Wednesday, November 23, 2011

64. නොහැඟවූ ආදරය......The Unexpressed Love......6

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

" තෑන්ක්ස් මල්ලි...මම ඇත්තටම බඩගින්නෙ.... හිටියෙ අද ආපහු යනකොට කීය වෙයිද මන්ද?.......'' ඈ පැවසූයේ බත් ස්වල්පයක් බෙදා ගන්නා අතරය.

'' බෙදාගෙන කන්න... ඔන්න මම බෙදන්නෙ එහෙම නෑ.....'' මේසය මත වූ ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වත් කරගන්න අතර මම පවසුවෙමි.

'' රමණි මියුසික් ටීචර් කෙනෙක්......'' නිහඬව ආහාර ගනිමින් සිටි ඈ එක්වරම පැවසුවාය.

'' මට හිතුනා.......'' නිතැනින්ම මට පැවසුනේ රමණි අක්කාගේ මියුරු ගායනය සිහිවූ බැවිනි.

ලක්ෂ්මී හිස ඔසවා මදෙස බැලූ නමුදු මා එසේ සිතුවේ ඇයිදැයි විමසූයේ නැත.

'' රමණි අක්ක බැඳල ද?......'' මම ඒ වදන් පිටකලේ බොහෝ ආයාසයෙනි.

'' ඒක නම් මම දන්නෙ නෑ හරියටම.....මම ඔය වැඩි විස්තර ගුණේගෙන් අහන්නෙත් නෑ...එයා කියන්නෙත් නෑ......ඇති මල්ලි කෑව..'' ඈ නැඟීසිට අත සෝදාගත්තාය.

'' ඩැනියෙල්.....ගිහිල්ල මුතුබණ්ඩට කියන්න ලොකු මහත්තය කිව්වයි කියල කදුරුවෙලට යන්න ඩීසලුත් ගහගෙන එන්නෙයි කියාල. '' මම ඩැනියෙල් පිටත් කලේ ජීප් රථයේ රියදුරාට පණිවිඩය දෙනු පිණිසය

වතුර වීදුරුව ද රැගෙන ඈ නැවත වරක් අසුනට බර වූවාය. '' මල්ලි ගුණේ ඇත්තටම හරිම හොඳ කෙනෙක්. මගෙ ජීවිතේට හම්බ වෙච්ච හොඳම ගතිගුණ තියෙන පුද්ගලයයි කියල බය නැතුව කියන්න පුලුවන්. මටයි දරුවො දෙන්නටයි කිසිම අඩුවක් කලේ නෑ. හරිම ආදරෙන් සැලකුව. අපි දෙන්න අතරත් ප්රශ්න තිබ්බෙම නෑ කියන්න පුලුවන්. ඔය කොයි පවුල් වලත් ඇතිවෙන පොඩි පොඩි හිත් අමනාපකම් ඇරෙන්න.... එව්ව එවෙලෙට ඉවරයි.'' කතාව මදකට නතර කල ඕ වතුර වීදුරුව අවසාන වනතෙක් පානය කලාය.

අනතුරුව ඇරුණු දොරින් පෙනෙන මිදුලේ දැඩි අව්ව නිසා හේබාගිය රෝස පඳුරු කීපය දෙස මොහොතක් බලාසිට දිගු සුසුමක් හෙලුවාය.

'' ඒත් ගුණේ මෙහෙම කළේ ඇයි ද කියන එක මට හිතාගන්න බැරි ප්රශ්නයක්....ගුණේ එහෙම ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙවෙයි...ඒ නිසා දරු දෙන්න වෙනුවෙන් මම වෙනුවෙන් ඒ ඔක්කෝටම වැඩිය ගුණේ වෙනුවෙන් මම එයාට අවස්ථාවක් දෙනව.....''

'' ඒක හොඳයි අක්ක....'' ඈ මට වැකිය අවසන් කිරීමට ඉඩ නොදුන්නාය.

'' ඉන්න මම කියල ඉවර වෙන කල්....මල්ලි හිතන එක නෙවෙයි මම කියන්න යන්නෙ, මම එයාට අවස්ථාවක් දෙන්නෙ මේ කරපු දේ ගැන හේතු පහදන්න. ඊට පස්සෙ ගුණේට කියන්න හේතුවක් ඇත්නම් ඒ හේතුයි, දරුවන්ගෙ සහ අපේ අනාගතයයි ඔක්කොම සාධාරණව සළකල බලල මම තීරණයක් ගන්නව.''

