Wednesday, March 29, 2017

496. විමලෙගේ වාං පතුල් කතා - 45 - චන්දරේගේ මළගෙදර විත්ති - 4 - පියාණනී මා නැවත උපන්නොත් ......



පියාණනී මා නැවත උපන්නොත්
ගීතය ගයනා අබේවර්ධන බාලසූරිය

චන්දරේ ඇවිල්ල ඇඳක කොණේ ඉඳගත්ත. "අනේ බං සද්දෙ නං හොඳටම වැඩියි. සාලෙටත් ඇහෙනව. එතන හිටපු අපෙ අර නැන්දම්ම කෙනෙකුත් ඇහුව මොකද්ද පුතේ ඔය සද්දයක් ඇහෙන්නෙ? කියලත්"

"ඉතිං උඹ මොකක්ද කිව්වෙ?"

"මොන පිස්සුද නැන්දම්මෙ අහවල් සද්දයක්ද? කියල මම එතනිං හෙමිහිට මාරුවුනා. ඉතිං අනේ මචංලා ඒ හින්ද සද්දෙ අඩුකරපල්ල දෙයියන්ගෙ නාමෙන්……" චන්දරේ බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිය.

"හරි බං හරි හරි උඹ කිසිම දේකට බයවෙන්ට එපා..හොඳද? කොහොමත් තව ටිකකිං අපි කතා කරන එක ෂම්පූර්ණෙංම නවත්තනව..තේරුණේ?"

"ඈ..ඒ කොහොමද?"

"ඒ කොහොමද කියල අහන්නෙ? ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"

"ඈහ්හ්හ්..සිංදු කියන්ට? උඹල දැං හදන්නෙ මේක ඇතුලෙ සිංදුත් කියන්ටද?"

"එහෙනං ආය? මචං උඹ දන්නවනෙ පොඩි එකක් ගත්තම සුට්ටං ෂින්දුවක් කියන එක අපේ අනාදිමත් කාලයක ඉඳල පැවත එන චාරිත්තරයක්ය කියල"

"ඒත් යකුනේ මේක මළ ගෙදරක්..අනික වෙන කාගෙවත් නෙවෙයි අපේ අප්පච්චිගෙ මළ ගෙදර…"

"හරි හරි බාං අපි දන්නව ඒක..අපි ඒ හින්ද කියමු පියගුණ ගීත..හරිනෙ... අවුලක් නෑනෙ.." මම කිව්ව. 

"අන්නහරි....ඕ...පියා...පියා...ඕ...පියා...පියා....අ...ප්..පි..කි..ය..මු..ඔය....තිත්.......තියෙන්නෙ.......පිප්පිය.......ගුන ගීත....." සමරෙ තව එකක් වක්කරගත්ත. 

"මේ සමරෙ මෙතන මරු කියවන්ට එපා බං..පිප්පිප් පියගුණ ගීත කෙහෙල්මල...ඕ..පියා පියා කියල සිංදුවක් නෑ ගස් ගෝනො.... ඕ ප්‍රියා ප්‍රියා කියල හින්දි සිංදුවක් නම් තියනව.." මම කිව්ව.

"ඕහ්..ඉ...ෂ්දැට්ෂෝ?...රි..ය..ල්ලි...ෂො..ෂ්...ෂො..රි…" සමරෙ ගොත ගැහි ගැහි සමාව ඉල්ලුවා.

ඔය සමරයට දෙකක් බඩට යනකොට කඩුව අතට එනව. අමුවෙං ඉන්න වෙලාවට ඕක මැරුවට කඩු වචනයක් දාන්නෙ නෑ කටිං එළියට. කොටිම්ම උදේට ගුඩ් මෝනිං කියල කියව ගන්ට ඕකගෙ බෙල්ල මිරිකන්ට ඕන.

(සටහන - ඕ ප්‍රියා ප්‍රියා ගීතය එන්නෙ 1990 විතර තිරගතවුනු "දිල්" චිත්‍රපටයෙ. හින්දියෙන් දිල් කියන්නෙ හදවත. චිත්‍රපටයෙ රඟපෑවෙ මධුරි ඩික්සිට් සහ අමීර් ඛාන්. ඒ කාලෙ ඔය දීපිකාල, ප්‍රියංකල එතකොට අයිෂ්වර්යාල ගැන අපි අහලවත් නෑ)



"හරි හරි චන්දරේ…. සමරෙට වැඩියිද කොහෙද උඹ ඌ කියන එව්ව ගණං ගන්ට එපා..අපි කියමු පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා…" මම චන්දරයව අස්වසන්ට ට්‍රයි කලා.

ආය අහවල් අස්වැසිල්ලක්. උගෙ ඇස් දෙකෙං ගින්දර විසිවුනා. "ඔය ඉතිං ඕකනෙ කියන්නෙ මොන රෙද්දක්වත් කියන්ට එපා යකුනේ..තොපිට මම කියන එක තේරෙන්නෙ නැද්ද හැබෑටම. ....උඹලට මෙතන හයියෙං කතාකරන්ට වත් එපාය කිව්වම ඒ පාර ලෑස්තිය සිංදු කියන්ට..." චන්දරේ දෑතින්ම ඔලුව බදා ගත්ත. 

චන්දරයට හිතුවට වඩා සද්දෙං කෑගැහුන ඒ ටික කියනකොට.  කිව්වනෙ අපි ඉන්න කාමරේට සාලෙ ඉඳගෙන ඉන්න කට්ටිය ඔය කතාවෙන එව්ව යම්තමට වගෙ ඇහෙනව කියල. චන්දරෙයගෙ කෑගැහිල්ලට එක පාරට සාලෙං ඇහිච්ච සද්දෙ නතර වුනා. අපිත් මූණිං මූණ බලාගෙන හිටිය අර මොනවද කාපු මොක්කුද වගේ. දෙයියංගෙ පිහිටෙං ටිකකිං ආයම සද්දෙ ඇහෙන්ට ගත්ත. ඒ කියන්නෙ අවුලක් නෑ.

"අන්න දැක්කද ඕක තමයි මං කීවෙ...හරිනෙ..මෙතන කතාවෙන එව්ව සාලෙට ඇහෙනව. ඔය අපිට සාලෙ කතාවෙන එව්ව ඇහෙනව වගේම තමයි. ඒ ඔක්කොමත් තියෙද්දි උඹලගෙ ලෑස්තිය මෙතන සිංදු කියන්ට…."

"හරි බං අවුලක් නෑ. ඒ කියන්නෙ කාමරේ ඇතුලෙ ඉඳල සිංදු කියල සාලෙට ඇහුනොත්නෙ අවුල..අපි මෙහෙම කරන්නං ...හොඳට අහගනිල්ල දැං මෙහෙමයි වැඩේ කෙරෙන්නෙ..අපි වැඩේ ලස්සනට කරමු..." මම චන්දරය ලඟින් ඉඳගෙන උගෙ උරහිසට අතක් තියල මිරිකුවා.. 

