Sunday, March 19, 2017

133. නුඹට පෙමිනි


සොයුරු පිරිසද
සරයි අසලම
නුඹට ඇහුණෙද?
දඟය එනිසද?

වටක් කැරකී
මදක් නැවතී
නිසොල්මන් වී
කල්පනාවෙද?

විසල් දෑසින්
සවන් යොමුකර
අසන්නට හඬ
මදක් සැලුනෙද?

පියාගේ හඬ
ඇසෙන විටදී
වහා ගැස්සී
හැරී බැලුවෙද?

කුස‘ග්ගිස්සට
හිසින් සන් කර
සොයන්නේ පුත
මගේ මුහුණද?




61 comments:

  1. නොතේරිනි... කාව්යෝක්ති අපභංශ මෙනි... පද බෙදුම් මඤ්ඤංය..
    වටක් කැරකී
    මදක් නැවතී
    නිසොල්මන් වී
    කල්පනාවෙද?
    සිහිගැන්වූයේ නිදාගන්නට සැරසී ගැටලුවක් පැනනැගි සුනඛපෝතකයෙකි. දුහුනාගේ නොහැකියාවට සොරිය...
    පහල පොටෝව මංඥං සගතබව දෙගුන තෙගුන කරවයි...
    නැවත දුහුනාගේ ගොං කමට thousand times සොරිය

    ReplyDelete
  2. නුඹට පෙමින් කියන යෙදුමම මට යමක් සිහි කල සෙයකි. (සමා වෙන්න මම නණ ලළ භේදය නොසලකන්නෙක්මි)....ඔබේ නමින් මා දු‍ටුවේ...

    https://www.youtube.com/watch?v=OJSqCxnoWyc

    ReplyDelete
  3. දාරක ස්නේහයට විරුද්ධ ස්නේහයක් උඩට ගත්තට සොරිය හරිය..නිවීහැනහිල්ලෙ හිතනකොට දාරක ස්නේහයට මුලත් මේ ස්නේහයම තමයි හිටං

    ReplyDelete
  4. අම්මට සිරි වෙන්න ඕනය.. මේ රන්දිල්නෙ.. මම හිතුවෙම රවිය කියල... මගේ චාටර් වචන වලට දහපාරක් සොරි නෝනෙ. ඒත් මම කිවුවෙ අම්මපල්ල මට හිතුනු දේ... ආයි මක්කටෙයි බොරු කියන්නෙ හිටං....

    ReplyDelete
    Replies
    1. අපනයනකරුවා,

      තෝ බීලද කොහෙද...:)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හැක.. හැක ... මොනාද මේ කතා දවල්ටත් නොකා.. බීල තමයි හිටං...

      Delete
    4. ‍තෝව අහු උනොත් මරනව .බෙල්ලම මිරිකල . මම ඒ වගේ ඒවතමයි බං අහන් ඉන්නෙ දැන් අගන්නෙ මේක
      https://www.youtube.com/watch?v=NwxkwQp4AF8

      Delete
    5. දෑස අඩවන් වෙන්න ඉස්සෙල්ල මේව අහන්න ඕනෙ

      Delete
    6. https://www.youtube.com/watch?v=KlJqug7_NYU

      Delete
    7. ඒ අස්සෙ සමෝ සමේ මේව අහනව
      https://www.youtube.com/watch?v=oAsjq7LhRho

      Delete
    8. https://www.youtube.com/watch?v=Q5TZrap6Hmg

      Delete
    9. හුටා අර අම්මණ්ඩි උදේ ඇවිල්ල මෙතන යකා නටයිද මංදා.....ඊයෙ රෑ බොලා මෙතන මං නැති අල්ල පනල්ලෙ සාජ්ජ දැම්මද කියල....හෙහ්,හෙහ්

      Delete
    10. ඇඬෙනව තනි ඇහැට.. නාම ගුත්තං නජීරතී.. කියල නේ කියන්නෙ ?? එහි කෙලවර දුක දේ කියනකොට මට සිහියට එන්නෙ ...මෝචනයෙන් පස්සෙ එන පගන් හැඟීම. අෆ්ෆා..අනිවා අර අම්මන්ඩි හෙට යකා නටයි වගේ රහමෙර පානය කොරල සාජ්ජ දාල මේක චොර කරාකියල

      Delete
    11. පගන් නෙමෙයි බං පහන් හැඟීම

      Delete
    12. අපි එයාව ශේප් කරගමු මේක කියල " සඟවාගනු මැන සොඳුරියෙ" කියල
      https://www.youtube.com/watch?v=My6diuzyRug
      ඒ අම්මන්ඩි මේකට අහුවෙයිද ?

      Delete
    13. බැරිම උනොත් කම් ඕ ගෝ චිකාගෝ කියල මේක දාමු ඇමට
      https://www.youtube.com/watch?v=rn2-RYrcOso

      Delete
    14. ඔයා කැමතිනං මාත් කැමතියි හිටං...

