Tuesday, March 1, 2016

393. පුවක් එෂැණිං - 6 - කිරීගේ ලියුම සහ පාලගේ මාස්ටර් පැලෑං එක



උෂෂ් අජ්ජාපන ඇමටිටුමා මේ දිනවල අබූත චෝදනාවකට ලක්ව සිටී. ඔහු කාටදෝ ඔහුගේ ආදාරකාරයෙකුට විස්ස විජ්ජාලයක පත්තීමක් අරංදෙන්නට ලියුමක් දුන්නාය කියලා රට පුරා මහත් කලබැගෑනියකි. මේ පිලිබඳ පූර්න සත්තිය පැහැදිලි කිරීමට චෝදනාව ලක්වූ ගරු උෂෂ් අජ්ජාපන සහ මහාමාර්ග ඇමති තුමා වහාම ප්‍රවුර්ති සාකච්චාවක් කැඳෙව්වේය.

"මේක සහ ගහන බොරු චෝදනාවක්නෙ" එතුමා ඉතාම සංවේදී ලෙස පැවසුවේය.

"දැං මම දුන්නු ලියුම හොඳට කියවල බලන්ට. මොකක්ද මම කියල තියෙන්නෙ?.....සුදුසුකම් පරීක්සාකර බලා බඳවා ගන්ට කියලයි. ඉතිං මොකක්ද එහෙම කියන එකේ ඇති වැරැද්ද?.... 

"හරි...වෙච්චි දේ මම කියන්නං. ඔන්න හොඳට අහගන්ට.ඔය මනුස්සය මගෙ ආදාර කාරයෙක් තමයි.ඔය පෝස්ටර් හත අටක් වගෙ අලවන්ටත් ඇති. ඒත් මට ආරංචියක් ආව මිනිහා ඔය කැළණි විස්ස විජ්ජාලෙ කවුද ආචාර්ය කෙනෙක් අල්ලගෙන පස්ස දොරෙං පත්තීමක් ගන්ට යනවයි කියල.මම ඇවිල්ල උෂෂ් අජ්ජාපන ඇමටි. මට පුලුවන්ද එහෙම ජරා වැඩකට ඉඩ දෙන්ට මගෙ පෝස්ටර් ඇලෙව්වය කියල? ....බෑ....බෑ.....ඒක කොහොමවත් කරන්ට දෙන්ට බෑ. ඒ හින්දයි මම අරම ලියුමක් යැව්වෙ. කරුණා කරල පත්වීම දෙන්ට ඉස්සර සුදුසුකං පරීක්සා කරල බලන්ටෙයි කියල. එහෙම නැතුව අසාදාරන විදිහට පත්වීම දීල තිබ්බනං බලා ගන්ට තිබ්බ වැඩේ...ඒකුං දන්නෙ නෑ මගෙ හැටි"

"ඉතිං ඕකට තමයි තමුංලා ඔක්කොම අර වැස්ස කාලෙට බක බක ගාන ගෙම්බො රැලක් වගෙ කෑගහන්නෙ...මම සම්පූර්ණ සද්බාවයෙන් කරපු වැඩේ අන්තිමට මටම කැරකිලා ආපු හැටි බලමුකො.නරක වෙලාවට ඔව්ව ඔහොම තමයි." පුවක්පක් කලාවේඩීන් තුස්නිම්බූතව බලා සිටියදී එතුමා ඉතා හැඟීම් බරව ප්‍රකාස කලේය.

"අනික් කාරනේ..තමුන්නාන්සෙල හිතනවද මගෙ හිතවතෙක් ආදාර කාරයෙක් මම බැරිවෙලාවත් විස්ස විජ්ජාලයක රස්සාවකට දායි කියල?.... ඕකෙ ඉගෙන ගන්න එවුනුත් එකයි, උගන්නන එවුනුත් එකයි. කොයි වෙලේ බැලුවත් උද්ගෝසන වලට ගිහිල්ල මහපාරෙමනෙ ඉන්නෙ. ඒක හින්දමයි මම මේ විස්ව විද්දියාල ඇමති කමත් එක්කම මහාමාර්ග ඇමතිකමත් ඉල්ල ගත්තෙ. අගමැතිතුමා මට කිව්ව පත්වීම් දෙනකොට කිරිඇල්ල ..ඔය උෂෂ් අජ්ජාපන ඇමතිකමත් එක්ක ඒකෙ විසය පතයට ගැලපෙන තව මොකක් හරි ඇමතිකමක් ගන්ට කියල. ඒ පාර මම කිව්ව.... එහෙනං සෑර් මට මහාමාර්ග ඇමතිකම දෙන්ට. ඔය විස්ස විජ්ජාල වල කොල්ලො කෙල්ලො කොයිවෙලෙත් ඉන්න මහ පාරෙ හින්ද ටක්කෙටම ගැලපෙන්නෙ මහාමාර්ග ඇමතිකම තමයි, ඔන්න ඔහොමයි මට මහාමාර්ග ඇමතිකමත් හම්බ වුනේ.. තේරුණෙයි?"

