Tuesday, March 14, 2017

132. ගිය හකුරට නාඩන්නේ - තියෙන හකුර රැක ගන්නේ

බ්ලොග් ලෝකේ හැසිරෙන සියලු ම දෙනා පාහේ කියවීම හුරුවුණු අය වග නොරහසක්. ඒ වගේ ම වැඩි දෙනෙකු ගමේ, පාසලේ, ලඟ ම නගරයේ ලොකු කුඩා පුස්තකාල ඇසුරේ වැඩුණු අය විය යුතුවා මෙන්ම පසු කාලීන ව මුදල් අත ගැවසෙද්දි පුස්තකාල අමතක කර පොත් මිල දී ගන්නට පෙළඹුණු අය ද විය හැකියි. ඉහත වාක්‍ය කණ්ඩ දෙක ම මා සම්බන්ධයෙන් ගත් කළ සම්පූර්ණ සත්‍ය කරුණුය. දැනට අවුරුදු 10-11ක සිට සැප්තැම්බරයේ, පොත් වැස්සට නොතෙමෙමි‘යි සිතා පොත් සල්පිල පැත්තේ ගියත්, කුඩය පසෙක දමා වැස්සට පැන නටන ළමයෙකු සේ පසුම්බි, සාක්කු, බැංකු කාර්ඩ් පත් රිසි සේ හිස් කරමින් ගෙදර පොත් ගොඩ ගසා ගනිමින් සිටියෙමි. දැන් දැන් ගෙදර තිබෙන පොත් කන්දරාව කරදරයක් වන තරමට පත්ව තිබේ. (නමුදු මහා ගොඩක් දන්දීමට ඉඩක් නැත. දරුවන්ට තබා ගත යුතු බව මගේ සිත මෙන් ම ඉහළින් පැමිණෙන නියෝග මගින් විටින් විට සිහි කරවයි).

 

ඔය අල්ල පනල්ලේ වරින් වර පුස්තකාලය සිහිවන්නට ගන්නේ ගෙදර පොත් කොච්චර තිබුණත් කියවපු පොත් ම නැවත නැවත කියැවීම සතුට දනවන්නක් නොවුන නිසාය. දැනට අවුරුදු 2ක පමණ පටන් තවත් සිහිනයක්ද ඉඳ හිට එබිකම් කරන්නට පටන්ගෙන තිබිණ. දරුවන් දෙදෙනා රැගෙන පුස්තකාලේ ගොස්, (ඉස්සර අපි පොඩි කාලේ වගේ) ඒ දෙන්නා වට කරගෙන පොත් කියැවීම, පහදා දීම, පොත් කන්දරාව දෙස බලාගෙන නිස්කාන්සුවේ හුස්ම ගොඩකින් පපුව පුරවා ගැනීම එකී සිහිනයේ අරමුණු අතර විය. එහෙත් රැකියාව සමග මේ සිහිනය ගැටුනා මිසක විසඳුමක් නොවීය.

 

 

 

කෙසේ හෝ අවසානයේ Paulo Coelho නියමය නැවතත් සනාත කරමින් ඒ යුගය උදාවිය. සියල්ල නිසි ලෙස සැකසී රස්සාවට සමු දීමේ අවස්ථාව උදාවිය. සැමියාගේ රැකියාවට අනුව තිබෙන සතියේ කාර්යය බහුල ම දවසේ අනිවාර්යයෙන් දුව රැගෙන ඒමට පාසලට යෑමේ අවස්ථාව ද උදාවිය. මගේ සිහිනය සඵල වන්නට සියලුම කාරණා නියමාකාරයෙන් සකස්විය.

