Wednesday, August 7, 2013

209. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 6......වෙන වැඩක් නෑ කන්ට, දිව රෝල් කිරීමේ පරීක්ෂණය සහ මුදලාලිගෙ කුඩේ…

 








 


4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය -  කොලපත් බත් ගෙඩි, ඉඹුල් කිරිබත්, ගවනර් ජෙනරල් සහ සූකර මද්දව 

5. ගුරුවරියක සමඟ මගේ ජීවිතය -  සූරයන්ගෙත් සූරයා, බුදු හාමුදුරුවන්ගේ බැටරිය සහ අමා ව්‍යාපෘතිය 

 මේ අසිත කොළුවෙක් හින්ද මම අම්මප බැණුං අහන තරමක්...ඌට ඔපරේසං කරන්ට වෙයි කියල කට්ටියක් කියනව. මල බද්දය හැදිල වල කජ්ජ ගහයි කියල තව කට්ටියක් කියනව. අනේ මල්ලල්ලෑ...කල්ලල්ලෑ..බොල්ලල්ලෑ...කිව්වලු...හරි හරි...එව්ව දෙවනුව...අදවත් මේ කොලුවයෙ කතාව කියල ඉන්ට බලමු. හරි ඔන්න ඉතිං කොලුවට බොග ටයිට් කිව්වනෙ.ඒ එක්කම ඒකා කොමෝඩ් එක පාවිච්චි කරන්ට දන්නෙ නෑ කියලත් කිව්වනෙ...

බොග ගැන කියනකොට
විමලෙ අයිය සම්බන්ද මරු කතාවක් මතක් උනා..ඔන්න අපි ඒ කාලෙ කැලේ මැද ඉන්නකොට ඇලවල්වල නාන්ට යනව හැමදාම ..මෙව්ව ඇවිල්ල ඇලවල්ය කිව්වට ඔය වැස්ස කාලෙට වතුර එකතුවෙලා ඔය වත්ත පිටිය නැත්තං පාරවල් අයිනෙ ගලායන එව්ව එහෙම නෙවෙයි ඔන්න. කැලේ කට්ටි කඩල අළුතෙං කුඹුරු බෙදල දුන්නම එව්වට වතුර දෙන්ට හදාපු ඇලවල්...තනිකරම කොන්ක්‍රීට් කරල තියෙන්නෙ..

මේ එක්කො මෙහෙම කරමු. අද ඔය ඇළ සහ බොග පිළිබඳ කතාව කියන්ට ගියොත් එහෙම මේ අසිතය ගැන කියන්ට වෙන එකක් නෑ. ආයෙ මේ ඇඟිලි දෙක නිකං තියාගෙන ඉන්ට බැරුවට අග්ගිස්සෙ ගල් තැළුං එනකලුත් කොටල කොටල පබිලිස් එහෙම කොරල අහකවෙලා ඔහෙලගෙං බැණුනුත් අහපල්ලකො.... වෙන වැඩක් නෑ ආය කන්ට......කියල අපෙ උන්දෙගෙ ලොකු අම්ම කිව්ව වගෙ.....

එවුන්දැ මැරුනෙ අවුරුදු අනූවක් විතර ඉඳල..අන්තිම කාලෙ ඉතිං කෑම කන්ට එහෙම හරි හොරයි...වදෙං පොරෙං ඕන බත් කටක් කවා ගන්ට...ඉතිං ඒ අක්කල බත් පිඟානකට බෙදාගෙන එනව අරගෙන..

" අනේ හොඳ අම්ම වගෙ මේ බත් කට විතරක් කන්ටකො " කියල යාප්පු වෙනව..

උන්දැ නෙවෙයි පැත්ත හැරිල බලන්නෙ. බිත්තිය පැත්තට හැරිල ඇඳේ වැතිරිල ඉන්න එක හෙමීට ඔලුව හරවල රවල බලනව..

" හුහ්, කන්ට? …..වෙන වැඩක් එහෙම නෑ කන්ට?...මේ ලොකු දුවේ උඹලට ගෙදර වෙන නැද්ද වැඩක් පලක් එහෙම?.... අම්මාපල්ල කොයි වෙලෙත් මට බත් කවන්ට හදන්නෙ?..." ඔහොම කියල අර අක්කලට පළු යන්ට බයිනව

" අනේ මල්ලි…. බලන්ටකො මේ අම්ම අපිට බණින හැටි.." කියල ඒ අක්කලත් බත් පිඟාන අරගෙන ආපහු එනව.

අපෙ උන්දැටයි මටයි මැරෙන්ට හිනා..ලොකු අම්මත් අපිත් එක්ක එකතු වෙලා හිනා වෙනව....

අනික විමලෙගෙ ඒ කතාව කියන්ට හොඳ වාං පතුල් සීරීස් එකේදි..හෙහ්, හෙහ්, හෙටානිද්දම ආයෙම ඒකත් පට්ටාං ගන්ට එපාය....

එනිසාවෙන් විමලෙ අයිය පැත්තක තියල ඔන්න ආපහු එමු අසිත කොලුවට.ඉතිං පොඩි එකා කොමෝඩ් එක පාවිච්චි කොරන්න දන්නෙ නැතෙයි කිව්වම මම කිව්වනෙ හෙහ්,හෙහ්..එහෙනං ඔයාටම තමයි ඒක ඌට කියා දෙන්න වෙන්නෙ කියල..අපෙ උන්දැ මා දිහා රවාගෙන හිටිය ටික වෙලාවක්..

" හෙහ්, හෙහ්, රැව්වට වැඩක් නෑ..මම කිව්වෙප්‍රායෝගිකව කරන්ට පුලුවන් එකම ප්‍රතිකර්මය... "

උන්දැ ආයෙම ටික වෙලාවක් මා දිහාවෙ කන්ට වගෙ බලා ඉඳල කකුස්ස ( ඔය කකුස්ස කියන වචනෙත් දකුණෙ වචනයක් වෙන්න ඕන. කකුස්ස, ලණ්ණ, කුසිය.... අපේ හිටිය එක දකුණෙ යාලුවක්ගෙ වචන ඒ ) ඇතුලට ගිහිල්ල කොමෝඩ් එකේ ( කොමෝඩ් කියන එකට නෑ හරි හමං සිංහල වචනයක්..ස්කොටිං පෑන් එකට උක්කුටික පෝච්චිය කියන එකේ කොමෝඩ් එකට අපිට පුළුවෙනි ඕන නං කියන්ට අර්ධ උක්කුටික පෝච්චිය කියල කියන්න. මොකද අදාල ඉරියව්ව ඇවිල්ල සෘජුව හිටගෙන ඉන්න ඉරියව්වෙ ඉඳල උක්කුටික ඉරියව්වට සපැමිණෙන අතර මැදි ඉරියව්වක් නිසාවෙන් ) ඉඳගෙන එහෙම දැන් ඔන්න පෙන්නනව කොලුවට වැඩේ කරන්නෙ කොහොමද... ඊලඟට බිඩේ ෂවර් එක පාවිච්චි කරල සෝද ගන්නෙ කොහොමද....යනාදී වශයෙන්....

සික් මේ එකකටවත් හරි හැටි සිංහල වචනයක් නැති හැටි අම්මාපල්ල..හරි අපි කියමු මෙහෙම...අශූචි ශෝධක ජල විදිනය...ඒක හරියට ශබ්ද කරන එකත් සෙල්ලං වැඩක් නෙවෙයි. ජිහ්වය සුනම්‍යය නොවේනම් කෙසේවත් ඒ පහසු කාර්යයක් නම් නොවේමය.

ආහ්..ජිහ්ව සුනම්‍ය කිව්වම ඔන්න මතක් උනේ. දිව රෝල් කිරීමේ හැකියාව ගැන අහල තියනවද?ඒ කිව්වෙ දිව හරියට පෑන් කේක් එකක් වගෙ දිග අතට නැවීමේ හැකියාව. සත්ත්ව විද්‍යාවෙදි ජාන මඟින් යම් යම් ලක්ෂණ ඊලඟ පරපුරට උරුම වීමේදී මේ දිව රෝල් කිරීමේ හැකියාව කියන ලක්ෂණය ගැන අපට ඉගැන්නුව. ඒක ඇවිල්ල ප්‍රමුඛ ලක්ෂණයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ එක තමයි නිලීන ලක්ෂණය.







දවසක් ඔන්න අපෙ උන්දැගෙ ස්ටාෆ් එකේ ගුරුවරියෙකුයි එයයියෙ මහත්තයයි දරුවො දෙන්නයි අපෙ ගෙදර ආව රාත්‍රි බෝජන සංග්‍රහයකට. බෝජනේට කලින් පොඩි කර්තව්‍යයක් එහෙම හීනියට කරමින් ඉන්න අතරෙ ඔන්න කතාව ඇදිල ආපි ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට.ඒ දවස්වල ඔය මොකක් හරි සුප්‍රසිද්ධ මිනීමැරුමක විත්තිකාරයට දඬුවම් කලේ තනිකරම ඩී.එන්.ඒ. සාක්ෂි මත. 

මමත් ඉතිං ඔය කං දෙක රත්වීගෙන එන අවස්ථාවට පත් උනාම දන්න දේයි නොදන්න දේයි ඔක්කොම කියවනවනෙ. කොහොම හරි ඔය දිව රෝල් කේස් එක ගැනත් කිව්ව. ආය මොනවද?..ප්‍රමුඛ ජාන දරුවන්ට යන්නෙ කොහොමද? දෙමව්පියන්ගෙ යම් ප්‍රමුඛ ලක්ෂණයක් තියේනම් ඒක අනිවාර්යයෙන් දරුවන්ට සංක්‍රමණය වෙන්නෙ කොහොමද?...රටේ නැති එව්ව... 