"අර මුල්ම කොටස තියනවනෙ. පියාණනී මා නැවත උපන්නොත් කෑල්ල...මම ඒ කෑල්ල කියාගෙන දොර ඇරගෙන යනව සාලෙට. ගිහිල්ල සාලෙට වෙලා ඔලුව බිමට හරවගෙන ඉන්නව මිනිය ලඟ බොහොම දුක්බර විලාසෙං ....ඊට පස්සෙ කරුණෙ අයියයි සමරෙයි ඊලඟ කෑල්ල කියාගෙන එනව සාලෙට.... ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා.....ඊලඟට අන්තිමට විජෙයි ගුණෙයි එනව අන්තිම කෑල්ල කියාගෙන ...මොකක්ද බං ඊලඟ කෑල්ල..ඔන්න මට ඒක අමතකම වුනානෙ"

"හිත මිතුරන් මා හැරගිය දවසේ…" විජේ මට මතක් කරල දුන්න. 

"අන්න හරි...අන්න හරි..හිත මිතුරන් මා හැරගිය දවසේ...ලොවම එරෙහිවී තනිවුනු මොහොතේ...පස්සෙ අන්තිමට අපි ඔක්කොමල එකටම අර සිංදුවල ඔය තියෙන්නෙ අන්තරාසර්ග ග්‍රන්ථිය ද අන්තරා භවයද කොහෙද කියන්නෙ අන්න ඒ කෑල්ල... ඒ කිව්වෙ මේ සිංදුවෙ නම් පියාණනී මා කොටසනෙ. ඉතිං අපි ඔක්කොමල එකට පියානනී මා කෑල්ල කියල සිංදුව හමාර කරනව...සිංදුව ඉවර වෙනවත් එක්කම අපි ඔක්කොම අප්පච්චිගෙ මිනියට දණගහල වඳිනව....කොහොමද නියමයි නේද? බලාපං උඹලගෙ අප්පච්චිට දෙන්ට පුළුවන් ඊට වඩා ගෞරවයක් තියනවද?"

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා...
ඔබේම පුතු වේවා...

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ...

පියාණනී මා...

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුන මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ...

පියාණනී මා...

පද රචනය : සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසුරිය
සංගීතය: වික්ටර් රත්නායක.



චන්දරය ඔලුව උස්සල බැලුව. උගෙ ඇස් දෙකේ ඒ වෙලාවෙ කඳුළුත් තිබ්බද කොහෙද...මට හිතෙන්නෙ ඌටම ෂුවර් නෑ ඩෝප් මරගාතෙ අපි ඔය කියපු විදිහටම කරයිද කියල. ඇයි ඕකත් දන්නවනෙ බීල කරපු නාඩගංවල දිග පළල හෙහ්,හෙහ්, 

කරුණෙ අයිය මට කට ඇද කරල ඉඟියක් කලා. ඒකෙං කිව්වෙ මම හිතන්නෙ ඔය ඇති කියල වෙන්ට ඕන. මම චන්දරයගෙ මූණට එබුන. "උඹ බයවෙන්ට එපා බං. අපි මේ පොඩි ජෝක් එකක්නෙ දැම්මෙ. එහෙමත් කරනවද බං උඹේ නම සවුත්තු වෙන්ට?...හෙහ්,හෙහ්, "

ඉතිං ඊට පස්සෙ ආයම පාරක් අපි සිංදු කියන්නෙ එහෙම නැතිය සද්දෙට කතාකරන්නෙ එහෙම නැතිය කියල හගිස්සවාගෙන චන්දරය කාමරෙං පිටවෙලා ගියා. අපි ඉතිං ඔහෙ හෙමිහිට වැඩේ කරගෙන ගියා. ඔන්න ග්‍රැජු ග්‍රැජුවලි දෙවෙනි බෝතලෙත් ඉවර වෙන්ට වගෙ ආව. 

"මේ අඩේ මේ කාමරේ මොනවට හදපු එකක්ද? බලාපං අර ජනේලෙ පොඩි....ඒ හින්ද බෙඩ් රූම් එකක් වෙන්නත් බෑ" හිටපු ගමං ගුණෙය ඇහුව. ඔය ගුණය අපි වාගෙ කොයි වෙලෙත් වක්කඩ කැඩුව වගෙ කියවන්නෙ නෑ. අවට වටපිටාව ගැන බොහොම සෝදිසියෙං ඉන්නෙ කොච්චර ගැහුවත්.

"මේක මචං බොහෝවිට කිළි කාමරේ වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ එහෙමයි" මම කිව්ව. 

"මොකක්ද කිළි කාමරේය කියන්නෙ?" ඒ කරුණෙ අයිය. 

"මෙහෙමයි අයියෙ, ඔය පරණ වළව්වල තිබ්බලු කළුවර කාමරයක් කිළි කාමරේ කියල. එක්කො ජනේලයක් නෑ. තිබ්බත් බොහොම පොඩි ජනේලයක්. වළව්වෙ බබලත් උදවිය කිළි උනහම ඒ කියන්නෙ ඔසප් උනහම ඔය කාමරේ තමයි රඳවල තිබ්බයි කියන්නෙ ඒ දවස් පහු වෙනකල්"

"අඩේ මම ඔය ඔහොම කතාවක් ඇහුවමයි. වීරෙ දන්නෙ කොහොමද?" කරුණෙ අයිය ආයම ඇහුව. 

"මම ඔය මේ මාස දෙක තුනකට ඉස්සෙල්ල කියවපු පොතක ඔය විස්තරේ තිබ්බ. අර ඔසප් කේස් ඇරුණම ළමයි හම්බ වෙන්ටත් පාවිච්චි කරයි කියන්නෙ ඔය කිළි කාමරේ. ආ..තව එකක්. ගෑණු ළමයි ලොකු උනහමත් ඔය කාමරේ තමයි රඳවල තිබ්බයි කියන්නෙ"

අනික් එවුං කට ඇරගෙන අහගෙන හිටියෙ මගෙ විස්තරේ. "ඉතිං? ඉතිං?..."

"ආ..තව එකක් කියන්න තියනව. ඔය කිළි කාමරේ බාල්කෙක වගෙ හයිය තැනක ගැට ගහල පල්ලෙහාට එල්ලෙන්ඩ දාල තිබ්බලු හොඳ හයිය ලණු දෙපොටක්. හරියට අර ඔංචිල්ලාවක් වගෙ. දරුවෙක් ලැබෙන කොට ඒ අම්ම අර ලණු දෙපොට අල්ලගෙනලු වාරු ගත්තයි කියන්නෙ" 

"ඉතිං බං කෝ මේ කාමරේ එහෙම ළණු දෙපොටක් නෑනෙ.." ගුණේ වටපිට බලල කිව්ව. 

"පිස්සුද බං උඹට? මම ඔය කිව්ව කරුණු කාරණාවලට ඒ කිළි කාමර පාවිච්චි කලේ දැනට අවුරුදු තිහ හතළිහකට වගෙ ඉස්සර. දැං කවුරුත් එහෙම දේවල් වලට කිළි කාමර පාවිච්චි කරන්නෙ නෑ. ඉතිං ඒ ළණු පොටවල් තියෙයිද මෙච්චර කල්?"

"ඒකත් ඇත්ත..අපි චන්දරේගෙං අහමුකො ආහම මේ කාමරේ ඒ විදිහෙ ළණු දෙපොටක් බාල්කෙක වගෙ ගැට ගහල තිබ්බද කියල"

"හරි..හරි..අහපං අහපං..ඕකට මේ වෙලාවෙ මාරාවේස වෙලා ඇත්තෙ. උඹට අම්ම මෝ නැතුව දෙකක් අහගත්තෑකි. හෙහ්...හෙහ්…" කරුණෙ අයිය එහෙම කියල හිනාවුනා.

