Friday, March 24, 2017

494. විමලෙගේ වාං පතුල් කතා - 44 - චන්දරේගේ මළගෙදර විත්ති - 3


Under an image of liquor bottles the caption says
ALCOHOL - Because no good story ever starts "So...I was eating a salad"

චන්දරේ අපිට ලෑස්ති කරල දුන්නෙ මිනිය තැන්පත් කරල තිබ්බ සාලෙත් එක්කම එහා පැත්තෙ පරණ ගබඩා කාමරයක් වගෙ එකක්. කැටයම් දාපු පරණ ඇඳන් දෙකක් තිබ්බ දෙපැත්තෙ. ඒ මැද කකුල් හතරෙ පෙට්ටගමක් තිබ්බ. කාමරේ අනික් හරිය තනිකරම පැදුරු අකුලල කෙලින් හිටවල බිත්තියට හේත්තු කරල තිබ්බ. කාමරේ එකක් තියෙන්නෙ හැබැයි පිරිසිදුයි. දූවිල්ල එහෙම නෑ.

චන්දරේ අලුත් පැදුරු දෙකක් දාල දුන්න ඇඳන් දෙකට. රවුං කනප්පුවක් ගෙනල්ල මැදිං තිබ්බ. 

"එහෙනං මචං අනේ සද්ද කරන්ට එහෙම එපල්ල. මේ ජනේලෙ බාගෙට වගෙ ඇර ගනිං ඕනනං. මෙතනම එහා පැත්තෙ සාලෙ. ඒ හින්ද බොහොම සයිලන්ස් එකේ වැඩේ හොඳද?...මම ගියාට පස්සෙ මේ දොර වහල සොයිබෙ දාගනිං හොඳද? මම හෙමිහිට දොරට ගහල කතා කලොත් ඇරෙන්න දොර අරින්ට එහෙම එපා…"

"හරි බං හරි හරි අපි එහෙම පිස්සු කෙලින්නෙ නෑ..උඹ බය නැතුව ඉඳහං………" මම එහෙම කියල උගෙ පිටට තට්ටු කලා. 

චන්දරය එළියට ගියායිං පස්සෙ මම දොර වහල සොයිබෙ දැම්ම. පරණ මළකාච්ච සොයිබයක්. ඒකෙ සද්දෙ කිරීස්ස්ස්ස්ස්ස්...ගාල ඇහුනෙ අර අවතාර ෆිල්ම් වල දොරවල ඇරෙන සද්දයක් වගෙ. 

"යකෝ හෙමීට හෙමීට…" සමරය කිව්ව.

"හෙමීට කියන්නෙ බං මේ කෙහෙම්මලට තෙල් දාල නෑ මට පේන්නෙ හයි කරපු දවසෙ ඉඳලම. ඉතිං ඔහොම සද්දයක් ඇහෙන එක පුදුමයක්ද?"

"හරි……. හරි.... වරෙං…. වරෙං…… ඉඳ ගං..ඔන්න ඕක කඩල ගං කඩල ගං විජහට" සමරෙය කෑගැහුව. 

ඌට තමයි බොනකල් සිහියක් පතක් නැත්තෙ. අර කලින් කතන්දරේක කනප්පුවට ගහල ගල් බෝතලයක් බිම දාල කුඩු කලෙත් ඔය සමරයම තමයි. ඒ කතාවෙ මම ඌව හඳුන්වල තියෙන්නෙ චන්දරේ කියල. 

එහෙම එව්ව වෙනව. මොකද මම ඔය මගෙ යාලුවන්ට අන්වර්ථ නම් දාලයි මේ කතා ලියන්නෙ. ඉතිං එහෙම ලියනකොට නැචුරලි ඒ නම් මාරු වෙනව. මොකද එකම නම් සෙට් එකක්නෙ වටේට කැරකෙන්නෙ. මයෙ මාමණ්ඩි කියන්න වගෙ "අන්න ඒකයි පුතේ ඒකෙ අවයවය" හෙහ්,හෙහ්,....ආන්න එහෙම එව්වට ඔය විද්වත් මණ්ඩල වල එහෙම ඉන්න කස්ටිය කියන්නෙ අත්වැරදීම් සහ අක්‍රමිකතා කියල. නිල වශයෙන් පිළිගත් වචනෙ ඇවිල්ල අවභාවිතාවන්.

"මොනවද බං බයිට්?"  කරුණෙ ඇහුව.

"කොත්තු දෙකක් දාගෙන ආව...තව රෝල්ස් වගයක් තිබිල එව්වත් හත අටක් ගෙනාව" සමරෙ කිව්ව.

"සෝඩ?"

"බෝතල් හතරක් ගෙනාව අයියෙ."

ඒ දවස්වල අපි ෂැන්ඩිවලට ගත්තෙම සෝඩා. කෝක් සහ ස්ප්‍රයිට් වලින් අරක්කුවල ආවේණික රස මැකිල යනව කියල අපි හැමෝගෙම පිළිගැනීමක් තිබ්බ. හැබැයි ඉතිං ඔය මූන් ෂයින් සුට්ටක් පානය කරන කොට නම් කොකා කෝල ඩිංගිත්තක් විතර වාගෙ මික්ස් කරගත්ත. නැත්තං සැර වැඩියි. උගුර කට පිච්චීගෙන යනව.

