Monday, March 28, 2016

402. එෂැණිං පුවක් 10 - ක්‍රිකට් අර්බුදය සහ ආණ්ඩුකාර නාඩගම



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැළසුම් කමිටුව විසින් මහත් වියදමක් දරා පිළියෙල කල තරඟ සැළසුම අනුව ක්‍රියාකල අනෙකුත් ක්‍රීඩකයින් විසින් බරපතල පරාජයක් කරා කණ්ඩායම ගෙනයමින් සිටියදී තරඟ සැළසුමට හාත්පසින්ම විරුද්ධව එංගලන්ත කණ්ඩායම පරාජය කීරිමට උත්සාහ කිරීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි විනය විරෝධී ක්‍රියාවක් බව ක්‍රිකට් විනය කමිටුව අවධාරණය කර සිටි.

එංගලන්ත කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රම පිළිබඳ රහස් තොරතුරු එංගලන්ත කණ්ඩායමට ලබා දීම බලවත් සදාචාර විරෝධී ක්‍රියාවක් බව නොබියව ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා බවද ඒ චෝදනාව සැකයකින් තොරව ඔප්පු කිරීමට ලැබුණු මහඟු අවස්ථාව මැතිව්ස් මහතාගේ ඉවක් බවක් නොමැති පිති ප්‍රහාරය හේතුකොටගෙන අහිමිව යාමේ අවදානමක් අවසන් පන්දුවාර දෙක තුල තිබුණු බවත් එසේ වූයේ නම් ගරු සභාපතිතුමාගේ සැළසුම් සියල්ල ව්යාර්ථ වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් තවදුරටත් පැවසුවේය.

එළෙසම අවසාන මොහොතේ දෙයියංගේ හාල් කැවුණාක් ලෙස මැතිව්ස් මහතා හතර අතට නෙලන්ට ගත්තේ තරඟය කෙසේ හෝ ජයහ්‍රහණය කරවා ශ්‍රී ලංකා ක්‍රිකට් සබාපතිතුමා අපහසුතාවයට පත්කිරීමේ අභිලාසයෙන් කිසියම් පුද්ගලයකු ඔහුට යම් මුදලක් ලබාදෙන බවට පොරොන්දුවූ නිසාදෝයි සාධාරණ සැකයක් මතුවන බැවින් ඒ පිළිබඳව අපක්සපාත පරීක්සනයක් පවත්වන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුවට පැමිණිළි කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

ටං.....ටිං....ටුං...............

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයවූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලු සාමාජිකයින්ට ලෝක විස්සයි විස්ස තරඟාවලිය අවසාන වූ වහාම වසරක ක්‍රිකට් තහනමක් පනවන බව ඇෆ්ඝනිස්ථාන පාලක මන්ඩලයේ සභාපතිතුමා පවසයි. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවති තරඟය මුදල් මුදල් ලබාගෙන පාවාදුන් බවට ඒ මහතා චෝදනා කරයි. 

"මේ ගැන කිසිම පරීක්ෂණයක් අවශ්‍ය නෑ. ලංකාවට පැරදුනයි කියන්නෙ අනිවාර්යයෙන්ම මේ ගොල්ලො සල්ලි අරගෙන තියනව. ඒකෙ ආයෙ දෙකක් නෑ.මම මේ පාර අයි.සී.සී. මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන්න ඉන්නෙ ලංකාවත් එක්ක ගහල පරදින ඕනම කණ්ඩායමක සාමාජිකයන් ඔක්කෝටම අනිවාර්යෙන් අවුරුද්දක ක්‍රිකට් තහනමක් පැනවිය යුතුයි කියල. සල්ලි ගත්තද කියල පරීක්ෂණ කරන්න ඕන නෑ. ලංකාවට පැරදුනයි කියන්නෙ අනිවාර්යයෙන් සල්ලි අරං තියනව" ඇෆ්ඝනිස්තාන් සබාපතිතුමා ඉතාම හැඟුං බරව පැවසුවේය.


ටං.....ටිං....ටුං...............

මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය කාන්තාවක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හාංදුරුවං විසින් සොයාගෙන ඇත. මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාර පදවියට පත්කල නිලූකා සෙනෙවිරත්න මහත්මිය කාන්තාවක් නිසා දළඳාවෙහි පුද පූජාවන්ට සහභාගීවීම් අකැප බැවින් පිරිමියකු ඒ සඳහා පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමෙන් මේ නව සොයාගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය වන බව තතු දත්තෝ පවසති. 

එලෙසම දළඳාව ශ්‍රී ලංකාවට ගෙන ආවේ කාන්තාවක් විසින්ය යනුවෙන් ප්‍රචලිත පුරා වෘත්තය පිළිබඳවද මේ අනුව සැක පහල වන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඒ අනුව හේමමාලා කුමරිය සත්‍ය වශයෙන්ම කාන්තාවක්ද යන්න සොයා බැලීමට පිළිගත් ඉතිහාසඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇත. 

නානසාර නමැති චීවරදාරියා යනු රට ජාතිය වෙනුවෙන් ඉදිරියට යන එඩිතර බික්සුවක් බවට රෙකමදාරුවක්ද ද මේ මෑතකදී අස්ගිරි මහානායක හංදුරුවං විසින් නිකුත්කොට වදාල බැවින් අස්ගිරියෙන් නිකුත්වන ප්‍රකාශ පිළිබඳව කිසිදු සැකයක් ඇතිකරගත යුතු නැති බවත් එම ප්‍රකාස පරම සත්‍යසේ පිළිගත යුතු බවත් මේ අතර විස්ලේසකයෝ පවසති.


ටං.....ටිං....ටුං...............

ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට "සප්ත ශාරීරිකස්ථාන ආලේපක ශ්‍රී ලංකා පරම භූෂණ" ගෞරව නාමය පිරිනැමීමට සමස්ත ලංකා හත්පෝල් ගාගන් සංගමය ඒකමතිකව තීරණය කරයි.මධ්‍යම පළාතේ ආණ්ඩුකාර තනතුර පිරවීමේදී එතුමා දැක්වූ කෘතහස්ත බහුශෘත ඥාණය එමෙන්ම රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ මනා අවබෝධය සැළකිල්ලට ගෙන මෙම ගෞරව නාමය පිරිනමනු ඇත. එම ගෞරව නාම පිරිනැමීමේ හේතුපාඨය මෙළෙස වනු ඇත.

"අතිගවුරවාර්හ කොරල පෙඤ්ඤඤ්ඤා මූඩියන්සේලාගේ මරා මහතා ප්‍රමුඛ පසුගිය සමයේ රට වල පල්ලට යැවූ හොර තක්කඩින් රැල කොයිවේලේ රජය පෙරලා යලි බලය අල්ලා ගනිම්දෝයි කැස කවමින් රජය බුද්ධාගමට සහ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව කටයුතු කරන බවට රට පුරා ප්‍රචාරයන් ගෙනයමින් ජනතාව නොමඟ යැවීමට තැත්කරන අතර රජයට විරුද්ධව තවත් මහජනයා ඇවිලවීමට ඔවුන්ට උඩගෙඩිදීමක් වන් එසේ නැතහොත් පනින රිලවුන්ට ඉණිමං බැන්දාක් බඳු, නොහොත් කොහොමත් දුවන බල්ලාගේ පස්චාත් භාගයට තව පැට්‍රෝලුත් ගැසුවාක් මෙන්, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට ඔබගේ කේන්දරය බලන නක්ෂස්ත්‍රකාරිය කිසිදු බියක් සැකක් විලි ලැජ්ජාවක් නොමැතිව පත්කිරීමෙන් ප්‍රදර්ශනය කල අත්තනෝමතික මූඨභාවය වෙනුවෙන් මෙවර "සප්ත ශාරීරිකස්ථාන ආලේපක ශ්‍රී ලංකා පරම භූෂණ" ගෞරව නාමය මෙසේ ඔබට ප්‍රදානය කරන්නට යෙදෙන්නාහ.....අං ඇති සිද්ධි රස්තු" 

ටං.....ටිං....ටුං...............

