Tuesday, September 29, 2015

354. The Story Of My Marriage - 7 - She moved into my room & brought her sweet smile and...............

Painting - Raymond Leech
තත්පර තුනක කාලයකට සීමාවූ යන්තමින් තොලට තොල ගැටුනු ඒ සමාරම්භක සිපගැනීමෙන් අනතුරුව " ආයම මොකවත් බලාපොරොත්තු වෙන්ට එහෙම එපා ඔන්න. මම මේ බොහොම පැහැදිලිව කියන්නෙ.." යැයි ඇය මට එකහෙලා පැවසූවද මනුෂ්‍ය වර්ගයා ද අනෙක් සියලුම සත්ව වර්ගයන් සේම තම පැවැත්ම උදෙසා කළ හැකි සියල්ල කිරීමට ස්වභාවයෙන්ම හැඩගැසී ඇත. ඕනෑම සත්ව වර්ගයක අනාගත පැවැත්ම රඳා පවතිනුයේ හුදෙක් ගැහැණු සහ පිරිමි සත්වයින් අතර සිදුවන කායික සබඳතා මඟිනි. මේ සනාතන ධර්මතාවයට විරුද්ධව උඩුගං බලා පිහිනීමට අනන්‍යාට කොතෙක් අවශ්‍යවූවද, ඒ සඳහා ඇය කෙතරම් තහනම් නියෝග පැනවූවද අවසානයේ අනාදිමත් කාලයක සිට අනිවාර්යයෙන්ම සිදුවන පරිදි ස්වභාව ධර්මයා ජයග්‍රහණය කළේය.

සත්‍ය වශයෙන්ම ස්වභාව ධර්මයා එසේ කිරීමට කිසිදු උත්සාහයක් නොදැරූවා වුවද, අනන්‍යා වන් රූමත් එලෙසින්ම මේ ඉර හඳ යට පවතින සෑම දෙයක් පිළිබඳවම තමන්ගේම වූ ස්වාධීන අදහස් දරන්නාවූ යුවතියක සහ ඈ වෙත බැඳුනු ප්‍රේමයෙන් මුසපත්වූ මා වැනි තරුණයකු අඩි දොළහ දොළහ ප්‍රමාණයේ කුටියක හුදකලාව දිනකට අවම වශයෙන් පැය හතරක කාලයක් සූක්ෂම ආර්ථික විද්‍යාව වන් නීරස විෂයයක් හදාරද්දී එවන් ගිණි පුළිඟු ජනනයක් අනිවාර්යයෙන්ම බොහෝ කඩිනමින් සිදුවිය යුතුමය.

" මම මේ පළවෙනි පාරට මෙහෙම දෙයක් කළේ…" ඇඳෙහි විට්ටමට කොට්ටයක් තබා ඊට හිසතබාගෙන හුන් ඈ සුරත ඔසවා ඇගේ මවගේ ඡායාරූපය දෙසට දබරැඟිල්ල දිගු කලාය. මගෙ අම්ම දැනගත්තොත් එහෙම පිස්සු වැටෙයි. " 

" අපි මේ වැඩේ කරද්දි ඔය ෆොටෝස් ටික ගලවල පැත්තකට දාන්ට ඕන. ඔයාලගෙ පවුලෙ කට්ටියගෙ ඔය ෆොටෝස් දකිද්දි මගෙ ඇඟ හිරිවැටෙනව. " 

අනන්‍යා හඬනගා සිනාසුණාය." ඔයාගෙත් මේ පළවෙනි පාරද?" 

" මම කැමති නෑ ඒ ගැන කතා කරන්න." 

" ඔයාට IIT එකේදි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? " ඇය විමසූයේ ඇඳෙහි හිඳගෙන ඇය මද වේලාවකට ප්‍රථම හැඳසිටි ටී ෂර්ටය අතට ගනිමිනි. මම ඉවත බලාගෙන නිශ්ශබ්දව පසුවුනෙමි. 

" දෙයියෝ සාක්කි, ඒ කියන්නෙ ඔයා එහෙදි කොල්ලෙක් එක්ක වත්....." ඇගේ දෙබැම ක්‍රමයෙන් ඉහල ගියේය. 

" පිස්සුද හලෝ? …." මම මොරගැසුවෙමි. " ඔයත් මහ පුදුම ප්‍රශ්නනෙ අහන්නෙ? මම එහෙම සම ලිංගික කෙනෙක් නම් ඔයත් එක්ක...." මම ඉතිරිය ගිලගෙන ඇය දෙස විදහාගත් දෙනෙතින් බලා සිටියෙමි.

" ආ...එහෙම ඔය දෙකම කරන කට්ටිය ඔය කොච්චරවත් ඉන්නෙ..අනික මම අහල තියනව IIT එකේ රැග් එකේදි කොල්ලන්ට බොහොම නරක විදිහෙ දේවල් කරනව කියල." 

එවර මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. " මේ පිස්සු විකාර කියවන්ට එපා අනන්‍යා. මට එහෙදි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. " 

" ආ..ඔය එන්නෙ එළියට…" ඇය මදෙස බලාගත්වනම ඇසිපිය ගැසුවාය. " මොකද මෙච්චරකල් මට ඒක කිව්වෙ නැත්තෙ? " 

" කියන්ට ඔයා ඇහුවය? අනික මම කොහොමත් ඒ ගැන කතා කරන්ට කැමති නෑ.ඒ එෆෙයාර් එක මම IIT එකෙන් අයින් වෙනකොටම ඉවර වුනා.දැං අවුරුදු දෙහෙකටත් කලිං…" 

" ඒ මොකෝ එහෙම වුනේ? කවුද එයත් ඔයාගෙ ක්ලාස් එකේමද? " 

" නෑ අපේ ප්‍රොෆෙසර්ගෙ දුව…" 

" අප්පටසිරි...මෙයත් ලේසි නෑ එහෙනං?..හිහ්..ප්‍රොෆෙසර්ගෙ දුව ඈ? නරකම නෑ වැඩේ " ඇගේ මුවග සිනහවක සේයාවක් වූවද ඒ සිනහව දෙනෙත්හි දක්නට නොවීය. " එයා ලස්සනයිද? ම්ම්..මේ මටත් වඩා? "

මම අනන්‍යා දෙස නොපහන් බැල්මක් හෙලා නැඟී සිටියෙමි. ගැහැණුන් එකිනෙකා මැනීමෙහිදී රූප ලාවණ්‍යයට පිළිබඳව මෙතරම් වැදගත් කමක් දෙන්නේ මන්ද යන්න මට කිසිදා වටහා ගත නොහැක.

" ඔය දෙන්නම එක වගේ. " 

" එක වගේ??? …." 

" හරි, හරි, ඇත්තටම ඔයා එයාට වඩා ලස්සනයි. " එවන් ප්‍රශ්ණයක් අසන යුවතිය අනිවාර්යයෙන්ම වඩා රූමත් විය යුතුය. එලෙස නොවූවද ඇය බලාපොරොත්තු වන්නේ ඒ පිළිතුරය. එබැවින් ඔබ එලෙස පැවසිය යුතුය.

" තෑන්ක්ස්…" ඇඳ අසල බිම තිබූ ඇගේ කලිසම ගෙන හැඳගන්නා අතර ඇය පැවසුවාය." කොහොමද ඒ එෆෙයාර් එක නැවතුනෙ? " 

"  එයාගෙ තාත්ත මම එක්ක කතා කරල පොඩි එකඟතාවයකට ආව. " 

" තාත්ත එක්ක? හිහ්.. ඒ මොකක්ද තාත්ත එක්ක කතා කර ගත්තු එකඟතාවය? එයා ඔයාට සල්ලි ගොඩක් දුන්නද? නැත්තං බ්ලෑන්ක් චෙක් එකක්වත් දුන්නද අර සමහර ෆිල්ම්ස් වල තියනව වගේ? " 

" මොන විකාරද? එහෙම සල්ලි ගනුදෙනුවක් වුනේ නෑ. ප්‍රොෆෙසර් මට ප්‍රශ්ණයක් නැතුව උපාධිය ගන්න ඉඩ දුන්න. ඇත්තටම එහෙම නොවුනනම් මට මෙහෙට ඇතුල්වෙන්ට ලැබෙන එකක් නෑ. ඒ වුනාට එහෙම උදව් කරල ප්‍රොෆෙසර් බලාපොරොත්තුවුනේ මම එයාගෙ දුවගෙ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙයි කියල. එහෙම කෙලින්ම නොකිව්වට ඒ ගනුදෙනුවෙ කොන්දේසි එහෙම තමයි.ඉතිං මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මම එහෙම කලා. එයාගෙ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් වුනා. " 

ඇය මහාචාර්යවරයාගේ දියණිය, මගේ හිටපු පෙම්වතිය මතකයට නැඟෙනා විට සුපුරුදු පරිදි මගේ ළයෙහි යමක් සිරවන්නාසේ මට දැනිනි. කෙතෙක් කලක් ගතවුවද කලක් පෙම්කල යුවතියක ඔබට කිසිදාක සම්පූර්ණයෙන් සිතින් අකා මකා දැමිය නොහැක.ඒ මතක සිතෙහි කොණක තැන්පත්ව සදාකල්ම රැඳී තිබෙනු නිසැකය.මෙසේ කිසිවකු හෝ ඒ මතක ඇවිස්සූ සඳ ඒ යලි හද මතුපිටට ඉපිල එනුයේ සිත කීරිගස්වමිනි.

" මේ ඒ ගැන දැන් ඇති නේද කතා කලා? " සුසුමක් හෙලමින් මම ඇසූයෙමි. 