එදිනට මම පුතුද රැගෙන ගොස් දියණිය පාසලින් ගෙන පුස්තකාලයට යන්නෙමි. (දෙවැනි දිනයේදී ම තැන්පතු ක්‍රමයට පුස්තකාල සාමාජිකත්වය ලබා ගතිමි - තැන්පතු ක්‍රමය යනු රුපියල් 2000ක-නැවත ඉවත් වන දිනකදි ලබාගත හැකි-තැන්පතුවක් තබා පුස්තකාල ගාස්තු රුපියල් 510ක් හා හැඳුනුම්පත් ගාස්තු රුපියල් 160 ගෙවා එදිනම විනාඩි කිහිපයක් තුල ලබා ගත හැකි සාමාජිකත්ව ක්‍රමයයි). හවසට හිමකිරමයක් ලබා දීමේ ඉලක්කය මත පොත් පහක් කියැවීමට දියණිය උනන්දු කරවමි. ඇය එක හුස්මට (කුඩා) පොත් පහක් කියවා  නිම කරන්නී‍, මල්ලී සමග එක් ව ළමා පුස්තකාලයේ ම ඇති සෙල්ලම් කොටසට වී විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නීය. එකම ගැටලුව මල්ලීට කටවහගෙන එක විනාඩියක් ඉඳ පුරුද්දක් නැති කමය. තනිව සෙල්ලම් කරන්නේද නොපෙනෙන මිතුරෙකු හෝ කිහිප දෙනෙකු සමගය. එය පුස්තකාලයට නොගැලපෙන බව වටහා දීම ඉතා අපහසු වන අතර පසුව මග හැරේ යැයි බලාපොරොත්තු වෙමි. (කෙසේ හෝ ආරක්ෂක නිලධාරින් අසලින් ගමන් කරන විට අත කටින් වසාගෙන බිම බලාගෙන යෑමට තරම් ඔහු පරීක්ෂාකාරිය).
 

වැඩිහිටි බැහැරදෙන පුස්තකාලයෙන් ලබා ගන්නා පොත් දෙකින් එකක් කියවමින් එම කාලය ගත කරමි. අනතුරුව හවස 5ට පමණ දරු දෙදෙනාද රැගෙන විහාරමහාදේවි උද්‍යානය වෙත නික්මෙමි. එහිදි ඔවුනට පැය එකහමාරක් දෙකක් පමණ සෙල්ලම් කිරීමට කාලය තිබේ. සැමියාගේ කටයුතු අහවර නම් අප එක්කාසු කරගෙන යැමට ඔහු පැමිණෙයි. නැතහොත් කුළී රථයකින් නිවස බලා යන්නෙමු.

 

මින් මනත පොත් මිල දී ගැනීමක් සිදු නොවනු ඇත.

කණගාටුවට කාරණය නම් අර්ධ වශයෙන් ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන පුස්තකාලයත්, සම්පූර්ණයෙන් ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන විහාරමහාදේවි උද්‍යානයත් අප ජනතාව නිසි ලෙස භාවිතා නොකිරීමයි. ඒවායෙහි ප්‍රයෝජනය නිසි ලෙස ලබා නොගැනීමයි.

ළමා පුස්තකාලයේ හැමදාමත් දැකිය හැක්කේ සුපුරුදු මුහුණු කිහිපයය. එතරම් පොත් කන්දරාවක් තිබෙන තැන, සාමාජිකත්වය ලබාගත් පසු අවුරුදු 2ක් ගෙවෙනතුරු නොමිලේ පොත් ලබාගත හැකි තැන, එක් රාක්කයකට එක් අයෙකු තරමවත් මිනිසුන් නොගැවසේ. පොත් සල්පිල අතුරු සිදුරු නැතිව පිරී ඉතිරි යන මෙසමයෙහි කොළඹ මහජන පුස්තකාලය වන් වූ තැනක මිනිසුන් ගැවසීම අඩුව තිබෙන්නේ නොදැනුවත්කම නිසාද, කම්මැලිකම නිසාද, වෙන අන් කාරණයක් නිසාදැයි සිතාගත නොහැකිය. සියලුම පොත් නිසි පිළිවෙලකට සකසා ඇති නිසා තමන්ට අවශ්‍ය පොත් ගිය සැනින් ලබා ගැනීමට ද හැකිය. සොයා ගැනීමට අපහසු පොතක් වේ නම් නිලධාරින්ගෙන් අසා දැනගත හැකිය. මේ පිළිබඳ ව පාසල් මට්ටමින් දැනුවත් කිරීමක් සිදුවන්නේ නම් කොළඹ නගරය ආශ්‍රිත පාසල් දරුවන්ටවත් එයින් ප්‍රයෝජන ගැනීමට හැකිවනු ඇත.

