"මේ මචං දැං කොහොමද බොන්ඩ මොකවත් හොයාගන්නෙ?"
"බොන්ඩ කිව්වෙ අරක්කුද?"
"නැතුව ආය උඹ හිතුවෙ තැඹිලි කියලද?.."
"අනේ මචං කියන තැනකට වඳින්නං බොන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා මෙතන.."
"ඈ ඒක මාර කෙළියක්නෙ ඒ මොකද එහෙම කියන්නෙ?"
"එහෙම කියන්නෙ අපෙ අප්පච්චි අරක්කු බිංදුවක් කටේ තියපු කෙනෙක් නෙවෙයි.."
"හරි බං ඒ උඹලගෙ අප්පච්චිනෙ. ඒ අප්පච්චිගෙ මළගෙදරනෙ අපි දැං මේ ඇවිල්ල ඉන්නෙ. අනික අප්පච්චි අරක්කු නොබිව්වට උඹ බොනවනෙ. ඒ හින්ද අපිට ඔය බෝතල් තුන හතරක් ගෙනල්ල තැනකුත් ලැහැත්ති කරල දීපං.."
"කොහෙද? මෙහෙ? "
"මෙහෙ නැතුව ආය?"
"අනේ මචං මෙහෙ නම් බොන්න බෑ….."
"මොකක්? යකෝ ඒක මාර වැඩක්නෙ. උඹ අපේ එවුංගෙ මලගෙවල් කීයක ගිහිල්ල කුදාර්වෙන්ට ගහල ඇද්ද? අර මතකද එක පාරක් සෙනෙවියගෙද කොහෙද මළ ගෙදරක ගිහිල්ල ඌට කචල් එකකුත් ඇද්දෙ බයිට් හොඳ නැතිය....හරියට ඕගනයිස් කරගන්ට බැරිනං මළගෙවල් නොගෙන ඉඳහංය කියල. එහූ දසය උඹ දැන් කියනව මෙහෙ බොන්ට දෙන්ට බෑය කියල"
"අනේ මචං මම කියන එක පොඩ්ඩක් තේරුං ගනිංකො. අපේ අප්පච්චි කාලෙකට ඉස්සර මෙහෙ ගම්මුලාදෑනිය. අප්පච්චිගෙ අප්පච්චිත් එහෙමයි. අපේ පරම්පරාවෙ කවුරුවත් අරක්කු තියා රා ටිකක්වත් කටේ තියල නෑ. අපේ ගෙදර ඉස්සරහිං යනකොට රා බීල යන එකා උනත් සරම පාතට දාල පාරෙ අනික් පැත්තෙන් යන්නෙ. ඉතිං එහෙම එකේ මම කොහොමද උඹලට මේ ගෙදරම බොන්ට ලෑස්ති කරන්නෙ?"
"හුටා…. සරම පාතට දානව කිව්වෙ?.... බිමටම? එතකොට ඌ අමු නිරිවස්තරෙන්නෙ "
චන්දරේ මා දිහා රවාගෙන හිටිය හරියට අර ආලවකය හනුමන්ත දිහා රවාගෙන හිටිය වගෙ "ඔව්..ඔව්...එහෙම අමු නිරිවස්තරෙන් තමයි යන්නෙ..ඉවරයිනෙ..." ඌ ඊටපස්සෙ ගසල බසල දාල යන්ට ලැහැත්ති වුනා ආපහු ගෙට. පඬි ටෝක් දීල අර එක පාරක් නානසාරය වැලිකඩ රිමං එකේ කල්දේරං දානෙ වැළඳුව වගෙ ඇණගෙන වදාරන්ට ඕන නැති හින්ද මම චන්දරය පස්සෙං ගිහිල්ල ඌව කූල් අප් කරන්ට ට්‍රයි කලා.