" එයා දැන් කොහෙද? තාම ඉගෙන ගන්නවද? " 

" නෑ..  ප්‍රොෆෙසර් ඒ දවස්වලම අමරිකා ගියා MIT එකේ හොඳ තනතුරක් හම්බ වෙලා. " 

( MIT යනු Massachusetts Institute of Technology නොහොත් මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයයි. එය අමරිකා එක්සත් ජනපදයේ අග්‍ර ගණ්‍ය තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ලෙස සැළකේ. )

" ඉතිං ඊට පස්සෙ? " 

" එයාත් එහෙ ගියා තාත්ත එක්ක.එහෙදි එයාට හම්බවුනා එහෙ ඉගෙන ගන්න අපේ රටේම කෙනෙක්. බොහොම දක්ෂ Software Programmer කෙනෙක්. මාස හයකින් දෙන්න එන්ගේජ් වුනා.අවුරුද්දක් ගියේ නෑ කසාද බැන්ද. එතනින් එහාට මම මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ එයා ගැන. දැන් නම් ඒ ගැන විස්තර හොඳටම ඇති. මම දන්නව විනාඩි දහයකට ඉස්සෙල්ල අපි දෙන්න කොහොමද හිටියෙ කියල..හෙහ්..එහෙම හිටිය වුනත් මම හිතන්නෙ මටත් තියෙන්න ඕන එක්තරා දුරකට පෞද්ගලිකත්වයක්. " 

" හරි මම එකඟයි. ඒත් මම මේ ගැන මෙච්චර අහන්නෙ ඔයා එයා ගැන තවම හිතනව නම් ඒක මට ප්‍රශ්නයක් වෙන හින්දයි…. එහෙමනම් ඒක මට බලපානව." 

" නෑ මම දැන් එයා ගැන හිතන්නෙ නෑ.ඇත්තම කිව්වොත් එයාව මගෙ හිතෙන් අයින් කරන්ට මට සෑහෙන කාලයක් ගියා. හැබැයි දැන් එව්ව ඔක්කොම ඉවරයි." 

" ඔයා එයාට ඇත්තටම ආදරේ කලාද? " 

" ඔව්, ඇත්තටම මම එයාට ආදරේ කලා. ඒ හින්දම එයාගෙ තාත්තට එකඟවෙලා ඒ සම්බන්ධෙ නවත්තපු එක ගැන මම පස්සෙ හුඟක් පසුතැවිලි වුනා. ඇත්තටම මට ඒ වෙලාවෙ එයාගෙ තාත්තට විරුද්ධ වෙන්න ධෛර්යයක් තිබුනෙ නෑ. " කෙස් අතරින් අතැඟිලි යවා හිස පිරිමදිමින් මම පැවසුවෙමි.

" හරි දැන් අපි ඔය කතාව නවත්තමු. ආයම ඒ ගැන කතාකරන එකේ කිසිම තේරුමක් නෑ. " මගේ පියා සහ මගේ පැරණි පෙම්වතිය පිළිබඳ කිසිවකු හෝ සමඟ කතාබහ කිරීම මම අත්‍යන්තයෙන්ම අප්‍රිය කළෙමි. 

" හරි අන්තිම ප්‍රශ්නෙ.. එයා දකුණු ඉන්දියානු කෙනෙක් නේද? " 

" ඇත්තටම ඔව්, ඔයා කොහොමද හරියටම එහෙම අනුමාන කලේ? " 

" තාත්ත IIT හිටිය කිව්ව. පස්සෙ MIT ගියාය කිව්ව. එයා බැන්දෙ Software Programmer කෙනෙක්ය කිව්ව. ඉතින් ඔය ඔක්කොම එකතු කලාම මට ඒ හැටි අමාරුවක් වුනේ නෑ හරියටම අනුමාන කරන්න. " ඇය සිනහසෙමින් පැවසුවාය.

හිත සැහැල්ලු කොට ගැනීම උදෙසාම මම හඬ නඟා සිනාසීමි.

" මගෙ අම්මයි තාත්තයි දෙන්නත් බොහොම සාම්ප්‍රදායික කට්ටිය." ඇය නැඟිට මට පිටුපා සිට විදුලි කේතලයට ජලය පුරවා එහි ස්විචය ක්‍රියාත්මක කලාය.

" ඉතිං? මොකෝ ඔයා හිටපු ගමන් එහෙම දෙයක් කිව්වෙ?...අපි තවම කසාද බඳින්ට කියල කතා කරල වත් නෑනෙ. " අනන්‍යා වහා ආපසු හැරී මදෙස බලා සිටියාය. මවිසින්  වැරදි යමක් පැවසිණිදැයි මම කල්පනා කළෙමි. නැත. මම පැවසූයේ සත්‍යයයි. එහෙත් සත්‍යය පවා පැවසිය යුත්තේ සුදුසු අවස්ථාවෙහිදී බවද ඒ හා සමඟම මසිතට නැඟුනි.

" ඇයි අනේ මම මොනව හරි වැරදි දෙයක් කිව්වද? " තවත් ඇගේ බැල්ම ඉවසනු නොහැකිව මම ඇසූයෙමි.

" නෑ, නෑ, ඔයා හරියටම හරි, අපි යාළුවො විතරයිනෙ.හරි හරි..යාලුවො කියන්නෙ... අවශ්‍ය වෙලාවට එතනින් ටිකක් විතර එහාට යන්ට පුලුවන් යාලුවො. Friends with benefits එහෙම නැත්නම් Fuck buddies…. එහෙම කිව්වොත් හරි නේද? " ඇය දැඩි ආවේගශිලී ලෙස කියවාගෙන ගියාය. 

පිරිමියකු සහ ගැහැණියක අතර ඇතිවන්නාවූ සම්බන්ධයක ප්‍රමුඛස්ථානය හෝ බලපෑම් කිරීමේ හැකියාව ලිංගික සබඳතාවයෙන් අනතුරුව වහාම ගැහැණිය වෙතින්  පිරිමියා වෙත මාරුවන අන්දම ඇත්තෙන්ම විශ්මය ජනක බව මම කල්පනා කළෙමි. 

" අනන්‍යා..අනේ..මේ………." 

ඇය ඇතක් ඔසවා මා වැළැක්වූවාය. " සොරි සොරි, මම මොනව කියනවද කියල මමවත් දන්නෙ නෑ. ඒ කතාව අල්ලල දාමු. ආ..මේ තේ එක බොන්නකො " 

ඇය දුන් තේ කෝප්පය සෙමෙන් පානය කරමින් මම කල්පනා කරන්නට වූයෙමි.. ඇය හා ආලිංගනය කෙතරම් ආශ්වාද ජනක වුවද අප අධ්‍යාපන කටයුතු අඩාල කරගත යුතු නොවේ. 

" අපි අර මිනිස් අයිතිවාසිකම් කේස් එක පොඩ්ඩක් ඇනලයිස් කරල බලමුද? එතන තියෙන්නෙ හෝටලේක සිද්ද වෙන වැඩ වර්ජනයක් ගැන." 

අනන්‍යා ඉවත බලාගෙනම හිස වනා එකඟත්වය පළකලාය. ඇගේ සිත පෑරුණු සිත සමනය කරනු වස් කුමක් පැවසියයුතුදැයි මම දෑස් තදින් පියාගත්වනම කල්පනා කළෙමි. 

" මම ඔයාට ආදරෙයි…." මම පැවසූයෙමි.

ඇය උකුල මතවූ තමන් කියවමින් හුන් පොත ප්‍රවේශමෙන් වසා මේසය මත තබා හිස සෙමින් ඔසවා මදෙස බැලුවාය." ඇත්තටමද?.............." ඇගේ ඇස් තෙත්වන්නට වූ හෙයින්දෝ ඕ දෙතුන් වරක් වේගයෙන් ඇසිපිය ගැසුවාය. 

" ඔව්...අනන්‍යා....ඇත්තම ඇත්ත. " 

" ඔයා ඔහොම කියන්නෙ මාව ෂේප් කරගෙන ආයම පාරක් අර වැඩේට ලෑස්ති වෙන්ට එහෙම නෙවෙයිනෙ නේද? " ඇය රැළි කොටගත් දෙබැමින් යුතුව විමසුවාය. 

මට එක්වරම සිනහ පහළ විය. " නෑ..නෑ.. එහෙම නම් නෙවෙයි...ඒත් ඔයා කියන්න හදන්නෙ……" 

" නෑ..නෑ...නෑ මම කිසීමදෙයක් කියන්න හැදුවෙ නෑ..මේ..ඔහෙගෙ හිතේ තියෙන්නෙ ඒ ගැන විතරක්ද හැබෑටම.. ඈ? " 

" අපි දෙන්නා එකට පාඩම් කරන්නෙ,එකට කන්නෙ බොන්නෙ,එකට ඇවිදින්න යන්නෙ ,පංතියෙ ඉඳගෙන ඉන්න ගමනුත් ඔයා මා දිහා බලනව මම ඔයා දිහා බලනව කොයි වෙලෙත්, ඇත්තම කිව්වොත් අපි දෙන්න වෙන්වෙලා ඉන්නෙ නිදාගන්න වෙලාවෙයි ටොයිලට් යන වෙලාවෙයි විතරයි..ඒකෙන් කියන්නෙ.." මම මදකට කතාව නවත්වා ඇය දෙස බලා සිටියෙමි

" ඔව්..ඉතින්?...මොකක්ද ඒකෙන් කියන්නෙ? " ඇය ඇසුවාය.

