Wednesday, September 28, 2011

49. සිව්දෙනෙකු සමඟ ප්රේමයෙන් බැඳුනෙමි....................




අපි හැමෝගෙම ජීවිතවල තියනව එක එක යුග......මම හිතන්නෙ සාමාන්ය එහෙම නැත්නම් දර්ශීය (Typical ) ජීවිතයක් ගත කරපු හැම ගැහැණු ළමයෙක්ම ඒ වගේම පිරිමි ළමයෙක්ම මේ යුග පසු කරල ඇති............

ඔය එක යුගයක් තමයි යොවුන් වියේ එළිපත්තෙ... ඒ කියන්නෙ අවුරුදු දහහතර පාළහ, දාසය වගෙ කාලෙදි වැළඳෙන බටහිර සංගීත පිස්සුව........තාමත් මම මේ කියන දේ ඒ වගේම වෙනවද කියන එක නම මට හරියටම කියන්ට අමාරුයි...ඒත් මම හිතනව ඒ තත්වය තාමත් අපේ යුගයෙන් පස්සෙ වැඩි වෙනසක් වෙලා නැතුව ඇතිය කියල, මොකද සුළු සුළු වෙනස්කම් පරම්පරාවෙන් පරම්පරාවට සිද්ද උනාට අපේ සිතුම් පැතුම් පැහැදිලි වෙනසකට භාජනය වෙන්න සෑහෙන කාලයක් යන නිසා.

හරි.....මම මේ පහුගිය සතියෙ ආපහු මගෙ ඒ යොවුන් කාලෙට ගියා......ගියා නෙවෙයි ඇත්තටම නම් අහම්බෙන් යන්ට සිද්ද උනා කිව්වොත් තමයි හරි....නිමිත්ත උනේ බස් රේඩියෝ එකේ දැක්ක Boney M ගෙ ගීත ප්රචාරය වෙනවයි කියාපු දැන්වීමක්......අහන්ට නම් බැරි උනා කාර්යාල වෙලාව නිසා......

මගේ යොවුන් වියේදී මගේ වීරවරයින් වුනු උදවිය තමයි මේ......වරදවා වටහා ගන්න එපා....... මගේ ලෝකෙ එකම වීරයො කියන එකම නෙවෙයි මම මේ කියන්නෙ..........ගත්කතුවරුන්, විද්යාඥයින්, ක්රීඩකයින්, නළු නිළියන් වගෙ තව බොහෝ දෙනෙක් අතර බටහිර සංගීත ක්ෂේත්රයේ මගේ වීරයින් වීරවරියන් උනේ මෙන්න මෙයාලා.

Abba,
Boney M, Eruption, Brotherhood of Man, Osibisa...............

ඒ කාලෙ ඔය Internet, CD, USB මොකවත් තිබුනෙ නෑ......ගීතයක් අහන්ට තිබුනෙ ක්රම දෙකයි, එල්.පී. තැටියක් මඟින් හෝ කැසට් පටයක් මඟින්,

ඔය කාලෙ අපේ යාළුවො කල්ලියෙ ප්රියතම ගායක කණ්ඩායම ඇබා.....ඊළඟට බොනී එම්,...... ඇබා කණ්ඩායමේ හිටියෙ ස්වීඩන් ජාතික කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි......Agnetha, Bjorn, Benny & Anni-frid කියන මුල් නම් වල මුල් අකුරු හතර එකතු වෙලා තමයි ABBA කියන මගේ කාලයේ යොවුන් වියේ එළිපත්තේ හිටපු බහුතරයක් පිස්සු වැට්ටූ ඒ නම බිහි උනේ.

අපෙ කල්ලියෙ හිටිය කොල්ලො පස් දෙනෙක්,.......අපිට ඒ තරම් දරුණුවට Music උණ තිබුනෙ නම් නෑ.....අපි කලේ ඔය නිවාඩු දවසක කාගෙ හරි ගෙදරකට එකතු වෙල කැසට් එකක් දාගෙන ඔහෙ පණුවො වගෙ දඟලපු එකයි.......