"හරි ඒ ඇති...ඒත් යකෝ මෙව්ව දාන්ට පිඟානක් වත් ඉල්ලගත්තෙ නෑ නේද චන්දරයගෙං…"

"ෂෙහ් ඒක අමතක වුනානෙ..හරි හරි ඉඳහං මම ගිහිල්ල ඕකව හොයාගෙන එන්නං" සමරෙ හෙමීට කාමරේ දොර ඇරල එළියට ගියා. අපි ඇතුලෙන් දොර වහල සොයිබෙ දාගත්ත. කිරීස්ස්ස්ස්ස්ස්.

ටිකකිං සමරෙ ආපහු ආව. දොරට හෙමිං සැරේ තට්ටුවක් දාල "ඒයි දොර ඇරපල්ල මම ..මේ මම…" කියල යම්තමට ඇතුලට ඇහෙන විදිහට කිව්ව..

"යකෝ මේක මාර කෙළියක්නෙ..මේ අරක්කු ටිකක් බොන එක හෙණ සීක්‍රට් ඔපරේෂන් එකක් වුනානෙ. මඟුල.." එහෙම කියව කියව විජේ ගිහිල්ල දොර ඇරිය. සමරෙ යන්තමට ඇරිච්ච දොරෙන් ඇතුලට ඇවිල්ල ආයම දොර වැහුව.

"කෝ බං පිඟාන?..." මම ඇහුව. 

"සාලෙ මැදිං පිඟං ගේන්ට බෑ කියල චන්දරේ නාහෙං ඇඬුව. ඒ පාර අන්තිමට කිව්ව කුස්සියෙ කට්ටිය ටිකක් එහෙ මෙහෙ වෙනකල් ඉඳල පිඟං දෙකක් ගෙනල්ල අර ජනේලෙට තට්ටුවක් දාන්නංය... එතකොට ජනේලෙ ඇරල පිඟං දෙක කාමරේ ඇතුලට ගන්ටය කියල."

"හයියෝ මේ ගස් ගෝනා කීයට පිඟං ගෙනෙයිද දන්නෙ නෑ. එතකල් බලා ඉන්ට බෑ. ඔන්න ඕක කඩල ගං විජහට. අරූ පිඟං ගේනකල් ඔය කොත්තුව ඔහොම්මම දිග ඇරගමු. ආය ඩබල් ඩිස්ටිල් එකෙන් දෙකක් වදිනකොට අහවල් පිඟංද?" සමරෙ කියව කියවම ඇඳගාව බිම තිබ්බ සිමෙන්ති කවරෙං බෝතලයක් එළියට අරගත්ත. 

"හරි බං, එහෙම නෙවෙයිනෙ. පස්සෙ මොනව උනත් වැඩේ පටන් ගන්ට එපයි ලකයක් ඇතුව. හෙහ්..හෙහ්." මම එහෙම කියල සෝඩ බෝතලයක් අතට ගත්ත.

හැබෑටම කිව්වත් වාගෙ ඒ හැටි වෙලාවක් ගියෙත් නෑ. කාමරේ තිබ්බ එකම ජනේලෙට හෙමීට තට්ටුවක් දානව ඇහුන. 

"අන්න අර හෝතඹුව ඇවිල්ලද කොහෙද? ගිහිං බලපල්ල එකෙක්." සමරෙ ඔලුවෙන් ජනේලෙ පෙන්නන ගමං එකක් වක්කරගත්ත. ඒ වෙනකොට බෝතලෙං බාගයක් වගෙ කිට්ටු වෙන්ට ඉවරයි.

මම ගිහිල්ල සොයිබෙ පන්නල ජනේලෙ ඇරිය. එළියෙ හිටියෙ චන්දරය. "අප්පෝ උඹලගෙං තියන මල කරදරයක්…" ඌ ෂර්ට් එක අස්සෙ ගහං හිටපු ප්ලාස්ටික් පිඟං දෙකක් ජනේලෙ සිරස්ව හිටවල තිබ්බ යකඩ කම්බි අතරිං ඇතුලට දික්කලා. 

"ආපෝ උඹ වගෙ නසරානියෙක්. යකෝ ඔව්වට කන දේවල් දාන්නෙ. උඹ ඔහොම ඔව්ව කිහිල්ල අස්සෙ ගහගෙන ආහම අපි කොහොමද බං ඔව්වට කන දේවල් දාන්නෙ?"

"මේ.....මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං වීරෙ...මම මෙව්ව ආය කිහිල්ලෙ ගහගෙන ආපු කෙහෙම්මලක් නෑ.. ඉඳා...ගන්නවනං ගනිං..නැත්තං නිකා ඉඳහං" චන්දරයට මලම පැන්නම යටි තොල වෙව්ලන්ට ගන්නව කිසි කිසි ගාල.

"හරි හරි උඹට ඔච්චර කෑගහන්ට දෙයක් මම කිව්වෙ නෑනෙ. ඔය තොල කොන්ට්‍රෝල් කරගනිං…" මම පිඟං දෙක අතට ගන්න ගමං කිව්ව.