යාපනය පුස්තකාලය විනාශ කළ අයුරු පිළිබඳ ව වික්ශෝප වන මිනිසුන්වත් කොළඹ නගරය මැද ඇති මේ මහා ධන නිධානය පිළිබඳ ව දැනුවත්දැයි මා හට නම් ඇත්තේ ගැටලුවකි. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ යැයි කියමනක් ඇත. නිසි ලෙස භාවිතා නොකොට තව කල් ගත වුවහොත් කාටත් හොර රහසේ ම මෙහි අභාවය ද සනිටුහන් වනු ඇත. එදාට පුස්තකාලය කලු ද සුදු ද යැයි නොදන්නා පිරිසක් බෝඩ් ලෑලි ඔසවාගෙන ලිප්ටන් වටරවුම පැදකුණු කළාට ඵලක් නොවනු ඇත.

 

59 comments:

  1. හෑ ? කොළඹ පුස්තකාලේ කීය වෙනකල්ද හැබෑට ඇරලා තියෙන්නේ? මමත් ඉස්සර PhD එකට යනවා වගේ හොස්සත් කෙලින් කරගෙන නුවර 'අපිටම' වෙන් කරලා තියෙන ළමා පුස්තකාලෙට යන්නේ පෙරහරේ. හම්මේ ඒ ජොලිය! පොත් සෙවීමේ මෙහෙයුම් ක්‍රම අපිම හොයාගත්තා.

    මේ.... ඔහොම යනකොට එහෙනම් ඔය කියන උද්‍යානයේ හැන්දෑ අඳුර අස්සේ මදටිය අහුලන 'පිස්සු' වගේ කෙල්ලෙක් දැක්කොත් ගණන් ගන්න එපා හොඳේ? එයාට පිස්සු නෑ.. හරී...ඊ ඊ ඊ ඊ සිරියාවන්ත , හොඳ...අ.අ.අ.අ.අ දැරිවියෙක්!

    ReplyDelete
    Replies
    1. 7 වෙනකම් ඇරලා තියෙනවා ලිඛිතා.

      හා එහෙනම්... පිස්සියෙක් පිස්සියෙක් වගේ මදටිය අහුලන දැරියක්නේ නේද?

      Delete
    2. පිස්සු නෑ අනේ... ඒ ළමයට හවසට හැදෙන ලෙඩක් මිසක්, ඉහින් බහින වෙන රෝගයක් නැහැ. ඔය ඉතින් ඉඳල හිටලා අර පොඩි උන්ගේ ඕපන් ඒරියා එකේ වතුර මලේ නටනවා ඇරෙන්න වෙන නුහුගුණයක් ඇත්තෙත් නැහැ. අනේ ඔව්...

      7 වෙනකල් නම් නියමයි! කදිම ඔත්තුවක්, මල් හතයි, කොළ හැටයි. ඊරිසියා කරනවට වඩා ලේසියි ලෙන්ඩින් මෙම්බර් කෙනෙක් වෙන එක.

      Delete
    3. [ඊරිසියා කරනවට වඩා ලේසියි ලෙන්ඩින් මෙම්බර් කෙනෙක් වෙන එක] ඉරිසියා කරන එක ලේසියි

      Delete
    4. හරියට ඉරිසියා කරනවා නම් ලේසි නෑ හලෝ.. හැම වෙලේම පත්තු වෙමින් ඉන්නේ. පැතුම් හරියට ඉරිසියා කරන්නවත් දන්නේ නැහැ වගේ. අහගන්නකෝ වයිෆ්ගෙන්

      Delete
    5. ඇත්ත... ඇත්ත... හැබැයි වැඩියෙන්ම පිච්චෙන්නෙ තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙකුට ළං වෙද්දි දැනෙන ඉරිසියාවට...

      Delete
    6. හුටා ඉරිසියා මාස්ටර්ලා ටිකක් එක්ක වැරදි මාතෘකාවක් ඇදගෙන තියෙන්නේ.. ඉල්ලා අස් කර ගන්නවා..[ඊරිසියා කරනවට වඩා ලේසියි ලෙන්ඩින් මෙම්බර් කෙනෙක් වෙන එක] මේක හරියටම හරි :D

      Delete
  2. ඊරිසියාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔයාගේ නම ‘හ‘ යන්නෙන්ද පටන් ගන්නේ :D මගේ හොඳ යෙහෙළියක් ඉන්නවා ඔය විදිහට කියන. එයාගේ නම පටන් ගන්නේ ‘හ‘යන්නෙන් :D

