කෙනෙකුගේ හැකියාවන්, ධනවත්කම, සමාජ තත්ත්වය, රැකියාව ආදිය පිළිබඳ වෙන කාටත් වඩා වැදගත් ලෙස දැනෙන්නේ ඒ අදාළ කෙනාටමයි. අනෙක් සෙසු සමාජයට සමහරවිට ඒ දේවල් සතුටක් ගෙන දෙන්න පුලුවන්. නැත්නම් ඉරිසියාවක් ඇති කරවන දෙයක් වන්න පුලුවන්. ඒ කිසිවක් නොමැති ව, ඔහේ තිබෙන්නාට තිබෙන දෙයක් ලෙසින් දැනෙන දෙයක් වන්නත් පුලුවන්.
එහෙත් අපි මේ පොළොව මත හුස්ම ගන්නාතාක් කල් අවට සිටින්නන්ගේ ඉහත කී හිමිකම් අපට විවිධාකාරයෙන් බලපාන බව නොරහසක්. ඒවා සමහරවිට ඇඟිල්ලෙන් ඇන ඇන අපට ඉරිසියාවක් ඇති වනවාදැයි බලන්න අපේ ඇස් ඉදිරියෙන් වනන, එවිට එම විලම්බීතය හමුවේ කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව අප නිරුත්තර කරවා, විසුළු පෙනුමක් අපට ගෙන දෙන දේවල් වන්නට පුලුවන්.
මටත් අඩු වැඩි වශයෙන් ඔය වැනි අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙන අතර එවැනි දේවල් දිනෙන් දෙකෙන් අමතක කර දැමුවද, යම් කිසි හේතුවක් නිසා, එයින් සිදුවීම් දෙකක් කිසිදා අමතක නොවන ලෙස මගේ හිතේ සටහන් වී තිබෙන බව කිව යුතුයි. (සමහරවිට මේ සිදුවීම් දෙකට සම්බන්ධ පුද්ගලයින් මා මගේ හිතවතුන් ලෙස සිතා සිටි නිසා විය හැකියි - දැනටත් ඇයි හොඳයියට එතරම් හානියක් වී නැහැ)
ඇය මගේ මිතුරියක්. අප දෙදෙනා බොහෝවිට අවුරුද්දකට සැරයක් දෙකක් හමුවන අතර මේ කියන දිනයේ පෙර කතා කරගත් පරිදි අපි එක්තරා ප්‍රදර්ශනයකදි හමු වී සිටියෙමු. ඇය අවිවාහක වන අතර දැකුම්කලු ලෙස අඳින පළඳින ඇයට, ඒ දේවල් කවුරුන් හෝ අගය කිරීම සතුටක් ගෙන එන බව කාලාන්තරයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි මම දැන සිටියෙමි. එදින ඇය රත්‍රන් වර්ණ ආලේපිත නව අත් ඔරලෝසුවක් පැළඳ සිටියාය. සම්පූර්ණ රත්‍රන් වර්ණ ඔරලෝසු වලට මගේ කැමැත්තක් නැත. නමුදු එය ඇගේ කැමැත්තය. ඒ ඔරලෝසුව පිළිබඳ ව ඈ සතුටු සිතින් පසුවන බවද මම වටහාගෙන සිටියෙමි. ඉදින් ඇගේ සතුට වැඩි කරනු වස් ඇගේ අත ගෙන ඔරලෝසුව නරඹමින් මෙසේ පැවසූවෙමි.
“ශා... නංගි. ලස්සන වොච්චෙක. ඔයාට හරියට ම ගැලපෙනවා“
ඇගේ මුහුණ සිනාවකින් ආලෝකවත් විය. බැබලෙන දෑසින් මා දෙස බැලූ ඈ මෙලෙස පැවසුවාය.
“හ්ම්... ලස්සනයිනේ? ලොකු ගාණක් වුණා. ඒ වුණාට ලස්සන නිසා ගත්තා“ ඇගේ මුහුණෙහි වූයේ ‘මෙවැනි දේ ආවාට ගියාට හැමෝටම ගත නොහැකිය‘ වැනි පෙනුමකි. එවන් විටකදි මා කුමක්ද පැවසිය යුත්තේ? ඇගෙන් එවැනි ප්‍රතිචාරයක් කිසිදාක බලාපොරොත්තු නොවූයෙමි. මගේ මුහුණ ඇද වුණා විය යුතුය.