" මම ඔයාට ආදරෙයි, ඒකෙන් කියන්නෙ ඒකයි..වෙන කෙහෙම්මලක් නෙවෙයි...ඇයි ඔය ඔලු ගෙඩියට ඒ ටික තේරෙන්නෙ නැත්තෙ? " මම මොර ගැසුවෙමි.

" අන්න ඒ පාර හොඳයි " ඇය ප්‍රීතියෙන් සිනාසෙමින් හිස ඉහළ පහළ සොලවන්නට වූවාය. " ඒ පාර බොහොමත්ම හොඳයි, මට දැන් ඔයා කියන එක විශ්වාස කරන්ට පුලුවනි. ඔහොම බෙරිහන් දීල කියනවයි කියන්නෙ ඒක ඔයාගෙ පපුව ඇතුලෙන්ම එන දෙයක්..බොහොම හොඳයි, බොහොම හොඳයි.." ඇය දිගටම හිස සොළවමින් සිනාසෙන්නට වූවාය.

" මතකද අපි පොඩි දවස්වල ම්ම්ම්..තුනේ පන්තියෙ වගෙ ඉද්දි උදේම පන්තිය පටන් ගන්ට ඉස්සෙල්ල ඔක්කොමල කෑගහල කියන්ට ඕන මම හොඳ ළමයෙක් වෙමි, මම හොඳ ළමයෙක් වෙමි, මම හොඳ ළමයෙක් වෙමි කියල  තුන් පාරක් යටිගිරියෙන්.ඔයාට මතකද? " 

" මට මතක නෑ..අනික මතක තියෙන්ට මම එහෙම කෑගහන්ට එපාය. මම එහෙම කෑගැහුවෙ නෑ.." මම නොමනාපයෙන් පැවසූයෙමි. " හරි ඒක පැත්තක තිබ්බාවෙ. මොකක්ද ඔයා මේ කියන්ට හදන්නෙ? " 

" මම කියන්ට හදන්නෙ අපිට ඒ කාලෙ කිව්ව එහෙම යම් දෙයක් කෑගහල කිව්වම ඒක හොඳට හිතේ ධාරණය වෙනවයි කියල." 

" ඉතින්? " 

" ඉතින් මම කියන්නෙ ඒ කතාවෙ ප්‍රතිලෝමයත් ඇත්ත. කෑගැහුවම හොඳට හිතේ හිටිනව වගේම හිතේ තදින්ම තියෙන දේ තමයි කෑගහල කියවෙන්නෙ. ඉතින් මගෙ අවසාන තීරණය ඔයා මට ඇත්තටම ආදරෙයි කියල මම පිළිගන්නව. " 

" හ්ම්ම්ම්.. යන්තම් ඇති...හරි..හරි..ඒ මොක වුනත් මා ගැන විශ්වාසය තියපු එකට ස්තූතියි. දැන් මා ගැන ප්‍රශ්නෙ හරිනෙ.දැන් ඔයා මොකද කියන්නෙ? ඔයත් මට ආදරේද? " 

" ම්ම්ම්ම්..ඒ ගැන මම තව ටිකක් හිතල බලන්ට ඕන.." 

" මක් කිව්වා? "

" නෑ මෙහෙමනෙ..මම ඔයාව අර වැඩේ කරගන්ට විතරක් යොදාගන්නව වෙන්ටත් පුලුවනි නේද? මේ..එහෙමමයි කියලම නෙවෙයි ඔන්න….මම කියන්නෙ එහෙම වෙන්ට බැරිකමකුත් නෑනෙ…" 

" මොකක්? …" ඇයට ආදරේයයි පැවසූ අයුරෙන්ම මම යලිත් මොර ගැසුවෙමි.

ඇය හඬනඟා සිනාසුනාය. මගේ අතට අසුවූයේ කොට්ටයක් පමණි. මම එය ඇය වෙත දමා ගැසීමි.

" මම කිව්වනෙ . මට ඒ ගැන තව ටිකක් හිතන්ට ඕන…." ඇය යලිත් පැවසුවාය.

මම ඔයාට ආදරෙයි කියා කිසිම විටක වචනයෙන් නොපැවසූ නමුදු ඊට සතියකට පමණ පසු දිනෙක අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය පැමිණ මගේ කුටියෙහි ස්ථිරව පදින්චි වූවාය.රාත්‍රියට අවශ්‍ය ඇඳුම් කිහිපයක් දැමූ කුඩා ගමන් මල්ලක්ද පිටේ එල්ලාගෙන ඈ එසේ පැමිණි පළමුදින මම මහත් වික්ෂිප්තභාවයකට පත්වීමි.මෙවන් ක්‍රියාවකින් ඇතිවියහැකි ආන්දෝලනයට අමතරව ටෙස්ටස්ටරොන් හෝමෝනයෙන් සංතෘප්ත තරුණයින් විසිදෙනෙක් නිවැසි පිරිමි නේවාසිකාගාරයක වසන එකම යුවතිය බවට ඇය පත්වනු දකින්නට මට කිසිසේත්ම අවශ්‍ය නොවීය. එහෙත් මගේ කුටියට ඈ පැමිණීම වෙනුවට ඇගේ කුටියට මට පැමිණිය හැකියැයි මම යෝජනා කලද ඈ එය ප්‍රතික්ෂේප කලාය.

" ඒ මොකටද? මට මෙහෙ හොඳයි …" ඇය පැවසූයේ එපමණකි.

මගේ සැක සංකා එසේම තිබියදී වුවද ඇය මා හා වාසයට පැමිණීම මගේ ජීවිතයට මරු කතරක දාහයෙන් පීඩිතව වූ මගියකු ලද සිසිල් පැන් දෝතක් බඳුවිය.ඇය පමිණියේ හිස් අතින් නොවේ. ඇගේ විදුලි කේතලය, මැගී ක්ෂණික නූඩ්ල්ස් පිළියෙල කිරීමට ඈ තුල වූ දක්ෂතාවය හා සමඟ ඇගේ පියකරු සිනහව ඇය පැමිණෙන විට රැගෙන ආවාය.ඒ සමඟම මගේ ජීවිතයටද යම් සංවිධානාත්මක බවක් නිතැනින්ම එක්විය. ගැහැණියක ඔබේ ජීවිතයට ඇතුළුවන්නේ යම් විනයක් සහ නිශ්චිත කාර්ය පටිපාටියක් ද සමඟය.

හිමිදිරියේ මම අවදිවීමට පැය භාගයකට පළමු ඇය අවදිවන්නීය. කඩිමුඩියේ මීටර් සීයකට පමණ එපිටින් පිහිටි ඇගේ නේවාසිකාගාරයට දුවන ඈ එහිදී ස්නානය කිරීමෙන් අනතුරුව හැඳ පැළඳගත් ඉක්බිති භෝජනාගාරයට පැමිණෙන්නීය. ඒ වනවිට මම ද ඇය අපේක්ෂාවෙන් භෝජනාගාරයට පැමිණ සිටින්නෙමි. 

" ක්‍රිෂ්.. මේක ඔයාගෙ අද එසයින්මන්ට් එක. මේක මගේ එක. ආ..මේ මගෙ ප්‍රස්ථාර වගු සටහන්..ම්ම්ම්ම්..මේ ටික මගෙ.." පෙරදින රාත්‍රියෙහි අප විසින් අවසානකල පැවරුම් සහ අද දින අධ්‍යයන කටයුතු උදෙසා අවශ්‍ය සටහන් ඇය ප්‍රවේශමෙන් තෝරා වෙන් කරන්නීය. අනතුරුව අපි දේශනාගාරය බලා අත් පටලාගෙන යන්නෙමු.

දේශණාගාරයෙහිදී මා අසල හිඳ සිටින කන්‍යාශ්‍රී ඒ සඳහා එකඟ වුවහොත් අනන්‍යා ඇය හා ආසන මාරුකොටගෙන මට යාබද අසුනෙහි හිඳගන්නීය. කන්‍යාශ්‍රී මේ ආසන මාරුව උදෙසා එකඟවීම හෝ නොවීම රඳාපවතිනුයේ හුදෙක් ඇගේ එදින චිත්ත ස්වභාවය අනුවය.ප්‍රීතිමත් සිතකින් පසුවන දිනයන්හි ඕ ස්වේච්ඡාවෙන්ම මේ ආසන හුවමාරුව උදෙසා ඉදිරිපත් වූවාය. කන්‍යාශ්‍රීගේ චිත්ත ස්වභාවය එතරම් යහපත් නොවූයේවී නම් අපි අපේ සුපුරුදු අසුන් වලම හිඳ දේශණය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුල එකීනෙකා දෙස බලා සිටින්නෙමු. මගේ වම්පසින් හිඳහුන් මොහිට් පස් කට්ටුව අපගේ මේ ප්‍රේමාන්විත හැසිරීම පළමුව මහත් ආශ්වාදයෙන් සහ උනන්දුවෙන් නැරඹූ නමුදු කාලයාගේ ඇවෑමෙන් ඔවුනටද ඒ නොවැදගත් සාමාන්‍ය කරුණක්ම විය.පසු කලෙක ඔවුන් අප දෙස හොරැහින් හෝ බලන්නට වූයේ දේශණය අසා ඉන්නට නොහැකි මට්ටමට නීරස වූ විටය.

අනන්‍යා දිනපතා මගේ කුටියෙහි රාත්‍රිය ගතකිරීම පළමුව යම් තරමක ආන්දෝලනයකට තුඩු දුන්නේය. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවන්හි සිදුවන පරිදි මම රොමියෝ හෝ කැසනෝවා වන් පුද්ගලයෙකු ලෙස සන්නාම ලත් අතර අනන්‍යා ආදරය වෙනුවෙන් සියල්ල කැපකිරීමට සූදානම්වූ අඥාණ ස්ත්‍රියක සිට කාමයෙන් අන්ධවූවක තෙක් වූ විරුදාවලි කීපයකට හිමිකම් කීවාය.