"හරි මට තේරෙනව උඹ කියන එක. හැබැයි ගොයියො උඹ දන්නවනෙ අපේ එවුංගෙ හැටි. එවුංට දැන් බොන්ටම ඕන. බදුල්ලෙ ඉඳල උං දත කට මැදගෙන ඉන්නෙ ඔය වැඩේට. කරුණෙ අයියගෙ කටේ බලේටයි මෙච්චර වෙලා උංව කොන්ට්‍රෝල් කරගෙන හිටියෙ. හරි මෙහෙම කරමු. උඹ මේකට සහභාගි වෙන්ට ඕනම නෑ. මම දැක්ක කිලෝ මීටර් හතරකට වගෙ එහා හන්දියෙ බාර් එකක් තිබ්බ. අපි ජීප් එකේ ගිහිල්ල බඩු ගේන්නං"
"හරි එහෙම ගෙනාවයි කියමුකො... ගෙනල්ල බොන්නෙ කොහෙ ඉඳලද? "
"බොන්නෙ ඉතිං වෙන කොහෙ ඉඳලද? ගෙදර ඇතුලෙ තැනක් ලෑස්ති කරල දෙන්ටත් උඹ අකමැති නං ඉතිං ජීප් එක ඇතුලෙම තමයි බොන්ට වෙන්නෙ"
"අඩේ මචං ජීප් එක මේ ගෙදර වත්තෙ තියාගෙන නං ඒක කරන්ට එපා බං... පිංසිද්ද වෙයි."
"හරි හරි උඹට අවුලක් වෙන්නෙ නැතුව අපි වැඩේ කරන්නංකො. ජීප් එකේ පිටිපස්ස දොර වහගෙන බොන්නං"
"ඒක කෙරෙන වැඩක් නෙවෙයිනෙ බං. ඕකෙ දොරවල් වහගෙන බොන්ට පුලුවන්ද? උඹල ටිකකිං එළියට බැහැල සිගරට් එකක් එහෙම ගහන්ට ගනියි. එතකොට වැඩේ අතේ කෝට්"
"හරි අපි එහෙනං මෙතනිං එළියට ගිහිල්ල පාර අයිනෙ කැළෑ මණ්ඩියක් බලල නවත්තල වැඩේ කරන්නං..ආ..එද්දි අපි පහුකරල ආව ෂෝක් දොළ පාරක්...එතන මරු…"
"මේ………... පිස්සු කෙලින්ට එපා.."
"ඇයි? "
"ඇයි කියල අහන්නෙ? ගමේ හැමෝම දන්නව මම වැඩ කරන්නෙ කොහෙද කියල. අනික මේ ජීප් එකේ ආවෙ මගෙ යාලුවො කියලත් දන්නව. මේකෙ දොරේ මේ පොල් අකුරෙං ලියලත් තියෙන්නෙ. අනික මම දන්නවනෙ දෙක වදිනකොට උඹල කලිසං ගලවල ජොක්කු පිටිං පනිනව දොළට. ඊට පස්සෙ මටත් වෙන්නෙ අප්පච්චිත් එක්කම වලට පනින්ට."
"පිස්සුද බං? අපි එහෙමත් කරනවද? මම උඹට පොරොන්දු වෙනව ජොක්කු පිටිං ඇළට පනින්නෙ නෑ කියල…"
"එතකොට? "
"අපි පනින්නෙ ජොකත් ගලවල....හෙහ්,හෙහ්, "
"අනේ පළයං බං යන්ට...උඹට විහිලු මම මේ ඇඟේ වතුර ලේ වෙලා ඉන්නව…"
"හරි….ගෙදර ඇතුලෙ බොන්ටත් එපානං, වත්තෙ ජීප් එක තියාගෙන ඒක ඇතුලෙ බොන්ටත් එපානං, පාර අයිනෙ ජීප් එක නවත්තල ඒක ඇතුලෙ බොන්ටත් එපානං උඹම කියාපංකො මොකද අපි කරන්ට ඕන කියල? "
"හරි හරි කමක් නෑ ගේන දෙයක් අරං වරෙල්ල... මම ගෙදරම කොහෙ හරි සෙට් කරල දෙන්නං. එතකොට මට අඩු ගානෙ උඹල නටන පිස්සු ගැන ඇහැ ගහගෙන හරි හිටියැහැකි. "
"අන්න එහෙම වරෙං මල්ලි….."