56 comments:

  1. කොරල පෙන්නන තුමාගෙන් බේරීමට මයි තුමා පශ්චාත් භාගය වෙලාපත්කඩකින් වසා ගත් වගයි...ටිං ටිං ටං ටාංන්

    ReplyDelete
    Replies
    1. මේ නම් නිතරම තමන්ටම තුමා කියල කියාගන්න බයිතුමෙක් වගේ...හෙහ්,හෙහ්,

      Delete
  2. "සප්ත ශාරීරිකස්ථාන ආලේපක ශ්‍රී ලංකා පරම භූෂණ"

    මෙන්න මේවගේ නම් වලින් නෙළුම් යායේ සම්මාන දෙන්න අජියට හිතෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහෙද අර lifetime එකට ඔය වගේ නමක් දාමු කියල මන් කියුව.. hall of fame කියා කියා ඉඳලා ඒක ඉංගිරිස් නේ කියල අන්තිමට අත්හැරිය..

      Delete
    2. ඇත්තට කලණෙ ඔය hall of fame එකට හරියන සිංහල ට්‍රාන්ස්ලේසොං එකක් නැතෙයි
      #රවී තුමා #කලණෙ #තව ඔන කෙනෙක්

      Delete
    3. ඔය රවිය කියල තියෙන එක නම් ට්‍රාන්ස්ලේට් වෙන්නේ 'හත් පොලේ ගාගන්නව' කියල

      Delete
    4. ඉයන්,

      අවුලක් නෑ එහෙම ඕනනම් නම් හදමු අපි...:)

      Delete
    5. කළ්යාණ / මහේෂ්,

      හෝල් ඔෆ් ෆේම් කියන එකට සිංහලෙං කියන්නෙ යශෝමණ්ඩපය.

      Delete
    6. යකඩෝ ඒක මාර ට්‍රාන්ස්ලේසං එකක් නෙව හැක්
      තැංකූ රවි අයියා

      Delete
  3. මේ අනුනායකලාට නම් දෙයියන්ගෙ හාල් කැවිලද මන්දා.ඇයි යකෝ හේමමාලි කුමාරි කොන්ඩේ හන්ගගෙන ආව එකේ දැන් විතරක් මොකද ගෑනු අරහං ඔතනට?
    රවිගේ සම්මාන වලට සුබ පැතුම්.
    කෝ බං අර කුකුලගෙ කතාවෙ ඉතුරු හරිය?තව කල් ගියොත් කියපු ටික අමතක වෙලා ආයි මුල සිට පටන් ගන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      අස්ගිරියෙ අනුනායක කියන විදිහට එහෙම නෙමෙයිලුනෙ. ඔය අස්ගිරිය කියන්නෙ අන්තිම වැඩවසම් පන්සලක්. මල්වත්ත තව සාපේක්ෂව හොඳයි.

      සුබපැතුමට ස්තූතියි කුමාර....කුකුළ ගැන ඉක්මනටම ලියල ඉවරයක් කරනව. ඉක්මනටම ඉවරයක් කරනව.

      Delete
    2. ඔතන පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා දළදාව ගෙනාවේ ගැහැනියක් ඉස්සෙල්ල හිටපු කෙනත් ගැහැනියක්.... නමුත් ප්‍රචාරය යන විදිහට දැන් ආණ්ඩුකාර දෙකටම නැති කෙනෙක් ලු ....

      Delete
    3. ඇනෝ,

      එහෙම කේස් එකකුත් තියනව. ඒත් මේ හාමුදුරුවො ඒක කෙලින්ම කියන්න එපාය.

      "මනුස්සයෙක්ගෙ ශාරීරික ස්වභාවය අනුව පහත් කරල සළකන එකට අපි විරුද්ධයි. ඒත් අපේ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර කියල දෙයක් තියනව. එව්වත් කාලානුරූපව වෙනස් වෙන්ට ඕන. ඒකත් අපි පිළිගන්නව. ඒත් එහෙම වෙනස් වෙනකල් අපිට ඒ සම්ප්‍රදාය රකින්න වෙනව. ඒ සම්ප්‍රදාය අනුව මෙහෙම කෙනෙක් අපිට පිළිගන්න බෑ."

