Tuesday, March 7, 2017

490. පුවක් එෂැණිං 26 - බැඳුම්කර වංචා නාඩගමේ නවතම ජවනිකාව…


හිටපු මහ බැංකු අධිපතිතුමාගේ ඡායාරූපයක් අසළ මෙසේ
 සඳහන්ව ඇත. "බැඳුම්කර වංචාව වනාහී එක්සත් ජාතික
පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියකි"

බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහ බැංකුවේ බැඳුම්කර අංශයේ සියළුම වගකිවයුතු නිලධාරීන් පවසා ඇත්තේ වංචාවක් බව දැන දැනත් මෙම අයුතු මිළදී ගැනීමට අනුමැතිය දීමට තමන්ට සිදුවූයේ හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බලකිරිම මත බවයි. මේ අනුව මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා පැහැදිලි මූල්‍ය වංචාවක හා දූෂණයක නියැලී ඇති බව සකසුදක්සේ පැහැදිලිවන බව විචාරකයෝ පවසති.

එහෙත් මේ පිළිබඳව ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ ගරු අගමැතිතුමා පවසා සිටියේ හිටපු මහ බැංකු අධිපතිවරයා මූල්‍ය වංචාවක් කොට ඇතිබව තවමත් පැහැදිලිව ඔප්පුවී නොමැති බවකි. එලෙසම එජාප පාලන සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සාධාරණ වීමට නම් මීට පෙර සිදුවූ සියලු බැඳුම්කර ගණුදෙනු පිළිබඳවද විධිමත් පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය සාධකයක් වන බවද ඔහු අවධාරණය කලේය.

"මහා වංසෙ තුන්වෙනි පරිච්ඡේදෙ සඳහන් වෙනවා මෙහෙම...... පඬු අබ මහ රජ බැඳුම්කර ගනුදෙනුක වඤ්ඡනික කහවණෝපිත..... කියල. ඒකෙන් ඔප්පුවෙනව අපේ පණ්ඩුකාභය රජ්ජුරුවො කාලෙ කහවණු වලින් බැඳුම්කර ගණුදෙනු වංචා සිද්ද වුනාය කියල. පන්ඩුකාබය රජ්ජුරුවන්ගෙ විස්වාසවන්තම අන්තේවාසිකයො දෙන්න, ඒ කිව්වෙ  අර චිත්ත රාජ සහ කාළවේල යන යක්සයින් දෙන්න යොදවල තමයි මේ බැඳුම්කර වංචාව කෙරෙව්වයි කියන්නෙ. ඒත් ඒ දෙන්න මාමයි බෑණයිද කියලනම් පැහැදිලිව කියන්නෙ නෑ. ඒත් දැන් අපිට සාදාරන සැකයක් එනව එවුං දෙන්න එහෙමවත්දෝ කියල. ඉතිං ඒ අතීත ගණුදෙනුවලදි වංචාවක් වුනාද නැද්ද කියල හොයල බලන්නෙ නැතුව අපේ අර්ජුන් මහත්තයට සහ එතුමාගෙ බෑණන්ඩියට චෝදනා කරන එක ඉතාම අසාධාරණයි."

"ඒ හින්ද එජාප විධායක කමිටුව තීරණය කරල තියනව ඒ පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ සිද්ද වෙච්චි බැඳුම්කර ගණුදෙනුවලදි වංචාවක් සිද්ද වුනාද නැද්ද? කියල හොයල බලන්ට අපේ හිරිකොතේ ඉන්න පෙරකදෝරුවො තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන්ට. එයාල මාස හයක් ඇතුලත ඒ ගැන වාර්තාවක් දෙයි. ඊට පස්සෙ අපි සලකල බලමු මේ හැමෝම කෑගහන මහේන්ද්‍රන් මහත්තයට තියෙන චෝදනා ගැන. ..."