ඇගේ හඬෙහි වූයේ දැඩි තීරණාත්මක බවකි.එහෙත් දෙතොලග මද සිනහවක් ද නලියනු මම දුටිමි.

ඇගේ වදන් මෙන්ම ඒ ස්වරය ද ඈ කෙරෙහි දැඩි අනුකම්පාවක් මුසු වුනු ගෞරවයක් වැනි හැඟීමක් මසිත පිරී ගියේය.

'' ස්තූතියි මල්ලි හැමදේටම.....අපි ආයෙ බොහෝ වෙලාවට හමු වෙන්නෙ නැතිවෙයි....ඒත් ආයෙමත් ස්තූතියි ඔයාට....'' ඈ සමුගනිමින් පැවසුවාය.

එදින කදුරුවෙලට පැමිණි මම කුරුණෑගල බලා යන බස් රථයක ඇය නංවා ආපසු පැමිණියෙමි. ඒ මා ඈ දුටු අවසන් අවස්ථාවය. ඉන්පසු කිසිම දිනෙක මම ඈ නුදුටිමි.

ගුණේ අයියා එම සිද්ධියෙන් පසු නැවත අප කඳවුරට පැමිණියේ නැත.ඒ සමයෙහි වවුනියාවට එපිට යුද කලාපයෙහි නව ව්යාපෘතියක් අප ආයතනය මඟින් අරඹා තිබිණි. එහි සේවයට යාමට බහුතරයක් මැළිවූ අතර එහි සේවය සඳහා යවනු ලැබූවන් පවා කලේ හැකි විගස අපසු ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණීමටය. ගුණේ අයියා එහි සේවය සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව එහි ගිය බව සතියකට පමණ පසු අපට දැන ගන්නට ලැබිණ.

කඳවුරේ අපේ ජීවිතය සුපුරුදු ජීවන රටාවට නැවත හැඩ ගැසිනි.සුපුරුදු ලෙස දවස පුරා රාජකාරිය, සවස ක්රිකට් හෝ මේස පන්දු ක්රීඩාව, දින කිහිපයකට වරක් මත්පැන් සාදයක් පැවැත්වීම ඒ සුපුරුදු ජීවන රටාවේ ප්රධාන කටයුතු විය.ඊට අමතරව මගේ දින චර්යාවට එකතු වූ නවතම අංගය වූයේ ලොක්කා කාර්යාලයෙහි බැහැරව ගිය අවස්ථාවන්හි කාර්යාලයේ ලිපිකාරිනිය වූ වසන්ති සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදීමය.ප්රිය මනාප යුවතියක වූ ඕ මා කෙරෙහි උනන්දුවක් දැක්වූවාය. රමණි අක්කාගේ ආගමනය හේතු කොටගෙන වසන්තිට ප්ර‍තිචාර දැක්වීමට මට අවස්ථාවක් නොලැබිණි.

ගුණේ අයියා සහ රමණි අක්කා මාසයකට කිට්ටු කාලයක් දිවි ගෙවූ විවාහක නිවෙසට සති දෙකකට පමණ පසු අපගේ ගබඩා භාරකරු වූ චන්දරේ ඔහුගේ බිරිඳ සමඟ පදිංචියට පැමිණියේය. ඔහුගේ බිරිඳ හා අපේ ඇසුර ක්රිකට් පිති ආදිය ද රැගෙන ඔවුන්ගේ නිවෙස ඉදිරියෙන් පිටිය කරා ගමන් කරද්දී ඇය ගෙමිදුලෙහි සිටියහොත් " අක්කා, කොහොමද ඉතිං? '' යයි විමසීමට සහ සුහද සිනහවකට සීමා විය.ඉඳහිට නිවසෙහි පිටුපස වීර ගස දකින විට රමණි අක්කාගේ ගී ගැයුම මගේ සිතේ සැඳෑ අහසක දිස්වන විදුලියක් මෙන් ඇඳීගොස් එකෙනෙහිම මැකී ගියේය

චන්දරේට ඔහුගේ බිරිඳ සමඟ නිවසෙහි පදිංචියට ඒමට සති දෙකක කාලයක් ගත වූයේ ද ගුණේ අයියාගේ සිද්ධියෙහි අතුරු ඵලයක් හේතු කොටගෙනය. ගුණේ අයියාගේ බිරිඳ පැමිණ ගොස් දින දෙකකට පසු කාර්යාලීය දැන්වීම් පුවරුවේ මෙවන් දැන්වීමක් ප්රදර්ශනය කොට තිබිණි.