      Delete
  3. ඔය පුස්තකාලය රෑ 10වත් වෙනකල් ඇරල තියේනම් කොපමණ අගේද

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ එහෙම තිබුණා වගේ කතාවක් අහලා තියෙනවා. ඒත් ඒවායේ වැඩ කරන අයට අතිකාල එහෙමත් ගෙවන්න වෙයිනේ. පොත් ගන්න, ආයේ දෙන්න පමා වෙලා දඩ ගෙවන ප්‍රමාණේ වැඩි වු‍ණා නම් රෑ 10 වෙනකම් ඇරලා තියන්න කියලා ඉල්ලන්න පුලුවන් වෙයි. :D (මං ගිය වෙලාවක කෙනෙක් පොත් දෙකට රුපියල් 1000ක් දඩ ගෙව්වා. ඉරිදා සෙනසුරාදා හැර දවස් 14ක් දෙනවානේ. ඊට අමතරව පමා වන දවසකට රුපියල් 5යි. මං හිතන්නේ පොත් දෙක මාස 3ටත් වඩා ගෙදර තිබිලා)

      Delete
  4. මමත් ඕකේ සාමාජිකයෙක්. ඒත් කාලෙකින් ගොඩ වෙන්න බැරිව ගියා.. ඇත්තටම වෙලාවක් නෑ...මමත් කරන්නේ යමින් එමින් පොත් සාප්පුවකට, බොහෝ විට දයවංශ ජයකොඩි ගොඩ වෙලා පොතක් දෙකක් ගන්න එක..එහෙම හැදුන පොඩි පොත්ගුලක් මටත් තියේ...

    ReplyDelete
    Replies
    1. මගේ පොත් ගුල දැන් ගුලක තත්ත්වයෙන් එහාට ගිහින් ගුහාවක් වෙලා තියෙන්නේ. වෙලාවකට වලක් වගේ. මහත්තයා වෙලාවකට පොත් ටික දිහා බලාගෙන අනිමිස ලෝචනයෙන් ඉඳලා හුස්මක් හෙළලා අහක් වෙනවා. (එයා කියවන්නේ නැහැනේ. මං පොතක් හොයලා ඒ ටික එහෙ මෙහෙ කරලා තිබ්බහම මට ම බලන්න ලස්සනයි) ලඟදිම එයා පිළිකුල් භාවනාව වඩන්න කලින් පොත් ගන්න එක නවත්වන්නේ ඒකයි.

      Delete
  5. අපිට ඉතිං කොළඹ පුස්තකාලෙට එනවට වඩා ලාබයි ගමේ එකට යන එක. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔයාට නං මොකටද පුස්තකාල? පොත් මුද්‍රණය කරගන්න කට්ටිය එන්නේ නැතෙයි?

      Delete
  6. මම නම් කිසිම පුස්තකාලයක සාමාජිකයෙක් නෙමේ.වෙන්න ආශාවක් නැතුව නෙමේ.එත් ඇති හැකි විදියට පොත් අරන් කියවන එකයි මගේ කැමත්ත.අනිත් අතට එතකොට කලබලයක් නැතුව හොඳට රස කර කර පොත කියවන්න ඇහැකිනේ.

    ReplyDelete
    Replies
    1. මගේ කියවීමේ වේගය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා මයේ හිතේ. (අපි කාගෙත් එහෙම ඇති මේ කියවන කියැවිල්ලට) විනාඩියක් ඇතුලත පිටුවක් තමයි
      මගේ සාමාන්‍ය වේගය. ඉතිං පොත් අරගෙන 2-5 වෙනකම් ළමා පුස්තකාලේ ඉද්දි පිටු 150ක් විතර කියවලා, 5-6.30 වෙනකම් පාර්ක් එකේදි කියවලා ගෙදර යද්දි පිටු 250-275ක් කියවලා ඉවරයි. එදා රෑ වෙද්දි පොතක් ඉවරයි. රස විඳීමේ අඩුවකුත් දැනෙන තරමට නම් නැහැ. කැමති කොටස් දෙතුන් පාරත් කියවනවා. කොහොම හරි සතියෙන් පොත් දෙකම ඉවර කරගත්තැහැකි. බැරි වුණොත් ඉවර වෙන එක දීලා තව පොතක් අරං එනවා ඊ ගාව සතියේ.

