Wednesday, February 1, 2012

95. ආදර....නිල්.....දෑසේ.......16 - When She said ‘’ Ravi I love You ‘’ for the first time



'' ඒකනෙ..... පොඩි අයිය කියන්නෙ ඉඳ හිටලවත් අරක්කු ටිකක් බොන්නෙ නැති අය කිසිම විස්වාසයක් තියන්ට බැරි උදවිය කියල.....රවි අයිය මොකද ඒ ගැන හිතන්නෙ?''

'' මට නම් බොලේ ඒ කතාවට එකඟ වෙන්න බෑ...බොනවද නොබොනවද කියන එකෙන් මිනිහෙකුගෙ හොඳ නරක තීරණය කරන්න අමාරුයි.......දැන් මම බොනව...මම හොඳ ද නරකද කියල තීරණය කරන්න ඕන ඒ කාරණය උඩ නෙවෙයි.....පුද්ගලයෙක් විදිහට මම හොඳ ද නරකද කියන එකයි වැදගත් බිව්ව හරි නැතා හරි....''

'' හරි, හරි..... අපි මේ වෙන අනම්මනම් නෙ චුට්ටි කතා කරන්නෙ.....අදාල කාරණයට එමු....හ්ම්, ''

මම සාලෙන් කුස්සියට යන දොරට වම් පැත්තෙ ගහල තිබ්බ බිත්ති ඔරලෝසුව බැලුව... දහයයි විස්සයි....

'' ඇයි අයිය වෙලාව බැලුවෙ බඩගිනිද?.....එහෙනම් කමු, ''

'' ආය කෑමක් කතා ගැන කතා කරනව.....මේ චුට්ටියේ....ඔය කතාව ඉවර කරල හිටිං ඉස්සෙල්ල, ''

ආයෙම චුට්ටි උකුලෙ තිබ්බ කොට්ටෙ මිරිකන්ට පටන් ගත්ත.

'' පොඩි අයියයි අම්මයි දවසක් හොඳටම රණ්ඩු උනා. අම්ම හොඳටම අඬල රෑට බතුත් නොකා නිදාගත්ත. එදා රෑ මමයි පොඩි අයියයි මේ අපි දෙන්න කතාකරනව වගෙ ගොඩාක් වෙලා කතාකලා අයියෙ. පොඩි අයිය මට පුදුම විදිහට ආදරෙයි කියල මම කලිනුත් රවි අයියට කිව්වනෙ. එදා එයා කතා කලේ හරිම කලකිරීමකින්. චුට්ටි අම්ම කලා උනත් අසාධාරණේ අසාධාරණේ මයි....ඔයා දන්නවනෙ මගෙ හැටි, මම ඔයාගෙ අකමැත්තෙන් කිසිදෙයක් කරන්ට ඉඩ දෙන්නෙ නෑ.මට කියන්න ඔයා කා එක්ක හරි සම්බන්ධයක් තියනවද? ''

'' ඉතිං චුට්ටි ඔයාගෙ ඇත්තටම එහෙම එකක් තිබුණද? ''

'' නෑ. අයියෙ, එහෙම මොකවත් තිබුණෙ නෑ. අම්මයි පොඩි අයියයි මා නිසා අමනාප වෙන එක මට දරාගන්ට බැරි නිසාම මම කිව්ව නෑ පොඩි අයියෙ ඔයා ඔය ගැන කරදර වෙන්න එපා.මම අජන්ත අයියට කැමතියි කියල.''

'' ඒත් පොඩි අයියට බොරු කරන්න බෑ...එයා මාදිහා ටික වෙලාවක් ඇහිපිය නොහෙලා බලා ඉඳල කිව්ව...චුට්ටි ඔයා ඔය කියන්නෙ බොරු කියල මම දන්නව. ඒත් කමක් නෑ, ඔයා කියනව නම් මම ඒ කතාව පිළිගන්නම්, ඒත් කවදක හරි කා ගැන හරි ඔයාගෙ හිත ගියොත් මට කියන්න.....අම්ම මාව ගෙදරින් එලෙව්වත් මම ඔයාට උදව් කරනව.....කියන්න. එහෙම එකක් ඇතිඋනොත් මට කියනව නේද? ''

'' ඒ වෙනකොට කිසිම පිරිමි ළමයෙක් ගැන මගෙ හිතේ එහෙම හැඟීමක් ඇතිවෙලා තිබුනෙම නැති නිසා මම එක පාරටම පොඩි අයියට පොරොන්දු උනා. හරි අයියෙ එහෙම දෙයක් සිද්ද උනොත් මම අයියට අනිවාර්යයෙන් කියනව. ප්රොමිස් ....''