( රූමත් කාන්තාවන් වශීකොට ගැන්මෙහිලා සහජයෙන්ම දක්ෂතා දක්වන පුරුෂයින් රොමියෝ හෝ කැසනෝවා යන අපර නාමයන් ගෙන් හඳුන්වනු ලබයි.රොමියෝ යනු ෂේක්ස්පියර්ගේ සුප්‍රසිද්ධ රෝමියෝ - ජුලියට් නාට්‍යයෙහි ප්‍රධාන චරිතය වන අතර කැසනෝවා යනු 18 වන සියවසේ ඉතාලියේ විසූ ස්ත්‍රී ධූර්තයකු ලෙස චිර ප්‍රසිද්ධ ගියාකොමෝ කැසනෝවාය. )

අපහාසාත්මකව හෝ උපහාසාත්මකව ඇය හැඳින්වීමට යෙදෙන විරුදාවලීන් පිළිබඳව අනන්‍යාට කිසිදු හැඟීමක් හෝ කල්පනාවක් නොවීය. සත්‍ය වශයෙන්ම ඇය ආදරය වෙනුවෙන් සියල්ල කැපකිරීමට සූදානම්වූ අඥාණ ස්ත්‍රියක වන්නට ඇත. 

දේශණාගාරයේ දේශණ පැවැත්වෙන අතර වාරයේ පවා මවෙත අතින් ලියන ලද පණිවිඩ අඩංගු කඩදාසි කැබලි එවීම ඇගේ පුරුද්දක් විය. 

" මට ඔයා නැතුව හරිම පාළුයි.මම මේ ලෙක්චර් එක ඉවරවෙන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ ඔයාට තුරුල් වෙලා ඔයාගෙ නළල ඉඹින්න " එම පණිවිඩය සඳහන් කඩදාසිය මවෙත පැමිණියේ අංකූර්, අනූප්, බිපින්,භූපින්,භානු, තවත් සිසුන් සිසුවියන් දස දෙනෙක් සහ අවසානයේ කන්‍යාශ්‍රී හරහාය. අප දෙදෙන එකම කුටියක දවසේ අවම වශයෙන් පැය දහහතරක් එකට ජීවත්වන්නෝ වෙමු. එහෙත් දේශණාගාරයේ පේලි හයකට ඔබ්බෙහි සිට ඇය මා නොමැතිව පාළු බව පවසා සිසුන් සිසුවියන් දහසයදෙනෙකු හරහා පණිවිඩ එවන්නීය. 

" මේ.. ඔය වගෙ එව්ව ලියල පණිවිඩ එවන්ට එපා. කවුරුහරි ඔව්ව දිගඇරල බැලුවොත් එහෙම මේකෙ වසල හමාරයි " මම ඇයට පිළිතුරු වශයෙන් ලියා යැවීමි. 

" ඔයා නම් මහ බුම්මට්ටෙක්. කිසිම වැඩකට නැති මූකලං බස්සෙක්…Actually you are no fun at all...." කට විරවාගත් අඬන මුහුණු රැසක්ද සමඟ ඈ මට පිළිතුරක් එව්වාය. ඒ පණිවිඩය බිපින් මවෙත ලබා දුන්නේ යම්තමට සිනහසෙමිනි. 

" මේ අම්මණ්ඩි එක්ක නම් බෑ මේ රාජ්ජෙ කොරන්ට " තොල් තදින් පියාගනිමින් මම මටම එසේ පවසා ගතිමි.

97 comments:

  1. ඇත්තම කියුවොත් මටනම් දිලීපගේ ට්‍රාන්ස්ලේෂන් එකට වඩා මේක හිතට වදිනවා....

    ReplyDelete
  2. මචං රවී. අර යෙදුම මම නම් දන්නේ එක්කෝ fuck buddies කියලා, නැතිනම් friends with benefits කියලා. අරෙහෙමත් පාවිච්චි කරනවද? ඒකෙ කැත බං! මං වගේ ඩීසන්ට් පොරකට කියවගන්නත් අමාරු වුනා.

    ReplyDelete
    Replies
    1. fucking assholes කියලනම් අහල තියෙනවා ඕන්.. අපි ට්‍රේනින් කාලේ අපිට කතා කරේම එහෙම..

      Delete
    2. හෙන්රි,

      අඩේ එහෙමද? උඹ ඔහොම කියන්නෙ භගට්ගෙ පොත කියවල එහෙම නෙවෙයි නේද? මොකද ඒකෙ තියෙන්න ඔය උඹ කිව්ව දෙක ඒ කියන්නෙ එහෙම යෙදුම් දෙකක් ඉන්ගිරිසියෙ තියනව. මම ඒක දැනගෙන හිටියෙ නෑ. ඒ හින්දයි මම අරම එකක් දැම්මෙ. ස්තූතියි මචන්...වරද නිවරද කලෙමි ...:)

      Delete
    3. @රවී. මචෝ නිකං පොර වෙන්න කිව්වා නෙවෙයි. මම එහෙමයි අහලා තියෙන්නේ. ඒකයි. උඹේ නිහතමානිත්වයට හිසනමා ආචාරකරනවා.

      @කල්‍යාණ මිත්‍රයා: අඩෝ උඹ කියන්නෙ වෙන එකක්. කොටින්ම මම එහෙම එකෙක් තමයි. මේ ගිය වාරෙදි කොල්ලෙක් මට fucking asshole කියලා උගෙ පන්ති තහනම් කලේ දවස් දෙකයි. (හරිනම් සුමාන දෙකක් වෙන්න ඕනෙ) fucking වලට එක දවසයි. asshole වලට දවසයි. ඔය වචන දෙක අවප්‍රමාන වෙලා තියෙන හැටි බලහං, ලංකාවෙ රුපියලත් එහා.ලෝකෙට ගිය කල! කොහොම නම්බුකාර කමට තිබිච්ච වචන දෙකක්ද! සංසාරේ!

      Delete
    4. කසාද බදින්න කලින් මට හිටිය ඔහොම එකක්. ලිතුවේනියන්. friends with benefits. හැබැයි ඒකට තව කොල්ලේ දෙතුන් දෙනෙකුත් හිටිය. කල්ලෙක්, සුද්දෙක් වගේ. අපේ එවුන් (යාලුවෝ) ඒක දැකල මට කියන්න එනවා මචන් අපි අද දැක්ක අරකි අරු එක්ක මු එක්ක . උඹව රවට්ටනවා එකී අරක මේක. පස්සේ මට ඇත්තම කියන්න වුණා. මේ මගේ friends with benefits කෙනෙක් කියල. ඊට පස්සේ මල වදේ. මචන්ම ටත් සෙට් කරපන් කෝ, මටත් එක දවසකට හරි දීපන්කො වගේ. මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැහැ කෙල්ල ඒකිගේ කැමැත්තෙන් කාත් එක්ක හරි යනවා මිසක් මන් කියන එකා එක්ක යන්නේ නැහැ කියල.මම මුන්ට ඇත්ත කිව්වට පස්සේ මගේ කාමරේ ගාව කට්ටිය. බොරුවට එනවා. මගදී මේකිට කතා කරන්න හදනව. කෙල්ලට හෙන වදයක්. අන්තිමට මම ඒකිට කියලම වැඩේ අත ඇරියා.

      Delete
    5. Henry,

      / මේ ගිය වාරෙදි කොල්ලෙක් මට fucking asshole කියලා උගෙ පන්ති තහනම් කලේ දවස් දෙකයි. (හරිනම් සුමාන දෙකක් වෙන්න ඕනෙ) /

      Heh, it's obvious that you have misunderstood the situation Macho…That student was punished under item 12 sub item 12 C of Maldives Student's Dicipline Code

      Relevant portion is quoted here for your convenience please.

      Maldives Student's Discipline Code

      Item 12 :

      Sub Item 12 C : Teaching staff evaluations carried out by the management are strictly confidential. Revealing the same publicly would be considered as a a breach of student's code of conduct and the offender would be suspended for two (2) days.

      Delete
    6. අජිත්,

      ලිතුවේනියාව ගැන මම දන්නෙ හැනිබල් ලෙක්ටර්ගෙ ජන්ම භූමිය කියල විතරයි. …:)

      Delete
    7. @ Ravi

      My interest

      https://en.wikipedia.org/wiki/Northern_Crusades

      Delete
    8. හෙන්රියගේ කොමෙන්ටුවට රවියගේ උත්තරේ කියෝලා මගේ බඩත් කොර උනා... හම්මේ.... රවියෝ කොහෙන්ද ඔව්ව හිතන්නේ අම්මප?