"අනේ මෙහ්……රෙද්දෙ තොල" චන්දරේ තෙමේ එසේ පවසා හස්තාංගුලිකා ආධාරයෙන් ලිංගික කාය කර්මයෙහි යෙදෙන ආකාරය අභිනයෙන් දක්වා ආපසු හැරී පසු නොබලා ඉක්මන් පියවරින් නික්ම ගියේය. 

ඉතිං චන්දරය තොලත් වෙව්ල වෙව්ල පස්ස නොබලම යන්ට ගියා.

"මොකද බං අරූ කියන්නෙ?" සමරෙ ඇහුව. ඌ දැනටම ඩබල් එකේ දෙක තුනක්ම දාගෙන මට පේන්නෙ. ඔය තියෙන්නෙ දාඩිය පොල්ල එහෙම නළලට දාල.

"උඹ කෑගහනව වැඩියි කියන්නෙ. එළියට උඹේ සද්දෙලු වැඩියම ඇහෙන්නෙ…"

"අනේ උගෙ අම්මට...සද්දෙ තව පෙන්නුවෙ නෑ මම ඌට...එනව මෙතන අපිට රෙගුලාසි දාන්ට."

"හරි හරි බං කෑගහන්ට එපා. මෙතන උංගෙ ගෙදරනෙ. අනික උගෙ අප්පච්චිගෙ මළගෙදර. අපි අන්න ඒ ගෞරවේ තියන්ට ඕන" කරුණෙ අයිය හෙමිහිට කිව්ව. 

"නෑ..කක්..කරුණෙ අයිය..ම ම්..ම්..ම ද න්නව ඒක්ක..ඒත් මූට වටිනවද මට එහ්..හෙ...ම්...ම කියන්ට"

"හරි හරි බං ඔන්න ඕක අල්ලල දාපං... දාගනිං තව එකක්" මම සමරෙව කූල් ඩවුන් කලා.

ඔහොම ඉතිං වැඩේ නැඟල ගියා. සමාරම්භක බෝතලේ ඉවර වුනා සං සං ගාල. කොහොමත් එහෙම තමයි. කට්ටිය පළවෙනි ෂොට් එක ගහන්නෙ මේ තව පැයකිං මුලු ලෝකෙම මත්පැන් ඔක්කොම තුරන් වෙනව කියල හිතල වගේ. ඊට පස්සෙ ඔන්න වැඩේ නෝමල් වෙනව. ඔන්න ඊට පස්සෙ හෙමිහිට කතා කර කර ටයිම් අරගෙන ගහන්ට ගන්නව. සාමාන්‍ය නෝමල් ඩ්‍රිංකිං ප්‍රොසීඩියර් එක එහෙම තමයි.

අපි හිටපු කාමරේ සාලෙටම අල්ලලයි තියෙන්නෙ කියල චන්දරය අපිට කලිම්ම කිව්වනෙ. සාලෙ තමයි මිනිය තැම්පත් කරල තිබ්බෙ. අපි හිටපු කාමරේ බාගයක් වගෙ වැහෙන්ට ලී සිවිලිමක් තිබ්බ. පේන හැටියට නම් සොල්දරයක් වගෙ මොකක්ද එකක්. සාලෙත් සීලිමක් නෑ. ඒ හින්ද සාලෙ වටේටම බිත්තිය අයිනට කරල තියල තිබ්බ පුටුවල ඉඳගෙන ඉන්න උදවිය හෙමිහිට කතා කරන සද්දෙ අපි හිටපු කාමරේටත් ඇහෙනව. වචන පැහැදිලි නෑ. ඒත් සද්දෙ ඇහෙනව. 

සාලෙං සද්දෙ අපිට ඇහෙනව කියන්නෙ අපි කතා කරන එව්වත් සාලෙට ඇහෙන්ට ඕන. ඒ තියරි එකට කියන්නෙ "කෙකුලේගේ මළ ගෙදර ශබ්ද පැතිරීමේ න්‍යාය" කියල ඉංගිරිසියෙං කීවොත් "Kelule's Murdur House Acoustical Propagation Theory". ඇඩ්වාන්ස් ලෙවල් ෆිසික්ස් වලට ඔය තියරිය ගැන ඉගෙන ගත්ත හින්ද විනාඩි පහෙන් පහට වගෙ කාලාන්තර වලදි මම "ෂ්..ෂ්..ෂ්..ෂ්...වොලියුම් ඩවුන් ප්ලීස්" කියල ගැජු ග්‍රැජුවලි වැඩිවීගෙන එන සද්දෙ අඩු කරන්නට කටයුතු කලා.

දෙවෙනි බෝතලේ අරිනකොටම වගෙ අපි අර ජනේලෙත් ඇරිය. ඉන්ටම බෑ දාඩිය. එකා එකා ජනේලෙ ගාවට ගිහිල්ල ගෝල්ඩ් ලීෆ් දුම් පිටකලා ජනේලෙං කූරු අතරිං එළියට. ඒකත් මහ විකාර වැඩේ. දුම්පානය කරන එකත් එක්ක එපා වෙන මඟුලක් ඒක. සිගරට් එකක් ගහන්ට තියෙන්න ඕන ෆුල් රිලැක්ස් එකේ. මේක එහෙමද අර ජනේලෙ ගාව නැමිල යකඩ කූරු අස්සෙං මූණෙං බාගයක් එළියට දාල ඇති වැරෙං දුම් පිටකරන්ට ඕන. මොකද එළියෙ හුළඟ සැරයි. එහෙම නැති උනොත් දුම් ආපහු කාමරේ ඇතුලට එනව. එහෙම උනොත් සීලිමකුත් නැති හින්ද අනිවාර්යයෙන්ම සිගරට් ස්මෙල් එක සාළෙට යනව. 