ඊට මාසෙකට විතර පස්සෙ පොඩි අයිය අනුරාදපුරේ ටෙක් එකට ගියා.

'' ඊට පස්සෙ වෙච්ච දේ මම නොකිව්වට රවි අයිය දන්නවනෙ....''

චුට්ටිගෙ මට ඉවසන්ට බැරි හිනාව ආයෙමත්......

'' මම දන්නෙ කොහොමද?...මට දිවියඥාණෙ තියනවයි කියල හිතුවය?.....ඔය කිව්ව වගෙ ඔය කටින්ම කියමු බලන්න ඒ ටිකත්.....මම ඉන්නම් අහගෙන, ''

මෙච්චර වෙලා චුට්ටිගෙ මූණෙ තිබ්බ වැහි වළාකුළු කොහෙට්ටද පාවෙලා ගිහිල්ල.දඟකාර හිනාවක් දෙතොලෙ නටනව...

කොට්ටෙ මිරිකිල්ල නවත්තල ඒ පාර මයෙ ඇස් දෙකට එබිලයි එයයි කතා කලේ.

'' ඔන්න පලවෙනි නිවාඩුවට පොඩි අයිය ගෙදර ආවයි කියමුකෝ...හොඳේ.....කෝ ඉතිං කතන්දරයක් කියන කොට හූ මිටි තියන්ට එපාය...ඒකවත් දන්නෙ නැද්ද අප්ප?...''

'' කොහොමද හූමිටි තියන්ට ඕන?........''

මේ කෙල්ල තමයි කෙල්ල හෙහ්, හෙහ්,.......

‘’ හූම්.....කිව්වම ඇති, ''

'' හරි ඔන්න එහෙනම්....හූම්.....''

'' ඉතිං ගෙදෙට්ට ආපු ගමං ඇඳුං ගලවන්ටත් ඉස්සර කිව්වෙ මොනවයි දන්නවය? ''

'' නෑනෙ...මම කොහොමෙයි දන්නෙ?....''

'' ඒක තමයි මම මේ කියන්ට යන්නෙ...කෝ කියන්ට දෙනවය...මැදින් පනිනවනෙ....''

'' ඇයි දෙයියෝ සාක්කි උඹම නෙවද හූ මිටි තියන්ටෙයි කියල කිව්වෙ...ඒ කරල ඊළඟට මටම බණිනව මැදින් පනිනවයි කියල.....මට ඕන නෑ කතාව....''

මම බොරු තරහක් අරගෙන අහක බලා ගත්ත.

'' අනේ අයියෙ මා එක්ක තරහ උනාද?.....''

චුට්ටි නැඟිටල මා ලඟට ආව.

'' අනේ තරහ වෙන්න එපා..මම විහිළුවටනෙ එහෙම කිව්වෙ.....''

මම හිනායන්න ආවත් අහක බලාගෙනම හිටිය යටි තොල විකාගෙන.

'' අනේ රවි අයියෙ.......''

ඒ පාරනම් චුට්ටි අඬන්න ඔන්න මෙන්න...මට දැන්නම් පව් කියල හිතුනා.

මම ඔලුව හරවල චුට්ටි දිහා බලල හිනාඋනා.

'' හරි මම තරහ වෙන්නෙ නෑ එක කොන්දේසියක් උඩ කියන්න එකඟද?..''

'' හොඳම නෑ අයිය නම්...දැක්කද අන්න හිනාවෙනව.........''

'' මොකද කියන්නෙ...මගෙ කොන්දේසිය ගැන....''

'' හාකො.... කියන්නකො බලන්න...''

‘’ මට එක පාරක් රවී කියල කියන්න...චුට්ටි.......ආයෙම මේ වගෙ අවස්තාවක් ලැබෙන්නෙ නෑ කියල මගෙ හිත කියනව.....මගෙ ඇස් දෙක දිහා බලාගෙන එක පාරක් මට කියන්න රවී මම ඔයාට ආදරෙයි කියල....''

චුට්ටි නැඟිටල මා ළඟට ආව. මගේ ළඟ බිම දණ ගහගෙන ඔළුව උස්සල මා දිහාවෙ බැලුව..

'' මම ආදරෙයි රවි අයියෙ මම ආදරෙයි.....''

මම නැමිල හෙමිහිට චුට්ටිගෙ කොපුල් සිපගත්ත..ආදරෙන්.....

'' ඔය ආයෙම අයියෙ කියනව....මට රවී කියල එක පාරක් කියන්න....''