      Delete
    9. Pra,

      Thanks, I didn't know about this Northern Crusades. My interest in Eastern Europe was about Huns, Goths & Vandals ( Unintentional creators of the word vandalism )

      Delete
  3. //එවන් ගිණි පුළිඟු ජනනයක් අනිවාර්යයෙන්ම බොහෝ කඩිනමින් සිදුවිය යුතුමය//
    මෙතැන පුළිඟු යන වචනයේ ‘පු‘ යන්නේ තේරුම ‘පුරුෂ‘ කියන එකද හැබෑටම?
    අනේ අපට තිවුනෙ නෑනෙ මෙහෙම ක්‍රමයක් ඒ කාලෙ!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සුරන්ග,

      එහෙම පු කියන්නෙ පුරුෂ කියන තේරුමෙන්නම් නම් එතන කියන්න වෙන්නෙ පුළිඟු ජනනය වෙනව කියල නෙවෙයි බන් පුළිඟු උත්ථානය වෙනව කියල....:)

      Delete
  4. මේ අම්මන්දිත් එක්ක බෑ මේ රාජ්ජේ කොරන්ට.. අනේ බුදු රවී අයියේ.. මේකත් කොහමද ඉංග්‍රීසියෙන් තිබ්බේ කියල කියාන් හොඳ එකා වගේ.. අද නම් හිත හෝ ගාල පිරිලා.. ඇයි යකෝ ලිවින් ටුගෙදර් කියන්නේ සෙල්ලමක්ය?
    ප.ලි. අර මේකේ පරිවර්තනේද මොකක්ද කියන මගුල මං ප්‍රදර්ශනේදි අතට අරන් සුට්ටක් කියෝලා බැලුවා.. මෙලෝ රහක් නෑනේ ඕයි.. මේ ටික ඔක්කොම ලියල මේකත් පොතක් කරමුද? මොකද කියන්නේ අදහස?

    ReplyDelete
    Replies
    1. Can't do this rajje with this ammandee. :D

      Delete
    2. Can't do this kingdom with this Andy's mother.

      Delete
    3. ඔය අම්මන්ඩි කථාව පොතේ ඔතන නැහැ. රවී ඒක එතනට ගැපෙන විදිහට දාල තියෙන්නෙ මගෙ හිතේ.

      Delete
    4. අර මේකේ පරිවර්තනේද මොකක්ද කියන මගුල මං ප්‍රදර්ශනේදි අතට අරන් සුට්ටක් කියෝලා බැලුවා.. මෙලෝ රහක් නෑනේ ඕයි // 100% Agree

      Delete
    5. හෙහ්..මම හිතන් ඉන්නෙ බොලව් මේ කතන්දරේ ඉන්ගිරිසියෙන් ලියල බගට් ගොයියට යවන්ට.." සාර්ථක නවකථාවක් නම් මෙසේ විය යුත්තේය " කියල ආවරණ ලිපියකුත් එක්ක....:)

      Delete
    6. උඹ එහෙම නොකලොත් තමයි පුදුමේ රවී

      Delete
    7. මතක ඇතුව කොමෙන්ට් ටිකත් ට්‍රාන්ස්ලේට් කරල යවහං. :D

      Delete
    8. මතක ඇතුව කොමෙන්ට් ටිකත් ට්‍රාන්ස්ලේට් කරල යවහං. :D x 2 :)

      Delete
    9. ප්‍රසන්න & කළ්‍යාණ,

      මොකද බොලව්, කම්මලයගෙ ලෙඩේ ඒ පාර උඹල දෙන්නට හැදිලය?

      Delete
  5. මේ කතාවෙ කෑල්ලක් මග ඇරුනද බං. අර තප්පර තුනේ කිස් එකේ ඉඳලා කෙලින්ම all the way ගිහින් තියෙන්නේ එක ඡේදෙන්? මේක තප්පර හතරකින් 100km/h ඇක්සලරේට් වීමක්නෙ බං. කොස් ගෙඩිය කපන්න අවුරුද්දක් ගිය උඹට මේ හැදිච්ච ක්ෂනික මෝචනේ මොකද්ද හැබෑට ඈ?

    ReplyDelete
    Replies
    1. කොස් කැපුවෙ රවී සහ අසෝකා බවත් මෙතන සිටින්නේ ක්‍රිෂ් සහ අනන්‍යා බවත් ඔබ තරයේ සිහි තබාගත යුුතුය.

      Delete
    2. ප්‍රසා, ක්‍රිෂ් රවී වගේ පොරක් උනානම් තාම අනන්‍යගෙ සුලගිල්ලෙ නියපොත්ත බලනව. මෙන්න කොල්ලො.

      Delete
    3. නියපොත්ත බලන්නෙත් අත අල්ලන්නෙවත් නැතුව. "අනේ මේ ඇහුණද? ඔය අත පොඩ්ඩක් මේ මේස උඩින් තියන්න" කියල.

      Delete
    4. අර ලයින් එක කිව්වට පස්සෙ කියනවා " මට මේ මේ කියනකොට මතක් වුනේ මැයි මාසෙ ගැන. මැයි මාසෙ කියන්නේ ඔය කැලැඩරේ පස් වෙනි මාසෙනෙ" ඊලඟ පෝස්ට් දෙක තුන පළවන්නේ මැයි මාසය ගැනය. එතකං අන්නයා කෙල්ල මේසේ උඩ අත තියාගෙන සිටී. අසෝකා කොස් කපමින් සිටී.

      Delete
    5. හෙන්රි,

      / මේ කතාවෙ කෑල්ලක් මග ඇරුනද බං. අර තප්පර තුනේ කිස් එකේ ඉඳලා කෙලින්ම all the way ගිහින් තියෙන්නේ එක ඡේදෙන්? /

      එහෙම තමයි බන් කතාවෙ තියෙන්නෙ….:)

      " Any jokes about curves and I will kill you " she promised as the bell rang for class.

      මේ වාක්‍යයෙන් පස්සෙ තියෙන්නෙ මෙහෙම.

      Needless to say one thing led to another and within two weeks we had sex. You put a boy and girl in a room for a week and lots of boring books, and sparks are sure to fly.

      " This is my first time " she said after we did it and pointed to her mother's picture on the wall " And if she finds out she will flip "

      Delete
  6. //.හෙහ්..එහෙම හිටිය වුනත්.......//
    මේකෙ /.හෙහ්../ කියන එක ඔය බකට් කාරය හීනෙන්වත් නොලියූ දෙයක් වගත් ඕපන් රවී ස්ටයිල් වචනයක් බවත් එක හෙලා ප්‍රකාශ කරන්න පුලුවං.

    ReplyDelete
  7. සැක්, මෙච්චර රැස්පොට් එකට හිටපු කෙල්ල ඔච්චර ඉක්මනට ඔහොම දෙයක් කරන්න කැමති උනාද ? ෂැක් මමත් හිතින් ලවු කලා , මදෑ කොලා

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු කම්මලේ ලෙඩේ හොඳ කරගෙන, තන්තෝසයි, තන්තෝසයි, බොහොමත්ම තන්තෝසයි

      Delete
    2. කම්මල,

      ඇත්තටම මගෙත් නෑ කිසිම පැහැදීමක් බගට් ගොයිය ඒ හරිය ලියල තියන විදිහ ගැන.එහෙම දෙයක් වෙන්න හේතු සාධක ඉදිරිපත් කරල මදියි කියලයි මට හිතෙන්නෙ. අනික අනන්‍යාවගෙ උසස් කුලයේ තරුණියක් මොන තරම් ලිබරල් මයින්ඩඩ් වුනත් ඉන්දියාව වගෙ ගතානුගතික සමාජයක ලිවින් ටුගෙදර් සීන් එහෙකට එකපාරට එන්ටර් වෙයි කියල හිතන්න අමාරුයි. වෙරි වෙරි වෙරි ඉම්ප්‍රොබබ්ල්.

      Delete
    3. //අම්මට උඩු කම්මලේ ලෙඩේ හොඳ කරගෙන//
      මිනිහ ඩූඩ් වියා මගේ කොමෙන්ට් එකට දාල තියෙන රිප්ලයි එක රවි දැකල නෑ වගේ. :D

      Delete
    4. ප්‍රසා,

      නෑ බන් මම ඒක දැක්ක. වෙලාව බැලුවම ඒ ඩබල් කමෙන්ට් එක දාල තියෙන්නෙ 3.56 ට. සින්ගල් කමෙන්ට් එක 4.02 ට. ඉතින් මම හිතුවා විනාඩි 6 ඇතුලත කම්මලයා ලෙඩේ හොඳකරගත්තයි කියල..කරුමෙ ඩබල් පින සින්ගල්...හෙහ්,හෙහ්,

      Delete
    5. //කරුමෙ ඩබල් පින සින්ගල්//

      ඕන්න උඹලගේ ඇගේ හැටියට මොලේ නෑ කියන එකට තවත් සාස්සියක්. අපේ ඉවාන් පව්ලුෂා සහෝදරයා ඕක කිව්වේ ඩබල් වෙන එක (බදින එක) කරුමේ... සින්ගල් ඉන්න එක පින කියල හිතාගෙනයි. නොදත්තෝ කමත්වා.. හැක්..

      Delete
    6. දේශක,

      ඔය කරුමෙ ඩබල් පින සින්ගල් කතාව බන් ත්‍රී වීල්වල පිටිපස්සෙ ගහල තියන එකක්. අනික ඒක කැමති විදිහට යොදාගත්තට අවුලක් නෑනෙ නේද?

      Delete
  8. මේක කියවන්න පටන් ගත්තට පස්සේ අයේ අයෙමත් ෆිල්ම් එක බලන්න ආස හිතුන.ඒත් ඒක නැති නිසා මේකෙ ඊලග කොටස් දානකන් ඉවසන් ඉන්නත් බැරි නිසා දිලීපගෙ පොත අරන් එකදිගට කියවල ඉවර කලා.
    එත් මට ඒකට වඩා මේක හිතට වදිනව සහ දැනෙනව.සිංහලෙන්ම කියනවනම් මේක සුපිරි.