      Delete
    15. ඔය තරංගා ෆිල්ම් එක...74 වගෙ ආවෙ...රවීන්ද්‍රයි මානෙල් වානගුරුයි ඔතන ඉන්නෙ...

      ඔය සීන් එක අරං තියෙන්නෙ නුවර වැවේ...ඔය වෙලාවෙ ඉබ්බෙකුයි ඉබ්බියෙකුයි දෙන්නෙක් මරු විකල්ලෙං වගෙ බෝට්ටුවට පැනල මානෙල් බයවෙලා නැඟිටල කෑගහල බෝට්ටුව බැලන්ස් නැතුව පෙරලිල ඔවුං දෙන්න බොහොම අමාරුවෙං මැරෙන්නෙ නැතුව බේරගෙන තියෙන්නෙ...

      අපි එතකොට කෑගල්ලෙ හිටියෙ. දවස් දෙකතුනකට පස්සෙ බස් එකක් කතාකරගෙන අපේ ඉස්කෝලෙං ට්‍රිප් එකක් ආව අර දෙන්න බලන්ට...

      Delete
    16. ප්‍රශ්න ගොඩයි .. ඇයි ඉබ්බයි ඉබ්බියි මරුවිකල්ලෙං වගෙ උන්නෙ. පින තියනකොට ඉබ්බ ගෙට එනව කියන එක වගේ නෙවෙයි හිටං..උං දෙන්නට මරු විකල්ලෙ හැදුනෙ මොනවහරි දැකලද .?? තරංගා 75 ආවෙ. මම ඕක සෑහෙන්න කාලෙකට ඉන්න්සෙල්ල බැලුව. දැං නං බලන්න ගියහම vod.lk එකෙං සල්ලි ඉල්ලනව එක බලන්න. ඔන්න බලහං බොගේ කතාවලට මමත් ආනුපාන හොයල දුන්න . දං ඉතිං ලියන්න තමයි තියෙන්නෙ කොනක හිටං...

      Delete
    17. බොලා ඉතිං කොනක ඉඳන් නෙමෙයිනෙ එහෙං මෙහෙං ඇහිඳාස් නෙ ලියන්නෙ

      Delete
    18. බොලාගෙ ඔය මතක මල්ල කොහොම හරි කොනක ඉඳං දිගාර්න්න ඕන හිටං.

      Delete
    19. මොනා උනත් රවි අයියෙ මේ සින්දු අහනකොට හිත කීරි ගැහෙනවනේ...
      https://www.youtube.com/watch?v=aXOA-42-2Fg

      Delete
    20. https://www.youtube.com/watch?v=VQdckd2s3us

      Delete
    21. රවි අයියෙ මම පොඩ්ඩක් දරුනු උනා මධ්‍යසාර ලේ වෙලට කවලං උන නිසා. අර මොකද්ද ගුරුගීතය කියන ගොං පොතට වඩා මේ ‍ෆිලිම් එකකොච්චර දේවල් අපිට කියනවද කියල බලපං.අයියේ...

      https://123-movie.ru/film/fiddler-on-the-roof-11084/watching.html

      I really mean it!!!!

      Delete
    22. මේ උඹ පුලුවන්නම් ගුරු ගීතේ ගැන ඔය කතාව කියපංකො ගිහිල්ල අර "පොත් පොටෝ ගහන අය" කියල ගෲප් එකක් තියෙන්නෙ...අන්න එතන...උඹව ඇහේ ඉඳල පට්ට ගහයි...:)

      Delete
    23. බොලා දෙන්නම බීලද කොහෙද. හැක්..

      Delete
    24. දෙන්න එකම බ්‍රෑන්ඩ් එක ගහල ,

      Delete
    25. post එක කැලේ.. වෙරි වෙච්චි උගුඩුවො දෙන්නෙක් පැනල මේකට..හහ්..

      Delete
    26. ඔව් මං මේ උදේ ඉඳන් දැක්කේ නැහැ වගේ ඉන්නේ!

      Delete
  5. /හිසින් සන් කර/

    සිඩානේ වගෙ පොරක් වෙන්නැති....:)

    Zinedine Zidane Head Butt - 2006 World Cup Final

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා මරු පාර.. මට මතක් උනේ අර අස්සයින්ට අනින්නෙ සපත්තුවෙ තියෙන ක‍ටු රෝලේං.. ආං එ වගේ එකක් ඔලුවෙ හයි කොරං ඇන්න වගේ.. හිකි..හිකි....

