Tuesday, November 1, 2011

57. සත් බිලියනයක් සහ තවත් ටිකක් අතර වු මාගේ අතිරික්ත සහෘදයනි.......




පසුගිය සතියේ ජනමාධ්යයන්හි ප්රධාන පුවත බවට පත්වූයේ ලෝක ජනගහණය බිලියන 7 ඉක්මවීමයි.මිලියන, බිලියන සහ ට්රි‍ලියන භාවිතයට පෙර පැවති ගණන ක්රමය අනුව මේ අගය කෝටි හත්සීයකි.

ලෝක ජනගහණය එක ස්ථානයකට රැස්කලායයි සිතන්න. එක් පුද්ගලයෙකුට අඩි 2 x 2 ප්රමාණයක්, එනම් වර්ග අඩි 4 ක ප්ර මාණයක් සිටගෙන සිටීමට අවශ්ය යයි උපකල්පනය කලහොත් වර්තමාන මුලු ලෝක ජනගහනයට, අපේ සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට,මව්වරු සහ පියවරුන්ට උරෙනුර ගැටී හිඳීමට වර්ග කිලෝමීටර 2602 ප්රමාණයක් අවශ්ය වේ. එක් පාදයක් කිලෝ මීටර 51 වූ සම චතුරශ්රයක්......මෙවන් භූමි භාගයක් සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් වැසී ඇති අන්දම සිතාගැනීමට උත්සාහ කරන්න.......මේ ඉඩකඩ ප්රමාණය පිළිබඳව අදහසක් ලබාගැන්මට බස්නාහිර පළාතේ දිස්ත්රික්ක වල වර්ග ප්රමාණය සමඟ සසඳන්න.

කොළඹ දිස්ත්රික්කය - වර්ග කිලෝමීටර 642, ගම්පහ දිස්ත්රික්කය - වර්ග කිලෝමීටර 1386.6, කළුතර දිස්ත්රික්කය - වර්ග කිලෝ මීටර 1606

දහ හතරවන සියවස මුල්භාගයේදී යුරෝපය පුරා පැතිර ගිය
මහා දුර්භික්ෂයෙන් සහ මහාමාරියෙන් පසු 1350 පමණ ලෝක ජනගහනය මිලියන 350 ක් දක්වා පහල ගිය බව ඇස්තමේන්තු කොට ඇත. එදින සිට ජනගහනය සීඝ්රයෙන් වර්ධනය වූයේ කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත අංශයන්හි ඇතිවූ විප්ලවීය දියුණුව, සෞඛ්යය සහ සනීපාරක්ෂක කටයුතු වල ඇතුවූ නව සොයාගැනීම් හේතුකොටගෙනය.

මෙම ඝාතීය වර්ධනය
(Exponential Growth )
හේතුකොටගෙන ලෝක ජනගහන වර්ධනයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කල කාල සීමාවන් සහ එක් එක් බිලියනයේ සිට අනුයාත බිලියනය දක්වා ළඟාවීමට ගත වූ කාළය අධ්යයනය කිරීම චිත්තාකර්ෂණීය කටයුත්තක් වනු නොඅනුමානය.


1. පළමු බිලියනය වසර 1804 දී
2. දෙවන බිලියනය වසර 1927 දී
3. තෙවන බිලියනය වසර 1960 දී
4. සිව්වන බිලියනය වසර 1974 දී
5. පස්වන බිලියනය වසර 1987 දී
6. සයවන බිලියනය වසර 1999 දී
7. සත්වන බිලියනය වසර 2011 දී
8. අටවන බිලියනය 2025 - 2030 අතරදී
9. නවවන බිලියනය 2045 - 2050 අතරදී

මේ කඩඉම් වලට ළඟාවීමට ගත වූ කාල පරාසයන් මෙසේය.