"එතකොට අපේ කාලෙ උනාය කියන බැඳුම්කර වංචාව ගැන හොයන්ට දැන් කොමිසමක් පත් කලානෙ. ඒකෙ වාර්තාව ආවම අපි ඒ වාර්තාව සමාලෝචනය කරන්ට බාර දෙනව එජාප විධායක කමිටුවෙන් පත්කල පූර්ණ බලැති බැඳුම්කර අනු කමිටුවකට. ඒ අනුකමිටුවට අපි දෙනව මාස හයක කාලයක්. අවශ්‍යනම් තව මාස තුනක කාලයකුත් ලබාදෙනව. එහෙම අවශ්‍ය තරම් කාලය ලබාදෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි පරිපූර්ණ පාරදෘශ්‍යතාවය සුරකින්ට. වී ජස්ට් වෝන්ට් ටු ගෙට් ටු ද බොටම් ඔෆ් දිස්...."

"එතකොට ඒ අනුකමිටුව රැස්වෙන ශාලාව ෆ්‍රී වයි ෆයි කලාපයක් කරනව. අනුකමිටු සාමාජිකයින්ගෙ ගෙවල් අවට මීටර් පණහක දුර ප්‍රමාණයක් ඇතුලතත් ෆ්‍රී වයි ෆයි කලාපයක් කරනව. අන්න එහෙමයි අපි යුක්තිය සහ සාදාරනත්වය වෙනුවෙන් වැඩ කරන්නෙ. කොහොමහරි ඒ අනු කමිටු වාර්තාව ආවය කියමුකො. ඒකෙ වාර්තාවෙනුත් හිටපු අධිපතිතුමා වැරදි කාරය වෙලා තිබුනොත් අපි එහෙම උනේ කොහොමද කියල හොයන්ට පත් කරනව පාර්ලිමේන්තු අනුකමිටුවක්. අපේ සේනසිංහ ඇමතිතුමා, ආචාර්ය හර්ෂ ඇමතිතුමා, කිරිඇල්ල ඇමතිතුමා එතකොට රවි ඇමතිතුමා වගෙ කට්ටිය අපි බලාපොරොත්තුවෙනව ඒකට පත් කරන්ට. ඊළඟට ඒ අනුකමිටු වාර්තාව විශ්ලේෂණය කරන්ට අපි පත් කරනව කැබිනට් අනුකාරක කමිටුවක්. ..."

"ඒ කැබිනට් අනුකාරක කමිටුවෙ වාර්තාව විච්ඡේදනය කරන්ට අපි බාර දෙනව ගිණුම් කාරක සභාවට. ඒ ගිණුම් කාරක සභාවෙ වාර්තාව ප්‍රභාසංස්ලේෂණය කරන්ට අපි පත් කරනව කෝප්ප කමිටුවක්. ඒ කෝප්ප කමිටුවෙ වාර්තාව උත්ස්වේදනය කරන්ට අන්තිමටම පත් කරනව ද්වි පුද්ගල සර්ව බලධාරී කමිටුවක්. ඒකෙ සාමාජිකයො දෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා. ඒකට අපි කියන්නෙ මාමා-බෑණා කමිටුව නොහොත් අන්කල් නෙවියු කමිටී කියල. අන්න ඒ කමිටුවෙ නිගමනය තමයි අපි අවසාන වශයෙන් පිළිගන්නෙ...අන්න ඒකයි අපි කියන්නෙ අපේ යහපාලනය යටතෙ යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨවෙනව විතරක් නෙවෙයි එහෙම ඉෂ්ඨවෙනව කියල ඇස්පනාපිට පේන්ටත් තියනව...."

“It is not merely of some importance, but of fundamental importance that justice should not only be done, but should be manifestly and undoubtedly seen to be done” - Lord Chief Justice Hewart of United Kingdom Supreme Court 

"During probing into bond scams Justice must be prolonged as far as possible and every avenue of procrastination and dilly dallying must be explored with zealous vigor in ensuring that justice would be delayed: Only then we could be definite that proper dissemination of justice has been carried out" - Ranil Wickramasinghe, Hon. Prime Minister Of Sri Lanka 

28 comments:

  1. අන්නේකයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අන්න එහෙමයි අපි...:)

      Delete
  2. අනේ වාසනාවන්..