මෙසේ ඉතා සවිස්තරව කරුණු පැහැදිලිව කිරීම පිළිබඳව ඇමටිටුමාට ඉස්තූති කල පුවක් පක් කලාවේදීහු ඉතාමත් දැනුම්වත්ව සතුටිං විසිර ගියෝය.


ටං...ටිං...ටුං..........


සිරිලංකා කිරිකට් කන්ඩායම විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියේදී බංගලිදේසයට පරාජය වීම පිළිබඳව හේතු දක්වන ප්‍රවෘත්ති සාකච්චාවක් පසුගියදා පැවැත්විනි. එහිදී කරුණු දැක්වූ සිරිලංකා කන්ඩායමේ කලමනාකරු පැවසුවේ ලසිත් මාලිංග මේ වනවිට ක්‍රිකට් ලෝකයේ මෙතෙක් නොවූ වීරු අමුතුම පන්දු යැවීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇති බවත් ආසියානු කුසලාන අවසාන තරඟයේදී එම පන්දු යැවීමේ ක්‍රමවේදය උත්සවාකාරයෙන් එලිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය තීරණයකට එලඹී ඇති බවත්ය. එබැවින් මූලික තරඟ පරාජය වූවාට කලබල වියයුතු නැති අතර අවසාන තරඟය විසිට්ට ලෙස ජය ගැනීමට තම කන්ඩායම දැඩි අදිටනින් යුතුව කටයුතු කරනු ඇති බවත්ය.

එළෙසම ආසියානු කුසලාන අවසාන තරඟයේදීද මාලිංග එම විශ්මිත පන්දුව නොයවා ඉන් අනතුරුව පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීම උදෙසා එම නවතම පන්දු යැවීම යොදා ගැනීමටද ඉඩ ඇතිබවද කලමනාකාර තුමා පැවසීය. "ආසියානු කුසලානෙද ලෝක කුසලානෙද වඩා වටින්නෙ?" ඔහු ඉතා සංවේදී ලෙස විමසීය.

මෙලෙස තම උපක්‍රම සතුරාට දැනගැනීමට ඇති මඟ කෙසේ හෝ අවුරාලීම ජයග්‍රහණයට අත්‍යාවශ්‍ය සාධකයක් බව තමන්ට අවධාරණය කලේ ක්‍රිකට් කණ්ඩායමට විසේස උපදෙස් සැසියක් පැවැත්වූ  හිටපු හමුදා නායක පීල්ඩ් මාසල් සරත් ෆොන්සේකා මහතා බව තව දුරටත් පැහැදිලි කල කලමනාකාර තුමා එතුමා කොටින් පරදවා යුද ජයග්‍රහණය කලේ එලෙස අර මොකක්ද එක හංගා තවත් මොකක්ද එකකිං පහර දීමෙන් බව තමන් සමඟ පැවසූ බවද ප්‍රකාශ කලේය. එසේම තම අරමුණු කරා යාමට තම ශක්තිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් මෙන්ම ඉවසීමද අත්යාවශ්ය බවද තමන් 2010 ජනාදිපතිවරනයට ඉදිරිපත් වීම ඉවසීම සහ නිවැරදි තක්සේරුව පිළිබඳ හොඳ උදාහරණයක් බවද එතුමා පැවසූ බව කලමනාකාර තුමා තවදුරටත් පැහැදිලි කලේය.

එලෙස තම උපක්‍රම වල රහස්‍ය බාවය ආරක්සා කරලීමට උපරිම ලෙස කටයුතු කල යුතු බැවින් බොහෝ ජයග්‍රාහී උපක්‍රම අප කන්ඩායමට පවා එලිදරව් නොකල බවද ඔවුන් ඒ පිලිබඳව අඳෝ සංසාරයක් නොදන්නා බවද කලමනාකාර තුමා තව දුරටත් පැහැදිලි කලේය.


ටං...ටිං...ටුං..........


මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සබාපතිතුමා පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ඉදිරියෙදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙහිදී එංගලන්ත කණ්ඩායමේ උපදේසකයෙක් ලෙස ක්‍රියා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් හානියක් බවයි.

තමන් ඒ පක්ෂයෙන් මේ පක්ෂයට, යලිත් ආපහු අර පක්ෂයට, එලෙසම ඒ පිලෙන් මේ පිලට මාරු වුවද කිසිදාක ඒ පිලේ සැලසුම් මේ පිලටවත්, මේ පිලේ සැලසුම් ඒ පිලටවත්, ලබා නොදුන්නද දේසපාලුවන් මෙන් නොව ක්‍රිකට් ක්‍රීඩකයින් කෙරෙහි කිසිසේත් විස්වාසය තැබිය නොහැකි බව ඔහු පැවසීය.

"ඔන්න එයා දේසපාලනයට එනවනං ඒ පැත්තෙං මේ පැත්තට පනින එක අවුලක් නෑ . ඒත් දේසපාලකයෙක් වෙනකල් එයාට එහෙම කරන්ට ඉඩ දෙන්ට බෑ." සබාපතිතුමා අවදාරනය කලේය.


"මගේ තිබුනා මාස්ටර් ප්ලෑන් එකක්. ඒක හරියට අපේ කට්ටිය ක්‍රියාත්මක කලානං අනිවාර්යයෙන් අපි වර්ල්ඩ් කප් එක දිනනව. ඒකෙ තිබ්බ අපේ සම්පූර්ණ ස්ට්‍රැටජි එක. කොටිම්ම ලෝංග් ඕන් එකේ ඉන්න ෆීල්ඩර් අඳින්න ඕන ජොකාගෙ පාට හිටං මම ඒකෙ කියලයි තිබ්බෙ.අපේ ඕපනර්ස්ල පිට්ටනියට යද්දි කීපාරක් බැට් එක ඔලුව වටේ කරකවන්ට ඕනද? බෝලෙකට ෆේස් කරන්ට ඉස්සර කීපාරක් බැට් එක පොලවෙ ගහන්ට ඕනද? පලවෙනි බෝලෙම්ම පොලු ගලවල ගිහාම ආපහු එන්ට ඉස්සර ගැලවෙච්චි පොලු දිහා විනාඩි කීයක් බලා ඉන්ට ඕනද? ඔය වගෙ හැම පොඩි කාරනයක් පවා සවිස්තරව තිබ්බ ඒ මම හදපු ස්ට්‍රැටජික් ප්ලෑන් එකේ." 


"අස්ස රේස්ගැන ලංකාවෙ ඉන්න නොම්මර එකේ විසේසඥය හැටියට මම කාලයක් තිස්සෙ අස්ස රේස් ගැන ඉස්ටඩි කරල තමයි මේ ප්ලෑන් එක හැදුවෙ. සම්පූර්ණයෙන්ම එතන ගත්තොත් බොක්ස් පයිල්ම හතක්. අර අපේ හිටපු නායකය මට ආරංචි විදිහට ඔය පයිල් හතම කොපි කරල එංගලන්ත ටීම් එකේ අයට දීල. මේ පාර වර්ල්ඩ් කප් එක අපි පරදිනව හොම්බෙං යන්ට. ඒකෙ ආය දෙකක් නෑ." සබාපතිතුමා ඉතාම හැඬුම් බර ස්වරයෙන් පැවසීය.

මේ අතර ඊට පිළිතුරු වශයෙන් හිටපු ක්‍රිකට් නායකයා ප්‍රකාස කලේ තමන්ට විශාල මුදලක් ගෙවා එංගලන්ත කණ්ඩායමේ කලමණාකාරිත්වය බලාපොරොත්තුවනුයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ යම් යම් තොරතුරු වගයක් ලබාගැනීම බව සත්‍යයක් බව තමන් පිළිගන්නා බවකි. එහෙත් එංගලන්ත කලමනාකාරිත්වයට දැනගැනීමට අවශ්‍ය වන්නේ අප කන්ඩායමේ උපාය මාර්ග පිලිබඳව නොව දූෂණ චෝදනා කීපයකට ලක්වූ තවමත් එයින් නිදහස් නොවූ සූදු ව්‍යාපාරයක හිමිකරුවකු ක්‍රිකට් සභාපති පදවියට පත්වූයේ කෙසේද යන්න බව හිටපු නායකයා පැහැදිලි කලේය.


ටං...ටිං...ටුං..........

