Friday, September 16, 2011

47. ශ්රී ශුභ මංගලම් - ජනනි සහ යජිත්ගේ කථා වස්තුව - පූර්වයෙහි අකුශල කර්මයෙක් නම් මේ ආත්ම භවයේදීම ගෙවා නිම කල යුතුය යන සනාතන ධර්මය යලිදු සනාථ කිරීම


ඒවං මේ සුතං......මා විසින් මෙසේ අසන ලදී.........

විසිවන සියවස අවසාන භාගයට ලංවන්නා වූ වකවානුවෙහි ලංකාද්වීපයෙහි වයඹ පළාත් බද ප්රත්යාන්ත ප්රදේශයෙක මොකෑලන්තය නමින් දනන් තුඩ තුඩ රැව් දුන්නාවූ ගම් පෙදෙසක, ඉතා සමඟිසම්පන්නව විසූ දම්පතීහු දෙදෙනෙක් හට කුළුදුලේ උපන්නාවූ දියණියකි.

කුළුදුල් දාරක උත්පත්තියෙන් පස්වනක් වූ ප්රීතියෙන් ඔදවැඩී ගිය පිය තෙම, දෛවඥයකු හමු වීමට වහා සපැමිණුනාහු උත්පත්තිය ලද වේලාව පවසා ජන්ම පලාඵල විමසා සිටියාහුය.

දෛවඥ තෙම උපැස් යුවලට ඉහළින් බලා මෙසේ තෙපළේය. "ගරු මහතාණනි...මේ උත්පත්ති හෝරාවෙහි ග්රහ චාරය අනුව ඉඳුරාම පැවසිය හැක්කේ මේ දියණිය අවිනිශ්චිත සහ වික්ෂෝපශීලී මනෝභාවයෙන් යුක්ත වන අතර..............." මෙබස් අසන පියාණන් පොහොර මල්ලකට දමා ඒ මේ අත පොළවේ ගසා නිදහස් කල සස පොව්වකු මෙන් විපිළිසරව උදක් දෑස් දල්වා සිටින අයුරු දුටු දෛවඥ තෙම අවසන මෙලෙස පවසා, හිඳ හුන් අසුනින් ද නැගිට පියා, නික්ම ගියාහුය. "කොටිම්ම මෙච්චරයි...මේ ළමය පිස්සු ලෝකයක්.....ආස්සරේ කරන අයටත් පිස්සු වට්ටල තමයි මෙයා කවද හරි පස්ස බලන්නෙ......ඔන්න දැන් තේරුණාද?, ඒ විතරක් නෙවෙයි කෑම බීම වලටත් හරිම කැමතියි.....කනව බොනව කිව්වොත් ආයෙ කන්ට බොන්ට වත් ඕන නෑ.....කොටින්ම ඔය වෙන උදවිය බණ කතා.....ජාතක කතා වාගෙ ආදර්ශමත් කතා ලියද්දි මේ ළමය ලියන්නෙ කන බොන එව්ව ගැන විතරමයි......මේ ග්රහචාරෙ ඒක පෙන්නුම් කරල තියෙනව බොහොම පැහැදිලිව"

මෙබසින් ඉතාමත් සොවින් බරවූ ඒ අසරණ පියාණන් ද වන්නාටය කුමක් කෙරෙම්ද....මේ වනාහි අප පූර්ව ආත්ම භාවයෙක කොට ඇත්තාවු මහා අකුසල කර්මයෙක් ගෙවීමට නියමව ඇත්තාසේ සිතා, සිත සනසා ගම්හ යයි සිය ඇඹේණියන්ද බණවා පියා, දියණියට ජනනි යයි නම් තැබූ සේක.

ඒ කෙසේද යත් ජනයින් නව කෙලක් වූ සංඛ්යාවෙක් නිබඳවම පිස්සු වට්ටවන්නා වූ හෙයින් ඒ දරු සිඟිත්තිය ජනනි යන නම් ලැබූවාහුය.

අනාවැකිය සඵල කරවීම තම ජීවන අභිලාශය කොටගත් බවක්, කුඩා කල සිටම ප්රදර්ශනය කරනු වස් ජනනි දැරි තෙමේ ඉටා ගත් බවෙක් පහත සිදුවීම් කෙරෙන් මොනවට පැහැදිලි වේ.

කබර ගොයෙකු හට කිඹුලෙක් යයි රැවටී කරන ලද මහා ගාලගෝට්ටිය.

