Tuesday, December 20, 2011

73. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........2




ඕලු මලේ කතන්දරේ.........1

අපි ගෙදර එනකොට ජයවර්ධන ( මතකනෙ අපෙ ගෝලය...අර පුහුල් වැල්ලෙ ...හරි මතක් උනා නේ? ) දවල් ට උයල....අපි වටේට ඉඳ ගන්නව....පරිප්පු හොද්දක් වරදින්නෙ නෑ, ආය ජයවර්ධන ලොක්කගෙ ෆේවරිට් ඩිශ් එකක් තමයි තිබ්බටු සහ කොස් ඇට එකට දාල මලවල....ඔය අතරට කට්ට කරවල කෑල්ලක්, දෙකක්, තුනක් ලූණු එහෙම යහමින් දාල තෙලේ බැදල අරගෙන ආයෙ දෙහි ලුණු පදමට දාපු ගොටු කොළ සම්බෝලෙකුත් එක්කහු උනාම කොහොමද? හපෝයි මගෙ ඔලුවත් එක්ක නරක් වෙනව අප්පා....

ආයෙම පාරක් කනව කලිසං බොත්තං බුරුල් කරමින්...ඒ කරල බුදියෙනව හවස හය විතර වෙනකල්.....ඊලඟට ඒ කිට්ටුවෙම්ම ගලාගෙන ගියා කුඹුරු වලට වතුර දෙන්ට හදාපු අඩි හයක් විතර පලල ඇලක්...ඕක වැතිරිල ඉන්නව මී හරක් වතුරෙ ලැගල ඉන්නැහෙ....ඒ කරල ආපහු ඇවිදිල්ල හිට ගහනව කහට පාරක් හකුරු එක්ක...හතට අටට වාගෙ හෙමීට තව අඩියක් ගහන ගමං කාඩ් අතකුත් සෙල්ලං කරනව...බොහෝ විට ඕමි තමයි....ඒ ඇරුනම 304....දහය එකොලහ වෙනකොට ඇඳං උඩ.....ආයෙම පහුවදා ඔය විදිහමයි......ඔහොම ගෙවිල ගියා මාස ගාණක්....

ඔන්න එක දවසක් අපි රෑ කතා කර කර උන්න එලියෙ පුටු තියාගෙන...දන්නවනෙ ඉතින් මොනවද කරමින් හිටියෙ කියල,....අපෙ ගෙදර ඉස්සරහ තිබ්බ මහ විසාල පලු ගහක් ඕක යට පිට ලෑල්ලකින් හදල තිබ්බ බංකුවෙ ඉඳගෙන හිටිය සෝමෙ....කට පුරා විටක්...ආ තව එකක්..... සෝමෙ විට කන්ඩ මරුව.....රෑට නිදාගන්නෙත් හපයක් හක්කෙ තියාගෙන.

'' මල්ලිල කාල තියද ඕලු මල් වෑංජනේ? '' සෝමෙ ඇහුවෙ කටත් උඩට හරවගෙන...ටික ටික විට හැපෙනකොට කෙල පාර ගහන්ට ඉස්සර ඔහොම කට උඩට හරවගෙන තමයි සෝමෙ කතා කරන්නෙ...වමතින් පපුවෙ මයිල් අත ගාන ගමන්...ජීවිතේට මනුස්සය නෙවෙයි කමිසයක් අඳින්නෙ ගෙදර ඉන්නකොට.

'' ඕලු මල්?.....ඕලු මල් කොහෙද බං කන්නෙ? '' මම නම් ඇහුවෙත් අදයි විජේ කිව්වෙ එකක් උගුරට හලාගෙන කෙල පාරකුත් ගහන ගමන්,

'' ඕන්න ඕක නෙව ඉතින් කියන්නෙ, ඔයාල නොදන්න දේවල් කොච්චර තියද? ඕලු මල පිපෙන්න ඔන්න මෙන්න කියල පොහොට්ටුව තමයි උයන්න ගන්නෙ....ගාණට පහේ එහෙම දාල හින්දල ගත්තම ආයෙ කියල වැඩක් නෑ.....අද මම දැක්ක වැවේ තියනව නියම ගාන ඕලු මල් යායක් ''

' එහෙනම්.... මේ වීරෙගෙ උපන්දිනේ හෙට....'' කරූ කිව්වෙ මාව පෙන්නන ගමන් මට එහෙදි කිව්වෙ වීරෙ කියල '' සෝමෙ අයියා හෙට හදමු ඔය කිව්ව වෑංජනේ ...''