ඕක තමයි කියන්නෙ මේ මත්පැන් පානයට ඔය හැමෝම , විශේෂයෙන් අපේ කාන්තා පාර්ශ්වය විරුද්ධ වුනාට ඔන්න බලන්ටකො ඒ නිසාම කොපමණ දැනුම් සම්භාරයක් එකතු වෙනවද කියල...හෙහ්,හෙහ්,

අනික දැන් මේක කියවන ඔබ තමුන්නාන්සේලා උනත් කී දෙනෙක් දැනගෙන හිටියද ඔය කිළි කාමර ගැන?..බොරුද මං කියන්නෙ? 

අන්න ඒකයි කියන්නෙ විනෝදය, සතුට සමඟ දැනුම ලබාදීම කියල. අර පහුගිය සෙනසුරාද උදක තොංගලේදි කියවපු හේතුපාටෙ උනත් තිබ්බයි කියන්නෙ. "දැනුම , විනෝදය, ජුගුප්සාව ලබාදෙන සහ ඒ සමඟම විළිබිය නැතිකරවන......" අන්න එහෙම. කොහොම උනත් ඒ හේතු පාටෙ ගැන මගේ නෑ කිසිම පැහැදීමක්. අපේ අර කළ්‍යාණයයි කියනවනෙ ඔය හේතු පාටෙ ලිව්වෙ..අනෙහ්..එයයි මායි දන්න හේතුපාට...එයයි දනී ගිරීස්මෙ ඉහිං කණිං දාඩිය දානකොට අහිංසක කම්කරුවෙක් හෙල්මට් එක සුට්ටකට අයිං කරල ඔලුවෙ දාඩිය නිවාගන්නව දැක්කොත් ඒ අහිංසකයගෙ දවසෙ පඩිය කපන්ට බෙල්ල කැපුවැහෙ....

හරි ඒ යස්සය ගැන ඔය ඇති..... ආපහු කතාවට.......

මේ වෙනකොට තුන්වෙනි බෝතලෙත් ඉවරයි...දැන් නං හොඳ ගණං.. චන්දරය ඔය වෙනකොට තව දෙපාරක් විතර ඇවිල්ල තත්වය බලාගෙන ගියා..අවුලක් නෑ..වැඩේ යනව මල් හතට…

"දැං කීයද බං වෙලාව?" ගුණේ ඇහුව බොහොම අමාරුවෙං ඇස් ඇරගෙන…

"තුනහමාරයි" මම කිව්ව…

"අඩේ අද යන්ටත් ඕන නේද? මොකද කරන්නෙ? එහෙනං ඔය තියන දෙයක් කාල පිටත් වෙමුද? කොහොමත් පැය හත අටක්වත් යයිනෙ ආපහු කෑම්ප් එකට යනකොට.." කරුණෙ අයිය ඇහුව.

බලනකොට තව බෝතලයකුත් තියනව. බයිටුත් ඉතුරුයි..අපරාදෙ කියන්ට බෑ කොත්තු පොට් එකේ පොර සළකල කොත්තු දෙක දාල දීල තියනව. 

"මේ මේකත් ගහලම යමු බං..මොනවද ආය දෙපාරක් වටේ යනකොට ඕක ඉවරවෙයි" ගුණේ ඇස් තද කරල පියාගෙන කිව්ව. 

"හරි එහෙනං එහෙම කරමු…" මම එකඟ වුනා.

රථාචාර්ය තැන්පත් මුතුබණ්ඩා මහතා පාන්දරම කට කපල ෂොට් දෙකක් ලඟ ලඟ නවාගෙන ගිහිල්ල බතුත් කාල ජීප් එකට වෙලා නිදි. රෑ දෙගොඩ හරියක් වෙනකල් සුක්කානම කරකවන්ට ඕන හින්ද අපි සාමාන්‍යයෙන් ඔය වගෙ දුර බැහැර ගමනක් ගියාම රියදුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය එහෙමයි. අනික එහෙම උනහම අපිට බය නැතුව ආතල් එක ගන්ටත් පුලුවෙනි.

ඒ පාර "හරි එහෙනං මේකත් ගහමු... මම කඩන්නං" කියල සමරය බැරි බැරි ගාතෙ ගත්ත බෝතලේ අතට...ඌට තමයි දැං බලනකොට වැඩිම..

"සමරෙ මේ දීපං ඕක මෙහාට මම කඩන්නං" මම අත දික්කරා බෝතලේ ගන්ට. 

"ඇයි? උම්බ හිත්තුවෙ මට ඩෝප් කියලද? ඉඳහං..ඔන්න..බල්ලපං මම බෝතලේ කඩන හැටි" එහෙම කියල සමරෙ ඇති වීරියෙං ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය කැරකුවා.

ඔය අරක්කු බෝතල් වල මූඩිය කඩන්ට එක ක්‍රමයක් තියනව. හෙමිහිට තද වෙන්ට මූඩිය ඇඟිලිවලින් අල්ලගෙන බෝතලේ කටට තෙරපගෙන කරකවන්ට ඕන. එහෙම නැතුව ඇති වීරියෙං කැරකුවොත් වෙන්නෙ මූඩිය කැඩෙන්නෙ නෑ නිකම්ම බෝතලේ කට වටේ කරකැවෙනව. සමරෙ අල්ලපු ඇල්ලිල්ලට මූඩිය නිකම්ම කැරකෙන්ට ගත්ත.

"හරිනෙ…. ඔන්න උඹ කරා වැඩේ..දැං හරිනෙ..දැං හරිනෙ" ගුණේ කෑගැහුව.."දැංවත් ඕක මෙහාට දීපං පුලුවං එකෙකුට…"

සමරෙ ඌ දිහා රවල බැලුව.."අනෙහ් මේ..කැක්..කෑනුගහ ඉන්දහං උඹ මෙතන. මමයි මේ බෝතලේ කඩන්නෙ.."

ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. බෝතලේ එක අතකින් තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.

To be continued....Next episode would be the last..God promise....:)

82 comments:

  1. අනේ අයියෙ අන්තිම එකේවත් ඔය කොනකටවත් වාං පතුල් කෑල්ලක්වත් ඔබ්බවල දමන්ට.
    අයියට පිං.

    ReplyDelete
    Replies
    1. අන්තිම එකේදී වාංපතුල් කෑල්ලක් ඔබන්න තියෙන්නෙ රවියගේ කටේ තමා බං.

      Delete
    2. 'වාං පතුලක් නිසා අහිමි වූ මගේ බ්ලොග් පාඨකයින්' කියල සීරීස් එකක් ළඟදිම පටංගන්නලු ඉන්නෙ මෙයා.

      Delete
    3. ඇනෝ, හැලප සහ ප්‍රසන්න,

      යකෝ උඹලත් මේ යහපාලන XXX පුතාල වගේනෙ.

      මෙච්චර මේ හරබර ආතල් ද බ්‍රේව් කරුණු කාරණා වාංපතුල් කතා තේමාව යටතෙ ලියද්දි එව්ව හොඳිං කියවල හිතේ ධාරණය කරගෙන මෙලොවට හා එලොවට එව්වයිං ගන්ට පුලුවං ගුරු හරුකං ගන්න එක පැත්තක දාල වාංපතුලක් ගැන මරු කියෝනව.

