Wednesday, March 1, 2017

488. Running Away From Bill & The SWAT Assault On Renfro Home


John Grisham

මම අර බැඳල එහෙම කුවාටර්ස්වල ගෙවපු කාලය ගැන මීට කලින් බොහොමයක් විස්තර ලියල තියනව ඔබ තමුන්නාන්සෙලාට මතක ඇති නේද? ඔන්න ඒ කාලෙ අපේ ඔෆිස් එකට ආව සුද්දෝ දෙන්නෙක්. නෑ..නෑ..මඟ වැරදිල ආපු එවුං එහෙම නෙවෙයි. 

මම ඔය ඒ කාලෙ වැඩ කරපු ගොවි ජනපදේ ඇවිල්ල ඩී.එස්. මහත්තය නොහොත් කැලෑ ජෝන් මහත්තය කෘෂිකර්ම ඇමති කාලෙ පිහිටවපු එකක්. ඒ කියන්නෙ ශ්‍රී ලංකාවට නිදහස හම්බවෙන්ටත් කලිං. ඒ කියන්නෙ 1938-1942 වගෙ කාලෙ. ඉතිං 1998 වගෙ වෙනකොට ඔය ගොවි ජනපද පිහිටවල අවුරුදු 60 වගෙත් වෙන්ට ආව. බොහොමයක් ඇල වේලි පාලම් බෝක්කු එහෙම ඒ වෙනකොට කැඩිල බිඳිල ජරාවාස වෙලා ගිහිල්ල. 

ඒ හින්ද ඔන්න ඒ කාලෙ ආව මහා වැඩ පිළිවෙලක් පුනරුත්ථාපන වැඩ පිළිවෙල කියල. ඒ කියන්නෙ අර කැඩිල බිඳිල ගිය ඇළ වේලි ප්‍රතිසංස්කරණය කරල එව්වයෙ නඩත්තුව ගොවි සංවිධාන වලටම භාර දෙන්ට. ඔව්වට ආධාර හම්බවුනේ යුරෝපා ආර්ථික ප්‍රජාව නොහොත් ඊ.ඊ.සී. නොහොත් European Economic Community එකෙන්.

ඉතිං ඔය සල්ලි හරියට වියදං වෙනවද?, එතනිං ගිහාම එව්ව යොදවන්නෙ ඒ නියමිත වැඩේටමද? කියල හොයල බලන්ට එංගලන්තෙන් එවල තිබ්බ සුද්දො දෙන්නෙක් මෙහාට. ඒකෙං ව්‍යාපෘති අධ්‍යක්ෂ නොහොත් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් උනා පොරගෙ මුල් ගම් පළාත් ඇවිල්ල හිට මේ ජැමෙයිකාවෙ. අර කවුද පුකට පැට්‍රෝල් ගහපු බල්ල වගෙ දුවන පොර..ආ..උසේන් බෝල්ට්..අන්න ඒ ගොබිලගෙ රටේ. ඒත් බෝල්ටිය හෙන කලු උනාට අපිට ආපු ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ගොයිය කලු නෑ. සුදුමත් නෑ. ඒ දෙක අතරමැද පාටක්. බොහොම ලස්සනයි. කොණ්ඩෙ විතරක් ක්‍රේල්. මම හිතන්නෙ පොරගෙ අම්ම සුද්දියක් හරි මොකක් හරි සීන් කෝන් එකක්. හරි මට දැන් මේ කියන්ට ඕන කලේ පොර ගැන නම් නෙවෙයි. ඒ එක්ක ආපු අනික් සුද්ද ගැන. නම විලියම්. ඒ කියන්නෙ බිල්. බිල්ට පැවරිල තිබ්බ රාජකාරිය තමයි ඔය ගොවි සංවිධාන නඟා සිටුවීමේ කටයුතු පිළිබඳ හොයල බලල ඒ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන එක.

ඉතිං ඔෆිස් එකේ ඉඳල ඔය වැඩේ කරන්ට බෑනෙ. ගම්පුරා ගිහිල්ල ගොවි මහත්වරු හම්බවෙලා එයාල එක්ක සාකච්ඡා කරල ඒ ප්‍රශ්ණ ගැටළු හඳුනගෙන එව්වට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්ට එපාය. ඉතිං සුද්ද කොහොමද අපේ ජානපදිකයො එක්ක කතා කොරන්නෙ? ඒ පාර අපේ ලොක්ක මට පැවරුව ඒ රාජකාරිය. ඒ කිව්වෙ සුද්දගෙ බාසා පරිවර්තකය හැටියට කටයුතු කොරන්ට. මමත් ඉතිං ඉබ්බ දියට දමනකොට ඇන්නෑවෙ කිව්වැහෙ සුද්දත් ඉස්සර කරගෙන මාස තුන හතරක් ගම මුලුක්කාදියෙ ඇවිද්ද. කොළඹිං වෙනම එවල තිබ්බ සුද්දන්ගෙ ගමනාගමනයට නිසාන් ෆෝ වීල් ඕෆ් රෝඩ් දෙක තුනක්. එව්ව එකක මායි සුද්දයි ඉතිං උදේ පටං ගත්තම හවස් වෙනකල් ඇවිදිනව. එහෙම යද්දි මරු සීන් වුනා..හෙහ්,හෙහ්, කියල වැඩක් නෑ. එව්ව ගැන පස්සෙ ලියන්නංකො. 

ඉතිං රෑට රෑ වෙලා ආපහු ආහම අපේ සර්කිට් එකට ගිහිල්ල සුද්ද  ගානෙ බියර් දෙකක් විතර වෙන්ට ගහලත් එක්කයි මම ගෙදර යන්නෙ. බොහොමයක් වෙලාවට මම ගෙදර යනකොට අපේ ප්‍රියම්බිකා තොමෝ මල පැනල ඔලුවෙ ඉඳං පෙරවගෙන නිදි...හෙහ්,හෙහ්, 

ආ..මේ සුද්ද ගැන තව එකක් කියන්න ඕන. ඔය මනුස්සයට ලොකුවට ඕනකම තිබ්බ අපේ ස්ටාෆ් එකේ අය එක්ක සාච්ඡා කරල අදහස් ලබාගන්ට. මිනිහ නිතරම කිව්වෙ ගොවියො එක්ක සෑහෙන කාලයක් වැඩ කරපු අය විදිහට අපේ කට්ටියගෙ අදහස් මිනිහට ගොඩක්ම වැදගත්වෙනව කියල. කතාවනම් සම්පූර්ණ ඇත්ත. ඒත් කොහේ අදහස් ලබාගන්ටද? සුද්දගෙ ඡායාව ඈත පේනකොට අපේ එවුං පණ කඩාගෙන දුවන්නෙ පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ. හෙහ්..ඒ සීන් එක ගැනත් පස්සෙන් පහු දවසක ආයෙම ලියන්නංකො හොඳද? දැං එමු ප්‍රස්තුත කථාවට.

මම අර ඕස්ට්‍රේලියන්ස්ල නොසිතූ වීරූ පරිදි දිනපු පූනේ ටෙස්ට් තරඟය ගැන ලියද්දි කිව්ව නේද මගේ ප්‍රියතම ලේඛකයෙක් ගැන. මතකනෙ... ජෝන් ග්‍රීෂම්...ජෝන් ග්‍රීෂම් මම හඳුනාගත්තෙ ඔය කලින් කියපු සුද්ද ඒ කිව්වෙ බිලා හින්ද. බිල් ඇවිල්ල ජෝන් ග්‍රීෂම්ගෙ හොඳ පාඨකයෙක්. පොර ගාව තිබ්බ ග්‍රීෂම්ගෙ පොත් හත අටක්ම. මමත් එව්ව ඉල්ලගෙන කියෙව්ව. ආය මොනවද? කියවපු ගමං මම ඇඩික්ටඩ්. ටෝටලි ඇන්ඩ් කම්ප්ලීට්ලි.

