Friday, March 3, 2017

489. The Assault On Renfro Home - 2 - Operation Cover Up

An Ambulance  At A Crime Scene - Google Images

රෙන්ෆ්‍රෝ නිවසේ ඉදිරි දොරටුව වෙත සන්සුන්ව ගමන්කොට සීනුව නාදකොට මහළු යුවල අවදිකොට තමන් පොලිස් නිලධාරීන් බව හඳුන්වා දී තමන්ට අවශ්‍ය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රෙන්ෆ්‍රෝ යුවලගෙන් ප්‍රශ්ණ කිරීමට සහ ඉක්බිති නිවෙස සෝදිසි කිරීමට පමණක් බව ආචාරශීලීව පහදා දීම වෙනුවට SWAT කණ්ඩායම ක්ෂණිකව ආක්‍රමණය ඇරඹූයේ හොඳින් සම්බන්ධීකරණය කල මෙහෙයුමක් මඟින් එකම වේලාවට ඉදිරිපස සහ පසුපස දොරවල් බිඳ හෙලීමෙනි.

සියල්ල සිදුවී අවසාන වූ පසු පැවති පරීක්ෂණයේදී ඔවුහු දොරවල් බිඳ හෙලීමට පලමු රෙන්ෆ්‍රෝ යුවලට දොර විවර කරන ලෙස කිහිප වරක් දැනුම් දුන් බව පැවසූ නමුදු ඒ අමූලික අසත්‍යයක් බව පැහැදිලිවිය. රෙන්ෆ්‍රෝ යුවල ඒ වනවිට උඩුමහලේ ඔවුන්ගේ නිදන කාමරයෙහි ගැඹුරු නින්දක ගැලී උන්නෝය. ශීතල රාත්‍රියක හිමිදිරි උදයේ තුනේ කණිසමට ජීවිතයේ සත්වන දශකයේ පසුවන මහළු යුවලකගෙන් ඔබට අපේක්ෂා කල හැක්කේ අන් කවරක්ද? ආක්‍රමණය ආරම්භවනතුරු ඔවුහුතම නිවස වටලා ඇති බවට සිහිනයකිනුදු නොදත්තෝය.

අනුයාත තත්පර හැටක කාලය තුල සිදුවූයේ කුමක්ද සහ එම සිදුවීම් පෙළෙහි කාලානුක්‍රමය පිළිබඳ නිරවුල් පැහැදිලි එකඟතාවයකට පැමිණීමට මාස තුනක පමණ කාලයක් ගතවිය.

කෙසේ හෝ මෙහෙයුම වෙනුවෙන් ප්‍රථමයෙන් තම ජීවිතය පූජා කලේ ස්පයික් නමැති දොළොස් හැවිරිදි කහ-දුඹුරු පැහැති ලැබ්‍රඩෝර් වර්ගයේ සුනඛයාය. රෙන්ෆ්‍රෝ නිවසෙහි සුරතල් සුනඛයින් දෙදෙනෙකු වූ බව මම ඔබට මින් පෙර පැවසුවෙමි. ඉන් මුළුතැන්ගෙයි ගෙබිම මත පුරුද්දක් වශයෙන් රාත්‍රියට නිදාගත් ස්පයික්ගේ ශ්‍රවණ මට්ටම අධික වයස්ගතභාවය නිසාම කිසිසේත්ම සතුටුදායක තත්වයක නොවීය. එහෙත් තමන්ට අඩි කිහිපයකට එපිටින්වූ කුස්සියේ දොර මහ හඬක් නඟමින් බිඳ වැටෙනු ඔහුගේ අර්ධ බිහිරි දෙසවනට පවා හොඳින් ඇසිණ.

ස්පයික් විසින් සිදුකරන ලද මාරාන්තික වරද නම් වහා නැඟීසිට බිඳ වැටුනු දොර මතින් මුළුතැන්ගෙයට ඇතුළුවූ ආක්‍රමණිකයින් වෙත කඩා පැන මහ හඬින් බිරීමට පටන් ගැනීමයි. එකෙණෙහිම හොඳින් ඉලක්කය ගෙන නිකුත්වූ මිලිමීටර නවයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල උණ්ඩ තුනකින් ස්පයික්ගේ දොළොස් වසරක් මිහිමත ගෙවූ කාලය එසැණින් අවසන්විය.