    ReplyDelete
    Replies
    1. Ano,

      වාසනා දිනේකි මේක....:)

      Delete
  3. දැන් එලිපිටම ඉන්නේ හොරු සමග හෙලුවෙන් විතරක් නෙමේ අහවල් වැඩෙත් කරමින්.

    ReplyDelete
    Replies
    1. අරුණ,

      මෙච්චර ජරා විදිහට රටේ සල්ලි මංකොල්ල කාල ඊලඟට එව්ව ඇස්පනාපිට එලිවෙලත් ම්මේ පට්ට හොරු රැල කිසි ගානක් නැතුව ටයි කෝට් ගහගෙන ඉන්න හැටි බලපංකො බං..

      අර ජපානෙ එහෙමනම් මේ වෙනකොට සිය පාරක් බඩ කපාගෙන මැරිල...

      Delete
    2. බැදුම්කර සිදුවීමට අදාළ විමර්ෂණ කටයුතු දක්ෂ ලෙස පමාකරන ස්භාවයක් පේනවා. මේක ලංකාවේ නිතිය සම්බන්ධයෙන් උනත් එහෙමයි. නඩුවක් අහන්න කොච්චර කල් යනවද ? නීතියේ නියාමනය හරියට නැති හින්ද, වංගු ආර්ථිකයෙන් සමාජය නඩත්තු වෙන හින්ද, බුදුහාමුදුරුවෝ උනත් කරප්ට් වෙනවා.

      Delete
    3. ජපන්නු බඩ කපාගන්න කොට, අපේ එවුන් ගාන කපාගන්නවා. අන්න ඒකයි වෙනස මචං.

      Delete
    4. ඒ අතින් ජපන්නු පට්ට මෝඩයි බං...
      උන්ව ලංකාවේ දවසක් දෙකක් ට්‍රේනින් කලානම් උන්ගේ මරණ අනුපාතය අඩු කරගන්න තිබුනා...

      අනික ලංකාවේ උන් ජපානේ විදිහට බඩ කපා ගන්න ගියොත් මෙහෙට දේශපාළුවෝ ඉතරක් නෙමේ ජහමනයොත් වෙන කොහේ හරි රටකින් ගෙනත් දාන්න වෙයි...
      අනික හරාකිරි කරන්න ජපන් කිනිසි ගේන එකත් කාටහරි ටෙන්ඩරේ දෙන්න කියල ඒකෙනුත් කොමිස් ගහයි, ඊට පස්සේ ඌටත් වෙන්නේ බඩ කපා ගන්න...
      ඕක මෙහෙට ගැළපෙන්නේ නැහැ මචෝ, සභා සම්මත වෙන්න කලින් ඉල්ලා අස් කරගනින්...

      Delete
  4. රවි මම මේ වොඩ්කා ෂොට් එකක් ගහන ගමන්.
    ජීවිතේ ආතල් බං.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නස්zඩා රෝවියා....

      වොඩ්ක ගහනකොට චියර්ස් කියන්නෙ අන්න එහෙමලු...

      PS - අජිත කේසකම්බලගෙන් තමයි හරිද කියල අහගන්ට වෙන්නෙ...:)

      Delete
    2. හරි හරි - මම ඌ නෙමේ ඒ වුනාට. නා zදරෝවිය තවරිෂ් ඇනෝ කිව්වනම් වඩා හරි.

      Delete
  5. ලක ගොඩගන්න කොයි කවුරුත් වෙහෙසෙනවා
    එක එක ලෙසට නව ක්‍රමයන් මතුවෙනවා
    දුක පමණක්ම ඉතිරිද සැකයක් එනවා
    මොකවත් ලියන්නට මගෙ හිත මැලිවෙනවා.....

    ජයවේවා!!!

    ReplyDelete
  6. අඩේ අප්පා මම මේ හිටපූධිපති ගේ ස්මීප ජායාරූපයක් හරියටම දැක්කේ අදනේ... රවී දන්නවාද ඕනැම මිනිහෙක්ගේ කටේ ස්ව්භාවය හා හැඩය බලාලා ඒ මිනිහගේ චරිත ලක්ෂණ කියන්න පුළුවන්..