ජනනි දැරියගේ හිසට නෙරළු ඵලයක් පත බෑ වීම.....මේ සිද්ධිය පිළිබඳව පරස්පර විරෝධී විද්වත් මත යුගලයක් ඇතිබව මේ අවස්ථාවේ නොපවසාම නොහැක. ( වැදගත් - දුහුණන් දැනුම් උදෙසා....නෙරළු ඵලය = පොල් ගෙඩිය )

පළමු මතය වන්නේ, නෙරළු ඵලය හිස මත පත බෑවීම කරණ කොටගෙන, ජනනි දැරිය වර්තමානයෙහි ගත කරන අඩක් ආබාධිත මානසික තත්වයට පත්වූ බවය. එහෙත් ඊට ඉඳුරාම පටහැනි දෙවන මතයෙන් කියවෙන්නේ පූර්ණ ආබාධිත තත්වයෙන් මිදී, ජනනි දැරිය අද කල් ගත කරනා අර්ධ ආබාධිත තත්වයට පත් වූයේ එම නෙරළු ඵලය හිසට පත බෑවීමෙන් අනතුරුව බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, වර්තමානයේ ඇගේ තත්වය එලෙසම පවත්වාගැනීමට නම්, අවම වශයෙන් දෙසතියකට වරක් හෝ අඩි පහළවක විස්සක උසින් සිට නෙරළු ඵලයක් ඇගේ හිස මතට පතිත කරවීමට සැළැස්වීම අනිවාර්යයෙන් කළයුතු බවයි.

ඒ පිළිබඳව තිර නිගමනයකට එළඹීම විශේෂඥයින්හට පවරා, අපි ජනනි දැරිය ගේ ඉදිරි දිවිය පිළිබඳව අවධානය යොමු කරමු.

මෑණියන්ගේ බලවත් වෑයම කරණ කොටගෙන, අප කථානායිකා තොමෝ උසස් අධ්යාපනය ලැබූවා, සිදුවිය යුතු සේම පූර්ව ජන්මයෙහි කල මහා අකුශලයක් ගෙවියයුතු වූ පුඟුලෙකු අධිපතීත්වය දරන්නාවූ පෞද්ගලික ආයතනයක රැකියාවක් ද ලබා ගත්තීය.

මෙලෙස රැකියාවෙහි යෙදී සිටිය ද නිබඳ ඇගේ සිත දවනා සිතුවිල්ල වනුයේ කෙලෙසක විවාහවීමට සුදුසු පුරුෂයකු සොයාගනිම්දැයි යන්නයි.

අසන්න මා මිතුරනි....දෛවය කොතරම් විශ්මය ජනක ද යන්න ස්ඵුට කිරීමෙහිලා වෙනත් නිදසුන් කුමටද?......මේ මා පවසන්නට යෙදෙන්න ඊට කදිම උදාහරණයක් නොවන්නේද?

වියයුතු දෙය වියයුතුලෙසම වීම වලකන්නට සමත්වන්නා කවරෙක්ද?......ඒ එසේම තම ඥාති සොහොයුරියකගේ විවාහ මංගළ්යෝත්සවයට අප කථා නායිකාව සහභාගි වූයේ, දෙවන මනාළිය ලෙසිනි.මනාලයාගේ මිතුරකු ලෙස ඊට සහභාගී වීමට යජිත් නම් ඒ අප කථා නායක තෙමට සිදුවූයේ දෛවයේ සරදමක් විනා අන් කවරක් නම් නිසා ද?

මංගල්ය චාරිත්ර අවසන, අප කථා නායිකාව ශාලාව මධ්යයේම අසුනක් අරා, උදක්ම සතර දිසාවෙහි නෙත් යොමා සිටියේ සුදුසු වූ තරුණයකු නෙත ගැටෙනුයේ කවර මොහොතේද යන නොඉවසිල්ලෙනි.

වන්නාටය!!!....අහෝ දුකකි, ඛෙදයකි, එසඳ අප වීර යජිත් තරුණයාගේ රූපකාය අප කථා නායිකාවගේ දෑස ගැටිණි. " අහා.....කොපමණ කඩවසම් තරුණයෙක්ද ඒ.....එසේම ඔහුගේ බුද්ධිමත් පෙනුම......මොහු කෙසේ හෝ මා කෙරෙහි ආසක්ත කරවා ගත යුතුයි...එළයැ...එළයැ......දස දහස් වර එළයැ.....දෙන දෙයියෝ දෙනකොට ඇන ඇනලු දෙන්නෙ හී...හී...." යනුවෙන් තොල මතුරමින් මෙසේ සිතූ ඕ තොමෝ, වහා ඒ ක්රියාත්මක කරනු වස් ඉතිරින්හට නිසගයෙන් උරුම වන්නා වූ මායම් සැට සතරෙක් වේද, තමන් සැට සතරෙක් නොව එක්සිය අට විස්සෙක් වූ මායමකට හිමි කම් කියන බව සිහියට ගත්තාහු වහා ඒ ක්රියාත්මක කළාහුය.

