Wednesday, December 21, 2011

74. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........3

ඕලු මලේ කතන්දරේ.........1


ඕලු මලේ කතන්දරේ.........2



"මල්ලිල බලන්ඩ අද මම වීරෙ මල්ලිගෙ උපං දිනේට හදනව මේ ටික ....ආයෙ නෑ ඔයාල හැමදාම ඉල්ලයි......"

"එහෙනම් අද දවල්ට ටිකක් වැඩිය බොන්ඩ වෙයි වාගෙ ...." විජේ තොල මැතිරුව....

"මොකක්ද විජේ කිව්වෙ?....." සෝමෙ හැරුණ ඒ පැත්තට...

"නෑ නෑ. මේ අද දවල්ට පොඩ්ඩක් ගන්ඩ ඕන කියල කිව්වෙ..... මේකගෙ උපං දිනේට එහෙම නැතුව පුළුවන?" විජේ කිව්වෙ මයෙ කරට අතක් දාගන්න ගමන්...

"හෙහ්...හෙහ්..ඔයාල ඉතිං මේ ටිකේම කලේ ඒකනෙ....හැබැයි ගානකට ගන්ට අද....නැත්නම් මම මේ හදන එකෙනුත් වැඩක් නැති වෙයි ".....සෝමෙ මල් ටික පිටිපස්සෙ ටැංකියෙ බැම්ම උඩ තියාගෙන සුද්ද කරන්ට පටං ගත්ත....

මයෙ උපං දිනේ නිසාවෙං එදා අපි ගියෙ නෑ වැවේ දිය කෙළියට....බඩු ගෙන්නගත්ත ජයවර්ධන යවල.....

අපි ඔන්න සුපුරුදු පරිදි පටන් ගත්ත කර්මාන්තෙ.....හෙහ්, හෙහ්,කර්මාන්තය සමගම කාඩ් සෙල්ලම.....ඔය දෙක එකටමනෙ යන්නෙ....වැඩිපුරම ඕමි..ඒ අතරට තුන්සිය හතර...ඉඳහිටල පන්සියහතර.......

ඉතිං ඔන්න ටික ටික වෙලාව ගත උනා.....කාඩ් කුට්ටමේ වැඩේ අම්බානක නැඟල ගියා........බෝතලුත් ඒ වගේම තමයි එක දෙක උනා...දෙක දෙක හමාර උනා...දැන්නම් කට්ටියම බමරු වගේ...හෙහ්, හෙහ්,මම මුල් ගේම දෙක සෙල්ලං කරල අයිං උනා...... පැත්තකට වෙලා ගානට දෙකක් දාගෙන මුංගෙ ආතල් බලන එක සෙල්ලං කරනවට වැඩිය සොමි.......

"ඒයි කොහොමද ඒ අත උඹලගෙ උනෙ? "

"ඇයි බොල ......... මම කැපුවනෙ......."

"මොකෙන්ද කැපුවෙ?..."

"කැපුවෙ හාරත බූරුවගෙං..."

"යකෝ...හාරත බූරුවො එකයි ඉන්නෙ එක පැක් එහෙක....දෙවෙනි අත උඹ කැපුවෙ හාරත බූරුවගෙං....නෑ කියන්ඩ එපා...මට හොඳට මතකයි...."

"අඩෝ මේ **** පාට් දාන්ඩ එපා හරිද?..........කීඩෑව නං කීඩෑව...වංජාව හොඳ නෑ.....වීරේ ගනිං බං බෝතලේ මෙහාට......උඹ පැත්තකට වෙලා ළඟ ළඟ නවනව වගෙ මට පේන්නෙ...."

ඒ එක සීන් එකක්...මේ දෙවෙනි එක,

"අඩේ මේ....... ඒ අත අපේ...."

"උඹලගෙ වෙන්නෙ කොහොමද මම කැපුවනෙ ඉස්කෝප්ප බූරුවගෙං,"

"ඉතිං මම දැම්මෙ ඉස්කෝප්ප ආසියනෙ..... ආසිය ලොකුයිනෙ,"

"ඒ කොහොමද එහෙම වෙන්නෙ......බූරුවනෙ ලොකු,"

"උඹට පිස්සුද *********, උඹ හිතාගෙන ඉන්නෙ අපි මේ ගහන්නෙ මොනවයි කියලද?..."