ඔය අතරෙ තමයි Majestic සිනමා ශාලාවට ආවෙ Abba the Movie ෆිල්ම් එක......ඔන්න පිස්සු තිබුනු අයට පිස්සු ඩබල් උනා.....අපි වගෙ ලාවට පිස්සු තිබුණු අයට පිස්සු තද උනා.....මට මතකයි අපිට ඇබා ද මූවී බලන්ට ලැබුණෙ දවස් පහක් හයක් ගියාට පස්සෙ.. ඒත් සෙනඟ තලේ හිරවෙලා නොමැරි බේරුනේ බොහොම අමාරුවෙන්.....

හැබැයි ඊට පස්සෙ නම් මට මතක විදිහට අඩු ගණනෙ හතර පාරක් වත් අපි කට්ටිය බැලුව Abba the Movie.............

ප්රථම ප්රේමය අමතක කල නොහැක කියල කතාවක් තියනවනෙ....ඒ වගේ Abba කෙරෙහි බැඳුනු මගේ ප්රේමය අදටත් එහෙමමයි......යූ ටුබ් එකේ ඩාන්සිං ක්වීන් බලනකොට අදටත් මගෙ රොමෝද්ගමනය වෙනව.......මේ ඇත්තමයි..........

මගේ යොවුන් දිවිය ප්රමෝදයට පත්කල Agnetha, Bjorn, Benny & Anni-frid වෙනුවෙන් උපහාරයක් ලෙස මම අකුරු කල මේ කෙටි සටහන අවසානයේ මෙන්න ඔවුන්ගේ ඉතාමත් ජනප්රිය වූ ගීත හතරක්, පද මාලාවද සමඟ.......

This is my appreciation......... My dears,....... for making a starry eyed sixteen year old see the world in a different way...........for making his life filled with so much pleasure..........you were the best .............for me at least............on that long gone day hidden in mists of time , when I heard you for the first I fell in love irrevocably & irreversibly...............and I am still in love even today..............And finally let me say .............as you said a long...long..... time ago.............So I Say Thank You For The Music.........For Giving it To Me...............

Waterloo

My my, at waterloo napoleon did surrender
Oh yeah, and I have met my destiny in quite a similar way
The history book on the shelf
Is always repeating itself

Waterloo - I was defeated, you won the war
Waterloo - promise to love you for ever more
Waterloo - couldn’t escape if I wanted to
Waterloo - knowing my fate is to be with you
Waterloo - finally facing my waterloo

My my, I tried to hold you back but you were stronger
Oh yeah, and now it seems my only chance is giving up the fight
And how could I ever refuse
I feel like I win when I lose

Waterloo - I was defeated, you won the war
Waterloo - promise to love you for ever more
Waterloo - couldn’t escape if I wanted to
Waterloo - knowing my fate is to be with you

And how could I ever refuse
I feel like I win when I lose

Waterloo - I was defeated, you won the war
Waterloo - promise to love you for ever more
Waterloo - couldn’t escape if I wanted to
Waterloo - knowing my fate is to be with you
Waterloo - finally facing my waterloo

.-------------------------------------------------------

Chiquitita

Chiquitita, tell me what's wrong
You're enchained by your own sorrow
In your eyes there is no hope for tomorrow
How I hate to see you like this
There is no way you can deny it
I can see that you're oh so sad, so quiet

Chiquitita, tell me the truth
I'm a shoulder you can cry on
Your best friend, I'm the one you must rely on
You were always sure of yourself
Now I see you've broken a feather
I hope we can patch it up together

Chiquitita, you and I know
How the heartaches come and they go and the scars they're leaving
You'll be dancing once again and the pain will end
You will have no time for grieving
Chiquitita, you and I cry
But the sun is still in the sky and shining above you
Let me hear you sing once more like you did before
Sing a new song, Chiquitita
Try once more like you did before
Sing a new song, Chiquitita