" මේ මචං....ඩී.එන්.ඒ පරීක්ෂණ ඕනම නෑ තමන්ගෙම දරුවෙක්ද කියල හොයාගන්ට...තව ලේසි ක්‍රම තියනව..දැං දන්නවද ඔය දිව රෝල් කිරීමේ හැකියාව?..ආන්න ඒකෙනුත් පුළුවන් නෙව ඔය වැඩේ යස අගේට. " 

මම පොඩි එකක් උගුරට හලාගෙන අසෝක වීදුරුව ආයෙ මේසෙ උඩ තියන ගමන් කිව්වෙ දැඩි අවධාරණයෙන්... 

මටත් ගානට වැදිල. මට වැඩිය අර අපෙ උන්දැගෙ යාලුවගෙ මහත්තයට වැදිල. උන්නැහෙට ඕන උනා මේ දිවරෝල් කේස් එකේ සත්‍ය අසත්‍යතාවය ඒ වෙලාවෙම පරීක්ෂාකරල බලන්ට..පොඩි එවුන් දෙන්නයි එයයිගෙ හාමිනෙයි ගෙන්නල ඒ වෙලාවෙම දිවවල් රෝල් කරවල බලවන්ට.අපෙ අප්පේ .. තව පොඩ්ඩෙං මහ ගිණි විජ්ජුම්බරයක් වෙලයි එදා එතන ඒ දිව රෝල් සෙල්ලම ඉවරයක් වෙන්නෙ.... 

අර මනුස්සය පිස්ස වගෙ එක හෙලාම කියනව ඒ වෙලාවෙම හතරදෙනාගෙම දිව රෝල් කරවල බලන්ටම ඕනය කියල. උන්නැහෙගෙ නෝන මහත්තයට උන්න මලා පේන්නෙ නැති ගාණට මල පැනල. අපෙ උන්දැගෙ මූණට අබ දාන්ට ඕන නෑ..අබ දිහා බැලුවත් තට තට යන අනුකරණයෙන් පුපුරා හැලෙන ගාණට ..... 

මම දැනගත්ත දැන්නං වැඩේ කිරිමෙල් විත්තිය. වදෙං පොරෙං අර මනුස්සයව කෑම මේසෙට එක්කං ගිහිල්ල බත් ටිකක් කවල ආපහු ගෙදරටම ගිහිල්ල දැම්ම..හප්පච්චියේ එදා රෑ එළිවෙනකල් අපෙ උන්දැ මට කනක් ඇහෙන්ට නොදී වග පල කිව්ව… 

" මොනවද ඔය කියවන විකාර?....බලන්ට මගෙ යාලුව මොනව හිතන්ට ඇද්ද මාගැන? මට මූන දෙන්ටත් ලැජ්ජයි… "

අරකද මේකද රටේ නැති එව්ව...ඒ දෙහි කැපිල්ල; දෙහි නෙවෙයි ඇත්තටම එදා නං කැපුවෙ ජම්බෝල: අහගෙන ඉඳල මගෙ ආතල් එකත් බැහැපි කිසි අවුලක් නැතුව බැළුමක් උනත් පුම්බන්ඩ පුළුවං සයිස් එකට. 

ඔය ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට අනික් පැත්තට හැරිල ඔළුවෙ ඉඳල පොරවගෙන ඉන්න විදිහටම මම කිව්වෙ මෙච්චරයි. 

" හරි, හරි...ඒත් මොකද ඔයාගෙ යාලුවට ඔච්චර තද උනෙ හස්බන්ඩ් දිවවල් රෝල් කරල බලමු කිව්වම?...මේ මම එකක් කියන්ටද හූණ කියන්නැහෙ?..ඔතන නං තියනව මොකක් හරි හොරයක්..දන්නවද? ඕක ඇතුලෙ අනිවාර්යයෙන් තියනව ලොකු අභ්‍යන්තරයක්...හෙහ්, හෙහ්, " 

ඔක්කොමත් හරි මගෙ ඔය හෙහ්, හෙහ් ගාල හිනාවෙන එක තමයි අපෙ උන්දැට කාලා ඉන්ටම බැරි...මොනවද ඉතිං?...එයයිගෙ ක්‍රමයෙන් කූල් ඩවුන් වෙමින් තිබ්බ කෝපාග්නිය ආයෙම බුර බුරා ඇවිලෙන්ට ගත්ත. 

" ඔය කිව්වෙ..ඔය කිව්වෙ...අනෙ අම්මප මේ මනුස්සය නං......" 

ඒ බැනුං කන්දරාවත් අහගෙන ඉඳල අන්තිමට මම කිව්ව.. 

" හරි හරි..ඒ ඔක්කොම පැත්තක තිබිච්චාවෙකො..ඔයා මම කියනවට තව දවස් දෙක තුනකිං යාලුවගෙං අහල බලන්ටකො හෙමිහිට..සම් ටයිම්ස් විස්තරේ කියයි ඔයාට.. ඔයාගෙ අතිජාත යාලුවනෙ..හෙහ්, හෙහ්, " 

" මේ කරුණා කරල බුදිය ගන්නවද මගෙ යකා තවත් අවුස්සන්නෙ නැතුව.." 


" මම මේ දැං සෑහෙන වෙලාවක් තිස්සෙ බුදියගන්ට තමයි ට්‍රයි කරන්නෙ..කොහෙද ඔයාමනෙ ඒකට ඉඩ දෙන්නෙ නැත්තෙ?... මමයැ? " 

එතනින් පස්සෙ නම් අපරාදෙ කියන්ට බෑ අපි දෙන්නම නිදා ගත්ත. ඊට පස්සෙත් හැබැයි කාලයක් යනකල් කාලෙකිං දෝස්මුරයක් නැතිඋනාම මම අහනව මේ අර කතාව යාලුවගෙං ඇහුවෙ එහෙම නැද්ද?... කියල..හෙහ්..හෙහ් 

ඉතිං අසිත කොලුවට අර්ධ උක්කුටික පෝච්චිය සහ අසූචි ශෝධක ජල විදිනය පාවිච්චි කරන්නෙ කොහොමද කියල අපෙ උන්දැ කියල දෙනව මම දොර ළඟ එළියෙ ඉඳල බලා ඉන්නව. මට හිනායනකොට ඔන්න උන්දැ මට රවනව..ආයෙම කොලුවට විස්තර කරනව..ආයෙම මාදිහා බලල රවනව.. 

" මේ ඔතනිං යනවද එහාට..මට මේ වැඩේ කරගන්ට දීල…" 

" හා..හා..මම යන්නංකො …" මම ආව එතනිං …ඔන්න උපදෙස් මාලාව ඉවර වෙලා මෙයයිත් ආපි එළියට. 

" මේ ඔයා හරියටම ප්‍රායෝගිකවම වැඩේ කරන විදිහ කියල දුන්නෙ නෑනෙ. බලන්ටකො අර කොහු මිටේ සීන් එකට හපං එකක් උනේ නැත්තං එහෙම....හෙහ්, හෙහ්, " 

" මේ කරුණාකරල කට පියාගෙන ඉන්නවද පිස්සු කියවන්නෙ නැතුව...කොහු මිටේ සීන් එක...හුහ්.." 

එහෙම කියල අහක බලාගත්තට මම දැක්ක උන්දැගෙ බෙල්ලත් එක්ක රතු වෙනව..යටි තොලත් හපාගෙන හිටියෙ ...හෙහ්..හෙහ්.. 

බඳින්ට කලිං අපි ඔය උදේ බස් එකේ වැඩට එනකොට එයයි හිටපු ගමං මෙහෙම කියනව.. 

" මේ හෙට අපේ සාහිත්‍යය සමිතිය. සතියකට සැරයක් මාරුවෙන් මාරුවට ගුරුවරයෙක් මොකක් හරි ආදර්ශමත් කතාවක් කරන්ට ඕන ළමයි ඉස්සරහ. හෙට මගෙ වාරෙ....කියන්ටකො ඔයා දන්න ඒ වගෙ කතාවක්.. "

ඔය කොහු මිටේ කතාව අන්න එහෙම මම එයයිට කියපු එකක්.එහෙම මම ඊට කලින් කියපු එකක් තමයි අර මුදලාලිගෙ කුඩේ කතාව..ඒ නං මම හිතන්නෙ හැමෝම දන්න නිසා ආයෙම කියන එකේ තේරුමක් නෑ.ඒත් ඒකෙ පොඩි පසු කතාවකුත් තියන නිසා පොඩ්ඩක් කියලම ඉන්නං… 

මුදලාලි ඇවිල්ල පරණතාලෙ මනුස්සය. කෝට් බෑයයි සරමයි ඇඳල කළු කුඩේකුත් කිහිලි ගහගෙන තමයි කොහෙ ගියත් යන්නෙ. මුදලාලි දවසක් ටවුමට ගියා කඩේට බඩු ගන්ට. කලින්දා හවස ගිහිල්ල හෝටලේක නැවතුනා කාමරයක් අරගෙන. ඔන්න පහුවදා දවසම එහෙ මෙහෙ දුවල බඩු අරගෙන හවස ආපහු ගමට යන්ට පිටත් වෙන්ට හදනකොට තමයි මතක් උනේ කෙලියා නෙවද? කුඩේ අර නැවතිලා උන්නු හෝටල් කාමරේ අමතක වෙලා කියල.. ඉතිං මොකද කරන්නෙ..මුදලාලි බොහොම ආදරෙයි මේ කුඩේට..පරම්පරාවෙං පැවත එන මහා කුඩ රාජයෙක්..ආයෙ නෑ සෙල්ලං එහෙම. 

දණි පණි ගාල ආපහු ගියා හෝටලේට..එතකොට ඔන්න ඒ කාමරේ මේ එදා කසාද බැඳපු අළුත් ජෝඩුවකට දීල. මැනේජර් එක හෙලාම කිව්ව…. 

