Friday, March 17, 2017

492. විමලෙගේ වාං පතුල් කතා - 42 - චන්දරේගේ මළගෙදර විත්ති

පහුගිය කුරුළුබැද්දේ කතාව ලියද්දි මම කිව්ව මළ ගෙවල් සම්බන්ද සිද්දි අනන්ත අප්‍රමාණයක් තියනවය කියල ලියන්ට හැබැයි එව්ව බොහොමයක් වැටෙන්නෙ විමලේගේ වංපතුල් කතා ගණයට හින්ද ආයම දවසක කියන්ට තමයි වෙන්නෙ කියල. ඒ කරල මම ඔය සුට්ටිවට කමිං කෑල්ලකුත් දැම්ම ඔබ තමුන්නාන්සේලාගේ පහන් සංවේගය නොහොත් ලාම්පු දුක උදෙසා. අද මම මේ කියන්ට යන්නෙ ආන්න ඒ කමිං කෑල්ල අඩංගු කතන්දරේ.


මම අර කලිනුත් කිව්ව වගේ අපි ඔය කැළේ මැද ඉන්න කාලෙ මඟුලකට මරණෙකට සහබාගි වෙන්ට ලැබෙනව කියන්නෙ ආය නෑ මාරම ආතල් එකක්. ඔෆිස් එකේ බොහොම ජනප්‍රිය කෙනෙකුගෙ ඥාතියෙක් උනොත් එහෙම සහබාගිවෙන්ට කට්ටිය වැඩියි. එහෙම උනාම අපේ ජීප් එකක් ඉඩ මදි හින්ද ඔය අහළ පහළ ගමකිං ප්‍රයිවට් වෑන් එකකුත් කතාකරගන්නව. 

අපේ කෑම්ප් එක කිට්ටුවම තිබ්බ පාරම්පරික මුස්ලිම් ගම්මානයක්. ඒකෙ පල්ලියට අවසර තිබ්බ ගමේ මිනිස්සුන්ගෙ ප්‍රයෝජනයට සතියකට දවස් තුනක්ද කොහෙද හරකෙක් මරාගන්ට. ඒ මිනිස්සු කරන්නෙ ඒ පිටදාල හරක් තුන් හතර දෙනෙක් මරණව. වැඩි හරිය විකුණනව. ඒ හින්ද එහෙ ඉන්නකල් අපිට ගවනර් ජෙනරල් සහ ලීවර් බ්‍රදර්ස් වලින් අඩුවක් තිබ්බෙ නෑ. ගවනර් මට මතක විදිහට රුපියල් විස්සද කොහෙද කිලෝ එකක්. ලීවර් බ්‍රදර්ස් හතළිහක් වගෙ. ඒ කාලෙ මම කුකුළෙක් කන්නෙ ගෙදර ආවම නිකං මේ ආසාවට වගෙ. ඔන්න කොටිම්ම.

ඉතිං ඔය ගමේ තිබ්බ පොළොන්නරුවෙ ඉඳල මගී ප්‍රවාහන කටයුතු කරපු ලෝ රූෆ් නිසාන් බට්ටො වෑන් තුන හතරක්ම. ඔව්ව නවත්තන්නෙ කදුරුවෙල රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහ. ඔව්වගෙ සීට් එකක් අල්ලගෙන ඉඳගත්තෙ නැත්තං එහෙම ගිහිල්ල අපේ කෑම්ප් එක ඉස්සරහින් බැහැල චමරියට යන්ට වෙන්නෙ අර මිහිර පත්තරේ බටකොළ ආච්චි වගේ කොන්ද නමාගෙන.

එව්වයින් හොඳ තත්වයෙ තිබ්බ වෑන් එකක් තමයි අපි ඔය මළ ගෙවල් මඟුල් ගෙවල්වලට කතාකරගෙන ගියේ. බොහොමයක් වෙලාවට මමයි සමරෙයි තමයි ඔය මුස්ලිම් ගම්මානෙට ගිහිල්ල වෑන් එක කතාකරගන්නෙ. ඔය ගම්මානෙ බේකරියක් එහෙමත් තිබ්බ. පෝරණුවෙ දර වලට ගත්තෙ වැඩිපුරම ගැඩුඹ කඳන්. එව්වයෙ ගින්දර සැරයි කියලයි පෝරණුවෙ අයිතිකාරය නවුෆර් මුදලාලි කිව්වෙ. අඩි විස්සක් විතර දිග ලෑලි මේසෙකට ඇළුමිනියම් තහඩුවක් හයි කරල ඒක උඩ තමයි පිටි මෝලිය අල්ලන්නෙ. බක්කරේල දෙන්න දෙපැත්තෙන් මෝලිය අල්ලගෙන එන විදිහ බලන්ට අපූරුයි. හම්මා බලන්ට එපාය එවුං දෙන්න. ඔලුවට අර බක්කර තොප්පි දාල, කර වැහෙන්ට සුදු කෝට් ඇඳල, අතට ග්ලවුස් එහෙම දාල ඉන්නෙ...මම ඉතිං ඔය මෝලියෙ ආතල් එක බලන්ටම නවුෆරයගෙ බේකරියට යනව දවස තුන හතරකට සැරයක්. පෝරණුවෙං බාපු ගමං උණු උණු කිඹුලෙක් එහම හෙමීට හපනකොට හප්පා කටේම දියවෙනව. ඊට පස්සෙ නවුෆර්ගෙ දුව රෂීනා බන්දේසියක තියල ප්ලේන්ටියක් ගෙනල්ල අල්ලනව. "ප්ලේන්ටියකුත් බීල ඉන්ට මහත්තය..." නවුෆර් හිනාවෙලා කියනව.

ඒ වෙනකොට දවුල්ගුණේ නොහොත් අර සිංදු කියන ආණ්ඩුකාරයා "රාමලාන් සඳ බලන්න එන්න පාතිමා" කියල කියල තිබ්බෙ එහෙම නෑ. එහෙම කියල තිබ්බනම් එහෙම මට රෂීනා දකිනකොට අනිවාර්යයෙන් ඒ පදවැල කියවෙන්ට තිබ්බ.


ඉතිං ඔය මළගෙවල් වලට යන්ට වෑන් කතාකරන්ට මායි සමරෙයිම යන්නෙ මොකෝ දන්නවද? ඌයි මායි තමයි අවමඟුල් චාරිකා සංවිධායක මණ්ඩලය හැටියට නිතරඟයෙන් පත්වෙලා හිටියෙ.

"කාලෙකින් මළ ගෙදරක යන්ටත් බැරිවුනා වීරෙ...නැද්ද එහෙම ආතල් එකක් ළඟකදි එන පාටක්?"

හවස වැඩ ඇරිල ඇවිල්ල අපේ චමරියෙ සාළෙ ඇඳිපුටුවල දිගාවෙලා හවස බෙඩ් ටී එක ගහන ගමං එහෙම ඇහුවෙ කරුණෙ අයිය. කරුණෙ අපිට වඩා වයසෙන් අවුරුදු දහයක් තරමයි සර්විස් එකෙන් අවුරුදු පහක් තරමයි සීනියර්.

කරුණෙ කලින් එයා ෆෝස් ඉඳල අවුරුදු දොළහක් සර්විස් එකෙන් පස්සෙ අයින් වෙච්චි පොරක්. ෆුල් නීට් පොර. අත්දිගට දාල අඳින්නෙ. ෂර්ට් කලිසං මදින්නෙ නැතුව අඳිනව තියා අල්ලන්නෙවත් නෑ. උදේ නැඟිට්ට ගමං බෙඩ් ෂීට් එක එක රැල්ලක්වත් නැතිවෙන්ට හදල මදුරු දැල බැලන්ස් වෙන්ට ගැට ගහල තමයි දවසෙ ඉතුරු රාජකාරි පටන් ගන්නෙ. ඒ අර ෆෝසස් වල හිටපු පුරුද්දනෙ.

"නෑනෙ කරුණෙ අයියෙ...අර ඩගියගෙ ලොකු අම්ම කෙනෙකුට අමාරුවෙලා අදද හෙටද ෂුවර් නැතුව හිටියෙ..ඒත් දැං ඔය සනීපයි කියන්නෙ…"

"එහෙමද? කොහොමද හරියටම දන්නෙ? උඹ ගිහිල්ල විස්තර ඇහුවද මල්ලි?" කරුණෙ අයිය ඇහැක් ඉඟි මරල ඇහුව. 

"මොන විකාරද අයියෙ?..එදා අර ප්‍රදීප්ගෙ කේස් එකෙන් පස්සෙ මම යන්නෙ නෑ ඔය විස්තර හොයන්ට…" මම උරිස් නටවල කිව්ව. 

ඒ ප්‍රදීප්ගෙ කේස් එක කියන්නෙ මේකයි. ප්‍රදීප් කියන්නෙ අපිට අලුතෙන් ආපු ක්ලාක් කොලුවෙක්. ඕකගෙ ආච්චි අම්මට අන්තිමයි කියල ආරංචි වෙලා මම ගියා විස්තර බලාගෙන එන්ට. එපා කියද්දි සමරෙත් මා එක්ක ආව. සමරෙට ටිකක් වැඩි උනාම කටට බ්‍රේක් නෑ. එදා සමරෙයි මායි දෙන්නම ටික වෙන්ට දාල හිටියෙ. 