"අඩේ මම වැඳල කියන්නං..විකාර නං කරන්ට ලෑස්ති වෙන්ට එපා රජෝ...බොහොම නෝමල් එකේ බීවද නැද්ද කියල හොයන්ට බැරි විදිහට වැඩේ කරපල්ල. …."
"හරි හරි බං ඒ ගැන බයවෙන්ට එපා..මම ඉන්නවනෙ"
"උඹ?........ උඹ ඉන්න එක තමයි මට වැඩියම අප්සෙට්…." එහෙම කියල මා දිහා ටිකක් වෙලා බලා ඉඳල චන්දරේ ආපහු ගේ ඇතුලට ගියා.
"මොකෝ මල්ලි චන්දරය කියන්නෙ?" කරුණෙ අයිය මගෙන් ඇහැව්ව.
"ඌ බඩු ලෑස්ති කරල නෑ අයියෙ. අපිට ගිහිල්ල ගේන්ට වෙනව"
"යකෝ මේ පකිරින්තුව එහෙම ඕගනයිස් එකක්වත් කරල නැද්ද? කරුණෙ අයියෙ, අර මරණාධාර දුන්නු සල්ලි ඇන්ලොප් එක ඌට දුන්නද?" අපේ කතාව ඇහිල එතෙන්ට ආපු සමරෙ ඇහුව.
අපේ ඒ කාලෙ තිබ්බ මරණාධාර සමිතියක්. පස්සෙ මරණාධාර සමිතිය කිව්වම නිකං හරි නෑ හරි නෑ වගේ කියල හිතිල නම වෙනස් කලා අවමංගල්‍යධාර සමිතිය කියල.
මාසෙකට ඔය රුපියල් සීයක් වගෙ ගාණක් එකතුකලා සාමාජිකයින්ගෙන්. ඒ සල්ලි වලින් තමන්ගෙ පවුලෙ මරණයක් වුනාම ආධාර මුදලක් දුන්න. මරණාධාර සමිතියෙ ව්‍යවස්ථාවෙ තිබ්බෙ "සමීප ඥාතියෙකුගේ අභාවයකදී මහ සභා රැස්වීමකදී බහුතර කැමැත්තෙන් තීරණය කරගන්නා යම් මුදලක් ගෙවනු ලබන්නේය" මම තමයි ඔය ව්‍යවස්ථාව හැදුවෙ. මම දැම්ම ඒ එක්කම මෙහෙම ක්ලෝස් එකක් නොහොත් වගන්තියකුත්. "සමීප ඥාතීන් යන්නෙහි නිර්වචනය මහසභා රැස්වීමකදී බහුතර ඡන්දයෙන් තීරණය කොට ගත යුත්තේය."
මුලිම්ම අපේ ඔය මරණාධාර සමිතිය පටංගත්ත කාලෙ සමීප ඥාතීන්ගෙ නිර්වචනය මෙහෙමයි. "සමීප ඥාතීන් යන්නෙන් හත්මුතු පරම්පරාවෙහි සියළු ඥාතීන් අදහස් කෙරේ. එබැවින් අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා සහ කිරිකෑමුත්තා යන මුතුන් මිත්තන්ගේ මරණයකදී සාමාජිකයා නියමිත අවමංගල්‍යාධාර මුදල ලැබීමට හිමිකම් ලබන්නේය." අන්න එහෙමයි මම ඒ වගන්තිය ලිව්වෙ. ආය කාටවත් ඥං පචං ගාන්ට දෙයක් නෑ. බොහොම පැහැදිලිව කණ කොක් සුද වාගෙ ලිඛිතවම තියනව.