So the walls came tumbling down
And your love's a blown out candle
All is gone and it seems too hard to handle
Chiquitita, tell me the truth
There is no way you can deny it
I see that you're oh so sad, so quiet

Chiquitita, you and I know
How the heartaches come and they go and the scars they're leaving
You'll be dancing once again and the pain will end
You will have no time for grieving
Chiquitita, you and I cry
But the sun is still in the sky and shining above you
Let me hear you sing once more like you did before
Sing a new song, Chiquitita
Try once more like you did before
Sing a new song, Chiquitita
Try once more like you did before
Sing a new song, Chiquitita

.-------------------------------------------------------

Dancing queen

You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, dig in the dancing queen

Friday night and the lights are low
Looking out for the place to go
Where they play the right music, getting in the swing
You come in to look for a king
Anybody could be that guy
Night is young and the music’s high
With a bit of rock music, everything is fine
You’re in the mood for a dance
And when you get the chance...

You are the dancing queen, young and sweet, only seventeen
Dancing queen, feel the beat from the tambourine
You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, dig in the dancing queen

You’re a teaser, you turn ’em on
Leave them burning and then you’re gone
Looking out for another, anyone will do
You’re in the mood for a dance
And when you get the chance...

You are the dancing queen, young and sweet, only seventeen
Dancing queen, feel the beat from the tambourine
You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, dig in the dancing queen

.-------------------------------------------------------

So I Say Thank you for the music For giving it to me...

I'm nothing special, in fact I'm a bit of a bore
If I tell a joke, you've probably heard it before
But I have a talent, a wonderful thing
'Cause everyone listens when I start to sing
I'm so grateful and proud
All I want is to sing it out loud

So I say
Thank you for the music, the songs I'm singing
Thanks for all the joy they're bringing
Who can live without it, I ask in all honesty
What would life be?
Without a song or a dance what are we?
So I say thank you for the music
For giving it to me

Mother says I was a dancer before I could walk
(M'M)She says I began to sing long before I could talk
And I've often wondered, how did it all start
Who found out that nothing can capture a heart
Like a melody can
Well, whoever it was, I'm a fan

So I say
Thank you for the music, the songs I'm singing
Thanks for all the joy they're bringing
Who can live without it, I ask in all honesty
What would life be?
Without a song or a dance what are we?
So I say thank you for the music
For giving it to me

I've been so lucky, I am the girl with golden hair
I wanna sing it out to everybody
What a joy, what a life, what a chance!

Thank you for the music, the songs I'm singing
Thanks for all the joy they're bringing
Who can live without it, I ask in all honesty
What would life be?
Without a song or a dance what are we?
So I say thank you for the music
For giving it to me

So I Say
Thank you for the music
For giving it to me...

12 comments:

  1. මටනම් ඔය ඉංගිරීසි ගායකයෝ කිසිම කෙනෙක් පොඩි කාලේ දිරවන්නේ නෑ මචං මම ඉස්සර ඇහැවුවේ රේඩියෝව . උදේ ඉඳන්ම රේඩියෝව අහලන එක තමයි මගේ රාජකාරිය

    ඉස්සර යන සින්දු මට කට පාඩම්

    ReplyDelete
  2. ABBA, BoneyM ගේ සින්දු අදටත් අහන්න ලස්සනයි. ඒත් Tribute කියලා එවා විකෘති කරන අය නම් එමටයි, ලඟකදී Abba tribute Bjorn Again කියලා ෂෝ එකක් අපේ නගරයේත් තියෙනවාලු.

    බොහෝම අමාරුවෙන් පරිස්සම් කරන කැසට් එකක පටි පෙරළුනොත්, හෙඩ් එකේ හිරවුනොත් කරන්න වෙන ඔපරේෂන් එකත් පරණ සින්දු තරම්ම රසවත් නේද?