චක්රලේඛන අංක......

සියලු නිලධාරීන් / සේවකයින්ගේ දැන ගැනීම සඳහා,

වහාම ක්රියාත්මක වන පරිදි කඳවුරේ විවාහක නිවාස සඳහා අයදුම්කරුවන් පහත සඳහන් ලිපිලේඛන අයදුම් පත්රය සමඟ අමුණා ඉදිරිපත් කල යුතුය.

1. විවාහ සහතිකයේ ඡායාස්ථිති පිටපතක්

2. කලත්රයාගේ ජාතික හැඳුනුම් පතෙහි ඡායාස්ථිති පිටපතක්

ඉහත ලිපි ලේඛන සමඟ ඉදිරිපත් නොකරන අයදුම්පත් කුමන හේතුවක් කරණ කොටගෙන හෝ සළකා නොලබන බව වැඩි දුරටත් දන්වා සිටිමි,


----------------
ප්රධාන ඉංජිනේරු,

චන්දරේ ගේ විවාහ සහතිකය අස්ථාන ගතවී තිබූ බැවින් කච්චේරියෙන් එහි පිටපතක් ලබාගෙන ඉදිරිපත් කරන තෙක් ඔහුට විවාහක නිවසෙහි පදිංචිය සඳහා අවසර නොලැබුණි.ඊට සය මසකට පමණ පෙර පැවැත්වුණු ඔහුගේ විවාහ මංගල්යයට ලොක්කා ඇතුළු අප සැම සහභාගී වුවද විවාහ සහතිකය ඉදිරිපත් කරන තුරු ඔහුට නිවාසය ලබා නොදීමට ලොක්කා ගත් තීරණයෙහි ඔහු එළෙසම රැඳී සිටියේය.

මසක් පමණ මෙසේ ඒකාකාරීව ගෙවී ගියේය.

මේ අතර රමණි අක්කා පිළිබඳ මතකය මෙන්ම ගුණේ අයියාගේ බිරිඳ ලක්ෂ්මී අක්කා පිළිබඳ මතකය ද කෙමෙන් මගේ සිතින් විය යුතු ලෙසම ගිලිහී යමින් තිබිණි

වසන්තී සමඟ වූ මගේ උකුළු මුකුළුව ද එක්තරා දුරක් ගමන් කොට යුවතියක හා සම්බන්ධයක් ඇරඹීමේදී ස්ථිර පොරොන්දුවක් ලබා නොදී යා හැකි උපරිම දුරට ලඟාවී එහි නතර වී තිබිණි. ඇය ප්රසන්න එමෙන්ම හොඳ ගති ගුණැති තරුණියක වුවද ඇයට මගේ කැමත්ත ප්රකාශ කිරීමට මා පසුබට වීමි. ඒ පිළිබඳව විමසූ මගේ මිතුරන්ට මම පැවසූයේ ''මම දන්නෙ නෑ බං මටත් හරියට හේතුවක් හිතාගන්න බෑ" ආකාරයේ පිළිතුරුය.

එක් දිනෙක මාහට රාජකාරියක් නොයෙදී තිබුනු සවසක මම කාමරයේ ඇඳෙහි දිගාවී කව් පෙලක් පබැඳීමට තැත් කරමින් සිටියෙමි.පසුගිය මසක කලක් තුල මා විඳි අත්දැකීම් කව් පොතක් පවා ලිවීමට සෑහෙන බව මම දැන සිටියෙමි.කුමක්දෝ අවශ්යතාවයකට කාර්යාලයට ගොස් සිටි ඩැනී මගේ කාමරයට පැමිණියේ මෙවිටය.

'' මහත්තය...වසන්ති මිස් මහත්තයට එන්න කිව්ව....''