“ආනේ ඇත්තද? කීයක් වුණාද?“
ඇය යම් ගණනක් පැවසුවාය. ඇය නොදත්තාට, එම ප්‍රදර්ශනයට පළඳින්නට මා නොසිතුවාට, මා සතුව එකල තිබූ රිදී පාට අත් ඔරලෝසුව ඈ පැවසූ අගයට වඩා මොණරුන් දෙතුන් දෙනෙකුට වඩා මිල වූ එකකි.
ඇගේ රත්‍රන් පාට ඇයටමය. මගේ රිදී පාට මටමය. අප තේරුම් නොගන්නේ එයමය.
(රත්‍රන් වර්ණ ඔරලෝසුවක් වර්ණනා නොකර, “ඊයා මට නං පේන්න බැහැ ගෝල්ඩ් කලර් වොචස්“ කිව්වා නම් ඇයට කුමක් සිතෙනු ඇතිද?
අනෙක් අතට එවන් විටකදි තමන් පැළඳි දෙයෙහි වටිනාකම කියන්නට ම ඕනෑ නම් අනෙකා නොරිදවා කියන අයුරුද මම අත්දැක ඇත්තෙමි.
“අනේ ඇත්තද? තැන්කියු ඩියර්. එච්චර ගාණක් වුණේ නැහැ අනේ. රුපියල් සියයි/ දහයි/දහදහයි/විසිපන්දාහයි/කෝටියයි වුණේ අනේ“.
තමන් මිල අධික දේ භාවිතා කරන බව හඟවන්නට වුවමනා වුවත් අවාසනාවකට මෙන් මගේ මිතුරියගේ පිළිතුරෙන්, ඇයට එම මුදලත් සැළකියයුතු මුදලක් බව මිසක එයින් ඇගේ ධනවත් බව විද්‍යාමාන වීමක් සිදු නොවන වග ඇය වටහා නොගත්තාය. දෙවැනුව මා දක්වා ඇති පිළිතුරෙන් අසා සිටින්නාද අපහසුවට පත් නොකර පිළිතුර දෙන්නාගේ උවමනාවද සන්තර්පණය කර ගත හැකිවේ.)
මී ගාව සිද්ධිය සිදු වී දැන් අවුරුදු 2ක් පමණ ගතවී ඇත. ඒත් විටින් විට එය මට සිහිවේ. මේ කියන මිතුරා මට වඩා අවුරුදු දෙක තුනක්වත් ලා බාලය. ඔහු මෑතකදී අලුත් ව්‍යාපාරයකට අත ගැසුවේය. ඔහුත් ඔහුගේ බිරිඳත් එක්ව කරන මෙම ව්‍යාපාරය කුමක්දැයි හරි හැටියට පැහැදිලි නැති නමුත් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූවක් බව දනිමි.
ඔහු දිනක් උන් හිටි හැටියේ කතා කොට මගේ රැකියා ක්ෂේත්‍රයේ දෙතුන් දෙනෙකුට පුරප්පාඩු ඔහු සතුව ඇතැයි පැවසුවේය. පිරිමි අයට ක්ෂේත්‍ර සැරි සැරීමට මෝටර් සයිකලයක් දෙන බවත් කාර්යාලයේ රැඳී කටයුතු කරන්නට නම් කාන්තාවක් නම් වඩා හොඳ බවත් පවසා අතිකාල හා වෙනත් දීමනා සහිත වේතන පරිමාව ගැන මා දැනුවත් කළේය. මා, සොයා බලා පවසන්නම් යැයි කියා සංවාදය නවතන්නට සූදානම් වූ මොහොතේ ඔහු මගෙන් විස්තර විමසා සිටියේය.
“තාමහ් පරණහ් තැනද වැඩ කරන්නේහ්?“
ඔය ‘හ්‘ අකුරු වලින් ඔහුගේ කතාවේ වූ ‘නුඹ තාමත් අනුන්ට කඹුරන්නෙහිය. මා නම් ව්‍යාපාර හිමියෙක් ව සිටියි‘ යන්න මොනවට ඇසෙන්නට විය.
“ඔව් අනේ. හදාගත්ත පැල දාලා කොහේ යන්නද අනේ?“ මම සිනාසෙමින් පැවසීමි.
“මොනවද හලෝ, එන්න අපි ගාවට. පේනවානේ අපේ සැලරි ස්කේල් එක. ඕවා කර කර ඉඳලා හරි යනවද?“
වෙන කිසිවක් මගේ මුව අගට නොආවේය.