මේ වනවිට ඉහළ මහලේ ස්පයික්ගේ ස්වාමියාවූ ඩග්ලස් රෙන්ෆ්‍රෝ මහතා පහත මහළෙන් නිකුත්වන භයානක ශබ්ද කරනකොටගෙන නින්දෙන් අවදිවූයේ තම සයනය අසලම වූ කබඩයේ ලාච්චුවක් විවෘත කොට එතුලින් තම ආරක්ෂාව සඳහා මිලදීගෙන තිබූ තුවක්කුව සුරතට ගනිමින් සිටියේය. ඔහු සතුව වසරකට දෙවරක් පාත්තයින් දඩයම උදෙසා යොදා ගන්නා බෝර 12 කාණු දෙකේ තුවක්කුවක්ද වූ නමුදු එය මෙවේලේ වූයේ නිදන කාමරයට යාබද කාමරයේ අල්මාරියක් තුලය.

රෙන්ෆ්‍රෝ නිවෙස ආක්‍රමණය සඳහා පූර්ණ SWAT ඒකකයක් යොදාගැනීම සාධාරණීකරණය කරනු උදෙසා නගරයේ පොලිස් ප්‍රධානියා පසුව පුවත් පත් සාකච්ඡාවකදී එකහෙලාම පැවසූයේ ඩග්ලස් රෙන්ෆ්‍රෝ නවීන ආයුධවලින් සන්නද්ධව සිටිනා බවට ඔවුන්ට ඉතා විශ්වාසදායක තොරතුරු ලැබී තිබුණු බවකි.

නිදන කාමරයෙන් ඉවතට පැමිණ උඩු මහලේ ශාලාවට පිවිසි ඩග්ලස්ට දක්නට ලැබුනේ අඩ අඳුරේ පියගැටපෙ තරණය කරමින් උඩුමහලට පිවිසීමට තැත්කරනා කලු පැහැ ඇඳිමින් සැරසුණු ඡායාවන්වන් රූ සමූහයකි. දෙවරක් වියට්නාම් යුද පෙරමුණෙහි සටන්කොට අත්දැකීම් බහුල කෘතහස්තයකුවූ (Veteran) ඩග්ලස් ක්ෂණිකව පොළව මත දිගාවූයේ තරප්පු පෙළ මතවූ අඳුරු සෙවණැළි ඉලක්කකොට වෙඩි තබන්නට වූයේය.

එසැණෙන් කාලවර්ණ ආක්‍රමණිකයෝද ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූහ. වෙඩි හුවමාරුව ඉතා කෙටි වූ නමුදු ඒ සමඟ මාරාන්තිකද වූයේය. ඩග්ලස්ගේ යටිබාහුවට සහ උරහිසට වෙඩි වැදිණි. කීස්ලර් නම් පොලිස් භටයාගේ ගෙලට වෙඩි වැදුනු අතර ඒ ඩග්ලස් විසින් තබන ලද වෙඩි පහරකිනැයි පසුව චෝදනා කෙරිණි. අන්දමන්දව කෑගසමින් තම සැමියා පසුපස දුව ආ රෙන්ෆ්‍රෝ මහත්මියට තෙවරක් මුහුණට සහ සිව් වරක් පපුවට වෙඩි තබන ලදී. ඇය එම ස්ථානයේදීම ඇද වැටී අවසන් හුස්ම හෙළුවාය. රෙන්ෆ්‍රෝ යුවල සමඟ ඔවුන්ගේ නිදන කාමරයේ වූ ෂ්නවුසර් වර්ගයේ අනෙක් සුරතල් බල්ලාද වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඩග්ලස් රෙන්ෆ්‍රෝ සහ කීස්ලර් වහාම රෝහලට ඇතුල්කරන ලදහ. රෙන්ෆ්‍රෝ මහත්මියගේ මළසිරුර නාගරික මෘතශරීරාගාරයට ගෙන යන ලදී. විශ්මයෙන් විවරවූ දෑසින් යුතු අසල්වැසියෝ රතු සහ නිල් පැහැ භ්‍රමණය වන විදුලි ආලෝකයන් විහිදුවමින් ගිලන් රථ තුවාල කරුවන් රැගෙන රෝහල කරා ඉගිලයනු බලා සිටියේ තම දෑස් අදහා ගත නොහෙන පරිද්දෙනි.

පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය හෝරා කිහිපයක් ගතකොට රෙන්ෆ්‍රෝ නිවසෙහි වූ සියළු සාක්ෂි තමන් භාරයට ගත්හ. ඒ අතර රෙන්ෆ්‍රෝ දෙමහල්ලන්ගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රද විය. තවත් හෝරා දෙකක් ගතවීමටද පෙර එනම් එදින හිරු උදාවට ද පෙරාතුව ඔවුහු රෙන්ෆ්‍රෝ යුවල සතු පරිගණක යන්ත්‍ර කිසිදිනෙක අන්තර්ජාල මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා යොදාගෙන නොමැතිබවට කිසිදු සැකයකින් තොරව ස්ථිර කොට ගත්හ. ඔවුනට ඉතා පැහැදිලිව බරපතල වැරදීමක් වී ඇති බවට කිසිදු සැකයක් නොවූ මුත් වරද පිළිගැනීමක් පිළිබඳව ඔවුහු සිහිනෙනුදු නොසිතුවෝය. තමන්ගේ වරද වසා ගැනීමේ මෙහෙයුම හෙවත් "ඔපරේෂන් කවර් අප්" එසැණින් දියත්විනි.

එහි පළමු පියවර වශයෙන් SWAT ප්‍රහාරක බලකායේ අණදෙන නිලධාරියා රෙන්ෆ්‍රෝ නිවස ඉදිරියේදීම රූපවාහිනී වාර්තාකරුවන් අමතා ප්‍රකාශයක් කරමින් රෙන්ෆ්‍රෝ යුවල මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙහි දීර්ඝ කාලයක සිට නිරතව සිටි බවට ප්‍රබල සාක්ෂි ඔවුන් සතුව පවතින බවත් ඩග්ලස් රෙන්ෆ්‍රෝ නවීන ගිණි අවියකින් වෙඩි තබා රාජකාරියෙහි නිරතව හුන් පොලිස් නිලධාරීන් සාහසික ලෙස ඝාතනය කීරිමට තැත්කල බවත් එකහෙලා පැවසීය.

රෙන්ෆ්‍රෝ මහතා සැත්කම් කිහිපයකට භාජනය කරන ලදී. වෙඩි වැදීමෙන් පුරා පැය හයකට පසු පියවි සිහිය ලැබූ රෙන්ෆ්‍රෝ මහතාට පළමු වරට ඔහුගේ ප්‍රියාදර බිරියගේ අභාවය පිළිබඳව දැනුම් දෙන ලදී. ඒ සමඟම ඔහුගේ නිවසට කඩා වැදුණු ආගන්තුකයින් වනාහී සත්‍යය වශයෙන්ම පොලිස් නිලධාරීන් බවද ඔහුට සැලකෙරිණ.

බොහෝ වේලාවක් හිස දෙපසට සොළවමින් ඔහු හැඟවූයේ තමා ඒ පිළිබඳව කිසිවක්ම දැන නොසිටි බවකි. සත්‍යය වශයෙන්ම ඔහු සිතා සිට ඇත්තේ ඔවුන් ඔහුගේ නිවස ආක්‍රමණය කරන්නට තැත්කරනා ආයුධ සන්නද්ධ අපරාධකරුවන් කණ්ඩායක් බවය.

37 comments:

  1. ලෝකේ කොහේ උනත් තත්වේ ඒකයි එහෙනම්...... අඩුවකට තියෙන්නේ පාපොච්චාරණ පෝලිම විතරයි. හැබෑටම කීදෙනෙක් පෝලිමේ උන්නද?