1. පළමු බිලියනයේ සිට දෙවන බිලියනය දක්වා ගතවූ කාලය වසර 123
2. දෙවන බිලියනයේ සිට තෙවන බිලියනය දක්වා - වසර 33
3. තෙවන බිලියනයේ සිට සිව්වන බිලියනය දක්වා - වසර 14
4. සිව්වන බිලියනයේ සිට පස්වන බිලියනය දක්වා - වසර 13
5. පස්වන බිලියනයේ සිට සයවන බිලියනය දක්වා - වසර 12
6. සයවන බිලියනයේ සිට සත්වන බිලියනය දක්වා - වසර 12
7. සත්වන බිලියනයේ සිට අටවන බිලියනය දක්වා - උපකල්පිත කාලය වසර 16
8. අටවන බිලියනයේ සිට නව වන බිලියනය දක්වා - උපකල්පිත කාලය වසර 19


විවිධ විද්වතුන්ගේ පුරෝකථන අනුව වසර 2050 දී ලෝක ජනගහණය බිලියන 7.4 සිට 10.6 දක්වා අතර වෙනස් විය හැක.

එසේම වසර 2150 පුරෝකථනය බිලියන 3.2 ක අවමයක සිට බිලියන 24.8 ක සිතාගැනීමට පවා නොහැකි අගයක් දක්වා වෙනස්වේ.

මෙහිදී පැන නඟින තාර්කික ඊලඟ ගැටළුව වෙන්නෙ පෘථිවියට දරා සිටිය හැකි ප්රශස්ත ජනගහණය
(Optimum Population ) කොපමණද?, දැනටමත් අප එම සීමාව පසුකර ඇතිද? යන්නයි.Paul R. Ehrlich
ගේ ප්රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් කල අධ්යයනයක් අනුව පෘථිවියේ ප්රශස්ත ජනගහණය වනුයේ බිලියන 1.5 සහ බිලියන 2 අතර ප්රමාණයකි.ඒ අනුව වසර 1927 වන විට පෘථිවිය ප්රශස්ත ලෙස දරාගත හැකි ජනගහණ උපරිම මට්ටමට ළඟා වී සිටියාය.වෙනත් අයුරකින් පැවසුවහොත් එදින සිට මේ දක්වා පෘථිවිය දරාගත නොහැකි එසේම දිනෙන් දින අසීමිත ලෙස ඉහල යන නිවැසියන් රාශියක් වෙනුවෙන් ධාරකයා ලෙස අසහාය කාර්ය භාරයක් ඉටු කරයි.

පෘථිවියේ සම්පත් කිසිවක් අසීමිත නොවේ.දිනෙන් දින සීඝ්රයෙන් ක්ෂය වන සම්පත් හමුවේ පෘථිවිය තම සත්කාරය අත්හැර දමන දිනයක් එළඹේද?ඇගේ අනාරාධිත සහ අතිරික්ත නිවැසියන් වන අපි කුමක් කල යුතුද?.....බිලියන සතකට අධික වූ ද සෑම තත්පරයකදීම තිදෙනෙක් හෝ සිව්දෙනෙක් බැගින් වර්ධනය වන ගහණයක සාමාජිකයින් අතරින් මාගේ අතිරික්ත සහෘදයනි.....අප අදම විසඳාගත යුතු බරපතලම සහ වැදගත්ම පැනය එයයි....හෙට බොහෝවිට ප්රමාද වැඩි විය හැක.....නැත, හෙට අනිවාර්යයෙන්ම ප්රමාද වැඩියි!!!

22 comments:

  1. අපොයි මේ මගෙ ඔලුවත් කැරකෙනෝ.....:D

    ReplyDelete
  2. මෙය විසදුමක් නැති ප්‍රශ්නයකි.. ජනගහනය පාලනය කල යුතු වුවත් එය කරන්නේ කෙසේද..?? මිනිසුන් මරා දැමීමෙන්ද..?? :)

