Saturday, November 26, 2011

67. නොහැඟවූ ආදරය......The Unexpressed Love......9


පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

සත්වන කොටස

අටවන කොටස

" ඔව් මල්ලි මම මල්ලිව හම්බ වෙන්න ඕන කිව්වෙ මගෙ කතාව කියන්ට....මම දන්නෙ නෑ කවුරුවත් මම කරපු දේවල් අනුමත කරයිද කියල. මට එහෙම කාගෙවත් අනුමැතියක් අවශ්යත් නෑ ඇත්තම කිව්වොත්, ''

'' මහත්මා ගාන්ධිගෙ කියමනක් තියනව " Do whatever you have to do; do not worry about consequences " කියල...කලයුතු දේ කරන්න ඉන් වන ප්රතිවිපාක ගැන නොසලකා,.......මේ කතාව බොහෝම තැන්වලට අදාල වෙන්නෙ නෑ. අපිට ඒ විදිහට වැඩ කරන්න බෑ. මම පිළිගන්නව. පනින්ට පෙර සිතා බලනු කියල කතාවකුත් තියනවනෙ. ඒත් හිත හිතා ඉන්නෙ නැතුව පනින්ට වෙන අවස්තාත් ජීවිතේ එනව මල්ලි.වෙන දෙයක් උනාවෙ කියල ක්ෂණික තීරණ ගන්න වෙන අවස්තා එනව. ඒ වෙලාවට වෙන විකල්පයක් නෑ. ''

කතාව නතර කල ගුණේ අයියා වීදුරුවේ ඉතිරි මත්පැන් ස්වල්පය ගිල දමා වඩයක් අතට ගත්තේය.මගේ සංඥාවෙන් පැමිණි වේටර් වරයා සාක්කුවෙන් ගත් පත්තර කැබලි කිහිපයක් මේසය මත තබා නික්ම ගියේය.

'' හෙහ්, හෙහ් ගුණේ අයියෙ...ගාන්ධිගෙ කියමන ඇත්තක් වෙන්න පුළුවන්...ඒත් අමතක කරන්න එපා මෙහෙම කියමනකුත් තියනව.... You have to face the consequences of the decisions you make"

'' හරියට හරි....මම හිතුව මල්ලි ඔය කතාව කියයි කියල.....තවත් කෙනෙක් ඔහොමම මට කිව්ව....හරි මම ඒක මගෙ කතාව කියන කොට කියන්නම්.....''

මොහොතක් නිහඬව සිටි ගුණේ අයියා මෙවර කථා කලේ මගේ දෑස දෙස එක් එක එල්ලේ බලමිනි.

'' මම රමණිගෙයි මගෙයි කතාව මුල ඉඳල කියන්නම්. නැත්නම් මල්ලිට හරියට මේ සිද්ධි එකින් එක සම්බන්ධ වෙන හැටි තේරෙන එකක් නෑ.රමණියි මායි එකට ඉස්කෝලෙ ගියෙ. හතේ පන්තියෙ අපි දෙන්න සම්බන්ධෙ පටන් හත්තෙ.අපේ පවුලෙ ප්රශ්න නිසා මම වැඩිදුර ඉගෙන ගත්තෙ නෑ රස්සාවට ගියා.රමණි සංගීතයට හරි දක්ෂයි....මතකනෙ එදා සිංදු කියපු හැටි....'' අතිතස්මරණය ගුණේ අයියාගේ දෙතොලට මඳ සිනහවක් ගෙන ආවේය.