      ඒ වනාහී,

      1.මහා වීර මරාතුමා රුදුරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් බව අමතක කොට සුනාමි හොරා සුනාමි හොරා යැයි අවලාද නැඟීම හා සමාන වන්නේය.

      2. දෙවෙනිවීර ගොට්ටාතුමා දාමරික පිරබාහරන් විනාශ කීරිමෙහි ලා කල මහඟු කාර්යය භාරය අමතක කොට ලසන්ත සහ ප්‍රගීත් ඝාතන වලට වගකිවයුතුයැයි චෝදනා කීරිම හා සමාන වන්නේය.

      3. විදේශික කුමන්ත්‍රණ වලින් රට බේරාගත් ලෙමන්පෆ් නාමධාරී නූතන පයිත්තියංගෝරස් තුමා තම ඥාති හිතවතුන්ට රජයේ වාහන බෙදා දුන්නැයි චෝදනා නැඟීම හා සමාන වන්නේය.

      Delete
    4. වාං පතුල් නෙවි, රවියගේ ආ-ගිය-කතා කියල දැම්මං ඉවරනෙ.

      Delete
  2. හොඳම බ්ලොගයට සුබ පැතුම් රවී!
    අපේ ලොකුඅම්මලයෙ ගෙදරත් ඔය කිවාහේ කරුවල කාමරයක් තිබ්බ මට මතකයි. ඒකෙ නං ඒ දවස්වල තිබ්බේ පෙට්ටගමක්.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ස්තූතියි හැලප,

      පරණ ගෙවල් හැම එකකම වගෙ ඔය කළුවර කාමරේ තියනව.අපෙ අම්මල පොඩි කාලෙ මාමල එහෙම ඔය මැරෑටි වැඩ කලාමත් ඔය කලුවර කාමරේට දාල වහල තියනවලු වරුවක් විතර ...:)

      Delete
  3. http://www.mothering.com/forum/213-birth-beyond/835536-using-rope-birthing-aid.html

    ReplyDelete
    Replies
    1. Thanks Pra for the link. It was very interesting...:)

      Delete
    2. ඕකට කියන්නේ විලි රෑන.. :)

      Delete
  4. http://hoaxes.org/weblog/comments/huichol_labor_pain_relief

    ReplyDelete
  5. දැං බලන්න මිත්‍රවරුනි ඔය බෝතලේක මූඩිය කඩනව වගේ එකක තියෙන තාක්ෂණික පසුබිම උනත් දැනගන්න ලැබෙන්නෙ අරක්කු හින්දනෙ. කවුද බොන එක නරකයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ආන්න බලන්න පිංවතුනි..ඒකයි ඒකෙ අවයවය.

      Delete
  6. දැං ඉතිං මෙලෝ සිහියක් නැතුව සමරෙය බෝතලේ අඩියට තඩි බෑවට පස්සෙ ඔය මූඩිය ගැලවිලා බිත්තිය උඩින් විසික්ක වෙලා ගිහිල්ල සාලෙ දපල ඉන්න මල මිනියෙ මූන උඩට වැටුනට පස්සෙ තමයි ඉතිං උඹලට රෙදි නැතුව යන්න වෙන්නෙ.

    පිළිස්සූ කුකුළගෙ අනික් එක වෙයි වගේ ඊගාවට.

    ReplyDelete
  7. //චන්දරය ඔලුව උස්සල බැලුව. උගෙ ඇස් දෙකේ ඒ වෙලාවෙ කඳුළුත් තිබ්බද කොහෙද.// ඌට හිතෙන්න ඇති අප්පොච්ච මලාට වඩා මං මලානං හොඳයි කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. ///ඌට හිතෙන්න ඇති අප්පොච්ච මලාට වඩා මං මලානං හොඳයි කියල. හැක්..///

      සිරාවට, මුන් වසන නගරෙකවත් නෙමෙයි රටකවත් ඉන්න හොඳ නැහැනේ බං...
      මුන් වගේම තමයි බං අපේ උට්ටලත්, අපේ තාත්ත නැති වෙච්ච වෙලාවේ තොරණ ගහන්න හදන වෙලාවේ පැන්සලකුයි කතුරකුයි හොයා ගන්න බැරි උනා කියලා මුන් ඒ අස්සෙත් මට කින්ඩි දානවා...
      හොම්බට හැටක් අයින්න හිතුනත් යාළුවොනේ කියල මේ චන්දරය වගේම ඉවසා වදාරගෙන හිටියා...

      Delete
    2. ප්‍රසන්න,

      යන ගමං අපි ඔය ගැන කතාවුනා...ඒක තියෙන්නෙ ඊලඟ කොටසෙ...හෙහ්,හෙහ්,

      Delete
    3. ලොක්කා,

      අපෙ අප්පච්චි නැතිවෙච්ච වෙලාවෙ මගෙ යාලුවො ඔය දුර බැහැර ඉඳල එනවනෙ. මම උංව වැඳල පිළිඅරගෙන කෙලින්ම එක්ක යන්නෙ මගෙ කාමරේට. මගෙ කාමරේට එළියෙං දොරක් තිබ්බ.

      ඊට පස්සෙ අල්මාරියෙං බෝතලෙයි කඩල පැකට් එකයි කොකා බෝතලෙයි අසෝක වීදුරුවයි, ගෝල් ලීප් පැකට් එකයි ලයිටරෙයි අරං මගෙ ලියන මේසෙ උඩ තියනව. උං තුන හතරක් දාගෙන තමයිමෘත දේහයට ආචාර කරන්ට යන්නෙ.

      පෙලක් වැඩි වෙච්චි එවුං එහෙම්මම මගෙ ඇඳේ නිදාගෙන ඉඳල වෙරි හිඳුනම මෘත දේහයට ආචාර කිරිල්ල පැත්තක තියල පිට පාරෙන්ම ගියා ආපහු යන්ට..

      ඒ ගැන "අප්පච්චිගේ මළගම" කියල සීරීස් එකක් වෙනම ලියන්ට ඕන... හාද?

      Delete
    4. කමක් නෑ ඒකත් ලියල දාහං. ඒක ඉවරවෙන්න ඉස්සෙල්ල කොහොමත් අපේ මළගමත් වෙයිනෙ.

      Delete
    5. ///අපෙ අප්පච්චි නැතිවෙච්ච වෙලාවෙ මගෙ යාලුවො ඔය දුර බැහැර ඉඳල එනවනෙ. මම උංව වැඳල පිළිඅරගෙන කෙලින්ම එක්ක යන්නෙ මගෙ කාමරේට. මගෙ කාමරේට එළියෙං දොරක් තිබ්බ.///
      ඊයේ ඒ කියන්නේ මාර්තු 29 දවසක තමයි බං අපේ තාත්ත නැති උනේ, දැන් අවුරුදු 13 ක්...
      මම ඒ කාලේ කැම්පස්, උඹ කලා වගේ අපේ උන්ට බොන්නත් දුන්නනම් මේ වෙද්දී අපි හිඟමනේ...
      ඒ දවස් වල අපේ කැම්පස් එකත් වහල තිබුනේ...
      ඉතින් දෙතුන් සීයක් එවුන් අපේ ගෙදර, ඒ අස්සේ අපේ අක්කලට විභාග කාලේ (පේරා) නිසා උන්ගේ බැච් වල එවුන් නම් ඇවිත් යනවා මිසක් පදිංචි වෙලා හිටියේ නැහැ...
      මළගෙදර කටයුතු කරලා ඉවර උනාට පස්සේ තමයි පොඩි හරි ඉසිඹුවක් ලැබුනේ, ඒත් ගමේ උන් සහ තවත් යාළුවො සෙට් එකක් හත් දවස වෙනකල් ගෙදර දොරවල් වහන්න ඉඩ තිබ්බේ නැහැ...