    ReplyDelete
  3. @ Podi kumarihami,

    හෙහ්, හෙහ්...ඔලුව කරකැවෙනව නේන්නම්....පොඩ්ඩියේ,

    ඔන්න කොහොමද රඟේ.....ඔයා නිතර දෙවේලෙ කතා කොරන්නෙ ආදරේ ගැනනෙ.....පේනව නේද ආදරේ තරම?....මීට පස්සෙවත් ආදරේ ගැන දිව විකාගෙන ලියන්ට ඉස්සෙල්ල මේ ගැනත් ටිකක් කල්පනා කොරල උන්නොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
  4. @ Buratheno,

    මල්ලි, මේකට එකම විසඳුම ජනගහණය පාලනය කිරීමයි. චීනයෙ වගෙ One child policy එකක් ලෝකෙම ක්‍රියාත්මක කරන්න වෙයි මට හිතෙන්නෙ.

    මේ ගැන හොයා බලද්දි මට තව අපූරු තියරි එකක් ගැන කියවන්ට ලැබුණා. ඒකෙ කියන්නෙ විද්‍යාවේ දියුණුව සහ මිනිස් අයිතිවාසිකම් ගැන බර තබා ප්‍රතිපත්ති සකස් කිරීමෙන් මිනිස් වර්ගයා ස්වාභාවික වරණය සහ උචිතෝන්නතිය කියන පරිණාමයේ මූලික න්‍යායන් වලට විරුද්ධව යනව කියලයි. දැනටම ඒ සංසිද්ධියෙ අනිටු ප්‍රතිඵල පේන්න තියනව කියලයි කියන්නෙ. ඒ ගැනත් ලියන්නයි හිතං ඉන්නෙ. Insha Allah!!!

    ReplyDelete
  5. චීනෙ වුනත් One child policy එක 100% ක්‍රියාත්මක වෙන්නෙ නෑ නෙවැ.. අනෙක මිනිසා උචිතෝන්නතිය හා ස්වභාවික වරණයට පිටින් යන්න ගත්තේ අද ඊයෙ නෙවෙයිනේ, වානරයන්ගෙන් වෙන්වෙලා මානවයෙක් වශයෙන් හොමිනිඩේ කුලයට බැහැර වූ දා පටන් නේ.. ඔයා කියන්නෙ ඕක ආපස්සට හරවන්න පුළුවන් කියලද..??

    ReplyDelete
  6. @ Buratheno,

    / චීනෙ වුනත් One child policy එක 100% ක්‍රියාත්මක වෙන්නෙ නෑ නෙවැ.. /

    හරි මල්ලි චීනෙත් හරියට නොකෙරෙන එක නෙව වෙලා ඇති හෙණේ.....හෙහ්, හෙහ්, Desperate situations need desperate remedies....දැන් තත්වෙ හයානකයි....හයංකාරයි,

    / අනෙක මිනිසා උචිතෝන්නතිය හා ස්වභාවික වරණයට පිටින් යන්න ගත්තේ අද ඊයෙ නෙවෙයිනේ, වානරයන්ගෙන් වෙන්වෙලා මානවයෙක් වශයෙන් හොමිනිඩේ කුලයට බැහැර වූ දා පටන් නේ.. ඔයා කියන්නෙ ඕක ආපස්සට හරවන්න පුළුවන් කියලද..?? /

    ස්වාභාවික වරණය සහ උචිතෝන්නතියට පිටින් යන්න මිනිස්සු පටන් ගත්තෙ කෘෂිකාර්මික යුගයත් එක්කම තමයි.....ඒත් ඒ බොහෝ විට තමන්ට ප්‍රයෝජනවත් භෝග සහ සතුන් සඳහායි. ඒත් මිනිස්සු අතර ඒ ක්‍රියාවලිය ඒ විදිහටම ක්‍රියාත්මක උනා බොහෝ දුරට ...යුද්ධයකින් ජයගත්තෙ ශක්තිවන්තයා.....දුර්භික්ෂයකින් නොමැරී ඉතුරු උනේ වැඩිම අස්වැන්න ප්‍රමාණයක් රැස් කරගත් තැනැත්තා.