    ReplyDelete
    Replies
    1. මේ ලිඛිත නම් අනේ අම්ම්ප
      දෙන්න හිතෙනව දෙකක්
      යන යන තැන පංඩිත කතා හල හල යනවා
      හෙට ඉස්කෝලෙ නේද පාඩ්ම කරල ගිහින් නිදාගනිං

      Delete
    2. ලිඛිතා,

      ඇත්ත, ඇත්ත..කොහෙත් එකයි...කොහෙත් එකයි

      Delete
  2. මදැයි ‍කොලා. ඇමරිකාවෙත් ඔහොම වෙනවනං මෙහේ වෙන දේවල් ගැන අමුතුවෙන් කතාකරල වැඩක් නෑනෙ.

    බලන්නෝන මගේ වයිපයි එක පාවිච්චි කරල එහා ගෙදර ඉන්න එකා කුඩු විකුණනවද කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. බොගේ වයි පයි එකනං දැං පාවච්චිකරන්න බැරැම ඇති

      Delete
    2. අවුලක් නෑ. අපි කිරිත් එක්ක වැල්පෙනෙල බොනවනෙ.

      Delete
    3. ප්‍රසන්න,

      /මදැයි ‍කොලා. ඇමරිකාවෙත් ඔහොම වෙනවනං මෙහේ වෙන දේවල් ගැන අමුතුවෙන් කතාකරල වැඩක් නෑනෙ./

      ඇමරිකාවෙයි කියල ලොකු අමුත්තක් නෑ බං..පිස්සු හුටංල මොලේ කොලොප්පං කාරයො කොහෙත් ඉන්නව.

      එකම වෙනස ඇමරිකාවෙ මෙහෙම පොතක් ලිව්වම ඒක රටපුරා ජනප්‍රිය වෙනව. කොහොමද අපේ හමුදාව මෙහෙම මිනීමැරුවයි කියල පොතක් ලිව්වනම් එහෙම මෙහෙ? මෛත්‍රිපාලගෙ ඉඳල නානසාර දක්වා සියලු කෝණංගියො එයි රෙදි සහ සිවුරු කරට අරගෙන..

      Delete
  3. මොක උනත් බල්ලො දෙන්නට වෙඩි තියපු එකනං කැතයි හොඳේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම තැන නොතැන නොබල වෙඩි තියන්ටම එවර් රෙඩි ඉන්න එවුන්ට කියන්නෙ "Trigger happy" කියල. සිංහලෙන් "කොක්ඛ තෘප්තිකර"

      Delete
    2. Would love hear your translation of "cocksure"

      Delete
    3. Pra,

      සැවුල් සහතික කියල කිව්වැකි. නැත්නම් ශිෂ්න සිකුරු වුනත් අවුලක් නෑ...:)

      Delete
  4. වරදක් නොකළ අසරණ රෙන්ෆ්‍රෝ පවුල
    මෙතුවක් වුණු දෙයින් ඇති විය සිත් තැවුල
    බලයක් තියෙන තැන යුක්තිය වෙයි අවුල
    කඳුලක් උණයි වෙනුවෙන් රෙන්ෆ්‍රෝ පවුල.......

    ජයවේවා!!!

    ReplyDelete
  5. අනන්‍යගේ චපාතිය අර යකාටම කා ගන්න කියල ඔන්න ඕක දිගටම ලියාගෙන යමු බලන්න...

    ReplyDelete
  6. //අනන්‍යගේ චපාතිය අර යකාටම කා ගන්න කියල ඔන්න ඕක දිගටම ලියාගෙන යමු බලන්න..// යේස්.. යේස්.. මේක නැගල යනවා..

    ReplyDelete
    Replies
    1. Lokka & Kalyana,

      ඒක කරන්න බෑ බොලව්...මාව වැලිකඩ ගෙනිහිල්ල කූඩු කරයි බුද්ධිමය දේපල පණත යටතෙ. තොපිට තමයි එන්න වෙන්නෙ විසිට් දාගෙන බතුත් බැඳගෙන...

      ආ..අනික කොහොමත් බේරෙන්න නම් වෙන්නෙ නෑ. අපේ ගරු කටයුතු කඳු නෝනා මහත්මිය තමයි ඒ අංසෙ නඩු පයිල් කිරීම් කටයුතු බාරව ඉන්නෙ. ඒ නෝන මහත්තය බෝම වසයි. කිසිම සමාවක් නෑ...


