Thursday, October 27, 2011

85. ද ටොඩි ටැපර් and/vs ද මුඩ්ලියර්


මුදලිතුමෝ........

මේ මම.....
ගම රා මදින්නා.........

ඒ කාලේ
උත්තම නුඹ වහන්සේ
වඩිනා කල ගම මැද්දෙන්
කාණු පල්ලේ පා රඳවා
හිස නමමින් විගසකිනේ
ගතිමි ලේන්සුව දෑතට...........

තරහා අවසර මුදලිතුමෝ..........

එව්වෝ දනිත්ද එව්වැයේ රඟ
ඔන්න බලන්ටකෝ වුනු දේ
අපි දෙන්නා මෙහෙම මෙහෙම
මූණ බලන් ඉන්න ලෙසට
චිත්‍ර ඇඳලා එල්ලලා මුං........

මුදලිතුමෝ තරහා අවසර
උරහිසේ ම තියලා ඇඳලා
ලේන්සුවත්.....
අම්මපා මුං




අර හංකඩ සුද්ද තමයි,

බොලේ එදා ඕක ඇන්දෙ,
ඒ මදිවට කන්දෙ නුවර,
එල්ලලාලු පොරසිද්දියෙ,

ඔක්කෝටම වැඩියත් මගෙ,
මාලු නටන්නේ අම්මප,
නයි මල්ලත් කරේ දමන්,
රට පුරාම ඇවිදින අර,
අංග පුලාවකටම නැති,
නුහුගුනෙ වගෙ ඇති ගැටිස්සි,

කොල්ලන්ටයි බල්ලන්ටයි,
හතර අතේ රට්ටුන්ටයි,
හැමදාමත් බලාගන්ට,
එල්ලල උන්දැගෙ බොලොක්කෙ,
අනෙ අම්මප වෙච්චි දෙයක්,
සංසාරේ......සංසාරේ!!!


දිල්ශාරා වීරසිංහ සොයුරිය කවදාත් වගේ අගේ ඇති ලිපියක් ඊයේත් පල කරලා තිබුනා. බොහොම වටිනා පිංතූර එකතුවක් ගැන තමයි ඒ ලිපියේ කියැවෙන්නේ. මේ කොළඹ රටේ ඉන්න මට නං ඒක බලන්න යන්න වෙන්නේ නැහැ ඉතිං. හැබැයි යන්න කැමති අයට සියලුම විස්තර සංසාරේ අපි බ්ලොග් ගෙදරට ගොඩ වුනා නං ගන්න පුළුවන් වෙනවා කිසිදු අයකිරීමකින් තොරවම.

ඉතිං ඒ පිංතූරයක් දැකපු ගමන් මට හිතුනු දෙයක් තමයි පළවෙනි පද පෙලෙන් කියන්න උත්සහ කලේ. ඉතිං ඔය කවි පෙල මගේ බ්ලොග් ගෙදර නිවැසි, රවී වීරසිංහ සොයුරාට දැක් වූ විට ඔහුට සිතුනු දේ තමයි දෙවැනි කවි පෙලෙන් දැක්වෙන්නේ.

ඔන්න පළවෙනි වතාවට නිදහස් සිතුවිලි නිවැසියෝ දෙන්නා ම එකතු වෙලා ලියපු ලියැවිල්ලක් තමයි අද ඔය ඉහැත්තෑවෙන් පළ වෙලා තියෙන්නේ.

10 comments:

  1. ලස්සන අදහසක්... මුදලිට මොනව හිතුන ද දන්නෑ නෙ...

    ReplyDelete
  2. ඔන්න බලන්න වැඩේ........... පේන දේත් නොපෙනි යනවා වෙලාවකට නේද? ඒ මේක මෙකයි කියලා කලින්ම හිතාගෙන බැලුවහම වෙන්න පුළුවන් පැතුම්. ඔය දෙවැනි පද පෙළ කියන්නේ මුදලිතුමා කියලා හිතුනේ නැද්ද? :)

    ReplyDelete
  3. අනේ නියම අදහස්නෙ ඔයාලටත් හිතෙන්නෙ...:)))

    ReplyDelete
  4. හි හි හි. ඉස්තූති :)
    නියම කවි සෙට් එක !!!!!!!
    අපිත් හිතෙන කවි ලියන්නද ??? හිහි

    :)
    ජය

    ReplyDelete
  5. හරිම ලස්සන සිතුවිලි ටිකක්, බලමු දැන් අර අංග පුලාවකට නැති,
    නුහුගුනෙ වගෙ ඇති ගැටිස්සි මොකද කියන්නෙ කියල :D

    ReplyDelete
  6. ඔන්න ඔහොම එකතුවෙලා ලියනවනං මොනවා කරන්න බැරිද! හැම දාම කානු පල්ලෙ නොයිද පොටෝ එකට හරි කෙලින් ඉන්න ලැබිච්චි එකට නං මම හරි සතුටුයි

    ReplyDelete
  7. ටිකක් තේරුනා..ටිකක් නැහැ නැහැ වගේ......මට බරපතල සිංහල අමාරුයිනෙ අප්පා....

    ReplyDelete
  8. මුදලිතුමාගේ කවි ටික නම් පංකාදුයි...:D

    ReplyDelete
  9. සුද්ද මොනවා කලත් නොකලත් අපේ රටේ තිබ්බ වැඩවසම් ක්‍රමේ වෙනස් කරන්න මුලින්ම අත තිබ්බ...එකට විතරක් මම උන්ට කැමතියි..

    ReplyDelete
  10. අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි......

    මිහිරි, ඔය ඒ ගැටිස්සි තමයි ඔයාට උඩින් කොමෙන්ට් කරලා තියෙන්නේ......

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...