ගිහිල්ල බැලූ කොට මෙන්න ප්‍රදීපය ඉන්නව ඇඬූ කඳුලෙන්. "අම්ම තාත්ත හිටියට ඌව පොඩි කාලෙ ඉඳල හදා ගත්තෙ ආච්චි අම්මය....ආච්චි අම්මට මොකවත් උනොත් ඌට ඉඳල ඕන නෑය" ඔන්න ඔහොම අඬනව වැලපෙනව එක විජ්ජුම්බරයයි. අපිත් ඉතිං ඌව වටකරගෙන ඇස්වල කඳුළු පුරවාන බලා හිටිය. වෙන මොකක් කරන්ටද?

ඒ අව් අස්සෙ ගහෙං ගෙඩි එන්නැහෙ සමරෙයා අහපි "මල්ලි...දැං බොලායෙ ඔය ආච්චි අම්ම හෙට වල කජ්ජ ගැහැව්වය කියමු.එතකොට බූමිදාන කරන්නෙ දවස් කීයකිංද?" කියල 

අප්පටසිරි ප්‍රදීප්ට ඌරු ජුවල් ගියේ නැද්ද?.."තොගෙ xxxx, xxxxx පුතා" කියල පැන්න සමරෙයට ගහන්ට. බොහොම අමාරුවෙං එතන හිටපු අනික් එවුං ටික ඌව අල්ලගත්තෙ. මම දනිපනිගාල සමරෙයවත් ඇදගෙන දොට්ට පැන්න. අපේ චමරියට එනකල් මම ඌට පස් පඩංගුවෙ බැන්න. "මොනවද යකෝ තෝ එතන අර කිව්ව පඩත්තර කතාව?" කියල. 

සමරෙය මම බයිනකල් මීක් නොකිය අහගෙන ඉඳල අන්තිමට කිව්වෙ මෙච්චරයි. "ඒත් මට තාම තේරෙන්නෙ නෑ බං අර යකා මට ගහන්ට පැන්නෙ ඇයි කියල. හොඳයි උඹම කියාපං බලන්ට මම අහපු එකේ මොකවත් වැරැද්දක් තියනවද? මම මේ වීක් එන්ඩ් එකේ ගෙදර යන්ටයි හිතාගෙන ඉන්නෙ. ඒ හින්දයි මම අරම ඇහුවෙ කොහොම හරි ඇරේන්ජ්මන්ට් එකක් දාගෙන ප්‍රදීපයගෙ ආච්චිගෙ මරණෙට සහභාගි වෙනවමයි කියල හිතල. ඉතිං බලපංකො එහෙම සද්භාවයෙන් ප්‍රශ්ණයක් ඇහුවම අර යකා මට කුණු හරපත් කියල ගහන්ට පැන්නනෙ. අනේ මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ බං"

"හරි හරි තේරෙන්නෙ නැත්තං තේරුංගන්ට උත්සාහ කරන්ටත් එපා..දැංවත් කට වහගෙන යමං" මම එහෙම කියල ඌට සත්තම දැම්ම.

ප්‍රදීපයගෙ සීන් එක කියල මම කිව්වෙ ඔන්න ඕක.....

"හෙහ්..හෙහ්…" කරුණෙ අයිය හිනාවුනා. "මේ අර එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුතෙන් ආපු කෙල්ලගෙ ගම මෙන්න මේ නිල්දණ්ඩාහීන්න පැත්තෙලු නේද? මාර ලස්සන පැත්ත බං..උඹට බැරිද හෙමීට අහන්ට ආච්චිල සීයල එහෙම ඉන්නවද කියල මේ අද හෙට වගෙ.....හෙහ්..හෙහ්…"

"කරුණෙ අයිය මේ මොන විකාර කතා කරනවද මන්ද...හොඳට හිටී එහෙම ඇහුවොත්……….." එහෙම කියල මම එතනිං නැඟිටල කුස්සිය පැත්තට ගියා.

ඔන්න ඊට සති දෙහෙකට තුනකට විතර පස්සෙ අපි පුල පුලා බලාහිටි මළ ගෙයක් ආවා. ඒක ඇවිල්ල ජෙනුයින් මර්ඩර් හවුස් එකක්. ආය ෆුල් ආතල්. ලොකේෂන් එකත් පයූව් ස්ටාර්. කැබිල්ලවෙල...බණ්ඩාරවෙල කිට්ටුව තියන ගම්මානයක්...මරණෙ අපෙ චන්දරේගෙ අප්පච්චි. 

චන්දරය හොඳ කොල්ල. අපේ වයසම වගෙ. බැඳලත් නෑ. මළගෙවල් මඟුල් ගෙවල වලට එවර් රෙඩි පොර. කන්ට බොන්ට ගියාමත් එහෙමයි. ඒ හින්ද එහෙම එකෙක් වෙනුවෙම් අපි හැමෝම යන්ට ඕන කියල අපි එකඟතාවයකට ආව. ආරංචිය ආපු ගමං මුස්ලිම් ගමට දුවල ගිහිල්ල වෑන් එකක් කතා කරල චන්දරයත් ඒකෙම නග්ගල යැව්ව. ඔෆිස් එකේ කෙල්ලොයි උං හිච් වෙලා ඉන්න කොල්ලොයි තව ඔය වයසක ඩයල් ටිකත් ඒකෙම නැඟල ගියා. අපි ඔය කොල්ලො කට්ටිය පහුවදා යන්ට තීරණය කලා ජීප් එකක මල් වඩමක් එහෙමත් අරගෙන.

කරුණෙ අයිය, මම, සමරෙ, විජේ ඇතුළු තව අට දෙනෙක් පිටත් වුනා මළ ගෙදර චාරිකාවට. රියදුරු මුතු බණ්ඩත් එක්ක නමයයි. මිට්සුබිෂි ජීප් ලෝං වීල් බේස් මොඩල් එකේ පිටිපස්සෙ හරහට තියන සීට් දෙකේ එක සීට් එකක හතර දෙනා ගාණෙ අට දෙනෙකුට ගිහෑකි. ඒත් දුර ගමනක් යනකොට තුන් දෙනා තමයි ඔප්ටිමම් ගාණ නොහොත් ප්‍රශස්ත සංඛ්‍යාව. එතකොට ඉස්සරහ රියදුරුට අමතරව දෙන්නයි. පාන්දර හතර වගෙ වෙනකොට අපි කෑම්ප් එකෙන් පිටත්වුනා. 4945 මට මතක විදිහට ජීප් එකේ නොම්මරේ.

Mitsubishi -Jeep Long wheel base  වර්ගයේ ජීප් රථයක්
(Google Images)

මනම්පිටිය, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය පහු කරල බදුල්ලට ආව. බදුල්ලෙං මල් වඩමක් එහෙම අරගෙන ඊට පස්සෙ උදේට කෑව. පානුයි කිරි මාළුයි පරිප්පුයි. ඒ අස්සෙ අපේ එවුං නහකුණු ගානව මොකවත් බීල හිටිමුය කියල. 

"පිස්සුද උඹලට? මේ පාන්දර හිස් බඩම බීල උඹලට නකතං උනහම අතන මළ ගෙදර ගිහිල්ල පිස්සු කෙලියි. එහෙම හොඳ නෑනෙ බං. ටිකක් ඉවසල ඉඳහල්ල අඩුමගානෙ මිනියට කතා කරන කල්වත්. චන්දරේ දන්නවනෙ අපි අද එනවයි කියල. ඌ බඩු ලෑස්ති කරල තියෙයිනෙ......." කරුණෙ අයිය එක හෙලාම කියා හිටිය. ඒ පාර කට්ටිය සද්දෙ වහ ගත්ත. කරුණෙට මොනව උනත් හැමෝම සළකනව. අපේ බොස්ල පවා.

බණ්ඩාරවෙලින් අපි ගියා කැබිල්ලවෙලට. මළ ගෙදර හොයාගන්ට අමාරුවක් උනේ නෑ. සෑහෙන දුරක ඉඳල බැනර් දාල සුදු කොඩි එල්ලල තිබ්බ. චන්දරේ ඉස්සරහට ඇවිල්ල අපිව පිළිගත්ත. අපි ඇතුළට ගිහිල්ල මිනියට කතා කරල මිදුලෙ පැත්තක අඹ ගහක් යට තිබ්බ පුටුවල ඉඳගත්ත. කොහෙ හරි ළඟපාත ඉස්කෝලෙකිං ගෙනාපු යකඩ පුටු. කවුද ගෑණු ළමයෙක් ඇවිල්ල අපිට මාරි විස්කෝතු සහ ප්ලේන් ටී ඇල්ලුව. එව්වත් කාල බීල අපි ඔය ඒ ලඟම තිබ්බ ඉලත්තට්ටුවකිං විටක් එහෙමත් හප හප කයියක් ගහගෙන හිටිය. දැං වෙලාව එකොළහයි. අර රහමෙර පානයටම දත කට මැදගෙන ඉන්න එවුං දැං නළියනව කිරිපණු ගාය හැදුනැහෙ.