එදා ඉඳල මම ග්‍රීෂම්ගෙ පොත් ඔක්කොම වගෙ හොයාගෙන කියෙව්ව. බිල්ගෙන් හම්බවෙලා මම මුලින්ම කියෙව්වෙ "ද පාර්ට්නර්". ඉතිං මේ සතිදෙකකට වගෙ ඉස්සර මම ගත්ත ග්‍රීෂම්ගෙ අලුත් පොතක්. අලුත් කිව්වට ඒක මේ 2015 නිකුත් වෙච්චි එකක්. ෆිල්ම් එකකුත් ගහල තියනවලු. නම ඇවිල්ල "ද රෝග් ලෝයර්"

"රෝග් ලෝයර්" මම කියල ඉවර වුනේ ඊයෙ. ඉතිං මට හිතුන ඒ පොතෙන් පොඩි කොටසක් පරිවර්තනය කරල ඔබ තමුන්නාන්සේලාගේ පහන් සංවේගය උදෙසා බ්ලොග් එකේ දැම්මනම් ආය අහවල් දෙයක් වෙනවද? කියල. හෙහ්,හෙහ්, ග්‍රීෂම්ගෙ පොත් මම දන්න විදිහට තවම පරිවර්තනය වෙලා නෑ සිංහලට. ස්ටීවන් කිං සහ කෙන් ෆොලේ කියන්නෙ ඒත් මම බොහොම ප්‍රියකරන තවත් ලේඛකයො දෙන්නෙක්. එයාලගෙත් මම දන්න තරමට තවම පොත් සිංහලට පරිවර්තනය වෙලා නෑ.

Rogue Lawyer  By John Grisham

මෙතන ඉඳල එහෙනම් ඔන්න "රෝග් ලෝයර්".....

ඒ ඛේදවාචකය, ඒ අහස පොළව නුහූලන මහා අපරාධය සිදුවූයේ මෙළෙසය.

මගේ සේවාදායකයෝ එනම් ඩග්ලස් රෙන්ෆ්‍රෝ මහතා සහ එම මහත්මිය පසුගිය වසර තිහකට අධික කාලයක් මුලුල්ලේ ඉතා ප්‍රීතිමත් සහ නිහඬ දිවියක් ගෙවූයේ නගරයේ නිරන්තර කළබලකාරිත්වයෙන් මදක් ඉවත්වූ හරිත වර්ණ වනස්පතීන්ගෙන් සෙවණ ලද පටු මඟක් අසලවූ දෙමහල් නිවසකය. තම අසල්වැසියන් හා සමඟ නිරතුරු සුහදව කටයුතු කල, සමාජ සේවාවන් සහ පල්ලියේ කටයුතුවලදී කිසිදු පැකිළීමකින් තොරව වහා ඉදිරිපත්වූ ඔවුහු ප්‍රීතිමත් සහ ප්‍රියමනාප මහළු යුවලක් වූවෝය.

වයසින් සත්වන දශකයේ මුල් වසර කීපයෙහි වූ රෙන්ෆ්‍රෝ දෙමහල්ලෝ දරුවන්, මුණුබුරන් සහ සුරතල් බල්ලන් දෙදෙනෙකුගේ ආදර සැළකුම් ලැබූ සහ ඊට අමතරව ෆ්ලොරිඩාවෙහි ටයිම් ෂෙයාර් නිවසක (සටහන 1 බලන්න) හිමිකාරත්වය ද දැරූවෝ වූහ. කිසිදු ණය බරකින් පීඩා නොවිඳි ඔවුහු තම ණයවර කාඩ්පත් සෑම මසකම අවසානයේදී පුරුද්දක් වශයෙන් සම්පූර්ණයෙන්ම ගෙවා දැම්මෝය.

ඩග් අක්‍රමවත් හෘද ස්ඵන්දනයෙන් පීඩා විඳිමින් සහ ඔහුගේ බිරිඳ කිටී පියයුරු පිළිකාවකින් සුවය ලබමින් හුන් නමුදු ඔවුහු ඒ හැරුණුකොට ඔවුන්ගේ වයස හා සළකා බලන කල සතුටුදායකයැයි පැවසිය හැකි සෞඛ්‍ය තත්වයක පසුවූහ. පුරා වසර දහතරක කාලයක් හමුදාවේ සේවයකල ඩග් ඉන් අනතුරුව වෛද්‍ය උපකරණ බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරතවූ අතර කිටී රැකියාව කලේ රක්ෂණ සමාගමක රක්ෂණ අයදුම්පත් අගයන්නියක ලෙසය. මහළු වයසේ ක්‍රියාශීලී ජීවිතයක් ගත කරනු උදෙසා ඇය අසලවූ රෝහලේ ස්වේච්ඡා සේවයෙහි නිරතවූ අතර ඔහු නිවස ඉදිරිපිටවූ මල් පාත්තිවල කටයුතු කිරීමට අමතරව නාගරික ක්‍රීඩා පිටියෙහි ටෙනිස් ක්‍රීඩාවෙහි නිරතවිය.

ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරන්ගේ බලවත් ඇවිටිල්ල පරිදි ඔවුහු ලැප් ටොප් පරිගණක දෙකක් මිළදී ගත් නමුදු බොහෝවිට ඒවා අක්‍රියව ඔවුන්ගේ සාලයෙහි මේසයක් මත විය.

ඔවුන්ගේ අසල්වැසි නිවසට ඔවුන් ඒ ප්‍රදේශයේ පදිංචියට පැමිනි පසු අවම වශයෙන් දස වරක් හෝ දොළොස්වරක් පමණ නව පදිංචිකරුවන් පැමිණි අතර එහි වර්තමාන පදිංචි කරුවෝ අසල්වැසියන් හා කිසිදු සුහද ඇසුරකට මැලිවූහ. ඔවුන්ගේ යොවුන් වියේ පසුවූ ලාන්ස් නම්වූ පුත්‍රයා තම කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමූයේ තම කුටියෙහි දොරගුළුලාගත් වනම පරිගණක ක්‍රීඩාවන්හි නියැලෙමිනි. ඒ අතරම ඔහු අන්තර්ජාලය භාවිතයෙන් මත්ද්‍රව්‍ය මිළදී ගැනීමේ සහ බෙදා හැරීමේ ව්‍යාපාරයකද නිරත වූයේය.

තම නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඟවනු පිණිස ලාන්ස් තම මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතු උදෙසා රෙන්ෆ්‍රෝ යුවලගේ රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවය අනවසරයෙන් භාවිතා කල අතර පරිගණක ක්‍රියාකාරිත්වය පිළිබඳ අ යන්න හෝ දැන නොසිටි රෙන්ෆ්‍රෝ දෙමහල්ලෝ ඒ පිළිබඳව හාංකවිසියක් හෝ නොදත් බව වෙසෙසින් කිවයුතු නොවේ.

පරිගණක පිළිබඳ මහළු යුවලගේ දැනුම පරිගණකය ක්‍රියාත්මක කීරිම සහ ක්‍රියාවිරහිත කිරීම, ඊ-මේල් පණිවිඩ යැවීම සහ ලබා ගැනීම, එදිනෙදා ගෙදර දොර අවශ්‍යතා මිලදී ගැනීම සහ කාළගුණ තත්වය පිළිබඳ දැනගැනීමට සීමාවිය. ඉන් ඔබ්බට පරිගණක තාක්ෂණය ක්‍රියාකරනුයේ කෙසේද හෝ ඉන් ලබාගතහැකි ප්‍රයෝජන පිළිබඳව ඔවුන් කිසිවක් නොදැන සිටියා පමණක් නොව ඒ පිළිබඳව ඔවුන්ගේ කිසිදු උනන්දුවක්ද නොවීය. එසේ හෙයින් පරිගණක මුරපද හෝ ආරක්ෂක ක්‍රමෝපායන් පිළිබඳව ඔවුන්ගේ දැනුම පිළිබඳව වෙසෙසින් පැවසිය යුතු නොවේමය.