මගේ හිතේ ඈ ගැන ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක් දැයි හරිහැටි වටහා ගන්නා තෙක් ඈ හමුනොවීමට මම තීරණය කර සිටියෙමි.එසේ හරිහැටි තීරණයක් නොමැතිව තවදුරටත් ඈ හා ආශ්රය කිරීම ඇයට කරන අසාධාරණයක් බව මම ඇයට පහදා දුනිමි. ඈ එයට එකඟ වූවාය. එබැවින් හදිසියේම ඈ මට හමුවන ලෙස දැන්වීම මසිතේ ඇතිකලේ නොරිස්සුමකි.

'' මොකටද ඩැනියෙල්? ''

'' ලියුමක් ඇවිල්ල කිව්වෙ මහත්තයට....''

'' ඉතිං ලියුමක් නම් ඩැනියෙල් අතේ එවන්න තිබුනනෙ, මොකෝ ආය මම්ම යන්න ඕනය ලියුම ගන්න...'' ටිකින් ටික වැඩි වන කෝපය පාලනය කර ගනීමට තැත් කරමින් මම ඇසුවෙමි.

'' එහෙනම් මම ගිහිල්ල ලියුම ඉල්ලං එන්නද? ''

'' එපා මටනෙ එන්න කියල තියෙන්නෙ. මම යන්නම් ''

කාර්යාලයට යන විට මගේ කෝපය පාලනය වී තිබූ අතර වසන්තී කෙරෙහි අනුකම්පාවක් ද සිතෙහි ඇතිවී තිබුනු බව සත්ය යකි.

'' මොකක්ද වසන්ති මට ආපු ලියුම? '' මම ඇගේ මේසය ඉදිරිපිට සිට විමසුවෙමි.

කථාවකින් තොරව මේස ලාච්චුව විවෘත කල ඕ ඉන් ඉවතට ගත් ලියුමක් මට දිගු කලාය.

ඒ දිනවල මට ලියුම් ලැබුනේ එක්කෝ අම්මාගෙන් එසේත් නැතහොත් නංගීගෙන් පමණි.මගේ අනෙකුත් මිතුරන් හෝ මිතුරියන් ලියුම් ලියන වර්ගයේ අය නොවූහ. මේ ලියුමෙහි ලිපිනයෙහි අකුරු මට කිසිසේත් හුරුපුරුදු නොවිනි.මුද්රාව කියවීමට තැත්කල ද ඒ බොහෝ සෙයින් අපැහැදිලි එයින් ඒ ද සාර්ථක නොවිණි.

'' කාගෙන්ද ලියුම?...'' වසන්තී ඇසුවේ මේසය මත වූ ලිපි ගොනුවක් පෙරලා ගනිමිනි.

'' මට දිවැස් තිබුන නම් ළමයා, මම මේ රස්සාවට එයි කියල ඔයා හිතනවද? '' මම සැහැල්ලුවෙන් සිනා සෙමින් පිලිතුරු දුනිමි.

'' ඔය අකුරු නම් කෙල්ලෙක්ගෙ.''

'' ආහ්, එහෙමද?...ඔයාල ඉතිං ඔව්ව දන්නවනෙ...එහෙනම් නංගිගෙන් වෙන්න ඇති '' ඒ අකුරු නංගීගේ නොවන බව හොඳින් දැන දැනම මම පැවසුවෙමි.

'' ඔයාගෙ නංගිගෙ අකුරු මම අඳුනනව...ඔය එයාගෙ අකුරු නෙවෙයි...''

'' හරි ළමයා...පේන බල බල ඉන්ඩ දෙයක් නැහැ නෙව මෙතන......මම මේක කඩලම බලන්නම්කො......'' .එසේ පවසමින් මම කාර්යාලයෙන් පිට වුනෙමි.

නැවත නිල නිවසට මා පැමිණියේ මේ නාඳුනන වසන්තී පැවසූයේ සත්යයක් නම් නාඳුනන ගැහැණු අත් අකුරින් ලිපිනය ලියැවුනු ලිපිය කාගෙන්ද යන දැඩි කුතුහලයෙනි.

මතු සම්බන්ධයි.......

32 comments:

  1. පොල් පැලේ දිහාට හැරෙද්දි හරකා ඒක කනවා කියලා අපි දන්නවලු.

    රමනි අක්කගේ ලියුම වෙන්නැති නේද ඉතින් රවීගේ ජීවිතේ වෙනස් කලේ...?