අපි ඔය මළගෙදර ගියවෙලාවෙ සීයට අනූපහක් වගෙම හිටියෙ වයසක උන්දැල. දවල් දවස නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් මළ ගෙවල් වලට සහභාගිත්වය එහෙමයි. දවල් දවසෙ ඇවිල්ල පාලු කපන්නෙ ඔය එහෙමට වැඩක් පොළක් නැති වයසක උදවිය. රස්සාවලට එහෙ මෙහෙ යන තරුණ පහේ කට්ටිය මළගෙවල් වලට එන්නෙ රෑට රෑවෙලා.

ඉතිං අපි යන වෙලාවෙ එක්කෙනෙක්වත් අපි දැක්කෙ නෑ සිගරට් එකක් එහෙම පත්තුකරගෙන ඉන්නව. එහෙම දුම්පානයෙන් සපුරාම තොර තැනක් උනහම සිගරට් ගඳ බොහොම ඉක්මනට පැතිරෙනව.

"ඒයි යකෝ..තව ටිකක් මූණ කිට්ටු කරපං ඔය ජනෙල් කූරු වලට. සිගරට් දුම ආපහු කාමරේට ආවොත් විනාසයි" මම එහෙම කසුකුසුවෙං කෑගැහුවෙ විජෙය ලෝඩ් බකිංහැම් වගෙ ජනේලෙ ගාවට වෙලා නැමෙන්නෙ වත් නැතුව සිගරට් එකක් උරල දුම් පිටකරනව දැකල.

"හරි හරි එළියට තමයි දුම යවන්නෙ…" විජේ ආපහු හැරිල මා දිහාට රැව්ව.

ඔය වෙනකොට අපි කට්ටියටම ගාණට වැදිල. දේශපාලනය, ආර්ථිකය, ක්‍රීඩා, අම්මල ගේන මංගල යෝජනා, අනාගත අපේක්ෂාවන්, පෙම්වතියන්, දරුවන්ගේ කටයුතු ගැන හිටු කියල සාකච්ඡාව. සද්දෙ නැඟල යන වාරයක් පාසා මම හරි කරුණෙ අයිය හරි ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කලා. 

ඒ අතර කාමරේ දොරට හෙමීට තට්ටු කරනව ඇහුන. "මචං දොර ඇරපල්ල. මම මේ චන්දරේ.."

"ඒයි අඩේ චන්දරය ඇවිල්ල...දොර ඇරපං" විජේ ගිහිල්ල දොර ඇරිය. 

ඒ එක්කම චන්දරය ඇතුලට ආවෙ "වහපං වහපං දොර…වහපං" කියල දත්මිටිකාගෙන කියමින්. 

"හරි හරි දොර වහන්ට බැරිය..උඹ ඉස්සෙල්ල ඇතුලට වරෙංකො"

චන්දරේ ඇවිල්ල ඇඳක කොණේ ඉඳගත්ත. "අනේ බං සද්දෙ නං හොඳටම වැඩියි. සාලෙටත් ඇහෙනව. එතන හිටපු අපෙ අර නැන්දම්ම කෙනෙකුත් ඇහුව මොකද්ද පුතේ ඔය සද්දයක් ඇහෙන්නෙ? කියලත්"

"ඉතිං උඹ මොකක්ද කිව්වෙ?"

"මොන පිස්සුද නැන්දම්මෙ අහවල් සද්දයක්ද? කියල මම එතනිං හෙමිහිට මාරුවුනා. ඉතිං අනේ මචංලා ඒ හින්ද සද්දෙ අඩුකරපල්ල දෙයියන්ගෙ නාමෙන්……" චන්දරේ බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිය.

"හරි බං හරි හරි උඹ කිසිම දේකට බයවෙන්ට එපා..හොඳද? කොහොමත් තව ටිකකිං අපි කතා කරන එක ෂම්පූර්ණෙංම නවත්තනව..තේරුණේ?"

"ඈ..ඒ කොහොමද?"

"ඒ කොහොමද කියල අහන්නෙ? ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"

50 comments:

  1. //ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"//

    එහෙම කිව්වම චන්දරේ කෙල්ලින්න ඇති මූනක් නාලු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ්..හෙහ්..නෑ නෑ..නතිං ලයික් දැට් ඇට් ඕල්....රියලි සොරි ටු ඩිසපොයින්ට් යූ

      Delete
  2. රවි අයියා ඔය එයාමයිල්, සම්මාන, ව්‍යාපාර වස්තු වගේ ඒවට සම්බන්ධයක් නැද්ද.
    නිකමට ඇහුවෙ හිටං

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අනේ නෑ බං මට මේ තියන වැඩ ටිකවත් කරගන්ට වෙලාවක් නැතුව ඉන්නෙ..ඒ හින්ද එහෙම එව්වට සම්බන්දෙකුත් නෑ එව්ව ගැන හොයන්නෙත් නෑ.