'' අපේ සම්බන්ධෙ දැනගෙන එයාලගෙ ගෙදරින් විරුද්ධ උනා බොහොම තදින්ම.තනි මතේට බඳිමු කියල රමණි කිව්වට මට ඒකට එකඟ වෙන්න කොහෙත්ම පුළුවන් කමක් තිබුනෙ නෑ. නංගිලගෙ අනාගතය තිබ්බෙ තනිකර මගෙ කරපිට.අන්තිමට බොහොම අමාරුවෙන් උනත් අපි තීරණය කලා වෙන් වෙන්න.රමණි ඊට අවුරුද්දකට විතර පස්සෙ බැන්දයි කියල මට ආරංචි උනත් මම වැඩි විස්තර දැනගෙන හිටියෙ නෑ. අනික මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට, රස්සාව නිසා. ඒ නිසා මාසෙකට සැරයක් දවස් දෙහෙකට විතර ගෙදර ගිහාම දැන ගන්න තොරතුරක් තමයි. ඊට එහා දෙයක් දැනගන්න ලැබෙන්නෙම නෑ ''

මේ වන විට ක්රමයෙන් අවන්හල පිරෙමින් පැවතිණි.ගාලගෝට්ටිය වැඩි වෙමින් පවතුණද ගුණේ අයියා ස්වරය වැඩි නොකල හෙයින් මට මේසය මත වැලමිටි තබා ඔහු දෙසට නැඹුරු වීමට සිදුවිය.

'' ඔය කාලෙම මම බැන්ද ලක්ෂ්මීව.මල්ලිට ලක්ෂ්මී හම්බ උනා නේද?...මට කිව්ව මල්ලි දවල්ට කන්ඩ එහෙමත් දුන්න, ආයෙ ආපහු කදුරුවෙලට ගෙනත් ඇරලුව කියලත් කිව්ව....මල්ලිට බොහොම ස්තූතියි ඒ කරපු දේවල් වලට....''

කිසිවක් නොපවසා සිනාසුණු මම ඒ එතරම් වැදගත් නොවන බව හස්ත මුද්රාවෙන් හැඟවීමි.

'' ලක්ෂ්මී බඳින්ට ඉස්සර මම කිව්ව එයාට රමණි එක්ක තිබුණු එෆෙයාර් එක.එයාගෙත් එහෙම එකක් කලින් තිබිල තියනව. ඔයවගෙ සම්බන්ධ තරුණ කාලෙ නැත්තෙ කාගෙද මල්ලි.......අපි දෙන්නටම ඒක ප්රශ්නයක් උනේ නෑ. ලක්ෂ්මී කියන්නෙ ඇත්තටම හරිම හොඳ කෙල්ලෙක්. ඔලුවක් තියන, ඒ වගේම ඒ ඔලුව පාවිච්චි කරන, යමක් තේරුම් ගන්න පුලුවන්, යමක් තේරුම් කරල දෙන්න පුලුවන්, පොළවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්.''

මේ කතාව පවසන අතර අප මත්පැන් පානය කල අයුරු, මාළු අනුභව කල අයුරු, වඩේ හැපූ අයුරු සහ මම දුම් පානය කල අයුරු පවසා මේ කතාව කියවන ඔබ මත්පැන් විරෝධී ඔබගේ අප්රසාදයට බඳුන් වීමට මගේ කිසිදු කැමැත්තක් නැත.

එසේම මේ කතාවේ මත්පැන් පානය පිළිබඳව මා සඳහන් කරන්නේ කිසිසේත් මත්පැන් පානය ප්රචලිත කිරීමේ අරමුණින් නොව සත්ය වශයෙන්ම ඒ සිදුවූයේ ඒ අයුරින් බැවිණි.

'' රමණිත් බැන්දයි කියල ආරංචි උනත් ඒ කවුරු එක්කද කොහේ කෙනෙක්ද කිසිම හරි හමං විස්තරයක් මට දැනගන්ට ලැබුණෙ නෑ.මම ඒ ගැන වැඩිය හොයන්ට ගියෙත් නෑ.ඒත් මල්ලි දන්නවද මම දන්නෙ නෑ.....ප්රථම ප්රේමය කියන එක එහෙම ලේසියෙන් අමතක කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. අළු යට හැංගිච්ච ගිණි පුපුරු වගෙ පිටට නොපෙනුනාට පපුව ඇතුලෙ උණුහුමට හැංගිලා තියෙනව.''

'' ජීවිතේ ඔහොම හැළහොල්මනක් නැතුව එක සීරුවට ගලා ගියා. අපිට දරු දෙන්නෙක් ලැබුණ ඔය අතරතුරේදි.''