      Delete
  7. මේවගේම කතාවක් තව තියනවා
    මෙන්න මෙතන

    ReplyDelete
  8. රවියෝ එකක් ඉවරකරල හිටපිය

    ReplyDelete
    Replies
    1. එදිරි,

      නෑ..නෑ..මේක මෙතනින් ඉවරයි..නෝ මෝ...:)

      Delete
  9. රවීයියා අපේ හොරා පොලිස්කාරයෝ වගේනේ උනුත් හැසිරිලා තියෙන්නේ.මත්ද්‍රවය ජාවාරම්කාරයෙක්ට වේවා මිනිමරුවෙක්ට වේවා නිතිය ක්‍රියාත්මක කරනවා කියලා පිස්සු බල්ලෝ වගේ කටයුතු කරන්න නිතයනුකුල පොලිසියකට ඉඩක් නැහැ.වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඝාතනය කිරීමේ සිදුවීමේදී නාකොටික් එකටත් ලොකු චෝදනාවක් තියෙනවා එහි පොලිස් පරීක්ෂකවරයෙක් සෘජුවම මේ සිදුවීමට සම්බන්ධ බවට.හැබැයි අපේ සමාජය හැඩ ගැහිලා තියෙන විදියට මේ විදියේ ඝාතන ගැන පොලිසියට හෝ රජයට ලොකු ප්‍රතිරෝධයක් නැගෙන්නේ නැහැ.මොකද මිනිස්සුත් හිතනවා උන් එහෙම හරි මැරෙන එක රටට හොඳයි කියලා.ඒ නිසා පොලිසියටත් අනියම් ආකාරයෙන් ලයිසන් හම්බ වෙනවා අපරාධකරුවෙක් කියන හංවඩුව ගහලා මිනිස්සු මරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. Manoj,

      /මොකද මිනිස්සුත් හිතනවා උන් එහෙම හරි මැරෙන එක රටට හොඳයි කියලා./

      මිනිස්සුන්ට එහෙම හිතෙන්ට අපේ අධිකරණ ක්‍රමය කෙරෙහි තියෙන අවිශ්වාසයත් එක හේතුවක්. කුඩුකාරයො කොච්චර ඇල්ලුවත් උං හිරේදි රජසැප විඳල අන්තිමට එළියට එනවනෙ කියලයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ පිළිගැනීම. ඒක හින්ද ඔහොම හරි මරල දාන එක හොඳයි කියලයි පොදු පිළිගැනීම.

      දැන් අර පිලිපීන් ජනාධිපති ඩුටෙර්ටේ ඩ්‍රග්ස් බෙදාහරින අය , පාවිච්චි කරන අය කිසිම සමාවක් නැතුව මරල දාන එක අරගෙන බලමු. මචං අපිට පිටින් ඉඳල ඒක වැරදිවගේ පෙනුනට පිලිපීනුවො බහුතරයක් ඒ මනුස්සයගෙ වැඩ පිලිවෙල එක හෙලාම අනුමත කරනව. (සමාවෙන්න බහුතරයක් නෙවෙයි. මෙහෙ මම දන්න අඳුරන පිලිපීනුවො බහුතරයක් කියල නිවැරැදි වෙන්න ඕමනයි.)

      උං කියන්නෙ අපේ රටේ ඔය ඩ්‍රග්ස් නිසා ඇතිවෙලා තියන තත්වය දන්නෙ නැති කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුලුවන්. ඒත් ඩුටෙර්ටේගෙ ක්‍රමය ඇරෙන්න මේ උවදුර නැති කරන්න වෙන ක්‍රමයක් නෑ. ඒක තමයි තිත්ත ඇත්ත..

      Delete
  10. ඒකියන්නෙ අදින් මේ කතාව ඉවරයිද.... එතකොට අර කුඩු විකුණපු හාදයාට මොකද උනේ....
    පවු අනේ අසරණ මහළු ජෝඩුව....