"කරුණෙ අපිට බදුල්ලෙදි මොකවත් කරන්ට දුන්නෙත් නෑ ඉස්සෙල්ල අඩුමගානෙ මිනියට කතා කරන කල්වත් ඉඳහල්ලය කියල...දැං ඉතිං මිනියටත් කතා කලානෙ. තවම මොකෝ කිසිම නෑනෙ..." අනික් එවුං ඔන්න ටිකක් වෙලා යනකොට එහෙ මෙහෙ රැස් වෙලා කටු කුටු ගාන්ට ගත්ත.

"වීරෙ මොකෝ මල්ලි මෙවුං මේ කියන්නෙ?" කරුණෙ අයිය හෙමිහිට මගෙං ඇහුව.

"උංට බොන්ට නැතුව කරුණෙ අයියෙ.."

"ඒක තමයි... මල්ලි මේ උඹ කතා කරල බලහංකො චන්දරය එක්ක ඌ මොකවත් සංවිධානයක් එහෙම කරල නැද්ද කියල……….."

මම ගේ ඇතුලට ගිහිල්ල චන්දරයව කතාකරගෙන එළියට ආව. 

"ඒයි වරෙංකො පොඩි කාරණයක් තියනව උඹෙං දැනගන්ට….."

එහෙම කියල මම ඌව අපේ උංගෙන් ටිකක් ඈතට එක්ක ගියා. ඊට පස්සෙ තමයි අර මම කලින් පෝස්ට් එකේ කියපු දෙබස ඇතිවුනේ.

"මේ මචං චන්දරේ දැං කොහොමද බොන්ඩ මොකවත් හොයාගන්නෙ? "

"බොන්ඩ කිව්වෙ?... අරක්කුද?"

"නැතුව ආය උඹ හිතුවෙ තැඹිලි කියලද?.."

"අනේ මචං කියන තැනකට වඳින්නං බොන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා මෙතන.."

"ඈ....ඒක මාර කෙළියක්නෙ... ඒ මොකද උඹ එහෙම කියන්නෙ?"

"එහෙම කියන්නෙ අපෙ අප්පච්චි අරක්කු බිංදුවක් කටේ තියපු කෙනෙක් නෙවෙයි.."

"හරි බං ඒ උඹලගෙ අප්පච්චිනෙ. ඒ අප්පච්චිගෙ මළගෙදරනෙ අපි දැං මේ ඇවිල්ල ඉන්නෙ. අනික අප්පච්චි අරක්කු නොබිව්වට උඹ බොනවනෙ.. ඒ හින්ද අපිට ඔය බෝතල් තුන හතරක් ගෙනල්ල තැනකුත් ලැහැත්ති කරල දීපං.."

"කොහෙද? මෙහෙ? "

"මෙහෙ නැතුව ආය?"

Futurus persevero............

106 comments:

  1. Please tell me what is වාං පතුල්?

    ReplyDelete
    Replies
    1. Ano,

      "Waan pathul" is a sort of footwear covering up to about halfway of calf. it's made of seasoned hide of deer or sambur & mainly a protective measure against thorns and such like. Waan pathul were used by hunters of Wanni region up to about thirty years ago as far I know.

      Delete
    2. http://www.ebay.com/itm/OLD-ANTIQUE-PRIMITIVE-MENs-HAND-MADE-LEATHER-SANDALS-SHOES-/272554026397

      Delete
  2. කතාව එක හුස්මට කියෙව්වා...වාන් පතුල් නම් දැක්කෙ නෑ...හරිම රසවත් කතාව

    ReplyDelete
    Replies
    1. මගුලක් කියෝනව.. කොටස් 42ක් වෙලා තාම වාන් පතුලක් ගෑවුනේ වත් නෑ මේකට.. මේ කතාවේ වාන් පතුල් ඇර අනිත් ඔක්කොම තියෙනවා.

      Delete
    2. විසිරි,

      වාංපතුල් කියන්නෙ මොනවද කියල උඩහ ලියද්දෙ කමෙන්ට් එකට දුන්නු උත්තරේ තියනව.

      දැන් වාංපතුල් වල සම්බන්ධෙ මේකයි.මගෙ යාලුවෙක් හිටිය විමලෙ කියල. ඔන්න ඔය ආණමඩුව දිහා. ඕකා සපත්තු සෙරෙප්පු ඔක්කෝටම කියන්නෙ වාංපතුල් කියල.

      ඉතිං දවසක් ඌයි මායි පොළොන්නරුවෙ ටවුන් එකේ කඩේකට ගියා ඌට රබර් සෙරෙප්පු දෙකක් ගන්ට. ගියා තමයි.මූ එතන ගිහිල්ල මගෙත් එක්ක රෙදි ගැලෙව්ව.

      ඒ කඩේ කැෂියර් එකේ හිටියෙ අපූරු යුවතියක්.ඔන්න හරියටම අර අචලා වගේ. ඒ කාලෙ අපේ නාරි ලාලිත්‍යයෙ බෙන්ච් මාක් එක තමයි අචලා.මගෙ ඉතිං පොඩි එකක් තිබ්බ ඒ ළමය එක්ක. එව්ව ඔක්කොම සුන්නද්දූලි වෙලා ගියා මේ විමලෙය නටපු නාඩගම හින්ද.

      ඉතිං ඔය කතන්දරේ කියන්ට කියල තමයි මම මේ විමලෙගෙ වාංපතුල් කතා පටන් ගත්තෙ. පස්සෙ කොටින්ම ඇත්තම කිව්වොත් තාම ඒ කතාව හරියකට කියාගන්ට බැරිඋනාය කිව්වම.

      Thanks so much Visiri....:)

      Delete
    3. කළ්‍යාණ,

      අන්න ඒකයි ඒකෙ අවයවය මල්ලි.... එහෙම මාතෘකාව ගැන වචනයක් කතා නොකර පෝස්ට් 42ක් ලියන එක සෙල්ලමක් කියලද උඹෙ හිතේ?

      හරියට බලනවනම් උඹල නෙලුම් යායෙ වෙනම කැටගරි එකක් දාන්න වටිනව.."මාතෘකාවට අදාල නොවන කතා" කියල.

      ඕනනම් මම මේ ගමම්ම ලියල දෙන්නං සම්මාන ප්‍රදානයෙදි කියවන්ට හේතු පාඨයකුත්.

      "අප සැම කුඩා කල සිට පුරුදුව ඇත්තේ මාතෘකාවට අදාලව කථා කිරීමට හෝ ලිවීමටය. අපගේ ගුරුවරුන් අපට ගුරුහරුකම් දුන්නේද එළෙසිනි. මේ ළමයි නිතරම මාතෘකාවට කෙරෙහි අවධනයෙන් ඉන්න ඕන. මාතෘකාව සම්බන්ධව ඊට අදලව පමණක් කතා කරන්න හෝ ලියන්න ඕන. එසේ කුඩාකල සිට ලැබූ උපදෙස් වලින් බැහැරවීම උදක්ම අපහසුය. එහෙත් මොහු ඒ ගතානුගතික සම්ප්‍රදායන් එකහෙලා බැහැර කොට ඒ බන්ධනයින්ගෙන් එක පැහැර නිදහස්ව මාතෘකාවට කිසිදු අදාලත්වයකින් තොරව ලියන්නේය.එසේ හෙයින් ඒ නිවහල් අධීන ලිවීමට උපහාර වශයෙන් මෙවර නෙළුම් යාය සම්මන උළෙලේ මාතෘකාවට අදාළ නොවන කථා ප්‍රවර්ගය සඳහා ප්‍රථම ස්ථානය දිනා ගන්නෙ..............."

      ගැහුව මිටත් නොගැහු ලෙසට දැක්කද මං ගැහුවා
      විව්ව පැදුර නොවීවූ ලෙසට දැක්කද මං විව්වා
      ඉව්ව බතත් නොඉව් ලෙසට දැක්කද මං ඉව්වා
      ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මං ආවා

      Delete
    4. රවී අයියගේ යෝජනාව එකෙන්ම අනුමත කරමි.

      සභාපති
      කො.කා.ස.

      Delete
    5. //මෙවර නෙළුම් යාය සම්මන උළෙලේ මාතෘකාවට අදාළ නොවන කථා ප්‍රවර්ගය සඳහා ප්‍රථම ස්ථානය දිනා ගන්නෙ..............."// මෙවර නෙවෙයි ඕක රවියා ඉන්නකම් ඩිෆෝල්ට් තියතැකි.. අගට නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ රවී වීරසිංහ.. ඔබයි" කියල.. ඔබයි කියන එක අවුල් අවුල් වගේ නම් අයින් කරන්නත් පුළුවන්.. :))))))))))

      Delete
    6. Kalyana,

      ඒ කාලෙ ප්‍රේමදාසට ගහපු කාඩ් එකක් මතකද?

      මට මුළු ලොවම ඔබයි,
      ඉඳහිට මමත් ඔබයි..

      Delete
    7. ///මට මුළු ලොවම ඔබයි,
      ඉඳහිට මමත් ඔබයි..///
      අපි දන්නේ ඕක චන්ද්‍රලේකා රූකාන්තට රට වටේ ගිහින් ආපහු ගෙදර ආපු දවසක කියපු සිංදුවක් විදිහටනේ බං...

