත් නියමයි

      Delete
  6. අර කළු දොදොල් කෑල්ල ඇද්දේ නැද්ද රවී ලොක්කෝ ?

    ReplyDelete
  7. නලින්ද සිල්වා පොත් ලියල නැතෙයි?

    ReplyDelete
    Replies
    1. රසික,

      නලින් ද සිල්ව අමතක වුනානෙ..:)

      Delete
    2. නාත හීන - මහාචාර්‍ය එන්. ද සිල්වා

      Delete
  8. දැන් අපි කොයි පොත් කඩේටද යන්න ඕන ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය,

      අර අපේ තරුරසී නෝනයි බෝදිනී වයිද්දිය තුමියයි ඉන්න කුටියට ගියානං හරි...:)

      Delete
  9. බුකියේදී හාමුගේ නම හලලා අර්ජුන් ඇලෝසියස් ගේ නමින් විතරක් පල කරපු "බැඳුම්කරේ මමයි කරේ" පොත කෝ බන් රවී අයියේ. මෙතනදී ඒක හිමීට හැලුවා නේද...

    10 වෙනියට තියෙන පොතේ නම සංශෝධනය කරන්න වෙනවා කියල හිතෙන්නේ නැද්ද මේ සිද්ධ වෙන දේවල් අනුව...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      /බුකියේදී හාමුගේ නම හලලා අර්ජුන් ඇලෝසියස් ගේ නමින් විතරක් පල කරපු "බැඳුම්කරේ මමයි කරේ" පොත කෝ බන් රවී අයියේ. මෙතනදී ඒක හිමීට හැලුවා නේද.../

      ෆේස්බුක් එකේ මම දැම්මෙ ෂෙයාර් කරපු එකක්.ඒක මගේ නිර්මාණයක් නොවෙන හින්ද මෙතන දාන්න බෑනෙ බොල...

      අනික ඒක හලන්න මට ඒ හේතුව ඇරෙන්න වෙන කිසිම හේතුවක් නෑ. උඩහ බලහං අර ඇනෝ කෙනෙක්ට පිළිතුරු විදිහට බැඳුම්කර වංචාව ගැන මම මීට අවුරුද්දකට වගෙ කලින් ලියපු සටහනක ලින්ක් එකක් දාල තියනව. කරුණාකරල ඒක කියවහං..මල්ලි වහල්ලුන්ගෙයි අපෙයි වෙනස අන්න ඒකයි. මොකා කරත් අපි වැරැද්දට වැරැද්ද කියනව. ඒත් බයි වහල්ලු හෙට අර නීල කාසයා මම තමයි ඔය හොර මැරකං ඔක්කොම කලේ කියල පිළිගත්තත් දහ අතේ දිවුරයි එහෙම නෑ කියල. අනේ මන්ද බං බයියංගෙ තියනව මං හිතන්නෙ අමුතුම විකෘති වෙච්චි ජානයක් හරි මොකක් හරි එකක්. අර ඩෝකින්ස් කිව්වෙ සෙල්ෆිෂ් ජීන් කියල එකක් ගැන. ඒ වගෙ මට හිතෙනව මල්ලි සියලු බයියංගෙ තියනවයි කියල ස්ලේවරි ජීන් (වහල් ජානය) කියල එකක්. you agree or not?

      /10 වෙනියට තියෙන පොතේ නම සංශෝධනය කරන්න වෙනවා කියල හිතෙන්නේ නැද්ද මේ සිද්ධ වෙන දේවල් අනුව.../

      ඔබ හරි මටත් හිතෙන්නෙ මෙහෙම සංශෝධනය කරන්ට වෙයි වගෙ තමයි මේ යන විදිහට...

      10. ක්‍රි.පූ. විසි එක්වන සියවසේ ඊජිප්තුවේ ඊශ්‍රායල්වරුන්ගේ සිට වර්තමාන ශ්‍රීලංකාවේ බයියන් දක්වා - ලෝකයේ වහල් ක්‍රමයේ විකාශය සහ කූට ප්‍රාප්තිය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් සහ වහල් භාවය ජානමය රෝගයක්ද නැතහොත් මානසික ආබාධයක්ද? - අග්නිදිග ආසියානු වහල් පර්යේෂණ මධ්‍යස්ථානය

      Delete
  10. Blogger's License- Solar Heroicleo.
    මත කය - ආර්. වීරසිංහ

    ReplyDelete
    Replies
    1. Pra,

      මත කය - Space between the words? typo or intentional?

      Delete
  11. Intoxicated body.
    Well, the mind too I guess.
    Matha Sitha.

    ReplyDelete
  12. නොම්මර පාලොහේ පොතට නම් නම් දාලා තියෙන්නේ (සමහරවිට ලියල දෙන්නත් ඇත්තේ) අපේ හැලපේ තමයි සුවර් එකට.. නියම හැලප ස්ටයිල්.. :))

    ReplyDelete
  13. මැකුවට වැඩක් නැ මිත්‍රයා ඔය මකපු දේවල්වල ස්ක්‍රීන් ෂොට් තියනවා

    ඉස්කෝප්ප අසියා වුනත් කලාබර ආසියා උණත් බුරු පොලේ කුජිත වෙනවා !

    රෙදි ගැලවුන විට සෙළුව නොපෙනෙයි නම් තමයි පුදුමේ ...

    ස්තුතියි රවී මහතාණෙනි !ඔබේ අනාගතයට ආසිරි !

    ReplyDelete
    Replies
    1. Ano,

      You have screen shots? my god I am so scared....please don't show them to anybody..I beg you....please ..please....:(

      Delete
    2. don"t worry about the screenshots. when we need it, we use it.

      but you are very shame about your double game dear friend. have a nice day

      Delete
    3. Ano,

      /but you are very shame about your double game dear friend. have a nice day/

      Correction : it should be "but you should be ashamed about your double game..."

      Delete
    4. Don"t worry about me bro...that's good for your knowledge and attitude.

      Ano is ano .Anonymous are back to doing what they do best. without any name acknowledged, as that of author, contributor, or the like

      have a nice day

      Delete
  14. මරුනෙ, දැන් ඉතිං ඊළඟ පොත් ප්‍රදර්ශනේ වෙනකං කියවන්න පොත් තියනව :)

    ReplyDelete
  15. රාජපක්ෂ හොඳ ගත් කතුවරයෙක් වගේ. කවුද හිතුවේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...