    ReplyDelete
    Replies
    1. Nirmani,

      /ඒකියන්නෙ අදින් මේ කතාව ඉවරයිද./

      ඔව් අනේ අදින් ඉවරයි. දිගටම පරිවර්තනය කරන්ට බලාපොරොත්තුවක් නැත.මට ඕන වුනේ ජෝන් ග්‍රීෂම් ගැන නොදන්න අයට ඔහු හඳුන්වාදෙන්න විතරයි.

      /එතකොට අර කුඩු විකුණපු හාදයාට මොකද උනේ..../

      කුඩු විකුණපු හාදයා පොලීසිය පහුවදා අත් අඩංගුවට ගන්නව. හැබැයි මිනිහට මොකක් උනාද කියල පොතේ කියවෙන්නෙ නෑ.

      පොලීසියට වෙච්චි වැරැද්ද වහගන්ට කරන්නෙ ඩග්ලස් රෙන්ෆ්‍රෝට විරුද්ධව නඩු දානව. මත් ද්‍රව්‍ය ගැන නඩු දාන්ට බැරි නිසා නීත්‍යානුකූලව රාජකාරියක යෙදීසිටි පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ අපරාධ නඩුවක් දානව.

      එතකොට පොතේ කතා නායකය (කතා නායකය ඇවිල්ල සෙබස්ටියන් රඩ් කියල නීතිඥයෙක්. එයා තමයි රෝග් ලෝයර්) ආපහු සිවිල් නඩුවක් දානව පොලීසියට සහ නගර සභාවට විරුද්ධව වන්දි ඉල්ලල.කොහොමහරි අන්තිමට රඩ් ෆුල් ෆයිට් එකක් දීල පොලීසිය දාපු නඩුව ඉල්ලා අස්කරවාගෙන සිවිල් නඩුවෙන් ඩග්ලස් රෙන්ෆ්‍රෝට ඩොලර් මිලියන දෙකක වන්දියක් අරන් දෙනව.

      ඩග්ලස් අන්තිමට ගෙදර විකුණල දාල රටින් පිටවෙලා යනව.

      Delete
  11. මේ යන විදිහට මේකත් මාස ගානක් අදි වගේ......

    "The Rough Lawyer" කියලා බයිස්කෝප් එකක් නෑ යකූ....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      /මේ යන විදිහට මේකත් මාස ගානක් අදි වගේ....../

      ආය අහවල් ඇදිල්ලක්ද? අදින් ඉවරයි.

      /"The Rough Lawyer" කියලා බයිස්කෝප් එකක් නෑ යකූ..../

      Rough Lawyer නෙවෙයි බොල Rogue Lawywe

      Delete
  12. අගෙයි ඔබගේ පරිවර්ථන හැකියාව. ජය!

    ReplyDelete
  13. කූට හොරු.
    ජයවේවා..!!

    ReplyDelete
  14. ඉතින් දැන් ඉවරයිද මේක ? ඊ ලඟට මොකක්ද අපිට දෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. //ඊ ලඟට මොකක්ද අපිට දෙන්නේ ?// ඇයි දෙයියනේ මේ මනුස්සය මග නවත්තපු කීයක් කියල තියෙනවද.

      Delete
    2. මම මේ පැත්තේ ආවේ ළඟදී නොවැ හැබැයි මේ වෙනකොට මටත් තේරුම් ගිහින් තියෙන්නේ මෙයා ඊ ළඟ කෑල්ල තමා තවත් රසවත් කිය කියා කියවන්නන් කොච්චර මුලා කරලා තියෙනවද කියලා. හි හී

      Delete
  15. The Rainmaker-one of the best
    The activist-one of the best for teens

    ReplyDelete
  16. එහෙ පොලිසියත් .අපේ පොලිසිය වගේමයි

    ReplyDelete
  17. මේ යකා හොඳ පොතක් නම් ට්‍රාන්ස්ලේට් කරන්නෙ නෑ... කරත් බාගෙට, මේ පේන්නෙ නැද්ද... කොහෙවත් තියෙන කසඩ බයිස්කෝප් මගුල් නම් දායි රස කර කර මාස ගානක්.... හොඳ හිතින් මේකෙ ඉතුරු ටිකත් දානව හොඳයි.....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...