      ///ඒ ගැන "අප්පච්චිගේ මළගම" කියල සීරීස් එකක් වෙනම ලියන්ට ඕන... හාද?///
      ලියමු ලියමු, අපිත් කමෙන්ට් එකක් දෙකක් කාරිය දාන්නම්...

      Delete
  8. ඇයි බං, තව ජනප්‍රිය පිය ගුණ ගීයක් තිබුනා නේ ද ඔය කාලෙම ආපු...

    පි පි පි පි පියා - ජි ජි ජි ජි ජියා
    පියා තුනේ මේරා - ජියා ලේ ලියා

    රඟපෑවෙ පූජා භාත් ඇන්ඩ් සම් බගර් අයි කාන්ට් රිමෙම්බර්

    ඒ කාලෙ මධුරි කියන්නෙ අපේ වන දෙවඟන.. උඹ කිවුවා වගේ ඔය කරීනාලා, ප්‍රියංකලා ඒ කාලෙ මොන්ටිසෝරි යන වයසෙ.. ටොප් එකේ හිටියෙ මධුරි ඇන්ඩ් ශ්‍රීදේවි.. කාජල්ලා, රවීනාලා, මනීෂාලා එහෙමත් පස්සෙ ආවෙ..

    ඒ කාලෙ එකදිගට මධුරිගෙ සුපර් හිට්ස් ෆිල්ම් සෙට් එකක් ආවා.. අවුරුදු දහයක් විතර යනකං, අවුරුද්දට එක ගානෙ වගේ.. තේසාබ් (88), රාම් ලඛන්/ ත්‍රිදේව් (89), දිල් (90), සාජන් (91), බේටා (92), ඛල් නායක් (93), දිල් තෙරා ආෂික් (94), හම් ආප්කේ හේන් කෝන් (95), දිල් තෝ පාගල් හේ (97).. හම්මේ, ඒවා මතක් වෙනකොටත් ඇඟ කිළිපොලා යනවා..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක Prem Diwane, නළුවා විවේක් මුශ්රාන්, අඬන මූණක් තිබ්බේ ..ඉස්සර ආසම සින්දුවක්, අමතකම වෙලා තිබ්බේ. තැන්ක්ස් මතක් කළාට. ඒ ෆිල්ම් එකෙත් මධුරි හිටිය. ඇයි ජුහි චව්ලත් ඒ කාලෙනේ. තාම ලස්සනය්

      Delete
    2. Bura & Mekuwi,

      ෆිල්ම් එක නම් ප්‍රේම් දීවානේ තමයි. ඒකෙ මට පේන විදිහට පූජා භාට් සහ විවේක් මුෂ් රාන් රඟපාල තියෙන්නෙ අවශේෂ චරිත. මේන් රෝල්ස් කරල තියෙන්නෙ ජැකී ෂ් රොෆ් සහ මධුරි ඩික්සිට්

      මේ තියෙන්නෙ සිංදුව

      දැං මධුරි ගැන..

      අප්පා කියල වැඩක් නෑ ඒ කාලෙ..දිල් තෝ පාගල් හේ....පුංචි අපේ හිත්වල මධුරිට ටිකක්වත් කිට්ටු කරල හිටියෙ උඹට මතකද අචලා අලස්? අන්න ඒ අචලා අලස් විතරයි..හෙහ්,හෙහ්,

      Delete
    3. මම බලල තියෙන ගොඩක් හින්දි පිල්ම් වල රඟපාල තියෙන්නේ ඔය නළුවා තමයි.. සම් බගර් අයි කාන්ට් රිමෙම්බර්.. :)))

      Delete
  9. හෙහෙහෙ මෙහෙමත් බෙිබද්දො ටිකක්. තව පුරාජේරැවත් කියවනව.

    ReplyDelete
    Replies
    1. සමරෙ අංකල්
      රහ මෙර පානෙන් තොරයිද හිටං ?

      Delete
    2. සමරසේකර මහත්මා,

      කොල්ලො කාලෙනෙ මහත්මයා ගණං ගන්න එපා. අපි ඊට පස්සෙ හොඳ මිනිස්සු වුනා...හෙහ්,හෙහ්,

      Delete
    3. මෙින ලොකු නස්පැත්තියක් .රටම ගිලගන්නා විනාෂයක්

      Delete
    4. සමරේ ලා දෙන්නෙක් ගේ වෙනස.. හි හි හි..

      Delete
  10. මේ වගේ සෙට් එකක් මල ගෙදරකට තියා නිකං වත් ගෙදරකට වැද්දගන්න හොඳ නෑ. ඔහේ ලංකාවට එනව එහෙම නෙවෙයි රවි අයියෙ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හෙහ්..හෙහ්... ඒ කාලෙ එහෙම තමයි බං..ඒ වගේම තමයි අනික් පැත්තත්.. ආය නෑ බැහැල වැඩ කරන්නෙ...

      එක පාරක් ඔය වලස්මුල්ලටත් එහා කොහෙද දිහාවක අපි ගියා අපේ එකෙක්ගෙ ආච්චිගෙ මළ ගෙදරක...මිනිය වල දාන්ට වල කපල තිබ්බෙ අපෙ යාලුවගෙ ගෙදර උදවියයි උංගෙ තව බාප්ප වෙන පොරකුයි දෙගොල්ලක් උරුම කියන ඉඩමක.

      අන්තිම මොහොතෙ මිනිය උස්සගෙන වල ගාවට ගියාම අනික් පැත්තෙ එවුං කැති පොලු අරං ආවෙ නැද්ද වල දානට දෙනට බෑ කියල.

      ඒ පාර මිනිය ආපහු අරගෙන ඇවිල්ල ගෙදර වත්තෙ වලක් කපල වැලලුව. අපේ ඩෝප් හිඳුන වල කපන්ට ගිහිල්ල. රෑ අටත් පහුවුනා අවසන් කටයුතු ඉවර වෙනකොට.

      ඒකත් තව කතාවක්...හෙහ්,හෙහ්,

      Delete
  11. කිලි කාමරේ ගැන ඇහුවේ අද තමා... කලුවර කාමරයක් නම් ගෙවල් වල තිබුනා කියලා අහලා තියනවා...

    ReplyDelete
    Replies
    1. අරු,

      සාදරයෙන් පිළිගනිමි..වාඩි වෙන්නකො හත් අට පොලකිං...:)

      Delete
  12. බෝතල් මුඩි වල පොට අවුල් යන්න ප්‍රධාන හේතුව වැරදි පැත්තට කරකවිම බවයි මගේ අදහස...
    ඒ වගේම ලංකාවේ හොර හැත්ත කොච්චර හොඳට මුඩි ගහනවද කියල කියන්නේ අර රම් වර්ගයක් තියෙන්නේ Calypso Silver White Rum කියල එකක්...
    මම ඒවා ගත්ත දවස් දෙකකදීම මුඩිය යට කොටසත් එක්ක නිකම්ම වගේ ගැලවිලා අතට ආවා...
    ඇතුළේ තියෙන ඒවා කළවම්ද නැද්ද කියල ඉතින් දෙයියෝ තමයි දන්නේ...