      මෙහෙම පුරාන සොලෝකයක් අහල තියද? මම ඒ අනුවයි වැඩ කරන්නෙ...:)

      එයා මයිලංච පුග්ගලෝ රුචිකර යූසංච,
      සම්මානෝ ඕගනයිසති දීගංච,
      ව්‍යාපාර වස්තුහේ උදයේන ඛේටේකි,
      වොරි වෙංච නහී අයි හෑවෝ සෝ මෙනි ටු ඩූ තිංගෝච,

      එයා මයිල් ඇත්තෝ කැමති පරිදි ඒ ප්‍රයෝජනයට ගන්නාහ.සම්මාන උළෙල සංවිධානය කරන්නෝ සම්මාන ප්‍රදානය කරති.
      ව්‍යාපාර වස්තු අළුයම ලූ කෙළ පිඬක් මෙන් පිළිකුල් කරමි.
      එබැවින් ඒවා පිළිබඳ සිත් කනස්සළු කොට නොගනිමි.
      මට ඊට වඩා වැදගත් කාර්යයන් එමට ඇත්තේය.

      Delete
    2. පුරාණ ස්ලෝකෙ නම් අගනේය ..

      Delete
    3. කම්මල,

      ඒකනෙ බං කියන්නෙ..ඔය සොලෝක කියන එව්ව පුරාන ඉරිසින්නාන්සෙල මොකෝ ආය කට කහනවට කියපුවාය...හා නැද්ද හොඳයි?

      Delete
  3. ඇස් පෝටරයා මේක දැකල නැද්ද තාම.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඇස් පෝටර් මේ දවස්වල කඩු කිණිසි අමෝරාගෙන සටනකට ගිහිල්ල...හෙහ්,හෙහ්,

      Delete
    2. දැනුයි බං පොසන්නයො මේක දැක්කෙ. අස්වාබාවිකලෙස ඊයෙ වැඩ වැ‍ටුන. මේක සෑ වෙලා සොට් එකක් දාගෙන ආයිත් බලන්න ඕනෙ.

      නෑ බං රවියො. සොට් එකක් දානගමං අරූගෙ නික්මයාමේ නිවේදනය කියෙව්ව. ඒකෙදි ඉතිං සූට්ටක් මල පැන්න. ඒත් පස්සෙ කමිය මට දීපු උත්තරේටත් මම කිසි දෙයක් දාන්න ගියේ නෑ ගොංපාට් ඇති කියල හිතුන. අපිට මොන සටං ද බං අරූ අය්යෙ. මම ඉතිං සොට් එකක් දාගෙන අයිනක් අල්ලං මයිනෙක් වගේ ඉන්න් එකෙක්නෙ.

      Delete
    3. X - Porter,

      මල්ලි ඔව්ව ඕනවට වඩා හිතට ගන්ට එපා. ජීවිතේ ඔයිට වඩා සිරා කේස් ඉස්සරහට එයි. එතකොට උඹටම හිතෙයි අයියෝ මෙව්ව මොනවද? දෙකයි පනහෙ කේස්නෙ කියල..හෙහ්, හෙහ්,

      Delete
  4. /"ඒ කොහොමද කියල අහන්නෙ? ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"/
    උඹ එහෙම කියනකොට චන්දරයගේ මුණ වෙනස් වෙච්ච හැටි මට මැවිල පේනව බං.

    ReplyDelete
    Replies
    1. හැලපේ,

      හෙහ්,හෙහ්, මට තාම මතකයි ඒ වෙලාවෙ උගෙ මූණ. මම තාම හිතනව ඒකට හොඳ උපමාවක්...හෙහ්,හෙහ්,

      Delete
  5. හැක්.. යස වැඩේ. චන්දරෙය උඹලට බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් දීල තියෙන්නෙ. යකෝ හොර පොට් එකක පොලීසියෙන් පනිනවට බයේ බොන එකෙක්වත් ඔච්චර දුක් විඳින්නෙ නැතුව ඇති බොන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්,හෙහ්, සම්පූර්ණ ඇත්ත බං..පස්සෙ ඒකට උපමාවකුත් හැදුන. චන්දරේලගෙ මළගෙදර බිව්ව වගේ කියල...

      Delete
    2. මෙදා සැරේ අලුත් අවුරුද්දට පෙසන්නයගෙ නැන්දම්මගෙ වැලිතලප කන්න යන්න ලැබේවි.

      Delete
    3. එනේකයි ඇත්තෙ.

      Delete
  6. //ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?// ඉතිං ඊටපස්සෙ චන්දරෙයද නැත්තං උඹලගෙන් කාගෙ හරිද මළගම සිද්ද උනේ.

    නැත්තං එක්කො චන්දරෙය බෝතලේ කටේ තියාගෙන අන්තිම බිංදුව වෙනකල් ගහගෙන ගියාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම මොකවත් උනේ නෑ..බොලා හීනෙන් වත් නොහිතන දෙයක් වුනේ එතන....

      You all no dream thinking happening there...you see, Hon. President?