පළමුව කටාක්ෂ නිරීක්ෂණය.....ඉනික්බිති එසඳ තරුණ තෙම මෙදෙස බැලූ කෙණෙහි ඉවතා බලා ගැන්ම....ඔහු කෙරෙහි කිසිදු උනන්දුවෙක් තමා තුල නොමැති බව හැඟවෙන ලෙස හැසිරීම....

වැඩිදුරටත් විස්තර කිරීමට පළමු උදක්මැ පැවසිය යුත්තෙක් ඇත. බොහෝ ඉතිරින් මෙම මායම් පෑමෙන් ඉක්බිති තරුණ තෙම සුභවාදී ප්රපතිචාරයෙක් දැක්වූ කල්හි සිතන්නාහු....." හහ්...හෙතෙම මාගේ මායමෙන් වසඟ විය. ඉතින් ඔහුට නම් නැවත ගැලවුමෙක් නැත " යනුවෙනි.....අහෝ ඒ නම් සාකල්යයෙන්ම අසත්ය වූ සිතුවිල්ලක්මය. සත්ය වශයෙන්ම සිදුවනුයේ ඉතිරින් කෙරෙහි වූ මහත් අනුකම්පාවෙන් මඩනා ලද වූ තරුණ තෙම " අහෝ, මේ ඉතිරිය කෙරෙහි මා මහත්සේ අනුකම්පා කල යුතුමය...නැතහොත් ඒ මාගේ පිරිමි කමටද කැළලෙකි " සිතා ලයෙහි හට ගන්නාවූ මහත් අනුකම්පාවෙන් ඉතිරිය කෙරෙහි ලෙන්ගතු භාවයෙක් පෙන්වීමය.

කම් නැත.....එතැන අදාල වූ මංගල්යෝත්සව ශාලාවෙහි සිදුවූයේ කිමෙක්ද, සත්ය වශයෙන් කිව හැක්කේ අප වීර යජිතයානන්ට පමණි. ඔහු සත්යය හෙළිකරන්නට ඉදිරිපත් වන්නේද යන්න ඉඳුරාම ඔහුගේ කැමැත්ත මත රඳා පවතී. එසේ හෙයින් අප මෙම කථාවේ ඉදිරි ජවනිකා දෙස යොමුවීම මැනවයි හඟිමි.

අහෝ...ඉතිරියක් යම් අදිටනක් සිත්හි දරාගත් කල්හි, ඒ ඉටුකොට ගැනීම් වස් කුමන හෝ අදමිටු පියවරෙක් ගැනීම නොපැකිලෙන බව පෙර පඬිවරුහු පැවසූයේ මුඛයේ යම් ව්යාධියක් කරණ කොට ගෙන නොවේමය.

මාරක සකරබරග නම්වූ ඒ උගත් පඬිවර තෙමේ, සකල ලෝ වැස්සන් කෙරෙහි පතලා වූ මහත් කරුණාවෙන් උතුරන හදින් යුක්තව සමාජ සම්බන්ධතා ජාලයක් ලෙස නිමැවූ වක්ත්ර පුස්තකය මේ අදමිටු ඉතිරිය තම කූට අරමුණු ඉටුකරගැනීමෙහිලා මෙවලමක් ලෙස යොදා ගත්තීය.

වන්නාටය!!!....සිදුවූ දෙය සිදුවී අවසානය...ඒ නැවත වෙනස් කිරීමට ඔබට මට තබා සක් දෙවිඳු පුත් වයිමා හට ද නොහැක්කේමය.

එබැවින් ඒ ගැන වඩි දුරටත් කථා කොට කවර නම් ඵලෙක්ද?.....

අප කථා නායක යජිත් තෙමේ, අසූතුන් කෙළකිනුදු සොය ගත නොහැකි පමණ ගුණ යහපත් තරුණයෙක. ඔහුගේ හදෙහි නිතර පිරී පවත්නා කරුණා ගුණයට නිදසුන් ලෙස එක් කරුණක් පමණක් පැවසීමට අවසර පතමි.