    ReplyDelete
    Replies
    1. හරි පැත්තට කැරකුවත් ගොඩක් බාග බෝතල්වල ඔය පොට යන සීන් එක තියෙනව කියල මට අහුවෙලා තියෙනව.

      Delete
    2. ලොක්කා සහ ප්‍රසන්න,

      එහෙම වැරදි පැත්තට කරකැවෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ..අපේ එවුං උපංදා ඉඳලම බෝතල් කඩල ආය ඕක කොහෙ වරදින්ටද?

      Delete
  13. අයියල බිවුහම මේවගේ විග්‍රර දෙනවනම්, අපි බියුවොත්, මං කියුවෙ කාන්තා පාර්ශවේ බියුවනම් මීට වඩා හරබර විමසීම්, විග්‍රර අහගන්න තිබුනා... හා නැද්ද මං කියන්නෙ...



    මළ ගෙදරදි මෙහෙමනම් දානෙට ගිහාම කොහොම ඇද්ද... චන්දරේ දානෙට එන්න කියුවද...

    ReplyDelete
    Replies
    1. මේ සීන් එකට බයවෙච්ච පාර ඌ හත් දවසෙ, තුං මාසෙ තියා අවුරුද්දෙ දානෙටවත් ගෙදර ගියේ නෑලු.

      Delete
    2. නිර්මාණි,

      /අයියල බිවුහම මේවගේ විග්‍රර දෙනවනම්, අපි බියුවොත්, මං කියුවෙ කාන්තා පාර්ශවේ බියුවනම් මීට වඩා හරබර විමසීම්, විග්‍රර අහගන්න තිබුනා... හා නැද්ද මං කියන්නෙ.../

      අපේ ගෙදර කාන්තා පාර්ශ්වයට දවසක් මම නිකමට වගෙ බ්‍රැන්ඩි පොඩ්ඩක් දීල හපොයි වෙච්චි විනාසෙ....එදයිං එදයි මම නෙවෙයි ඒ මෝඩකම කරන්නෙ...

      ප්‍රසන්න,

      අඩේ මට මතක නෑනෙ මම ඒ විස්තරේ කලින් දවසක කිව්වද කියල..

      මල්ලි මොකෝ කියන්නෙ ? මතකද එහෙම සීන්ස් එකක් ඔහෙටවත්?

      Delete
    3. අයියෙ එහෙනම් ඒ සීන් එකත් අර පස්සෙ දවසක කියන්නම් කියන කතා ගොඩට දාමුද... මොකද කියනනේ... හැබැයි කියන්න ඕනේ...

      Delete
  14. අතින් අතට මාරුව බෝතලය යතී
    කටින් මූඩි හැරුමට වීරියක් ගතී
    ඉතින් මෙදුටු මියගිය අය යළිත් එතී
    මොකෙන් මුන්ට සළකාවිද දන්නෙ නැතී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්තිම බෝතලෙන් පදමට වැදුනාලු...
      යන්නට බැරුව මුන් රෑ එහි රැඳුනාලු...
      කන්නට බැරිකමට මුන් ගේ ඇඟෙ මාලු...
      වන්දරෙ තව දෙකක් ගෙන්වා දුන්නාලු...

      Delete
    2. අහෝ චන්දරේ මිතුරට වෙච්චි දෙයක්
      බොහෝ දුකයි මිතුරන් රැළ දුන්නු දුකක්
      හොහෝ තවත් බෝතල් හිස් කරන කටක්
      සහෝ උඹත් හිටියද මළ ගෙදර රැයක්.....

      ජයවේවා!!!

      Delete
    3. නෙක නෑ-මිතුරු පිරිවර සිටියද බැරුවා...
      සැක නැත දිනෙක අප හැම කැඳවයි මරුවා...
      දුක පහවෙන්ට මධු බෝතල හිස් කෙරුවා...
      එක රෑ මොකද රෑ හත අපි නිදි මැරුවා...

      Delete
    4. පිරි සතුටකින් හැමදා ඉන්නට බැරුවා
      දිරි යක් කොහෙද ළඟ ළඟ එනවිට මරුවා
      පිරි මධු විතක් මරු එනවිට ළං කෙරුවා
      බැරි ද සමාදන් කෙරුමට ඔය මරුවා......

      ජයවේවා!!!

      Delete
    5. මරුවා නොවෙයි ආවත් මරුවගෙ ජොරුවා...
      හරවා යන්ට වෙයි දුමියෝ බොරු බැරුවා...
      පෙරුවා අද උදේ දංකොටු බඩු පෙරුවා...
      පුරවා ෂොට් එකක් දාමුද අපි දරුවා...

      Delete
    6. බූරා සහ දුමී,

      යකෝ බේබද්දෝ දෙන්නෙක් ඇවිල්ල මෙතන කණක් ඇහෙන්ට නෑ නෙව.එකෙක් සරම උස්සං ඇවිල්ල කවියක් කියල යනකොට අනික ඒ පස්සෙං එනව තව කවියක් කියාගෙන.

      යකුනේ මේක අහපියව්...දැං ඉස්සර වගේ බෑ...හයිද?...මේ බ්ලොග් එකට ඊයෙ පෙරේද අර මොකක්ද සම්මානෙකුත් හම්බ වුනා. ඒ හින්ද මෙතනට එනවනං ටිකක් රැස්පොට් එකට හිටපියව් වැදගත් විදිහට...හුහ්...ආව මෙතන බේබදු කවි කියන්ට...

      Delete
    7. බේබදු කවි කිව්වට මොකෝ මුන් එළිසම, එළිවැට එහෙමත් රැකලා..

      Delete
    8. රන්දිකා නෝන අර සම්මානෙට හම්බවෙච්ච තැටියෙන් රොටී පුච්චනව කියන්නෙ ඇත්තද බං.

      Delete
    9. වහගනු මුඛය බේබදු කවි දුක ඇතුවා
      දුක්වෙනු බැරිය හැඬුමට තව තැන් ඇතුවා
      බියවෙනු කුමට රැස්පොට් එක තව ඇතුවා
      දැනගනු මගේ සම්මානෙත් බර ඇතුවා....

      ජයවේවා!!!

      Delete
    10. බේබදු නෙවෙයි අපි හෙන වැදගත් කවියෝ..
      වස්වති අසිරි මල් අපෙ කවි ඇසු බඹු දෙවියෝ..
      අරගන් අතට හොඳ දඬු මුගුරක් දුමියෝ..
      පලනව තට්ටෙ තොගෙ දැනගං ඔටු රවියෝ..

      Delete
    11. කොයියොත් ඊයෙ සුබපැතුවා ලහි ලහියා,
      අයියෝ මගේ සම්මානෙට යන කලයා,
      බයියෝ ඇවිත් බේබදු කවි කියතෙයියා,
      දෙයියෝ බලා තට්ටා දෙක පලතෙයියා,

      Delete
    12. කවියො ලියන මේ වගෙ පදවැල් බලලා
      දෙවියො වඩියි දෙව් ලොව වැඩ මග හැරලා
      රවියො දැන ගණුව සුසුමන් පිට කරලා
      දෙවියො වුණත් සැනසෙනවා කවි අහළා......