    ReplyDelete
    Replies
    1. මුදි. මලයා,

      ස්තූතියි...:)

      Delete
  9. මට මගේ ආදර අන්දරේ ලියන් හිතුන මේක කියවල. ඒ තරමට මේ පරිවර්තනය හිතට වදිනවා රවී. අපි දෙන්නත් මුලින් නිකම් යහළුවෝ. ආදරේ කරන්න පටන් ගත්තේ හදිසියේ. මට මල පැන්න වෙන කොල්ලෙක් එක්ක කතා කරන කොට. ඉරිසියාව ඇති එන්නේ ආදරය නිසාද? ආත්මාර්ථකාමී කම නිසාද කියල මම අදත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. ලියාන් ලියාන් අජිතයියේ.. අපි ඔය රට රාජ්ජවල ලව් කරන විදිය අහලම නෑ.. පුදුම කුතුහලයක් තියෙන්නේ..

      Delete
    2. හපොයි. කට පියා ගන්න එක හොඳයි වගේ.

      Delete
    3. Ajith : තමන්ගේ ආදර හුටපට කියන්න යද්දී කපල කොටලා කියන්නත් , ඔක්කොම කියන්නත් කියන මේ කොන් දෙක අර මීයාගේ බෙල්ල කැපෙන 'චිස්ද කේක්ද' ප්‍රශ්නේ වගේ තමයි.

      රජයේ අවවාදය: තමුන්ගේ එව්වා මෙව්වා විය හැක.

      Delete
    4. Ajith,

      /  ඉරිසියාව ඇති එන්නේ ආදරය නිසාද? ආත්මාර්ථකාමී කම නිසාද කියල මම අදත් හිතනවා. /

      හෙහ්..ආදරය කියන්නෙත් එක අතකට ආත්මාර්ථකාමී කමක්ම නේද?

      ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
      සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
      මා ඔබ දු‍ටුවා ඇයට නොවේ
      ඔබට පමණි ඔබ ආදරේ....


      වසන්ත දෙකොපුල, නිදිවැරු තොල් මල
      දසැඟිලි තුඩු අග පිබිදුණු රණහස
      ඇයට ආදරේ ආදරේ මම
      ඇයට ආදරේ ආදරේ....

      ඇගේ සුරත ගෙන පිනි විල්ලුද මත
      ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
      පෙරළා ඔබ හට පෙම් කරනා බව
      ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ
      ඔබ සිත සුවපත් වේ….


      ඇයට පමණි මම ආදරේ….
      ඔබට පමණි ඔබ ආදරේ….
      ඇයට පමණි මම ආදරේ….
      ඔබට පමණි ඔබ ආදරේ....

      ගේය පද - බණ්ඩාර කේ විජේතුංග
      සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
      සහාය ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

      ඔබට පමණි ඔබ ආදරේ ගීතය මෙතනින් අහන්න.

      Delete
    5. //හෙහ්..ආදරය කියන්නෙත් එක අතකට ආත්මාර්ථකාමී කමක්ම නේද?//

      ඇයි මේ තව තියෙන්නේ,

      සඟවා ගනු මැන ඔබේ රුව
      සොඳුරියේ තව අනිකෙකුගේ නෙත් ඔබේ මුව මත ගැටේතයි
      මා හද බියවී මා හද සැලි සැලී යයි.

      මහා වන පියසක අඳුරු ගුහාවක
      යම් දිනයක ඔබ සඟවා තබනෙමි
      හිරු රැස් බිඳකුදු ඔබේ රුව දුටු සඳ
      ඉරිසියාවෙන් පිරවේයි මා හද

      සොමි සඳ වත ලෙස රුසිරු නොවීනම්
      දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
      එනමුදු ඊයේ මට පෙන්නු රුව
      තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

      බණ්ඩාර කේ විජේතුංගගේම පද රචනයක්.කොහොමද ඉරිසියාවේ තරම හිරු එළියවත් කෙල්ල දිහා බලනවාට කැමති නැහැ.

      Delete
    6. මෙන්න ඒ ටයිප් එකේ තව එකක් රවීයියා,

      නෙතට උළෙලක් විය එදා නුබ
      කඳුළු බිඳුවක් වුව මෙදා
      මේ තරම් හිත පාරන්නේ
      මගෙන් වරදක් වුනිද මන්දා

      ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
      සිතන්නටවත් නොහැකි හින්දා
      ඔබේ සිත වෙනතක රන්දා
      එපා දුක ගෙන එන්න කැන්දා

      ඔබේ රුව රසඳුනක් වූවට
      කමක් නැහැ එය තවත් ඇසකට
      නමුදු ඒ රුව තවත් කෙනෙකුට
      අයිති වෙනු බැහැ දරා ගන්නට

      ඒ කරුණාරත්න දිවුල්ගනේගේ ඉරිසියාව හෙවත් "ආදරේ ආත්මර්ථකමිත්වය"

      Delete
    7. මනෝජ්,

      ස්තූතියි මල්ලි, වික්ටර්ල, අමරදේවල, දවුල්ගුණේල සින්දු කියල කියන්ට හදන එකම ඊට වඩා ඩිරෙක්ට්, කරලම පෙන්නන්ට ගිය මිනිස්සු තමයි ඔය පිහියෙන් දමල අනින්නෙ. නැත්තන් බෙල්ල මිරිකන්නෙ.....

      Delete
  10. //ඒ සඳහා ඇය කෙතරම් තහනම් නියෝග පැනවූවද අවසානයේ අනාදිමත් කාලයක සිට අනිවාර්යයෙන්ම සිදුවන පරිදි ස්වභාව ධර්මයා ජයග්‍රහණය කළේය.//

    කියල වැඩක් නෑ, වැඩක්ම නෑ. උපේක්ෂා නෝනා ගැන දුකයි. එයා ඔච්චර පින්සෙන්ඩු වෙවී කියලත් මෙච්චරනෙ. දෙන්නගේ පළමුවෙනි අර වැඩේ වෙච්ච විදිහ ලිව්වෙ ස්වභාව ධර්මයද මොකෙද්ද එකෙක් මැද්දට දාලනෙ.

    ඈස් යූසුවල් එක්සලන්ට් ප්‍රඩක්ට් රවි. ඉට්ස් යෝ කේපබිලිටි ඔෆ් ගිවිං ඉට් ලයිෆ් බියොන්ඩ් භගට්ස් නැරේශන්.

    ReplyDelete
    Replies
    1. //ඉට්ස් යෝ කේපබිලිටි ඔෆ් ගිවිං ඉට් ලයිෆ් බියොන්ඩ් භගට්ස් නැරේශන්// ටූ තම්බ්ස් අප්!

      භගට් ට මෙහෙම ඔන්ලයින් ප්‍රතිචාර හම්බෙන්නත් නැතුවැති නේද?..

      Delete
    2. භගට් අම්බානට සල්ලි හෙව්ව. රවී ට අපිවත් කීයක් හරි එක්තු කරමු මේ අරන සේවයට

      Delete
    3. දැන් මේ තඩි අලියට ( අලි තඩියට?) මම ගැන අහවල් දුකක්ද ආ? හිටිං මම උඹට!

      Delete
    4. උපේක්ෂා,

      අලියගෙ නැට්ට උස්සල ගහපන් පස්චාත් බාගයෙ ලොකු අයිස් පලම් එකක්. අයිස් පලම සුට්ට සුට්ට ඇතුලෙ දියවෙනකොට අලිය දුවයි ආය නෑ ගස් ගල් පෙරලගෙන...හෙහ්,හෙහ්,

      PS - නුවර ගිය වෙලාවක අරගනින් මුස්ලිම් හෝටලේ තියනව නියම සයිස් බඩු

      Delete
    5. Ian,

      / රවී ට අපිවත් කීයක් හරි එක්තු කරමු මේ අරන සේවයට /

      හෙහ් ඉයන් කියන නමේ තේරුම මොකක්ද දන්නවය? Gift Of God ..ඒ අර්ථය ටක්කෙටම හරි මේ අපේ සත්ගුණවත් දානපති ඉයන් මැතිතුමන් ගැන සළකා බැලුවම...

      හරි මෙහෙම කරමු. මම ටෙලිකොම් එකෙන් පහුගිය මාසෙ ආපු බිල එවන්නම්...ඔබ තුමා ඒක ගෙවල දාන්ට…Thank you so much in advance….:)

      Delete
    6. උපේක්ෂා අයිස් පලම් ගහනවනම් කටේ ගහන්න, ඔය රවී කියන තැන්වල ගහන්න යන්න එපා. ඇත්තටම මම ඉස්සර හරි පෙරේතයි එලිෆන්ට් හවුස් එකේ තුන්හුලස් අයිස් පලම් වලට.

      රවී බිලේ ගාණයි වෙබ් ලින්ක් එකයි එව්වොත් ආයිත් මොනවද ගෙවල දාල තියෙයි. උඹගේ කථා කියවන්න ලැබෙන එකේ ඒක සුළු දෙයක්

      Delete
  11. හපෝ මෙව්වා කියවලා අපි නරක් වෙනවා. අපිට ඔව්වා බෑ - අපි ඔව්වට නෑ කියා කියා ඔක්කොම බැලුවා හැබැයි.

    වර්තමාන ලාංකික සමාජය තුළ මෙවැනි ප්‍රවණතා ඇද්දැයි ඔබ සිතන්නේද මහතාණෙනි?

    ReplyDelete
    Replies
    1. "අපි ඕවට නෑනේ අපිට දැන් බෑනේ" කථාව දන්නව නේද විචාරක තුමා.