'' අන්න හරි මල්ලි මම හදන්නම් හෙට '' සෝමෙ තාමත් කට උඩට හරවගෙන

'' යකෝ කෙළ ගහල හිටු..... උඹ දැන් මෙතන හපේ ගිලිල වල කජ්ජ ගැහුවොත් එහෙම....මේ ඩීසලුත් නැති වෙලාවෙ...මෙතනම වලක් කපල වල දාන්ඩ තමයි වෙන්නෙ '' කරූ කෑ ගහපු පාරට පලු ගහේ වහලට නැමිල තිබ්බ අත්තෙ හිටපු බස්සෙක්ද කොහෙද බයවෙලා ඉගිලිල ගියා වැව පැත්තට.

එදා ටිකක් වැඩි වෙන්ඩ ගැහුව නිසා පහුවදා අපි අට විතර වෙනකල් නිදාගත්ත, වෙනද උදේම ඇහෙන සෝමෙගෙ සද්ද පූජාව ඇහුනෙත් නෑ. මම නැගිටල සරමත් ඇඳ ඇඳ එලියට එනකොට ජයවර්ධන කුස්සියෙ මුංඇට තම්බනව උදේ කෑමට,

'' ජයේ....කෝ බං සෝමෙ මහත්තය?.....අද මොකෝ සද්දයක් නැත්තෙ? තාම නිදිවත්ද කවදාවත් නැතුව.''

'' මොන පිස්සුද?....උදේම තේ එක බීපු ගමන් ඔන්න ගියේ වැව දිහාවෙ.....''

' ඒ මොකටද මේ පාන්දර....'' මම කල්පනා කලා.....ඊයෙ අර ඕලු මල් සීන් එක මගෙ සිහියෙ තිබ්බෙ නෑ....

'' ඕලු මල් කතාවක් නම් කිය කිය තමයි ගියේ '' ජයවර්ධන මුංඇට වතුර පෙරන ගමන් කිව්ව.

අප්පට සිරි හරි නේන්නම්..... ඔන්න මට මතක් උනා ඕලු කේස් එක.... ඒ එක්කම මතක් උනා අඩේ අද මගෙ උපන් දිනේ නේද කියලත්...ලේසි වයසකුත් නෙවෙයි බලාගෙන ගියාම...හෙහ්, හෙහ්,

ඔන්න කට්ටිය නැඟිටල ආව එලියට.... '' හැපි බර්ත් ඩේ මචං.....'' '' සේම් ටු යූ..සේම් ටු යූ....''

මූණත්තහඩු කාරිය හෝදල උදේට කාල අහවරක් වෙනකල්ම සෝමෙ නෑ පේන්ඩ.....

'' යකෝ මේක ගිලිල මලාවත්ද වැවේ...'' විජේ කිව්වෙ කරූ දිහා බලන ගමන්....'' ඔන්න පුතෝ එහෙම දෙයක් නම් උඹ තමයි වග කියන්න ඕන''

'' ඇයි ඒ මම වග කියන්නෙ? ''

' ඇයි කියන්නෙ ?..... උඹ තමයි මේ වීරෙගෙ උපන් දිනයක් ගැන කියල අරූව කුල්මත් කලේ....හරි නෑ කියපන් බලන්ට....''

'' මම එහෙම කිව්වට ඌට වැවේ ඕලු මල් කඩන්ට යන්ටෙයි කිව්වෙ නෑනෙ.''

'' හරි හරි අන්න සෝමෙ මහත්තය එනව....'' එළියෙ පළු ගහ යට බංකුවෙ උන්නු ජයවර්ධන කිව්ව.... හැබැයි බොහොම අමාරුවෙං හිනාව නවත්තගෙන කියල අපිට තේරුනා.

අපි ඔක්කොම එළියට ගියා...මෙන්න සෝමෙ අයිය එනව ඉහිං කනිං වතුර බේරෙනව....සරම කැහැපට ගහගෙන. විලිවැහිල තියෙන්නෙ ඉතාම සේසෙකින්, දකුණු කර උඩ ඕලු මල් හෙන මිටියක්. මම හිතන්නෙ අඩුම ගානෙ එක සීයක් වත් තියෙන්ඩ ඇති.