මහමඟ රිය ධාවනයහි පළපුරුදු ඇත්තෝ, රථවාහන පොලීසියේ නිලදරුවන් මහ මඟ රිය වේග සීමා පරීක්ෂා කිරීමෙහි යෙදී සිටියදී, රියදුරන් ඉදිරියට හමුවන අනෙකුත් රියදුරන් හට ඒ දනුම් දීම වස් රියෙහි ප්රධාන ලාම්පු වරක් නිවා සංඥා කරන බව දන්නෝය. ඔබ බොහෝ දෙනෙකු එසේ කොට ඇති බව ද මට කිසිදු සැකයෙක් නැත. එහෙත් ඔබ එසේ කරනුයේ ඔබ යන ගමන යන අතර මිස ඒ නතර කොට නොවේ......එසේ නොවේද?

අහෝ සහෘදයනි....මා විශ්වාස කල මැනව,

අප මිත්රය යජිතයෝ මෙවන් විටෙක තමා යන ගමන කොපමණ වැදගත් වුව ද ඒ පසෙක ලා පියා, පොලිස් නිලධාරීන් රැඳී සිටින ස්ථානයේ සිට කිලෝ මීටර පහක් පමණ මාර්ගය දෙපසටම වරින් වර ගමන් කරමින්, තම රියෙහි ලාම්පු දල්වමින් අනෙකුත් රියදුරන් හට අනතුරු හැඟවීම තම පරම යුතුකමෙකැයි සළකන්නා සේම, එසේ කිරීමට කිසිම විටෙක නොපැකිලෙන්නාහුය.

අවසන මෙම සත් ගුණවත් පරාර්ථකාමී ක්රියාව අවබෝධ කොට ගන්නා පොලිස් නිලධාරීහු, ඔහු රිය නතර කොට දැඩිලෙස අවවාද කල පසුවය ඔහු එතැනින් නික්මෙනුයේ. ඒ ද අනුනට පිහිට වීමෙහිලා ලැබුණු අවස්ථාවට බාධා කිරීම පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ දෙමව්පියන්ගේ ගුණ ගායනයේ යෙදෙමිනි.

ජනනි සහ යජිත් පිළිබඳව මවිසින් කල මේ කෙටි විවරණයෙන්, ඔවුන් දෙදෙන කොපමණ එකිනෙකා හා ගැලපෙන යුවලක් දැයි ඔබ සැම වටහා ගත් බවට මට කිසිදු සැකයෙක් ඉඳුරාම නැත්තේමය.

ජනනි සහ යජිත්............මගේ සොයුරිය සහ සොයුර......ඔබට සුබ මංගලම්...........

A successful marriage requires falling in love every day, with the same person. ~ Germaine Greer

Only If you have time to fall in love, with all those crazy things you are planning to do together......heh, heh,

32 comments:

  1. ශ්‍රී සුභ මංගලම්!

    ReplyDelete
  2. හපොයි කතාවෙන් බාගයක්ම නොතේරිනි. යාන්තම් හෝ තේරුනේ අපේ ජනුට බාගෙට මොලේ හොඳ නැති බවත්, යජිත් ඉතා හොඳ බවත්ය. මේ අප දන්නා කරුනුය. ඒත් මෙසේ වනන්නට ගියායින් සිදුවුයේ අපේ මොලගෙඩිද බාගෙට කොලොප්පම් වීමය.

    එහෙත් කවිකාර ගොය්යාගේ බාරදූර කතාවෙන් එකඟ විය හැකි එකම කරුන වන්නේ

    //ජනනි සහ යජිත්............මගේ සොයුරිය සහ සොයුර......ඔබට සුබ මංගලම්...........//

    යන්න පමනකි.

    //A successful marriage requires falling in love every day, with the same person. ~ Germaine Greer//

    මෙය වලව්වෙන් සොරකම් කරන ලද්දකි. ඒත් ජනනිට නිසා කමක් නැත.

    හපොයි අහිංසක යජිත්ට සිදුවු විපතක මහත...!!!

    ජනනි දෑවැද්දට ගෙන ගිහින් ඇත්තේ මොලේ අමාරුකාරයන් පිරිසකි…….:D:D:D:D:D:D

    ReplyDelete
  3. හහ් හහ්!! සුභ මංගලම්!!!!

    ReplyDelete
  4. අර කියන්න වගේ පැයක විතර බනක්නේ. හා ඉතින් කමක් නැහැ සුබ මංගල්ලයක් වේවා ....අහසේ පොලවේ වතුරේ හිටියත් කර්මය පලදෙනවලුනේ . රවී වගේ එක්කෙනෙක් අපේ මන්ගල්ලෙන් පස්සේ බනිලගේ තාත්තට කියනව මං අහගෙන .