    ඒත් ඒ කාලෙම තමයි ආගම, සදාචාරය වගෙ සංකල්ප නිසා ස්වභාවයට විරුද්ධව යන්න මිනිස්සු පටන් ගත්තෙ....මෙහෙම හිතන්න, මම ශක්තිමත්....මම මහන්සිවෙලා වැඩ කරල ලොකු අස්වැන්නක් ලබා ගත්ත. මගෙ අසල්වැසියා දුර්වලයෙක්....ඔහුගේ අටු කොටු පිරිල තියෙන්නෙ බාගෙට. ඔන්න ආව සාගතයක්.ස්වාභාවික වරණය සහ උචිතෝන්නතිය ක්‍රියාත්මක වෙනව නම් මම ඒ කියන්නෙ ඇත්තටම මගෙ හොඳ ජාන ඉතුරුවෙලා මගෙ අසල්වැසියා මියයනවත් එක්කම එයාගෙ නරක ජාන ජාන කිටුවෙන් (Gene Pool) ඉවත් වෙන්න ඕන.

    එහෙම වෙන්න ඕන උනාට එහෙම උනේ නෑ.ආගමෙන් මට කිව්ව ඔබට ඇතිදේ ඔබේ අසල් වැසියා සමඟ බෙදාගන්න කියල සදාචාරයෙන් මට කිව්ව ඔබේ මනුස්සකම කියන්නෙ මේ අසීරු අවස්ථාවේ ඔබේ අසල් වැසියාට උපකාර කරන එක කියල. ඉතින් මම මගේ අසල්වැසියාට උදව් කලා. ඔහු දුර්භික්ෂයෙන් මියගියේ නැහැ. මම මොන තරම් සත්ගුණවතෙක්ද කියල මුලු ගමේම ප්‍රචාරය උනා....හැමෝම බොහොම සතුටු උනා..ඒත් මගේ අසල්වැසියට එයාගෙ නුසුදුසු ජාන තව දුරටත් පතුරුවන්න් ඉඩ ලැබුණා. සදාචාරය සහ ආගම ජයගත්තත් ස්වාභාවික වරණය සහ උචිතෝන්නතිය පරාජය උනා.

    දීර්ඝ කාලයක් මේ සංසිද්ධිය පවත්වාගෙන ඒමේ මිල ගෙවන්නට වර්තමාන මිනිස් ප්‍රජාවට සිදුවී ඇති බවයි මම අර කලින් කියාපු න්‍යායෙන් කියවෙන්නෙ.

    බොහෝ දෙනෙක් මේ න්‍යායට තදින්ම විරුද්ධයි. ඒත් ඒකෙත් හිතන්න දෙයක් තියනවයි කියලයි මගෙ අදහස.

    ReplyDelete
  7. මෙන්න බොලේ ගෙදර අළුත් වෙලා!!! හරි ලස්සනයි. අනේ පෝස්ට් එක ගැනනම් මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  8. ආව්...ගෙදර ලස්සන වෙලා....හරි ලස්සනයි.

    ReplyDelete
  9. පොඩි කුමාරිහාමිට හැදුනු ලෙඩේම තමා මටත්, ටිකක් වැඩිපුර අනුමත වුනා වගේ දැනුන.

    දැන් නං සයිට් එක නියමය්, වයසක යටත් කරදරයක් නැතිව කියෙව්වෑකි

    ReplyDelete
  10. අඩේ.......... මෙහෙම ගිහින් ගිහින් පොළොව කඩාගෙන මුහුදට වැටෙයිද? :D

    හරි වැඩේනේ වෙන්න යන්නේ, ඉක්කනට තියෙන තියෙන අඩුම කුඩුම එක්කාසු කරගෙන බිංගෙයක් ඇතුලට යන්ට වෙනවා..........

    ReplyDelete
  11. ස්වභාවික වරණය නැති නිසා තමයි මේ ඔක්කොම.ඒත් එහෙමයි ලලා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න පුලුවනෑ....

    ReplyDelete
  12. @ සිත්තමී,

    ස්තූතියි නංගි....ලස්සනයි නේද?