      Delete
  7. මෙය ඇත්තක්ය මා දැන් පවසන්නේ
    ඔය පොත් බැලුම ඉස්සර මගෙ අඩුයිනේ
    ගිය හකුරකට නාඩා මම හිඳින්නේ
    තියෙන වෙලාවට දැන් දැන් කියවන්නේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මාගේ රැකියාව කොනසහි වූ නිසාවට
      පාසල් ඇරුණු අප ඇදුනේ පුස්තකාලයට
      ඈ වැඩ නිම වී ඉර අවරට යන වෙලාවට
      හනි හනිකට එන්නි අප ‍ගෙන යන්නට

      (කොනස - කොළඹ මහා නගර සභාව)

      Delete
  8. 6 වසරේදී එකම එක වතාවක් ඔතනට ගොඩ වැදිලා (ඇත්තටම කිව්වොත් ගොඩ වද්දලා) තියෙනවා...
    පොත් තියෙන තැන් පෙන්නලා මම නතර වෙලා හිටපු ගෙදර සර් කොහෙද මන්ද ගියා, ආපහු ආවේ පැය ගානකට පස්සේ...
    මම ටිකක් බයවෙලා හිටියේ...
    එදායින් පස්සේ තරමක් මෑතකදී ඔතනටම අල්ලලා තියෙන මොකක්ද මන්ද බිල්ඩිමක තිබ්බ මොකක්හරි වැඩකට වතාවක් ආව මිසක් ආපහු පුස්තකාලෙ ඇතුළට ගිහින් නැහැ...
    හැබැයි දිනපතා උදේ හවස යන්නේ එන්නේ ඔතනින්...
    ඔතන විතරක් නෙමෙයි මම සල්ලි දීලා අරගත්තු පොතුත් ගෙදර ගොඩ ගහල තියෙනවා කියවන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. මොකද අනේ ගොඩ ගහගෙන ඉන්නේ? යමින් එමින් ගමන් මගදීවත් කියවන්නේ නැතුං

      Delete
  9. සති අන්තේ කොළඹ හිටපු සමහර කාලවල මම යනවා ඔය පැත්තේ.. පස්සේ නීති පොත් හොයන්නත් ගියා දෙතුන් වතාවක්. දැන්නම් යැවෙන්නේ පොත් එළිදක්මක් වගේ එකක් තිබ්බොත් තමයි. ගෙදර තියෙන පොත් ටික කියවලා ඉවර කරන්නත් බැරිවුනා තාම.. :(

    ReplyDelete
    Replies
    1. ඒ තරමට වැඩ මෙයාට! හ්ම්...

      Delete
  10. මේ කතාව ඇත්ත. ලංකාවේ පුස්තකාල වල තියෙන පොත් වලට සාපේක්ෂව කියවන පිරිස අඩුයි. මෙය ඇතැම් සරසවි පුස්තකාල වලටත් අදාළයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. අම්මා නිසා මට කොළඹ සරසවියේ පුස්තකාලයේ සරන්නත් අවස්ථාව උදාවෙලා තිබුණා. අනේ කොච්චර හොඳ පොත් එකතුවක්ද? ඒත් ළමයි ඒකේ වටිනාකම භාවිතා කරනවද කියලා සැකයි

      Delete
  11. /කෙසේ හෝ අවසානයේ Paulo Coelho නියමය නැවතත් සනාත කරමින් ඒ යුගය උදාවිය./

    What the hellmut is Coelho's law?

    /සියල්ල නිසි ලෙස සැකසී රස්සාවට සමු දීමේ අවස්ථාව උදාවිය./

    අන්න ඒකනං හොඳා...එහෙනං දැං ලියහං සතියකට තුනක් වත් මොක මොකහරි..මටත් මේ සුමේ අපෝ වෙලයි තිබ්බෙ...:)

    ReplyDelete
    Replies
    1. සියල්ල නිසි ලෙස සැකසුණේ කොහොමද දන්නෙ නෑ නේද?

      Delete
    2. ඕක වෙනස් වෙන්නොනිලු එකක් වැරදි ඊට අනුරූපව අනික්වා නිසි ලෙස සැකසී කියල.. හැක්.

      Delete
    3. Coelho ගේ හෙල්මට් එක දන්නේ නැහැ කියලා මේ සභාවක් මැද කිව්වානේ ඉතිං!

      “When you want something, all the universe conspires in helping you to achieve it“.

      කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තා වගේ බ්ලොග් ලෝකේ හොයා ගත්ත කාලේ තිබ්බ සින්ඩිය දෙස බලාගෙන එෆ් 5 ඔබලා ඔබලා ඒක ගෙවිලා ගියා.