45 comments:

  1. Replies
    1. උඹට විතරක් නෙමෙයි අපිටත් තිත් තියන්න පුළුවන්, හරිය...

      Delete
    2. ....
      තිත් තියන්ඩ බැරි එකම සතා සිංහ මචං තමා.

      Delete
    3. සිංහ මචං නෙවෙයි, රංගන සහෝදරය.

      Delete
  2. Replies
    1. හුටා, තිත් තියන එක නැඟල යනව වගෙ නේද? ඉඳහල්ලකො මාත් තියනව තිතක්...:)

      Delete
  3. ඕන ගොනෙකුට කතිකාචාරය කන් කොරන්න පුළුවන් කියලා කතාවක හැදෙන නිසා වෙන්ටෑ සුදුසුකන් ඇහ්නන් ඉතරක් දෙන්නෙයි කීවේ..

    සභාපති අර්ජුන උනා නම් මැච් පරදින්නේ නැත. එමෙන්ම නිශාන්ත සිරගත කිරීමේ පාපයද ගෙවමින් සිටී. අද කන්නේ ප්‍රසන්නගේ සන්නිදායක කම නැති කිරීමේ පාපයටයි...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      එහෙම වෙන්න ඕන..අජ්ජුන කුමාරයා සබාපතිවුනානං ගහන ගහන මැච් එක දිනනව..ආය නෑ බඩු ෂුවර්...:)

      Delete
    2. පොල් ගැහුවනෙ

      Delete
    3. ඇඩෝ... කව්ද ඩෝ මගේ සන්නිදායක කම නැති කලේ.

      Delete
  4. තිත් තිත් තිත් මුවන්ට - තිත් තිබුනේ නැතිලු පුතේ - ඉස්සර කාලේ
    ගායනය ලතා වල්පොල

    කිරී තුමා මැරීගෙන කොරන්නේ කාටද කියලා මේ හුදීජනයාට නොතේරේ.

    සුමති තුමා සිරිලංකා කිරිකැට් ආයතනය තුලම කිරිකැට් තරග සඳහා ඔට්ටු ඇල්ලීමේ නවතම වියා පුරුත්තිය ආරම්බ කොරනවාලු. සාදු කියන්න පින්වත්නි සා...........දු.

    ReplyDelete
    Replies
    1. විචා,

      අර ගොත ගහන සර්ගෙ කතාව දන්නව නේද? " ළමයෝ මේ තීන්ත ටින් එ..එ...එ...ක ගෙනියල මගෙ..මේ..මේ..සෙ උඩ තිත්..තිත් ..තියන්න " කියල කිව්වෙ..ඉතිං පොඩි එකත් ඒ විදිහටම කලාලු.

      Delete
  5. අර තලප්පාව බැඳපු කෑල්ල පංජාබෙන්ද හොයගත්තෙ නියමයි.

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න ආවේ ඒ ගෑණු ළමයනම් ශෝයි නේද....? ඇදන් ඉන්න පෑන්ටියනම් අර මෙන්ඩා මහපු එකද්ද කොහේද?

      Delete
    2. ඇනෝ සහ කටුසු,

      පිස්සුද බොලව් ඒ ඇවිල්ල ජිප්සි ගර්ල් කෙනෙක්....

      Delete
    3. කටුස් කියපු උපාංගෙ ගහල තිබ්බද දන්නෑ “ටෙස්ටඩ් ඕකේ බයි මෙන්ඩා“ කියල?

      Delete
  6. නියමයි, අති විශිශ්ඨයි, උත්කෘශ්ඨයි. ඔන්න බඩු

    ReplyDelete
    Replies
    1. ඉයන්

      පරම රමණීයයයි, චර්ම ඡේදනයි, සර්වාභරණ විභූෂිතයි, සමන්ත භද්‍රයි.

      Delete
    2. රවි උච්චයි

      Delete
  7. //උෂෂ් අජ්ජාපන ඇමතිකමත් එක්ක ඒකෙ විසය පතයට ගැලපෙන තව මොකක් හරි ඇමතිකමක් ගන්ට කියල. ඒ පාර මම කිව්ව.... එහෙනං සෑර් මට මහාමාර්ග ඇමතිකම දෙන්ට//
    +++++++++ :)

    ReplyDelete
  8. මම හිතන්නේ මේ තමා සිරිලංකාව ලෝකයට විහිළු සැපයීමේ ස්වර්ණමය යුගය..

    ReplyDelete
    Replies
    1. Ambalan,

      We are the jokers, we are the jokers, we are the jokers of the world....:)

      Delete
  9. ඒ ඇමතිතුමා ගේ ඊලග ලියුම තමයි පනීම..