    ReplyDelete
  13. @ Podi kumarihami,

    හෙහ්, හෙහ්, පරණ ගෙදෙට්ට වඩා තියෙනව පොඩි මෙව්ව එකක්...නේද?

    මගේ ගැහවිය ( My Landlady ) කල්පනා කලා වෙනසකටත් එක්ක අලුත් ගෙදරකට යන්න. ඉතින් එයයිගෙ සෙනෙහසේ සංවත්සරය දා අපි ගියා අලුත් ගෙදරකට.

    ReplyDelete
  14. @ Observer,

    / පොඩි කුමාරිහාමිට හැදුනු ලෙඩේම තමා මටත්, ටිකක් වැඩිපුර අනුමත වුනා වගේ දැනුන. /

    අම්මප ඔබ්....එහෙම උනාද?....ඔන්න දෙන්නෙයි පොඩි අයිඩියාස් එකක්....හදිස්සියෙ ගෙදර බඩු නැති උනොත් එන්න නිදහස් සිතුවිලි වලට....කියවන්න මේ පෝස්ට් එක...බඩුම තමයි....කාලක් ක්‍රියාකලා හා සමානයි.....හෙහ්, හෙහ්,

    / දැන් නං සයිට් එක නියමය්, වයසක යටත් කරදරයක් නැතිව කියෙව්වෑකි /

    ස්තූතියි ඔබ්....මීට මාස දෙකකට පමණ පෙර ඔබගේ ඉල්ලීම මේ නව වෙනස සඳහා උත්තේජකය වූ බව පවසන්නේ හද පිරි සතුටිනි....නැවතත් ස්තූතියි..ඔබ්,

    ReplyDelete
  15. @ Randil,

    / හරි වැඩේනේ වෙන්න යන්නේ, ඉක්කනට තියෙන තියෙන අඩුම කුඩුම එක්කාසු කරගෙන බිංගෙයක් ඇතුලට යන්ට වෙනවා........../

    පිස්සුද.... අර ටයි මහත්තයගෙ කාටූන් එහෙක කියනව වගෙ " හරි යන්නෙ නෑ....හරි යන්නෙ නෑ....ඒක හරියන්නෙ නෑ "

    බොල....බිංගෙවල් ඇතුලට ගිහිල්ල කොහොමෙයි?....පොලව උඩ මිනිස්සු වැඩිවේගන ගිහිල්ල බර වැඩිඋනාම කඩාගෙන වැටෙයි නෙව බිංගේ ඇතුලෙ ඉන්න එවුංගෙ ඔලුගෙඩිය උඩට.....

    ReplyDelete
  16. @ චතුරංග රූපසිංහ,

    යළි හොඳවෙයි...ආයෙ හැදෙයි.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  17. @ නිසුපා,

    / ස්වභාවික වරණය නැති නිසා තමයි මේ ඔක්කොම.ඒත් එහෙමයි ලලා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න පුලුවනෑ..../

    ඇත්ත, ඇත්ත....ඒත් මොනව හරි කරන්නත් වෙනව නේද?

    පොඩි සම්මුතියකට (Compromise) එන්නම වෙනව මට හිතෙන්නෙ,

    ReplyDelete
  18. වැඩේ කියන්නේ මේ සිජ්ජිය ලේසි පාසු එකක් නෙමෙයි බලාගෙන යද්දි.
    දැන් මේ සියලුම සත්ත්ව පංචස්කන්ධ නිමවෙලා තියෙන්නේ, පංච ස්කන්ධ වලින්නේ. ඒ සේරම 90% විතර ලැබෙන්නේ මහා පොළවෙන්. ඒ කියන්නේ පොළොවේ තියෙන එව්වා ටික ටික සත්තු බවට පත් වීගෙන යනවා. අනිත් අතට මිනිස් සතා ඉන්න ලොකු ලොකු බිල්ඩින් හැදීගෙන හැදීගෙන යනවා. ඒවා හදන ජාතිත් ඉතිං ආයේ හ‍ඳෙන් ගේනවැයෑ. ඒ සේරමත් මේ මහා පොළවෙන්ම තමයිනේ. ඔන්න මං නොකිව්වැයි කියන්න එපා රවීතුමෝ, තව අවුරුදු 10ක් විතර යද්දි, මහා පොළොව තැටියක් වෙලා, ලොක් ඉබ්බෙක් ඒක කර තියාගෙන යන කාලේ එනවා. මුහුදේ වතුර ටික බේරිලා හැලෙන්නේ නැති වෙන්න, වටේට තාප්පයක් ගහන්ට වෙනවා. :D