      ඊට පස්සේ බ්ලොග් ලියන්න ගත්තාට පස්සේ ලියන්න දේවල් හොය හොයා ලිව්වා. සමහර දවස් ඔලට ලියන්න දේවල් නැහැ. හරි හිතට අමාරුයි. ඉතිං මොකක් හරි ලිව්වා.

      පස්සේ පස්සේ ලියන්න දේවල් එමට තියෙද්දි වෙලාව නැති වුණා. කම්මැලි කමත් ඒකට ම අලගු තිබ්බා. (වෙලාවට ඔබතුමා පහළ වුණා. නැත්තං නිදහස් සිතුවිලි මැකිලා ගිහින් බොහෝ කල්)

      දැන් ඔන්න ලියන්න දේවලුත් ආයේ මතු වෙන්න පටන් අරං. කාලෙත් යම් තරමකට කළමනාකරණය කරගත හැකියි.

      ඉතිං ලියමු. :)

      Delete
    4. තරු අක්කා,

      අදාළ කෙනා සැපත් වුණා. ඉතිං අනිත්වා අංශක 180කින් කැරකුණා. අන්න එහෙමයි යුනිවර්ස් එක අපට අවශ්‍ය දේවල් නිසි ලෙස සකසන්නේ :D

      Delete
    5. කමියා,

      ඔයැයිලාට වුණා වගේ නේ? :D

      Delete
  12. කාලෙකට ඉස්සර පුස්තකාලෙක කාර්යමණ්ඩලයට වදක සාමාජිකයෙක්, දවසෙන් දෙකෙන් පොත් රිටන් කරල අනුන්ගෙ කාඩ් අරන් ගිහින් පොත් දෙකකට වඩා අරන් තව ඉතිං කියවන්න ආස පොත් ගොඩක් හම්බුනාම කව්රුවත් නොකියවන ‍රාක්කෙක පොත් හංගලා . ඒ දුන්නු වද වලට දැන් පුස්තකාල තියා මිනිස්සු වත් නැති පලාත්වල ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ :O

    ReplyDelete
  13. ඕක මටනම් ගෙදර වගෙ තැනක්.

    ReplyDelete
    Replies
    1. මහගෙදර වගේ තැනක් කිව්වා නං හරි. දැන් යන්නේ ඉඳහිටනේ.

      Delete
  14. සිතූට පින්සිද්ධ වෙන්න, ඒ කියා දුන් මග ලකුණු ඔස්සේ ගිහින් සාමාජිකත්වය ගත්තා. ඒක කොයි තරම් වටිනවද කියල දැනුණෙ තියෙන පොත් කන්දරාව දැක්කම. මේ ටික කාලෙටම මට මගහැරුණු පොත් සෑහෙන ප්‍රමාණයක් පුස්තකාලනේ අරන් කියෙව්වා.

    මමත් හිතනවා මීට පස්සෙ වැඩිය පොත් ගන්නෙ නැහැ කියල. ගත්ත පොත් තියන්න ඉඩත් මදිව තියෙන එකේ... අත්‍යවශ්‍යම පොතක් ඇරෙන්න අනිත් පොත් ලැබෙන විදියට පුස්තකාලනේම කියවනවා..

    බ්ලොග් නිසා, පොත් නිසා හැදිල තියෙන යාළු මිත්‍ර කණ්ඩායම අතර පොත් හුවමාරුව සිද්දවෙන එකත් ලොකු ලාභයක්... ඒ නිසා මගෑරෙන පොත් කියවන්න තවත් අවස්ථාවක් ලැබිලා. ඒ අස්සෙ පොත් පිට දාගෙන හමුවෙන්නත් පුලුවන්නෙ. ඒකත් ඉතින් මේ ඒකාකාරී ජීවිතේට ලොකු අස්වැසිල්ලක්.

    කොහොමහරි පොත් පිළිබඳ තියෙන ආශාව, තණ්හාව ක්ෂය වේගන යන එක සතුටක්...

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්! මට එහෙමට අත්‍යාවශ්‍ය ම පොත් කියලා ජාතියක් නැති එකේ ගන්න ම වෙන්නේ නැති තරමයි. ළමයින්ගේ පාඩම් වැඩ වලට ඕනැ වුණොත් ගන්නවා මිසක ආයේ නං පොත් ගන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. තේරුණානේ! හිතාගෙන ඉන්නේ! :D (සිතූද මග ලකුණු කීවේ ඔයාද කියලා කල්පනා කරමින්)

      Delete
  15. ඕක නිසා තමයි මගෙ ගෙදර තියන පොත් කියව ගන්න බැරිවෙලා තියෙන්නෙ.
    සුමානෙකට අඩුම ගාණෙ එකපාරක් යනවා.