'' මම ආදරෙයි රවී...මම ආද....රෙ.....යි, ''

අන්තිම වචනෙ කියන කොට එයාට ඉකි ගැහුන.

මම අත්දෙකෙන් අල්ලල චුට්ටිව නැඟිට්ටවල මගෙ පපුවට තුරුලු කරගත්ත. චුට්ටි මගෙ පපුවෙ ඔලුව හංගගෙන හෙමිහිට ඉකි බින්දා. ටිකෙන් ටික ඉකි බිඳුම අඩුවෙලා යනකල් මම එහෙමම චුට්ටිව පපුවට තුරුලු කරගෙන එයාගෙ ඔලුව අත අතගෑවා. ඉකි බිඳුම් නැතිවෙලා ගියාම මම චුට්ටිගෙ මූනට එබුනා.

'' දැන් හරිද?....''

'' හරි අයි...නෑ මේ රවී....දැන් හරි රවී.....''

කඳුලු දෑසෙ පිරිල තිබ්බත් චුට්ටි හිනාඋනා.

'' හරි, මමත් කියන්නම් එහෙනම්....''

'' මොකක්ද? ''

'' මමත් ඔයාට ආදරෙයි....ගීතිකා....''

මම චුට්ටිගෙ නම කියල කතාකරපු පළවෙනි අවස්තාව......අන්තිම අවස්තාවත් බොහෝවිට වෙන්නත් පුලුවනි.... මට එහෙම හිතුනා.

'' මට වාවගන්ට බෑ රවී........''

ගීතිකා ආයෙම අඬන්න උනා....මම ඉතින් ඇඬීම ඉවර වෙනකල් එයාව තුරුලු කරගෙන හිස සිප ගත්තා.මයෙ කමිසෙ බාගෙකට වැඩිය තෙත් වෙනකල් අඬලයි මෙදාපාර ගීතිකා ඔළුව ඉස්සුවෙ.

'' හරි, ඔන්න දැන් අඬල ඉවරයි...ආයෙම අඬන්න ඔට්ටු නෑ හොඳද....''

මම ගීතිකාගෙ නහය මිරිකුවා.......

'' ඌයි......අඬන්නෙ නෑ කියල නම් පොරොන්දු වෙන්න බෑ....මේ කතාව කියල ඉවර වෙන්ට කලින් මට ආයෙම අඬන්ට වෙයි කියල මගෙ හිත කියනව රවි අයියෙ...අනේ සොරි අනේ...රවී, රවී,"'

'' නෑ...ගීතිකා කමක් නෑ...ඔයා මට රවී කියල එක පාරක් කිව්වනෙ.....ඒ ඇති ආයෙම අයියෙ කිව්වට කමක් නෑ....හරි චුට්ටි දැන් කතාවකියන්නකො...කොතනද අපි නැවත්තුවෙ? ''

************************************

දැන් නම් කතාව ඇති....ඔන්න හොඳද.....තව එක කොටසයි...ඉවරෙටම ඉවරයි...

24 comments:

  1. දේශපනඥයෝ වගේ බොරු පොරොන්දු දිදී අදිනවා නේද සහෝ ?

    ReplyDelete
    Replies
    1. බොරු පොරොන්දු දෙනවයි කියල දේශපාලනඥයින්ට මමත් පස් පඩංගුවෙ බැනල තියනව. ඒත් මේ කතාව ලියාගෙන යද්දි තමයි තේරුණේ අනේ එතුමාලත් මොන තරම් නම් මුක පූට්ටු වෙන තරමෙ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇද්ද කියල මහජන මතේ කියන මඟුලට ඇහුංකං දෙන්ට ගියාම....හෙහ්, හෙහ්,

      ඇයි පෙළක් ඇවිල්ල කියනව තව ලියන්ට...තව ලියන්ට කියල...ඒ එක්කම ආපහු හැරෙන තැපෑලෙං ඇවිල්ල ආයෙම බණිනව කවද්ද මේක ඉවර කරන්නෙ කියල...ඒ අස්සෙ මරණ තර්ජන....ඉවර කලොත් බලාගෙනයි කියල....

      මට මේක ඉත්තේරුවෙම්ම අපෝ වෙලයි දැන් තියෙන්නෙ.....හෙහ්, හෙහ්,

      ඔන්න මේ ඉතා කරුණාවෙන් කියන්නෙ...ආයෙ එහෙම අනිසි බලපෑම් කරන්ට එන්ට එපල්ල.....මම මේක ඉවර කරනව....දෙය්යම්ප.....