" අනේ මුදලාලි එයාලට කරදර කරන එක හරි නැහැනෙ. මම කියන්නද? මුදලාලි ආයෙ එනවනෙ..අපි කුඩේ අරං තියන්නං..ඒකෙ ප්‍රශ්නයක් නෑ.. " 

ඒත් මුදලාලිගෙ හිතට හරි නෑ..කුඩේ නැතුව කොහොමද ගමට යන්නෙ?...මැනේජර් එහාට මෙහාට වෙනකල් ඉඳල හෙමීට ගියා කාමරේ දොර ගාවට..ගිහිල්ල දොරට කණ තිබ්බ ඇතුලෙ මොනවද කතාවෙන්නෙ බලන්ට. 

ඔන්න ඇහෙනව පිරිමි කටහඬක්.." මේ චූටි කට කාගෙද? " 

" ඔයාගෙ…." ඒ ඇවිල්ල සුන්දර ගැහැණු හඬක්.. 

" එතකොට මේ චූටි කණ?.." 

" ඒත් ඔයාගෙ.." 

" මේ කම්මුල්?.." 

" ඔයාගෙනෙ අනේ….." 

" එතකොට මේ……."'…..ඒ මොනව ගැනද කියල අහන්න උනේ නෑ..මුදලාලි කලබල උනා.. 

" අනේ ළමයිනේ…. ඔහොම අතගාගෙන යනකොට ඔය ඇඳ එහාපැත්තෙ තියේවි කළු කුඩයක් .අනේ ඔන්න ඒකනං මගේ.." මුදලාලි දොර ගාව ඉඳගෙන කෑගැහුව. 

අඩේ ඔන්න බලමුකො ඒකෙත් හැටි..මේ කතන්දරේ සාහිත්‍ය සමිතියෙ ගිහිල්ල කිව්වදැයි කියල මට අහල බලන්ට අමතක උනානෙ මෙච්චර කාලෙකට..මේ පාර ගිහාමවත් අහල බලන්ට ඕන.. 

හරි ඉතිං අර මුදලාලිගෙ කතාවෙ අතුරු කතාව නොහොත් පසු කතාව මේකයි...අපි බැඳල ගියානෙව මදුසමයට...අපෙ කාමරේට බෑග් උස්සගෙන ආපු කොලුවට කීයක්දෝ දෙන ගමන් මම ඇහුව.. 

" මේ මල්ලි පොඩි කාරණයක් තියනව දැනගන්ට..මේ..මේ කාමරේ ඊයෙ රෑ හිටියෙ මුදලාලි කෙනෙක් එහෙම නෙවෙයි නේද? " කොල්ල අන්දුං කුන්දුං උනා.. 

" නෑ සර්...එහෙම කෙනෙක් නං නෙවෙයි..ඇයි එහෙම ඇහුවෙ? " 

කොල්ල ඇසුත් ලොකු කරගෙන මගෙ දිහයි අපෙ උන්දැගෙ දිහායි බලනව මාරුවෙන් මාරුවට..මේ යකා මොනවද මේ අහන්නෙ? කියල හිතනව ඇති එකත් එකට…අරුන්දැ ඉන්නව මා දිහා සුපුරුදු පරිදි රවාගෙන..මම ඒක නොදැක්ක වගෙ ආයෙම හැරුන කොල්ල දිහාවට. 

" ෂුවර්නෙ මල්ලි නේද? මුදලාලි කෙනෙක් එහෙම නෙවෙයිනෙ හිටියෙ?..මේ අර කළු කෝට් එකකුයි සුදු සරමකුයි ඇඳල. එතකොට කළු කුඩයක් එහෙම අතේ තිබ්බ ඔන්න…" 

" නෑ..නෑ,,සර්..එහෙම කෙනෙක් හිටියෙ නෑ මේ කාමරේ.." කොල්ල බය වෙච්චි පාර ගියා නෙවෙයි දිව්ව කාමරෙං එලියට. 

" අනේ මං දන්නෙ නෑ ඔයාගෙ මේ විකාර නං..අර කොල්ල ගිහිල්ල හැමෝටම කිව්වෙ නැත්තං බලන්ට අර අහවල් කාමරේ ඉන්න මහත්තයට බාගෙට පිස්සුය කියල…" 

" මහත්තයට බාගෙට පිස්සු..එහෙම මහත්තයෙක් බැඳ ගත්තු නෝනට හොඳටම පිස්සු කියලනම් කියයි තමයි…" 


" ඒකතාව නං ඇත්තමයි කියල මටත් හිතෙනව..හිහ්..හිහ්.." එයා හිනාඋනා.. 

" ඔයා එහෙනං වොෂ් එකක් දාගන්ට..මම පොඩ්ඩක් මේ කාමරේ අහුමුළු පරීක්ෂා කරල බලන්ට ඕන…" 

" ඒ මොකටද?..." උන්දැ ඇහුව මා දිහාට හැරිල.. 

" කියන්ට බෑනෙ .අර කොල්ල කිව්වට..අර මුදලාලිගෙ කලු කුඩේ අමතකවෙලා ඔය කොහෙ හරි මුල්ලක තිබ්බොත් එහෙම…" 

උන්දැ මට මොකක් හරි එකකිං දමල ගැහුව…. මට දැං හරිහැටි මතකයක් නෑ ඒ මොකක්ද කියල? එක්කො කොට්ටෙකිං එහෙම නැත්තං ඒත් කොට්ටෙකිං...ඒ අටළොස් වසක් තිස්සෙ මට දමල ගහපුවගෙ පලවෙනි එක.... 

මතු සම්බන්ධයි...... 

77 comments:

  1. හෙහ් හෙහ්.. උදේ පාන්දර ලේ පිරිසිදු කරගත්තා.. :)

    ReplyDelete
    Replies
    1. සාතන්,

      මම මේක කලිනුත් දවසක කිව්වා..ඒ උනාට ප්‍රතිචාර බොහොම අසතුටුදායකයි. එනිසාවෙන්.....

      පළමු සිහිකැඳවීමයි.

      උදෑසන නොමිලයේ කාන්දු පෙරණ (Dialysis ) ක්‍රියාවලියෙහි නිරතවන සියළුම සහෘද / සහෘදිනියන්ගේ කාරුණික අවධානය පිණිසයි.

      අනේකවිධ අපද්‍රව්‍ය ඉවත්කොට රුධිරය පිරිසිදු කිරීම යනු ඉතා අසීරු කාර්යයකි. කාන්දු පෙරණය (Dialysis ) නමින් හැඳින්වෙන මේ කාර්යාවලිය උදෙසා පෞද්ගලික රෝහලකදී ඔබට අවම වශයෙන් රුපියල් 5000.00 පමණ මුදලක් වැයවේ.

      එබැවින් හිමිදිරි උදෑසන නිදහස් සිතුවිලි කියවා එම ක්‍රියාවලිය නොමිලයේ ඉටුකරගන්නා ඔබ සැම ඔබට හැකි අයුරින් යම් මුදලක් පරිත්‍යාග කිරීමට අදිටන් කරගන්නේ නම් බෙහෙවින් කෘතඥ වන්නෙමි.ඔබගේ නොමසුරු පරිත්‍යාගයන් සුදුසු මානුෂීය එමෙන්ම පරාර්ථකාමී කර්තව්‍යයකට යෙදවීමට අදහස් කරන්නෙමි. ඒ සඳහා ඔබගේ යෝජනාවන් ද පරිත්යාගය සමඟ දන්වා එවීමට කාරුණික වන්න.

      Delete
  2. උදේ පාන්දර ගිනි විජ්ජුම්බරයක් වෙලා තිබිලා යන්තම් හදා ගෙන මේ නෙට් ආවා විතරයි... ඇති වෙන්න ලේ ටික පිරිසිදු කරගත්තා... ඔලුව පිස්සන්කොටුව වගේ වෙලා තිබ්බෙ... ඒකත් ගොඩ.... මොනා නැතත් රවියයියගේ මේ කතා සෙට් එක බුක්මාර්ක් කරලා තියාගන්න ඕනෙ...

    අටළොස්වසක් තිස්සෙ දමලා ගහපුවයින් වළං ගැට්ට කරේ හිටින්න හට්ටි මුට්ටි කීයක් බිඳිලා තියෙනවද කියලා කියනවද... මොකද මෙයාගේ මේ කටේ හැටියට, හට්ටි වල වෑංජන උයනවට වැඩිය ඒවා රවියයියගේ කරේ තියෙන්න ඕනේ කියලා මංට හිතෙන්නේ.... හි හි...

    ( මෙයා මේ කියන්නේ බාගෙට බාගයක් බොරු කියල මං නං දන්නවා... මොකද ඔය කියන ඒවෑ හැටියට, ඔය කියන විදියටම රැවුම් ගෙරවුම් කර කර නං ලොක්කි ඉන්නේ නෑ.. තට්ට ගෙඩිය හිල් වෙන්න මොහොකින් හරි අනින්නෙ නැතුව... )

    ReplyDelete
    Replies
    1. හිරු,

      පළමුව ඉහත සාතන්ගේ ප්‍රතිචාරයට මගේ ප්‍රති-ප්‍රතිචාරයට ඔබගේ අවධානය යොමු කරවමි.

      විවාහ වූ ප්‍රාරම්භක යුගයේදීම වළං ගැට්ට සිව් වරක් පමණ කරමත රැඳුනු ඉක්බිති සෑමවිටම ඇළුමිනියම් හට්ටි මිලදීගත්තෙමි.