      Delete
    8. ලොක්කා,

      ඔතන නිදාන කතාව මෙහෙමයි, ආර්යාවට තිබ්බනෙ ලෝකෙ තියන හැම දේම කරන්ට දොළ දුකක්. නෙට්බෝල් ගැහුව. පීනුවා. ටෙනිස් ගැහුව. රේසිං කාර් එලෙව්ව.

      එතකොට සිංදු කියන්ට ආසාවක් ඇවිල්ල ඔය සිංදුව ගම් උදාවක කිව්වලු. ඉතිං ඒ වෙලාවෙ ප්‍රේමෙ ඔය අනික් කෑල්ල හෙමීට කිව්වලු ඕඩියන්ස් එකේ ඉඳං....

      Delete
    9. ඕකට තව පොඩි කෑල්ලක් කියන්ට තියෙනවා.ඔය කාලෙම වගේ තවත් සින්දුවක් පුරුදු වෙද්දී ආර්යාවට කොලයක ලියා දීල තමයි කියවලා තියෙන්නේ. ඒ සින්දුවේ 'පුදමි ඔබට මල්' // කියන කොටස දෙපාරක් කීම සඳහා ඉරි කෑලි දෙකක් ගසා තිබෙනවා. ආර්යාව කියවලා තියෙන්නේ 'පුදමි ඔබට මල් එකොළහ' කියල. එයා හිතලා තියෙන්නේ ඉරි කෑලි දෙක එකොළහ කියලයි.

      Delete
  3. //බක්කරේල දෙන්න දෙපැත්තෙන් මෝලිය අල්ලගෙන එන විදිහ බලන්ට අපූරුයි. හම්මා බලන්ට එපාය එවුං දෙන්න. ඔලුවට අර බක්කර තොප්පි දාල, කර වැහෙන්ට සුදු කෝට් ඇඳල, අතට ග්ලවුස් එහෙම දාල ඉන්නෙ...// - මොනවා..... ? සත්තයි කියන්ඩ....

    කියපු විදිහටම ඉන්ඩ ඇති....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      /කියපු විදිහටම ඉන්ඩ ඇති..../

      ඔන්න ඕකනෙව කියන්නෙ..උඹල කිව්වට විස්වාස කරන්නෙ නෑනෙ.මුස්ලිම් ආගමේ කියල තියනවලු මෝලිය අල්ලන විදිහ..

      සෙක් කැමරා පෝන් ඒ කාලෙ තිබ්බනම් මල්ලි කෝටියක් වටිනව. එහෙනං මට මේ Doubting Thomasලගෙ සැක පහ කරන්ට තිබ්බ පෝටොස් දාලම.

      Delete
  4. //ඉතිං ඔය මළගෙවල් වලට යන්ට වෑන් කතාකරන්ට මායි සමරෙයිම යන්නෙ මොකෝ දන්නවද? ඌයි මායි තමයි අවමඟුල් චාරිකා සංවිධායක මණ්ඩලය හැටියට නිතරඟයෙන් පත්වෙලා හිටියෙ.//

    ඔය අවමඟුල් චාරිකා සංවිධායක මණ්ඩලය කියන එකත් අර කොකස සබපතිකම වගේ පිනට හම්බ උනු එකක්ද ?

    ReplyDelete
    Replies
    1. "කොකස සබපතිකම වගේ පිනට හම්බ උනු එකක්ද ?"
      නෑ නෑ ඒකත් අර එයා මයිල් වගේ තමයි.
      හැබැයි දෙහිඅත්තකන්ඩියෙ හින්ද එයා මයිල් නෙවෙයි ඕකට ගන්නෙ ලංගම මයිල්

      Delete
    2. $&$(*(%^(&^&@$ූ_(@!)+$$!^%$!@$^&^(!*@&$)

      Delete
    3. සූටික්කා,

      පිනට? හුහ්..ඇයි බං එහෙම ආස පොළව නුහූලන අපරාද කතා කියන්නෙ? ප්‍රසන්නය කොච්චරක් නම් කියල මහන්සි උනාය කියලද උඹ හිතන්නෙ ඔය තානාන්තරේ ගන්ට?

      Delete
  5. //ඔලුවට අර බක්කර තොප්පි දාල, කර වැහෙන්ට සුදු කෝට් ඇඳල, අතට ග්ලවුස් එහෙම දාල ඉන්නෙ.// වැඩක් නෑ අයියෙ එහෙනං බොලා කාල පාං නෙමෙයි. බේකරි ප්‍රඩක්ට්ස් වල ඔරිජිනල් ෆ්ලේවර් එක එන්නෙ නෑ ඔය විදියට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙනං එහෙනං..ඔරිජිනල් රහ ගුණ එන්ට බක්කරේල උඩට මොකවත් නැතුව, දෙකංසෙං දාඩිය දාගෙන, සරම වලාපොට ගහගෙන, දකුණතිං මෝලිය අනන ගමං වමතිං කිරිපල්ල කහ කහ ඉන්ට ඕන...එහෙමද?

      Delete
    2. ඔවු, ඊට අමතරව ඔය බීඩි ‍අළු ටිකක් එහෙම වැටෙන්නත් ඕන. බීඩි කොටයක් වැටිල තිබුණොත් අන්න නියම ඔරජිනල් ප්‍රඩක්ට් එකක් කීවහැකි.

      Delete
  6. කොහොමද බං මිනියට කතා කරන්නෙ. කොහොමත් ඉතිං බොලාල සෙට් එක කරල තියෙන වැඩ වල හැටියට මළමිනියක් උනත් නැගිටල කතා නොකලොත් ඒකත් පුදුමයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒක ඔය දකුණෙ ව්‍යවහාරයක්. මෘත දේහයට අවසාන ගෞරවය දක්වල අපි ඔය දෑත් එකතු කරල වඳින්නෙ. ඒකට තමයි ඒ අහ මිනියට කතා කරනව කියන්නෙ.

      ඇයි බොලා අහල නැද්ද අර මරු කතාවක් තියෙන්නෙ. ඔය භාෂා ව්‍යවහාරය ගැන මොකුත්ම නොදන්න කොළඹ පැත්තෙ කොල්ලෙක් දකුණෙ මළ ගේක ගියාලු. මල ගෙදර වැඩිහිටියෙක් පොරව පිලිඅරගෙන මිනිය ගාවට එක්ක ගියාලු. දැං කොල්ල එතන හිටගෙන ඉන්නවලු මොකක්ද කරන්න ඕන කියල නිනව්වක් නැතුව. ඒ පාර අර වැඩිහිටිය කණට කරල කිව්වලු "පුතේ නංගිට කතා කරන්ට" කියල. මැරිල හිටියෙ අවුරුදු අටක දහයක වගෙ ගෑණු ළමයක්ලු. කොල්ල වටපිට බලල මිනියට නැමිල "බබෝ...." කියල කිව්වලු.

      Delete
    2. ඔය මොන දකුණ ගැනද කියන්නෙ හැබෑටම?

      සීනි කුරුල්ලත් හරි, වතු මුව ත් හරි, මිනියට නම් කවදාවත් කතා කරලා නෑ.
      ඇත්තටම කරුණේ අයිය දකුණෙද?

      මම මේ ස්ටුඩන්ට් ඩෙස්ක්ටොප් එකෙන් බ්ලොග් එකට ඇවිත්, කමෙන්ට් දාන්න කම්මැලි කමට පිට පාරෙන්ම යන්නත් හදල, ආයෙම මේ දකුණ ගැන කියපු අලුගුත්තේරු කතාව නිසාම, ලොග් අවුට් වෙලා, ආයේ ලොග් ඉන් වෙලා ගූගල් ඉන්පුට් වලින් ටයිප් කරලා කොමෙන්ට් එකක් දැම්මේ. :D

      Delete
    3. මං කිවුවෙ මං කිවුවෙ. මේ රවිය කරන වැඩවල හැටියට මල මිනියක් උනත් නැගිටල කතා කළා කිවුවොත් පුදුමයක් නෙමෙයි. හැක්..

      Delete
    4. එමා ගොඩක් මහන්සිවෙලා කමෙන්ට් කරලා තියනවනෙ. මෙදා සැරේ රවියට හම්බෙන තෑග්ගෙන් කොටහක් ෂුවර්.

      Delete
    5. මානවිකා,

      මේ බොලාගෙ දකුණෙ නෙවෙයි ඊටත් එහා නියම දකුණෙ...දික්වැල්ල දිහාවෙ...

      වතු මුව නම් දන්නව. සීනි කුරුල්ලා මොකාද බොල?

      උඹල මේ වචනත් කියනවද?......

      සෑනා, සීනි පොල් කොහු, බස් හිටෝනවා, ටයි එක උගුල්ලනවා,කොම්බුට්ටා, කැකිරි ඉබ්බා, හින්නා,අඹ කෝට්ටෙ,කකුස්ස, ලන්න...