      Delete
    2. ඔන්න ඔහෙ තව ටිකක් ලියලා දාන්ට රවී අයියේ...

      Delete
  2. රවී ගීතිකා ආදර අන්දරය තව නොබෝ දිනකින් නිමා වනු ඇති ..... ලස්සනට ලියනවා රවි අයියෙ.. ස්තුති ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සම්මානි.....බොහොම ස්තූතියි....

      ඇත්ත, ඇත්ත, Every good thing should come to an end, sooner or later,

      Ravi Geethika love story would come to an end very soon...... never to be resurrected again.......

      Delete
  3. මොන එකක්ද අප්පා...අනේ ඇත්තට මේ රවී අයිය නම් .... ග්ර්ග්ර්ර්!!

    අනේ ඔන්න ඔහේ චුට්ටිවත් උස්සන් හඳපානේ පැනල යන්ට අයියේ. අර ඉංග්‍රීසි ෆිල්ම් වල වගේ ... ඉර බහින වෙලාවේ වහල නැති රතු පාට කාර් එකක නැගල...හොඳ රොක් සින්දුවක් දාගෙන... රවී අයිය ඩ්‍රයිවින් සීට් එකේ... එක අතක් චුට්ටිගේ කරේ අනිත් අත වීල් එකේ...ඔන්න ඔහොම දෙන්නත් එක්ක ආතල් එකේ යන්ටයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බම්බු ගැහිල තියෙයි....!! උඹ හෙම යනව නෙවෙයි ඔය අවධානම් ගමන්....
      බයිස්කෝප් වගේද ජීවිත දෙකක්...

      Delete
    2. @ අමා,

      උඹට නම් සුවල්ප බයිස්කෝප් පිස්සුවක් එහෙම නෙමෙයි තියෙන්නෙ..හෙහ්, හෙහ්, ඊයෙ හින්දි...අද ඉංගිරිසි....හෙට කියයි ඔන්න අයියෙ මලයාලං ෆිල්ම් එහෙක මෙහෙම තිබ්බ ,කොල්ල කෙල්ලව කරගහගෙන බහිනව එළියට ගෙදරිං '' අඩෝව්, එකෙක්වත් එන්ඩ එපා හරිද ?..... කපනව එන එන එකා '' ඔහොම කියල කෙල්ලත් අරං යනව..... ඔන්න ඔහෙ උඹත් එහෙම කරහං කියල...හෙහ්, හෙහ්,

      හැබැයි කිව්වත් වාගෙ එහෙම නම් කරන්න තිබ්බ තමා. චුට්ටිවනං කරගහගන්ට ඕනත් නෑ. කොට ජීවිතයක්...පෝටබල් මොඩල්...මට කිහිලි ගහගෙන යන්ට තිබ්බ යස අපූරුවට......හෙහ්, හෙහ්,

      Delete
    3. @ Sumith,

      ඇත්ත, ඇත්ත...සුමිත් කතාව ඇත්ත....

      Delete
  4. ඔය ටික ඇත්තටම ඔහොම උනාද අප්පා? චුට්ටි බ්ලොග් කියවන්නේ නැතුව ඇති නේද අය්යේ? මේ කතාව දැක්කනම් කොහොමට තියෙඉද? මේක ඇත්තටම උනානම් (මට ඔය කිව්වට sure නැ) අය්ය අතින් දාපු කෑලි උනත් ඉතින් යටි හිතේ තියෙන හැටි වෙන්න ඇතිනේ ;) මොනා උනත් ලස්සන ආදර කතාව..

    ReplyDelete
    Replies
    1. ඔය ටික කියන්නෙ ...මෙකුවි, මේ ආරළු බූරළු නම් මම අතින් දාපුවා....ඇත්තටම නම් පන්සල් ගියෙත් නෑ...සිත්තමීගෙ බලවත් ඉල්ලීම නිසයි දෙන්නව පන්සල් යැව්වෙ...හෙහ්, හෙහ්, අනික වෙච්චදේ එහෙම්මම ලිව්වනම් ඒක නිකම් ප්‍රවෘත්ති වාර්තාවක් වෙනවනෙ......ඒ ඇර මේ වැඩේ ඇත්තම ඇත්ත.......