    ReplyDelete
  5. කවුරු ගැනද පොඩ්ඩි අක්කෙ මේ රවී අයිය ලියල තියෙන්නෙ???

    ReplyDelete
  6. අහෝ දුකකි!! මහා ඛේදයකි! අහෝ මෙපවත් අසා..මා මෙතුවක් කල් දැනසිටි ජනනි තෙමෝ සිය මුවින් බැන වදාරා අවසන් කල මහා ප්‍රේම ජාතකය පුස්සක් බව පසක් විය! සත්්‍යය වූ කලී ඊට ඉඳුරාම වෙනස් බව පසක් විය!

    ReplyDelete
  7. අර බාගෙට මඥ්ඥං කාතවනම් මටත් ඒ දවස් වලම හිතුනා... දැන් ඉතිං කරන්න දෙයක් නෑ...

    අක්කටයි අයියටයි දෙන්නටම සුභපතනවා මිසක්...!

    ReplyDelete
  8. ඉස්සර සිංහල සාහිත්‍ය පොතේ පාඩම අන්තිමට තියෙනවා වගේ අමාරු වචනවල තේරුම් දාන්න පුලුවන්ද? බර වචන ගොඩායිනෙ...
    මාර ලස්සනට ලියලා තියෙනවා. උපරිමයි.
    ඔන්න ආයිමත් සුභ මංගලම් කියනවා...!

    ReplyDelete
  9. ඔන්න මගේ ගානෙත් සුභ මංගලම්!!!!

    ReplyDelete
  10. හියැහ් පූහ්... පික්ෂු හැදෙනවා බං රවි අයියෙ.. :D

    ReplyDelete
  11. නිකං බලා හිටිය වගේනේ කියල තියෙන්නේ උපන්දා සිට විස්තරේ!
    මේ කතාව මේකේ ම දාපු එකෙන් චෙන්නේ දැන් ජනනි ට මේ සුභ පැතුම්වලටත් උත්තර බඳින්න වෙන එකයි. (අර පොඩිකුමී ගේ එකේ උත්තර බඳින කටයුතුත් තාම ඉවර නෑ!)

    ReplyDelete
  12. අපේ අප්පේ මං එත් බැලුවා කවුදෑ මේ ජනනි කියලා. අපේ කිංකිණි අක්කා නොවැ. ඕන් රවී මාමණ්ඩියේ අපිත් සුභ පැතුවයැ කියඤ්ඤ.

    ReplyDelete
  13. බුදු අප්පොච්චියේ මේක කියෝලා තේරුං ගන්ට ගිය වෙලාවක්! මයෙ ජීවිතේට හෙමිංම කියවාපු ලියැවිල්ලද කොහෙද. අර මාරක සකරබරග උන්දැව අඳුනගන්ට ඒ ඡේදේ තුන් හතර පාරක්ම කියවන්ට උනා නෙව. එයිටත් හපං අර නෙරළු ගෙඩියෙ කතාව. මුල හිටංම මොළේ කොළොප්පං වෙලා මැද හරියෙදී ඔය වචනෙ අහු වෙද්දි කියවුනේම වෙරළු ගෙඩියක් කියලා නෙව. වරහං ඇතුලෙ තිබ්බ එකවත් ඔළුවට ගියෙ නෑ. ටිකක් දුර යද්දි මොකද්දෝ අවුලක් වෙලා බව දැනිලා ආපහු රිව(ර්)ස් කරං ඇවිදිං කියවලා තමා තේරුං ගත්තේ ඔන්න. අර 'වන්නාටය' කියන වචනේ තේරුම මොකද්ද හැබෑටම?

    අර අන්තිම සුභ පැතීමනම් හරිම ලස්සනයි රවි අයියේ. ඒකට ඔන්න අපිත් එකතු වෙනවා: ජනනි සහ යජිත්............අපේ ආදරණීය සොයුරිය සහ සොයුර......ඔබට සුබ මංගලම්...........

    ReplyDelete
  14. අප්පේ...තේරුම් ගන්න මහ වෙලාවක් ගියා නොව.

    අක්කාටයි, අයියාටයි සුභ මංගලම්...

    ReplyDelete
  15. මෙලෝ හසරක් තේරුනේ නෑ, යාන්තං තේරුනා මොක්කුන්ද දෙන්නෙක් හිරේ වැටිලය කියල. ආයෙ පාරක් කියෙව්වම නෙව තේරුනේ වැඩේ.