      Delete
    6. ප්‍රසන්න සබාපති තුමා : ඒක මරු කතාව :D ++++ කොකස සභාපති විදියට ඔබතුමා හොඳ සේවයක් කරන බව පේනවා, සාමාජික පිරිස වැඩි කරගන්න

      හැලපතුමා: එහෙම දුන්නොත් නම් එපා කියන්නේ නෑ

      රවී තුමා: සීනි කුරුල්ලො කියන්නේ කිඹුලා බනිස් වලට. දකුණ බුකියේ බයිට් එක වෙච්ච කාලේ මෙහෙම වචනයක් දකුණේ නෑමයි කියලා කට්ටිය බිම පෙරළි පෙරළි කිවුවට, වයසක ආච්චිලා සීයල මෙහෙම කියනවා මම පොඩි කාලේ අහල තිබුණ. දැන් නම් හැබැයි එහෙම කියපු පරම්පරාව ජීවතුන් අතර නෑ. දැන් ඒ වෙනුවට කිඹුලා බනිස් සහ වියන් රෝල් භාවිතයට ඇවිත්.

      සීනි පොල් කොහු කියන්නේ රෝස පාට කොහු වගේ පොඩි ළමුන් අතර ප්‍රචලිත කෑමක්. ඕවා විකිණුවේ චතුරශ්‍රාකාර හරස් කඩක් තියන දිගටි පෙට්ටියක දාගෙන, පාරේ යන ගමන් ටින් ටින් කියලා බෙල් එකක් ගහන වෙළෙන්දෙක් විසින්. ඔය බෙල් සද්දේ ඇහෙනකොට පොඩි අය සල්ලිත් අරන් පාරට දුවනවා. ඊට පස්සේ ආයේ ගෙට එන්නේ පොඩි සිලි කවරෙක දාපු බොම්බයි මොටයි කකා තමයි. මම හිතන්නේ මේවට වෙනත් පැති වල අය කියන්නේ බොම්බයි මොටයි කියල. හැබැයි බොම්බයි මොටයි කියන්නේ සීනි පොල්කොහු වලටමද නැත්නම් අර පාර අයිනේ මැෂින් එකකින් හදල විකුණන කෝට්ටක ගහපු කටට ගත්තම දිය වෙන පැණිරස අයිටම් එකටද කියන්න ෂුවර් නෑ. බුකියේදී සීනි පොල් කොහු කියන නමට කට්ටිය හොඳටම හිනා උනාට, සීනි පොල්කොහු මට නම් ගේන්නේ සීනි තරම් ම පැණිරස මතකයක් තමයි. අනික වතු මොටෙයි නරක් වෙන්නයි බොම්බයි මොටයි හොඳ වෙන්නයි විදියක් නැහැ කියල තමයි මට හිතෙන්නෙ.

      බස් හිටවන්නේ දකුණේ නෙවෙයි, බස් හිටවන්නේ මේ කුලියාපිටියේ හරි අලව්වේ හරි, කුරුණෑගල අවට තියන කුරුණෑගල නොවන ප්‍රදේශයක. මට මතක නෑ, දන්න කෙනෙක් නිවැරදි කරන්නකෝ.

      ටයි එක උගුල්ලනවා,කොම්බුට්ටා, කැකිරි ඉබ්බා, හින්නා,අඹ කෝට්ටෙ - මේවා නම් දන්නේ නෑ.. :)

      කකුස්ස කියන්නේ වැසිකිළියට. කකුස්ස නෙවෙයි හැබැයි හරි වචනේ කක්කුස්සිය. ලන්න කියන්නේ ලණුව කෙටි කරලා, ලේසියට. ඒ වගේම වැටුණා කියන එක කෙටි කරලා වැට්ටා කියලත් කියපු වෙලාවල් තියනවා.

      Delete
    7. සීනි කුරුල්ලා කිව්වේ කිඹුලා බනිස්වලට බව මමත් අහලා තියනවා. දවසක් ඔය පැත්තේ ගිය වෙලාවක ඒ ගෙදර කෙනෙක්ගෙන් කෑම වෙලාවේ පොල් ටිකක් ඉල්ලුවා. ඒ නැන්දා ඇහුවා "පොල් මොටෝ" කියලා. මම හිතුවා මේ අජින මොටෝ වගේ දෙයක් කියලා :D

      බොම්බයි මුටයි කියන්නේ නම් බොම්බේ මිටයි (sweet) කියන එක නේද...

      Delete
    8. මේකත් දකුණෙ යෙදුමක් බව මම අහලා තියෙනවා. පුලුවන් නම් මේකේ තේරුම කියපන්. මම අහලා තියෙනවා මෙහෙම කියනවා.

      "ඕගන්-මෝගන් යනවා"

      Delete
    9. කොම්බුට්ටා තියන්නෙ බත්කූරා ට ද? හින්නා කියන්නෙ දිමියා මං හිතන්නෙ. අඹකෝට්ටෙ = අඹ ඇටේ

      Delete
    10. එමා, සීනි පොල් කොහු කියන්නෙ බොම්බයි මොටයි වලටම තමයි. ඒ මැසිමෙන් හදල කෝට්ටෙ ගහල විකුණන එකට සිංහල වචනයක් තියෙනවද කියල මමනං දන්නෑ.

      Delete
    11. මානවිකා, ප්‍රසන්න, බූරා සහ අරුණ,

      සෑනා = පූසා
      ටයි එක උගුල්ලනවා = ටයි එක ගලවනවා
      කොම්බුට්ටා = බත් කූරා
      කැකිරි ඉබ්බා = පොඩි කුරුමිණියා
      හින්නා = කූඹියා
      අඹ කෝට්ටෙ = අඹ ඇටේ

      Delete
    12. ඕගන්-මෝගන් යනවා කියන්නේ වමනය සහ බඩ එලිය යෑම රෝග තත්වෙට.

      Delete
    13. අරූ,

      මිතායි කියන්නෙ ඇත්තටම හින්දියෙන් අතුරුපස ...මම හිතන්නෙ ඒකෙන් තමයි මොම්බයි මුටයි එන්න ඇත්තෙ.

      බොම්බිලිත් එහෙමනෙ..... මතකයි නේද අපි එක පාරක් කාලෙකට ඉස්සෙල්ල උඹේ පෝස්ට් එකකදි ඒ ගැන දිග දුරට කතා කලා බොම්බිලි = බොම්බේ ඩක්ස්

      /ඕගන්-මෝගන් යනවා/

      ම්හු හරියටම තේරුමක් හිතාගන්න නම් බෑ. ඒත් දකුණෙ මෝ කියල කියනව අම්මට. මම ඔය කැළේ මැද රස්සාවෙන් අයින් වෙච්චි අලුතම නුවර-මාතලේ සහ නුවර-ගම්පල පාරවල් කරපු කොම්පැණියක වැඩ කලානෙ අවුරුද්දක් තරම.

      ඒකෙ සීයට අනූවක් හිටියෙ තලල්ල, කඹුරුපිටිය, හිත්තැටිය දිහා එවුං.මල පැන්නම උං බනිනව "තොහෙ මෝ ගන්ට මට" කියල හෙහ්,හෙහ්,

      ඒ හින්ද ඔය මෝගන් කතාවත් අම්මට සම්බන්ධ එකක් කියල මට හිතෙනව.

      Delete
    14. රවී...මට ඔය ඕගම් හෝ ඕගන් මෝගම් කතාව කිව්වේ මගේ ඥාතියෙක්. මගේ නංගි බැන්දේ දකුණෙන්. ඒ පවුලේ පුතෙක් ඩොකෙක්. බුවා ගම්පලාතක හොස්පිට්ල් එකක ඉන්න කාලේ එක ආච්චි කෙනෙක් ලෙඩේ කිව්වේ එහෙමලු. ගොඩක් පරණ අය පාවිච්චි කරපු යෙදුමක්. දැන් නම් ඉතින් ඩයරියා ඇන්ඩ් වොමිටින් කියලා කියනවා ඇති.

      Delete
    15. වලාමේ මක්කෙයි ඔය තටුවෙ තියලා තසිමෙන් වහල තියනවා සීනි කුරුල්ලෙක්.තාම කෑවෙ නැතෙයි? හින්නො වහයි..
      හින්නො= කළු කූඹි.
      මාතලේ පැත්තෙ අපේ බුවෙකුට ඔය හින්නො කතාව කිව්වම ඌ කියනවා ජනෙල් වහලනෙ කියලා.පොරහිතල තියෙන්නෙ හින්නො කියන්නෙ වවුල්ලු වගේ සත්තු ජාතියක් කියලා.

      Delete
    16. ඇයි බං පොල් බෝනික්කො. ඒ කෑම ගැන දන්නවද?

      Delete
    17. හැලප,

      අපෙ අත්තම්මා පොල් බෝනික්කො කියන්නෙ ලැවරිය වලට. උන්දැගෙ තව මරු වචන තිබ්බ. දෙහි පොන්ස, දොඩං පොන්ස (එතන පොන්ස කියන්නෙ ඉංගිරියෙන් Punch කියන එකට)

      Delete
    18. ගස්,

      ඇයි බං අර "ඇහැක් තරමට කාල ඉතිරි ටික වහ දාන්න" කියල කියන්නෙත් ඔය මානවිකාලගෙ අහ කට්ටිය තමයි...;)

      Delete
    19. එහෙම නෙවෙයි කියන්න ඕන..
      "ඇහැක් තරමට කාල, ඉතුරු ටික මේසෙ උඩ තියල වහ දාන්න" කියල..