'' ඒත් එක දවසක් මගෙ ජීවිතේ කරකවල අතඇරිය වගෙ වෙනස් උනා මල්ලි. ස්ථානය...කුරුණෑගල බස් නැවතුම්පල.....වේලාව.....මධ්යාහ්නය පසුවී හෝරාවක් පමණ ගෙවුනු මොහොතක.''......කතාව නතර කල ගුණේ අයියා බෝතලයේ අඩියේ ඉතිරිව තිබූ මත්පැන් ස්වල්පයෙන් අඩක් ඔහුගේ වීදුරුවට වත්කොට බෝතලය මට පෑවේය.

'' ඔක්කොම දාගන්න අයිය....මම තව බාගයක් ඕඩර් කරන්නම්.... කතාවත් තාම බාගයක්වත් ඉවර උනේ නෑනෙ.''

මැද මිදුලේ කුළුණකට බරදී ඔහුට භාර මේස දෙස විමසිල්ලෙන් ඇස ගසාගෙන සිටි මහළු වේටර් වරයා මගෙ බැල්ම ඔහු දෑස් ගැටුණු විගස වහා අප වෙත පැමිණියේය.

'' ආයෙත් ඉස්සෙල්ල වගේම... ම්ම්,....සිගරට් එපා.....'' මම ඔහුට දැන්වීමි.

'' සර් කලින් බිල ගෙවනවද ?...නැත්නම්....''

'' දෙකටම බිල ගේන්න.....''

පුරුද්දක් වශයෙන් මත්පැන් පානය අවසන් වී බිල ගෙවනවාට වඩා ඊට ප්රථම බිල ගෙවා ගනුදෙනු අවසන් කිරීමට මම කැමැත්තෙමි.වේටර් වරුන් හිතාමතා වංචා කරන්නේ යැයි මම ඇත්තෙන්ම නොසිතමි. එහෙත් වැරදීම් කා අතිනුත් සිදුවිය හැක.මත්පැන් පානය අවසානයේ බමන ගතින් යුතුව බිල පිළිබඳ වාද කිරීමට සිදුවීම තරම් අප්රසන්න කටයුත්තක් මට තවත් නැත. භාග්යයකට මෙන් මට කිසිදින එසේ කිරීමට සිදුවී නොමැති අතර මත්පැන් පානය කොට සෘජුව සිට ගැනීමට පවා නොහැකිව බිල ගැන වේටර්වරුන් සමඟ වාද කරන්නවුන්ගේ අප්රසන්න දර්ශනය මම ගිණිය නොහැකි තරම් වාරයක් දැක ඇත්තෙමි.

වේටර්වරයා ඇණවුම් කල අඩුමකුඩුම සමඟ ලොකු අකුරින් ලියන ලද බිලද ගෙනා අතර නැඟිට පසුපස සාක්කුවට අත යවා මුදල් පසුම්බිය ඉවතට ගැනීමට තැත්කරන ගුණේ අයියා වැළැක්වූ මම බිල ගෙවා දැමීමි.

'' මම ගෙවන්නම් මල්ලි.....මමනෙ කිව්වෙ ඔයා එක්ක කතා කරන්න ඕනය කියල '' මා බිල ගෙවීම පිළිබඳව ගුණේ අයියා තම විරුද්ධත්වය පළකලේ එලෙසිනි.

'' නෑ අයිය නුවර කියන්නෙ මගෙ ගම. මමයි අයියට සංග්රහ කරන්න ඕන, ඒක අමතක කරල දාන්න...''

'' හරි එහෙනම් රෑ කෑම මගෙ ගානෙ...හරිද? ''

'' හරි, හරි, අයිය ඒක බැරිය මොකක් හරි....මේ මම අහන්නමයි හිටියෙ...අද ආපහු ගෙදර යන්න බැහැ නේද?.........'' කුරුණෑගල සිටද නැවත බසයක පැයකට ද අධික කාලයක් ගමන් කලයුතු දුරක ඔහු විසූ බව මම දැන සිටියෙමි.