      අන්න එහෙම අනම් මනම් නැතුව කෙලින්ම කිව්වනම් වැඩේ ඉවරනෙ. මේක එහෙමද? කියන්නෙ ගැහැණියක් හින්ද බෑ කියලනෙ.

      Delete
    4. සහතික ඇත්ත ඒත් මේ රටේ ඇත්තට සහ කෙලින් කතාවට තැන අඩුයි සහ කෙලින් කතා නොකරණ කම නිසා මොකක් හරි කියන්න ගියාම ඇත්තෙන් බාගයක් කියලා වැඩේ අනා ගන්නවා... මොකද තේරුම් ගන්නෙත් ඒකෙන් බාගයි.

      Delete
  4. සම්මානයෙන් පිදුම් ලද නිදහස් සිතුවිලි බ්ලොගයට ආසිරි මල් මිටක්

    ReplyDelete
    Replies
    1. Thanks Deen.....බොහොම බොහොම බොහොමත්ම කාලෙකින්..ඔබ දැකීමද සතුටකි....:)

      Delete
  5. සම්මාන පිට සම්මාන ගත්තු රවීයියාට ආයෙමත් සුබ පැතුම් !

    මැතිව්ස් මහතාගේ පිතිහරඹය පිටි පස්සේ නිසැකවම බටහිර කුම්න්ත්ර්ණකාරයෝ ඉන්නවා.මම දැහින්ම දැක්කා උන්නැහේ බැට් කරන කොට විකට් එකට පිටිපස්සෙ අර ජෝෂ් බට්ලර් කියන සුද්දා ඉන්නවා.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරයට "නිලූකා ඒකනායක" කියන කාන්තාව පත් කිරීම ගැන මමත් විරුද්ධයි.ඒ ඇය කාන්තාවක් කියන පටු ආකල්පයෙන් නෙමේ.ඇයට මේ වගේ තනතුරක් දරන්න තියෙන සුදුසුකම් මොනවාදැයි කියන ගැටලුව නිසයි මම මේ පත්වීමට විරුද්ධ.ජනපතිවරයා හත් පොලේ ගා ගන්න මේ වගේ නුසුදුසු පත් කිරීම් හේතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්, සුබපැතුමට ස්තූතියි...:)

      ඔය පත්කරපු පුද්ගලයා ඇත්තටම ගැහැණියක්ද නැත්නම් පිරිමියෙක්ද කියන ප්‍රශ්නෙ පැත්තක තිබිච්චාවෙකො.ඒ මනුස්සය ගැහැණියක් විදිහට ඉන්න පිරිමියෙක් කියලත් කියනවනෙ. ඒ කතා නොසලකා හැරල අපි ඇය කියපු දේ පිලිගනිමුකො. ඒ කියන්නෙ ඇය පිරිමියෙක් විදිහට ඉපදුනාට හැඟීම් වලින් ගැහැණියක්. ( A Woman trapped in a man's body ) එහෙම අයට කියන්නෙ Trans Gender කියල. හෝමෝන ප්‍රතිකාර වලින් ඒ අයට තමන් කැමති ලිංගයක පුද්ගලයෙක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන්.

      එහෙම අයට බටහිර රටවල අනික් හැමෝම වගෙ සාමාන්ය ජීවිතයක් ගත කරන්න පුලුවන්. අපේ රටෙත් එහෙම ලිබරල් සමාජයක් බොහොම ඉක්මනට බිහිවෙන්ට ඕන. ඒ නිසා එහෙම කෙනෙකුට මේ වගෙ තනතුරක් දුන්න එක හොඳයි. එතකොට ඒ ගැන සමාජයෙ කතිකාවක් ඇතිවෙනව. ඒත් මෙතන වැරැද්ද මේ මනුස්සය පත්කලේ එහෙම හිතල නෙවෙයි. තනිකරම ජනාධිපතිගෙ කේන්දර බලපු හින්ද.