    උදාහරණයක් හැටියට යටි තොල පැත්තකින් ඇතුලට පෙරලුන උන් වාචාල පණ්ඩිතයෝ...

    හිටපූධිපති ඇවිල්ලා විහිළුවට බර ජොලි පොරක් බව මෙන්න කැට.. නිකන් බලන්න මෙයාගෙයි ටෙනිසන් කුරේගෙයි කොච්චර සමාන ද කියලා..

    බැදුම්කර මගඩිය ඉතිහාසයේ මහා විහිළුව හැටියට රන් අකුරෙන් ලියවෙනවා ආයේ දෙකක් නෑ... :D

    ReplyDelete
  7. ලෝඩ් හෙවාර්ට් කැලේ නේ අපේ රීලෝඩ් රනිල් දෙන ලීගල් ඉන්ටප්‍රිටේසන් වලට.. දැන් හැමෝටම සක් සුදක් සේ පැහැදිලියි නේ වංචාවක් වෙලා තියෙනවා නං අර අන්තිම කොමිටියෙං ලොවෙත් බේරෙන්න වෙන්නේ නෑ කියල..

    ReplyDelete
  8. චිත්ත රාජ සහ කාළවේල FFCIDයට කැඳවමු පිස්සෙක් වගේ පිස්සෙක් වගේ :D

    ReplyDelete
  9. ඔය බැඳුම්කරේ රනිල්ගෙ ව්‍යපෘතියක් කියල යූඇන්පියෙ ඇතුලෙන් ලීක් වෙලා තියෙන්නෙ. මහ මැතිවරණෙට සල්ලි නැතුව, සල්ලි හොයන ක්‍රම කීපයක් හොයද්දි තමයි බැඳුම්කරේ සෙට්වෙලා තියෙන්නෙ. මේක හරහා මරා ආණ්ඩුව හීන් නූලෙන් සල්ලි ඇද්දත්, කිසිම කෙනෙක් දන්නෙවත් නෑ. ඔක්කොම කිව්වෙ බැසිල් ටෙන්ඩර් මගඩිවලින්, ගෝඨා මිග්වලින් ගසා කනවා කියලා විතරයි. ඉතින් රනිල් මේක හීන් නූලෙන් කරන්න ගියාට වැඩේ චොර වෙලා හත් පොලේ ගාගත්තා. තාමත් සමහර යුඇන්පී බත් ගොට්ටො හිතන් ඉන්නෙ රනිල් මොන ගොන් වැඩ කළත් මිස්ට ක්ලීන් කියලා. උන්ට තේරෙන්නෙ නෑ, රනිල් කියන ගොන් නාම්බට හොරෙන් හොරකමක්වත් කරගන්න බෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ///උන්ට තේරෙන්නෙ නෑ, රනිල් කියන ගොන් නාම්බට හොරෙන් හොරකමක්වත් කරගන්න බෑ කියලා.///

      පව් යකෝ, ඔහොම බනින්න එපා...

      Delete
  10. මිස්ටර් ක්ලීන් ඇත්තටම ක්ලීන් නම් කරන්න තිබ්බේ මේ චෝදනාව ආපු හැටියේ අර්ජුන්ගේ වැඩ නවත්වලා අපක්ෂපාති පරීක්ෂණයක් කරවන්න.එත් මිස්ටර් ක්ලීන් කෙරුවේ තමන්ගේම පක්‍ෂයේ උන් තුන්දෙනෙක් දාලා හදපු වාර්තාවක් අරන් අර්ජුන් නිදොස් කියලා අර්ජුන් වෙනුවෙන් පෙනි ඉන්න එකයි.තමන්ගේ පක්‍ෂයේ ප්‍රශ්න වලට ඔහොම කමිටු දාගත්තට කමක් නැහැ.රටටම වැදගත් ප්‍රශ්න වලට පක්‍ෂ සාමාජිකයෝ ඉන්න කමිටු දැමීමත් වීගඩමක්.