මේ අතර ප්‍රාන්ත පොලිස් නිලධාරීහු අන්තර්ජාලය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළෝය. ඒ අනුව අන්තර්ජාල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයි.පී. ලිපිනයන් පිළිබඳ සොයා බැලූ ඔවුනට රෙන්ෆ්‍රෝ නිවසෙහි අයි.පී. ලිපිනය හරහා එක්ස්ටැසි නම් ප්‍රබල මත්ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් බෙදා හැරෙන බව පැහැදිලිවිය. ඒ අනුව රෙන්ෆ්‍රෝ නිවස ඉලක්ක කොට මහා පරිමාණ SWAT මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කෙරිනි.

නිවස සෝදිසි කරනු සඳහා සහ ඩග්ලස් රෙන්ෆ්‍රෝ අත් අඩංගුවට ගනු සඳහා වන වරෙන්තු දෙකකින් සන්නද්ධ වූ SWAT බලකාය (සටහන 2 බලන්න) පැහැදිලි අහස පුරා තාරකා දිදුලමින් බැබලෙන එක් නිසල රාත්‍රී යාමයක හිමිදිරි උදෑසන 3.00 කණිසමට තම මෙහෙයුම ආරම්භ කළෝය. කෙව්ලාර් උඩුකය වැසුම්, (සටහන 3 බලන්න), කැමූෆ්ලාජ් නිලඇඳුම්, දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මානු පැන්සර් යුද ටැංකි භටයින් භාවිතා කල කලු පැහැ හෙල්මට්වලට සමාන හෙල්මට්ස්, නිශා දෘෂ්ඨි ආරක්ෂක අක්ෂි ආවරණ (Night Vision Goggles) රේඩියෝ පණිවිඩ හුවමාරු යන්ත්‍ර, අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල, ඇසෝල්ට් රයිෆල, දණහිස් ආරක්ෂක ආවරණ ආදියෙන් සමන්විත පූර්ණ යුද ඇඳුමින් සැරසුනු SWAT බලකායේ නාගරික පොලිස් නිලධාරීහු අට දෙනෙක් මහළු රෙන්ෆ්‍රෝ මහතා මහත් ආදරයෙන් සාත්තුකල මල් පාත්ති මතින් බඩගාමින් සෙමෙන්  නිවසට ආසන්න වූයේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට එකහෙලාම සූදානම්වය. 

ඔවුන්ගෙන් සිව්දෙනෙකු රසායනික අවි ප්‍රහාරයකදී යොදා ගන්නා ආරක්ෂක රබර් මුහුණු වැසුම් පැලඳ සිටි අතර සෙස්සෝ කළු තීන්ත මුහුණ පුරා තවරාගෙන උන්නෝය. දෙදෙනෙකු අත මහත් හඬක් සහ ආලෝකයක් නංවමින් පුපුරාගොස් සතුරා මිනිත්තු කිහිපයකට අන්ද මන්ද කරනව තෝන්තු කාරක බෝම්බ (Flash Bang Stun Grenades) වූ අතර තවත් දෙදෙනෙකු අත රෙන්ෆ්‍රෝ නිවසේ දොරවල් බිඳ දැමීම සඳහා අවශ්‍ය යදඬු (Battering Rams) විය.

ඔවුහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුද කාමී රණශූරයින් වූහ. ඔවුන්ගෙන් බහුතරයක් අප පසුව දැනගත් පරිදි මෙවන් අවස්ථාවක ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳ කිසිදු පුහුණුවක් නොලත් ආධුනිකයින් වුවද මෙවන් මෙහෙයුමකට සහභාගීවීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඉමහත් උද්‍යෝගයෙන් පසුවූහ. එම කණ්ඩායමෙන් අවම වශයෙන් සය දෙනෙක් මෙහෙයුමට පෙර අවශ්‍ය ශක්තිය ලබාගැන්මට සහ එම අළුයම හෝරාවෙහි අවදිව සිටීම උදෙසා කැෆේන් අධික ප්‍රමාණයක් අඩංගු ශක්ති ජනක පානයන් ඖෂධ අඩංගු දියරයන් පානය කල බව පසුව පිළිගත්හ.

රෙන්ෆ්‍රෝ නිවසේ ඉදිරි දොරටුව වෙත සන්සුන්ව ගමන්කොට සීනුව නාදකොට මහළු යුවල අවදිකොට තමන් පොලිස් නිලධාරීන් බව හඳුන්වා දී ඔවුන්ට අවශ්‍ය වන්නේ හුදෙක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රෙන්ෆ්‍රෝ යුවලගෙන් ප්‍රශ්ණ කිරීමට සහ ඉක්බිති නිවෙස සෝදිසි කිරීමට බව ආචාරශීලීව පහදා දීම වෙනුවට SWAT කණ්ඩායම ක්ෂණිකව ආක්‍රමණය ඇරඹූයේ හොඳින් සම්බන්ධීකරණය කල මෙහෙයුමක් මඟින් එකම වේලාවට ඉදිරිපස සහ පසුපස දොරවල් බිඳ හෙලීමෙනි.

සියල්ල සිදුවී අවසාන වූ පසු පැවති පරීක්ෂණයේදී ඔවුහු දොරවල් බිඳ හෙලීමට පලමු රෙන්ෆ්‍රෝ යුවලට දොර විවර කරන ලෙස කිහිප වරක් දැනුම් දුන් බව පැවසූ නමුදු ඒ අමූලික අසත්‍යයක් බව පැහැදිලිවිය. රෙන්ෆ්‍රෝ යුවල ඒ වනවිට උඩුමහලේ ඔවුන්ගේ නිදන කාමරයෙහි ගැඹුරු නින්දක ගැලී උන්නෝය. ශීතල රාත්‍රියක හිමිදිරි උදයේ තුනේ කණිසමට ජීවිතයේ සත්වන දශකයේ පසුවන මහළු යුවලකගෙන් ඔබට අපේක්ෂා කල හැක්කේ අන් කවරක්ද? ආක්‍රමණය ආරම්භවනතුරු ඔවුහුතම නිවස වටලා ඇති බවට සිහිනයකිනුදු නොදත්තෝය.


සටහන 1 - 

ටයිම්ෂෙයාර් (හෝ සමහරවිට වැකේෂන් ඕනර්ෂිප්) යන වදනින් හැඳින්වෙනුයේ විශේෂිත හිමිකම් සහ භාවිතා කිරීමේ අයිතීන් සහිත දේපලකි. බොහෝවිට නිවාඩුවක් ගතකිරීමට උචිත සහාධිපත්‍යය ඒකකයන් (Resort condominium units) වන මේ වර්ගයේ නිවෙස් සඳහා බහුවිධ පාර්ශ්වයන්ට එක් නිශ්චිත කාල සීමාවක් තුල දේපල භාවිතා කීරිමේ අයිතිය ඇත. (උදා - වර්ෂයේ එක් නියමිත දිනයක සිට සතියක හෝ සති දෙකක කාලයක් සඳහා) පාර්ශ්වීය අයිතිය මත (Partial Ownership), බද්දට ගැනීම මත, හෝ භාවිතා කිරීමේ අයිතිය (Right to use) මත දේපල පරිහරණය කල හැකි අතර අවසාන ක්‍රමයේදී භාවිතා කරන්නාහට දේපල සඳහා කිසිදු හිමිකමක් නැත.