'' නෑ මල්ලි මගෙ පරණ යාලුවෙක් ඉන්නව කටුගස්තොට.... මම මිනිහට පණිවිඩයක් දුන්න අද රෑ එනවයි කියල. ඒ කරල හෙට පාන්දරම ගෙදර යනව.''

'' අහ්...ඒක හොඳයි........කටුගස්තොටට නම් මොකක්ද මේ වෙලාවෙ විනාඩි දහයයිනෙ.....''

අලුත් බාගෙ බෝතලය විවෘත කල මම මගේ වීදුරුව පුරවාගෙන බෝතලය ගුණේ අයියා දෙසට තල්ලු කළෙමි.

'' ඉතිං අයියෙ....ස්ථානය...කුරුණෑගල බස් නැවතුම්පල.....වේලාව.....මධ්යාහ්නය පසුවී හෝරාවක් පමණ ගෙවුනු මොහොතක....හරි මොකද එතන ඒ වෙලාවෙ උනේ? ''

'' වෙන මොනව වෙන්නද මල්ලි මගෙ ජීවිතේම වෙනස් උනා.....මම එදා මට මතක විදිහට කෑම්ප් එකේ ඉඳල ගියේ ගෙදර යන්න කියල හිතාගෙන. බස් ස්ටෑන්ඩ් එකට ඇතුළු උනා විතරයි මගෙ ඉස්සරහට ආව ..........'' කතාව නතර කල ඔහු වීදුරුව හිස් කලේය. ඉන්පසු කතාකලේ ටික වේලාවක් නිශ්ශබ්දව මගේ හිසට අඩියක් පමණ ඉහළ ස්ථානයක් දෙස ඇසි පිය නොහෙලා බලා සිටීමෙන් අනතුරුවය.

'' මගෙ ඉස්සරහට ආවෙ රමණි.ඔය මම එයා අපි වෙන්වුනාට පස්සෙ දැක්කමයි. කෙට්ටුවෙලා අඳුනන්නත් බැරි තරමයි. ඇස් දෙකත් මලානික වෙලා. රමණිගෙ ඇස් දෙකට තමයි මම හුඟක්ම ආසා කලේ. එයාගෙ ඇස් කතාවක් කියන ඇස්.....මල්ලිට සමහර විට මම කියනදේ තාම තේරෙන්නෙ නැතිවෙයි. ඔයාල තාම පොඩි කොල්ලො. ඒත් එහෙම ඇස් තියනව මල්ලි.කතාකරන ඇස්, රමණිගෙ තිබ්බෙ එහෙම ඇස් දෙකක්, ඒත් එදා කුරුණෑගලදි මම දැක්ක ඒ ඇස් දෙක ගොළු වුනු ඇස් දෙකක්. ඒ ඇස් කතා කලේ නෑ. ඇඬුවා විතරයි.''

'' එහෙම්මම ගල්ගැහිල වගෙ හිටපු විනාඩියකට දෙකකට පස්සෙ අපි දෙන්නටම පියවි සිහිය ආව.එයාගෙ ඇස් දෙකේ කඳුළු මම දැක්කෙ බොඳ වෙච්ච චිත්රයක් වගේ. ඒ මගේ ඇසුත් කඳුලින් පිරිල තිබුණු නිසා.''

'' මේ කතාව මම මේ කාට හරි කියනවමයි.....හිතේ කවදාවත් නොමැකෙන විදිහට ඒ සිදුවීම ඇඳිල තියෙන එක ඇත්ත. ඒත් තව කාට හරි ඒ සිදුවීම විස්තර කරනව කියන්නෙ ආයෙම ඒ සිදුවීමෙ ජීවත් වෙනව වගේ......''

'' ඊට පස්සෙ එයා අඬන්න ගත්ත. අඬන්න ගත්ත කියනවට වැඩිය මම කැමතියි එයාට ඇඬුනයි කියල කියන්න.''