      Delete
    20. මේ සින්දුව තේරෙනවද බලන්නකො ඔහෙලට :)
      වචන සෙට් එකම වගේ තියනව

      https://www.facebook.com/piyavi.sachipathi/videos/1274076632699427/

      Delete
  7. චැහ්... දවල් කෑමට කලින් මොකුත් නොතර ඉන්නවයි කියන්නෙ හෙන ගහන අපරාදයක්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඉඳහං තව කතාව ඉවර නෑ..මම අර කතාවෙ අන්තිමට ලතිං බාසාවෙන් දැම්මෙ මතු සම්බන්ධයි කියන එක.

      මම එහෙම දැම්මෙ කරුණු දෙකක් බලාපොරොත්තුවෙන්...

      1. මගේ මෑණියන්ගෙ සෞඛ්‍යය තත්වය රැක ගැනීම

      2. බොලා අඩු ගණනෙ එක ලතිං වචනයක් වත් ඉගෙන ගැනීම

      Delete
  8. මළගෙවල් වල ගිහින් මිණියට කතා කිරිල්ල කෙසේ වෙතත් මැරිලා උන්නේ ගෑණු මනුස්සයෙක්ද පිරිමි මනුස්සයෙක්ද කියලවත් දන්නේ නැතුව ආපහු ආපු මළගෙවලුත් ඒ කාලේ තිබ්බ නේද කියල මතක් උනා...

    අපි ගත්ත හොඳම මළ ගේ ගත්තේ ඇඹිලිපිටියේ...
    චන්ද්‍රිකා වැව පිටිපස්සේ, හද්ද ගමේ. සන්කෙන් එකේ වැඩ කරපු අපේ යාලුවෙක් අවුරුදු නිවාඩුවට ගමේ ගිහින් කළුවරේ පුෂ් බයිසිකලයක් පැදගෙන යද්දී කළුවරේ ආපු තව බයික් එකක හැප්පිලා, උගේ නාස් පොල්ල ඇදවෙලා...
    අන්තිමට යාළුවෙලා හිටපු කෙල්ලගේ කීමට ඌ නහය හදන්න මාතර හොප්පිටල් එකට ගියා, මේ 2002 අවුරුද්ද...
    හරියටම සිංහල අවුරුදු නැකතට පලවෙනි බෝතලේ කඩන්න හදනකොටම කෝල් එකක් ආව නහය හදා ගන්න ගිය අපේ එකා සෙත්තපෝච්චි වෙලාය කියලා...
    බිව්වට සින්දු කියන්නේ නැහැ කියන සම්මතයේ පිහිටා සිට එදා බීල ඉවර වෙලා පහුවෙනිදා මාතර ගිහින් උගේ මිනිය හොස්පිටල් එකෙන් අරගෙන ඊට පස්සේ ඇඹිලිපිටියට ගෙනත් උන්ගේ ගෙදරට ගිහින් හරියට හත් දවසේ බණත් ඉවර වෙලා තමයි අපි එහෙන් ආවේ...
    අපිට ඉන්න පොඩි කඩ කාමරයක් වගේ එකකුත් දීල තිබුනා...
    ගමේ සිරිත් පැත්තකට දාල අපි වල කපන්න ගිහින් තව පොද්දෙක් එතනත් කෙළියක්, අන්තිමට ගමේ උන්ටත් පොඩි ඉඩක් දීල අපි පැත්තකට උනා...

    එයිටාමතරව අපේ උන් ඒ දවස් ටිකේ ගෙඩි පිටින් බෝතල් විසි දෙකහමාරක් ඉවර කරලා තිබුනා...
    කොටින්ම කියනවනම් ඒ ළඟ තිබ්බ පොඩි පෙට්ටි කඩ වගේ ඒවායේ මුදලාලිල අපි ඒ කඩ ලඟින් ගියත් කියන්නේ "මහත්තයෝ මුරුක්කුත් නැහැ, උම්බලකඩලත් නැහැ, සිගරැටුත් නැහැ, බීඩිත් නැහැ, වගේ නැහැ නැහැ නැහැ කියන ලිස්ට් එකක් විතරයි..."

    ඔය දවස් කීපය ඇතුළත මදි පාඩුවට උඩ යන ඒවා මිටි දෙකකුත් (අත් ගොබයක් තරම් මහත, කෙලින්ම කිව්වොත් ඔය කඩේ ගියහම ගන්න තියෙන මුකුණුවැන්න මිටි තියෙන්නේ, ඊට වඩා පොඩ්ඩයි පොඩි) පානය කරලා තිබුනා...
    ඒ වතාවේ තමයි මම නියමාකාරව ගුවන් ගත උනේ ඉස් ඉස්සෙල්ලම...
    කෙලින්ම ලෑන්ඩ් කලේ ඇළට, පැය දෙකක් විතර නෑවා...

    කොහොමින් කොහොමහරි අපි උගේ මරණේ මගුලක් ගාණට ජයටම අරගෙන එමින් ගමන් බස් එකේදී ගෑණු ළමේක්වත් සෙටමෝල් කරගෙනම තමයි ගමේ ආවේ...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ අර මැරිච්ච එකාගේ ගෙදර අයට පාරෙ බැහැල යන්න පුලුවංකමක් තිබුණද කියල හොයල බැලුවද උඹල.

      Delete
    2. මැරිලාත් පින් රැස්කරගෙන එකා.

      Delete
    3. මේ කතාව හොඳටම බිලා පූල් එහෙක බැහැල ඉද්දි ඇහුවා වගේ මතකයක් තියෙනවා..

      Delete
    4. දැන් ඒ සැටමෝල් කරගත්ත ගෑල්ලමය කෝ ?
      ලොක්කට කලින් මම මලොත් කවුරුත් මගෙ මලගේ මූට කියන්න එපා.

      Delete
    5. ///ඊට පස්සෙ අර මැරිච්ච එකාගේ ගෙදර අයට පාරෙ බැහැල යන්න පුලුවංකමක් තිබුණද කියල හොයල බැලුවද උඹල.///

      පිස්සුද බං ආයේ ගියේ තුන් මාසෙට...

      ///මැරිලාත් පින් රැස්කරගෙන එකා.///

      ලේසි පහසු වැඩක්ද බන් අපිට කන්න බොන්න දීපු එකම, හැබැයි බිව්වේ නම් අපේ සල්ලි වලින්...
      අපේ කිව්වට එදා 14 වෙනිදා බුරු ගහල දිනපු එකෙක් අපිට ස්පොන්ස් කලා...

      Delete
    6. ///මේ කතාව හොඳටම බිලා පූල් එහෙක බැහැල ඉද්දි ඇහුවා වගේ මතකයක් තියෙනවා..///

      එහෙනම් අපි එක්ක එදා ගිය වෙන එකෙනක් වෙන්න ඇති උඹට කියන්න ඇත්තේ...

      ///දැන් ඒ සැටමෝල් කරගත්ත ගෑල්ලමය කෝ ? ///

      ඒක සීරියස් ලව් එකක් දක්වා දුර ගියේ නැහැ බං...
      ඒ ළමයා මාත් එක්ක ලියුම් කීපයක්, කෝල් කීපයක්, කාඩ් කීපයක් එහෙ මෙහෙ කරගත්ත ඇරෙන්න වෙනයම් කිසිම දෙයක් සිද්ධ උනේ නැහැ...
      මොකද ඒ ලියුම් වල කියල එවල තිබුන විදිහට ඒ වෙද්දීත් ඒ ළමයට කොල්ලෙක් ඉන්නවා...
      ඉතිං අපි දෙන්න යාළුවො වගේ කාලයක් ඉඳල අන්තිමට අමතකම වෙලා ගියා... ;)

      ///ලොක්කට කලින් මම මලොත් කවුරුත් මගෙ මලගේ මූට කියන්න එපා.///

      උඹව කොටියම කන්න එපායැ කම්මලයෝ...
      අපි මේ රවියල වගේ කවුරුහරි මැරෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්න එව්වෝ නෙමෙයි, හැබැයි ඉතින් මළ ගෙයක් වෙලා අල්ලලා ගියොත් ඉතින් ආයේ හත් දවසත් ඉඳල තමයි එන්නේ...

      ඒ ඉස්සර බං, දැන් මළගෙයක් ආරංචි උනත් යන්න විදිහක් නැහැ... ;(
      ඒ නිසා තෝ බය නැතුව මැරියන්... :)

      Delete
    7. ලොක්කා,

      මාත් ආස මම මැරිච්ච දාක මගෙ යාලුවො අන්න එහෙම ෆුල් ආතල් එකක් ගන්නවට. "මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි" ඒ අයිඩියා එක සින්දුවකට නම් මරු. එච්චරම තමයි. ජීවිතේට හරියන්නෙ නෑ...