"තුන්සිය හතර නෙවෙයිද?......දෙයියෝ සාක්කි මම මෙච්චර වෙලා හිතාන හිටියෙ තුන්සිය හතර කියලනෙ...."

ඔය මට්ටමට එනකොට ඒ කියන්නෙ වැඩේ නවත්තල දාල ආහාර අනුබවයට සුදුසු කාලය කියලයි.....කාලෝ අයංතේ...අහර අනුබවංච......

"මේ කස්ටිය....දැං ඔය මදෑ....බොලාට හාරතයි කලාබරයි පැටලෙන්ඩ කලින් වැඩේ නවත්තල කාල හිටිමු..." ඒ උපදේසෙ කාලෝචිතයි කියල හැමෝම පිළිඅරගෙන බැරි බැරි ගාතෙ ඔන්න නැගිට්ට......

ඔන්න දවල්ට කන්ඩ කලින් ආයෙම වටයක් මට සුබ ප්රාර්තනා....." හැපි බර්ත් ඩේ මචං..." "ඕ කේ...ඕ කේ තෑන්ක්ස්....." වෙරි මරගාතෙ මයෙ මූණ ඉඹිනව....බදාගන්නව එක ජංජාලයයි....ඔය වෙලාව වෙනකොට මද්දහන....ඒත් එක්කම කරපට් වෙන්ඩ වැදිල හැමෝගෙම දෙකංසෙං ගලනව දාඩිය පොල්ල හිටු කියල.....එව්ව ඔක්කොම මගෙ මූණ පුරා......මටත් ඒ වෙලාවෙ ඔව්වෑ ඒ හැටි හසරක් නෑ...මොනව උනත් යාලුවොනෙ...... හිත හොඳින් නෙව මේ ඔක්කොම කරන්නෙ.....

සුබ පැතිලි අනම් මනං ඔක්කොම අහවර වෙලා ඔන්න ඉඳගත්ත මේසෙට.....ජයවර්ධන ගොයිය බත් මාළු ඔක්කොම බෙදල පත්තරේකිං වහලයි තිබ්බෙ.....ඔන්න ඇරිය පත්තරේ.......මයෙ උපන්දින බෝජන සංගරහය...මේ කෑම ගැන විස්තර කරනව වැඩිය කියල මල් මිටියාවත දිහාවෙං ආඩපලියක් ඇහෙන නිසා තිබිච්චි කෑම ගැන විස්තරයක් කරන්නෙ නෑ ඔන්න...ඒත් මේසෙ මැද්දෑවෙම බත් දීසිය ළඟිම්ම බැබලි බැබලි තිබ්බෙ මොකක්ද? වෙන මොකක්ද ටුඩේ ඉස්පැෂල්......මහා සූපවේදී ගෞරවාර්හ ධුරන්ධර රාජාංගනේ සෝමසිරි ශ්රීමතානන්ගේ පෞද්ගලික ධන පරිත්යාගයෙන්...අහ්, සමාවෙන්න...පෞද්ගලික උත්සාහයෙන් නිෂ්පාදනය වූ අති රමණීය කමණීය........පපර...පපර පෑං....පෑං. ම.....හා ඕ.... ළු ම...ල්... වෑං.......ජ...න...ය....



අපෙ තිබ්බ ඔය හදිස්සියකට පාටියකට වගෙ කස්ටිය වැඩි උනාම මස් මාළු බෙදල මේසෙට අරින්ට රතුපාට ලොකු පළඟානක්.....දෙයියෝ සාක්කි සෝමෙ අයිය ඒ පළඟානෙං එකක් හදල අර ඕළු මල් වෑංජනේ.......අපි කට්ටියම, ඒ කිව්වෙ සෝමෙ ඇරෙන්න වටේ තිබ්බ පුටු ඇඳි අල්ලගෙන....( මේ වෙලාව වෙනකොට ස්ව උත්සාහයෙන් පොළවට ලම්බකව ඉන්න පුලුවන් කමක් තිබුනෙ නෑ කාටවත්ම )තප්පරේට දහපාර ගානෙ ඇසිපිය ගහමිං කටවලුත් බාගෙට ඇරගෙන බලා හිටිය මේ මේසෙ මැද්දෑවෙ බැබලෙන අරුම පුදුම වෑංජනේ දිහා.....නිකම් ඔන්න හිතාගන්ටකො බණ්ඩක්ක බාගෙට තම්බල මජර වෙනකල් හැඳිගෑවය කියල. ඒ කරල ඔන්න ඕකට දැම්මය කියල හිතන්න මොනවහරි සුදුපාට...ම්ම්...අරලිය මල් කියමු...හරි අරලියමල් පෙති අහුරක් කඩල......දැන් මොකක්ද ඔයාලට මැවෙන චිත්ත රූපෙ?........