      වරහන් තුල ඔබ ලියා ඇති බලවත් අපහාසාත්මක වැකියට පිළිතුරු දීමෙන් වැළකෙමි. එහෙත් එයින් මා සදාදරණීය භාර්යා තොමෝගේ අකනිටා බ්‍රහ්ම ලොව දක්වා පැතිර ගිය මහා ඉවසීමේ ශක්තිය අවතක්සේරු කිරීම පිළිබඳව මගේ බලවත් විරෝධය පමණක් මෙහි සටහන් කොට තබන්නෙමි.

      Delete
  3. දැන් බෙදනවා ඇත්තේ කොසු පාරවල් වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      " මේ විත්තිකාරිනිය යුෂ්මතාට පහර දුන්නෙ ක්‍රෝධයෙන්මද? "

      " අනේ පිං කරන හාන්දුන්නේ..ඒ යස්සනීට ඔව්වෑ ගානක් නෑ. කොරෝදෙනුත් කීප දවසක් දමල ඇන්න මතකයි. ඒත් වැඩියෙම්ම ගහන්නෙ කොහු මිටෙං තමා...…"

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඈ බං රවි අයියෙ පොඩි එකා අහවල් වැඩේ කොරල නෑනෙ බං මේ සැරේවත්. ඕක යහතින් ඉන්නවද ඈ.

      හෙ හේ... පැණිහද ටුවර් එක යන දාට රවි අයියගෙ තියරිය අනුගමනය කොරන්න එක හිතින්ම තීරණය කොර ගත්ත ඕන්. අම්මපා කුඩයක් තිබුනොත් එහෙම කාමරේ නේද?

      Delete
    2. ලොකු ශානා,

      / ඈ බං රවි අයියෙ පොඩි එකා අහවල් වැඩේ කොරල නෑනෙ බං මේ සැරේවත්. ඕක යහතින් ඉන්නවද ඈ. /

      ඒකා බොග දාන්ට ඇති බං....අම්මප මෙවුන්ට මේ බොගේමනෙව සිහිය තියෙන්නෙ.

      / හෙ හේ... පැණිහද ටුවර් එක යන දාට රවි අයියගෙ තියරිය අනුගමනය කොරන්න එක හිතින්ම තීරණය කොර ගත්ත ඕන්. අම්මපා කුඩයක් තිබුනොත් එහෙම කාමරේ නේද? /

      හෙහ්..අන්න මල්ලි උඹ ඇවිල්ල මීටර් කාරය. ඒ වගෙ කුඩයක් හම්බ උනොත් ගිය වැඩේ පැත්තක දාල දෙන්නත් එක්ක ආපහු ගෙදර වරෙල්ල.ඇයි බං ඔය වැඩේ කවද කොරගන්ට බැරිද?..ඒ වගේද අරවගෙ මහ විසාල කුඩ රාජයෙක්...හෙහ්, හෙහ්,

      අනික පාඩුවකුත් වෙන්නෙ නෑ එහෙමකට...හොනිමෝං කාඹරවල, ඇවිල්ල පැය බාගයක් ඇතුලත ආපහු කාඹරේ බාර දෙනව නං සීයට අසූවක් ගෙවපු සල්ලි ආපහු දෙනව...මම දන්න නිසයි කියන්නෙ හොඳද? ඒ මොකද? කොහොමද එහෙම දන්නෙ?... කියල අහන්ට එපල්ල....කියන්නෙ නං නෑ මැරූකොට...හෙහ්, හෙහ්,

      Delete
  5. //" අනේ ළමයිනේ…. ඔහොම අතගාගෙන යනකොට ඔය ඇඳ එහාපැත්තෙ තියේවි කළු කුඩයක් .අනේ ඔන්න ඒකනං මගේ.." මුදලාලි දොර ගාව ඉඳගෙන කෑගැහුව.// :D:D:D

    //අපි බැඳල ගියානෙව මදුසමයට...අපෙ කාමරේට බෑග් උස්සගෙන ආපු කොලුවට කීයක්දෝ දෙන ගමන් මම ඇහුව.. " මේ මල්ලි පොඩි කාරණයක් තියනව දැනගන්ට..මේ..මේ කාමරේ ඊයෙ රෑ හිටියෙ මුදලාලි කෙනෙක් එහෙම නෙවෙයි නේද? " කොල්ල අන්දුං කුන්දුං උනා.. //

    මදු සමයට ගිහිල්ලත් මෙයාගේ මතකේ තිබිලා තියෙන්නේ මුදලාලිවනේ හී හී...

    //ඔක්කොමත් හරි මගෙ ඔය හෙහ්, හෙහ් ගාල හිනාවෙන එක තමයි අපෙ උන්දැට කාලා ඉන්ටම බැරි.//

    අපරාදේ කියන්ට බෑ සඳාත් මම වගේමයි… :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      / අපරාදේ කියන්ට බෑ සඳාත් මම වගේමයි… :) /

      දෙයියෝම සාක්කි!!! ඔහෙත් ඒ පාර එවුන්දැගෙ නෑදෑයෙක් වත්ද හැබෑටම? අර අපෙ හෙන්රි මහත්තැං නං පොලවෙ පස් කාල කියන්නෙ එයයිගෙ දීපා නෝන අපෙ උන්දැගෙ නිවුං සහෝදරීය කියල ..ඩීඇන්නේ පරීස්සනේට උන්නැහැ මේ දවස්වල ගජරාමෙට සල්ලි එකතු කරනවලු.හෙහ්, හෙහ්

      හරි දැං කුමාරිහාමිගෙ මොකක්ද නෑදෑකම?...මේ...…. ඔය ඩීඇන්නේ පරීක්සන අරව මෙව්ව මොකවත්ම ඔනැන්නෙ නෑ. මම කියන්නං බොහොම සරල ක්‍රමයක්...

      මෙන්න මේ විදිහට දිව නමන්ට පුළුවන්ද බලන්ට?... ..එහෙම පුළුවන්නං බඩුම තමයි...අපෙ උන්දැගෙ නෑදෑයො...ආයෙ දෙකක් එහෙම නෑ...හෙහ්, හෙහ්

      Delete
    2. බඩුම තමයි මචං. ඕං අර පෙරහැර බලන්න ගිහින් නැතිවෙච්ච සහෝදරී දිව නවලා පෙන්නුවා. ඈ බං? එතකොට මේ පොඩ්ඩි කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ? බාල සහෝදරීත් පෙරහැර බලන්න ගියාවත්ද?

      Delete
    3. Henry,

      අම්මප? උන්දැ දිව නැව්වද ඒ විදිහට?..හරි එහෙනං බොලේ ඩී.එන්.ඒ. පරීක්ෂණ අනවශ්‍යයයි. එහෙම දිව නමාගෙන ඉන්නව පෝටොස් එකක් අල්ලල එවාපං. ඒක ඇති සාක්කි වසයෙන්...දන්නවනෙ මම කිව්වෙ ..සෙල්ලං නෑ...අලි ඇත්තු, කොටි වලස්සු, මීමින්නො, උරුලෑවො, හම්බාවො ඔය ඔක්කොම හම්බ වෙනව...හෙහ්, හෙහ්

      පොඩ්ඩි උන්දෙ ගැනනං කියන්න තියෙන්නෙ අපෙ අම්මණ්ඩිට බාල සහෝදරියක් නම් ඉඳල නෑ..හැබැයි මෙහෙම එකක් තියනව මචං...එයාලගෙ බාප්පොච්චිගෙ ඔය වයස තරමෙ දුවෙක් ඉඳල අතුරුදන් වෙල තියනව එක පාරටම..මහම මහ ඇට්ටර කෙල්ලක්ලු.කිසිම අංගපුලාවකට නැති මහ මොරෝම එකියක්ලු. මෝස්ට් ප්‍රොබබ්ලි ඔය කුමාරිහාමි ඒ කෙලිච්චි වෙන්න පුලුවන්....දිව රෝල් කරන්ට පුළුවන්ද බැරිදැයි කියාල තාම නෑ ඒ පැත්තෙං ප්‍රතිචාරයක් ආවෙ..එහෙම උත්තරයක් ආහම බලමු දෙවනුව ඒ ගැන.

      Delete
  6. රවීගේ ලොකු අම්මා ගැන කීවම මතක් වුනේ..
    ඔය වයසක උදවිය කෑම කන්න කොහොමත් හොරයි නෙව. යාප්පු වෙලා අඬලා දොඩලා තමයි මොනවා හරි කවන්න පොවන්න ඕන. ඒකත් හරියට පොඩි ළමයින්ට කවනවා වගේ වැඩක් තමයි..

    ReplyDelete
    Replies
    1. රූ,

      ඇත්ත ඇත්ත…Old age is the second childhood….මහළුවිය යනු දෙවන ළමාවියයි...ආහාර ගන්න එක විතරක් නෙවෙයි රූ තව හුඟක් දේවල් ….හැඟීම් බර විම්, සමාජය සමඟ අන්තර්ක්‍රියා වගෙ හුඟක් දේවල් වලදි වයස්ගත වැඩිහිටියො කුඩා දරුවො වගේ තමයි.

      Delete
  7. අසිත කොල්ලට බෙට්ට ගියාද කියල දැනගන්න තව කොච්චර කාලයක් ඉන්න වෙයිද?

    'උන්දැ මට මොකක් හරි එකකිං දමල ගැහුව…. මට දැං හරිහැටි මතකයක් නෑ ඒ මොකක්ද කියල?'
    ශුවර් නේද අර කළු කුඩෙන් නෙමෙයි කියල. :D

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      බෙට්ට ගියා බොල!!!!..කී පාරක් කියන්ටද හැබෑටම......:)

      Delete
  8. කට, කණ, කම්මුල්... මේ යන විදිහට කුඩේ ලඟපාතකටවත් එන්න පැයක් හමාරක් යයි කියලා මුදලාලිට හිතෙන්නේ ඇති. අර මනුස්සයට ඇඟේ සම්පූර්ණ අයිතිය ලැබෙනකොට දෙන්නටම ඇති වෙලා දෙපැත්ත වැටිලා නිදා ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය ආතල් එක පළවෙනි දවසෙ විතරයි.. ලංකාවේ අයගේ...