“පිස්සු හැදෙයි!“
‘අක්කේ‘ යන්න, හලෝ වීම නම් කමක් නැත. ඒත් ඔහු කොහොමද මගේ රැකියාව, මගේ රැකියා තත්ත්වය පහත හෙළා කතා කරන්නේ? ඔහු නොදත්තාට ඒ වනවිට ඔහු පැවසූ වේතන පරිමාව තුනෙන් බෙදා පහෙන් වැඩි කළ විට ලැබෙන අගයට කිට්ටු අගයක වේතනයක් ලබමින් සිටියෙමි. දැන් ඒ වේතනයද හැරදමා මම නිවසේ රැඳී සිටිමි. ඔහු දිවා රෑ නොබලා බඩ වියත සොයමින් සිටියි.
ඔහුගේ ව්‍යාපාරය ඔහුටය. මගේ රැකියාව මටය. අප තේරුම් නොගන්නේද එයමය.
කෙනෙකු තමන්ගේ විස්තර පිළිබඳ කටමැත නොදෙඩීම නිසා, ඒ අය තමන්ට වඩා අඩු අගය මට්ටමක ජිවත් වන පිරිසක් යැයි උපකල්පනය කිරීමට සමහරෙක් පෙළඹෙන හැටි මෙවැනි සිද්ධි වලින් මොනවට පැහැදිලි වේ. එසේ වූවා කියා ඔවුනට ඇඟිල්ලෙන් ඇන ඇන නිවරද කිරීමේ උවමනාවක් මට කිසිදා ඇති නොවේ. එහෙත් මෙය කියවන ඔබ අතින් ද මෙවැනි දේ සිදුවන්නට ඉඩ ඇත. එවන් විටකදි මගේ මේ අකුරු ටික මතක් වුවහොත් අනෙකා එවැනි විලම්බීතයක අතරමං කර නොදමා සිටින්නට ඔබට හැකිවනු ඇත. (කුරිරු සතුටක් ලැබීමේ පරම චේතනාව මුල් කරගෙන පවසන දෑ කෙරෙහි මෙය අදාළ නොවන බව කරුණාවෙන් සළකන්න)
මොනාද අනේ ගෙදෙට්ට වෙලා මහත්තයා ටයි ලමයින්ටයි කඹුරන්නේ.. එන්න අපිත් එක්ක නෙලුං යායේ වැඩ කරන්න. අපිට ඩොලර් වලින් ගෙවන්නේ..
ReplyDeleteප.ලි. ඊලඟට ලියන්න එපා ඔහු නොදත්තාට මේ වෙනකොට මා ඩොලර් තුනෙං බෙදා පහෙං වැඩිකර පවුං වලින් ගෙවමින් සිටියේ කියල හෙම.. හිහ්..
අහ්.. කොමෙන්ට් එකක් දාන්න බැරි උනානේ. ඔය කතාවෙම පරණ කාර් vs අලුත් කාර් වර්ශන් එක අහල මටත් ඇති වෙලා.. :)))
පරණ කාර් අලුත් කාර් කතාව විස්තර ඇතිව කියන්න බැයිද?
Deleteඅපිටත් ඩොලර්, පවුම් ටිකක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නෙ නෑ...
Deleteඇයි ඔයිට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. ‘‘තා........මත් කෙනෙක් හමුවුණේ නැද්ද?‘‘
යක්ෂයා ආරූඪ වී... ‘‘තාමත් කියන්නෙ???? කවදාවත් කාවවත් හොය හොය හිටියෙ නෑ...‘‘
// ඊලඟට ලියන්න එපා ඔහු නොදත්තාට මේ වෙනකොට මා ඩොලර් තුනෙං බෙදා පහෙං වැඩිකර පවුං වලින් ගෙවමින් සිටියේ කියල හෙම.. හිහ්.. // ගෙවමින් නෙමෙයි මෙයා ලබමින්... ලබමින්... :D
Deleteකෙනෙක් කිව්වේ? අපි මේ දවස් වල වැඩ කිහිපයකට ම කිප දෙනෙක් ම හොය හොයා ඉන්නේ, ඔයා ඔය කියන්නේ කොයි කෙනා ගැනද?
Deleteකියලා අහන්න අනේ
උගේ එක උට.....
ReplyDeleteමගේ එක මට.....
නෙවෙන්නම්!
Deleteසමහර විට අපිට ඇහෙන්නෙ කියන කෙනා හීනෙකින්වත් නොහිතපු අපිම හිතින් හදාගත්ත දෙයක් වෙන්න බැරිද?