      Delete
    2. විචාරක,

      / වර්තමාන ලාංකික සමාජය තුළ මෙවැනි ප්‍රවණතා ඇද්දැයි ඔබ සිතන්නේද මහතාණෙනි? /

      මට ඒ ගැන නිවැරදි අදහසක් පලකරන්න අමාරුයි විචාරක මහත්මයා. අනුමානයක් කළොත් මට හිතෙන්නෙ ලන්කාවෙ තවම එහෙම තත්වයක් නැතුව ඇති කියලයි.මොකද ඔහොම දෙයක් කරනව අවස්ථාව තියෙන්නෙ ඉහළ මධ්‍යම පාන්තික හා / හෝ ධනවත් පන්තියේ තරුණ තරුණියන්ට විතරයි.අනික් අය නොයෙක් සමාජ බැඳීම් තහන්චි වලින් බැඳිල.ඊගාවට ඉහල මධ්‍යම පාන්තික හෝ ධනවත් පන්තිවල අයට ඔහොම දෙයක් කරන්න හේතුවක් නෑ. සමහරවිට හුදෙක් මේ නිකම් අත්දැකීමක් ගන්න හෝ ඇඩ්වෙන්චර් එකක් හැටියට මිසක.

      Delete
  12. ගිය පාර වගේ මේ පාරත් ලුහුටල ගියා නේද? හොර ගෙඩියා!
    අම්මපා! මේ කාන්තා පාරුසවේටත් තියෙන පුරස්සන.
    (බාගයයි කියෙව්වෙ. ඉතිරි බාගෙ කියවලා තව කොමෙන්ටුවක් කොටන්ට මේ සීට් එක මං එනකං තියාගංට රවියයියා.)

    ReplyDelete
    Replies
    1. අහුවෙලා ඉවරයි කිලියෝපැට්ටරාට. තව ටිකක් මේ සිද්දි වටේ කැරකෙන්න ට්‍රයි එකක් දෙන්ට රවියයියා. ඔයාට ඒක පුළුවන්.

      Delete
    2. මාධවී,

      / තව ටිකක් මේ සිද්දි වටේ කැරකෙන්න ට්‍රයි එකක් දෙන්ට රවියයියා. ඔයාට ඒක පුළුවන්. /

      " හාවා මොකද මී වදේ වටේ කැරකෙන්නේ? "

      " හාවො කොහෙද බන් මීවද කන්නෙ? "

      " ඉතින් ඒක තමයි බන් කැරකෙන්නෙ. "

      Delete
  13. Replies
    1. අනේ මේ... උඹ හිටපු දිහාවෙම හිටහං හිටං.

      Delete
    2. දේශක,

      හරි හරි කලබලයක් නෑ. හෙමිහිට වරෙන්...;)

      Delete
  14. මුල් කොටස් ටිකත් එක්කම කියවගෙන ආවා. මටත් හිතෙන්නේ පරිවර්තනයට වඩා මේක රසවත් කියලා.. (Y)

    ReplyDelete
  15. භගට්ගේ පොත කියවල හමාර කරා.. දැං උඹගේ මේ මලදානෙවත් කියවන්න හිතෙන්නෑ බං.. අම්මපයි..

    ReplyDelete
    Replies
    1. දේශක,

      ඉතින් මොකේද දන් වළඳන්නෙ?...:)

      Delete
  16. රවි අදත් මේ කොටස ඉතාමත්ම ආසාවෙන් කියෙව්වා. පරිවර්ථනය ඉතාමත් අලංකාර මට්ටමක තියනවා. අපට අනන්‍ය වෙනවා.
    ඩුඩ් කියනවා වගේ පොඩි ජම්ප් එකක් නං තියනවා වගේ තමා නවත්තපු තැන හා අද ආරම්භය අතර. ඇතැම් විට කෘතියේ වෙනම පරිච්චේදයක් වෙන්න ඇති අද කොටස.

    ReplyDelete
    Replies
    1. නලීන්,

      බොහොමත්ම ස්තූතියි..ඔව් ඔබ හරි අද කොටස මුල් කෘතියෙ තියෙන්නෙ වෙනම පරිච්ඡේදයක් හැටියට තමයි.

      Delete
  17. මම බලං හිටියෙ කතාවෙ මේ කොටස රවී කොයි ආකාරයට පරිවර්තනය කරාවිද කියල හිටං.දිලීපට වඩා හොඳට කරල තියෙනවා,මම නිරීක්ෂණය කළ අනික් කාරණේ චේටන් භගට්ගෙ පොත් හැම එකකම ඔය සෙක්ස් සීන් එක නොවැරදීම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නං පොත් විකිණෙයි හිටං... දැං තාත්වික අතින් ගත්තොත් මේ කතා තනිකර සුරංගනා කතා වෙනවා. මං එ් ගැන කතා කරන්න කැමති නෑ. හිටං

      Delete
    2. හැලප,

      / අනික් කාරණේ චේටන් භගට්ගෙ පොත් හැම එකකම ඔය සෙක්ස් සීන් එක නොවැරදීම තියෙනවා. /

      මෙව්වට සෙක්ස් සීන්ස් කියල කියන්ට පුලුවන්ද?. මේ යන්තමට වචන දෙක තුනකින් ලුහුටල ගිහිල්ලනෙ තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Thanks Helapa...:)

      Delete
    3. දේශක?

      / එහෙම නැත්නං පොත් විකිණෙයි හිටං… /

      මෙව්ව මොන සෙක්ස් කෑලිද දේශක? අනික අද බොහොම පහසුවෙන් බලාගන්ට කියවන්ට ඉන්ටර්නෙට් එකේ තියන එව්ව බැලුවම මේ වගෙ එව්ව කියවන්ටම කියල කවුද පොතක් ගන්නෙ?

      Delete
    4. ෆිල්ම් එකේ ඔය සෙක්ස් කෑල්ල පෙන්නන්නේ කොටු දාල ද?

      Delete
    5. පැතුම්,

      ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලන්ට තවම බැරිවුනා මල්ලි...

      Delete
  18. චා චා... බෝම නරකයි නොවැ...

    මං කිවේ ක්‍රිෂ් කාරයා ගැන.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      මොකක්ද ඒ මනුස්සයගෙ තියන නරකෙ දැන්?

      Delete
  19. හප්පේ ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කොටස් පහ හයක්ම දාලනේ. මදි ඈ...මම මේ ලඟදි තමා ඔය ෆිල්ම් එක බැලුවේ. ඊට වඩා ගතියක් තියනවා මේ පරිවර්තනයේ...:))

    ReplyDelete
    Replies
    1. සයුරි,

      / හප්පේ ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කොටස් පහ හයක්ම දාලනේ. /

      ඈ බන්. මේ කොටස් පහ හය දාන්ට මට සති තුනක් වගෙ ගියාන්. ඒ කියන්නෙ උඹට ඒ පැත්ත බලල මේ පැත්ත බලන්ට සති තුනක් යනව.

      උඹ නියමයි රූපවාහිනී ආපු දවස්වල පෙන්නපු ටෙලි නාට්ටියක රඟපාන්ට.අර දිමුතු මුතු එකේ එහෙම දේවිකා මිහිරානිට ජනෙලෙන් එලිය බලාගෙන ඉඳල " නෑ ජයේ. ඒ හැම දෙයක්ම මම දන්නව " ඔන්න ඔය වාක්කිය කියල ඔලුව හරවන්ට පැය බාගෙ එපිසෝඩ් දෙකක් යනව.

      Delete
  20. මං හිතුවේ මං කොටසක් මිස් කරගෙන කියලා, අනන්‍යා ඇඳුම් අදින්න කලින් ගලවපු සීන් කියවන්න ආයෙම පෝස්ට් ලිස්ට් එකත් බැලුවා හි හි තනියම හිනා අප්පා.. හැබැයි මට බයයි තව කොටස් දෙක තුනක් යද්දී කොල්ලට කෙල්ල එපා වෙයි කියලා. මීපැණි වුණත් ඕනෑවට වඩා එක දිගට කෑවොත් තිත්ත වෙනෝ ලුනේ... බලමුකෝ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඔමායා,

      /  අනන්‍යා ඇඳුම් අදින්න කලින් ගලවපු සීන් කියවන්න ආයෙම පෝස්ට් ලිස්ට් එකත් බැලුවා  /

      සික්... අන්තිම අසෝබනයි, උත්කෘෂ්ඨයි, පරම රමණීයයි!!!

      මම හිතාගෙන ඉන්නෙ අනන්‍යා සහ ක්‍රිෂ් ඇඳුම් ගලවන සීන් එක වෙනම ලියල කතාවෙ අන්තිමට දාන්ට...මාතෘකාව ඇවිදිල්ල හිට " භගට්ට අතපසු වූ ඉතා වැදගත් වැඩිමනත් විස්තර "

      Delete
    2. හි හි ,, ඔන්න අපිට නම් ඕවා කියවන්න ඕනේ නෑ

      Delete
  21. /පිරිමියකු සහ ගැහැණියක අතර ඇතිවන්නාවූ සම්බන්ධයක ප්රිමුඛස්ථානය හෝ බලපෑම් කිරීමේ හැකියාව ලිංගික සබඳතාවයෙන් අනතුරුව වහාම ගැහැණිය වෙතින් පිරිමියා වෙත මාරුවන අන්දම ඇත්තෙන්ම විශ්මය ජනක බව මම කල්පනා කළෙමි. /
    මේක මෙහෙම වෙන්නෙ ඇයි කියලා මාත් ගොඩක් කල්පනා කරලා තියෙනවා...... මං හිතන විදිහට මේක ආසියානු සංස්කෘතිය එක්ක බැඳිච්ච දෙයක්. බටහිරදි මේ තත්ත්වය වෙනස් බවයි මගේ හැඟීම......

    ක්‍රිෂ්ගෙ මල අනනී.....
    වෙලා කලබල තදිනී....
    පැනලා වැට සැනිනී...
    අනා ගත්තද අපේ අනනී....