    සන්තෝසෙ බැරුවා, අනේ අපි අපි කවුරුත් වැටිච්ච අමාරුවෙ තව තව එවුන් වැටෙන කොට. මුන් දෙපලට යහමින් පිට්‍ටු ලැබේවා කියා ආසිරි පතමි. තවද ඉඳ හිටක එකිනෙකා කා කොටා ගැනීමේ වාසනාවද උදා වේවා !

    ReplyDelete
  16. අනේ අප්පේ... අර කතන්දර අයිය කියන්නැහෙ මට සිද්ධ වෙන්නෙ දැං ඉතිං කොණක ඉඳං ආයෙමත් ඉස්තූති කොරන්ඩ නෙව....
    රවී අයියට කියන්ඩ ආය දිට්ට දම්ම වේදනීය කරුමෙ කියන එක නං පලදුන්න අපි දෙන්නට ආයෙ මදි නොකියන්ඩ....
    නදියො... ඉස්තූතියි
    පොඩ්ඩි අක්කෙ... ඉස්තූතියි... මටත් මේක මේ මායි පෙංබරයයි ගැන කියල තේරුං ගන්ඩ ටික වෙලාවක් ගියා ඕං
    චන්දික හා බින්දිටත් ඉස්තූතියි
    මනේකා ඉතිං මගේ ප්‍රේම පුරාණෙ දන්නව ඉතරක්යැ.. බ්‍රයිස් මේඩ් වෙන්ඩත් ඉන්න එක්කෙනා නෙව...

    ReplyDelete
  17. පිෂ් මලයටත් ඉස්තූතියි...
    මන්තර කාරි, සඳරු මලය,කටන්දර,හා පැටික්කි, මහිම,නිසූපා බොහෝම ඉස්තූතියි බූරයියටත් ඉස්තූතියි...!
    සිත්තමී: අනේද කියන්නෙ මගෙත් ලේ නං පිරිසිදු වුණා සෑහෙන්ඩ මේක කියවල....
    නවං අයියන්ඩිටත් බොහොම ඉස්තූතියි...
    මේක තමා මට හම්බවෙච්ච සිරාම සුබපැතුම

    //සන්තෝසෙ බැරුවා, අනේ අපි අපි කවුරුත් වැටිච්ච අමාරුවෙ තව තව එවුන් වැටෙන කොට. මුන් දෙපලට යහමින් පිට්‍ටු ලැබේවා කියා ආසිරි පතමි. තවද ඉඳ හිටක එකිනෙකා කා කොටා ගැනීමේ වාසනාවද උදා වේවා !//

    ReplyDelete
  18. @ Podi Kumarihami,

    / යාන්තම් හෝ තේරුනේ අපේ ජනුට බාගෙට මොලේ හොඳ නැති බවත්, යජිත් ඉතා හොඳ බවත්ය. මේ අප දන්නා කරුනුය. /

    ජනූ, මා නැඟනිය.....ඇසුණා ද චුල්ල කුමරියගේ බස?..........හොඳින් අසාගනු මැන.....මෙතෙක් කලක් මුළුතැන් ගෙහි අග්නිජාලාවන් මධ්‍යයෙහි කටුක වූ ධූමයෙන් පිඩා විඳිමින් ගුණමකු වූ වංශවතුන් හට රස නහර පිනා යන සේ රසමසවුලෙන් සංග්‍රහ කළ තොපට වලව්වෙන් නිකුත් කල චරිත සහතිකය නම් කීයත් වටනේ නොවේද?...............

    තොප සරණ බන්ධනයෙන් අනතුරුව පවා වලව්වේ සූපවේදිනිය සේ කටයුතු කිරීමට රුචි වන බවෙක් පවසනු ඇසුනු මතක ඇත්තෙමි.....අහෝ තොපගේ මස්තිෂ්කය මුළුතැන්ගෙහි අග්නි රශ්මිය කරණ කොටගෙන තැම්බී ගොස් ඇති සෙයක් දිස් වන බවෙක් පැවසීමට සිදුවී පිළිබඳව මට සමාවන්න.

    කිසිදු නිශ්චිත ප්‍රතිකාරයෙක් මෙතෙකුදු සොයා නොගතහුණු භයානක වූ රෝගයන් ද්විත්වයෙකි. ප්‍රථම රෝගය ඒඩ්ස් වන අතර දෙවන රෝගය මූඪ භාවයයි.