    ReplyDelete
  2. හුටා, රමණි අක්කා ලියුමුත් එවන්ට පට්ටාං ගත්තා එහෙනං ඈ.. දැන් එතකොට අර වසන්තිට මොකද වෙන්නෙ..?? :)

    ReplyDelete
  3. @රංගි,

    ඔය සමහර පොල් පැළ තියෙනවලු ගොනා දිහාට හැරෙන.. :D

    ReplyDelete
  4. දැන් පන දාගෙන මේක කියවලා කොමන්ට කලාට අන්තිමට මේ රවියා කියයිද දන්නේ නෑ මිසිස් රවී කියන්නේ රමනි කියලා.

    පොල් පැලේ දැනටමත් හැරිලද කොහෙද බුරා. මූ අපිට වටෙන් වටෙන් කීවට.

    ReplyDelete
  5. හයියෝ කවුද ලියුම එව්වේ.....

    ReplyDelete
  6. මෙයා එදාට හිතුන විදියට කතාව ලියන්නේ, අනාවැකි නොකිය බලා ඉන්න එක තමා හොඳම වැඩේ.

    අලුත් වචනයක් අහු වුනා, නාකි මටත්. 'ස්පවුස්' කියන එක කියල අනුමාන කරන්න පුළුවන්.

    ReplyDelete
  7. //වසන්තී සමඟ වූ මගේ උකුළු මුකුළුව ද එක්තරා දුරක් ගමන් කොට යුවතියක හා සම්බන්ධයක් ඇරඹීමේදී ස්ථිර පොරොන්දුවක් ලබා නොදී යා හැකි උපරිම දුරට ලඟාවී එහි නතර වී තිබිණි.//

    හහ්...පේනවා නේද මේ කොල්ලන්ගේ හැටි. රමනී අක්කට එහෙං හිත ගිහින්. ඊලඟට ලක්ෂ්මී ගැන දුක හිතිලා. අනේ පව් දුප්පත් වසන්තී...
    පොල් පැල කොච්චරද කීවොත් රවුමේ කැරකෙනවා...හී හී...

    ReplyDelete
  8. ෂුවර් එකටම රමණි අක්කාගෙන්. නෑ නෑ ලක්ෂ්මි ගෙන ඩ දන්නෙත් නැහැ..

    ReplyDelete
  9. කතාව ගොඩක් කොටස් වලට කැඩෙන කොට කියවන අයට අමාරුයි රවි අයියේ... අයියා රසවත්ව ලියන නිසා එක දිගට කියවගෙන යන්න අමාරුවක් නෑ, ඒ නිසා දිග උනාට කමක් නෑ පුළුවන් තරමක් එක දිගට ලියලා දාන්න කියලයි මගේ ඉල්ලීම...

    ReplyDelete
  10. Lol. Agree with what Podi K said. But that's what makes this tale interesting, the confessions of a rascal.

    ReplyDelete
  11. "the confessions of a rascal."

    that's a good one

    ReplyDelete
  12. නොහැඟවූ ආදරය......The Unexpressed Love...the confessions of a rascal...

    හී හී හී හී...ඊඊඊඊඊඊඊ......

    ReplyDelete
  13. @ s,

    @ Observer,

    @ Podi Kumarihami,

    When I asked Madhura for a definition of " Rascal ", this is what I got.

    '' කපටියා,තක්කඩියා, දුර්ජනයා, නීචයා, මගෝඩියා, හොරා ''

    Regret to say I have never been so insulted in my whole life, for that matter even no one in my හත්මුතු පරම්පරාව,

    This is what I get for writing, burning the mid night oil.Well my dears..... this is the limit..... I have to draw the line somewhere.....

    ReplyDelete
  14. Oh please! Didn't realise there were such sensitive rascals :o Madhura is too literal, there are other subtle meanings to the word. It's often used in a fond or indulgent sense. Also, I thought this was fiction.If this is autobiographical, I'm sure stronger words must have been used to describe the author before, like, say, by Gune aiya :D
    So, I'll expect to see the next episode soon, OK?

    ReplyDelete
  15. මයෙ හිත ඉතිං වනචරයි නෙව. ආයෙ මට මේක කියවල හිතිච්ච දේවල් ලියන්න ගොයොත් මුන්දැ මාව හොයාගෙන ඇවිල්ල ගහන්නෙ. ඕං මං කට පියා ගත්ත.