      Delete
  6. ක්‍රිකට් මැච් එක දවසෙ අපි වෙන මැච් එකක් ගැහුවනෙ ඉතිං මැතිවුස් ගැන කියන්න දෙයක් දන්නෙ නෑ, කොහොමත් බුවාට ඉදල හිටල ආච්චි වැහෙනව කියල නම් දන්නව.
    අපේ හිටං කෙරුවොත් කරන්නෙ චාටර් වැඩම තමයි ආණ්ඩුකාරවරිය වෙන්න සුදුසුකම් නැති කෙනෙක් පත්කරන්න ඇත්තෙ එයාගෙ කලින් නායකයගෙ ආභාෂය අරගෙන වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / ක්‍රිකට් මැච් එක දවසෙ අපි වෙන මැච් එකක් ගැහුවනෙ ඉතිං මැතිවුස් ගැන කියන්න දෙයක් දන්නෙ නෑ,/

      ආරංචියි..ආරංචියි...උඹ අත්දෙකට වීදුරු දෙකක් අරගෙන එකපාර ඩබල් ෂොට් ගැහුවයි කියල...:)

      Delete
  7. නිලුකා එකනයකට තියෙන ලොකුම චෝදනාව 'ඔහු' ගැහැණියෙක් නොව එලෙස රංග පාන කෙනෙක් පමණක් බවයි.. දෙපාරක් වැරදි කරු වෙලා තියෙනවා ඒ වැරැද්දට.. අපේ ගනසාර ලා විරුද්ද වෙන්න ඕනි එහෙම දෙකට.. නමුත් (විරුද්ද උනේ මොකට උනත්) කතාව යන්නේ transgender නිසා විරුද්ද උනයි කියල.. අර සම්මනෙම ගනසාර ලාටත් දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. කළ්යාණ,

      / නමුත් (විරුද්ද උනේ මොකට උනත්) කතාව යන්නේ transgender නිසා විරුද්ද උනයි කියල../

      එතන කුල කේස් එකකුත් තියනවයි කියලයි ආරංචිය....

      Delete
  8. නෙළුම් යාය සම්මාන උලෙලේදී, සම්මාන වලින් පුද ලද රවී අයියාට උණුසුම් සුබපැතුම් !

    කළ සේවය දිගටම, වඩාත් හොඳින් කිරීමට හැකියාව ලැබේවා !!

    ReplyDelete
  9. සුමනදාසට දෙන්න තිබුනෙ. මිනිහ විතරයි නස්තත්ත්‍ර හරියට කලේ

    ReplyDelete
    Replies
    1. Pra,

      සුමනේ සුමනේ සුමනේ.....පව් අහිංසකය,

      Delete
  10. ගුරා හිටගෙන හුජ්ජ කොරනව නං ගෝලය දුව දුව හුජ්ජ කොලහම මකක වෙනවද ආයිබංඩ. ආයෙ ex ගෝලයවුණැයි කියල වෙනසක් තියෙයිය..
    ඒ පාරෙ ගිහිනුත් බලන්න එපැයි.

    එකෙට්ට විතරක් ආච්චි වැහුණට වැඩක් නෑ. මක්ක කරන්නද.
    අනික් අය අයි පී එල් යන්න රෙස්ට් කොරනව නෙ. පව් ඉතිං ඔහොම කියන්න එපා. පව්ව්ව්ව්ව්... කියක් හරි හොයාගන්න එපැයි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      කීයක් හරි හොයාගන්ටත් එපාය...නැද්ද?

      අඩේ තව පොඩ්ඩෙන්නං.....සුබ පැතුම් මහේෂ්!!!

      Delete
  11. බංග්ලාදේශ් එවුන්ට හෙණ ගහන්න ඕනෑ කියන එක මිසක් ක්‍රිකට් වල වෙනත් දෙයක් දැනට කල්පනා නොවේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      අපොයි අර මක්කලාටද ඒ අහිංසකයො. ලාස්ට් බෝල් තුනේ විකට් තුනකුත් ගිහිල්ල තව හෙණත් ගහපල්ලකො.