    ReplyDelete
    Replies
    1. අමිල,

      හත් පලේ ගා ගත්තා ඒ කරුණු පැහැදිලි කිරීමෙන්...හෙහ්,හෙහ්,

      Delete
    2. හත්පලේම ගාගෙන මුළු රටම ගඳ ගැස්සුවා. ඒ ගන්ධස්සාරය මුළු ලෝකය පුරාමත් පැතිරෙනවා රවී.ඒකයි තියන වේදනාව !

      Delete
  10. අවුරුදු ගානක් විපස්සේ ඉඳලා ඉඳලා ඇමතිකමක් ගත්තට පස්සේත්, මගේ එකෙක්ට රස්සාවක් දෙන්න බැරිනම් දීපන් මේ ඇමතිකම ළමයෙක්ට.....
    -කිරිඇල්ල-

    ReplyDelete
    Replies
    1. කටුසු,

      ඒකත් හරි තමයි බලාගෙන යනකොට....:)

      Delete
  11. මේ ටිකනම් මටම ඉදිරිපත්වෙලා නෙලුන්යායේ කියවන්න හිතෙනවා.. :) :D :V

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අන්න මරු එදාට තව එකක් ලියාගන්ට බැරිවුනොත් උඹ මල්ලි මේක කියවපං..උඹේ බැරිටෝන් වොයිස් එකෙං...

      එක්කොත් එදාට වෙනම එකක් ලියන්නං හෙහ්,හෙහ්, කරු ජයසූරිය ආය අජිතයගෙ මූනවත් නොබලන්ටත් ඕන නං ලිව්වැකි. ඔය මනුස්සය මරාගෙ දෑත් සක්තිමත් කරන්ට යූ,එන්.පී. එකේ දාහත් දෙනෙක් එක්ක කඩාගෙන ගිහිල්ල ආයම අර මොකක්ද කොහෙද ගහගත්තු මොකාද එකා වාගෙ අර දාසයම මහින්දට බාර දීල තනියම ආපහු යූ. එන්.පී. එකට ආව සීන් එක ගැන ලියන්නටත් නම් පුලුවනි. මොකද කියන්නෙ?

      Delete
    2. ඒකට අපේ තාත්ත කිව්ව, “ඉක්කයි මායි ගාලු ගියා ඉකන්ක හිටිය මං ආව“ කියල.

      Delete
    3. //මේ ටිකනම් මටම ඉදිරිපත්වෙලා නෙලුන්යායේ කියවන්න හිතෙනවා..//
      මේක කලින් ඔක්කොටම වඩා හොඳයි ඒවගෙම current. ඒක නිසා මේක කියවපන්. රවියව Skype එකෙන් සම්බන්ධකරගෙන එයාටම කියවන්න බැරිද?

      Delete
  12. මේ අතර තරගය අතරතුරදී බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ තම හිසේ දමා සිටි සුදු කොඩියක් වනන්නට පටන්ගත් බවත්,පෙරදිනදී වෙල්විදානේ තුමා දුන් උපදෙස් අනුව ඔවුන් පරාජය භාරගෙන ඇතැයි සිතා තව දුරටත් ක්‍රීඩාව තුලින් පහර දීමෙන් ක්‍රීඩා අපරාධ චෝදනා එල්ලවිය හැකි බැවින් උපක්‍රමශීලීව පසු බැස්ස බව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශ කරයි.

    ReplyDelete
    Replies
    1. ගස්,

      අඩේ මට ඒක අමතක වුනානෙ..චන්දික හතුරුසිංහ නේද බංග්ලාදේසෙ කෝච්...ඕකටත් අර සබාපතිය මොනවහරි කියයිද දහන්නෙ නෑ. අපේ රහස් බංගලියන්ට දුන්නයි කියල...:)

      Delete
  13. දූෂණ චෝදනා හිමිකරු වූද, රේස් බුකි හිමිකරු වූද, තව වැරදි කප්පරක් තිබුණා වූද සභාපොති තුමා අත ලංකාවේ වැඩි අලෙවියක් ඇති පත්තරයක් තිබීම හේතුවෙන් අර මුලින් කියූ සුළු සුළු අඩුපාඩු නිෂේධනය කරන්නට හැකි වූ බව අපගේ රහස් ලියුම්කරු එළිදරව් කර ඇත...

    ReplyDelete
  14. නියම කතා ටික...පාර්ලිමන්ට් ජෝක් ෆිල්ම් එකක් ගහතෑකි ආයෙත්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...