    ඉස්කෝතුයි රවී.......
    සුපිරියි.....

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      / මේක මෙහෙම වෙන්නෙ ඇයි කියලා මාත් ගොඩක් කල්පනා කරලා තියෙනවා...... මං හිතන විදිහට මේක ආසියානු සංස්කෘතිය එක්ක බැඳිච්ච දෙයක්. බටහිරදි මේ තත්ත්වය වෙනස් බවයි මගේ හැඟීම...... /

      ඔබ නිවැරදියි කියල මමත් හිතනව. අපේ ආසියානු සන්ස්කෘතියෙ විදිහට ඔය වගෙ සීන් එකක් උනාට පස්සෙ ගැහැණිය තමයි අවදානමට ලක් වෙන්නෙ.( ) ප්‍රෙග්නන්ට් වුනොත් ඒ රිස්ක් එක, ලෝකාපවාදය ඔය ඔක්කොම ගැහැණියට.පිරිමියාට කිසි අවුලක් නෑ.

      The male loses only about maximum 5 ml of body fluids but can rest assured he got his money's worth….:)

      Thanks Indika.....:)

      Delete
  22. කාලෙකින් එන්න බැරි උනා, ඊයේ රෑ ඔක්කොම පෝස්ට් ටික කියවලා ඇරියස් කවර් කලා...
    පට්ටය, එළයැ, සුපිරිය...

    පරිවර්තනය ලාංකික ගතියකට එන්න හදන අවස්ථා තිබෙන බවක් සමහර වෙලාවකට දැක්කා...
    එහෙම හොඳ මදි බවයි මගේ අදහස...
    වෙලා මදි නිසා ඒවා පෙන්නන්න බැරි වෙන එක ගැන සමාව... :(

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      හෙහ්, මම හිතුව උඹ ෆුල් බුසී ඇතිය කියල...

      / පරිවර්තනය ලාංකික ගතියකට එන්න හදන අවස්ථා තිබෙන බවක් සමහර වෙලාවකට දැක්කා...එහෙම හොඳ මදි බවයි මගේ අදහස… /

      ගිල්ටි ඈස් චාර්ජ්ඩ්. මම මගෙ අතින් කෑලි දාන හින්ද එහෙම වෙනව කියල මටත් පස්සෙ හිතුන. මින් ඉදිරියට එසේ නොවන ලෙස කටයුතු කිරීමට සටහන් කොට ගතිමි.

      Thanks Malli....:)

      Delete
    2. හැබැයි රවී...... අතින් දාන කෑලි නිසා මැවෙන ලාංකීය අනන්‍යතාවය නිසා තමයි කතාව හිතට ලං වෙන්නෙ.... ඒ නිසා ඉදිරියටත් ඒ වැරැද්ද කරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ......ඒක තියරි වලට පටහැනි නම් තියරි අමතක කරලා දාන්න......

      Delete
    3. ඉන්දික,

      ඔබේ අදහසට ස්තූතියි...:)

      Delete
  23. රවිගේ පරිවර්තන කොටස් ටික හෙමින් සැරේ කියවමින් යනවා . ආයේ ආයේ කියවන්ට හිතෙන තරමට රහයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි තිලක්, බොහොමත්ම ස්තූතියි!!

      Delete
  24. අපරාදේ කියන්න බෑ රවී අයියේ පරිවර්තන නම් මෙන්න මෙහෙමයි ලියවෙන්න ඕනේ. නිවාඩු දාල දිගටම පරිවර්තන කලත් පාඩු නෑ මම හිතන්නේ සිරාවට..

    ඔය ලංකාවේ ඔය වගේ සිද්දි නෑ කියල අපි හිතුවට මිට අවුරුදු 10කට විතර කලින් ඔය විදියට living together ඉන්න කැමති ගෑනු ළමයි එහෙම මට හම්බ වෙලා තියෙනවා. කොටින් ම කිව්වොත් මම දන්න මගේ යාලුවෙක් සෑහෙන කාලයක් තිස්සේ එයාගේ ගර්ල් එක්ක ඔහොම හිටිය. උන් දෙන්න නම් අන්තිමට බැන්ද

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      පලමුවෙන්ම බොහොම ස්තූතියි කියල ඉන්නම්...:)

      / මිට අවුරුදු 10කට විතර කලින් ඔය විදියට living together ඉන්න කැමති ගෑනු ළමයි එහෙම මට හම්බ වෙලා තියෙනවා. කොටින් ම කිව්වොත් මම දන්න මගේ යාලුවෙක් සෑහෙන කාලයක් තිස්සේ එයාගේ ගර්ල් එක්ක ඔහොම හිටිය. /

      හෙහ්, එහෙම ඉන්න කැමති ගැහැණු ළමයි බොට හම්බවෙලා තියනවය? හෙහ්...උඹම කිව්වෙ නැත්තන් බන් මම විස්වාස කරන එකකුත් නැහැ. ලන්කාවෙ එහෙම දේවල් වෙනවයි කියල මම හිතුවෙ නෑ. හෙහ් ඒකෙන් පේන්නෙ මම කොච්චර අවුට් ඔෆ් ටච් ද කියල...

      තව පොඩි ප්‍රශනයක් අහන ඕන..අර උඹ කිව්වෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි Living Together හිටියයි කිය. ඒ දෙන්න ප්‍රසිද්ධියේම එහෙම හිටියද? නැත්නම් කාටවත් දැනගන්න බැරි විදිහටද? අනික එහෙම ඉන්න ආර්ථික ප්‍රශ්ණත් බලපෑවද? උඹ මල්ලි ඒ ගැන මොකවත් දන්නවද? I am just curious..thats all...:)

      Delete
    2. රවී අයියේ මේ මම කියපු යාලුවා මම අඳුර ගත්තේ මිට අවුරුදු 2 ට කලින් මෙහෙ ආපුවහම. අවුරුදු ගානක් තිස්සේ එයාගේ ගර්ල් එක්ක යාලු වෙලා ඉඳල තියෙනවා. අවුරුදු 10කට වැඩියි මම හිතන්නේ. යාලුවා මෙහෙ ඉදිද්දී ඒ ගර්ල් ඇවිල්ල උගේ රුම් එකේ නැවතිලා ඉඳල යනවා සතිය දෙක. මම හිතන්නේ දෙතුන් පාරක් එහෙම ඇවිත් ගියා. අඩුම තරමේ රෙජිස්ටර් කරලවත් නෙවෙයි ඒ දෙන්න එහෙම හිටියේ. අනිත් එක දෙන්නගෙම ගෙවල් වලින් ඒක දන්නවා. උන් දෙන්න බැන්දේ මේ පහුගිය අගෝස්තු මාසේ. හෙහ් හෙහ් අපිටත් ටිකක් අවුල් වගේ හිතුන මුලින් හැබැයි ඒ දෙන්නම හිතන පතන විදිය ටිකක් වෙනස් මම හිතන්නේ.

      අර අවුරුදු 10කට විතර කලින් කතාව මෙහෙමයි. ඔය ඔන්ලයින් මොකක් හරි චැට් එකක් හරි නැත්නම් ගෘප් එකකින් හරි මට සෙට් වෙච්ච ගෑනු ළමයෙක්. නිකන් කතා බහ කර කර හිටිය. ඒ දවස් වල ඒ ළමයට තිබුනේ ඔය විදියට living together ඉන්න ඕනේ කියන අදහස. අපි ආශ්‍රය කලේ යාලු ෆිට් එකට. ලංකාවේ ඒ විදියට හිතන කෙල්ලොත් ඉන්නවා කියල මම දැන ගත්තේ ඒ සීන් එකෙන්. දැන් මම දන්න විදියට ඒ ළමය විවාහකයි ඇමරිකාවේ ද කොහෙද පදිංචිය.

      Delete
    3. Pathum,

      /  යාලුවා මෙහෙ ඉදිද්දී ඒ ගර්ල් ඇවිල්ල උගේ රුම් එකේ නැවතිලා ඉඳල යනවා සතිය දෙක. මම හිතන්නේ දෙතුන් පාරක් එහෙම ඇවිත් ගියා. අඩුම තරමේ රෙජිස්ටර් කරලවත් නෙවෙයි ඒ දෙන්න එහෙම හිටියේ. අනිත් එක දෙන්නගෙම ගෙවල් වලින් ඒක දන්නවා. /

      ආ...අන්න එහෙම වරෙන් මල්ලි. උඹ ඔය කියන්නෙ පිටරටක වෙච්චි සීන් කෝන් එකක්...හෙහ්,හෙහ්, මම හිතුවෙ ඕක වුනේ මේ සිරි ලන්කාවෙයි කියලනෙ...

      / ඒ දවස් වල ඒ ළමයට තිබුනේ ඔය විදියට living together ඉන්න ඕනේ කියන අදහස. අපි ආශ්‍රය කලේ යාලු ෆිට් එකට. ලංකාවේ ඒ විදියට හිතන කෙල්ලොත් ඉන්නවා කියල මම දැන ගත්තේ ඒ සීන් එකෙන්. /

      ඒකත් බොහෝවිට මල්ලි උඹ ඔය කියන ඒ කෙල්ලගෙ ෆැන්ටසි එකක් වෙන්න ඇති. කාලෙන් කාලෙට ඔහොම ෆැන්ටසි අපි හැමෝටම තියනව. මටත් කාලෙකට ඉස්සර තිබ්බ දෙමළ යුවතියක් එක්ක යාලුවෙන්න ඕනය කියල ෆැන්ටසියක්…හෙහ්,හෙහ්, නිශාදිනී කියල මම ලිව්වෙ ඒ ගැන.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...