හරි දැං ඒ මැවිච්ච චිත්ත රූපෙට තව දාන්ට ලූණූ කෑලි කීපෙකුයි.....ගම්මිරිස් අබ අනම්මනං ටිකකුයි......ඒ කරල ආයෙ පාරක් හොඳට පත්ගාල ගන්ට....( පත්ගානව කියන්නෙ හොඳට හැඳි ගානවට.....ඔය දොදොල් එහෙම හදද්දි කරන්නෙ පත් ගාන එක........)....අන්න ඒ අවසාන ප්රතිපලය තමයි ඔන්න එදා අපේ මේසෙ මැද්දෑවෙ බැබලි බැබලි තිබ්බෙ....මයෙ උපන් දින බෝජන සංගරහයෙ සුවිශේෂී වෑංජනේ හැටියට......

මට මතක තිබ්බට මේ ඕලු සීන් කෝන් එක විජේට ඕකෙ සිහියක් තිබ්බෙ නෑ....." ජය.....වර්දන මොම්....මොනවද බං මේ මේසෙ මැද තියෙන්නෙ?" විජේ ගෝලය දිහාට හැරිල ඇහුව.

"මම එහෙම නෙවෙයි ඔන්න මේ සෝමෙ මහත්තය ඕක හැදුවෙ..." ජයවර්දන හිනාව ගිලගෙන හෙමිහිට කුස්සිය පැත්තට ගියා.


මතු සම්බන්ධයි......

14 comments:

  1. //බණ්ඩක්ක බාගෙට තම්බල මජර වෙනකල් හැඳිගෑවය කියල. ඒ කරල ඔන්න ඕකට දැම්මය කියල හිතන්න මොනවහරි සුදුපාට...ම්ම්...අරලිය මල් කියමු...හරි අරලියමල් පෙති අහුරක් කඩල......දැන් මොකක්ද ඔයාලට මැවෙන චිත්ත රූපෙ?........//

    මේක නම් අනිවාර්යයෙන් පොඩ්ඩිගෙන් ගත්තු රෙසිපි එකක්...:D

    ReplyDelete
  2. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  3. හිහි ඕක කන එළවළුවක් කියලා ෂුවර්ද?

    ReplyDelete
  4. අඩේ අපේ නැන්දම්මගෙ බණ්ඩක්ක වෑංජං මතක් උනා මට. ඒක හරියට පිළුං වෙච්ච කිරි මුට්ටියක ඇඟිළි බාගෙ වගේ සයිස් වෙන්න කපාපු බණ්ඩක්කා කෑලි ඔබල වගේ... උන්දැ මේ ටික දොහකට අපේ දිහා ඇවිල්ල ඉන්නෙ. හැබැයි උන්දැට උයන්න තහනං !!

    ReplyDelete
  5. // "ඇයි බොල ......... මම කැපුවනෙ......."

    "මොකෙන්ද කැපුවෙ?..."

    "කැපුවෙ හාරත බූරුවගෙං..."

    "යකෝ...හාරත බූරුවො එකයි ඉන්නෙ එක පැක් එහෙක....දෙවෙනි අත උඹ කැපුවෙ හාරත බූරුවගෙං....නෑ කියන්ඩ එපා...මට හොඳට මතකයි...." //

    හික්ස්, අපෙ එවුං මළගෙවල්වල සෙට්වුනාමත් ඔහොම තමයි.. කාඩ් කුට්ට‍මේ රසකතා නං එමටයි.. :D

    ReplyDelete
  6. Hey Ravi,
    This is great fun. Just wondering, do you usually speak the same way you write?