ReplyDelete[වැරදියට වටහාගන්න එපා ඔබතුමියට අදාලව නෙමෙයි :) ]
අනිවාර්යයෙන් එහෙමත් වෙන්න පුලුවන් තැන් තියෙනවා. මිනිස්සු කොම්බු වලත් ඇද හොයාගෙන ආරෝ ඇති කරගන්නේ ඒ වගේ වෙලාවට.
Deleteඒ වුණාට මේ සිද්ධි දෙකට සම්බන්ධ අය ගැන මට තවත් අත්දැකීම් තියෙනවා. ඒ සේරම එකතු වෙලා එද්දි මං විස්තර කරපු ආකාරය නිවැරදියි කියලා මට හිතන්න පුලුවන් වෙලා තියෙනවා.
[°•_•°] {`^`…´^´} (~•`_´•~) මට හිතුනෙත් ඒකමයි. The distinction between hero and villain is sometimes a matter of interpretation or misinterpretation of facts
Deleteඒක තමයි. ඒත් හැබැයි එකක්! මං ඉතිං මොකක් හරි එකක් වුණා කියලා ඒ මනුස්සයාව එක කුලකයකට දාලා හිතන්නෙ නැහැ ඉතිං. එක හා සමාන සිද්ධි දෙක තුනක් වද්දි, තව අයගේ අත්දැකීම් අහද්දි ඒවා සංසන්දනය වද්දි තමයි කුලක ගත කෙරෙන්නේ. ඒක නිසා මේ කියමන ඇත්තටම මේ කාරණා දෙකට නං අදාළ නැහැ
Deleteබලන්න ඔයා ඒවා හිතේ පැසව පැසව අවුරුදු ගානක් විඳවලනේ.. ඕවා කියපු උන්ට ඒවා මතකත් නැතිව ඇති...හොඳම ඩැඩේ අනිත් කෙනා කියන දේ අපි හිතින් අල්ලා නොගැනීමයි...කන්දෙක යා කරලා සිහින් බටයක් තියෙන්නේ ඕකට තමා.. හෙහ් හෙහ්..
ReplyDeleteඒක තමයි පුදුම වැඩේ. මට ඔය වගේ ඒවා අමතක වෙනවා සුටුස් ගාලා. සමහර වෙලාවට සමහර සිද්ධි මං පැත්තකට වෙලා කල්පනවා කරනවා කරනවා කරනවා මොකක්ද එදා වුණේ කියලා. කෝ මතක් වෙන්නේ ම නැහැ. හැබැයි මේ දෙක මට අමතක වන්නේ ම නැහැ. හැබැයි පැසව පැසවා ම ඉන්නවා කියලා කියන්න බැහැ. අනේ මෙහෙමත් මිනිස්සු කියලා තමයි මට හිතෙන්නේ.
Deleteමිල අධික අත් ඔරලෝසු ගැන අපූරු විස්තරයක් තියනව වික්ටර් අයිවන්ගෙ " චෞර රැජින" පොතේ......
ReplyDeleteඒ අපේ චන්ද්‍රිකා මැඩම් ඒ කාලෙ බැඳපු අත් ඔරලෝසුවක් ගැන.බ්‍රෑන්ඩ් එක "පතේ ෆිලිප්"..ස්විස් ඔරලෝසුවක්..ලෝකෙ හොඳම සල්ලිකාරයො සල්ලි කාරියො බඳින ඔරලෝසු ජාතියක්.
එකක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ පහළවෙන් වගෙ එහා. බැලූ බැල්මට නිකම් මේ පේමන්ට් එකෙන් රුපියල් දෙසීයකට වගෙ ගත්තු ඔරලෝසුවක් වගෙ.හැබැයි දන්නෝ දනිති වටිනාකම කීයද කියල.
වික්ටර් කියන්නෙ චන්ද්‍රිකා ඒ වගෙ ඔරලෝසුවක් බැන්දහම මිනිස්සු කියන්නෙ "අනේ අපේ මැඩම් බලන්නකො බොහොම චාම් ඔරලෝසුවක්නෙ බැඳගෙන ඉන්නෙ. අන්න නිහතමානි කම" කියලනෙ. එතකොට චන්ද්‍රිකාට ලකුණුත් වැටෙනව. වැඩෙත් කෙරෙනව...:)
ඕක වික්ටර් අයිවන්ට කිව්වේ අපේ චතුර පුතා...