      ජයවේවා!!!

      Delete
  15. එහෙම ගැහැව්වම ගැලවිලා වීසි වෙනව කියන්නෙ කෝක් වලින් හදපු වයින් මූඩි නෙවෙයිද බං? ඒකත් ඔය කිව්වට කිසිදාක සාර්තක වෙලා නෑ මම කලාම නම්.

    මගෙ ප්‍රියතම සිංහල ගීතයක් කාල දැම්මට උඹට නොවක් තුති.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      /එහෙම ගැහැව්වම ගැලවිලා වීසි වෙනව කියන්නෙ කෝක් වලින් හදපු වයින් මූඩි නෙවෙයිද බං? /

      යස් ඔබ හරි..ඔය වයින් බෝතල්වල මූඩිය වටේ ලාකඩ වගෙ දේකිං ඩීල් කරල තියෙන්නෙ. පිළිගත් ක්‍රියාපටිපාටිය නොහොත් එක තමයි ඒ ලාකඩ පොඩි පෑන පිහියකිං හූරල දාල පොරොප්ප මූඩිය ඒකටම විශේෂ Corkscrew
      එකකින් අරින එක.(Corkscrew එකට සිංහල වචනෙ ඇවිල්ල කස්කුරුප්පුව)

      එහෙම නැතුව ෂැම්පේන් වගෙ එව්වගෙ ලාකඩ හූරල දාල බෝතලේ ටිකක් හෙල්ලුවොත් ඇතුලෙ ප්‍රෙෂර් එක වැඩිවෙල පොරොප්පෙ විසිවෙනව වෙඩි තිබ්බ වගෙ. එහම සීන් එකක් තියනව උඹට මතකද ටින් ටින් පොතක... Crab with the golden claws

      /මගෙ ප්‍රියතම සිංහල ගීතයක් කාල දැම්මට උඹට නොවක් තුති./

      සමාවෙන සේක්වා...මගෙත් ප්‍රියතම ගීතයක්...අබේගෙ ගීත ගැන හෙට අනිද්දම පෝස්ට් එකක්ම ලියන්න හිතාගෙන ඉන්නව...

      Delete
  16. ඔය කිලි කාමරේ ගැන මං අහල තියෙන්නෙ අර මඩුවන්වෙල වලව්වෙ එහෙම එකක් තියනව කියලා පත්තරේ ගිය ලිපියක...
    ඉතින් ඒක වැදගත් කාරණාවක්...අපිට අදාල නැතත් අර බෝතලයක මූඩිය අරින සංකීර්ණ ක්‍රියාන්විතයත් බොහොම රසවත්....

    ඒ ඔක්කොටම වඩා කමියාගෙ හේතු පාඨය සහ ඒකා අර වැඩ කරන ජනතාවට කරන අසාධාරණය ප්‍රසිද්ධ කිරීම වැදගත්...

    අනෙ අප්පේ ඉතින් කෝ මේකෙ වාං පතුල්...

    ReplyDelete
    Replies
    1. Wisiri,

      /ඔය කිලි කාමරේ ගැන මං අහල තියෙන්නෙ අර මඩුවන්වෙල වලව්වෙ එහෙම එකක් තියනව කියලා පත්තරේ ගිය ලිපියක../

      මම කියෙව්වෙ පොතක තිබිල. මට මතක විදිහට උඩරට රාජධානිය ගැන ලියවිච්චි පොතක්...කර්තෘ බොහෝවිට ආචාර්ය ලෝනා දේවරාජා වගෙ මතක...

      /අනෙ අප්පේ ඉතින් කෝ මේකෙ වාං පතුල්.../

      ඉවසන්න...ඉවසන්න....ඉවසන්න මම ඡන්න ඇමතී වෙමී..මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී...

      Delete
  17. ගිය සුමානේ අපෙත් මල ගෙයක් වුනානේ.. වෙලාවට මම උඹලට කිව්වේ නැත්තේ.. හෙහ් හෙහ්.. ඒ වුනාට ඊළඟ එක කියන්නම්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      මම දැක්ක උඹ කොහෙ හරි කියල තියනව 25 වෙනිද ලංකාවෙ හිටියෙ ඒත් සම්මානෙ ගන්ට එන්ට බැරිවුනයි කියල

      Delete
  18. මේ කියන්නේ අමූලික ඇත්තද නැත්නම් බොරු ගෙතිල්ලක් ද? තාත්තා මැරිච්ච එකෙක් ඉස්සරහා බොරු දුක් මූණ දාගෙන, ෆුල් සීරියස් පිට ඉන්න එපෑයෑ වචන දහයෙන් දහයට අරූගෙ පිටට තට්ටු කර කර...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ඇත්තටම ඔහොමයි උනේ...මම කලින් පෝස්ට් එකේ මානවිකාගෙ කමෙන්ට් එකකට දුන්නු උත්තරේ මෙතනත් දාන්නම්.

      /එතන ඇත්තටම උනේ අපිට හිතුන චන්දරය බොරුවක් කරන්නෙ කියල. අනික ඔය අප්පච්චි මාස තුන හතරක් අසාධ්‍ය වෙලා ඇඳේමයි හිටියෙ. එහෙම උනහම දුකක් නෑ කියල මම කියනව එහෙම නෙවෙයි. ඒත් අර එකපාරටම සිද්ද වෙන අකල් මරණ වගෙ නෙවෙයි එහෙම එව්වගෙ හිත හදාගන්ට අවස්ථාවක් තියනව./

      Delete
  19. මරු...

    මුලින්ම කඩන එකා මූඩිය වැරදියට කරකවල චොර කළාම, ඊට පස්සෙ මූඩිය ගලවන්න ට්‍රයි කරන දෙතුන් දෙනෙක්ම චාටර් වෙනවා මූඩිය ගලව ගන්න බැරුව.

    මල ගෙවල් වල තරං ආතල් මගුල් ගෙවල් වලදි සැට් වෙන්නෑ බං..

    ReplyDelete
  20. ඕක සමහරුන්ට ඇහුණය කියන්නේ "පියානෙණී මා නැවක උපන්නොත්" කියලලුනෙ. මම තව කැමති අබේවර්ධන බාලසූරියගෙ සිංදුවක් තියනවා ඩුවට් එකක් වැඩිය ඇහෙන්නේ නැති, 'නොතැවෙන් සූරියකාන්තා'....

    අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ මිත්‍රයෙක්ගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ කාලේ බොන සීන් නෑ. හැබැයි ඉස්කෝලෙන් ආපු සෙට් එකක් මළ ගෙදර පොඩ්ඩක් පිස්සු නටන්න ගත්තා, වතුර ගහගන්නවා, කෑ ගහනවා, දුවනවා, හිනාවෙනවා. ගෙදර මිනිස්සුන්ගේ ඇස් උඩ ගිහින්. මිත්‍රයා අසරණව බලං ඉන්නවා. මම ගිහින් අරුන්ට හයියෙන් දෙකක් කිව්වා. එතැන හිටිය එවුන්ගෙන් වැඩි දෙනෙක් ඊට පස්සෙ කවදාවත් මා එක්ක කතාකලේ නෑ. මට මේක කියෙව්වහම මේ සිද්ධිය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. Thisara,

      /මම තව කැමති අබේවර්ධන බාලසූරියගෙ සිංදුවක් තියනවා ඩුවට් එකක් වැඩිය ඇහෙන්නේ නැති, 'නොතැවෙන් සූරියකාන්තා'..../

      ෂහ් අන්න මමත් කැමතිම සිංදුවක්...නිරංජලා එක්ක කියන්නෙ.