      Delete
    2. බොලාත් මරු ඒව හොයාගන්නෙ මට තාම හිනා. මරු හිසින් සන් කිරිල්ල

      Delete
  6. අගෙයි රන්දි...අත්දැකීම ඇමිණෙනවා කව් පද වල

    ReplyDelete
  7. එක පාරක් කියෙව්වා ම්හ් තෙරුනේ නෑ දෙපාරක් කියෙව්වා යාන්තමට තේරුනා අන්තිමට කමෙන්ට් බලලා සම්පූර්ණයෙන් තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒක මගේ රචනාවේ අඩුවක්. ගැලපෙන ම පිංතූරයක් දාන්න හිතුනේ නැහැ. එහෙම එකක් දාලා තිබුණා නම් දෙවැනි පාරවත් වැටහෙයි නේද?

      Delete
  8. මේ ලස්සන පද වල නිමිත්ත මම දැනගෙන හිටපු හින්දා වගේම, මේ කියන සොඳුරු අත්දැකීම තාමත් මතකයේ හොඳින් රැඳිලා තියෙන නිසාම අපූරුවට රසවින්දා අක්කේ. හරිම ලස්සනයි. :)

    ReplyDelete
  9. දෙපාරක් කියවලා.පින්තුරේ දැක්කාට පස්සේ වටහා ගත්තා කියන්නේ මොකක් ගැනද මේ කියන්නේ කියලා.
    ඒ සොඳුරු අත්දැකීම අම්මාලාට විතරක් සින්නකර අයිති දෙයක් නෙමේනේ...:)

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ සින්නක්කරයි සින්නක්කරයි ඈවරයි දෑවරයි තුන් ඈවරයි. මෙහෙම ඉඳගෙන ඉන්නකොට පපුවට පහළින් බඩට ගහලා එබිලා මූණ බලනවාවත්ද කියලා තාත්තලාට හිතෙන්න පුළුවන්ද? (ආවා මෙතන ඒකත් ලියා ගන්න :D )

      Delete
  10. // පියාගේ හඬ
    ඇසෙන විටදී
    වහා ගැස්සී
    හැරී බැලුවෙද?//

    පොඩි උන් ඩ්ගෙන්නම බඩේ ඉන්න කාලෙම " කෝ බබා " කියද්දිම දීපු පයින් පාරවල් මතක් උනා. ඒක සොදුරු අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. ඒක නං තාත්තලාට ම විශේෂයි නේද?

      Delete
  11. සුභ පැතුම්! (කොහොමද තව අවුරුදු එකොළහකිනුත් ශිෂ්‍යත්ව පන්ති බඩ ගානකොට එහෙම තියෙන සනිපේ? හැක හැක හැක.. )

    බඩේ ඉඳන් පයින් නොඇන්නට අවුරද්දක් හමාරක් ගියාම පයින් අනින්නෙම තාත්තලට.. මේ ඔන්ලයින් අත්දැකීමෙන් කියන්නේ හිටං.. :)) ඌයි ඔය කියනකොටත්.. හෙහ්..හෙහ්..

    ReplyDelete
    Replies
    1. 11ක් ඉන්න ඕනෑ නැහැනේ මෙයා, 8කින් විතර පටන් ගත්තැහැකිනේ.

      :)

      Delete
  12. Lassanayi Randil... These are unique n special feelings about one of the most exciting phases of any women's life..

    Sorry for English..Typing from the phone..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි... හරි ලෝභයි මේ තුන්වැනියානේ. සීසර් නිසා තුන්දෙනාගෙන් වැඩේ ඉවරයි. ඉතිං ඒ හැම කික් එකකට ම මං මග බලාගෙන ඉන්නේ.

      Delete
  13. මටත් පින්තූරෙ දැක්කට පස්සෙ තමයි හොඳටම තේරුනේ මොකක්ද කියලා.... මුල කමෙන්ට්ස් ටික කියවනකොට ආයෙම හිතුනා වැරදුනාවත්දෝ කියල.... :D

    මගෙනුත් සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඔය මුල් කොමෙන්ට් ටික නේද! එක්ස්පෝටර්ව ඉන්පෝටර් කරන්න හිතෙනවා. :D ඒකටත් එක්ක නිවැසියා!

      ස්තුතියි මියුරු

      Delete
  14. හා ඒ කියන්නේ පුතෙක් ගැනද??????? කොහොමත් තාත්තාගේ සද්දෙට ළමයි බඩේ ඉද්දිම ප්‍රතිචාර දක්වනවා තමා..... අගෙයි රචනාව....... මේ දවස් වල අපිටත් පොදු හැගීමක් මේක.......

    ReplyDelete
    Replies
    1. දුවටත් පුතාටත් පුත කියන්න පුලුවන්නේ. තාම දන්නේ නැහැ අපි කවුද එන්නේ කියලා. ලොකු දෙන්නා නං කැමති නංගියෙකුට. :)

      Delete
  15. Replies
    1. ස්තුතියි වයලීනෝ!

      අක්කා බබයි අයියා බබයි කැමති නංගි බබෙකුට වුණාට තාත්තා බබා වඩා කැමති මල්ලි බබෙකුට වගෙයි! එයාට ක්‍රිකට් ගහන්න. :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...