'' යමු රමණි මෙතන අඬන්න එපා....එන්න අපි යමු කොහාට හරි,...'' අපි ගියේ මගෙ යාළුවෙකුගෙ පොඩි හොටේල් එකකට.දවල්ට කන ගමන් අපි කතා කලා. මම මගේ විස්තර කිව්ව එයා එයාගෙ විස්තර කිව්ව. ඒ වෙනකොට රමණිට විවාහ ජීවිතේ අපායක් වෙලයි තිබුණෙ. ඒ විස්තර ඔක්කොම මා එක්ක කිව්ව. සැරින් සැරේ කඳුළු පිහින ගමන්.

අන්තිමට එයා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මගෙ ඇස් දිහා බලාගෙන මෙහෙම කිව්ව. '' ගුණේ....මට දැන් දිවිනහගන්ට තරම හිතිලයි තියෙන්නෙ.නැත්නම් අනිවාර්යයෙන් මට පිස්සු හැදිලයි නවතින්නෙ,මට වෙන කියන්ට කෙනෙක් නෑ.ඔයා විතරයි මට ඉන්නෙ. මාව කොහෙ හරි එක්ක යන්ට ගුණේ....මම ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි. ''

'' ඒ වෙලාව මල්ලි ක්ෂණික තීරණයක් ගතයුතු අවස්තාවක්.රමණි මෙගේ මුල්ම ආදරය...... ආදරය කියන එක මම ඉගෙන ගත්තෙ රමණිගෙන්. මගේ ජීවිතේ තියන තුරු රමණි මගෙ හිතෙන් මැකිල නොයන බවත් මට ඉර හඳ වගෙ ස්ථිරයි. රමණි එහෙම ආවට ගියාට ඉල්ලීම් කරන ජාතියෙ කෙනෙකුත් නෙවෙයි. මේ වෙලාවෙ ඉස්සරහට මොනව උනත් රමණිගෙ ඉල්ලීම ඉෂ්ඨ කරන්න ඕනය කියල මම ක්ෂණික තීරණයකට ආව.අර මම කලින් කියාපු ගාන්ධිතුමාගෙ කියමන මතකද මල්ලිට? ''

'' ඔව්...Do whatever you have to do without thinking about consequences... '' මම සෙමින් පැවසුවෙමි.

'' අන්න හරි..... මම කිව්ව හරි, රමණි මම ඔයාව එක්ක යන්නම්. මට දවසක් දෙකක් කල්දෙන්න කියල.ඒ වෙලාවෙ එයාගෙ ඇස් දෙකට ආයෙම පණ ආව. ඒ ඇස් මා එක්ක හිනා උනා. අපි හම්බ උනාට පස්සෙම රමණි හිනා උනේ ඒ වෙලාවෙ . ඒ හිනාව ආයෙ පාරක් දකින්න මේ ලෝකෙ ඕනම කැප කිරීමක් කරන්න මම සූදානම් කියල මම දැනගෙන හිටිය.ඒක මම එයාට කිව්ව.''

'' ඔයා ඔහොම හිනාවෙනව දකින්න ඕනම දෙයක් කරන්න මම සූදානම් රමණි. ''

'' මම දන්නව ගුණේ එයා කිව්වෙ එච්චරයි. ''

මතු සම්බන්ධයි.......

24 comments:

  1. මට නිකම් මොකක්දෝ වෙලා වගේ දැන් මේක කියවලා...

    ReplyDelete
  2. හ්ම් ....... මොකෝ අයියා මේ වෙන්නේ. බලමු ඉතිරියත්.

    ReplyDelete
  3. කතාකරන ඇස්..!! හ්හ්ම්..!!

    ReplyDelete
  4. ආදරේ ඉතින් කොහොමත් දුරින් ඉඳන් , කරන දෙයක්නේ. ඉතින් ඇස්වලින් කතාකලාම මොකද? රන්ඩු නොවී ඕනිම පණිවිඩයක් දීගන්ටත් පුලුවන්. :D

    ReplyDelete
  5. @පොකු,

    ෂුවර්ද..??