සටහන 2 - 

SWAT (Special Weapons And Tactics) යනු එක්සත් ජනපදයෙහි විශේෂිත හමුදා ආයුධ සහ උපක්‍රම භාවිතා කොට නීතිය සහ සාමය රැකීම සඳහා පිහිටුවන ලද සුවිශේෂී ඒකකයින් හැඳින්වීමට යොදාගන්නා වදනකි. 1960 දශකයේදී කළහකාරී පිරිස් පාලනය කිරීම සහ ප්‍රචණ්ඩ අපරාධකරුවන් මර්දනය කිරීම උදෙසා මුලින්ම ඇරඹුනු SWAT කණ්ඩායම් සංඛ්‍යාව මෙන්ම ඔවුන් යොදවාගන්නා වාර ගණනද 80 සහ 90 දශකයන්හි මෙන්ම කුප්‍රසිද්ධ සැප්තැම්බර් 11 සිද්ධියෙන් අනතුරුව සීග්‍රයෙන් වර්ධනය විය. වසර 2005 වන විට අමරිකා එක්සත් ජනපදයේ SWAT කණ්ඩායම් වාර්ෂිකව අවස්ථාවන් 50,000 කදී පමණ යොදාගන්නා අතර ඒ බහුතරයක් විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයන්ට අදාල සෝදිසි කීරිම් උදෙසාය. අනෙකුත් රටවල්ද එක්සත් ජනපදය ආදර්ශයට ගනිමින් ස්වකීය අතුරු හමුදා පොලිස් ඒකක (Para-military Police Units or PPUs ) පිහිටුවා ඇති අතර ඒවාද බොහෝවිට SWAT  යන නාමයෙන් හැඳින්වේ.

සටහන 3 - 

කෙව්ලාර් වෙස්ට් - වෙඩි නොවදින කබායක් ලෙස සරළව හැඳින්විය හැකි කෙව්ලාර් උඩුකය වැස්මෙන් කෙරෙනුයේ ගිනි අවියකින් පිටවූ උණ්ඩයක වේගය සහ එමෙන්ම විනිවිද යාමේ හැකියාව බාලකොට එයින් ඇතිකල හැකි හානිය අවම කිරීම හෝ සම්පූර්ණයෙන් වැළැක්වීමයි. බෝම්බයක් වැනි ස්ඵෝඨන උපකරණයකින් නිකුත්වන සිරුරට හානිකර යමක් (Projectile) වැළැක්වීමටද ඊට හැකියාව ඇත.

83 comments:

  1. බලාගෙන ගියාම ස්වට් කාරයොත් අපේ රටේ අය ‍වගේනෙ. ඉතිං අර කපල් එක ඊට පස්සෙ ආයුධ සොරි එක්ටසි පෙන්නන්න අරං ගියාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      පොලිස් කාරයො කියන ජාතිය ලෝකෙ කොහෙත් එකයි බං

      Delete
  2. //සුද්දත් ඉස්සර කරගෙන මාස තුන හතරක් ගම මුලුක්කාදියෙ ඇවිද්ද.// ආපහු සුද්ද යහතිං උගේ රටට ගියාද කියල මටනං විස්වාස නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මම ඒ කිට්ටුවම වගෙ එහෙං අස්වෙලා ආව බං..මම එනකොටනම් සුද්ද ඉහෙං බහින රෝගයක් නැතුව බැබලි බැබලි උන්න පාලොස්වක හඳ වගේ...හෙහ්,හෙහ්,

      Delete
  3. අද සුරංගය තාම ටිකිරි සඳමාලි හුරතල් කරනව වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ෂුරාට මාර සීන් එකනෙ බොලේ වෙලා තියෙන්නෙ..අර මතකෙයි මම ගිය පෝස්ට් එකේ උගෙ කමෙන්ට් එකට දාපු පිළිතුරු කමෙන්ට් එක?

      එක්සත්වීගෙන ඇඳට යමූ,
      ඇඳ මත ගුලිවී ඉන්නා සඳමාලිට ගහලා එලවා දමමූ,
      ( දුප් පරය යන්ට කොයිවෙලේ බැලුවත් ඇඳ උඩ..ඒ මදිවට පඬි හලනව ඕසෙට )
      ඇඳේ රෙද්ද ගසලා ආයෙම එලමූ,
      රට වෙනුවෙන් රතියෙහි යෙදෙමූ,

      ඒකෙ මම කිව්වනෙ ඇඳේ රෙද්ද පුරා බලල් මයිල් තියනවය. මුං දෙන්නට ඕක ගානක් නැතය. ඔය නිකමට වගෙ රෙද්ද දෙතුන් පාරක් ගසල දාල ඒකම ආයෙ එලාගෙන අර ලෝකාස්වාද මොකක්ද එකේ යෙදෙනවය කියල.

      අම්මට උඩු වැඩේ සම්පූර්න ඇත්තලු බලාගෙනයනකොට. මම අර නිකමට කිව්වට එහෙම්මමලු වැඩේ වෙන්නෙ. ඉතිං වෙලා තියෙන්නෙ ගෙදර ලෝකාස්වාදෙ යෙදෙන විදිහ ගැන එක එක මගෝඩිය එක්ක (ඒ මගෝඩිය කියන්නෙ මට) කිව්වයි කියල චූටි මැණිකෙ ෂුරාට අම්ම මෝ නැතුව බැණ අඬගහල.

      එදා ඉඳල ඒ අම්මණ්ඩි ෆුල් ස්ට්‍රයික්. ෂුරාට කන්ටත් නෑ අර ලෝකාස්වාදෙත් නෑ. ඒ හින්ද ඕකා මේ දවස්වල අර ගුල්මෙ හැදිච්ච බල්ල වගෙ හතීකොණ ඇවිදිනවලු නුහුගුණෙං වගේ...:)

      Delete
    2. එහෙනං මේ කතාව ඇත්ත බලාගෙන යනකොට.

      http://helmalu.blogspot.com/2017/02/blog-post_28.html?showComment=1488334428633#c6477320979612730839

      Delete
  4. උඹත් බාං එකක් පට්ටාං ගත්තහම ඒක ඉවර කරලා දාන්නෙ නෑ, තව එකක් පට්ටාං ගන්නවා, ටික දවසක් ගොහින් ඒකත් අතෑරලා දාලා අලුතෙන්ම එකක් පට්ටාං ගන්නවා.. බලහං දැන් ඔහොම පට්ටාං අරන් මග නැවැත්තුව ඒවා කීයක්නං තියේද කියලා.. මෙවුවා බලන්ට එන අපට තලන්ට ඕන මඩු වල්ගෙන්, මඩු වල්ගෙන්..

    අර සටහන් ටිකත් සිංහලෙන්ම දැම්මානං මොකෑ වෙන්නෙ?

    ජෝන් ග්‍රිෂාම් ගෙ, ස්ටීවන් කින්ග් ගෙ පොත් සිංහලට හරෝන එක නෙවෙයි අමාරු වැඩේ, එවුවා ප්‍රින්ට් කරන්ට කොපි රයිට්ස් ගන්න එක.. :-)

    උඹ කියවලා තියේය ‘ලේයර් කේක්‘ කියන පොත? මේකෙ ෆිල්ම් එකකුත් තියේ (ඩැනියෙල් ක්‍රෙග් ඉන්නෙ).. ෆිල්ම් එක හොඳයි පොතට වඩා..

    ReplyDelete
    Replies
    1. //බලහං දැන් ඔහොම පට්ටාං අරන් මග නැවැත්තුව ඒවා කීයක්නං තියේද කියලා//
      රවිගෙ වයිෆ්(ල) ගැනද මේ කියන්නෙ ?

      Delete
    2. @ B

      It's not all that difficult. All sorts of people are translating and publishing all sorts of books here.

      Delete
    3. /බලහං දැන් ඔහොම පට්ටාං අරන් මග නැවැත්තුව ඒවා කීයක්නං තියේද කියලා../

      කොහෙද බං ඔහොම උඹ කියන විදිහට මහ ගොඩක් තියෙන්නෙ? අභයගිරි කතා, කුකුළේ ගඟ කතා,ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ විමලෙගේ වාංපතුල් කතා දෙක මචං කවදාවත් ඉවරවෙන එව්ව නෙවෙයි. එව්ව මතක් වෙන මතක්වෙන විදිහට දිගටම ලියවෙයි මම ලියන තාක් කල්...