    ReplyDelete
  19. @ Maneka,

    / අහෝ දුකකි!! මහා ඛේදයකි! අහෝ මෙපවත් අසා..මා මෙතුවක් කල් දැනසිටි ජනනි තෙමෝ සිය මුවින් බැන වදාරා අවසන් කල මහා ප්‍රේම ජාතකය පුස්සක් බව පසක් විය! සත්්‍යය වූ කලී ඊට ඉඳුරාම වෙනස් බව පසක් විය! /

    අහා....මහත් වූ ප්‍රීතියකි මනේකාවෙනි, අවසන තොපට නැණැස පහල වීම අපහට බලවත්වූ සතුටට කරුණක් බව එක හෙලාම පැවසීමට නොපැකිලෙමි.

    තොපගේ සුහුරානනියන් වුවද ඒ කරුණෙක් නොවලහාම පවසමි. ජනනිය වනාහී මුඛය විවෘත කරනුයේ අහර අනුභවයට හෝ නො එසේනම් පරම අසත්‍යයක් පැවසීමටම පමණෙකි.

    ReplyDelete
  20. @ මන්තරකාරි,

    අහා.....අප හට තිබූ එක් බලවත් අඩුපහඩුවෙක් පියැවී ගියසේය. මන්තරකාරියකද මෙහි පැමිණ ඇති සෙයකි.විලිබර නොවනු එම්බා මන්තරකාරියනි.....තොපට ගැටළුවෙක් වී ඇත්තේ කුමන වදනක් ද නොවලහා පවසනු මැන, වහා ගැට පද විවරණයෙක් සපයන්නෙමි.

    ReplyDelete
  21. @ Buratheno,

    එම්බා මා හිතවත් බුහුරු මළණුවනි,තොපට යළිදු මානසික ආබාධයෙක් වැළඳීමට කෙසේ වත් ඉඩක් කැලම නොමැති බැව් ඉඳුරාම දනිම්හ.තොපට සිදුවනවා නම් වියහැක්කේ මානසික ආබාධය ද්විගුණ වීමෙක් පමණි

    ReplyDelete
  22. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    / අර 'වන්නාටය' කියන වචනේ තේරුම මොකද්ද හැබෑටම? /

    අහා, සිත්තමියනි.....වන්නාටය යනු යමෙක් සිදුවී අවසන් වූ පසු කමෙක් නැත්තේමය, සිදුවිය යුත්ත ඒ අයුරින්ම සිදුවී අවසානය...යන අරුත ගෙනදෙන පදයෙකි.තොපට උදක් එහි අරුත උදෑසන හිරුඑළිය සේ පැහැදිලි වනු පිණිස නිදසුනෙක් පහත දක්වමි.

    අහෝ, ඛෙදයෙකි, මා වන් තෙදවත්, නැණවත් උගත් පුරුෂයකුහට බිඳවැටී විනාශව යාමට ඉතාමත්ම ආසන්න වූ වලව්වෙක කවිකාර තනතුරෙක සේවය කිරීමට සිදුවූයේ පෙර ආත්ම භාවයෙක සිදු කලාවූ මහත් වූ අකුශල කර්මයෙක් කරණ කොටගෙන බැව් ඉඳුරාම පසක් කල හේ තෙමේ වන්නාටය, කුමක් කෙරෙම්ද?.....කර්මය වනාහී ගල ගා ගෙවා ලිය හැක්කක් නොවේමය. අපම මේ වත්මන් ආත්ම භාවයේදීම කෙලෙසක හෝ මේ ගෙවා නිමකරම්හ යන දැඩිවූ අධිෂ්ඨානයෙන් යුතුව පිල් කඩෙන් පැන නැංගාහු, නීල වර්ණ සාටකය ද දසරුවෙහි පැළඳ මඟට පිළිපන්නාහුය.

    කෙසේද? සිත්තමියනි....තොපට වන්නාටය යන්නෙහි අරුත සක් සුදක්සේ පැහැදිලි වූ බව උදක්ම හඟිමි.

    ReplyDelete
  23. @ නිසුපා,

    ගුණවත් නිසුපාවෙනි......බොහෝ කාල වේලාවක් ගතවී නමුදු තොප වටහා ගත්තේනම් එපමනක් මට සෑහෙන බව එකහෙලාම පවසමි.

    ReplyDelete
  24. @ nawammawatha,

    නවම් මළඬ....උත්සාහය කිසිසේත් අත් නොහරිනු මැන, මා සබඳ,යලි යලිත් කියවා හෝ තොප වටහාගතහොත් මා ශීර්ෂයෙහි පුෂ්පයක් විකසිත වූවාක් මෙන් බව යළි යලිත් නොවලහා පවසමි.