      Delete
    2. මාතලන්
      ඒමොකෝ අනේ?

      Delete
    3. හැබෑටම ඒ ‍මො‍කේ අ‍නේ?

      Delete
    4. මාතලන්ගෙ විකාර! හැමෝම තමුන් වගේ කියලයි මාතලන් වැරදුනා මහාචාර්ය මාතලන් හිතන්නෙ.

      Delete
    5. මාතලන් කියන එක හරි.
      සම හරක් හිතාගෙන ඉන්නෙ එක එකා කියල දුන්න විදියට බඩ උඩ යුද්දෙ කොලාම,ඒ සෑ තමන්ගෙ ගෑනිට මැරෙන තුරා ඇති කියල.

      Delete
    6. තිසර,

      / අර මනුස්සයට ඇඟේ සම්පූර්ණ අයිතිය ලැබෙනකොට දෙන්නටම ඇති වෙලා දෙපැත්ත වැටිලා නිදා ගන්න ඇති. /

      හෙහ්, හෙහ්, අම්මප මලේ උඹ බලාහිටිය වගෙ නෙව ..එහෙමද? නැත්තං පළමෝත අද්දැකීමක්වද්ද?....හෙහ්, හෙහ්,

      ඔන්න ඉස්මුදුනෙං පටංගෙන පාදාන්තය දක්වාම වැඩේ ගියයි කියාපංකො...

      අන්තිමට…" මේ කකුලෙ සුට්ටි ඇඟිල්ල කාගෙද?..."

      " ඔයාගෙ ඔයාගෙ ඔයාගෙ.." ( මැක්ස් මල )

      " ආආ..ඒ කියන්නෙ ඔයාගෙ මුලු සරීරෙම මගෙ.. එහෙනං ආය කලබල වෙන්ට දෙයක් ඇත. ඔය වැඩේ හෙමීට පස්සෙ කරගමු. "

      ඔන්න ඔහොම කියල මිනිහ නීට් ඕල්ඩ් කාලකුත් ගසලදාල බත් කාල බුදියගත්තලු.

      Delete
    7. මගෙන් මොකෝ කියලා අහන්නේ. ඔහේලමනේ ලංකාවෙ පිරිමි එහෙමයි කියලා කියා තිබුනේ. බීලා ඇවිත් දෙකක් ඇනලා නිදා ගන්නවය කියලා..

      Delete
  9. එතකොට දමල ගෑහිල්ල පටන් ගත්තෙ එදාද.හිනවෙල මෑරුන ඔයි

    ReplyDelete
    Replies
    1. දමිත්,

      එහෙනං..එහෙනං..නමෝ විත්තියෙං එදාම පටන් ගත්ත නෙව ඔය දමල ගැහිල්ල. එදා මෙදා තුර බොලේ අතට අහු උන එකෙං ගහනව.

      අපි අර ඉස්කෝලෙ කුවාටස් වල ඉඳැද්දි කාලයක් ගෙදර මුල්ලක තිබ්බ ජූනියර් සයිස් යගුලියකුත්.ඕක එළි පෙහෙලියෙ තියනව දැක්කොත් මම හෙමීට තල්ලු කරනව ඔය මේසයක් අස්සට වගෙ....කියන්ට බෑ නෙව ..නැද්ද?....

      පස්සෙං පහු එවුන්දැට ටෙනිස් එල්බෝ ඇවිල්ල ඔය හෙල්ල, කවපෙත්ත, යගුලිය වගෙ එහාට මෙහාට දමාගහන සෙල්ලං නැවැත්තුව. ඉම් පස්සෙ තමයි ඔන්න යන්තං මයෙ ඇඟට ලේ පොඩ්ඩක් ඉණුවෙ...හෙහ්, හෙහ්, අනෙ අම්මප මේ ඇත්තමයි..

      Delete
  10. මගේ ඔය හනිමොං ද පැණිහඳ ද මොකද්ද ඒ අහවල් එකේ එක දවසක් ගතකලේ මගේ යාලුවෙකුට අයිති වතු බංගලාවක. අපි යනකොටත් මුන් කීපදෙනෙක් හිටියා ඒ බංගලාවේ. මම කිව්වා තොපි ඔක්කොම මකබෑවෙයව් අපිට ඉන්න දීලා කියලා. මුන් හරි හරි කියලා යන්න ගියා. අපි දෙන්න කාමරේට ගිහින් ඇඳේ ඉඳගත්තා විතරයි දඩ බඩාන් ටින් ටොන් ටිලින් ගාලා ටින් බෙලෙක්ක ගොඩක් ඇඳෙන් යට පැත්තේ තිබිලා බිමට වැටුනා. අපේ උන්දැ අඬන්න පටන්ගත්තා.අරුන්ටික හූ කියා කියා හිනාවෙනවා. මම දුප් පර ...ගේ පුතාලා කියලා උන්ව එලවගත්තා. ඒ වුනාට උන් කතාව හැම තැනම ප්‍රචාරය කරලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට උන් ටික ඇඳ යට හැංගිලා හිටියේ නැත්තේ.

      Delete
    2. හුහ්........හිටියනම් මගෙන් කනවා පිස්තෝලෙන්. මේ.......... මම කියන්නේ ආමි එකෙන් දෙන පිස්තොලේ ඈ. මගේ පිස්තෝලේ එහෙම වියදම් කරලා බැහැනේ.

      Delete
    3. හෙන්රි සහ විචාරක,

      මේ මනමාලය ඇවිල්ල උගෙ යාළුවන්ට මඟුල් දා රෑ දස වද දීපු එකෙක්. ඒ නිසා මිනිහ පණබයේ හිටියෙ උගෙං රැග කාපු එවුංගෙං මදි නොකියන්ට රිටර්න් එක හම්බ වෙයි කියල.ඔය නිසාම මිනිහ පුලුවන් තරම් පූර්වෝපායයන් ( Precautions ) සැලසුම් කලා, ඒ වගේම එව්ව ක්‍රියාත්මක කලා. හනිමූන් යන හොටේල් එක කියල යාලුවො හැමෝටම බොරුවක් කියල අන්තිමට ඒ කිට්ටුව වෙන තැනකට ගියේ.

      කොහොම හරි කවුරුවත් දන්නෙ නැතුව කිසි ආබාධයක් නැතුව ඔන්න මංගල රාත්‍රියත් ගෙවුනා. ඒ නියමිත කලමනා කටයුතුත් අඩුවක් නැතුව කෙරුනයි කියමුකො. පොරට හෙනම සැට. උදේ නැඟිටලත් වයිෆ් එක්ක කයිය……

      " හෙහ්, උං හිතාගෙන ඉන්ට ඇති මට රැග දෙන්ට. එව්ව කොහෙද මා එක්ක. මම කොහොම හරි උං ඔක්කොගෙම කං වලිං රිංගුවානෙ අන්තිමට...හෙහ්, හෙහ්, "

      " හරි අපි තේ ඕඩර් කරමු. ඩාලිං ඔයාට සීනි කොච්චරක්ද? "

      " මට දෙකක් ඇති.." වයිෆ් කිව.

      පොර ෆෝන් කලා රිසෙප්ෂන් එකට. " මම මේ රූම් නම්බර් තර්ටි වන් එකෙන් කතා කරන්නෙ. අපිට බෙඩ් ටී දෙකක් එවනවද? සීනි හැඳි දෙක ගානෙ දාන්ට."

      ඔන්න එතකොටම ඇඳ යටිං කවුද කතා කලා..වයිෆ් මර හඬ තියාගෙන පැන්න බිමට.

      " අනේ මචං එහෙම අපිව අමතක කරන එක වැරදියි නේද?..... රෑ තිස්සෙම උඹලට වගේ තමයි අපිටත් නින්දක් නෑ. අපි දෙන්නටත් ටී දෙකක් ඕඩර් කරපං හොඳ එකා වගෙ..හැබැයි සීනි හැඳි තුන ගානෙ හොඳද? "

      වැදගත් - හෙහ්, හෙහ්, යනුවෙන් යොදා ඇත්තේ හුදු වචනාර්ථය උදෙසා පමණි. එබැවින් ඒ පිළිබඳව නොයෙක් මනෝභ්‍රමයන් උත්පාදනය කොටගැනීමෙන් සහ ඒ අනුසාරයෙන් යම් යම් අනවශ්‍ය උපකල්පනය කිරීම් වලට එලඹීමෙන් කරුණාකර වැළකෙනු මැන.

      Delete
  11. දිව රෝල් කිරීමේ සීන් එක කියන්න ඕන යාලුවෙක් මටත් ඉන්නව. 100%ක් ෂුවර් මේක කරනව කියල.(මිනී මරාගනීද දන්නෙත් නෑ)

    කවුද බං හනිමූන් ගිහිල්ල අහුමුළු බලන එකා?

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / දිව රෝල් කිරීමේ සීන් එක කියන්න ඕන යාලුවෙක් මටත් ඉන්නව. 100%ක් ෂුවර් මේක කරනව කියල.(මිනී මරාගනීද දන්නෙත් නෑ) /

      ආන්න පුළුවන් නං වැඩේ කරපං දික්කසාද නඩුවට මටත් සාක්කි දෙන්ට සිද්ද වෙන විදිහට....

      / කවුද බං හනිමූන් ගිහිල්ල අහුමුළු බලන එකා? /

      මම බං ….