      එතකොට අනන්‍යගෙ කතාව මම ලියනවනෙ...අනික් එව්ව ඉතිං මම ඉවරකලානෙ. ඉඳපන් බලන්ට...හ්ම්ම්ම්... කුවේණි-විජය කතාව,කවිකාරියකගේ ප්‍රේමය, ආදර නිල් දෑසේ...සලීම්-අනර්කලී කතාව...සචිනිගේ කතාව...එතකොට උඹේ ප්‍රියතම දඩයක්කාරයගෙ කතාව..එතකොට නොහැඟවූ ආදරය..ඔව්නෙ එව්ව ඔක්කොම ඉවරයිනෙ.

      තව දෙකක් තියනව නම් තමයි...නිල් කට් රොල් මල් එකයි (අර අහල්‍යාගෙ කතාව මතකයි නේද?) ක්ලියෝපැට්‍රා හමුව..ඒ දෙක නම් ලියන්ට බැරිවුනා...ඒක හරි...:)

      මම ඔය කොළඹ වැඩ කරද්දි (අපේ රන්දිල් නෝන මහත්තය එක්ක ) ඒ සිද්ද වෙච්චි ආතල් කතා මම ලියන්ට හිතාගෙන ඉන්නව වෙනම කැටගරි එකක් යටතෙ...කුරුළුබැද්දේ කතා.....හෙහ්,හෙහ්

      /අර සටහන් ටිකත් සිංහලෙන්ම දැම්මානං මොකෑ වෙන්නෙ?/

      යස් මල්ලි ඔබ හරි..ඒක උනේ මේ පෝස්ට් එක ලියල ඉවරවුනේ රෑ දෙගොඩහරියෙ යක්කු ගස්යන වෙලාවට. අනික මේ දවස්වල මෙහෙ පට්ට සීතලයි. ඒ හින්ද ලේසියට ඉංගිරිසි එකම කොපි කරල දැම්ම.අන්න මම ඒ ටික සිංහලෙන් දැම්ම..තෑන්ක්ස් බූරා..:)

      /ජෝන් ග්‍රිෂාම් ගෙ, ස්ටීවන් කින්ග් ගෙ පොත් සිංහලට හරෝන එක නෙවෙයි අමාරු වැඩේ, එවුවා ප්‍රින්ට් කරන්ට කොපි රයිට්ස් ගන්න එක.. :-)/

      යස් මම හිතන්නෙ අස්ප ගාණක් ගෙවන්න ඕන ඇති. ඉතිං එහෙම ගෙවල අයිතිය අරගෙන පොත විකිණුනෙ නැත්තං හබක් හින්ද පබ්ලිෂර්ස්ල පස්ස ගහනව ඇති...:)

      /උඹ කියවලා තියේය ‘ලේයර් කේක්‘ කියන පොත? මේකෙ ෆිල්ම් එකකුත් තියේ (ඩැනියෙල් ක්‍රෙග් ඉන්නෙ).. ෆිල්ම් එක හොඳයි පොතට වඩා../

      ලේයර් කේක් පොත කියවල හෝ ෆිල්ම් එක බලලා නැත. දෙකම කරන්නට ඕනෑය...:)

      Delete
    4. Ano,

      /රවිගෙ වයිෆ්(ල) ගැනද මේ කියන්නෙ ?/

      මොන වයිෆ්ලද බං?....:)

      Delete
    5. Pra,

      /It's not all that difficult. All sorts of people are translating and publishing all sorts of books here./

      Yeah, you are right but Pra but I think the amount to be paid to get translation rights to well known authors ( such as King, Follet, Grisham, Patterson, Archer, Child and Baldacci) must be very steep. I think may be that's the reason no one has tried translating them.

      Delete
    6. ඇයි එතකොට "කුමරියකට පෙම් කලෙමි"? ඒක කවදද ලියන්නෙ?

      Delete
    7. බූරා,

      අනේ බං ඒක ලියන එක ටිකක් සිරා වැඩක්. සතියට දෙකක් වගෙ කොටසින් කොටස ලියන්ට බෑ ඒ කතාව. මගෙ හිතේ කාලෙක ඉඳල (මම බ්ලොග් එකක් ලියන්ටත් කලින් ඉඳල) ඇටුවම් බැහැල තියන කතාවක් ඒක.

      එහෙම කතාවක් සම්පූර්ණයෙන් දිව විකාගෙන ලියල ඉවර කරන්ට ඕන. ඊට පස්සෙ කොටසින් කොටස දැම්මැහැකි. එහෙම නැතුව එදිනෙදා ලියන්ට ගියොත් අර දඩයක්කාරයට වෙච්චි සන්තෑසිය ඒකටත් වෙන්ට පුලුවන්. ඒකයි මේ ප්‍රමාදය...සමාධිය භජනය කොට වදාරන සේක්වා!...:)

      Delete
  5. හොඳ---පොලිසියක්...... අපේ රටේ වගේමයි...

    හුසේන් බෝල්ඩ් මේ කියන කතා දන්නවනම් දිවි නහ ගනී... ක්‍රීඩා ජීවිතෙන් අයින් වෙයි...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      බෝල්ට් ගොයිය කොහොමත් මේ අවුරුද්දෙ අයින් වෙනවලු.

      Delete
  6. ඕන්න ඉතින් තවත් එකක් පටන් ගත්ත! දැම්මොත් බලාගෙනයි තව පිටුවක්...මේ පිටුව කරපු හරිය මදිවට

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      නෑ..නෑ..මේ වැඩේ දිගටම කරගෙන යන්ට කිසිම අපේක්ෂාවක් නැත. තව එක කොටසක් ලියනව SWAT ප්‍රහාරයෙ ඉතිරි හරිය ගැන කියන්ට. එපමණයි. මට ඕන කලේ ග්‍රීෂම් ගැන නොදන්න අයට උන්දැව අඳුන්වල දෙන්ට..එපමණයි.

      PS - මේ ඔහෙගෙ බ්ලොග් එකට යන්ට බෑ නෙව..මෙහෙම මෙසේජ් එකක් එනව..:(

      This site can’t be reached

      The connection was reset.

      ඔහෙගෙ බ්ලොග් එකට විතරමයි ඒ අවුල තියෙන්නෙ..අලේ මල්ලල්ලෑ

      Delete
    2. එහෙනම් ඉතින් කමක් නෑ.. ඔය කිව්වට............. බලමුකෝ නෙහ්

      ඊයේ මොකද්දෝ විනම්බෑසියක් වෙලා තිබ්බ මම හිතන්නේ. මම හිතුවේ වයිෆයි අවුලක් කියල. දැන් හරි ඇති මම හිතන්නේ. මගේ 'කොලේ'ටමයි දඩ කොලේ වදින්නේ... අය්යු..

      Delete
  7. /ජානපදිකයො/ මේ වචනෙ මට කලින් හම්බවෙලා නැහැ භාවිතයේ තියන එකක්ද? නව නිර්මාණයක්ද? :)

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      අලුතින් මිනිස්සු පදිංචි කරල හදපු ජනාවාස ගම්බිම් ඒ කාලෙ හඳුන්වල තියෙන්නෙ කොළණි කියල.

      පාරම්පරික ගම්වල මිනිස්සු ආ උං කොළණි කාරයොනෙ කියල අවඥා සහගතව තමයි ඒ අයට සලකල තියෙන්නෙ. ඒ කොළණි කාරයෝ නොහොත් ඉංග්‍රීසියෙන් Settlers කියන වචනෙට තමයි ජානපදිකයො කියල යෙදෙන්නෙ. ඒක මම හදපු එකක් නෙවෙයි. සාමාන්‍ය භාවිතයෙ තියෙන වචනයක්.