    // ආදරේ ඉතින් කොහොමත් දුරින් ඉඳන් , කරන දෙයක්නේ //

    අනේ ඇයි ඒ දුරින් ඉඳන් ආදරේ කරන්නේ..!? ලංවුනාම ආදරේ අඩුවෙනවද, නැත්තං වලි වැඩිවෙනවද..!? :p

    // රන්ඩු නොවී ඕනිම පණිවිඩයක් දීගන්ටත් පුලුවන් //

    කොහොමද රණ්ඩු කරන ඇස් දෙකක් වුනොත්..!!?? :D

    ReplyDelete
  6. randu karana as saha guti kana muhunu

    ReplyDelete
  7. @බූරා,

    දුර ඉඳන් කරන ආදරේ කොහොම උනත්, ඇඟට ගුනයි...:D

    @ස,

    ඔයාට සිංහ්ල ෆොන්ට් නැද්ද? :)))

    ReplyDelete
  8. @ Il mondo di una povera pazza

    / මට නිකම් මොකක්දෝ වෙලා වගේ දැන් මේක කියවලා.../

    මොනවද බොල බොට වෙල ඇත්තෙ? ඉවසපං...අත අරින්ඩ එපා.....තව එක කොටසයි ...

    ReplyDelete
  9. @ s,

    / and we wait ......... :( /

    Waiting for Godot?........heh, heh,

    ReplyDelete
  10. @ වත්,

    / හ්ම් ....... මොකෝ අයියා මේ වෙන්නේ. බලමු ඉතිරියත්. /

    වෙන්නෙ නෙවෙයි බං නංගියෙ......වෙලා අහවරයි......හෙහ්, හෙහ්,

    ReplyDelete
  11. @ Buratheno,

    / කතාකරන ඇස්..!! හ්හ්ම්..!! /

    කතාකරන ඇස් දැකල නැත මලේ?.....හෙහ්, හෙහ්, මම නම් ඒ වගෙ ඇස් දැකල විතරක් නෙවෙයි ඒ ඇස් කියන කතා අහං ඉඳලත් තියෙනෝ.....

    කතාකරන දෙනුවන් කියු,
    කතාවක් අසන්නට මම,
    දුර කතර ගෙවා පැමිණියෙමි,
    ඔබ ලඟ නතරව සිටිනෙමි,

    කතාකරන මගෙ දෙනයන,
    ගොළු වී ඇත මගේ සබඳ,
    නැවතත් කෙදිනක ඒ,
    දොඩමළු වේ දැයි නොදනිමි,

    අහල නැද්ද කතාකරන ඇස් ගැන කියන මේ ගීතය?

    ReplyDelete
  12. @ පොඩ්ඩි,

    / ආදරේ ඉතින් කොහොමත් දුරින් ඉඳන් , කරන දෙයක්නේ. /

    හෙහ්, හෙහ්, කතාව නම් ඇත්තම තමයි,

    දුරක සිට පෙම් කරමි,
    ඔබේ වත සිත රැඳුනි,
    නොමැකෙනා සේ සදා,
    ඒ වතට පෙම් කරමි,

    Another advantage of long distance love is as you are in love with a concept you would not be disappointed ever......

    ReplyDelete
  13. Podi K,
    I'm a complete and utter NOOB. This is all I know how to use.

    Ravi,
    Dammit, I wish you'd stop talking and get on with the final chapters! I hope you're not trying to "teach our restless souls a little patience" here. :O

    ReplyDelete
  14. "මේ කතාව පවසන අතර අප මත්පැන් පානය කල අයුරු, මාළු අනුභව කල අයුරු, වඩේ හැපූ අයුරු සහ මම දුම් පානය කල අයුරු පවසා මේ කතාව කියවන ඔබ මත්පැන් විරෝධී ඔබගේ අප්රසාදයට බඳුන් වීමට මගේ කිසිදු කැමැත්තක් නැත"

    පිස්සු නං කෙලින්න එපා, ඒ හරිය නැතුව කතාව කියල මොටද?

    ReplyDelete
  15. අදත් මතුසම්බන්දයි :/ :/

    ReplyDelete
  16. රවි අයියා නපුරුයි...හොදම හරි වලින් නවත්තනවා...

    මේ වීරේ කොලුවා හොද ඇහුම්කන්දෙන්නෙක්..