කොකාගේ පාට අප දන්නෙ...පියාඹන දාට වැටහෙන්නේ... ඒ ජෝතිපාලගෙ ඉතාම ජනප්‍රිය වුනු ගීතයක්. ගීතය පටන් ගන්නෙ මෙහෙමයි...කොයි යන්නේ බඳ ලෙළවාලා..ලැසි ගමනේ ඉඟ නලවාලා..පාවෙන සුළඟේ වද මල වාගේ වද මල වාගේ වද මල වාගේ...චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා.
පස්සෙ අපිටම තේරුණා මේ හත්මුතු පරම්පරාවටම මරණාධාර ගෙවන එක කරන්ට පුලුවං කෙළියක් නෙවෙයිය කියල. ඥාතියො වැලිගම්පිටි යන එකේ කෙළවරකුත් නෑ. සමිතියෙං මරණාධාර ගෙවන එකේ කෙළවරකුත් නෑ. සමිතියෙ අරමුදල් හිඳිල ගියෙ අර බැමිණිටියාසාය කාලෙ වැව් අමුණු හිඳිල ගියා වාගෙ. ඒ පාර අපි කට්ටිය රැස්වෙලා සමීප ඥාතීන් කියන වචනෙ නිර්වචනය නොහොත් අර්ථ දැක්වීම අනුක්‍රමිකව වෙනස් කලා. හයමුතු, පස්මුතු, සිව්මුතු...අන්න එහෙම.. අන්තිමට තුන්මුතු, දෙමුතු වෙලා අවසානයෙදි එක්මුතු වුනා..පස්සෙ ඔය චන්දරේගෙ අප්පච්චි අභාවප්‍රාප්ත වෙන කාලෙ වෙනකොට සමීප ඥාතීන්ගෙ නිර්වචනය මෙන්න මෙහෙමයි. "සමීප ඥාතීන් යනු දෙමව්පියන්, භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සහ දරුවන්ට සීමා වන්නේය."
"ආහ්...මල්ලි මතක් කරපු එක හොඳයි. මට ඒක දෙන්ට අමතකම උනානෙ..තවම මගෙ සාක්කුවෙ…." කරුණෙ අයිය සාක්කුවට අත දැම්ම.
"ඕකා මේ කරපු කැත වැඩේට අපිට තියෙන්නෙ ඔය සල්ලි වලින් බඩු අරගෙන කීයක් හරි ඉතුරු වෙන හරියක් ඌට දෙන්ට…" සමරෙ දත්මිටි කාගෙන එහෙම කිව්ව.
"හෙහ්,හෙහ්, ඒකත් නරකම නෑ අයිඩියා එක. ඒත් කමක් නෑ අපි ගාව සල්ලි තියනවනෙ. හරි එහෙනං උඹල දෙන්නෙක් ගිහිල්ල බෝතලුයි ඕන අනික් අඩුම කුඩුමයි අරගෙන වරෙල්ල." කරුණෙ අයිය කිව්ව.
ඒ ගමන සමරෙයි, විජෙයි, මුතුබණ්ඩ එක්ක ජීප් එකේ ගියා අවශ්‍ය ආම්පන්න ගේන්ට……..
"බයිටුත් මොනවහරි අරං වරෙල්ල යහමිං...චන්දරයගෙං මොකවත් ඉල්ලගන්න එක ෂුවර් නෑ….." උං යන්ට පිටත් වෙනකොට මම ජීප් එක ගාවට ගිහිල්ල කිව්ව.
චන්දරේ අපිට ලෑස්ති කරල දුන්නෙ මිනිය තැන්පත් කරල තිබ්බ සාලෙත් එක්කම එහා පැත්තෙ පරණ ගබඩා කාමරයක් වගෙ එකක්. කැටයම් දාපු පරණ ඇඳන් දෙකක් තිබ්බ දෙපැත්තෙ. ඒ මැද කකුල් හතරෙ පෙට්ටගමක් තිබ්බ. කාමරේ අනික් හරිය තනිකරම පැදුරු අකුලල කෙලින් හිටවල බිත්තියට හේත්තු කරල තිබ්බ. කාමරේ එකක් තියෙන්නෙ හැබැයි පිරිසිදුයි. දූවිල්ල එහෙම නෑ.