      මගේ මළගම කෙරෙන්ට ඕන විදිහ මම ලියල තියෙන්නෙ. අවසන් ගෞරව දක්වන්ට එන ඔක්කොම කන බොන උදවියනම් ෂොට් එකකුත් වක්කරගෙනයි මිනිය ගාවට එන්ට ඕන. ඇවිල්ල මිනියට කතා කරනව කියන්නෙ වීදුරුව උඩට උස්සල චියර්ස් කියන්ට ඕන...

      ඉඳංකො...මම ආයම දවසක ඒ ෆුල් ඩීටේල්ස් ලියන්නංකො. "ජීවිතය වින්දෙමි. මරණයද විඳින්නෙමි" ඒකයි මාතෘකාව...හෙහ්,හෙහ්,

      Delete
    8. උඹේ කමෙන්ට් එකත් රවියගේ කතාව වාගෙම ආතල් ලොක්කෝ.

      Delete
    9. ජයීන් ජයිම වීවා ලොකු පුතී

      Delete
    10. නහය හදන්න ගිය එකා කොහොමද බං මැරුණේ?

      Delete
    11. නහය හදන්න ගිය එකා කොහොමද බං මැරුණේ? x2

      Delete
    12. ඕක වෙලා තියෙන්නෙ මෙහෙමලු බොලවු. ඔය ඩොකාත් අපේ රවියාගෙ ජාතියෙම බුවෙක් ලු.. ඉතිං පොර අර නාහෙ හදන්න ගිය ලෙඩාව සිහි නැති කරලා වෙලාව එනකං තව ලෙඩෙක් ඔපරේට් කරන්ට පට්ටාං ගත්තලු.. ඒක ඉවර වෙලා ගියාලු කොණ්ඩ කැවුමක් කාලා ප්ලේන්ටී එකක් බීලා එන්ට රෙස්ට් රූම් එකට, සිංහල අවුරුදු දවස් නේ.. එතැනදි යාලුවෙක් හම්බවෙලා කතාවක් දාගෙන ගියාලු තව යාලුවෙක් මුනගැහෙන්ට... ඔහොම ඔහොම එකේක තැන්ඔලට ගිහිං බුවාට අන්තිමේදි දවස් ගානකට පස්සෙ තමා මතක් වෙලා තියෙන්නෙ "බොලේ මම ඔපරේසොං කොරාන්ට සිහි නැති කරපු ලෙඩෙක් අරෙහෙ දාලා නේද ඇවිල්ලා තියෙන්නෙ?" කියලා.. ඒ එනකොට පරක්කු වැඩිලු..

      Delete
    13. හප්පට සිරි කිවුවලු, හොඳ වෙලාවට බලාගෙන ගියාම රවී අයිය ඩොකෙක් නොවුනෙ. මේ මනුස්සය කැලේ ඉන්න කාලෙ බාගෙට හදල අමතක කරල ආපු වැව් බැමි එහෙමත් තියෙනවද දන්නෑ.

      Delete
    14. //////මාත් ආස මම මැරිච්ච දාක මගෙ යාලුවො අන්න එහෙම ෆුල් ආතල් එකක් ගන්නවට//////////

      මේක කියවපන්.

      ඩොල්කි වාදන ශිල්පී පත්මසිරිගේ අන්තිම කැමැත්ත අනුව මළගෙදර බජව්

      Delete
    15. බූරා,

      මරු කතාව බං ඒක..ඔය වගෙ ජොලි දෙබසක් ගියා මේ ලඟදි නෙතූ ටෙලි ෆිල්ම් එකේ..

      ඒකෙ ඔන්න නෙතූ කියනව යාලුවෙකුට "මේක අහන්ටකො ඒයි අපේ තාත්ත මරු වැඩ කරන්නෙ... උදේ ඔෆිස් යනව කියල ගිහිල්ල එහෙම්මම යාලුවෙකුගෙ මාමගෙ මළ ගෙදර ගිහිල්ල පහුවදා ආවෙ" කියල.

      එතකොට යාලුව කියනව.."ඕක මොකක්ද බං? අහපංකො අපෙ අයිය කරපු වැඩක්. අල්ලපු ගෙදරට රේක්කෙ ඉල්ලගෙන එන්ට ගිහිල්ල ඒ ගමන්ම ඒ මිනිස්සු එක්ක සිරීපාදෙ ගිහිල්ල මිනිහ ආපහු ගෙදර ආවෙ දවස් හතරකට පස්සෙ"

      Delete
  9. හෙහ් හෙහ් හෙහ් මට මතක් වුනේ අපි ඉස්කෝලේ උපෙ කාලේ මුළු පන්තිය පිටින් ම ඉස්කෝලෙන් පැනල ගිහින් යාලුවෙකුගේ ආච්චි ගේ කොහෙද මල ගෙදර ගිය හැටි.. උදේ 7.30 වෙද්දී ඇවිල්ල හිටපු ඔක්කොම උන්ටික 7.45-8 වෙද්දී ගේට්ටුවේ හිටපු සිකුරිටි අංකල්ටත් සද්දයක් දාල පැනල ගියා..

    පහුවදා මුළු පන්තියම පිනාගේ ඔෆිස් එකේද කොහෙද හෙහ් හෙහ්

    මම ඉතින් බයිට් විතරක් කන එකා නිසා බීපු ආතල් නම් නෑ..

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      ප්‍රින්සිපල් හරිනම් බොලාට එසෙම්බ්ලි එකේදි ස්තූති කරන්න වටිනව. ඉගෙනීම වගේද බං චිරාත් කාලයක් තිස්සෙ පැවත එන අපේ සාර ධර්ම ආරක්ෂා කර ගැනීම...

      එව්ව අපේ ලේවලම තියන එව්වනෙ. මල ගෙවල් වලට සහභාගී වීම ඒ සාර ධර්ම වල මුදුන් මල් කඩක්...හෙහ්...

      අර ජෙප්පො ඒ කාලෙ මරහඬ තිබ්බෙ "පළමුව මව් බිම දෙවනුව ඉගෙනුම" කියල. අන්න ඒ වගෙ උඹලටත් ප්‍රින්සිපල් ඉස්සරහ දකුණත මිට මොලවල උඩට උස්සල විප්ලවීය ආචාරය දක්වල යටි ගිරියෙං බෙරිහං දෙන්ට තිබ්බෙ "පළමුව සාරධර්ම..දෙවනුව ඉගෙනුම" කියල. ප්‍රින්සිපල් උනත් හෙල්ලිල යනව උඹල එහෙම කලානං..අම්මප...

      Delete
  10. ඔය මරණ ගෙවල් සංවිධායක සුදුසුකමේ හැටියට අර ජයරත්න,බානි රේමන්ඩ් වගේ අවමංගල කම්පනියක් රවීයියාට පටන් ගන්න බැරි කමක් නැහැ වගේනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම පටං ගත්තොත් මේ මනුස්සය මිනිය ඩිලිවරි කරන්නෙ තුංමාසේ දානෙත් පහු උනාට පස්සෙ තමයි.

      Delete
    2. ප්‍රසා ++++++++
      එකෙන්ම මල එකා ආයෙ ඉපදිලා මිනියට කරගහන්න එනව.

      Delete
    3. මනෝජ්,

      ආය මොනවද මල්ලි? එහෙම එකක් පටන් ගත්තනං ෆුල් පැකේජ් එකම දෙනව. ෆුල් ඔප්ෂන්.

      බෙල්ල මිරිකල මරන එකෙන් වැඩේ පටන් ගන්නෙ. අන්තිමට අපායෙ දොරකඩට ගිහිල්ල ඇරලවන එක දක්වා පැකේජ් එකට ඉන්ක්ලූඩඩ්...

      Delete
    4. ප්‍රසා සහ කම්මල,

      හෙහ්,හෙහ්..තොපි දෙන්න අපහාස කරන්ට දන්නෙම නෑ නේ?...:)

      Delete
  11. ඔහේ දැන් ලතින් වලින්මයි කතාව එතකොට නෙහ්..

    චන්දරේ මැරෙන්න කලින්වත් දෙවෙනි කොටහා කියාන් අයියේ..

    ReplyDelete
    Replies
    1. Kalyana,

      /ඔහේ දැන් ලතින් වලින්මයි කතාව එතකොට නෙහ්.. /

      ලතින් වලින් කතා කරන්න පුරුදුවුනේ අන්න අර ප්‍රා ගොයිය හින්ද...ප්‍රා ඇවිල්ල ලතිං මරුවා...:)

      Delete
    2. ලතිං නතිං බං

      Delete
    3. එක්ස්,

      වරක නතිං........:)

      Delete
  12. අපිත් බස් එකක් පුරෝල දියතලාවෙ මළගෙදරක ගියා, හැබැයි ඔය 4DR5 එකක ගියපු තරම් කට්ටියක් තමයි මලගෙදරට ලගා උනේ. ඩෙඩ් බොඩීස් ගානක් බස් එකේ තව කට්ටියක් බෑවුමේ පතබෑ වෙලා මඩ නාගෙන මග හිටිය..

    ReplyDelete
    Replies
    1. කම්මල,

      මළගෙවල් වල කතන්දර අනනත්වත් තියනව නැද්ද?