    ලංකාවෙ ලොකුම ෆැන්ටසි ෆික්ශන් කලෙක්ශන් එක තියෙන්නෙ එහෙ. මං හොයන්නෙ කවුද ඔයතරම්ම ෆැන්ටසි ෆෑන් කියල ඕකෙ පොත් මිලදී ගැනීම් තීරණය කරන

    ReplyDelete
    Replies
    1. ඔව් හැබෑට. වැඩිපුරම තියෙන්නේ ඒ ලේබලේ තමයි. නරකද අහලා බැලුවොත්?

      Delete
  16. පබ්ලික් ලයිබ්‍රරිය.. අපේ ගෙදරනෙ... මම කියවන්න පටං ගත්තෙ ඔතනිං. ඊටවඩා.. උදේ පාංදර ඇවිල්ල සීට් දෙක තුනක් අල්ලගෙන අටෙන් පස්සෙ එන උන්ට සුපියල් පහ ගානෙ විකුනල කැන්ටිම පිටිපස්සෙං පාක් එකට පැනල වික්ටර් අයියත් එක්ක ස්ටේජ් එක පිටිපස්සෙ යකෙක් ඔතං බීල අලියව නාවන වල ලඟ පැයගානක් බලං ඉඳල අලියවත් පිස්සු කරල බඩාල්ලං හිනාවෙලා කැන්ටිමෙං වැඩිසීනි ප්ලේන්ටියක් බීල... මේසෙට තට්‍ටුවක් දාං පබලු නගේ නා මල් තිලකේ... ගංගාවේ ගීතේ... හීනියට කියල... අඩවන් දෑසින් පවසනු රහසින් කියාගෙන කැන්ටිමේ එහා බිත්තියේ තියෙන ශවනාගාරෙ විකොසෙ මීටිං වලට ගිහිල්ල විජේ ඩයස්, පියසීලි, සුචරිත ගෙ කතා අහල ප්‍රශ්න අහල කුජීත වෙලා හවස හත වගේ වෙනකොට අන්තිම සිකරට් එකත් බීල ගේදර ගිය කාලෙ මතක් වෙනව...ඒ වගේම පාරෙන් එහා පැත්තෙ තිබ්බ ජෝන්ද සිල්වා එකේ ඩ්‍රාම එකක් තිබ්බොත් අනිවා හොරෙන් බලනවා.. මෝරා, මරාසාද් , ඒ කාලෙ තිබ්බෙ අපේ කට්ටියේ වැඩ.. හම්මේ.. පට්ට ඉතිහාසයක්... ඇයි සිත්තර පරදර්ශන... ??? අම්මෝ බෑ .. පස්සෙ කතාකරමු ජුන්ඩ ජුන්ඩ....

    ReplyDelete
    Replies
    1. හා එහෙනං පස්සේ කතා කම්මු. :)

      Delete
  17. බොලාට මතකං අපිනොදන්න ලයිව් එකේ එකපාරක් ගියා ඔය පොට් එකේ අලිය කතා කොරනව කියල සීන් එකක් .

    ReplyDelete
  18. මම උඩිං කිවුවෙ අපි ගත්ත ආතල් .. ඒ ආතල් වගේම අපි ඔය පබ්ලික් ලයිබ්‍රරියනිසා ගොඩ ගියා. ඊට පස්සෙ දැනුම පිපාසෙ ට පිරිසිදු ජලය පෙවුවෙ ටොරින්ටන් එකේ තිබ්බ ජාතික පුස්ථකාලෙ. පට්ට වටින තැනක්.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න තරුන ලමයි ඒ වගේ රත්තං තැනක් පරිශීලනය කරනවද කියල සැකයි. මේ ඉන්න කවුරුත් ජාතික පුස්ථකාලය පාවිච්චිකරල.... අඩු වශයෙන් එහෙම එකක් තියෙනව කියලවත් දන්නවද ????