චන්දරේ අලුත් පැදුරු දෙකක් දාල දුන්න ඇඳන් දෙකට. රවුං කනප්පුවක් ගෙනල්ල මැදිං තිබ්බ.
"එහෙනං මචං අනේ සද්ද කරන්ට එහෙම එපල්ල. මේ ජනෙලෙ බාගෙට වගෙ ඇර ගනිං ඕනනං. මෙතනම එහා පැත්තෙ සාලෙ. ඒ හින්ද බොහොම සයිලන්ස් එකේ වැඩේ හොඳද?...මම ගියාට පස්සෙ මේ දොර වහල සොයිබෙ දාගනිං හොඳද? මම හෙමිහිට දොරට ගහල කතා කලොත් ඇරෙන්න දොර අරින්ට එහෙම එපා…"
"හරි බං හරි හරි අපි එහෙම පිස්සු කෙලින්නෙ නෑ..උඹ බය නැතුව ඉඳහං………" මම එහෙම කියල උගෙ පිටට තට්ටු කලා.
ඉදිරියට පැවැත්වේ..............
මේකෙවත් වාං පතුලක් තිබුනොත් කියහල්ල.
ReplyDeleteතිබුණොත් ඔන්නොහෙ කියවල දානව.
වාංපතුල් කතාවල කවද්ද බං වාංපතුල් තිබුනෙ. උඹටත් හොල්මං.
Deleteමාළු පාන් වල "මාළු" නැහැ
Deleteගල් බනිස් වල "ගල්" නැහැ
මේකෙ වාං පතුලක් දකින්න අර එළුවගෙ අහවල් එක වැටෙනකල් බලා හිටිය පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්න වෙයි.
DeleteAno, Helapa, Manoj & Prasanna,
Deleteඋඹලගෙ මේ කන්දොස්කිරියාව හින්දම ඉඳහල්ලකො වාංපතුල් සීන් එක හෙට අනිද්දම ලියල දානව..දෙයියම්ප...:)
ඔය හෙට අනිද්ද කියන එක කොච්චරක් දිගයිද ?
Deleteනෑ මේ ම නිකමට ඇහුවෙ. බොලාගෙ තියෙන්නෙ කඳු හැතැම්මනෙ...
Ravi Van Vinkle
Deleteමරු බං රවී. හැබැයි කතාව දිග මදි. ඉතුරු හරියත් ඉක්මනට දාපං.
ReplyDeleteහැලප,
Deleteමදියි වගේද? වචන නම් බං 1172 තියනව. සාමාන්‍යයෙන් මම සීරීස් ලියන කතා ලියන්නෙ එවරේජ් වචන 1200 වගෙ.
Thanks Boss...:)
///මරු බං රවී. හැබැයි කතාව දිග මදි. ඉතුරු හරියත් ඉක්මනට දාපං.///
Delete++++++++++++++++++++
රවියෝ,
වාන්පතුල් වගේ කතා වලට වචන ලිමිට් අදාළම නැහැ බොලව්, හරිය...
රවි,
Deleteඒත් අයියේ වචන 28ක් අඩුයිනේ
මුන්ගෙන් කරදරේ එහි කිසි නිමක් නැතී
ReplyDeleteදැන්දැන් චන්දරේ හට වැටහෙන්න ඇතී
පැත්තෙන් තිබූ කාමරයක් උන්ට දෙතී
හොල්මන් නටයිදෝ කියළා සැකක් ඇතී......
ජයවේවා!!!
Dumee,
Deleteකිසිම මල ගෙදරක් ආයේ,
මුංට නම් මම කියන්නෙ නෑ.