    මේ යහපාලන ආණ්ඩුව කඩා වැටුනොත් කඩා වැටෙන්නේ රනිල්ගේ තියෙන උද්දච්ච වැඩ නිසා.ඒකාබද්දේ උන්ට සටන් පාඨ දෙන්නේ රනිල්ලාම තමයි.අනිත් අතට මට හිතෙන විදියට මේ ගැන රවීගේ වග වීම අඩුයි.මොකද රවී මුදල් ඇමති වුනාට මහා බැංකුව තියෙන්නේ රනිල් යටතේ නිසා.

    ReplyDelete
  11. අරුං රට කාගෙන කාගෙන කාගෙන ගිහිං නවත්තපු තැන ඉඳනං මුං කාගෙන කාගෙන කාගෙන යනවා!

    ReplyDelete
  12. ඔය අනු කමිටුව ට අජිත් P Perera දන්න ඔන හරි

    ReplyDelete
  13. ඔය කොමිසමට සාක්කි දුන්නා කියලා පත්තරවල දාලා තියෙන සාක්ෂි අනුව ඔය නිලධාරීන් කරන්නේ එකෙනෙකාට බෝල් පාස් කරන එක. මහ බැංකුවේ දත්ත වල විශ්වාසනීයත්වය වගේම ආර්ථික කටයුතු ගැන දැන් ඒකාබද්ධ විපක්ෂේ ඉන්න කට්ටිය ආණ්ඩු කරන කොටත් එයාලාගෙම සමහරු කෑ ගහලා තිබුණා. දැන් අලුත්ම කතාව බිලියන 11.75 වෙනුවට බිලියන 10 ගන්න අධිපතිවරයා නියෝග කරා කියන එකනේ. ඒ කියන්නේ අනේ අපි මොනවත් දන්නෙ නෑ, Big boss තමයි කිව්වේ කියලා ලිස්සා යන්නනේ හදන්නේ. අවුල මේකයි, ඔය නිලධාරීන් කියන විදිහට බිලියන 11.75ක්, ඒ කියන්නේ වැඩිපුර ගත්තාම පාඩු වෙන්නෙ නැද්ද? ඒ වගේම PT එකේ ලාභය මහ බැංකුව ලැබුවා කියන පාඩුවට සමාන නොවෙන්නේ ඇයි?

    ReplyDelete
  14. උනුත් කෑවය...
    මුනුත් කනවාය....
    විසදුමක් නැත්තේය......

    ReplyDelete
  15. //ඒ හින්ද එජාප විධායක කමිටුව තීරණය කරල තියනව ඒ පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ සිද්ද වෙච්චි බැඳුම්කර ගණුදෙනුවලදි වංචාවක් සිද්ද වුනාද නැද්ද? කියල හොයල බලන්ට අපේ හිරිකොතේ ඉන්න පෙරකදෝරුවො තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන්ට// මේවට මුකුත් කියන්න යන්නේ නැහැ. බජට් ඉල්ලුවොත් හෙම. :) හේ හේ
    රනිල්ව අල්ලන්න වෙන ආණ්ඩුවක් ගේන්න වෙයි වගේ. ඕකනේ හැමදාම වුනේ.
    ගිය ආණ්ඩුවෙන් හීන් සීරුවේ ඇද්ද එකට වැරැද්දක් කියන්න පුලුවන්ඩ මුනුත් කරන කොට.

    ReplyDelete
  16. රාවණාගෙ කාලෙ වුන ඒවා ගැන නාත දෙයියො කියයි

    ReplyDelete
  17. මේ ලගදි පිකට් එක්ක ගිය සටන් පාටයක් මතක් වෙනෝ
    කාගේද මේ -යහපාලනේ
    අපි ගෙනාපු - යහපලානේ
    අපිට අරියි -යහපලානේ
    කොහේද තියෙන්නේ -යහපලානේ
    රෙද්ද පල්ලේ තියෙයි -යහපලානේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...