    ReplyDelete
  7. //මේ කෑම ගැන විස්තර කරනව වැඩිය කියල මල් මිටියාවත දිහාවෙං ආඩපලියක් ඇහෙන නිසා තිබිච්චි කෑම ගැන විස්තරයක් කරන්නෙ නෑ ඔන්න...//

    හිහික් ...

    ඉතින් ඉතින් මහා සූපවේදී ගෞරවාර්හ ධුරන්ධර රාජාංගනේ සෝමසිරි ශ්රීමතානන්ගේ පෞද්ගලික උත්සාහයෙන් නිෂ්පාදනය වූ අති රමණීය කමණීය ඕලු මල් ව්යන්ජනේ රසට තිබ්බද ?

    අනිවා මෙයාලා ඒ ශ්‍රීමතාණන් ගේ උත්සාහයට අපහාස වන අයුරින් හැසිරෙන්න ඇති...

    ReplyDelete
  8. @ පොඩ්ඩි,

    / මේක නම් අනිවාර්යයෙන් පොඩ්ඩිගෙන් ගත්තු රෙසිපි එකක්...:D /

    හෙහ්, හෙහ්, එහෙමත් වෙන්න පුලුවන්....ඒත් බොලේ බාගෙට පිච්චිල නම් තිබ්බෙ නෑ මට මතක විදිහට.....

    ReplyDelete
  9. @ වර්ණා,

    / හිහි ඕක කන එළවළුවක් කියලා ෂුවර්ද? /

    ඒක නම් හරියට උත්තරයක් දන්නෙ නැති ප්‍රශ්නයක්.....

    ReplyDelete
  10. @ nawammawatha,

    / උන්දැ මේ ටික දොහකට අපේ දිහා ඇවිල්ල ඉන්නෙ. හැබැයි උන්දැට උයන්න තහනං !! /

    උපන්දා ඉඳම්ම ඔය ජරාව කාල තමයි එහෙනම් මේ චූටි මැණිකෙ බට ගහ වාගෙ ඉන්නෙ.......

    ReplyDelete
  11. @ Buratheno,

    / හික්ස්, අපෙ එවුං මළගෙවල්වල සෙට්වුනාමත් ඔහොම තමයි.. කාඩ් කුට්ට‍මේ රසකතා නං එමටයි.. :D /

    හෙහ්, මලේ මොනව කියනවද?.....මාසයක් කිව්වැහැකි කුට්ටමේ කතා....

    එක පාරක් ඔන්න වෙන ප්‍රොජෙක්ට් එකක ඉඳල එකෙක් මාරුවෙලා ආව අපෙ ඔෆිස් එකට....වැටුනෙ අපෙ චමරියට.....එදා ඌ ගානෙ බෝතල් එහෙම ගෙන්නවල අපි ඉඳගත්ත කාඩ් අතක් ගහමුය කියල...

    '' ඒයි මේ මල්ලි... උඹ බූරු කුට්ටමේ සෙල්ලං හේම දන්නවය?....'' කරූ ඇහුව අලුත් එකාගෙන්

    '' ඔව් අයියෙ මට කාඩ් කුට්ටමේ ඕනම සෙල්ලමක් පුලුවන්...ඒත් පොඩි අප්සෙට් එකක් තියෙන්නෙ...'' ඌ ඇඹරුනා එහාට මෙහාට,

    '' ඔව් මොකක්ද පොඩි අප්සෙට් එක?...''

    '' මට කලාබරයි හාරතයි දෙක පැටලෙනව ඒ ඇර වෙන අවුලක් නෑ....'' මිනිහ බොහොම ආඩම්බරෙන් කිව්ව....

    ReplyDelete
  12. @ s,

    Thanks s,

    / do you usually speak the same way you write? /

    My god no, I tried it once with some of my wife's relatives....and she threatened to leave me if do that once more...Well in retrospect I should have taken the offer then & there ...heh, heh,

    ReplyDelete
  13. @ Sammani,

    / අනිවා මෙයාලා ඒ ශ්‍රීමතාණන් ගේ උත්සාහයට අපහාස වන අයුරින් හැසිරෙන්න ඇති.../

    අනේ නෑ..අපි එහෙම කිසිම දෙයක් කලේ නෑ.....

    ReplyDelete
  14. She wouldn't leave if you just gave her enough private performances of the dialect, I'm sure :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...