      Delete
  12. 209. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 6......වෙන වැඩක් නෑ කන්ට, දිව රෝල් කිරීමේ පරීක්ෂණය සහ මුදලාලිගෙ කුඩේ සහ ප්‍රථම මිසයිලය.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      " අනේ චුට්ටි දුවේ..කවුද මේ ඔයාලගෙ මඟුල් පිංතූරෙ වීදුරුව බිඳල තියෙන්නෙ?...හප්පච්චියේ....කොහොමද මේක උනේ? "

      " ඔය අම්මෙ ඉතිං වෙන කාගෙද අරයගෙ වැඩ තමයි…"

      " අනේ අප්පේ මම කවදාවත් හිතුවෙ නෑ ඒ පුතා එහෙම කෙනෙක් කියල..ඉතිං කියන්ටකො මොකද උනේ කියල?...."

      " අම්ම දන්නෙ නෑ එයාගෙ හැටි ..ඔය දෙකට ගණින්ට බැරුව වගෙ උන්නට.... හුහ්, ඊයෙ මම දමල ගැහුව අතේ තිබ්බ පිඟානෙං , කොහෙද මේ මිනිහ පැන්නනෙ අහකට. කෙලින්ම ගිහිල්ල වැදුනෙ මඟුල් පිංතූරෙ. ඉතිං බලන්ට කොහොමද ඔහොම මිනිස්සු විස්වාස කරන්නෙ. මේ එක තැනක ඉන්නව. ඊලඟ විනාඩියෙදි සස් ගාල එහාට පනිනව."

      Delete
  13. මම අහල තියෙන්නෙ ඔය කුඩ කතාවේ වෙන වර්ශන් එකක්.එකේදී කුඩේ අයිතිකාරයා ඉන්නෙ ඇඳයට ඇඳේ ඉන්නෙ ගැනියි තව මිනිහෙකුයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ගෙදර මිනිහ මොකද බං ඇඳ යට කරන්නෙ? ගෑණිගෙ හොර අල්ලන්ට ගිහිල්ල වෙන්ට ඇති. ඒත් කුඩෙත් අර මිනිහගෙ කියල ගෑණි කියල ඒ යකා යනකොට කුඩෙත් අරගෙන යයි කියල බය වෙච්ච පාර මේ මිනිහට ඉහිලුං නැති වෙන්ට ඇති...හෙහ්, හෙහ්, ඒකත් මරු කතාව...මම ඒක අහල තිබ්බෙ නෑ හැලප..ස්තූතියි,

      Delete
  14. මෙයාට පිස්සුද.. නැත්තම් මෙව්වා කියෝන අපිට පිස්සුද මන්දා.......

    ReplyDelete
    Replies
    1. ආයේ අහන්න දෙයක් නෑ උපේක්ෂා...දෙගොල්ලොන්ටෝම පික්ෂු..!!
      හැබැයි ඉස්සෙල්ලාම පිස්සු හැදුනෙ කාටද කියන එක අර කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්..

      Delete
    2. හැබැය් අපරාදෙ කියන්න බැ..ඔය රවි අය්ය දඩ් ගෙ කතාව ලියන්න ගන්නකන් යස අගේට හිටියා..ඔය පූර්වජයො එක්ක පැටලිච්ච දා ඉඳන් තමා ඔය උන්දැට නුහුගුනේ තද උනෙ :(
      ඊට පස්සෙ තමා ඔය පඳුරු තැලිලි ඔක්කොම පටන් ගත්තෙ..

      Delete
    3. Upeksha & Ruu,

      In this insane world you have to behave a little bit crazy if you want to keep your sanity. If not, the sheer insanity of everyone else would drive you crazy no matter how you resist.

      Delete
    4. මෙකුවි,

      / හැබැය් අපරාදෙ කියන්න බැ..ඔය රවි අය්ය දඩ් ගෙ කතාව ලියන්න ගන්නකන් යස අගේට හිටියා..ඔය පූර්වජයො එක්ක පැටලිච්ච දා ඉඳන් තමා ඔය උන්දැට නුහුගුනේ තද උනෙ :( ඊට පස්සෙ තමා ඔය පඳුරු තැලිලි ඔක්කොම පටන් ගත්තෙ../

      හෙහ්, හෙහ්, මෙකුවි..මගේ යාවජීව රසිකාවිය...උඹ ඔය කියන්නෙ මම අර පේම කතා ලියපු කාලෙ ගැන...ආදර නිල් දෑසේ...නොහැඟවූ ආදරය, සිව්සියවසක පෙම් කතාවක්..හෙහ්, හෙහ්..හරි බාං හරි හරි ඉඳහංකො මෙව්ව ඉවරවෙලා හොඳ එකක් පටං ගන්ට...ඔන්න උඹ හොඳ එකී හින්ද මම දැනට ලියල තියෙන හරියෙන් දෙන්නං පොඩි කොටසක්...

      නුවර ඔරලෝසු කණුව අසලින් පිටත්වූ ගුණ්ණෑපාන බසය කටුගස්තොටට ළඟාවනවිට අතුරු සිදුරු නැති තරමට පිරී තිබිණි. දොරටුව පසුපස ඒ හා සමඟම වූ අසුනෙහි ජනේලය අසල හිඳ සිටි මම උදෑසන සුමනා පොල්කටු ඉස්ත්‍රික්කය රත්කොට මැදදුන් කළිසම් දෙක සහ කමිස තුන සරමක් සහ තුවායක් බහාලූ තැනින් තැන දුර්වර්ණව නූල් පෑදුණු නිල් පැහැ ගමන් මල්ල උකුල මත තබා ඒ මත දෑත් රඳවාගත් වනම හිස් බැල්මෙන් එපිට බලා සිටියෙමි.

      මහවැලි ගඟබඩ ඉදිකල යෝධ හිටි පිළිමය පසුකොට හැල්මේ දිවගිය බසය මාතලේ බලා දිවෙන දුම්රිය හරස් මාර්ගය අසල නැවතුම්පලෙහි නතර විය. කොහේදෝ සිට දිවගෙන ආ විල්බට් මාමා වදෙන් පොරෙන් කෙසේ හෝ පාපුවරුවෙන් ගොඩ වී මා හිඳහුන් ආසනයට වාරුවිය.අඩි හයකට නොඅඩු උස් සිරුරකින් යුත් විල්බට් මාමා අම්මාගේ ඥාති සොහොයුරෙකි. මා දන්නා කලක සිට ඔහුගේ රැකියාව වූයේ ප්‍රධාන වශයෙන් කටුගස්තොට නගරයේ වෙළෙඳුන්හට තැරැව්කරුවකු ලෙස කටයුතු කිරීමය.

      දවසේ උපයන මුදලින් සවස්වන විට මත්පැන් ස්වල්පයක් පානය කල හෙතෙම ඉතිරි මුදල් නොවරදවා තම එකම වැඩිමහල් සොයුරියට එදිනෙදා වියදම් පියවාගැනීමට දීමට පුරුදුව සිටියේය.තම සැමියා බොහෝ කලකට පෙර මියගිය ඇසිලින් ලොකු අම්මා දරුවන් දීග තලග ගියපසු අවිවාහක බාල සොහොයුරා හා සමඟ මහගෙදර වාසයට පැමිණියාය. කිසිදින අනුන්ගේ ඕපාදූප නොසෙවූ සෘජු ගතිගුණැති කෙලින් මිනිසකුවූ ඇල්බට් මාමා මම කුඩා කල සිටම ප්‍රිය කලෙමි. හුනස්නෙන් නැඟිටීමට සූදානම් වූ මා ඔහු වැළැක්වූයේ මගේ දකුණු උරහිසට සුරත තබා ආපසු මා අසුනෙහි හිඳවීමෙනි.

      " ජයසේන පුතා කාලෙකින්? "

      ඔහු මගේ මුහුණට පහත්ව විමසීය. ඔහු කෙරෙන් නැඟී ආ ගල් අරක්කු සුවඳ මසිත ඇති කලේ අපුලක් නොව අතීත මතක යලි කැඳවීමකි.

      " ආරංචි ඇතිනෙ නේද?"

      ඔහු විමසනුයේ කුමක් පිළිබඳවද යන්න මම ඉඳුරාම දැනසිටි හෙයින් ඒ පැණයට පිළිතුරු දීමෙහි කිසිදු අපහසුවක් නොවිනි.

      " ඔව් මාමෙ...මට ආරංචි උනා…"

      කඳ කෙලින් කොටගත් ඇල්බට් මාමා දොරටුව අසල වූ ආසනයෙහි ඉදිරි ඇන්දට හේත්තු විය.

      " පව්..මගෙ පපුව වාවන්නෙ නෑ. චුට්ටි මැණිකෙ කියන්නෙ මගෙ ජීවිතේට මට හම්බ වෙච්ච ගුණයහපත්ම ළමය. ඇල්බට් මාමෙ කියල කට පුරා හිනා වෙනව දැක්කමත් මගෙ බඩ පිරෙනව. "

      ඇල්බට් මාමා අවසාන වැකිය පැවසූයේ දෑස් පියාගත්වනම හිස දෙපසට සොලවමිනි. දෑසට නැඳුනු කඳුලු බිඳු නෙත් කෙවෙණි අගින් පෙරී ඉවත ගලා යාමට ඉඩ නොදීමට මම අසාර්ථක උත්සාහයක යෙදුනෙමි.

      Delete
    5. ඈ බොල රවියො, දැන් උඹ ඔය වගේ සුට්ටං කෑල්ලක් දාලා බේරෙන්ටයැ හිතා ඉන්නෙ.??

      Delete
    6. බූරාස්,

      අනේ නෑ බාං ..මෙහෙම ඉඳ හිට පොඩි පූර්ව දර්ශනයක් දෙකක් පෙන්නන්නෙ කාරණා දෙකක් උදෙසා..මොනවද ඒ?