      Delete
    2. ඉදල හිටල ජාන හුවමාරු වැඩත් කලා වුනාට, කොළණිකාරයන්ට කියන්නේ ජාන+පදිකයෝ කියා නෙවෙයි,ජන+පදිකයෝ කියලායි, මී මැස්සො නැවත පදිංචි කරපු පෙට්ටි ගොඩක් තියන තැන් වලට කියන්නේ කියන්නේ මීමැසි ජනපදය කියලනේ, ගොවියෝ නැවත පදිංචි කරපු තැන් වලට තියන්නේ ගොවි ජනපදය කියලයි.

      Delete
    3. ඇණයා,

      ඔබ හරි නිවැරැදි වචනය ජනපදිකයින් තමයි. ජනපද කළ්‍යාණි එහෙම මතකයි නේ?

      Delete
    4. නම කියවන්න බැරි එකෝ, ජාන පදිකයා කියන්නෙ gene rider. ඕක මම දෙහිඅත්තකණ්ඩියෙ ඉන්නකොට තනියෙම කල සොයා ගැනීමක්. සියලු හිමිකම් ඇවිරිණි. :D

      Delete
    5. Dude,

      මචං පදිකයා කිව්වම Pedestrian වෙන්න ඕන නේ?

      පදික වේදිකාව බලපං .... එතකොට පදික මාරුව = Pedestrian Csossing

      Delete
  8. //කොණ්ඩෙ විතරක් ක්‍රේල්. //

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ඒකෙන් වෙන තේරුමකුත් එනව වගෙ නේ? මම අදහස් කලේ ඒ මනුස්සයගෙ ජැමයිකන් ලක්ෂණ වලින් ඉතුරුවෙලා තියෙන්නෙ Curly hair විතරයි කියල..:)

      Delete
  9. Replies
    1. Kalyana,

      No, This guy was William Bradfield.

      Delete
  10. මං හිතුවේ වාන් පතුල් කතාවක් කියල.. බිල් ගැන මතක් වෙන නිසා කතාවේ රසයට බාදා වෙනවා.. ඉක්කනට කියහන්කෝ මේ කියන්නේ Bill Orr (William Orr) ගැනද කියල. :)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      වාං පතුල් කතාවක් හෙට අනිද්ද ලියන්නම්. නෑ මලේ උඹ කියන මනුස්සය නෙවෙයි මම හිතන්නෙ...

      Delete
    2. සහ්.. එහෙමද? මගේ ප්‍රොජෙක්ට් මැනේජර් හොල්සිම් එකේ බිල්.. මිනිහගේ නමත් විලියම් තමයි බිල් කියුවට.. සෑහෙන්න කාලයක් ලංකාවේ වැඩ කරලා තියෙනවා.. මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්.. සුපිරිම චරිතයක් මං බැලුවේ මිනිහාවත්ද කියල :)

      Delete
    3. මලේ,

      ඉංගිරිසි නම් කෙටිකරල කියන සම්ප්‍රදායක් තියෙනව.

      විලියම් - බිල්
      රොබට් - බොබ්
      ඇන්ඩෲ - ඇන්ඩි
      රිච්ඩ් - ඩික්
      හැරල්ඩ් - හැරී

      ඒ හින්ද බිල් කිව්වොත් අනිවා පොරගෙ නියම නම ඇවිල්ල විලියම් වෙන්න ඕන..

      Ex - බිල් ක්ලින්ටන්, බිල් ලෝරි, බිල් ගේට්ස්, බිල් කොස්බි, බිල් ඔරායලි, බිලී ද කිඩ්

      Delete
    4. එලිසබෙත් -> ලීසා/ ලිසී/ ලිස්
      රෙබෙකා -> බෙකී
      මාර්ග්‍රට් -> මැගී

      අනිත් ඔක්කෝමත් හරි, මට හිතාගන්ට බැරි රිචඩ් -> ඩිකී වුන විදියයි, ජෝන් -> ජැක් වුන විදියයි තමා... :-)

      Delete
    5. අප්පට සිලි.. අදනේ ඒක දැනගත්තේ .. තැන්කූ වේවා ජේෂ්ඨ උත්තමයෝ දෙන්නටම :)

      Delete
    6. Why is Dick from Richard?

      The name Richard is very old and was popular during the Middle Ages. In the 12th and 13th centuries everything was written by hand and Richard nicknames like Rich and Rick were common just to save time. Rhyming nicknames were also common and eventually Rick gave way to Dick and Hick, while Rich became Hitch. Dick, of course, is the only rhyming nickname that stuck over time. And boy did it stick. At one point in England, the name Dick was so popular that the phrase "every Tom, Dick, or Harry" was used to describe Everyman.

      Why is Jack from John?

      The name Jack dates back to about 1,200 and was originally used as a generic name for peasants. Over time, Jack worked his way into words such as lumberjack and steeplejack. Even jackass, the commonly used term for a donkey, retains its generic essence in the word Jack. Of course, John was once used as a generic name for English commoners and peasants, (John Doe) which could be why Jack came became his nickname. But the more likely explanation is that Normans added -kin when they wanted to make a diminutive. And Jen was their way of saying John. So little John became Jenkin and time turned that into Jakin, which ultimately became Jack.

      Delete
    7. @ කමියා,

      මොක්කුද බං ජ්‍යෙෂ්ට උත්තමයො කියන්නෙ? ඒලියන්ස්ලා වගේ ජාතියක් ද? :-D

      @ ප්‍රා,

      මමත් පොඩ්ඩක් ඔය ගැන කියෙවුවා ප්‍රා. රිචඩ් -> රික් -> ඩික් කියන එක නම් පිළිගන්ට පුළුවන්. ඒකත් රොබර්ට් -> රොබ් -> බොබ් වගේ තමා. ර, ඩ, බ අකුරු ඔක්කොම එක හා සමානව වර නැගෙන ඒවා නිසා.

      ඒත් ජෝන් -> ජෙන්කින් -> ජැකින් -> ජැක් නම් ටිකක් පිළිගන්ට අමාරුයි අමාරුයි වගේ නෙවෙයි ද?

      මේවා මාර ඉන්ටරෙස්ටින් ටොපික්ස් නේ ද? මමත් හරිම කැමැති දෙයක් තමා ඔය පැරැණි නම් හැදුන/ වෙනස් වුන හැටි (සෙල්ටික් -> රෝමන් -> සැක්සන් -> ඇන්ග්ලෝ සැක්සන්) ගැන කියවන එක. විශේෂයෙන් ස්ථාන නාම.

      Delete
    8. Etymology මගේ ප්‍රියතම විෂයක්.
      බුරතීනෝට එවන්න දෙයක් තියනවා ඒත් ඊමේල් ලිපිනයක් නැතුව බෑනෙ.
      පල්ලෙහා තියන ලිපියට අදාල එකක්

      https://publicsphere2017.wordpress.com/2017/02/12/%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bd-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b7%93%e0%b6%b4%e0%b7%8a-%e0%b6%92-%e0%b6%a2%e0%b6%ba%e0%b6%ad/

      Delete
    9. බූරා,

      ජේෂ්ඨ උත්තමයො කියන්නෙ ෂින්නො බං ෂින්නො..අර හින්නො වගෙ ජාතියක්...:)

      උඹට සතුටෙ ගිය බට්ටි මතකද? ඒකෙ හිටිය හින්නිකිතරා කියල මැරයෙක්...තව හිටිය එකෙක්...උගෙ නම කැරංකොක්කා...:)

      Delete
    10. හින්නිකිතරා මතකයි, කැරංකොක්කා කියල එකෙක් මතක නෑ නෙවැ බං...

      මෙන්න තියෙනවා බට්ටි, බලහං ඒකෙ ඉන්නවද කියලා..