      ඒ ජෝඩුව කියන තව එකක් තියනව මගෙ ආසම..."බමරකු ඇඬුවා..මලක් ලඟදි බමරකු ඇඬුවා..."

      / මට මේක කියෙව්වහම මේ සිද්ධිය මතක් වුණා./

      මෙතන අපි එහෙම පිස්සු කෙලියෙ නෑ මල්ලි..අර චන්දරය පොඩ්ඩක් බයිට් එකට ගත්ත විතරයි. ඒකත් එහෙම කලේ ඌ පොඩි මොත්තයක් දානව කියල අපිට හිතුනු හින්ද. මොනව උනත් අපි රටේ අස්සක් මුල්ලක් නෑර සුප්‍රසිද්ධ ආයතනයක් නියෝජනය කරමින් එතනට ගියේ. නාගත්තනං එහෙම අපේ ආයතනයටයි හොඳ නැත්තෙ.

      Delete
  21. දැන් ඉතින් මළ ගෙවල් වල ගිහින් හිනා නොවී ඉන්නෙ කොහොමද කියන්නකො

    ReplyDelete
    Replies
    1. බින්දි,

      මහ ජංජාලයක්නෙ නෝනෙ ඔය විදිහට....

      දෙයියෝ සාක්කි, මළ ගේක යන්ටම බැරිවෙයිද?

      Delete
  22. රවී,
    මම මේ ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් ලියන පළමු වතාව. මම මේ වැඩේට නවකයෙක් නිසා කතාවේ අග මුල සහ නළුවන් ගැන හරියට දන්නේ නැහැ. ඒ උනාට මමත් ඔය වගේ සීන් දැකලා තිබෙන නිසා හිනා වෙවී බැලුවා. ඔය කියන කරුවල කාමරයක් කොලොන්නේ මඩුවන්වල වලව්වේ තිබෙනවා. එය නම් කර තිබෙන්නේ maternity room කියලයි. සිංහලෙන් තියෙන්නේ 'වැදුම් ගෙය' කියලයි. ඒ කාමරය හොඳටම කරුවලයි.ඒ උනත් ඒකේ කඹයක්නම් දැක්කේ නැහැ. ඔබගේ පුරාවෘතය අනුව ඒ කාමරේ බාල්කයකින් කඹයක් දමා අංග සම්පූර්ණ කිරීමට බලධාරීන්ට යෝජනා කලොත් හොඳ නේද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      සාදරයෙන් පිළිගන්නෙමි නිදහස් සිතුවිලි වියුණුවට..

      /මම මේ වැඩේට නවකයෙක් නිසා කතාවේ අග මුල සහ නළුවන් ගැන හරියට දන්නේ නැහැ/

      මේ වාංපතුල් කතා කියල මම ලියන කතා මාලාවෙ මුල මැද අග කියල එකක් නෑ. මේ මගේ ජීවිතයෙ අවුරුදු පහළවක් සේවය කරපු අර්ධ රාජ්‍ය වාරිමාර්ග හා සම්බන්ධ ආයතනයක රාජකරි කාලයේදි මම කරපු කියපු සහ මට සිද්ධ වුනු දේවල් වල මතක සටහන් එකතුවක්.අර Reader's Digest එකේ තිබ්බෙ Life is like that කියල අන්න ඒ වගේ. එහෙම නැත්නම් මතකද ඒ කාලෙ නවයුගයෙ තිබ්බ "ජීවිතේ මී විතෙන්" සහ "හපන්කම්, මෝඩකම් සහ පුරසාරම්" කියල ලිපි පෙලක්. අන්න එහෙම එව්වය කියලත් කිව්වැහැකි...හෙහ්,හෙහ්,

      /ඔය කියන කරුවල කාමරයක් කොලොන්නේ මඩුවන්වල වලව්වේ තිබෙනවා. එය නම් කර තිබෙන්නේ maternity room කියලයි./

      ඔය මඩුවන්වෙල වලව්වේ කළුවර කාමරය ගැන විසිරි සිහිනත් උඩින් කියල තියනව.මඩුවන්වෙල වලව්ව ගැන ලියවෙච්චි පොතක් මම කාලෙකට ඉස්සෙල්ල කියෙව්වත් ඔහොම කාමරයක් ගැන කියෙව්වයි කියල මතකයක් නෑ...

      Delete
  23. මේක නම් මහම මහ නැහැදිච්ච බේබදු කතාවක් :)
    වෙඩි තියන්නේ ලබන සතියේ ද එතකොට?

    කලින්ම නොබී හිටියනම් බෝතල් කඩන හැටි ගැන ඉගෙන ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ නේ.. අර මළගෙදර වැඩ එක්ක ස්ට්‍රෙස් වෙච්ච මනුස්සය සිය දිවි හානි කරගත්තේ නැති එකම ලොකු දෙයක්!

    ReplyDelete
    Replies
    1. Maanavi,

      /වෙඩි තියන්නේ ලබන සතියේ ද එතකොට?/

      එසේය. ලබන කථාංගයෙන් පසු ඔබට අප සියල්ලන්ට වෙඩි තැබිය හැක...:)

      /කලින්ම නොබී හිටියනම් බෝතල් කඩන හැටි ගැන ඉගෙන ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ නේ./

      සැමියා - "මේ මගේ මේ කලිසමේ බොත්තම අල්ලල දෙන්නකො"

      බිරිඳ - "ඕකනෙ කියන්නෙ. අපි නැත්තං මෙයාල කොහොමද දන්නෙ නෑ කලිසමක්වත් අඳින්නෙ?"

      සැමියා - "ඔය ගොල්ල නැත්තං අපි කොහොමත් කලිසං අඳින්නෙ නෑනෙ."

      /අර මළගෙදර වැඩ එක්ක ස්ට්‍රෙස් වෙච්ච මනුස්සය සිය දිවි හානි කරගත්තේ නැති එකම ලොකු දෙයක්!/

      චන්දරය එතන පොඩි මොත්තයක් දැම්මෙ. අපිට තේරුණා ඒක.. :)

      Delete
  24. ෆයිට් ටික ඊගාව කොටසටද ?මරණ ගෙදර ආතල් ගත්තා වගේ නෙමේ මරණකාරයට තද වෙලා හොල්මන් කරන්න ගත්තොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ෆයිට් නෑ බං... සාමදානෙං වැඩේ කෙළවර වුනා...:)

      Delete
  25. අර මනුස්සයාගෙ ප්‍රාණ කාරයා පාවෙවී කුණුහරප වපුරන්න ඇති බොලාට...
    ජයවේවා..!!

    ReplyDelete
  26. //කරුණෙ අයිය මට කට ඇද කරල ඉඟියක් කලා. ඒකෙං කිව්වෙ මම හිතන්නෙ ඔය ඇති කියල වෙන්ට ඕන// අපේ එවුන් සෙට්ටෙන ගොඩක් තැන්වල ඔය කැරුණේ අයියගේ පාට් එක කරන්න වෙන්නේ මට තමයි..

    මට මේක මැවිලා පේනවා චිත්තරපටියක් බලන්නැහේ.. හෙක්.හෙක්..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...