    ඒත් මට හිතෙනව මෙහෙමත්,

    මනුස්ස හිත බොහොම වෙලාවක ක්‍රියා කරන්නෙ නොහිතන නොපතන විදියටයි. මම හිතන්නෙ නෑ ගුණේ කිසිම වෙලාවක වැ‍රැද්දක් කරනව කියල හිතාගෙන රමණිව එක්කගෙන ආව කියල. අනික ගුණේට එහෙම වරදකාරී හැඟීමක් තිබුන නම් නම් තමන්ගෙ රාජකාරී මිතුරන් ඉන්න ඒ නිළ නිවාසෙට එක්කන් එන්නෙ නැතුව වෙන ඕනෙ තැනකට යන්න තිබුන.

    ReplyDelete
  16. .@ Il mondo di una povera pazza

    / පොල් පැලේ දිහාට හැරෙද්දි හරකා ඒක කනවා කියලා අපි දන්නවලු. /

    ඔය දන්න තරම තමයි...එහෙම නිකම් පැළේ දිහා බලන් ඉඳල විතරක් සැනසෙන " හරක් " කොච්චර ඉන්නවද බොල?

    / රමනි අක්කගේ ලියුම වෙන්නැති නේද ඉතින් රවීගේ ජීවිතේ වෙනස් කලේ...? /

    විකාරද හැබෑටම?.....ඔය ලියුමකට පුළුවන් නම් මයෙ ජීවිතේ වෙනස් කොරන්ට...හෙහ්, හෙහ්,.... වෙන වැඩක් එහෙම නෑ....එහෙනං

    / දැන් පන දාගෙන මේක කියවලා කොමන්ට කලාට අන්තිමට මේ රවියා කියයිද දන්නේ නෑ මිසිස් රවී කියන්නේ රමනි කියලා. /

    මේ....නෝනෙ.....කෑ නොගහ ඉන්නවද.... වඳිඤ්ඤං කියන තැනකට........හෙහ්, හෙහ්,

    ReplyDelete
  17. .@Buratheno,

    / හුටා, රමණි අක්කා ලියුමුත් එවන්ට පට්ටාං ගත්තා එහෙනං ඈ.. දැන් එතකොට අර වසන්තිට මොකද වෙන්නෙ..?? :) /

    වසන්තිට මක්ක වෙන්නද.... එයත් ඉඳී පැත්තක....

    / ඔය සමහර පොල් පැළ තියෙනවලු ගොනා දිහාට හැරෙන.. :D /

    ගොනා දිහාට හැරෙන නම් බැරිය බොල....ගොනා පස්සෙ පන්නන පොල් පැළ උඹ දැකල නැතෙයි?

    ReplyDelete
  18. @ හසී,

    / හයියෝ කවුද ලියුම එව්වේ...../

    වෙන කවුද ඉතිං....ඉන්නකො විජහට කියන්නං....

    ReplyDelete
  19. @ Observer,

    / මෙයා එදාට හිතුන විදියට කතාව ලියන්නේ, අනාවැකි නොකිය බලා ඉන්න එක තමා හොඳම වැඩේ. /

    අපොයි නෑ ඔබ්...පොඩි පොඩි විස්චූරණ කෑලි ටිකක් දැම්ම නම් තමයි. ඒත් ප්‍රධාන සිද්ධි ඔක්කොම ඇත්තම ඒව. ප්‍රධාන චරිතත් ඔක්කොම ඇත්ත.

    / අලුත් වචනයක් අහු වුනා, නාකි මටත්. 'ස්පවුස්' කියන එක කියල අනුමාන කරන්න පුළුවන් /

    ඔබ හරි ඔබ්,....කලත්‍රයා = Spouse......., කාලයාත්‍රා එක්ක පටලව ගන්න එහෙම එපා...හෙහ්, හෙහ්, .......අනික් අතට දෙකේම එකම තේරුම කියලත් මට පෙලක් වෙලාවට හිතෙනව හෙහ්, හෙහ්, නැද්ද හොඳයි?