    ReplyDelete
  17. @රවි අයියා,

    // කතාකරන ඇස් දැකල නැත මලේ? //

    මොකද බොල දැකලා නැත්තෙ..?? බොහොම හොඳ‍ට දැකලා, ඒ ඇස්වලින් කියන කතා අහලත් තියෙනවා.. ඒ වුනාට මං දැන් කතාකරන ඇස්වල කතා අහන එක නවත්තලා දාලා තියෙන්නෙ බං.. ඔවුවා හිරේවිලංගුවෙ වැටෙන වැඩ.. :D

    පලි: ඇස් කොහොමෙයි බං දොඩමළු වෙන්නෙ..!? දොඩමළු වෙනවා කියන්නෙ තනියෙන් කියවනවටනේ (ඔය පිස්සො එහෙම). ඒ කියන්නෙ තමන්ගෙ ඇස් දෙකෙන් තමන්ටම කතාකරනවා වගේ වැඩක් නෙවැ.. :p

    ReplyDelete
  18. .@ s,

    / Dammit, I wish you'd stop talking and get on with the final chapters! I hope you're not trying to "teach our restless souls a little patience" here. :O /

    A thousand apologies s, I am trying my level best .....working on the final chapter like crazy........

    No, no..... I am not trying to teach you anything ....I hate being a teacher as much as being a judge.....heh, heh....

    ReplyDelete
  19. @ Observer,

    / පිස්සු නං කෙලින්න එපා, ඒ හරිය නැතුව කතාව කියල මොටද? /

    හෙහ්, හෙහ්, බෑනෙ ඔබ්.....මේකෙ වැඩිහරියක් ඉන්නෙ රහමෙර කටේ නොතියපු පොඩි කොල්ලො නෙව.....ඒ කන බොන විස්තර මම ඔබ්ට වෙනම එවන්නම්.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  20. @ වර්ණා,

    "/ අදත් මතුසම්බන්දයි :/ :/ /

    "

    මිං මනත ඒ කෑල්ල නොදාම ඉන්නෙයි එහෙනං?

    ReplyDelete
  21. @ නිම්ශා,

    / රවි අයියා නපුරුයි...හොදම හරි වලින් නවත්තනවා.../

    මගේ නෙවෙයි වැරැද්ද ඔන්න...ඔහෙ මෙන්න මේ විදිහට කොරන්න, කතාව හොඳම හරියෙන් නවත්තන්න, ඔන්න ඔහොම කියල උපදෙස් දුන්නෙ බොහොම ප්‍රවීන වියුණු රචිකාවියක්.......ඔන්න උඩම හරියෙ කමෙන්ට් එකකුත් දාල තියනව එයැයි.........හෙහ්, හෙහ්,

    / මේ වීරේ කොලුවා හොද ඇහුම්කන්දෙන්නෙක්.. /

    එහෙනං එහෙනං කට්ටිය ඔය යකාට කැමතිත් ඒක නෙව.....

    ReplyDelete
  22. .@ Buratheno,

    / පලි: ඇස් කොහොමෙයි බං දොඩමළු වෙන්නෙ..!? දොඩමළු වෙනවා කියන්නෙ තනියෙන් කියවනවටනේ (ඔය පිස්සො එහෙම). ඒ කියන්නෙ තමන්ගෙ ඇස් දෙකෙන් තමන්ටම කතාකරනවා වගේ වැඩක් නෙවැ.. :p /

    මේ මොකක්ද මලේ මේ කියන්නෙ?.....දොඩමළු වෙනවයි කියන්නෙ එක දිගට කතාකරනවයි කියන එකනම් තමයි. ඔය කියන්නෙ ගිරවි වගෙ කියවනව කියල.....ඒත් තනියෙන් කතාකරනවයි කියන තේරුමක් ඒකෙ එන්නෙ නම් නෑ මම දන්නා තරමට. ඔය පිස්සො එහෙම කරන්නෙ දොඩවන එක.

    දොඩමළු කතාවේ,
    හසරැල් සිනාවේ,
    මන බැන්දු නෙත රැන්දු,
    ඔබමයි හිත කැළඹූ,

    මේ තව දොඩමළු ගීතයක්.....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...