      Delete
    2. ශ්‍රි ලංකා පදනම් ආයතනය .. Russian culture house එක.. අපේ කාලයෙ අපිට දැනුම දුන්න තැන් ... අද තරුනයන්ට මේව සම්මුඛ වෙනවද දන්නෑ රන්දිල්

      Delete
    3. ජාතික පුස්තකාලේ ගැන දන්නවා. ඒත් ඊට වඩා පහසුයිනේ මේක තියෙන තැන. අනිත් එක පුංචි කාලේ ඉඳන් හුරු තැන. මේකේ සේරම කියවලා ඉවර කරගන්න පුලුවන් වෙච්චි කාලෙක බලමු. (ආත්ම පහක් හයක් යයි) :D

      Delete
  19. Policies at libraries in SL are designed to discourage patrons. I don't know it's now, but when I was in school the Colombo Public Library gave only 2 books at a time and that was also for only 2 weeks. I stopped going after sometime, because it was a real hassle to go there to exchange books that frequently.
    When you compared it to the library (in USA) that I take my kids to, they allow you to borrow 100 books at a time with 4 week loans and can be extended 3 times.

    ReplyDelete
    Replies
    1. රටේ මිනිස්සුන්ගේ විදිහට පොලිසීස් හැදිලා තියෙන්නේ කියලා මං හිතන්නේ. අපේ අයට පොත් සීයයක් ගෙනියන්න දුන්නොත් 10දෙනෙක් එකතු වෙලා පොත් 1000ක් අරගෙන ගිහින් ගෙදර පුස්තකාලයක් දායි. පුස්තකාලයක් නං දැම්මත් කමක් නැහැ කියමුකෝ. පොත් කොච්චර හොරකම් කරයිද?

      Delete
  20. සබාවෙන් අවසරයි... පොඩි ඇඩ් එකක් දාන්ටයි කියල හිටං ආවෙ... මේන්න මේ බ්ලොග් එක ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්න එවුං වෙනුවෙන්මයි...
    https://sinhalenlit.blogspot.com/
    ස්දූදියි... ජයින් ජයම වීවා

    ReplyDelete
    Replies
    1. ජය වේවා! ගිහින් ම බලන්නම්කෝ

      Delete
  21. මම නම් එක පාරයි ද කොහෙද ඇතුලට ගිහින් තියෙන්නේ.. මම සෙනසුරාදට ඉරිදට අර පාර අයිනේ විකුණන චිත්‍ර බලන්න නම් යනවා හැම සතියෙම වගේ. ඒ දවස් වල.

    ReplyDelete
    Replies
    1. පුස්තකාලෙට ගිහින් පොත් දිහා බලනව වගේම මමත් ආසම වැඩක් තමයි, ආනන්ද කුමාරස්වාමි මාවතේ චිත්‍ර බල බලා ඇවිදින එක...

      අපේ පොත් සංගමේ පළමු හමුවෙදි ආහාර ප්‍රදර්ශනයකුත් අහුවුණා... එදා කෑව යාපනේ උළුඳු වඩේ, මඤ්ඤොක්කයි පොල් සම්බලයි තාමත් මතක් වෙනවා...

      Delete
    2. පව් ඉතිං ඒ මිනිස්සු මෙයාලා චිත්‍ර නරඹලා එනවා එයාලා වේලෙනවා. එකක් හරි ගත්තොත් නරකද? :D

      හම්මේ කටට කෙළත් උනනවා

      Delete
  22. තැන්පතු ක්‍රමය යනු රුපියල් 2000ක-නැවත ඉවත් වන දිනකදි ලබාගත හැකි-තැන්පතුවක් තබා පුස්තකාල ගාස්තු රුපියල් 510ක් හා හැඳුනුම්පත් ගාස්තු රුපියල් 160 ගෙවා එදිනම විනාඩි කිහිපයක් තුල ලබා ගත හැකි සාමාජිකත්ව ක්‍රමයයි

    ReplyDelete
  23. අඩ්ඩොව් රවිය .. කෝ බං උඹ.... දවල්ට කෑවෙනෑ වගේ .. බොලාගෙං සද්දයක් නැති උනාම හිටං ...රන්දිල් නෝන සොරිවෙන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. අර ඇවිත් තියෙන්නේ

      Delete
  24. මම පොඩි කාලේ ඉඳන් ආ ගිය තැන... කැම්පස් යන්න වුනයින් ඒ සම්බන්දෙ බිඳුනා... හැබැයි තවමත් ආදරේ හිතෙනවා ! ස්ටඩි හෝල් තිබුනා පාඩම් කරන්න ඒ කාලේ. හරිම නිදහස් තැන !

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...