      ආ.. මතකද උඹ අනාදිමත් කාලෙක ඇහුවා වික්‍රම ඇඳපු අර අක්කා නංගිගෙ ළමයි දෙන්නා ගඟේ පා කරලා යවන කතාව මොකක්ද කියලා? ඒ මංජු. එතකොට මේ දවස්සොල යනවා ඔන්න වික්‍රමගෙ වීර තීසියස් කතාවත්..

      Delete
    11. @ B,
      Awaiting with bated breath ! :-D
      Hope you have my address or can get it from someone.

      Delete
    12. බූර්ස්,

      හුටා දැන්නෙ මතක් වුනේ. හින්නිකිතරා ඉන්නෙ මංජු කතාවෙනෙ. කැරංකොක්කෙක් නම් ඒකෙ නැද්ද කොහෙද තමා. ඒත් මට ඒ නම හොඳටම මතකයි. තව එකෙක් හිටිය කූරුං කියල...හෙහ්,හෙහ්,

      ආය මම හරිම ආසාවෙන් ඉන්නෙ ඇන්ටන් බී. පෙරේරගෙ සල්ෆා කතාවයි,අනුර විජේවර්ධනගෙ මිස්ටර් ෂොක් 909 කතාවයි බලන්න...:)

      Delete
    13. ඇයි බං සල්ෆා කතාවත් ගියානෙ ඕකෙ.. ඒක ඇඳලා තියෙන්නෙ ඇන්ටන් බී පෙරේරා නෙවෙයි, ෆීලික්ස් පෙරේරා..

      Delete
    14. බූරා,

      තෑන්ක්ස් මල්ලි...මට සල්ෆා මිස් වුනේ මම ඒක ඇන්දෙ ඇන්ටන්.බී. පෙරේරායි කියල හිතලනෙ හෙව්වෙ...ඒක හින්ද වෙන්න ඕන.... බලනකොට ෆීලික්ස් පෙරේරනෙ ඇඳල තියෙන්නෙ. අර ඕල්වේස් බ්‍රේක්ඩවුන් කියල සංගීත කණ්ඩායමක් ගැන කතාවක් ඇන්දෙත් ෆීලික්ස් පෙරේරා නේද?

      Delete
    15. ඉතිම් බලහල්ලා උඹලා මේ කතාවෙන පුරාවෘත ගැන බැලුවම මට වඩා සුවල්ප කාලයක් ජීවත් වෙලා තියේ කියලද හිතංනේ.. ජේ.උ. නෙවෙයි හරිනං මුත්තේ කියලයි කියන්න වෙන්නේ.. හැක්

      Delete
  11. ඒකත් හොඳයි වගේ...
    ඔන්න ඔහේ අනන්‍යව ඉක්මණට අර අවාසනාවන්ත කොවුලගේ කරේ ගහල හිටං අපි මේ වැඩේ පටන් ගම්මු...

    ///නිශා දෘෂ්ඨි ආරක්ෂක අක්ෂි ආවරණ (Night Vision Goggles) ///
    හැබැයි මෙන්න මේක නම් අවුල්, කොහෙන්ද "ආරක්ෂක ආවරණ" කියන කොටහ ආවේ...
    මොකද මුන් ඕක දාන්නේ රෑට ඇස්ගෙඩි දෙකේ පෙනීම වැඩි කරගන්න මිසක් ඇස්ගෙඩි දෙක පරිස්සං කරගන්න නෙමෙයිනේ...
    ඔය "ආරක්ෂක ආවරණ" කියන වචන දෙක කළනයව ශේප් කරගන්න දාපු උප්පරවැට්ටියක් වගේ...
    නරකද නිකං "නිශා දෘෂ්ඨි උපැස් යුවළ" වගේ නමක්. හෙහ් හෙහ්... ;)

    ReplyDelete
    Replies
    1. :))))) රවිය ඔහොම හිටියට මට හෙන බයයි.. හෙක්.

      Delete
    2. කවුද බං වලස්සුන්ට බය නැත්තෙ ?

      Delete
    3. ලොක්කා,

      ගොග්ල්ස් වලට කියන්නෙ ආරක්ෂක අක්ෂි ආවරණ කියලනෙ. ඒ හින්දයි මම නයිට් විෂන් ගොග්ල්ස් වලට ඒ විදිහට යෙදුවෙ...:)

      Delete
    4. කළ්‍යාණ,

      බය නැද්ද බං? ...:)

      Delete
    5. කම්මල,

      You underskirt...:)

      Delete
  12. ලොවටම දැනෙණ රොග් ලෝයර් පොත රසට
    තිතටම ලියා ඇත රවියත් බ්ලොගයකට
    තරහම නොගෙන අපෙ හිත සුව පිණිස හෙට
    දිගටම ලිව්වොතින් රවියෝ තව පින් කුමට........:).

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිස්සු කියවන්නෙපා දුමියෝ ඔය ලෙසට
      රවියා මග හිටවු කීයක් දැන් ඇතිද
      තව මගුලකට මුල පිරුවොත් අද මෙලෙස
      අම්මප ගහනවා උස්සල ඉඳි ගහක

      Delete
    2. අඩේ මරු රිප්ලයි එක.. :-D

      Delete
    3. කියමින් කොමෙන්ටුවෙ අලුතින් නොලියන්ට
      තියමින් ඇතිය රවියා සඳහනක් කොට
      සතුටින් ප්‍රසන්නගෙ සිනහව පෙනෙයි මට
      එබැවින් පලක් නැත ඉඳි ගස් හොයන්නට.......

      ජයවේවා!!!

      Delete
    4. ජයවේවා !!

      (ඒ උනාට රවී අයිය කියන දේවල් සත පහක විස්වාසයක් කළ නොහැකි බවද ප්‍රකාශ කරමි. හැක්..)

      Delete
    5. දාම ලෙසට ලියන කතා නිමක් නැතී
      ප්‍රේම කරමි ඒ සටහන් වලට නිතී
      කෑම නොකා සිටියත් ලිපි බලමි නිතී
      තාම රවී අයියා ගැන දන්නෙ නැතී........

      ජයවේවා!!!

      Delete
    6. දුමියා,

      හෙහ්..ආය අමුතුවෙන් කියන්ට දෙයක්ය..උඹ ඇවිල්ල ප්‍රතිභාපූර්ණ කවියෙක් නෙව...

      ආ..ඒක නෙවෙයි මේ...අඩේ බං අපේ මේ ප්‍රසන්නයට හොඳ කවි දෙකතුනක් ලියල දියංකො...ලැමිනේට් කරල කඩේ එල්ලන්ට.මාතෘකාව ණයට දීලම ඌ බංකොලොත්වෙලා ඉන්න විදිහ ගැන කියල. කොටින්ම බඩු ගන්ට එන පාරිබෝගිකයින්ට කියෙව්වම ඇඬෙන සයිස් එකට. අඬල ඉවරවෙලා කඳුලු එහෙම පිහගෙන අත්පිට සල්ලි දීල බඩු අරංයන්ට හිතෙන විදිහෙ නොම්මර එකේ කවි දෙක තුනක් ලියල දියංකො මලේ...කිකම්ම නෙවෙයි...ප්‍රසන්නය සෑහෙන ගානක් ගෙවයි..ඕකා ලෝස් නැති මනුස්සය...

      Delete
    7. නිතරම ණයට දුන් හින්දම මගෙ මාලී
      ගමටම ගියා දැන් තනියම මම වේලී
      හොඳටම ගුල්ලො කයි දොර පලු අඹ ලෑලී
      දුකටම බඩ පිරුණු මම තනි මුදලාලී.....

      ජයවේවා!!!

      Delete
    8. දුමී,

      අප්පට සෝරු..මෙන්න කවි..

      ප්‍රසන්න මලේ..ඔන්න ඔය කවිය රාමු කරල එල්ලහං කඩේට එන කාටත් හොඳාකාරව පේන තැනක.