ඔය සෝමෙ අයිය සරම කැහැපට ගැහුවම ඇත්තටම විළි වැහෙන නොවැහෙන ගානයි....ඌට නං වගේ වගක් නෑ.....දෙනෝ දාහක් මැද්දෙ යයි කිසිම ගානක් නැතුව...ඒක එක්ක යන අපිටයි හතර විලි ලැජ්ජාව.....අපේ කෑම්ප් එකට කිලෝමීටර් දෙකක් විතර එහා තිබුන පරණ මුස්ලිම් ගම්මානයක්....ඔය ගම්මානේ කට්ටිය විශේෂයෙන් ගෑණු උදවිය අපෙ කෑම්ප් එක හරහා කෙටි පාරක් හදාගෙන තිබුන.මේ සෝමෙගෙ කැහැපොට ගැහිල්ල ගැන එක පාරක් ඒ ගම්මානෙං අපිට පැමිණිල්ලකුත් ආව. ඇත්තටම බැලුවොත් ඒ අයට අපේ කෑම්ප් එක මැදින් යන්න කොහෙත්ම අයිතියක් නෑ...ඒ නිසා අර අබ්බගාත් බාසාවෙං කියනවනං නඩු නිමිත්තක් ඇත්තෙම නෑ...ඒත් එයාල එක්ක ඇරගෙන බැරිනිසා අපි සාමකාමීව කතාකරල වැඩේ ගොඩිං බේරගත්ත,...

හදිස්සියට සබං කෑල්ලක් ටූත් පේස්ට් එකක්, බිත්තරයක් කාරිය ගන්ට යන්නෙත් ඒ ගමේ තිබ්බ කඩ දෙකට...එයිනුත් ලස්සන කෙල්ලෙක් හිටපු කඩේට තමයි අපි වැඩිපුර ගියේ ඒකෙ බඩු ටිකක් ගනං උනත්.... නම මෙන්න මේ මාර ලස්සන නමක්.....සමීනා ද කොහෙද වගෙ මතක..........ඔන්න ඔන්න ඕකනෙව කියන්නෙ....වැරදි විදිහට හිතුව නේද ඔයාල?......එහෙම වෙන මොහොකටවත් නෙවෙයි.....මම ඒ දවස්වල කලා පොඩි අධ්යයනයක්...ඒ කිව්වෙ මේ රීසර්ච් එකක්....උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමෙහි පාරම්පරික කුඩා ගම්මානවල වෙළඳපළ මිල හැසිරීම උච්චාවචනය සහ ඒ කෙරෙහි ක්රය ශක්තිය බලපාන අන්දම පිළිබඳ ක්ෂේත්ර අධ්යයනයක්...කොහොමද සිරා මාතෘකාව නේද?.....ඔය රීසර්ච් එකට අවශ්ය දත්ත ගොනු කොර ගන්ටයි මම ඒ කඩේට ගියෙ.....නැතුව ආයෙ.......හෙහ්, හෙහ්,

හෙහ්...ආයෙම කතාවෙං පැන්න පිට....හරි සමාවෙන්න.....ආයෙම කතාවට...

ඉතිං සෝමෙ අයිය ඕළු මල් මිටියකුත් කරේ තියාන ආපු තැන නේද මම අන්තිමට කිව්වෙ?....ඔව්..හරි එතන තමා.....

මතු සම්බන්ධයි......

15 comments:

  1. කතාව නම් කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.:D

    //ආයෙම පාරක් කනව කලිසං බොත්තං බුරුල් කරමින්//
    ඒ කාලේ කලිසම්වල බොත්තංද තිබුනේ හී හී....

    //මූණත්තහඩු කාරිය හෝදල//

    //සරම කැහැපට ගැහුවම ඇත්තටම විළි වැහෙන නොවැහෙන ගානයි//

    මේ භාෂාව නම් කියලා වැඩක් නෑ. චිත්ත රූප මවා ගනිමින් හිනාවෙනවා තාමත්…:D

    //ඔය රීසර්ච් එකට අවශ්ය දත්ත ගොනු කොර ගන්ටයි මම ඒ කඩේට ගියෙ//

    මේ කතාව නම් අපරාදේ කියන්ට බෑ ඇත්තම ඇත්ත වෙන්ටැති…:D:D

    ReplyDelete
  2. ""පරිප්පු හොද්දක් වරදින්නෙ නෑ, ආය ජයවර්ධන ලොක්කගෙ ෆේවරිට් ඩිශ් එකක් තමයි තිබ්බටු සහ කොස් ඇට එකට දාල මලවල....ඔය අතරට කට්ට කරවල කෑල්ලක්, දෙකක්, තුනක් ලූණු එහෙම යහමින් දාල තෙලේ බැදල අරගෙන ආයෙ දෙහි ලුණු පදමට දාපු ගොටු කොළ සම්බෝලෙකුත්..."""