      Delete
  7. මොනව උනත් ඔය වගේ බොනව කියනඑකනං එපා වෙන සීන්ස් එකක්. සින්දු කීම කොහොම වෙතත් අතපය දිගෑරල ෂොට් එකක් දාල සිගරැට් දුං පාරක් නිදහසේ අරින්න නෑ කියන්නෙ ඉතිං කතා කරල නෙමෙයි බීල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒක නම් ඇත්ත. ඒත් බං මොන ශාරීරික අපහසුතා තිබ්බත් බීගන්න එකනෙ වැදගත්. එහෙම හිතල ගසල ඇරිය...හෙහ්,හෙහ්,

      Delete
  8. ක්‍රමක් ක්‍රමයෙන් එහෙම නැත්නං ග්‍රැජහ් ග්‍රැජුවලි සද්දෙ කන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරාට බැරි වුණාද?

    ReplyDelete
    Replies
    1. සවුන්ඩ් කොන්ට්‍රෝල් කරන එකාගෙ සද්දෙලු ඔක්කොටම වැඩිය තිබුණෙ. හැක්..

      Delete
    2. දිල්ෂාන්,

      අපේ එවුං එක්ක එහෙම ගැජු ග්‍රැජුවලි හරියන්නෙ නෑ. එක පාරට කුණු හරප දෙකක් කිව්වම තමයි වැඩේ කොන් රෝල් වෙන්නෙ...:)

      Delete
    3. ප්‍රසන්න,

      /සවුන්ඩ් කොන්ට්‍රෝල් කරන එකාගෙ සද්දෙලු ඔක්කොටම වැඩිය තිබුණෙ. හැක්/

      එහෙම නැතුව බෑනෙ...ඔය පේන්නෙ නැද්ද අවිශිබව එකෙං නිජසස් අජ්ජපානෙ රැකගන්ට මරහඬ තියාගෙන පෙලපාලි එනකොට පොලීසියෙං උංව කොන් රෝල් කරන්නෙ මෙගාෆෝන් වලිං ඊටත් හයියෙං කෑගහලනෙ..දැකල නැතෙයි?

      Delete
  9. මෙන්න ඇත්තටම වුණ දේ. බෝතල් දෙක ඉවර වෙනකොට සිංදු ටික බයිලා වලට හැරිල. ටික වෙලාවකින් සාලෙ හිටපු වයසක සෙට් එකත් කාමරේට සෙට් වෙලා බොන්නයි බයිල කියන්නයි. ටික වෙලාවක් යනකොට සාලෙන් 'දඩාස්' ගාල සද්දයක් ඇවිත්. කට්ටිය බලනකොට මැරිල හිටිය චන්දරේගෙ තාත්ත පෙට්ටිය පෙරළගෙන නැගිටල බ්‍රේක් ඩාන්ස් එකක් දානව සාලෙ. හොල්මනක් කියල බයවෙච්ච සෙට් එක ආපහු දුවල තියෙන්නෙ කොම්පැණියෙ නම ගහපු ජීප් එක මළ ගෙදර තියෙද්දි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඒ සිනාරියෝ එකත් නරකම නෑ ඕල්ටර්නේටිව් එකක් හැටියට...:)

      Delete
  10. Kelule's Murdur House Acoustical Propagation Theory

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කලිං අහල නෑ ඒ න්‍යාය ගැන?

      Delete
  11. ඔය සිගරට් දුම් ජනේලෙන් විදීමේ එක්ස්පර්ට් කෙනෙක් තමයි ගස්ලබ්බා කියන්නෙ.අනුමත වෙලා ගෙදර ආපු දවසට රෑට ඔය සිස්ටම් එකට තමා වැඩේ කෙරෙන්නෙ.
    සිංදු..? සිංදු නෙමෙයි සිරිසඟබෝ , යසෝදරාවත එහෙම කියවන්න උනේ නැතෙයි වෙරි බහිනකන්?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      එහෙම දුම් පිඹින එකත් ලේසි කෙලියක් නෙවෙයි බාං...;)

      Delete
  12. //"හරි හරි බං ඔන්න ඕක අල්ලල දාපං... දාගනිං තව එකක්" මම සමරෙව කූල් ඩවුන් කලා// ඕක තමයි බීපු එවුන් කුල් ඩවුන් කරන ස්ටැන්ඩඩ් මෙතඩ් එක.. අවුල තියෙන්නේ.. කුල් ඩවුන් වෙන වේගෙට වඩා ආයේ රත් වෙන එක.. එහෙම වේගෙන් වේගෙන් රත් වේවි කුල් ඩවුන් වේවි ගියාම ටික වෙලාවකින් ෆ්ලැටේ ෆ්ලැට් වෙනවා චා හොඳ එකෙන්ම චා කරගෙනම.. මට ඉදිරිය මැවී පේනවා පිංවත.. :))

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හෙහ් හෙහ් එහෙම තමයි වෙන්නෙ නේ?

      Delete
  13. මේක නම් මහ බේබදු කතාවක් වෙන්නයි යන්නෙ! හැබෑටම අර අහිංසක චන්දරේ ගැන දුකක් හිතුණෙ නැද්ද මේ අයට? :)

    චන්දරේ අප්පො ගෙ ගෙදර එකත් එකටම ඇති හොඳ තුවක්කුවක් එහෙම.