    ReplyDelete
  19. @ Randil,

    / තව අවුරුදු 10ක් විතර යද්දි, මහා පොළොව තැටියක් වෙලා, ලොක් ඉබ්බෙක් ඒක කර තියාගෙන යන කාලේ එනවා. /

    අම්මප ඇත්ත වෙන්නත් පුලුහං....ඒ කාලෙ ඉරිසින්නාංසෙල ඔව්ව කියන්ට ඇත්තෙ දෙකක් දාගත්තු වෙලාවක වෙන්ටම බැහැනෙ....

    " අපිට මොකද අපි දසසිල් උපාසක.....ඉබ්බන්නේ පුච්චන්නේ අනිප්පිට " කිව්වලු.....

    / මුහුදේ වතුර ටික බේරිලා හැලෙන්නේ නැති වෙන්න, වටේට තාප්පයක් ගහන්ට වෙනවා. :D /

    අන්න නියම වියාපුරුතියක්....දැම්මම පටන් ගන්ට හදන්ට ඇට්ටිමේට් එකක්....ලොක්කන්ගෙං ලකුණු ටිකක් දාගන්ට කියාපු වැඩේ....ඉංගිරිමංට් දෙන්ට එහෙම කිට්ටු කරල දෙන්ට සක්කියතා වාරතාවක්....හෙහ්, හෙහ්,

    ReplyDelete
  20. ජනගහනය පාලන ක්‍රම බොහෝමයක් දුරට කෘතීමව මැඬල නොවැ. එහෙම නැත්නම් වසංගත, ස්වාභාවික විපත් වලින් සහ ජාන හරහා වෙන වරණයෙන් මේ ගැටළුවට සාධාරණ පිළිතුරක් ලැබෙන්න තිබුන. ඒත් රාජ්‍යන් හා ආගමික මත මේ ක්‍රියාදාමයට ඇණයක් ගහල තියෙන්නෙ ආයෙ ගලවන්න අමාරු වෙන්නම. ඉතිං අපි අංගවිකල දරුවෙක් බොහෝම අමාරුවෙන් නඩත්තු කරනව. ඒකා ලොකු වෙලා ඔන්න මහ පරම්පරාවක් හදනව. ඌ මළා නම් ඒ පවුල් ගහ එතනින්ම අහවරයි.

    ඔය කිසිම ගැටළුවක් නෑ සත්ව ලෝකයේ. දුර්වලය මැරිල යනව, එහෙම නැත්නම් පාරිසරික සාධක වලට ගැලෙපෙන්නෙ නැත්නම් වඳවෙලා යනව. කතාව එතනින් අහවරයි. අලි, රයිනෝ, සීලකාන්ත්, බෙංගාලි ව්‍යාග්‍රයා, පැන්ඩා බොහොම පැහැදිලි උදාහරණ.

    ඒත් උන් වගේ අපි කොහොමෙයි අපේ එකෙක් මැරෙන්න ඇරල බලාන ඉන්නෙ. අපිට තියනව නෙව හර්දය සාක්කියක් කියල උලව්වක්. අපි සතෙක්වත් වඳවෙලා යන්න දෙන්නෙ නැහැ නොවැ. මොන මංගල්ලයක් කරල හරි ඉතිං ඌත් බේරගන්නව.

    එහෙව් එකේ ලෝකෙ බර වැඩිවෙලා කඩං වැ‍ටුනත් මොකෝ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...