      ඩෝන්ට් කලබල..වෙස්ට් ඉන්ඩීස් ගහනව ඉන්දියාවට සෙමි ෆයිනල් එකේදි....:)

      Delete
  12. ව හ් හා ම, කිරිකට් සබාව එල්ලේ සබාව යටතට පත් කරනු.

    හැබෑට අර නෝනා/මහත්තයා ගැන අර හාන්දුරුවෝ ඔච්චරටම ටක්කෙට දන්නේ කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. විචා,

      හාමුදුරු ගොල්ල නොදන්න දෙයක් තියනවද?

      Delete
  13. මේ දිනවල පිරිනැමීමට නියමිත " සමස්ත ලංකා හස්තයෙන් ගෙන අධෝමුකයෙහි රුවාගැනීමේ හිටං ගෞරව පදවිය" සඳහා නිර්දේශිත වත්මන් ජනපතිතුමා රටවැසියන් ගැන නොසිතන නායකයෙකු බවත් ඔහු හුදෙක් ක්‍රියාකරනුයේ තමන්ගේ පවුලේ සාමජිකයින්ගෙන් පලිගැනීම උදෙසා බවත්, සාක්ෂි විසංදිත ජහමන මුදල් භක්ෂක හිටපු ජනපති පවසයි .පසුගියදා තම හිතවත් ගව හොරෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ මෙවැනි දේවලින් තමන්ව නැවැත්විය නොහැකි බවත් පලමුවත් දෙවනුවත් තෙවනුවත් තමන් හා එකව සිටින කාපාලුවන්ගේ අනාගතය උදෙසා කැපවන බවයි,වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා තම පපුවට දේයි දේයි දේයි යනුවෙන් තඩිගසාගනිමින් පවසා සිටියේ " ගූ කප්පරක් කෑ තමන්ට පඩ ගඳත් ගඳක් නොවන බවයි."

    ReplyDelete
    Replies
    1. ඇනෝ.,

      දේයි, දේයි යන අනුකරණයෙන්...හෙහ්,හෙහ්,

      Delete
  14. රවී අයියාගේ සම්මානයට සුබ පැතුම්..

    මම මේ කල්පනා කරන්නෙ අර DD බෝතල‍ේ ගැන ලියන්නැති මේ මනුස්සයට දෙන්න ඕන මොන සම්මානෙද කියල හිටං.

    ReplyDelete
    Replies
    1. ප්‍රස්න්න,

      ස්තූතියි බං බොහොම ස්තූතියි...:)

      Delete
  15. මේ රට නම් කවද හැදෙයිද මන්දා...

    ඒක නෙමේ... ලද සම්මානවලට සුබ පැතුම්.. ජය ම වේවා.. වැඩි වැඩියෙන් විප්‍රකාර ලියැවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      තෑන්ක්යූ...තෑන්ක්යූ..

      විප්‍රකාර එතකොට ඒ?..විප්‍රකාර සහ මනෝ භ්‍රාන්ති...:)

      Delete
  16. අයියෝ ක්‍රිකට්

    ReplyDelete
    Replies
    1. කසුන්,

      සංක්‍රාන්ති කාලයක් මේ ගතවෙන්නෙ...:)

      Delete
  17. සම්මානනීය රවී බ්ලොග්තුමාට සුබ පැතුම් :)

    ReplyDelete
  18. අපි එසේ මෙසේ නොවන බ්ලොග් එකක යාවජීව සාමාජිකයෝ කියලා දැනෙද්දි සම්මානෙ ලැබිල උඹට දැනුණු සතුටට වඩා සතුටක් අපිට දැනෙනවා.... අපි සම්මානලාබී (ඔය ලාබී කියන්නේ ලාවට බීලා කියන එක නේද?) බ්ලොග් පාටකයෝ, හරී?

    ReplyDelete
    Replies
    1. තිසර,

      බොහොමත්ම ස්තූතියි මල්ලි...උඹ එදා ඉඳලම මගෙ පාඨකයෙක්.....:)

      Delete
  19. /අං ඇති සිද්ධි රස්තු/ මං දන්නව මේක කොහෙංද අාවෙ කියල.