    ලස්සන මතක ඔස්සේ ආපස්සට අරන් ගිය පොස්ට් එකකට බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  3. පොඩි කාලේ ඉදන් මම නම් ආස බටහිර ගායකයා මයිකල් ජැක්සන් තමයි.. ඇබා බොනිඑම් ලගේ සින්දුත් ඇහුවා.. ඒත් ඊට වඩා අදටත් ලං උනේ MJ ගේ සින්දු....

    ReplyDelete
  4. "One of us is crying" සහ "Like a roller in the ocean Move On" මගේ ප්‍රියතම රවී මහත්තයෝ... කියලා වෑඩක් නෑත මියෙන තෙක් ප්‍රේම කරමි...!!!

    ReplyDelete
  5. මම නම් අදටත් ආස ABBAලගෙ සින්දු වලට. Mamma-mia ෆිල්ම් එකෙන් ඒ මතකය තවත් අලුත් උනා.

    ReplyDelete
  6. @ හිස් අහස,

    හෙහ්...හෙහ්.....උඹට දිරවන්නෙම නෑ නේද?......

    ReplyDelete
  7. @ ගල්මල්-Coral

    / ABBA, BoneyM ගේ සින්දු අදටත් අහන්න ලස්සනයි. ඒත් Tribute කියලා එවා විකෘති කරන අය නම් එමටයි, /

    ඒ ගැන නම් කියල වැඩක් නෑ ඩීන්.......

    / බොහෝම අමාරුවෙන් පරිස්සම් කරන කැසට් එකක පටි පෙරළුනොත්, හෙඩ් එකේ හිරවුනොත් කරන්න වෙන ඔපරේෂන් එකත් පරණ සින්දු තරම්ම රසවත් නේද? /

    හෙහ්..හෙහ්...මතක් කරන්න එපා ඩීන්......ඔලුව නරක් වෙන්ඩ නොවරදින ක්‍රමේ....

    / ලස්සන මතක ඔස්සේ ආපස්සට අරන් ගිය පොස්ට් එකකට බොහෝමත්ම ස්තුතියි. /

    ඉමිහිරි මතක ඔස්සේ ආපසු ගිය ගමන මටත් හරිම සුන්දරයි.........ස්තූතියි ඩීන්,

    ReplyDelete
  8. @ Dinesh,

    මෙතන වැඩේ මේකයි දිනේශ්,අපි යොවුන් වියට එළඹෙන අවදියෙදි ජනප්‍රිය වෙලා තියන සංස්කෘතිය තමයි අපි වැළඳ ගන්නෙ,

    කාලයක් ෆ්‍රෑන්ක් සිනාට්‍රා,ජිම් රීව්ස්.....ඊට පස්සෙ එල්විස්....බීට්ල්ස්......

    ඒක තමයි ස්වාභාවය.......ඔබ MJ යුගයේ සාමාජිකයෙක්.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  9. @ තිස්ස දොඩන්ගොඩ,

    හප්පා.....තවත් අපූරුම ගීත දෙකක්......

    ඇත්ත තිස්ස.....මියෙනතෙක් පෙම් කරමි......ඇත්තටම ඇත්ත,

    ReplyDelete
  10. @ පිණිබිඳු,

    අඩේ ඔයාත් එහෙමද?.......Welcome to the club Pini, welcome......heh, heh,

    ReplyDelete
  11. Been going through the older posts here as I'm new to this blog. Delighted to discover fellow Abba fans.
    To add a few more to the list, Andante, Angel eyes, Does your mother know?, Happy New Year, Our last summer,Cassandra......
    Recently, I remembered how the song Cassandra used to puzzle me, and did a little research.
    She's the character from the fascinating tragedy of Troy.

    ReplyDelete
  12. @ s,

    Thanks s,welcome to ABBA fan club heh, heh,

    Yes, you are correct, Cassandra is a daughter of Prium, the King of Troy & Sister of Paris, protagonist of Iliyad. She was a sort of clairvoyant who predicted the downfall of Troy correctly.

    Thanks again s,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...