Deleteමෝඩයි අනේ. ලේබල් එකත් එල්ලගෙන එපැයි ඔහොම ඔරලෝසුවක් බැඳගෙන ඉන්න. නැද්ද මං අහන්නේ! :D ජනාධිපති වුණ එකේ අවාසියක් ඔය
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේවා සංවේදී ගැහැණු ප්‍රශ්න :D
ReplyDeleteඒ නිසා රවී තුමා ටයි එතුමා ගේ බේබදු සන්ගමේ ටයි පැත්තකට වෙන්න කියලා අපි කතා කරමු මේ ගැන :)
ඔබ ඇත්තටම මට වඩා ස්ට්‍රෝන්ග් කෙනෙක්. මොකද සාමාන්‍යයෙන් මට ඔහොම දෙයක් උණාම, එදා දවස ඉවර වෙනකම් ම ඕක මතක තියනවා. නිදියලා පහුවෙනිදා උදේ නැගිට්ටම තමයි අමතක! නමුත් ඔබ උඩ කමෙන්ට් එකේ කියපු විදියට ඔබට ඕක ඉක්මනටම අමතක වෙනවා කියන්නේ ඔබ ගොඩක් වාසනාවන්තයි :)
මටත් ඔහොම දේවල් වෙලා තියෙනවා, මට හිතෙන්නේ ඕකට හේතුව තමයි, අපි අපේ පුද්ගලික තොරතුරු කියන්නේ නැතිව ඉඳීම සහ අපේ වටේ ඉන්න අයව සතුටු කරන්නට කියන දේ, ඔවුන් වෙනස් විදියකට තේරුම් ගන්න එක. කතා කරන්න කලින් ටිකක් හිතල කතා කරන එක, හිතට එන හැම දේම නොකිය ඉන්න එක ස්කිල් එකක්. ඒ ස්කිල් එක හැමෝටම නෑ ඉතින්.
ඉස්සර නං හිත හිතා හිටියා අප්පා. දැන් හිතලා හිතලාම ඔය වගේ වැඩක් නැති ජාති අමතක කරන්න හිතට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙන්නේ. හැබැයි මට ඕනා වෙලාවටවත් හිත ඒක වෙනස් කරන්නෙ නැති එකයි වැඩේ. :D
Deleteආයිත් රන්දිල් නෝනගෙ පොස්ට් එකක් චොර කරන අවස්තාවක් . සමා වෙන්න ඕනෙ නොනෙ . ආයිත් සොට් එකක් ගහං බලන වෙලාවක්. මේ පෝස්ට් එකට අදාලම නෑ. ඒත් බ්ලොග් වල සජීවී කම මේකයි කියනවනෙ. රවිය අඩෝ මේක ගැන මොකෑ කියන්නෙ. ට්‍රාන්ස්‍ෆිගුරේශොන් ...!!!!! රෆායල්ගෙ පේන්ටින් එකක්.
ReplyDeletehttps://www.google.ae/imgres?imgurl=https://upload.wikimedia.org/wikipedia/commons/5/51/Transfiguration_Raphael.jpg&imgrefurl=https://en.wikipedia.org/wiki/Transfiguration_of_Jesus&h=1608&w=1067&tbnid=-Wx70--cxE2obM:&tbnh=160&tbnw=106&usg=__CEH4AXtT_QKLzG-wRIWOjYNaDK0=&vet=10ahUKEwiHwLiErPLSAhUCHxoKHeE_AdEQ9QEIHjAA..i&docid=IrjIXHqk7v1_vM&sa=X&ved=0ahUKEwiHwLiErPLSAhUCHxoKHeE_AdEQ9QEIHjAA#h=1608&imgrc=-Wx70--cxE2obM:&tbnh=160&tbnw=106&vet=10ahUKEwiHwLiErPLSAhUCHxoKHeE_AdEQ9QEIHjAA..i&w=1067
This comment has been removed by the author.
ReplyDeleteඅර උඩිං කියල තිබ්බ බේබදු සංගමේ එකෙක්
Deleteඅපිව පැත්තකට කොරන්න හිතුව මදි හරිය..
Deletehttps://www.youtube.com/watch?v=IBfYBEDGwqg
ReplyDeletehttps://www.youtube.com/watch?v=uD0T9uOBvbI
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletesubha pathum!!!!
ReplyDeleteමංනං ආව්ව් සුභපතල යන්න
ReplyDeleteලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකරයි කයන්නේ නිකන්ම නෙවෙයි නේ
ReplyDelete