    ReplyDelete
  20. @ Podi Kumarihami,

    / පොල් පැල කොච්චරද කීවොත් රවුමේ කැරකෙනවා...හී හී.../

    පොල් පැල වැඩි උනාමත් ගොන්නු Confuse වෙනව පොඩ්ඩි .....හෙහ්, හෙහ්,

    ReplyDelete
  21. @ වර්ණා,

    ඔය දෙන්නගෙන්ම නොවෙන්ඩත් බැරිද?.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  22. @ සිත්තමී,

    ස්තූතියි නංගි ප්‍රශංසාවට.....ඔයාගෙ අදහස හොඳයි, එහෙම කරන්නම් ඉස්සරහට...

    ReplyDelete
  23. @ s,

    Heh, heh, just having some light hearted banter, that's all ...nothing more nothing less.....so obviously nothing to worry...

    This is a true incident...I had made some modifications to make the story interesting but basically the main characters and the incidents are absolutely true.

    Working on the next & hopefully the final episode....will publish it latest by tomorrow.

    ReplyDelete
  24. @ නවම්,

    හෙහ්, හෙහ්....අන්න උඹටම තේරුන උඹේ හැටි....ඒත් මදෑ බොල...

    / මනුස්ස හිත බොහොම වෙලාවක ක්‍රියා කරන්නෙ නොහිතන නොපතන විදියටයි. මම හිතන්නෙ නෑ ගුණේ කිසිම වෙලාවක වැ‍රැද්දක් කරනව කියල හිතාගෙන රමණිව එක්කගෙන ආව කියල. අනික ගුණේට එහෙම වරදකාරී හැඟීමක් තිබුන නම් නම් තමන්ගෙ රාජකාරී මිතුරන් ඉන්න ඒ නිළ නිවාසෙට එක්කන් එන්නෙ නැතුව වෙන ඕනෙ තැනකට යන්න තිබුන. /

    දාපං මලේ පහක් නෙවෙයි දහයක්....මට කියන්න ඕන කලෙත් ඔය ටික තමයි....මේ කතාවෙ කවුරුවත් .......හෝව් හෝව්..මෙතනින් එහාට කියන්ඩ ගියොත් මගේ අතින් කතාව මෙතනම කියවෙයි......ඒත් උඹ හරියටම හරි මල්ලි...එච්චරයි දැනට....

    ReplyDelete
  25. I just checked the Oxford Dictionary (the most accessible dictionary with 130,000 definitions and entries) and look what I found.


    Rascal: a mischievous person
    You & your Madhura HUH…:D

    ReplyDelete
  26. ඔය රමණි තමා...:)))

    ReplyDelete
  27. Thanks. Relieved to know that your
    aththa
    muththa
    meemuththa
    kiththa
    kirikiththa
    naththa &
    panaththa (hath muthu parapura) aren't likely to be turning in their graves. Obviously they're partly responsible for your rascally tendencies :D

    ReplyDelete
  28. @ Poddi,

    / I just checked the Oxford Dictionary (the most accessible dictionary with 130,000 definitions and entries) and look what I found./

    / Rascal: a mischievous person...You & your Madhura HUH…:D /

    OMG, Thanks so much Poddi, for taking a load off my mind....you are the best......coming to my rescue with a side kick no less than Oxford.....heh, heh,

    This Madhura guy is obviously deranged it seems.....I would rather be a Rascal in the Oxford sense ...heh, heh,

    ReplyDelete
  29. @ නිසුපා,

    හෙහ්, හෙහ්....ෂුවර්ම ෂුවර්ද?

    ReplyDelete
  30. @ s,

    / Thanks. Relieved to know that your
    aththa
    muththa
    meemuththa
    kiththa
    kirikiththa
    naththa &
    panaththa (hath muthu parapura) aren't likely to be turning in their graves. Obviously they're partly responsible for your rascally tendencies :D /

    heh, there is an obvious discrepancy between your හත්මුතු පරම්පරාව and my හත්මුතු පරම්පරාව

    To the best of my knowledge හත්මුතු පරම්පරාව consists of:

    Aththa,
    Muththa,
    Naththa,
    Panaththa,
    Kiththa,
    Kirikiththa,
    Kirikemuththa,

    In that order,

    / aren't likely to be turning in their graves. Obviously they're partly responsible for your rascally tendencies :D /

    It wont be a problem for them @ all ...heh, heh... They are doing it all the time......All of them are turning in their graves like crazy since the day I was born. Revolutions measured by rpm ....would you believe it now? ...heh, heh,

    ReplyDelete
  31. How could I forget kikrikemuththa?
    I'll take your word that you've kept all eight of them spinning at a rate :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...