    ReplyDelete
  25. // තොපට සිදුවනවා නම් වියහැක්කේ මානසික ආබාධය ද්විගුණ වීමෙක් පමණි //

    කිමදැ අයියණ්ඩිය, මෙවන් දනා ඇසුරු කරනා කල මානසිකාබාධ ද්විගුණ වීමෙන් නැවතුනහොත් යෙහෙකැ.. ත්‍රිගුණ, චතුෂ්ගුණ වීමෙන් ‍නොනැවත කෙළකෝටියක් ආබාධ අටානූවක් ව්‍යාධි වැළැදීමටද ඉඩ ඇත්තේය..

    // කිසිදු නිශ්චිත ප්‍රතිකාරයෙක් මෙතෙකුදු සොයා නොගතහුණු භයානක වූ රෝගයන් ද්විත්වයෙකි //

    ‍තොපගේ සිහිය විකල් වී ඇති සෙයකි.. රෝගයන් ද්විත්වයක් නොවැ ත්‍රිත්වයකි, ඇයි අයියණ්ඩිය වළවු භීතිකාව හෙවත් හැසින්දෆෝබියාව..

    ReplyDelete
  26. @ Buratheno,

    / කිමදැ අයියණ්ඩිය, මෙවන් දනා ඇසුරු කරනා කල මානසිකාබාධ ද්විගුණ වීමෙන් නැවතුනහොත් යෙහෙකැ.. ත්‍රිගුණ, චතුෂ්ගුණ වීමෙන් ‍නොනැවත කෙළකෝටියක් ආබාධ අටානූවක් ව්‍යාධි වැළැදීමටද ඉඩ ඇත්තේය.. /

    හෙහ්...හෙහ්...මලඬ, තොප පවසනුයේ පට්ඨ වූ සැබෑවෙක්මමය......වහා විවර කල මැන තොපගේ වඩබා මුඛය.......මයියොකු අලයෙක් සමඟින් රා පොළොත්තෙක් වත් කරනු පිණිස........

    මෙවන් වූ දනා ඇසුරු කරනා අපටය මා මළඬ, එක්සිය අට වරෙක් තැලිය යුතු තෙල වියලවා ගත් කිමෙක්දෝ වස්තුවෙන් ......ඒ එසේමය......සැකයෙක් නම් නැත්තේමය.....හෙහ්, හෙහ්,

    / ‍තොපගේ සිහිය විකල් වී ඇති සෙයකි.. රෝගයන් ද්විත්වයක් නොවැ ත්‍රිත්වයකි, ඇයි අයියණ්ඩිය වළවු භීතිකාව හෙවත් හැසින්දෆෝබියාව.. /

    අහෝ......තොපට කෙසේ තුති පුදන්නෙම්දැයි මාහට නොවැටහේ බුහුරාණනි...........ඒ පිළිබඳව තතු මා මතකයෙන් ගිලිහී ගිය සැටියෙකි.අහෝ.....එවන් ගොරතර රෝගයෙක් මෙ මිහිපිට තවත් නොමැත්තේය....මේ බලව.....ඒ සිහිවන විට පවා මා ඌර්ණ රෝම ධාතූන් සලිත වන අයුරු......

    ReplyDelete
  27. ටොයෝට ඇඩ් එකට ගානක් ලැබුනද?

    ReplyDelete
  28. @ Observer

    මනාල යුවලගෙන් තමයි ඉතින් අහන්න ඕන.......

    ReplyDelete
  29. දැන් නේ බොලේ මේක දැක්කේ....

    කව්රු උනාම මොකෝ ඉතින් සුබ මංගල්‍යයක් වේවා! (දැන් ඉතින් අවරුදු ගානක් ගිහින් නේ..... හිකිස්....)

    ඉස්තරම් ලිවීමක්... ඒකයි පරක්කු වෙලා හරි කොමෙන්ටුවක් දාන්න හිතුවේ...

    ReplyDelete
    Replies
    1. ඔය අපෙ ජානුස් ගොයිය සහ අර යජිත් මලය ගැනනෙ බොලේ....ගිහිල්ල කියවල බලාපං එවුන්දැගෙ ලියවිල්ල ..මල් මසුරං..ආය ඇස්සහක්නෑ කටවහක්නෑ....හෙහ්, හෙහ්,

      Thanks so much Upeksha..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...