    ~~~~~~~
    ඊළඟ කොටසින්...
    චන්දරේ තොල් වෙව්ල වෙව්ල තුවක්කුවත් අරන් ඇවිත්, කාමරේ දොර ඇරලා "පළයවූ ඔක්කොම මගෙ දෑහැට නොපෙනී" කියල කෑගහනව. කට්ටියම වෙඩි තියන්න කලින් සී සී කඩ දුවනව.

    ~~~~~~~

    අම්මපා මේ බේබද්දන්ට වෙඩි තියලත් මදි. ඇයි දෙයියනේ ඔය කොත්තුව කොහොමත් පාර්සල් කරලා නේද දෙන්නේ? ඔය පාර්සලේ දිග ඇරගෙන කන්න බැරුවටද අර තාත්තගේ මළගෙදර දුකෙන් සහ වැඩ රාජකාරි එක්ක ස්ට්‍රෙස් වෙලා ඉන්න මනුස්සයගෙන් පිඟන් ඉල්ලන්න ගියෙ? :)

    ReplyDelete
    Replies
    1. //අම්මපා මේ බේබද්දන්ට වෙඩි තියලත් මදි//
      එමා , ඔබගේ ප්‍රකාශය පිලිබද ගල් බලකායේ විරෝධය.
      " බේබද්දොත් මනුෂ්‍යයෝය "

      Delete
    2. //ඔබගේ ප්‍රකාශය පිලිබද ගල් බලකායේ විරෝධය//
      සෙනිකවම.

      Delete
    3. කම්මල,

      /" බේබද්දොත් මනුෂ්‍යයෝය "/

      එහෙනං එහෙනං... සියළු මනුෂ්‍යයෝ බේබද්දෝය...අඩේ වැරදුන නේද? සියළු බේබද්දෝ මනුෂ්‍යයෝය.

      හැබැයි ඕක හරියටම නං මෙහෙම වෙන්ට ඕන..

      "සියළු බේබද්දෝ මනුෂ්‍යයෝය. එළෙසම බේබද්දන් නොවන්නන් අතරද අහඹුලෙස මනුෂ්‍යයින් සිටිය හැක."

      Delete
    4. ප්‍රසා,

      සංවිධානය කරපං කොකස එකෙං විරෝධතාවක් එමාලගෙ ගේ ඉස්සරහ. මම දන්නව තැන. අර කුස්ටරාජගල පේන තෙක් මානෙ ඔය යෝදිගෙ ගේ තියෙන්නෙ....

      බැනර් අඳිමු මෙහෙම.....

      "මත්පැන් පානය කිරීමට ඇති අයිතියට අත නොතබනු..."

      "පළමුව මත්පැන් පානය දෙවනුව මව්බිම"

      (මව්බිම කිව්වම අරිසෙන් අහුබුදු සූරීන්ගෙ සෝක් කතාවක් මතක් වුනා..පස්සෙ කියන්නං..මට අමතක උනොත් මතක් කොරහං හොඳේ කොල්ලො )

      "අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, මස්සිනේ, නෑනේ, බාප්පේ, පුංචි අම්මේ,මහප්පේ, ලොකු අම්මේ, අත්තේ, නත්තේ, පනත්තේ, කිරි කිත්තේ,කිරි කෑ මුත්තේ, ගිරවේ, මයිනේ, සැළලිහිණියේ, පූසේ, බල්ලේ, එළුවේ, මත්පැන් පානයට ඇති අයිතිය අනතුරේ, වහා ඉදිරියට එනු, මත්පැන් පානයට ඇති අයිතිය රැකගනු"

      Delete
    5. Maanavi,

      /අම්මපා මේ බේබද්දන්ට වෙඩි තියලත් මදි. /

      මානවී ඔයත්? Et tu Maanavi? :(

      Delete
    6. සියළු බේබද්දෝ මනුෂ්‍යයෝය. එළෙසම බේබද්දන් නොවන්නන් අතරද අහඹුලෙස මනුෂ්‍යයින් සිටිය හැක."
      මම ජීවිතේටම බීලා නෑ. ඒත් මේකට නම් එකඟයි එකෙන්ම... මනුස්සකම බොන නොබොන එකෙන් මනින්න බෑ

      Delete
    7. මේ දවස්වල නම් ගෙදර නෑ :D

      //"අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, මස්සිනේ, නෑනේ, බාප්පේ, පුංචි අම්මේ,මහප්පේ, ලොකු අම්මේ, අත්තේ, නත්තේ, පනත්තේ, කිරි කිත්තේ,කිරි කෑ මුත්තේ, ගිරවේ, මයිනේ, සැළලිහිණියේ, පූසේ, බල්ලේ, එළුවේ, මත්පැන් පානයට ඇති අයිතිය අනතුරේ, වහා ඉදිරියට එනු, මත්පැන් පානයට ඇති අයිතිය රැකගනු"//

      අපේ පැත්තේ ඇවිත් මේක මෙහෙම කියල බෑ, තේරෙන බාසාවෙන් කියන්න ඕන. අර "මේ දෑස කුමටද" ෆිල්ම් පෝස්ටර් එකේ කතාව මතකයි නේද? :)

      මවුබිම ගැන කතාව අහල තියනවා, හැබැයි මම දන්න වර්ෂන් එකේ අහුබුදු තුමා නෑ... :D

      //මානවී ඔයත්? Et tu Maanavi?// මේ වෙඩි තියන කතාව විහිලුවට කිවුවේ ඉතින් :D

      //මම ජීවිතේටම බීලා නෑ. ඒත් මේකට නම් එකඟයි එකෙන්ම... මනුස්සකම බොන නොබොන එකෙන් මනින්න බෑ// මේක තමයි මගෙත් මතය. මම වෙඩි තියනවා කිවුවේ විහිලුවට, කට්ටිය ඒක ට දුක් වෙලා නේ හොඳටම :( සොරි !!!