එසේ තොල මතුරමින් චන්දරෙ,
ගියා යන්නට ලේ වතුර වී,
ඩබල් ඩිස්ටිල් එකහමාරක්,
ඉවරවෙන විට වෙච්ච දේ ගැන,
කියන්නම් මම ලබන කොටසින්,
බොලා ඔක්කොම එන්ට ඕනේ,
ඒ හරිය කියවන්න සොට් එකක් දාගන්න ලේස්ති කොරන්ම සෙට් වෙන්න ඕනෙ. ඉස්සර ඡන්ද බලන්න , අසූගනංවල ටීවි එකේ පෙන්නන පරන ෆිල්ම් බලන්න එහෙම සෙට් වෙනව වගේ. බුරහස්පතින්ද වගේ නං සෝයි. සිකුරාද නිවාඩුනෙ. අපිට චැට් එකක් දාගෙනම පෝස්ට් එක කියවන්න ඇහැකි. මල් මසුරං
Deleteඑහෙනං ඒ පෝස්ට් එකට අපි කොමෙන්ට් දාන්න ඕන නැතිවෙයි.
Deleteපොරොසන්නයො බොලාත් සොට් එකක් ගහං සෙට් වෙයං.
Deleteහැක හැක.. හරියට අවුරුද්දට සෙට් වෙනව වගේ.. රවිය කමිං සූන් පොස්ට් එකක විස්තර කියනව අපි කැවුං කොකිස් බැඳං ලේස්ති වෙනව ආයිත් පෝස්ට් එකක් චොර කරන්න.. අර රන්දිල් නෝනගෙ පෝස්ට් එක පුදපු ගමං කාපියකා කියල චොර කොරා වගේ. හෙහ්..හෙහ් - මේක රවියගෙ හිනාව..
Deleteලොවෙත් මිනියටත් නැගිටල එන්න හිතෙන විදිහට කරුමාන්තෙ නැගල යන්නැති :D
ReplyDelete[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Deleteආය මොනවද අපි කට්ටිය මිනිය උඩ දැම්ම තුන් පාරක් මල ගෙදර දෙකක් වෙන්ට මේං මෙහෙම යටි ගිරියෙං බෙරිහං දිදී...
"හී ඊස් අ ජොලිගුඩ් ෆේලෝ.... හී ඊස් අ ජොලිගුඩ් ෆේලෝ... හී ඊස් අ ජොලිගුඩ් ෆේලෝ... හිප් හිප් හුරා!.... හිප් හිප් හුරා!!... හිප් හිප් හුරා!!!
මුගෙ *#&%$#@#%^%%^&
Deleteයකෝ හිනාව ඉස්පොල්ලෙ ගියා ඔෆිස් එක ඇතුළෙ...
ඇත්තටම ඔය ගේ අස්සෙ බොන්නෙ නැතිව හැතැම්මක් හමාරක් වාහනේ ගිහින් කාටවත් නොකිය බෝතල් දෙක තුනක් ගහල එන එකනෙ ආතල් වැඩේ.......වදකාරයො
ReplyDeleteඒකනේ ඒච්චර ලස්සන ලොකේෂන් තියෙන පළාතක ගේ අස්සෙම මේ කරුමාන්තේ කරන්නේ චන්දරේගේ කරුමේ නිසා නොවේ නම්.
Deleteමනෝජ්, බලහං උඹල අපි වගේ කොල්ලො හිතන විදිහෙ වෙනස. අපි ඔහොම ගියානම් ඔය දොල පාර පටන්ගන්න හරියට ගිහින් ..හොද වීව් එකක් තියන තැනක කොල අතු ටිකක් දාල ඒකෙ ඉදගෙන ....
Deleteඅඩිය,දෙක වදින කොට චන්දරේගේ මව් ගුණ කියලා.නාලා,බිලා.ආයෙමත් නාලා චන්දරේ ගෙදරින් දවල්ට කලා ඕනේ නම් ආයෙමත් මිනියට කතා කරලා....