      1. කුමරියකට පෙම් කළෙමි කතාව පිළිබඳ පාඨක උනන්දුව නොනැසී පවත්වාගෙන යාම.

      2. මම ඒ පිළිබඳව කටයුතු කරන බව දයාබර පාඨකයින්හට ස්ඵුට කිරීම.

      Delete
  15. යකෝ ඕකා මැරෙයි ඔය බෙට්ට හිරවෙලා. අම්මපා බෙට්ටක් ගිය දුර.
    හරියටම කියහන් කවද්ද ඔය බෙට්ට වැටෙන්නේ කියලා.


    ReplyDelete
    Replies
    1. ආයම කියනව බෙට්ටක් ගැන. ඒ කොලුව ඒ වැඩේ අතුරු අන්තරායකින් තොරව කරගත්ත බාං...:)

      Delete
  16. විමලෙගෙ වාන් පතුල වගෙ අසිත ලමය ටොයිලට් යන එකත් අර කලින් කිව්ව වගෙ අපෙ දෝනි ලොකු උනාම එයාට කියල අහගන්න වෙය් වගෙ :) හැබැය් ඉතින් කතා ගැලපිල්ල නම් නියමය්..එකත් එකටම අය්ය ඔය මැද පෙරදිග ගිහින් ඉන්නෙ සන්සාර පුරුද්දකට වෙන්න ඕනෙ..මටනම් ෂුවර් අය්ය තමා පහුගිය ආත්මෙක අරාබි නිසොල්ලාසෙ ලියල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙකුවීස්...:)

      අම්මප ඇත්ත වෙන්නත් ඇති..මයෙ තියනව මුස්ලිම් පෙනුමකුත්...ඒක බොහෝවිට මට වාසියට හිටිනව.

      අපෙ උන්දැගෙ ගමට කලින් ගමේ බහුතරයක් ඉන්නෙ මුස්ලිම් අය.ඔය සිංහල රජ කාලෙ පුරුතුගීසීන් සහ ලන්දේසීන්ගෙ තාඩන පීඩන වලට බයේ පහතරටින් පලා ආපු මුස්ලිම් අය උඩරට රජවරු තැන් තැන් වල පදිංචි කලානෙ. අකුරණ, මඩවල,මාවනැල්ල,ගලේවෙල, ගෙලිඔය වගෙ තැන්වල අදත් මුස්ලිම් බහුතරයක් ඉන්නෙ ඒ නිසා. අපෙ හාමිනේලගෙ අල්ලපු ගමත් එහෙම එකක් මම හිතන්නෙ.

      ඉතින් එයාලගෙ ගමට යන්ට තියෙන්නෙ තනි දොරේ බස් එකක්. ඕකෙ කොයි වෙලාවෙ බැලුවත් මීවදේ වගෙ සෙනඟ. ඒත් අපරාදෙ කියන්ට බෑ ක්ලාස් ඇරිල යන මුස්ලිම් කෙල්ලො ඉන්නවනෙ, අනිවාර්යයෙන් මට දෙනව සීට් එක දෙමළෙං මොන මොනවද කියල.මමත් ඉතිං අස්සලාම් අලෙයිකුම් කියල ස්තූති කරල ඉඳගන්නව.

      Delete
    2. ඇහුවට තරහ වෙන්න එපා මචං. උඹට ලොකු බඩගෙඩියක් තියෙනවද?

      Delete
    3. නෑ මචං මගෙ බඩගෙඩියක් නම් නෑ... වයසත් එක්ක බැලුවම just a little bit ....:) :)

      මොකෝ බොල එහෙම ඇහුවෙ? මුස්ලිම් පෙනුමක් තියනව කියල කියාපු හින්දද?

      Delete
    4. නෑ මචං, උඹ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි කාන්තාවෝ එකටත් සහභාගි වුනා කිව්වා. ඒ මදිවට බස් එකේ යනකොට කෙල්ලෝ නැගිටලා සීට් එක දෙනවයි කිව්වා. මම ඉතින් අර දෙකයි දෙකයි එකට දාලා හතර හදාගත්තා, උඹට ගැබිණි මවක් කියලාවත් කෂ්ටිය ‍රැවටෙනවද කියලා.

      Delete
    5. හෙහ්, හෙහ්, එහෙම නෙවෙයි බාං...අර ගෘහස්ත ප්‍රචණ්ඩත්ව රැස්වීමට මම ගිය වෙලාවෙ බබලත්තු මුලිං මාව පිළිගත්තෙ එතෙක් එවුංගෙ රැස්වීමකට පිරිමියෙක් ඇවිල්ලම නැති නිසා...

      අනික් කාරණේ මුස්ලිම් කෙල්ලො නැඟිටල සීට් එක දෙන්නෙ ගැබිණි සීන් එකක් හින්ද නෙවෙයි එයාල ඔය වැඩිහිටියන්ට විශේෂයෙන් පිරිමි වැඩිහිටියන්ට ගරු කිරීමේ සම්ප්‍රදාය බොහොම වැදගත් කොට සලකනව. අන්න ඒ නිසා...:) :)

      Delete
  17. හැමෝම බැන්නට පදුරු තැලිල්ල ට මොකත් මනාපයි.
    ඔබ මේ ලියන කතා වලින් පොඩි කොටසක් හරි අද තියෙන ටෙලි නාඩගම් සහ පොඩි දරු හෙලු/රජ හෙලු බයස්කෝප් කරන බාලා යුවලගෙ නැහැනෙ රවී.
    කොමන්ට් නොකෙරුවත් ඔබගෙ ලිපි කියවා පුදුම රසයක් විදිමි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      හෙහ්, හෙහ්..ඔව්, ඔව්..ඔය අසිතගෙ බොග ගැන අහන්නෙ නිකං ජොලියට ඔවුං...වැල් වටාරං වලට බොහොම මනාපයි අපේ උදවිය.

      අර යුවල ඇවිල්ල බාලා යුවල නෙවෙයි නේද?...දිසා සහ බාලා යුවල වෙන්න ඕන..:)

      කුණු ගඳ ගහන පල් වලක් ඉහගෙන කන්නෙ කොහොමද කියල අපූරුවට පෙන්නල දෙනව ඒ ජෝඩුව ඇස්වහක් කටවහක් නෑ..අනේ වාසනාවන් ..වැඩි වැඩියෙම ලැබිච්චාවෙ...:)

      බොහොම ස්තූතියි කෙන්ජි....:)

      Delete
  18. පිස්සු හැදෙනවා මහත්තයෝ.තව පොඩ්ඩෙන් කොහු මිටි පාර තමයි තනියෙන් හිනාවෙවී ඉඳලා.තනියෙන් හිනාවෙන්නේ පරණ ටිං ටොං මතක් වෙලාද කියලා අහනවා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      අඩේ උඹ හොඳයි නෙව..මට නං පරණ ටිං ටොං මතක් උනාම ඇඬෙනව.

      " මොකෝ?..මූණ නිකං දෙල් ගෙඩිය වගෙ?...පරණ ආතල් එකක්වත් මතක් උනාද?."

      ඔන්න අපෙ උන්දැ යමිං එමිං ගමන ඔහොමයි අහගෙන යන්නෙ...

      Delete
  19. මේ විදිහට ගියොත්නං බෙට්ට බොක්කට පහු බැහලා තමා නවතින්නේ

    ReplyDelete
    Replies
    1. බෙට්ටෙ වැඩේ ඉවරයි බොලව්...:)

      Delete
  20. තාමත් අර ළමයා වැසිකිලියෙමයි නේද ? අද යන්තම් පෝඩ්ඩක් ඉස්සරහට ගියා..

    බිඩේ ශවර් = රීපුහෝ නළය.

    මම හිතන්නෙ ඔය කියන ගුරුවරියව සම්මානයකට නිර්දේශ වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      අඩේ අම්මප කියාපං...රිපුහෝ නළය කියනවද ඒකට?

      අර මොකටෙයි ගුරුවරියට සම්මාන දෙන්නෙ?....මං වගෙ ගොබිලෙක් එක්ක ඉන්නවටද?...එහෙනං ඒ එක්කම මටත් සම්මානයක් දෙන්ට ඕන...හෙහ්, හෙහ්

      Delete
    2. හැක් හැක්.. දැනටනම් එහෙම කියන්නෑ.. අපි ඉතින් ඒක හඳුන්වා දෙමුකොහ්.. :D

      Delete
    3. සෙන්නත් ඒ පාර යස යස වචන හඳුන්වල දෙනව නෙ.. :D:D

      Delete
  21. Ela... Mama asawenma kiyawana Blogak... Kathawa adagena yamu... Jaya wewa!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..Wahiya Gayya..:)

      Delete
  22. අර කොලුවව කොමොඩ් එකේ දාලා වහල ආපු නිසා ඊ ලග කතාව එද්දි බෙට්ට ගිහින් තියේවි මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      කොමෝඩ් එකේ නෙවෙයි බාං..ටොයිලට් එකේ...:)

      Delete
  23. හෙ හෙ... කසාද බඳින්නත් බය හිතෙනව අෆ්ෆා... හෙ හෙ

    ReplyDelete
    Replies
    1. යසිත්,

      මේ පිස්සු කෙලින්න එපා බොල..බැඳපං ..බැඳපං....මෙව්ව ඔක්කොම ඇත්ත නෙවෙයි..සත්‍යය ඇසුරින් කල ප්‍රබන්ධ...බය නැතුව බැඳපං..