    මොකක්ද අප්පා කාපු බීපු ඒවම කියන්නේ.. බලන අපිට කෙල ගිලලම ඇතිවෙලා...
    ඕලු මල් කනව කියලනම් මම අහල නෑ.ඕලු හාල් නම් කනව නේද!.

    ඉතුරු ටිකත් බලන්න ආසාවෙන් ඉන්නේ.. ඉක්මනට දාන්න...

    ReplyDelete
  3. \තුනක් ලූණු එහෙම යහමින් දාල තෙලේ බැදල අරගෙන ආයෙ දෙහි ලුණු පදමට දාපු ගොටු කොළ සම්බෝලෙකුත් එක්කහු උනාම කොහොමද? හපෝයි මගෙ ඔලුවත් එක්ක නරක් වෙනව අප්පා..../

    ඔව්වා සිහි වෙදිද් ඔළුව නරක් වෙනවා නං අර ඔෆිසියේදී කාපු නෙළුම්/තේක්ක කොළේ, හොඳින් බැදපු කරවල/කොහිල අල සහ තවත් දේවල් එක්ක කාපුවා සිහි වුනාම මොනවද හැබෑටම වෙන්නේ ඈ.... :D

    ReplyDelete
  4. @Sammani,

    පොඩ්ඩි නම් ඔය කෑම දිහා දැන් බලන්නෙවත් නෑ. (ඒ කෑලි මග ඇරලා කියවන්නේ. ) මොකටද නිකං බඩ, පපුව පුච්චගන්නේ....:D

    @RanDil,

    තේක්ක කොලවල බත් ඔතනවද? නෙලුම් කොලේ නම් ඔතනවා කියලා අහලා තියනවා.

    ReplyDelete
  5. @ පොඩ්ඩි,

    / ඒ කාලේ කලිසම්වල බොත්තංද තිබුනේ හී හී..../

    පිස්සුද පොඩ්ඩි.....උඹ හිතන්නෙ මම මේ කියන්නෙ කෝපි කාලෙ ගැන කියලද?....ඒ කාලෙත් තිබ්බ ඔය සිප් කියන එව්ව...ඒත් මම මේ කියන්නෙ අපි ඇඳපු බාජු සෝට් බෑයවල් ගැන....එව්වයෙ වැඩිහරියක් තිබ්බෙ බොස්තං...හෙහ්, හෙහ්,

    ස්තූතියි පොඩ්ඩි, හැමදාම වගෙ මුල්ම ටීකාව දාල හිට කරන දිරිගැන්වීමට....

    Somethings you have to say over & over agin.......I have said this before but will say it once again, You are the best.......

    ReplyDelete
  6. @ Sammani,

    / ඕලු මල් කනව කියලනම් මම අහල නෑ.ඕලු හාල් නම් කනව නේද!./

    ඕළු හාල් නෙවෙයි මැඩම්....ඕළු බත්,

    ඕළු මල් කන කතාව මමත් ඔය ඇහුවමයි.......පස්සෙ අපි කතා උනේ මේක සෝමෙගෙ අතේ රෝලක් වෙන්ට ඇති කියලයි......හෙහ්, හෙහ්

    ReplyDelete
  7. @ RanDil,

    / ඔව්වා සිහි වෙදිද් ඔළුව නරක් වෙනවා නං අර ඔෆිසියේදී කාපු නෙළුම්/තේක්ක කොළේ, හොඳින් බැදපු කරවල/කොහිල අල සහ තවත් දේවල් එක්ක කාපුවා සිහි වුනාම මොනවද හැබෑටම වෙන්නේ ඈ.... :D /

    ඉතිං බොරුද මම කිව්වෙ?.......මට පොඩ්ඩක් කොනිත්තන්ට චාන්ස් එකක් ආවොත් නට නට නෙව අම්මප මේ මහෙගෙ එන්නෙ සබාවට.....

    අනික අර නෙළුං කොලේ සීන් එක උනත් ගමු පොඩ්ඩක් විස්ලේසනය කරල......එහෙම දෙයක් උන හින්ද නේද කාලාන්තරයක් ගිහිල්ල උනත් තාව මතක තියෙන්නෙ සහ රස විඳින්නෙ......

    ඒ කතාව ලියාපං එහෙනං....දැං බස් කෙරුවාවටත් කෙල වෙලා නිසා හුස්මක් කටක් ගන්ට නිදහසක් එහෙමත් තියන එකේ...