Delete(බලං ගියාම මේකලා දැන් විතරක් නෙමේ මෙයිට අවුරුදු විස්සකට කලින් විතරත් හරි වයසක ඩෑල් වගේ නේ වැඩ කරලා තියෙන්නේ.)
මේ මැන්ටල් ඩෑල් වලට ඕව කියල වැඩක් නෑ බං. ගමේ උංට පේන්නැතුව ඔය වගේ වැඩක් කරගන්න ඔය වගේ පැතිවල කොච්චර තැං තියෙනවද. අනික ඔය ජීප් කට්ටෙ ගහල තියෙන විලාසම කඩදාසි කොලේකින් වහගෙන යන තැනක යන්න පුලුවන්නෙ.
Deleteමම බොන්නේ නැති නිසා ප්ලෑන් ගහන්න නම් දන්නේ නෑ, ඒත් මහ ඈතක් නෙවෙයි නම් ජීප් එක මළ ගෙදර තියලා පයින් යන්නත් පුළුවන් නේද?
Deleteඑමා, ඒක එච්චර හරියන වැඩක් නෙමෙයි. ඔය බඩු අතිං කටින් උස්සගෙන යන එක අමාරුයි වගේම හදිස්සියෙ ඔය නාගන්න වගේ කර්තව්‍යකට සෙට් උනොත් ඒ කටයුතු කරගන්න වාහනේ තියෙන එක වටිනව. අනික මුං බීල ආපහු එන ගමන ඔය ගමේ ඉන්න කෙල්ලෙකුට එහෙම මොකක් හරි ටෝකක් දැම්මොත් එහෙම චන්දරයට මුංව ආපහු යවන්න වෙන්නෙ පෙට්ටි වල තමයි.
DeleteKammala, Manoj, Prasanna & Maanavi,
Deleteතොපි ඔක්කොම එකයි. යකෝ එහෙම මළගෙදරක ගිහිල්ල කොහෙවත් හද්දික්කරාවක ගිහිල්ල බීල ආපහු මලගෙදර එන එක මළගිය ප්‍රාණකාරයටත් කරන අගෞරවයක් කියල තේරෙන්නෙ නැද්ද හැබෑට?
අනික ජීප් එකේ දොරේ ගහල තියන නම වහන්නෙ කොහොමද? ගමේ එවුන් දැනගන්ටත් එපාය චන්දරේ අප්පො වැඩ කරන්නෙ කොහෙද කියල.
අප්පා ඒ කාලෙ බලන්ට එපාය අපේ ආයතනයට රටේ හැමතැනම පුදුම තැනක් තිබ්බෙ...හෙහ්,හෙහ්, ඔය අපි කොහෙ හරි ගිහිල්ල බැස්සහම කෙල්ලො පෝලිමේ ඉඳල ඇඩ්ඩස් දෙන්නෙ..අන්න එහෙමයි හුහ්..දැනගනියව්..
අඩෝ නයා....
Deleteතෝ කිව්වේ තොට වෙච්ච එකක් නේද ?
ඔවු ඉතිං අන්තිම හරිය ඇර අනික්ව කාටත් වෙලා ඇති මයෙ හිතේ.
Deleteඊළඟ එපිසෝඩ් එක අර රෝස් කුකුළා වගේ සීන් එකක්ද?
ReplyDeleteබක්කරේ,
Deleteනෑ..නෑ...ඉමීඩියට්ලි ඉමීඩියට්ලි...:)
හොඳ කට්ටියකට සයිලන්ස් එකේ වැඩේ කරන්න බාර දීල තියෙන්නෙ. එකපාරක් අර කුකුළෙක් ඉස්සුව වගේ මේ ගමන අර පෙට්ටියෙ ඉන්න එකාවත් උස්සයිද දන්නෑ. පවු අහිංසක චන්දරෙය.