      Delete
    8. Maanavi,

      /මේ දවස්වල නම් ගෙදර නෑ :D /

      ආ.. ඔහේ ගෙදර නැතුවට අවුලක් නෑ. අපේ පෙසන්නයගෙ ටීම් එක ඇවිල්ල ගේ ඉස්සරහ පැල් බැඳගෙන උද්ගෝසනේ කරනකොට ඔහෙගෙ තාත්ත පහුවදාම කෝල් කරයි ඔහෙට....

      "අනේ බාං ඔය ඉගෙන ගන්න එක අතෑරල ගෙදර වරෙං හෙටම. ඇවිල්ල මේ පස්නෙ විසඳල දාපං... උඹට බුදුබව අත්වෙයි. මෙවුං කට්ටිය ගේ ඉස්සරහ පැල් බැඳගෙන ඉන්නව යන්නෙම නෑනෙ. උඹ ඇවිල්ල උංගෙං සමාව ගන්ටම ඕනලු."

      ඒ හින්ද ඔහෙට යන්ටම වෙනව.

      /මේක තමයි මගෙත් මතය. මම වෙඩි තියනවා කිවුවේ විහිලුවට, කට්ටිය ඒක ට දුක් වෙලා නේ හොඳටම :( සොරි !!!

      /මේක තමයි මගෙත් මතය. මම වෙඩි තියනවා කිවුවේ විහිලුවට, කට්ටිය ඒක ට දුක් වෙලා නේ හොඳටම :( සොරි !!!/

      ආ.. ඒ මේ ජොලියට වගෙ කියන එව්වනෙ..ඒක ගණං ගන්ට එපා...:)

      Delete
    9. මගේ පියාණන් මීට වසර කිහිපයකට උඩදි අපිව හැර ගියා රවී තුමා. මම හිතන්නේ මේ තරුණයෝ (ඒ කාලේ) කණ්ඩායම, මළ ගෙදර විකාර කරනකොට මට ටිකක් තරහ යන්නේ, චන්දරේ ගේ හිතේ ඒ වෙලාවේ තිබුණු ස්ට්‍රෙස් එක සහ වේදනාව මට දැනෙන නිසා වෙන්න ඇති. අපේ තාත්තා අපිව හැර ගියාම මම ගොඩක් වැලපුනේ නැහැ, නිහඬව හිටියා. නමුත් අදටත් මළ ගෙදරක් ගැන කියවනකොට හෝ බෙර සද්දේ ඇහෙනකොට ඒ කාලකන්නි හිස් හැඟීම් හිතට එබෙන්න පටන් ගන්නවා, ඒ නිසා මේ සීරීස් එක ඉවර වෙනකම් ම මම චන්දරේ ගැන අනුකම්පාවෙන් බේබද්දොන්ට වෙඩි තියාවි :) :)

      Delete
    10. මානවික්ස්,

      අනේ සමාවෙන්න සිත් තැවුලක් වුනා නම්...:(

      එතන ඇත්තටම උනේ අපිට හිතුන චන්දරය බොරුවක් කරන්නෙ කියල. අනික ඔය අප්පච්චි මාස තුන හතරක් අසාධ්‍ය වෙලා ඇඳේමයි හිටියෙ. එහෙම උනහම දුකක් නෑ කියල මම කියනව එහෙම නෙවෙයි. ඒත් අර එකපාරටම සිද්ද වෙන අකල් මරණ වගෙ නෙවෙයි එහෙම එව්වගෙ හිත හදාගන්ට අවස්ථාවක් තියනව.

      අනික චන්දරය බොන්නෙම නැති එකෙක් නම් අපි කීයටවත් ඔහොම කරන්නෙ නෑ. ඕකා මේ අනික් එවුංගෙ මල ගෙවල් වල ගිහිල්ල හෙණ පිස්සු කෙලපු එකෙක්...:)

      Delete
  14. නිසොල්මනේ පානය කීරීම කබරයින්ගේ ආගමනය වේගවත් කරයි :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      බස්සන්සේ මත්පැන් පානය බොහෝවිට කබරාගමනයට හේතුවේ. Drinking like owls would most probably encourage the onset of monitors.

      Delete
  15. "එහෙමද? එහෙනං උඹලට කෑම ගැනත් වදවෙන්න දෙයක් නෑනේ?"

    "ඒ මොකෝ උඹ එහෙම කිව්වෙ? අපි කනබොන මිනිස්සු, හරිය?"

    "නෑ ඉතිං. දත් වහල්ල බඩට ගියාම කොහොමද කෑම කන්නෙ?"

    ReplyDelete
    Replies
    1. අපි එහේ කමෙන්ට් දානවා ඩුඩ් මෙහේ කමෙන්ට් දානවා :)

      Delete
  16. You know no.. this is bloody day light rape no Ravi... :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...