    ReplyDelete
  8. ඉස්සර කාලේ මං ලිව්වා ඔය කථාව මගේ කලින් බ්ලොග් එකේ. දැන් ඒක ලොවෙත් නැති වෙලානේ. කොහොම හරි රිකවර් කරගත්තොත් බලමු නේද? ඒ දවස් වල ගත්ත ප්‍රින්ට් කොපි එකක් ගෙදර තිබ්බා වගේ මතකයි බලමු

    ReplyDelete
  9. /.......මට පොඩ්ඩක් කොනිත්තන්ට චාන්ස් එකක් ආවොත් නට නට නෙව අම්මප මේ මහෙගෙ එන්නෙ සබාවට...../

    රවි අයියේ ඇත්තට ඔය වචන කොහෙන්ද හිතට එන්නේ ? චිත්ත රූප මැවෙනව එකසිය ගානට ...

    ReplyDelete
  10. '' හැපි බර්ත් ඩේ මචං.....'' '' සේම් ටු යූ..සේම් ටු යූ....''

    හික් හික් අපේ අන්කල් කෙනෙකුත් ඉන්නවා ඔහොම සේම් ටු යූ කියනවා උපන්දිනේට සුභ පතුවම හිහි.
    අපෝ ඔය මතු සම්බන්දෙ තමයි එපාම වෙන්නේ.

    ReplyDelete
  11. මුංට තිබිලා තියෙන සැප බලාපල්ලකෝ ඒ කාලෙ..

    ඒක නෙවෙයි බං අයියෙ, ඉතිං උඹ අර අධ්‍යයනේද සමීක්ෂණේද මොකක්ද එක කොලැයි අර සමීනා කෙල්ලත් එක්ක.. :p

    ReplyDelete
  12. @ Buratheno,

    / මුංට තිබිලා තියෙන සැප බලාපල්ලකෝ ඒ කාලෙ../

    අඩේ එහෙම කියන්ට එපා මලේ....ඔය මම කිව්වෙ අර භීෂණය නිසා වැඩ නැතුව ගත කරපු බොහොම සුළු කාලයක් ගැන.....ඇත්තෙන්ම ව්‍යාතිරේඛයක්...It was certainly not the norm....an exception indeed,...අනික් කාලෙ අපි මැරීගෙන වැඩ කලා...අම්මප,

    / ඒක නෙවෙයි බං අයියෙ, ඉතිං උඹ අර අධ්‍යයනේද සමීක්ෂණේද මොකක්ද එක කොලැයි අර සමීනා කෙල්ලත් එක්ක.. :p /

    සමීනා එක්ක කරන්ඩ මම සැලසුම් කරපු සමීක්ෂණේ අඩාල උනා නෙව....කුකුල වී පැදුරට යන්නැහෙ මම තිස්ස දෙවේලෙ කඩේට යන එක ඇල්ලුවෙ නෑ කෙල්ලගෙ අම්මට..ඒ පාර උන්දැ කඩේට එන්ට පටන් ගත්ත..."ස්වාධීනව දත්ත රැස්කිරීමට අනපේක්ෂිතව බාධා එල්ල වීම කරණ කොටගෙන විශ්ලේශණය කල දත්තයන්හි නිරවද්‍යතාව පිළිබඳ සැක මතුවීම නොවැළැක්විය හැකිවූ බැවින් සමීක්ෂණය අතරමඟ නතර කිරීමට ඒක පුද්ගල දත්ත රැස්කිරීමේ කොමිසම දැඩි කණගාටුවෙන් වුවද තීරණය කළේය " ඔන්න ඔහොමයි අන්තිමට පොත්පත්වල එහෙම ලියවුනේ....

    ReplyDelete
  13. //අඩි හයක් විතර පලල ඇලක්...ඕක වැතිරිල ඉන්නව මී හරක් වතුරෙ ලැගල ඉන්නැහෙ...//

    අම්මප ඕකෙ ආසාවටවත් උන්නෙ නැතෙයි කිඹුලෙක්වත් [ඉරිසියාවට බොල තනිකර ඉරිසියාවට]

    ReplyDelete
  14. මෙව්ව මේ කොන්ක්‍රීට් කරල අපි හදාපු ඇලවල් නවම්.....මාළු ඇරෙන්න වෙන මොකෙක්වත්ම නෑ....

    ReplyDelete
  15. @ වර්ණා,

    / අපෝ ඔය මතු සම්බන්දෙ තමයි එපාම වෙන්නේ /

    හුහ් එහෙම කියල කොහොමද බොල....එක දිගට බොලාට කියවන්ට කතා ලියන්ට බොලා ද මට පඩි ගෙවන්නෙ?....හෙහ්, හෙහ්,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...