    මං මේ දවස්වල ගොඩක් බිසී. ඒ හින්ද පත්තර කියවන් නෑ. පුවක් එෂැනිං කියෙව්වම, දවස් දෙක තුනක ප්‍රවෘත්ති එක පාරිං කවර්.

    ඒක නෙවෙයි. මෙදා පාර නෙළුං සම්මාන දෙකක්ම ලැබුණ. ඒ සම්මාන වලට රවි අයිය නිසැකවම සුදුසුයි. ඒ ගැන මගෙ සුභපැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. Dracky,

      / /අං ඇති සිද්ධි රස්තු/ මං දන්නව මේක කොහෙංද අාවෙ කියල./

      I know that you know, :)

      " මූඩියන්සෙලාගේ " වචනෙ ආවෙත් එතනින්ම තමයි...:)

      මගේ සුබ පැතුම් ඩ්‍රැකී...:)

      Delete
  20. සම්මානයට සුභපැතුම් රවී.

    අර ගෑනිගෙ පත්වීමට නං මාත් විරුද්ධයි. ලිංගෙට නෙවේ පත්වීමට. මේ ලිංග කේස් එක හැමෝම අල්ලාගැනීම නිසා මෙවන් පත්කිරීම්වලට එරෙහිව ඇතිවියහැකිව තිබූ ෆේස්බුක් වෛරල් අවදානම නැතිවීමම ඒ ගෑනිගෙ වාසනාව.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      ඇත්තටම මේ කෙහෙල්මලක් හින්ද ඒ මනුස්සය නිකම්ම කේන්දර කාරියක්ය කියන කේස් එක එහෙම්මම යටගියා.

      My best wishes Raj...:)

      Delete
  21. ක්‍රිකට් විචාරකයෙක් වෙලා එක පෝස්ට් එකක් විතරක් දැම්ම! 
    මදෑ!!

    ReplyDelete
    Replies
    1. උඩුවා,

      ඇති ඇති හොඳටම ඇති...:)

      Delete
  22. ආහ්!
    හමුවෙන්න බලාගෙන නෙළුම් යායට ආවත් මුණගැහෙන්න බැරිවුණා! 
    සුභපැතුම් සම්මානයට

    ReplyDelete
    Replies
    1. මට එන්න වුනේ නෑ බං..ආය දවසක හමුවෙමු!!!

      Thank You!

      Delete
  23. සම්මානයට සුබපැතුම්! (මට නිකමට හිතුනේ අර හේතුපාඨ ලියන එක රවී කළානම් මොකක් වෙයිද කියලා :) )

    ReplyDelete
    Replies
    1. //මට නිකමට හිතුනේ අර හේතුපාඨ ලියන එක රවී කළානම් මොකක් වෙයිද කියලා //

      එතකොට සිංහල, සිංහලට පරිවර්ථනය කරන්න ට්‍රාන්ස්ජෙන්ඩර් නෑ මම කිව්වෙ ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් ඉන්න වෙනව.

      Delete
  24. ඔබතුමාට ලැබුණු සම්මානයට සුභපැතුම් පිළිගන්න ...

    ලෝකේ පිළිගත්තු වුර්තීයන් සහ විෂයන් ඉගෙනගන්න යොදපු කාලය කේන්දරයක් බලන්න ඉගෙනගත්තනම් උඹල අපිටත් කලක් යන්න ඉඩතිබ්බ රවී..

    ඇත්තටම අපි රජයට බලකර හිටින්න ඕන පාසල් විෂය මාලාවේ සියලු විෂයන් අයින් කරලා ඉස්කෝලවල පීරියඩ් අටේම කේන්දර බලන්න උගන්වන්න කියල.. ඊට අමතරව දේවාලවල කපු වැඩේ කරන්න වගේ විෂයනුත් හොඳයි.. හෙහ්..

    බුද්ධිය නොසපයන උගත්කම පමණක් සපයන අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ බිහිවෙන හරක් පට්ටිය පාලනය කරන්න භූරුවන් රජවෙන එකේ ඒ තරම්ම අවුලක් නැහැ රවී.. හැක්..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...