      අප කරදුන් ගුරුකමක් වැරදුනේ නැත. සුලු වැඩ වලට ගෝලයෙක් එවමි...අද්දුටුවයි සත්තයි හරි නොගියොත් මුදල් ආපසු..

      ඒයි දුමියා..අර විල්බට් අඹතලාව වගෙ උඹත් පටන්ගනිංකො කවි ලියන බිස්නස් එකක්..උඹට වරදින එකක් නෑ...

      Delete
    9. හැක්.... ඒක මරු

      Delete
  13. ඔබගේ පරිවර්ථන හැකියාව බොහොම ඉහලයි. පරිවර්ථන කෘතියක් පළ කිරීමට කාලයයි. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි චන්දන...:)

      Delete
  14. ස්තූතියි ඔබට මේ ලේඛකයාව හඳුන්වා දුන්නට!

    ReplyDelete
    Replies
    1. චන්දන,

      මම මේ සටහන ලිව්වෙම ඒ බලාපොරොත්තුවෙන්...:)

      Delete
  15. මටනම් හිතෙන්නේ මේ රොග් ලෝයර්ටත් වඩා අර සුද්දා එකක් ගම්තුලානේ කරක් ගහනකොට කල කී දෙවල් ඇසු දුටු දෙවල් බොහොම රසවත් ඇති කියලයි.

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      හයියෝ කියල වැඩක් නෑ බං..ඔලුව නරක්වුනා මගේ..ඔන්න එක පාරක් රැස්වීමකට ගිහිල්ල ඉද්දි එක වයසක මනුස්සයෙක් ඇවිල්ල කියනව සුද්දො ඇවිල්ල අපේ රට අල්ලගෙන කරපු විනාසෙ ගැන මට කියන්ටලු සුද්දට. ඒ කරල උගෙං අහන්ටලු ඒ ගැන මොනවද ඌට කියන්ට තියෙන්නෙ කියල...අයියෝ කියල වැඩක් නෑ...

      Delete
  16. //නම විලියම්. ඒ කියන්නෙ බිල්//

    මොකද්ද බන් අයියේ මේ අපබ්‍රන්ස් කතාව ?

    ReplyDelete
    Replies
    1. සයුරි,

      උඹ මට පේන්නෙ කමෙන්ට්ස් කියවල නෑ වගේ...හරි මෙහෙමයි දැන් සීන්ස් එක..

      ඉංගිරිසි නම් කෙටිකරල කියන සම්ප්‍රදායක් තියෙනව.

      විලියම් - බිල්
      රොබට් - බොබ්
      ඇන්ඩෲ - ඇන්ඩි
      රිච්ඩ් - ඩික්
      හැරල්ඩ් - හැරී

      ඒ හින්ද බිල් කිව්වොත් අනිවා පොරගෙ නියම නම ඇවිල්ල විලියම් වෙන්න ඕන..

      Ex - බිල් ක්ලින්ටන්, බිල් ලෝරි, බිල් ගේට්ස්, බිල් කොස්බි, බිල් ඔරායලි, බිලී ද කිඩ්

      Delete
    2. හප්පද බොල. තැන්කු තැන්කු. දැන් තමා මට තේරෙන්නේ සමහරු විපිරියාස නික් නේම් දාගෙන ඉන්නේ මොකද කියලා. පැට්‍රිෂියා - ට්‍රිෂ්, ජේම්ස් - ජිම්. ඕවත් එහෙනම් සම්මත එව්වා වෙන්න ඇති

      Delete
  17. මමත් ග්‍රිෂම්ගෙ පොත් ඔක්කොම වගේ(ඔය උඹ දාපු පොත ඇර) කියවලා තියෙනවා. මම මුලින්ම කියෙව්වෙ Street Lawyer.
    මට මුලු ඉංග්‍රීසි සාහිත්‍ය ගැනම හැමදාම තියෙන ප්‍රශ්ණයක් තමයි හැම පොතකම පිටකවරෙ ගහල තියෙන Best seller කතන්දරේ. හැම පොතක්ම Best seller එකක් වෙන්නෙ කොහොමද බං?

    ReplyDelete
    Replies
    1. ඇයි බං දැන් කාලේ මගුල් ගෙයක් ගනින්කො... බෙස්ට්මන්ලම කීදෙනෙක් ඉන්නවද? ඉතිං බෙස්ට් සෙලර්ස් ඔච්චර ගොඩක් තියන එක අහන්න දෙයක්ද? ...

      Delete
    2. හෙන්රි,

      The Rainmaker මගේ හද සසළ කල කතාවක්....

      Delete
    3. මගෙත්. උඹ Rain Man බලලා තියෙනවද? අන්න මගෙත් හද සසල කල කතාවක්. ග්‍රිෂෑම්ගෙ නෙවෙයි. බුලට් බඩු දෙකක් ඉන්නෙ. Dustin Hoffman and Tom Cruise.

      Delete
    4. Bura, Thanks lokka. උඹට කියන්න මම New York Times best seller නොවන පොත් කියවලම නැද්ද මන්දා Carl Muller ඇරුනාම. ටිකක් කියවලා එපා වෙලා අල්ලලා විසිකරන පොතුත් ඔක්කොම New York Fucking Times Best sellers!

      Delete
    5. Dude,

      /බුලට් බඩු දෙකක් ඉන්නෙ. Dustin Hoffman and Tom Cruise./

      Rain Man මම බලන්ට ආසාවෙන් ඉන්න ෆිල්ම් එකක්. ඩස්ටිය මගෙ ෆේවරිට් ඇක්ටර් කෙනෙක් වුනේ හැත්තෑගණංවල Kramer Vs. Kramer බලපු දවසෙ ඉඳල.

      Delete
    6. @ Dude,

      ඕකත් බාං අර Wrigley's Weekly Top 40 වගේ එකක් තමා. සතියෙන් සතිය ලැයිස්තුව වෙනස් වෙනවා. අනික එකේක ෂානර්වලින් පොත් තියෙනකොට සතියකට කොහොමත් බෙස්ට් සෙලර්ස් හත-අටක්වත් ඇති.

      අනික ඔය කියන්නෙ බෙස්ට් සෙලර්ස් ගැන මිසක් බෙස්ට් බුක්ස් ගැන නෙවෙයිනෙ. ඉතිං උඹ වගේ ටිකක් කියවලා එපාවෙලා අල්ලලා වීසි කරන්ටත් පොත සල්ලි දීලා අරන් ඉන්ට එපායැ. අපි කොහොමද දන්නෙ ඔය පොත මිල දී ගත්ත හැමෝම පොත සම්පූර්ණයෙන්ම කියෙවුවද නැත්තං උඹ වගේ පිටු දෙකතුනක් කියවලා අල්ලලා වීසි කලාද කියලා? ඔවුවා ඔක්කෝම මාර්කටින් ටින් ටින් තමා... :-)

      Delete
  18. පොරගෙ පොත් දෙකක්ද කොහෙද කියෙව්වා... එකක් නම් මතකයි... කොහේ හරි කැලෑවක පාඩුවෙ ජීවත්වෙන කෙල්ලෙක්ට තමන්ගේ තාත්තා සම්පූර්ණ බූදලයම ලියන කේස් එකක්...

    ReplyDelete
  19. තිසර,

    /කොහේ හරි කැලෑවක පාඩුවෙ ජීවත්වෙන කෙල්ලෙක්ට තමන්ගේ තාත්තා
    සම්පූර්ණ බූදලයම ලියන කේස් එකක්.../

    අඩේ..එහෙම කතාවක් මතකම නෑනෙ...

    මචෝ හෙන්රි,

    උඹටවත් මතකද එහෙම කතාවක්?

    ReplyDelete
    Replies
    1. I guess Thisara is talking about The Summons.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...