ReplyDeleteප්‍රසන්න,
Deleteනෑ..නෑ..බං එහෙම අවුලක් වෙන්නෙ නෑ...වැඩේ ඉතා සාර්ථකව නිමා වෙනව...:)
මේකේ ඊළඟ කොටස අනුව, මෙහේ කට්ටිය බීල කරපු විකාර වැඩ කොමෙන්ට් කරන්නම් :) නොබොන එකා තමයි බොන එවුන් කරන නාඩගම් දන්නේ :D
ReplyDeleteMaanavi,
Delete/නොබොන එකා තමයි බොන එවුන් කරන නාඩගම් දන්නේ :D /
ඒ කතාව නම් සහතික ඇත්ත නෝනා..කර ඇරහං සෂිමි කෑල්ලක් දාන්ට...:)
මට එක පාරක් මැලේරියා හැදිල හිටිය වෙලාවක රෙද්දකුත් පෙරවගෙන බීල අපේ එවුං කරන විකාර බලා හිටිය. අප්පේ...සංසාරෙ කළ කිරුන ඔන්න කොටින්ම ..අර සිදුහත් කුමාරයා නාටිකාංගනාවන් නින්දෙන් කරන විකාර දැකල කලකිරුන වගෙ....:)
//රෙද්දකුත් පෙරවගෙන බීල, අපේ එවුං කරන විකාර බලා හිටිය//
Deleteඔන්න බලහං ඉතින්. අසනීපෙන් ඉඳලත් හැංගි හැංගි බීල තියන හැටි :)
Maanavi,
Deleteඅඩේ එහෙම ඇහැක්ද ඔහෙට ඕන ඕන තැංවල කොමා දාගන්ට? එව්ව වච්චයි හොඳෙයිය?...:)
මොකක්ද බන් සුට්ට සුට්ට ලියන්නේ, වචන හාර පන් දහක්වත් ලියහන්...
ReplyDeleteචන්දරය මොන මරාලයක්ද බං මේ කරගහල තියෙන්නේ, අර උඹලගේ මාමණ්ඩි කිව්වහේ වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ නොවැ...
ඒක නියම කතාව...කියවන් යන ගමන් මේ...
ReplyDeleteඅඩේ මලගෙදර ඇතුලෙ බොන්න ඇහැද ලොක්කා? හිනා වෙන්න වත්,කතා කොරන්නවත් ඉඩක් නෑ වෙච්චි.
ReplyDeleteදැන් නං නැගලම යන්නෙ කාර් පාක් එක. හැම කාර් එකකම වගේ ඩිකි ඇරිලා තියෙන්නෙ.මලගෙදර බල්ලෙක්කත් නෑ බේතකට... හෙහ් හෙහ්
ජයවේවා..!!
මෙකේ 1 මට මඟ හැරිලනෙ මඟදි මේක කියවන එක අත ඇරලා 1 කියවලම ආවා.ලිප්ටන් සීට් මේ ළඟදි ගිහින් ආවා අපි.බොහොම සොඳුරු පලාතක් ඉතුරු ටිකත් ඔය හුස්මටම ලිව්වනම් මොකෝ වෙන්නෙ
ReplyDeleteමළ ගෙයක් නෙමේ.... පාටියක්ද කොහෙද බොල මේ ......
ReplyDeleteමුන්ට කියන්න ඕනේ 'මරණාධාර සමිති' කියලම තමයි. මැරෙන්න ආධාර කරන!
ReplyDeleteමගේ මළගෙදර නම් කියන්නේ නැහැ...... අම්මෝ...
වෙන්න තියෙන දේවල් වලක්වන්න සක්කරයටවත් බෑ.අපොයි චන්දරේ.. :)
ReplyDeleteහරිම රසවත් රවී ලොක්කා තව ටිකක දිගට ලිව්වනම් හොඳයි කියලා හිතුණා.
ReplyDeleteඅද කතාව පටන් ගන්න කොටම ඉවර වෙලා ගියා නේ . හොඳම හරිය ඊ ළඟ කොටසේ වගේ.
ReplyDelete//උඹ?........ උඹ ඉන්න එක තමයි මට වැඩියම අප්සෙට්//
ආයෙත් අහලා