      Delete
  13. සුන්දර ගමක මරණයෙ සිරි දැකගන්ට
    බොන්නට ඇසූවිට මිතුරාගෙන් දුකට
    චන්දරෙ ඇවිත් අල්ලන් මුගෙ හොම්බකට
    ඇන්නේ නැති එක ගැනමයි පුදුම මට

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මලගේ නිසයි බේරුනෙ මුං සැවොම එදා
      නැත්තං කන්න වෙන්නෙ ඔක්කොටම බෙදා
      මල පැනලා උන්න උංගෙන් එන ගමනා
      කරුණේ කෑවාලු නකතං වෙන්න එදා

      Delete
    2. Dumee & Prasa,

      ගල පිටින් ගල තියල අඹරපු කහ හොඳයි පුහුලක් උයන්නට,
      වල කපන අය වලේ වැටුනම කවුරුවත් නෑ බේරගන්නට,
      නල මුසුව එන මලේ සුවඳක් පපුවේ හැම තැනම පිරී යන්නට,
      මල ගෙවල්වල කවි කිව්වහම වස් වදිනවා රිස්ස යන්නට,

      Delete
  14. මම මේ කල්පනා කරේ, අපේ වගේ සෙට් ඔය මලගෙවල් විසිට් කරලා ගියාට පස්සේ , ඒ මිනිස්සු හත්දවසේ දාණේ දෙනකම් කටපුරා බනිනවා ඇති නේද කියලා. යනකනුත් බොනවා, ෆිට් මලගෙදරක් නම් එතනත් බොනවා. නැත්නම් වෑන් එක අස්සේ බොනවා. ආපහු එනකං බොනවා. සමහර එවුන් ගෙට ගොඩවෙලත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      හෙහ්...එහෙමත් ඇති බං...අපි ආවම බණිනව ඇති අපේ යාලුවට.."මේ පුතෝ උඹට මම එකක් කියන්නං...මගේ මළගෙදරටනං ඔය කාපාලුවො එකෙක් ගෙන්නන්නෙ නෑ තේරුණාද උඹට?"

      Delete
  15. රවී, උඹේ මේ සීරිස් එකේ මම කැමතිම චරිතෙ විමලෙයා. උඹ සෑහෙන කාලෙකින් ඌ ඉන්න වාංපතුල් කතාවක් ලිව්වෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ලියන්නං බං ලියන්නං....:)

      Delete
  16. කොළඹ සිට අකුරැස්සට ද කොහෙදො ලේලන්ඩ් බස් එකක මහ රෑ ,බයිට්,සැණ්ඩි,දුම්,කෝප්ප මුකුත් නැතුව ගල් බෝතල් එක පිට එක කටේතියන්බිබී මලගෙදරට ගිහින් එතනත් බීල බීලා ඊයා...
    ට්‍රේනිං ගස්ලබ්බව සයිට් එකෙන් ඇහිඳන් සින්නන්ගෙ මලගෙදරක යන්න දාගත්තු නිසා සින්නි අක්කලාගෙ ඇල්ම බැල්ම නිසා මලගෙදරින් හොඳට කන්න දුන්න ලඟ තියාගෙනම.ඒකෙන් මේකෙන් වෙරි පිට දාල.. හයියෝ..වෙච්ච දෙයක්.
    අදටත් දන්නෑ කාගෙද මලගෙදර කියලා.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      උඹට ෂුවර්ද නිවැරදි මල ගෙදර ගියේ කියල? අපි එක පාරක් ඩෝප් මරගාතෙ වැරදි මළ ගෙදරක ගිහිල්ල මාර කෙළියක් වුනා...හෙහ්,හෙහ්,

      Delete
  17. ලාම්පු කණගා‍ටුව බං.

    >>හම්මා බලන්ට එපාය එවුං දෙන්න. ඔලුවට අර බක්කර තොප්පි දාල, කර වැහෙන්ට සුදු කෝට් ඇඳල, අතට ග්ලවුස් එහෙම දාල ඉන්නෙ.<<

    @#$# %$#!

    උං උඩට උඩුවියං පයට පාවඩ හෙම දාල හිටියේ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ් හෙහ් ඇයි බං එහෙම අපහාස කරන්නෙ?

      Delete
    2. හෙන්රිය කොමෙන්ට් දානව . බ්ලොග් එක මීයො කනව . අඩෝ හෙන්රිය @#$^&*( ගන්නෙ නැතුව මොනා හරි ලියහං බං...

      Delete
  18. "කොහෙද? මෙහෙ? "

    "මෙහෙ නැතුව ආය?"

    Futurus persevero............

    You might also like:

    මොකක්ද බන් රවී අයියේ මෙ ආප්‍රබංසේ... !


    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      /Futurus persevero.../

      ලතින් බාසාවෙන් මතු සම්බන්ධයි කියල කියන්නෙ අන්න එහෙම....:)

      Delete
    2. එතකොට නතිං බාසාවෙං කියන්නෙ කොහොමෙයි ???

      Delete
    3. ආතර පීතර බම්බීරෝ කියලද

      Delete
  19. කතාවයි කමෙන්ට්ස් ටිකයි සේරම පට්ට !

    ReplyDelete
  20. එහෙම කියන්නෙ අපෙ අප්පච්චි අරක්කු බිංදුවක් කටේ තියපු කෙනෙක් නෙවෙයි.."

    ReplyDelete
    Replies
    1. Sumudu,

      අන්න නියම අප්පච්චිල...:)

      Delete
  21. //මිනියට කතා කරල මිදුලෙ පැත්තක අඹ ගහක් යට තිබ්බ පුටුවල ඉඳගත්ත//

    ඉතින් මිනියත් පෙරලා උත්තර දුන්නද රවි අයියේ?

    //අප්පච්චි අරක්කු නොබිව්වට උඹ බොනවනෙ//

    ඒකත් ඇත්ත කතාව. පුතා හැදිච්ච විදියට නේන්නම් වැඩ සිද්ධ වෙන්න ඕන :D

    ReplyDelete
  22. සයුරි,

    / ඉතින් මිනියත් පෙරලා උත්තර දුන්නද රවි අයියේ? /

    මේ නිකං කෝචොක් දාන්ට එන්ට එපා හයිද? ඔව්ව උඹලගෙ කතා මිසක අපේ කතා එහෙම නෙවෙයි හොඳද? මට මතකයි උඹත් ඔය හම්බන්තොට දිහා එකියක්ය කියල කලින් දවසක උඹම ලියල තිබ්බ.

    ReplyDelete
    Replies
    1. heh...hambantota distrikketa meha distrikke. habai mama daha athe diurala kiyannam mamaham ohoma ekak ahala nahai kiyala ;D

      Delete
  23. https://www.google.ae/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwj5xZyJveDSAhVDOBQKHcypAoMQtwIIHDAA&url=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D_QXbEuR_voU&usg=AFQjCNEHOto1tDwlfeybhLNeE2PNsYFC-A&sig2=oLWNOwJ1wEo6g_4u-SBgtw

    ReplyDelete
    Replies
    1. බොලාගෙ වාං පතුල් වගේ තමයි යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ඒ අතරෙ බොලාගෙ කතා අහනකොට මට මේ සින්දුව මතක් උනා.. පින්න මල් පිපී පින්නේ..

      Delete
    2. ඊයෙ පෙරේද මම අරූටත් මේක දැම්ම ... මහියංගනේ..... කොහෙද බොලා හොයාගන්න බැරිඋනානෙ... මළගෙවල් එක්ක මේකෙත් සම්බන්දනයක් තියේ . හැබැයි හරි දුරින්...https://www.youtube.com/watch?v=2ZGmDzchh_A

      Delete
    3. එක්ස්,

      වීඩියෝ දෙකටම ස්තූතියි බං...මම දැක්කෙ නෑ උඹලගෙ සංවාදය...දැක්කනම් අනිවා එකතුවෙනව...:)

      Delete
  24. කථාව සහ කමෙන්ට් ටික මරු. මර්ඩර් කථාවක් තිබුණා ප්‍රේමදාස ජනාධිපති වුණ කාලේ. ඒකාලේ ඔය සංස්ථා වල ක්‍රියාකාරී අධ්‍යක්ෂක වගේ තනතුරු වලට පත්වුණේ මරදානෙ ඉංග්‍රීසි දැනුම එහෙම අඩු මදාවි මොඩල් කට්ටියනෙ. එකෙක් එහෙම එකෙක්ව හම්බුවෙන්න අපොයින්ට්මන්ට් එකක් ගන්න කථා කලාම මිනිහ කිව්වළු මට තුනට මර්ඩර් එකකට යන්න තියෙනවා පහට විතර එන්න කියල. මර්ඩර් එකක් කරල ඉන්න මිනිහව හම්බුවෙන්න බයේ වෙන දවසක් දෙන්න කියල කිව්වම මිනිහ කිව්වලු මිනිය ගන්නෙ හතරට ඒක නිසා පහට හම්බුවෙන්න පුළුවන් කියල. එතඔටළු තේරුනේ ඒ මිනිහ මර්ඩර් එකකට කියල තියෙන්නෙ funeral එකකට කියලා.

    ReplyDelete
  25. Obe sithuvili Gena mage sithuvili
    👍👍

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...