      ඒකෙ ආතල් එක තේරෙන්න බඳින්නම ඕන..අඩුම ගානෙ මොනව නැතත් ආත්මාරක්ෂක සටන් කලාව හෝ ගම හරහා දිවීම…... ඔය දෙකෙන් එකක ප්‍රාමාණික දර්ශකයෙක් ( Authoritative Exponent ) වෙනව අනිවාර්යයෙන්ම

      Delete
  24. මේ දවස්වල ගෙවල් පැත්තේ ඉන්ටර් නෙට් නැහැනේ ..මට ඒ ගැන නම් ෂුවර් . හදන්න කලින් මේ සිරිස් එක ඉවර කරන්ටෝ ...

    ඔය දිව රෝල් කිරිල්ල ගැන අලුත්ම ලිපි කියන්නේ අනිවාර්යයෙන් ඊළඟ පරම්පරාවට යාමක් වෙන්නේ නැහැ කියල. කෝ මේ බුර්ස් ..එයා දන්නවා ඇති මේ ගැන.

    හොඳම වැඩේ සැකයක් සාංකාවක් ඇත්නම් ජාන පරීක්ෂණයක් කොරන එක තමයි.

    බලන් ගියහම සඳා අක්කණ්ඩි ගෘහස්ත හිංසනයේ යෙදී ඇති බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / මේ දවස්වල ගෙවල් පැත්තේ ඉන්ටර් නෙට් නැහැනේ ..මට ඒ ගැන නම් ෂුවර් . /

      හෙහ්, හෙහ්, බොට ඇත්තම කියන්ට, ඉන්ටනෙට් කේස් එකක් නං නෙවෙයි..දැං ඉස්කෝල නිවාඩු කාලෙ නෙව..එවුන්දැ ගිහිල්ල දීර්ඝ චාරිකාවක්.. ඒකයි මේ දුම්මල වරම ගත්තැහෙ උඩ පැන පැන දෙන්නෙ...තවත් වැඩි කාලයක් එහෙම නෑ .හෙට අනිද්දම යන්ට වෙනව Deefensive Mode එකට...හෙහ්, හෙහ්,

      / ඔය දිව රෝල් කිරිල්ල ගැන අලුත්ම ලිපි කියන්නේ අනිවාර්යයෙන් ඊළඟ පරම්පරාවට යාමක් වෙන්නේ නැහැ කියල. /

      ඔව්, ඔබ හරි...දිව රෝල් කිරීමේ හැකියාව ජාන වලින් රැගෙන යන ලක්ෂණයකට වඩා වෙනත් පාරිසරික බලපෑම් මතත් රැඳී පවතිනවයි . කියලයි වර්තමානයෙ කියන්නෙ. ඒත් අපිට ඒ කාලෙ ඉගැන්නුවෙ අර විදිහටයි. මම හරියටම දන්නෙ නම් නෑ අදත් එහෙමම උගන්නවද කියල.

      / හොඳම වැඩේ සැකයක් සාංකාවක් ඇත්නම් ජාන පරීක්ෂණයක් කොරන එක තමයි. /

      ජාන පරීක්ෂණයකට යනවනෙ මැඩම් මාර වියදමක්..හරි එහෙම කලාම කියමු. ප්‍රතිපලය මොක උනත් වැඩක් තියද?...දරුව තමන්ගෙම කියල ඔප්පු උනොත් අනීවාරතේ වියදමක් කලා වෙනව. දරුව තමන්ගෙ නෙවෙයි කියල ඔප්පු උනොත් ඊළඟට?....දික්කසාද නඩුඅක් දාන්නයි වෙන්නෙ. ඒ නිසා මගේ අදහස නම් එහෙම ඩී.එන්.ඒ පරීක්ෂණයක් අවශ්‍යයයි කියන තැනට ආහම හොඳම වැඩේ ඒ පරීක්ෂණය නොකර කෙලින්ම දෙන්න වෙන් වෙන එක.

      / බලන් ගියහම සඳා අක්කණ්ඩි ගෘහස්ත හිංසනයේ යෙදී ඇති බවයි පෙනෙන්නේ. /

      හප්පච්චියේ මොනව කියනවද? මොනව කියනවද? එදා ඉඳලම..එදා ඉඳලම...නුවර තියෙනව Women against domestic violence කියල සංවිධානයක්..ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි කාන්තාවෝ......මමත් අවුරුදු දහයකට දොළහකට වගෙ ඉස්සර ඕකෙ රැස්වීමකට දවසක් ගියා කියමුකො. අප්පට සිරි ගෑණු පනහක් විතර..පිරිමියෙකුට මම විතරයි. සභාපතිනිය ඔන්න නැඟිට්ට රැස්වීමෙ වැඩ පටං ගන්ට

      " අපිට බොහොම සන්තෝසයි පලමු වරට අපේ රැස්වීමකට පිරිමියෙකුත් සහබාගි වෙලා ඉන්නව. ඔව්..මහත්මය කියන්න බලන්න කාන්තාවන්ට එරෙහි ගෘහස්ත ප්‍රචන්ඩත්වය පිලිබඳ ඔබගේ අත්දැකීම් සහ ඔබ ඇයි මේ අපේ රැස්වීමට සහබාගි වන්නට හිතුවෙ කියල කාරනා සම්බන්දව…"

      ඔන්න මම නැඟිට්ට.......

      " බොහොම ස්තූතියි මට අවස්තාවක් ලබා දීම පිලිබඳව. හැබයි පොඩි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයයි. මම මෙතනට ආවෙ කාන්තාවන්ට විරුද්ධ ගෘහස්ත ‍ප්‍රචන්ඩත්වය ගැන කතා කරන්න නම් නෙවෙයි, කාන්තාවන් විසින් සිදුකරන ගෘහස්ත ප්‍රචන්ඩත්වය ගැන කතා කරන්නයි. "

      අප්පට සිරි එච්චරයි මට කියන්ට හම්බ උනේ..ඒ ගෑණු ටික ඔක්කොම වටවෙලා මාව මරන්ට හැදුව නෙව..යංතං අර ආඳා වගෙ ලිස්සල යන න්‍යාය ( ඒ න්‍යායට හොඳ නමක් තියනව ..මට දැන් මතක නෑ...මම හිතන්නෙ බූරාස් දන්නව ඇති ) ප්‍රගුණ කරල හිටපු නිසා ඔලුවෙ තියන කෙස් ගස් දෙක තුන බේරගෙන එතනිං පැනල ආව.

      Delete
  25. අනේ අම්මප මෙහෙමත් කටක්... අර ළමයින්ට පොඩි කලේ ගානවා කියන්නේ "රන් කිරි" නේද..?? ඔයාට මොනවද ගාලා තියෙන්නේ රවී..??
    තනියම හිනා වේවි කියවනකොට අනිත් අය computer එකට ඔළුව දාලා බලලත් යනවා අනේ..
    ලස්සනයි..!!!!

    ReplyDelete
    Replies
    1. සඳා,

      රන්කිරිය කියන්නෙ මැඩම් රත්තරං උරච්චි කරපු වතුර එළදෙනෙකුට බොන්ට දීල ඒකිගෙං ගත්ත කිරි උණු කරල පොවන එකට...හෙහ්, හෙහ්,

      මට රන්කිරි කටගාන්ට යද්දි ඔය ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්ට බැරිවෙලා..ඒ පාර කරල තියෙන්නෙ ජොනී වෝකර් ගෝල්ඩ් ලේබල් අරික්කාලක් විතර කිරිත් එක්ක මික්ස් කරල මට පොවන එක....හෙහ්, හෙහ්,

      බොහොම ස්තූතියි සඳා....:)

      Delete
  26. ලේ ඩිංග පිරිසිදු කෙරුවට ඉස්තුතියි ඈ.. :)

    ReplyDelete
    Replies
    1. ලේ පිරිසිදු කරගත්තට ඔබටත් ස්තූතියි චන්දන....:)

      Delete
  27. කතාව ඇතුලෙ නිදර්ශන කතා තුනයි. අර දිව රේල් කිරිම නම් ඩීඑන්එන් පරීක්ෂනේට වඩා දරුණු වෙයි . බැරිවෙලාවත් වැරදුනොත් වැඩේ හබක්.

    ජන වහර (ගැමි වහර) සහ පුර වහර, ගත්වහර ලේඛන කලාවෙදි හරිම වැදගත් ලේඛකයෙකුට එයින් බස ගැන දැනුමත් ඒ බස භාවිතා කරන ජන සමාජය පිළිබඳව ඇති දැනුමත් ඉබේම අඳුන ගන්න පුළුවන්.

    මම එහෙම කිව්වේ ඔබේ ජන වහර රජරටට ආවේනික බසක් නිසා මට පුදුම ඔබ රජරට කෙනෙක් නොවී කොහොමද මේක මේතරම් රසට හසුරවන්නේ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. දයා,

      මගෙ බාසාව නම් දයා හෙණ අච්චාරුවක්..හෙහ්,හෙහ්...මුලිම්ම මම හිටියෙ කෑගල්ලෙනෙ ඒ නිසා එහෙ බාසාව..ඊළඟට මයෙ අත්තම්ම එක්ක පොඩි කාලෙ හැදුන නිසා උන්දැගෙ බාසාව…

      අපෙ අප්පච්චි දකුණෙ...උන්දලයෙ ගමේ මම වැඩිපුර නොගියට ගිය හත් අට ගමන එහෙ බාසාවත් අල්ල ගත්ත හින්නිකිතර...ඊට පස්සෙ අනුරාදපුරේ හිටිය අවුරුදු දහයකට කිට්ටු වෙන්ට..පොළොන්නරුවටත් එහා රස්සාව කලා අවුරුදු ගානක්..ඔය ඔක්කෝටම මම කියවපු පොත් වලිනුත් වචන එකතු උනාම...හෙහ්,හෙහ්...

      Delete
  28. රවි
    පරන ඒවා කියවනකොට දැක්කා නාලන්දෙට ගිය බව.කොයි කාකෙද හිටියෙ මොන සෙක්ශන් එකේද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...