      මම හිතන්නෙ චුට්ටි බ්ලොග් බලන්නෙ නෑ.....වසන්ත මට එදා කතා කරල චුට්ටි ගැන කියපු වෙලාවෙ ...මම මේ කියන්නෙ පලවෙනි කොටසෙ ලියපු සීන් එක ගැන හොඳේ....මට හිතුන මගෙ ප්‍රේම පුරාණය ලියන්ට ඕනය කියල.....ඒ නිසාම මම වටින් ගොඩින් වසන්තයගෙන් ඇහුව බ්ලොග්ස් ගැන ...ඌ එහෙම එකක් ගැන දන්නෙවත් නෑ......ඒ නිසා මම හිතන්නෙ චුට්ටිත් බලන්නෙ නෑ....

      Delete
  5. hmmmmm ane ithin ohome iwereteme iweray kiyane epa.. duke ba ehema kiyadi :) ade kotasath harima lassanate liyala thiyenewa ayya.. athetme meke ravi ayyage jeewithe wecha atheme siddiyakda??

    ReplyDelete
    Replies
    1. එහෙම කියල කොහොමද බොලේ.....ඉවර කොරන්ටත් එපාය කවදා හරි....ඔව්, ඇත්තටම උනා අප්පා....ඒකනෙ බොලේ කියන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    2. ane ravi ayyage love eke.. shoy ane :P anik eke thama man ayyage kamathime "හෙහ් හෙහ්" hinawe ,, mate bada allan hina wenne puluwan ehema liyala thibbame :P anyway take care ayya :)

      Delete
    3. Thank you so much....G.G. You just made my day....heh, heh,

      Delete
  6. දැන් නම් කතාවේ ඉතාම උනුසුම් තැනට අපි ඇවිත් සිටිනවා. කොච්චර උනුසුම්ද කීවොත්, මේ දැන් කෝපි එකට මගේ කටත් පිච්චුනා. හපොයි.
    මේ දෙන්නා එක් නොකලොත් කතාවෙන් කිසිම වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. උණුසුම් කොහෙද පොඩ්ඩියේ........සාතිශය දුක්බර කඳුළු ගලාහැලෙන සංවේගජනක ඛේදාන්තයටයි මේ අප පැමිණ සිටින්නේ.....ඉහි, ඉහි,

      දෙන්න එක්කොරන්ට නම් බැරියෝ.....ඒක සම්පූර්ණ කතාවම විකෘති කලා වෙනව එහෙම උනොත්...ඒත් ඔයාගෙ කතාවෙන් මට ආව පොඩි අයිඩියා පොඩ්ඩක්....දෙන්න එක්කරල ආයෙම වෙනම කතාවක් ලිව්වැහැකි...හෙහ්, හෙහ්,

      The Love Story of Ravi & Chutti....The alternative ending....What might have been.......heh, heh,

      Delete
  7. /*බොනවද නොබොනවද කියන එකෙන් මිනිහෙකුගෙ හොඳ නරක තීරණය කරන්න අමාරුයි.......දැන් මම බොනව...මම හොඳ ද නරකද කියල තීරණය කරන්න ඕන ඒ කාරණය උඩ නෙවෙයි.....පුද්ගලයෙක් විදිහට මම හොඳ ද නරකද කියන එකයි වැදගත් බිව්ව හරි නැතා හරි....*/

    මෙන්න මේක මෙහෙම දාපු එකනම් හොඳයි. නැත්තං මේ කතාන්දරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් තහනං කරල දායි.

    අයියා - චුට්ටි ඇමතුම් නතරවෙලා පොඩි වෙලාවකට රවි - ගීතිකා ආපු වෙලාවෙනම් මට කතාවේ sweet ගතිය පොඩ්ඩක් අඩු උනා.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවැ.. ඒත් ඉතිං රවියගෙත් ආසාව නොවැ..

      Delete
    2. @ සිත්තමී,

      හෙහ්, හෙහ්, Sweet ගතිය අඩු උනා වගේ දැනුනයි බොට?...

      ආයෙ හොර නැතුව උඹත් සිත්තරාට කියන්නෙ එහෙනම් අයිය කියල...නෑ කියාපං බලන්ට ....හෙහ්, හෙහ්,

      Delete
    3. කියනවා තමා. ඉතිං මොකෝ? හිටපු ගමං ආදරේට කියන එක එක නම් ඇරුණහම මං එයාට කතා කරන කොට ඔය වචනෙ මටත් නොදැනිම එනවා. අපොයි මළාට මට එයාට නම විතරක්නං කියලා කතා කරන්න බෑ.

      Delete
  8. අනේ ලස්සනයි එන්න එන්නම..
    එත් රවී අයියා කියනකොට තමයි ලස්සන මටනම්

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූති කරන්න මට වචන නෑ වර්ණා......ඇත්තමයි,

      Delete
  9. මේ කොටසත් කියෙව්වා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...